කළුතර බන්ධනාගාරයේ සිට කඩුවෙල අධිකරණය දක්වා රැඳවියන් ගෙනයමින් සිටියදී සන්නද්ධ කල්ලියක් විසින් දියත් කරන ලද ප‍්‍රහාරයෙන් පුද්ගලයන් හත් දෙනෙකු ඝාතනය වීම සම්බන්ධයෙන් ඇමතිවරුන් දෙදෙනකු අතර බරපතල ගැටුමක් ඇති වී තිබේ. බන්ධනාගාර සහ ප‍්‍රතිසංස්කරණ ඇමති, ඞී. එම්. ස්වාමිනාදන්, මෙම ඝාතනය සිදු වූ සැනින් නිසි පොලිස් ආරක්ෂාව යොදවා තිබිණි නම්, මෙම අපරාධය වළක්වා ගත හැකිව තිබූ බව ප‍්‍රකාශ කර තිබුණේය. මෙ නිසා ඝාතනයේ වගකීම පොලිසිය භාර ගත යුතු බවට චෝදනා කර තිබිණි. එම චෝදනාවට පිළිතුරු දෙමින්, නීතිය හා සාමය පිළිබඳ ඇමති සාගල රත්නායක ප‍්‍රකාශ කර තිබුණේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දුර්වලකම්වල වගකීම පොලිස් දෙපාර්තමේන්තුවට හෝ තම අමාත්‍යාංශයට හෝ භාර ගත නොහැකි බවය. මේ අතර රජයේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේ දී කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න ප‍්‍රකාශ කර තිබුණේ මෙම ඝාතන සම්බන්ධයෙන් කළුතර උතුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවා පරීක්ෂණ පවත්වන බවය. මිය ගිය බන්ධනාගාර රැුඳවියන් අධි ආරක්ෂක විධිවිධාන යටතේ කළුතර රඳවා සිටි අතර, අධිකරණය වෙත ගෙන යාමේදී දැඩි පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස ලිඛිතව දන්වා තිබූ බව ද හෙළි වේ. පොලිසිය එය නොතකා හැර ඇත. .