රථ වාහන වැරදි කිහිපයකට අදාළව අයවැයෙන් යෝජිත රුපියල් විසිපන්දහසේ දඩය ක‍්‍රියාත්මක කිරීම කඩිනමින් සිදු කිරීමට අපේක්ෂා කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසයි. ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මේ වනවිට සිදු කරන සාකච්ඡා අවසන් වීමෙන් පසුව තරාතිරම නොබලා එය ක‍්‍රියාත්මක කරන බවයි. පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළේ නව වසර වෙනුවෙන් රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට පොලිස් මූලස්ථානයේ පසුගිය 02 වන දින එක්වෙමිනි. එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ එම දඩ මුදල් ක‍්‍රමවේදය අත්‍යවශ්‍ය බවයි. හුදෙක් වැරදි කරන අයට මෙම දඩ මුදල ක‍්‍රියාත්මක වන අතර අනෙක් නීති ගරුක පිරිසට ඉන් කිසිඳු කරදරයක් සිදු නොවන බව පොලිස්පතිවරයා මෙහිදී පැවසීය. එසේම පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ නීතිය තදින් ක‍්‍රියාත්මක කිරීමට සියලූ නිලධාරීන් කටයුතු කළ යුතු බවයි..