තරුණ ගැටලූවලට විසඳුම් ලබා ගැනීම වෙනුවෙන් මාර්තු 05 වැනිදා සිට රට පුරා තරුණ උද්ඝෝෂණ මාලාවක් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා ප‍්‍රකාශ කරයි. මාර්තු 05 වන දින තංගල්ලෙන් ඇරඹෙන මෙම උද්ඝෝෂණ රැල්ල එම සංගමයේ දිස්ත‍්‍රික් තරුණ සමුළුවට සමගාමීව පැවැත්වීමට නියමිතය. මාර්තු 01 වන දින පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු විසින් තව දුරටත් මෙසේ අදහස් දක්වන ලදී. ”මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති බිහිරි අලින් වගේ. බිහිරි අලින්ට ඇහෙන්න විශාල සද්දයක් ඕනෙ වෙනවා. ඒ නිසා තරුණ තරුණියන්ගේ දැවෙන ප‍්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න කියලා මේ ආණ්ඩුවට බල කරමින් උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ග ගැනීමට අප තීරණය කර තිබෙනවා. තාරුණ්‍යයේ රැුකියා අයිතිය, අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් මෙන්ම බාහිර උපාධි කප්පාදු කරන චක‍්‍රලේඛනයට .