හේතු කීපයක් නිසා නව වසරේ ආරම්භයේ සිට ම පාර්ලිමේන්තු කටයුතු දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ගනු ඇතැයි දේශපාලන නිරීක්‍ෂකයෝ අනාවැකි පළ කරති. බැඳුම්කර වංචාව පිළිබඳ පරීක්‍ෂණ පැවැත් වූ කෝප් කමිටුවේ අවසන් වාර්තාව පිළිබඳ විවාදය කල් යාම, පළාත් පාලන මැතිවරණයේ සීමා නිර්ණ කමිටු යෝජනා සම්බන්ධ ප‍්‍රශ්නය, එට්කා ගිවිසුම අත්සන් කිරීමේ සූදානම සහ හම්බන්තොට ප‍්‍රදේශයෙන් අක්කර 15,000ක් සමඟ එම වරාය චීනයට විකිණීම යන කරුණු මුල් කර ගනිමින්, දැඩි උණුසුමක් ඇති විය හැකි බවට අනාවැකි පළ කෙරී ඇත. ජාතික ආර්ථික ප‍්‍රතිපත්ති සහ දේශපාලන කි‍්‍රයාමාර්ග යන ප‍්‍රධාන කරුණු මුල් කර ගැනීමෙන් උණුසුම් තත්ත්වයක් ඇති වීම කෙරෙහි බලපෑම් කෙරේ. අනෙකුත් සංවාද පසෙකට දමා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා ලබා ගැනීමට පත් කර තිබූ කමිටු යෝජනා මුලින් ම පාර්ලිමේන්තු විවාදයට ගැනීමේ සැලැසුමක් පවතී..