උදරයේ කුඩා ශල්‍යකර්මයක් කිරීම සඳහා මාලබේ නෙවිල් ප‍්‍රනාන්දු පෞද්ගලික රෝහලට ඇතුළත් කළ කාන්තාවක එම රෝහලේ නොසැලැකිලිමත්කම නිසා මිය යාමෙන් පසුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති, රාජිත සේනාරත්න බොරු නීතියක් පිළිබඳව ප‍්‍රචාරය කරමින් සිටී. ඇමතිවරයා මාධ්‍යයට ප‍්‍රකාශ කර තිබුණේ පෞද්ගලික රෝහල්වලින් කරන සැත්කමකින් පසුව අදාළ වෛද්‍යවරුන් පැයක් රෝගියා අසල සිටිය යුතු බවට නීතියක් පනවන බවයි. මෙය කිසිසේත් කි‍්‍රයාත්මක කළ නොහැකි නීතියක් බව ද ඒ පිළිබඳව බොහෝ පෞද්ගලික රෝහල්වලින් අමාත්‍යාංශයට විරෝධයන් රැුසක් ලැබී ඇති බව ද හෙළි වේ. මේ අතර තව දුරටත් අමාත්‍යාංශයේ ආරංචිවලින් හෙළි වන්නේ ඇමතිවරයාගේ මෙම ප‍්‍රකාශය එවැනි නීති පැනවීම ඉලක්ක කර ගනිමින් කරන ලදැයි විශ්වාස නොකරන බව ය. රාජිත ඇමතිවරයාගේ ලේලිය ඉගෙන ගනිමින් සිටින සයිටම් ආයතනයට අයත් නෙවිල් ප‍්‍රනාන්දු රෝහල කෙරෙහි මහජන විරෝධය එල්ල වීම වළක්වා ගැනීමේ උපක‍්‍රමයක් වශයෙන් මෙම ප‍්‍රකාශය කරන්නට ඇති බව බොහෝ දෙනාගේ මතය වන්නේ යැයි වාර්තා වේ. .