එළඹි 2017 වසර රටේ ඉරණම තීරණය කරන වසර බවට පත්වෙමින් පවතින බවට ඉ`ගි පළවෙමින් පවතී. ඉන්දියාවට සහ චීනයට රටේ ජාතික සම්පත් උකස් කිරීමේ වසර බවට මේ වසර පත්වෙමින් පවතින බවට මේ වන විටත් සාක්ෂි රැුසක් හෙළිදරව් වී ඇත. එක් පැත්තකින් රටේ ඉඩම් ටික චීනයට පවරා දෙමින් ඇත. අනෙක් පැත්තෙන් රටේ ජාතික සම්පත් විකුණා දැමීමේ සැලසුම් කි‍්‍රයාත්මක වෙමින් පවතී. අනෙක් බරපතළම කාරණය වන්නේ එට්කා ගිවිසුම හරහා ලංකාව ඉන්දියාවේ කොලනියක් බවට පත් කිරීමයි. අගමැති වික‍්‍රමසිංහ සහ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මේ වන විට විවිධ සාකච්ජා හරහා ඉන්දියාව සමඟ ගිවිසුම් අත්සන් කිරීමේ සැලසුම් කි‍්‍රයාත්මක කර ඇති බවට පැහැදිලි සාක්ෂි හෙළිදරව් වී ඇත. මේ වන විට ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 8ක් භාවිත කරමින් පවතින්නේ ඉන්දියාවයි. ඊට අමතරව තවත් තෙල් ටැංකි 8ක් භාවිත කිරීමට සැලසුම් කරමින් සිටී. එට්කා ගිවිසුම අත්සන් කිරීමටත් පෙර ඉන්දියානු අයි.  ඕ. සී. සමාගම ලංකාව තුළ තෙල් ඒකාධිකාරයක් පවත්වාගෙන යනු ලබයි. ඉන්දියාව මේ වන විට ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි 8ක් භාවිතා කරමින් සිටින්නේ කිසිදු නීතිමය බැඳීමකින් තොරව ය. ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ නීත්‍යනුකූල අයිතිය පවතින්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ය. ඉදිරියේ දී රට තුළ උද්ගත විය හැකි විදුලි අර්බුදයට පිළියමක් ලෙස ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය තුළ තෙල් ගබඩා කොට තැබීමට පසුගිය දා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය. එම තෙල් ටැංකි සංකීර්ණයේ නඩත්තු කටයුතු සඳහා ගිය ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන්ට ඉන්දීය ඔයිල් සමාගමේ නිලධාරීන් පවසා ඇත්තේ ඉන්දීය තානාපති කාර්යාලයෙන් අනුමැතිය ගෙන පැමිණිය යුතු බව ය. නීත්‍යනුකූල අයිතිය ඇති ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන්ට වෙනත් රටක තානාපතිවරයෙකුගේ අනුමැතිය අවශ්‍ය නොවන බව තේරුම් ගත් ඛනිජ තෙල් සංස්ථා ඉංජිනේරුවන් කණ්ඩායමක් පසුගිය දෙසැම්බර් 28 වැනිදා නඩත්තු කටයුතු පිළිබඳව සොයා බැලීමට ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට ගොස් ඇත. එහිදී ඉන්දීය ඔයිල් සමාගමේ ආරක්ෂකයන් විසින් තෙල් සංස්ථා ඉංජිනේරුවන් දෙදෙනෙකු සිරකොට තබාගෙන ඇත. මෙය රටේ නීතියට පිටින් ඉන්දීය ඔයිල් සමාගම කටයුතු කිරීමකි. රටේ ස්වාධිපත්‍යයට එල්ල කරන ලද බරපතළ තර්ජනයක් ලෙසින් ද මෙය සැලකිය යුතුය. තත්ත්වය එසේ වුවද ආණ්ඩුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් තිබේ. එට්කා ගිවිසුම අත්සන් කිරීමටත් ප‍්‍රථම ඉන්දියාවේ හැසිරීම මෙපරිදි නම්, ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ඇති විය හැකි තත්ත්වය ඉතා පැහැදිලි ය. ආණ්ඩුව රටේ ජනතාවට පවසන්නේ පාර්ලිමේන්තුවට නොදන්වා ජනතාවට හොරෙන් කිසිදු රටක් සමග ගිවිසුම් අත්සන් නොකරන බවකි. එහෙත්, දැන් රට තුළ සිදුවන සිදුවීම්වලින් මැනැවින් පැහැදිලි වන්නේ අගමැතිවරයාගේ සහ ඔහුගේ ගෝලබාලයන්ගේ න්‍යාය පත‍්‍රයක් රට තුළ කි‍්‍රයාත්මක වන බව ය. එට්කා ගිවිසුම හරහා කොළඹ වරායේ නැෙඟනහිර ජැටිය ඉන්දියාවට විකිණීමට එක`ගතා ඇති කරගෙන ඇත. ඉන්දියාවේ ඉල්ලීම වී ඇත්තේ භාවිතයට ගත හැකි ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි 101න් 98ක් ඔවුන් වෙත ලබා දෙන ලෙස ය. ඉන්දියාවේ එම ඉල්ලීමට ලංකා රජය ඉතා හොඳ ප‍්‍රතිචාරයක් මේ වන විට දක්වා ඇත. ඉන්දියාවට පවරා ඇති තෙල් ටැංකි නැවත ලංකා රජයට පවරා ගැනීමට මේ වන විට කැබිනට් පති‍්‍රකාවක් සම්මත වී තිබුණ ද, සියල්ල සිදුවෙමින් පවතින්නේ එම නීතිමය ආවරණයන් ද බැහැර කරමිනි. පසුගියදා තෙල් සංස්ථා ඉංජිනේරුවන් සිරකොට තබාගෙන ඇත්තේ මෙවන් පසුබිමකය. ඒ අනුව පැහැදිලි වන්නේ ඉන්දියාව ගිවිසුම අත්සන් කිරීමටත් ප‍්‍රථම සිය බලය ව්‍යාප්ත කර ඇති බවයි. මේ සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සෘජුව වගකිව යුතුය. පෙර අනුමත වූ කැබිනට් පති‍්‍රකාව අහෝසි කොට විශේෂ කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කොට ඇත්තේ අගමැති වික‍්‍රමසිංහ විසිනි. එම විශේෂ කැබිනට් පති‍්‍රකාවේ සඳහන්ව ඇත්තේ විදේශ රටක් සමග එක් වී ද්වීපාර්ශ්වික එක`ගතාවක් ලෙස ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ප‍්‍රයෝජනයට ගැනීම සඳහා කටයුතු කරන බවයි. වික‍්‍රමසිංහ අගමැතිවරයා මෙහි දී විදේශ රටක් ලෙස සඳහන් කොට ඇත්තේ වෙනත් රටක් නොව ඉන්දියාවයි. මෙය ජනතාවට කොළේ වසා ගැසීමකි. මේ තුළින් එට්කා ගිවිසුම අත්සන් කිරීමටත් ප‍්‍රථම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඇතුළු විය නොහැකි තත්ත්වයක් වික‍්‍රමසිංහ අගමැතිවරයා විසින් නිර්මාණය කර ඇත. එට්කා ගිවිසුමේ බරපතළකම මේ එක් සිදුවීමකින් වුව පැහැදිලි වේ. රට අකර්මණ්‍ය තත්ත්වයට පත් කිරීමට ඉන්දියාවට අවශ්‍ය පසුබිම වික‍්‍රමසිංහ ආණ්ඩුව විසින් නිර්මාණය කරමින් ඇත. තෙල් සම්බන්ධ ඒකාධිකාරය ඉන්දියාව විසින් අත්පත් කර ගැනීමෙන් පසුව ලංකා රජයට සිදුවන්නේ ඉන්දියාවේ පදයට නැටීමටය. මෙය වික‍්‍රමසිංහලාට ප‍්‍රශ්නයක් නොවූව ද, මෙරට ජනතාවට එය බරපතළ ප‍්‍රශ්නයකි. පසුගිය රාජපක්ෂ රජය ආර්ථිකය සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් තබන ලද්දේ චීනය කෙරෙහි ය. ඒ අනුව රාජපක්ෂ පාලනය ජාත්‍යන්තරය කළමනාකරණය කිරීමට යාමේ දී දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු විය. වික‍්‍රමසිංහ රජය ඉන්දියාව, චීනය හා ඇමරිකාව කළමනාකරණය කිරීමට ගොස් රටේ සම්පත් විකුණා දැමීමේ දිශාවට තල්ලූ වෙමින් ඇත. භූගෝලීය වශයෙන් ලංකාවේ පිහිටීම හේතුවෙන් මේ රටවල් සියල්ලටම ලංකාව යනු අතිශයින්ම වැදගත් රටකි. මේ වන විට චීනය සමග ඇතිකරගෙන ඇති ආර්ථික සබඳතා හේතුවෙන් ඉන්දියාව සහ ඇමරිකාව ආර්ථික අරමුණුවලට එහා ගිය අරමුණු වෙනුවෙන් ලංකාවේ භූමිභාගයක් ලබා ගැනීම වෙනුවෙන් කටයුතු කරමින් ඇත. ඉන්දියාව, චීනය හා ඇමරිකාව ඉන්දියානු සාගර කලාපයේ දැඩි තරගයක නිරතව සිටින බව රහසක් නොවේ. මේ තත්ත්වය තුළ ලංකාව එම රටවල්වල හිරකාරයෙක් බවට පත්ව ඇත. ඉන් ප‍්‍රයෝජන ගන්නා ඉන්දියාව අසල්වැසි මිතුරාගේ භූමිකාවට පණ පොවමින් ලංකාව සමග ගිවිසුම් අත්සන් කිරීමට සැරසෙන්නේ ඔවුන්ගේ ආර්ථික ඉලක්ක වෙත ගමන් කිරීමට මිස ලංකාවේ ආර්ථික ඉලක්ක ජය ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට නොවේ. ඒ අනුව යෝජිත එට්කා ගිවිසුම බිල්ලෙකු නොව බරපතළ මර උගුලක් බව තේරුම් ගත යුතුය. ඉන්දු ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම හෙවත් එට්කා ගිවිසුම පිළිබඳව මේ වන විට නිල වශයෙන් සාකච්ජා වට දෙකක් පවත්වා ඇත. ඊට අමතරව නිල නොවන මට්ටමින් ද සාකච්ජා පවත්වා ඇත. නිල සහ නිල නොවන සාකච්ජා සඳහා අමාත්‍ය මලික් සමරවික‍්‍රම සහභාගී වී ඇත. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ වෙනුවෙන් මලික් සහභාගී වූ බව දැනගන්නට ලැබේ. අමාත්‍ය මලික් සමරවික‍්‍රම සහභාගී වුවද නියෝජනය කරනු ලබන්නේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ මතය ය. මේ වන විට පැවති නිල සාකච්ජාවල දී ලංකාව පාර්ශ්වයෙන් මෙම එට්කා ගිවිසුම හැකි ඉක්මනින් අත්සන් කිරීමට එක`ගතාව පළ කර ඇත. දැඩි එට්කා විරෝධයක් රට තුළ නිර්මාණය වීමට ප‍්‍රථම හා ආණ්ඩුවේ පවතින අස්ථාවරත්වය මත මෙම ඉක්මන් කිරීම සිදු වී ඇතැයි පැවසේ. නිල නොවන සාකච්ජාවල දී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මෙම ගිවිසුම අත්සන් කිරීම හැකි ඉක්මනින් කළ යුතු බව ඉන්දීය බලධාරීන්ට පවසා ඇත. රට තුළ පැන නැඟී ඇති සහ ඉදිරියේ දී පැන නැඟිය හැකි තත්ත්වය හොඳින් විශ්ලේෂණය කොට ඇති ඉන්දීය බලධාරීන් මෙම ගිවිසුම හදිසියේ අත්සන් කිරීමට වැඩි උනන්දුවක් දක්වා නැත. ඉන්දීය භාණ්ඩ සම්බන්ධයෙන් ලංකාව තුළ හොඳ වෙළෙඳපොළක් පවතින බැවින් ඒ තත්ත්වය මඟහරවා ගැනීමට ඉන්දියාව උනන්දු නොවන බව මේ හරහා පැහැදිලි වේ. ඉන්දීය බලධාරීන් ලංකාවට පවසා ඇත්තේ ලංකාවේ පවතින එට්කා විරෝධයන් දුරු කර ගැනීම ආණ්ඩුවේ වගකීමක් බැවින් ඒ තත්ත්වය ඇති කර ගැනීමට ලංකා ආණ්ඩුවට කල් ලබා දෙන බවයි. ඉන්දියාවේ ඉලක්කය වී ඇත්තේ 2017 ජුනි, ජූලි මාසවල දී මෙම ගිවිසුමට අත්සන් කිරීමටයි. එට්කා ගිවිසුම සම්බන්ධයෙන් තුන්වන වටයේ සාකච්ඡුා ජනවාරි 04 සහ 05 දෙදින තුළ දී කොළඹ දී පැවැත්වීමට සූදානමක් පවතින බව ද මේ වන විට හෙළි වී ඇත. මේ බව ඉන්දීය මාධ්‍යය ද වාර්තා කොට ඇති බව දැනගන්නට ලැබේ. මේ වන විට එට්කා ගිවිසුම තීරණාත්මක අදියරයකට පැමිණ ඇති බව ‘ඉන්දීය එක්ස්ප‍්‍රස්’ පුවත් පත ද වාර්තා කොට ඇත. රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ ආණ්ඩු පාර්ශ්වය එට්කා අත්සන් කිරීමට තීරණය කොට තිබුණේ පසුගිය දෙසැම්බර් 31 වැනිදා ය. නමුත් රට තුළ සිදුවූ එට්කා විරෝධය හේතුවෙන් ආණ්ඩුව ගිවිසුමට අත්සන් තැබීමට මඳක් පසුබට විය. එහෙත්, ආණ්ඩුව උත්සාහය අත්හැරි බවක් දක්නට නොමැත. ලංකාව මෙම ගිවිසුමට අත්සන් කිරීමට කැමැත්ත පළ කොට ඇතත් ඉන්දියාවේ මතය වී ඇත්තේ දෙපාර්ශ්වයම තෘප්තිමත් වනතුරු සාකච්ජා පැවැත්විය යුතු බවකි. ඉන් අදහස් වන්නේ ලංකාව තෘප්තිමත්වීම නොවේ. රනිල් ප‍්‍රමුඛ ආණ්ඩු පාර්ශ්වය මේ වන විට ඕනෑවටත් වඩා තෘප්තිමත් වී ඇත. ඉන්දියාව උත්සාහ ගනිමින් ඇත්තේ ඔවුන්ට වැඩි වාසිදායක වටපිටාවක් නිර්මාණය කර ගැනීමයි. එතෙක් ඔවුන් කල් මරමින් සිටී. එවිට ලංකාව කොන්දේසි විරහිතව ඉන්දීය පාර්ශ්වය සමග පවතින සාකච්ජාවලදී ඕනෑම එක`ගතාවයකට එක`ග වනු ඇත. ඒ එක`ගතාවය විමසා බලා ඉන්දියාව ඔවුන්ට වාසිදායක මොහොතක දී ගිවිසුමට අත්සන් කිරීමට තීරණය කොට ඇත. අගමැති රනිල් වික‍්‍රමසිංහගේ මාමා වූ ජේ. ආර්. ජයවර්ධන 1987දී ජනතා විරෝධය මැද ඉන්දියාව සමග දේශද්‍රෝහී ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව ඉන්දීය හමුදාව ලංකාවෙන් පළවා හැරීමට ලාංකීය ජනතාවට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු විය. ජේ. ආර්. ගේ බෑනා වන රනිල්ගේ ගිවිසුම හරහා රටට දැවැන්ත හානියක් වීමේ පෙර නිමිති පහළ වී ඇත. ආර්ථික, දේශපාලන, සමාජීය, සංස්කෘතිකමය ආදී සෑම ක්ෂේත‍්‍රයක්ම මේ ගිවිසුම හරහා ඉන්දියාව ගිල ගනු ඇත. විශේෂයෙන්ම ලංකාවේ ආර්ථිකය ඉන්දියාවට අවශ්‍ය පරිදි හසුරුවනු ඇත. මෙය බරපතළ අනතුරක පෙරනිමිත්තකි. එළඹෙන මොහොත ලාංකීය සමාජයට තීරණාත්මක මොහොතකි. රනිල්ලාගේ මේ දේශද්‍රෝහී ගිවිසුම තීරණාත්මක ලෙස ජනතා බලවේග විසින් පරාජය කළ යුතු වන්නේ මේ සියලූ තත්ත්වයන් සලකා බැලීමෙනි. රටක් ලෙස නිල නොවන මට්ටමින් ඉන්දියාව අපේ ස්වාධිපත්‍යය ගිලගෙන ඇති වටපිටාවක මෙම ගිවිසුම හරහා සම්පූර්ණයෙන්ම ගිලගනු ඇත. එබැවින් සියලූ වෘත්තිකයන් ප‍්‍රගතිශීලී ජන බලවේග ඇතුළු සමස්ත ලාංකීය සමාජය සංවිධානාත්මකව පෙළගැසීම තුළින් පමණක්ම මේ ඉන්දීය රනිල් දේශද්‍රෝහී ගිවිසුම පරාජය කළ හැකිවනු ඇත. හෙළිදරව් වී ඇති සියලූ කරුණු විසින් බල කර ඇත්තේ මේ යථාර්ථයයි. .