නිදහස; දේශපාලන වෙන්දේසිය

2017-02-12     (එස්. කේ. ගමගේ )

මෙරට පාලකයෝ තවත් නිදහස් දිනයක් මහත් ඉහළින් සමරමින් සිටිති. වසර 69ක් පුරා පාලකයන්ගේ නිදහස සැමරීම මෙවර නිදහස් සමරුවෙන් ද වෙනස් වී නැත. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා ගත් දේශයක් ලෙස අපගේ මාතෘභූමිය පිළිබඳව පාලකයෝ නිදහස් දිනයේ දී කතා කරති. ලැබුණා යැයි කියන නිදහස ලබා ගැනීම උදෙසා දැවැන්ත කැප කිරීම් කළ සැබෑ විරුවන් වෙනුවට දේශපාලනඥයන් කිහිප දෙනෙකුගේ නම් වේදිකා දෙදරවමින් කියනු ඇසේ. ඒ අතරතුර පුරන්අප්පුලා, කැප්පෙටිපොළලා ගැන ද උඩින්පල්ලෙන් කියා දමති. සැබැවින්ම 1948 පෙබරවාරි මස 04 වැනි දින අපට ලැබුණේ සැබෑ නිදහසක් නොවේ. එය හරයෙන් ගත් කල්හි නාමික නිදහසකි. එය ද ලැබුණේ මෙරට පාලනය ගෙන ගිය කළු සුද්දන්ට ය. බි‍්‍රතාන්‍ය ගැති කණ්ඩායමක් අතට යෂ්ටිය හුවමාරු කළා මිස ලැබුණු නිදහසක් තිබේ ද යන්න ගැටලූවකි. නිදහස යනු සරල වචනයක් නොවේ. එය ගැඹුරු අර්ථයක් සහිත වූවකි. සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික, ආගමික ආදී සෑම ක්ෂේත‍්‍රයකටම මේ නිදහස යන්න අදාළ වේ. ලාංකීය සමාජය සැබැවින්ම නිදහසක් ලබා ගත්තේ ද යන්න තහවුරු වූ ප‍්‍රමුඛ අවස්ථාවක් වූයේ 1971 අරගලයයි. ජාතික නිදහසත්, සමාජ සාධාරණත්වයත් උදෙසා අරගල කළ 1971 තරුණයන්ට විරුද්ධව එල්ල කළ චෝදනාව වූයේ ”මහ රැජිනගේ ආණ්ඩුවට එරෙහිව කැරැුලි ගැසීම” යන්නයි. මෙරට ජනතාව ඒ වන විටත් රැුජිනගේ පාලනයට යටත්ව සිටි බවට එය කදිම සාක්ෂියක් විය. පාලකයන්ට යම් හෝ නිදහසක් පිළිබඳව හිතන්නට පෙළඹ වූ අරගලයක් ලෙස 1971 අරගලය නම් කළ ද වරදක් නැත. ලැබුණා යැයි කියන නිදහසෙන් පසුව අප මේ ගත කරමින් සිටින්නේ 69 වන වසරයි. එදා මෙදාතුර රට පාලනය කළේ එ.ජා.ප., ශී‍්‍ර. ල.නි.ප., සමඟි පෙරමුණු ආණ්ඩු ය. මේ ආණ්ඩු සියල්ල විසින් රටට ලබා දී ඇති නිදහසක් නැත. ආර්ථිකමය වශයෙන් ගත් කල්හි රට වහල් බවින් වහල් බවට ගියා මිස සිදු වී ඇති අන් යමක් නැත. අප එදා සිට මේ දක්වා ඇමරිකන් අධිරාජ්‍යවාදයේ වහල් බැම්මෙන් මිඳී නැත. ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත්ව අපේ ආර්ථිකය සකස් කරගෙන ඇත. අද අප ඇමරිකාවේත්, චීනයේත්, ඉන්දියාවේත් ආර්ථික සිරකරුවන් බවට පත්ව ඇත. අපේම වූ, අපට අනන්‍ය වූ, අපට ගැලපෙන ආර්ථික ක‍්‍රමයකට වෙනස් වීමට අපට හැකියාව ලැබී නැත. සමාජමය වශයෙන් ගත් කල්හි මෙරට සමාජය නිදහස අහිමි සමාජයක් බවට පත්ව ඇත. රාජ්‍ය සේවකයා දේශපාලනඥයන්ගේ වහලූන් බවට පත්ව ඇත. ඒ සඳහා මෑත ඉතිහාසයේ උදාහරණ ඕනෑ තරම් හමු වේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයා අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් අරගල කරමින් සිටී. කම්කරු ජනතාව කම්කරු නිදහස අහිමිව අයිතිවාසිකම් ඉල්ලා අරගල කරමින් සිටිති. මාධ්‍යවේදීහු මාධ්‍ය නිදහස උදෙසා අරගල කරමින් සිටිති. මෙරට සියලූ සමාජ බලවේගවලට අද නිදහස පතා අරගල කිරීමට බල කර ඇත. තම තමන්ගේ ක්ෂේත‍්‍රවල අහිමි වී ඇති නිදහස උදෙසා සටන් කිරීමට සිදුව ඇත. සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස සමාජය බෙදා ඇත. පළාත් වශයෙන් ජනතාව බෙදා ඇත. කුල වශයෙන් සමාජය බෙදා ඇත. ආගම් වශයෙන් ජනතාව බෙදා ඇත. ආගම්වාදය ජාතිවාදය වපුරා සමාජය ඇනකොටා ගන්නා තත්ත්වයකට ඇද දමා ඇත. මෙවන් සමාජයක් නිර්මාණය කර ඇති වටපිටාවක නිදහස යන්න ජනතාවට සිහිනයක්ව ඇත. ලැබුණා යැයි කියන නිදහසෙන් පසුව රට පාලනය කළ මෙරට ධනපති පාලකයන් කිසිදාක ජනතාවට සැබෑ නිදහසේ සුව භුක්ති විඳීමට ඉඩකඩ සලසා නැත. පැරැුණි වමේ නායකයන් අප රැුගෙන ගියේ ද ධනපති පන්තියේ ඔඩොක්කුවට ය. ධනපති පාලකයන් සහ පැරැුණි වමේ නායකයන් එකතුව අපේ රටේ නිදහස ඉල්ලා අරගල කළ ජනතාව ඇද වට්ටවා ඇත්තේ ඛේදනීය ඉරණමකට ය. ලාංකීය ජනතාව සමාජ, ආර්ථික, දේශපාලන නිදහස උදෙසා සැබෑ අරගලයකට සූදානම් විය යුතු බව ඉතිහාසය විසින් පුන පුනා ඔප්පු කර ඇත. අද අපි රටක් ලෙස නිදහස අහිමි වහල් ජාතියක් බවට පත්ව ඇත. මෑත ඉතිහාසයේ රාජපක්ෂ පාලනය විසින් ජනතාවගේ කතා කිරීමේ, අරගල කිරීමේ, මත පළ කිරීමේ නිදහස අහිමි කළේ ය. එ.ජා.ප. ආණ්ඩුව 1987දී අපගේ මාතෘභූමිය ඉන්දියාවේ වහල් රාජ්‍යයක් ලෙසට පත් කළා සේ ම අද ඇමරිකා, චීන, ඉන්දියා වහල් බිමක් බවට පත් කර ඇත. රටේ සම්පත් කුණු කොල්ලයට විකුණා දමමින් ඇත. ජනතාවගේ ඉඩම් අයිතිය මංකොල්ලකමින් සිටී. සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර සැකය, වෛරය, අසමඟිය වපුරමින් ඇත. දැන් එළඹ ඇත්තේ මේ වහල් බවින් නිදහස් වීමේ අරගලයට පණ පෙවීමයි. මෙතෙක් කල් රට පාලනය කළ ශී‍්‍ර.ල.නි.ප., එ.ජා.ප. පාලකයන්ට මෙරට ජනතාවට සැබෑ නිදහස උරුම කර දීමේ හැකියාව ලැබී නැත. මෙරට ජනතාවට මේ පාලකයන්ගෙන් තව දුරටත් නිදහස ඉල්ලා සිටීමෙන් ලැබිය හැකි නිදහසක් නැත. මෙරට ජනතාව ඉදිරිපිට දැන් ඇත්තේ මේ වහල් බවින් නිදහස් වීමට සමත් පාලනයක් වෙත රට වෙනස් කිරීමයි. පාට, පක්ෂ, ආගම් භේද පසෙකලා රටට නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමානාත්මතාවය ළ`ගා කර ගැනීම සඳහා සංවිධානය විය යුතු ය. පෙළගැසිය යුතු ය. මේ සමාජ ආර්ථික දේශපාලන ක‍්‍රමය රටට සැබෑ නිදහස ලබා දීමට අසමත් බව ඕනෑවටත් වඩා ඔප්පු කර අවසාන ය. මේ සමාජ ආර්ථික දේශපාලන ක‍්‍රමය වෙනුවට සැබෑ ජනතාවාදී සමාජ ආර්ථික දේශපාලන ක‍්‍රමයකට මාරු විය යුතු තීරණාත්මක මොහොත එළැඹ ඇත. ජනතාව ඒ වෙනුවෙන් කැපවෙන, සංවිධානය වෙන ප‍්‍රමාණයට මෙරට සැබෑ නිදහස අර්ථවත් වනු ඇත. මේ ක‍්‍රමය වෙනුවට සමාජය ඉහළට ඔසවා තැබීමට සමත් වැඩපිළිවෙළකට රට වෙනස් කිරීම යනු සැබෑ නිදහස ළගා කර ගැනීමකි.

Read more

පවුල්, හවුල් දෙකෙන්ම ජනතාවට කරන්ට් වැදීම

2017-02-05     (ඉන්ද්‍රසිරි ජයසුන්දර)

ගෙදර ලයිට් දාන එක සරල දෙයක් වුවත්, ඒ පිටුපස තිබෙන මංකොල්ලය සරල නැත. අපට නිරන්තරයෙන් කොතරම් කරන්ට් වදින්නේ දැයි විගණකාධිපති වාර්තාවකින් හෙළි වේ. 2009 සිට 2016 ජූනි මාසය දක්වා ගල් අ`ගුරු මිලදී ගැනීමේ දී සිදු කර තිබෙන වංචා, දූෂණවලින් යම් ප‍්‍රමාණයක් පැහැදිලි කර ගත හැකි වේ. ගෘහ, නිෂ්පාදන කර්මාන්ත, ව්‍යාපාරික යන සියලූ ක්ෂේත‍්‍රවලට ඉහළ මිලක් දෙමින් කරන්ට් වද්දා තිබෙන්නේ මේ මංකොල්ලය නිසා ය. ලංකාවේ මූලික විදුලිබල ප‍්‍රභවය ජලය බව 1980 දශකය වන විට කිරුළු පැළඳ තිබිණි. සත්‍ය වශයෙන්ම එය එසේම ය. අද වන විට කුඩා විදුලි බලාගාර ඉදි කිරීමට පෞද්ගලික අංශයට දී වැඩි මිලට විදුලිබල මණ්ඩලයට විදුලිය ලබා ගැනීමෙන් එය තහවුරු වේ. කෙසේ වෙතත්, 1990 පමණ සිට රටේ විදුලිබල අර්බුදයක් ඇති විය. තාප බලාගාර එන්නේ ඒ අනුවයි. නමුත් තාප බලාගාර පිරිවැය ඉහළ බැවින් එයට විකල්පයක් වශයෙන් අඩු මිල විදුලිය නිපදවීමට ගල් අ`ගුරු බලාගාර යෝජනා කෙරිණ. එය කි‍්‍රයාත්මක කිරීමට මුල පිරෙන්නේ 2006 පමණ සිට ය. ප‍්‍රමාදයන් සහිතව 2009දී ගල් අගුරු බලාගාර ඉදි කරමින් විදුලිය නිපදවීම යථාර්ථයක් බවට පෙරළිණ. නොරොච්චෝලේ ‘ලක් විජය’ බලාගාරය ඉදිකෙරිණ. එයට ගල් අ`ගුරු මිල දී ගැනීම සඳහා සීමාසහිත ලංකා ගල් අගුරු සමාගම පිහිටුවී ය. තාප විදුලි බලය කිලෝ වොට් පැයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 21.24ක් වැය වන විට ගල් අ`ගුරු ම`ගින් කිලෝවොට් පැයක් නිෂ්පාදනය සඳහා රු: 5.23ක් පැය වේ. ජල විදුලිබලය වෙනුවෙන් එය රුපියලකටත් අඩු මිලකි. එසේ වුවත්, ගල් අගුරු බලාගාරය නිසා අපට නොදැනීම අපට කරන්ට් වද්දා තිබෙන්නේ කෙසේ ද? නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ මෙගාවොට් 300ක් ජනනය කිරීමේ මුල් අදියර විවෘත කළේ 2011 මාර්තු 22 වැනිදාය. නමුත් ගල් අඟුරු සමාගම පිහිටවූයේ 2008 ජනවාරි 23 වැනිදා ය. ගල් අගුරු බලාගාරයේ ජනන කටයුතු ඇරඹූ පසු එහි කටයුතු අඛණ්ඩව කරගෙන යාමට වගබලා ගත යුතුය. ඒ සඳහා සුපරීක්ෂාකාරී කි‍්‍රයාවලියක් තිබේ. ප‍්‍රමිතියෙන් යුතු ගල් අ`ගුරු ලබා ගැනීම, අවම මිල ගණන්වලට ලබා ගැනීම, අවම මිලගණන් යටතේ ප‍්‍රවාහනය කිරීම, ගබඩා කිරීම, විදුලි බලාගාරයට සැපයීම සහ හි`ගයකින් තොරව තොග පවත්වාගෙන යාම ආදිය මූලික වේ. මේ සියලූ කටයුතුවලදී මහා මුදල් මංකොල්ලයන් සඳහා ඉඩකඩ සලසා ගැනීමට ටයිපටි කාරයන් වගබලාගෙන තිබිණි. මහජන මුදල් මංකොල්ලකෑම පාඨලී චම්පික රණවක, පවිත‍්‍රා වන්නිආරච්චි යටතේ අපූරුවට සිදු කෙරී ඇත. වර්තමානයේ රංජිත් සියඹලාපිටිය ඇමතිවරයා යටතේ කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යමින් සිටී. විගණන වාර්තාව හෙළි කර තිබෙන අන්දමට 2013 මැයි 03 වැනි දින එවකට සිටි පවිත‍්‍රා වන්නිආරච්චි ඇමතිවරිය කැබිනට් මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කර ඇත. තාක්ෂණික අගැයීම් කමිටුව හා නීතිපතිවරයා එකග වන්නේ නම් ලිබර්ටි කොමොඞීටීස් නම් සමාගමෙන් ගල් අ`ගුරු මෙටි‍්‍රක් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 118.10කට මිල දී ගැනීමට ය. ඒ වන විටත් ප‍්‍රමිතියෙන් බාල ගල් අ`ගුරු ගෙන්වීම නිසා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 852.768ක් පාඩු කර තිබූ මෙම සමාගමට කොන්ත‍්‍රාත්තුව ලබා දීමට සූදානම් වී තිබිණි. නමුත් 2013 මැයි 21 වැනි දින මෙම ටෙන්ඩරය අවලංගු කර ඇත. පසුව ගල් අගුරු මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 12ක් සහ මෙටි‍්‍රක් ටොන් විසි දෙලක්ෂ පනස් දහසක් මිල දී ගන්නට අවස්ථා දෙකක දී උත්සාහ කර ඇත. මේ සඳහා අලූතෙන් ටෙන්ඩර් කැඳවීමට නියම කෙරිණ. සැලැකිය යුතු කාලයක් ගත වීමෙන් පසුව 2014 ජූලි 08 වැනි දින ප‍්‍රසම්පාදන කමිටුව තම අනුමැතිය ලබා දී තිබුණේ මෙටි‍්‍රක් ටොන් 10න් එකක් ඩොලර් 77.70 බැගින් මිල දී ගැනීමට ය. මෙටි‍්‍රක් ටොන් 11,25,000ක් ස්විස් සිංගප්පෝ නම් සමාගමෙන් මිල දී ගැනීමට වැඩි දුරටත් තීරණය කර තිබිණි. ඉතිරි මෙටි‍්‍රක් ටොන් 11,25,000ක් ලබා ගැනීමට තවත් සැපයුම්කරුවෙකු සොයා ගැනීමට නියමිතය. ඩොලර් 118.1ක් වූ මිල ඩොලර් 77.7 දක්වා අඩු වීමෙන් මංකොල්ලකෑමට ගිය තරම පැහැදිලි වේ. ඩොලර් 77.70 මිල වෙනුවට ඩොලර් 70කට ලබා දීමට නෝබල් රිසෝසස් සමාගම ද ඉදිරිපත්ව ඇත. කෙසේ වෙතත්, අවසානයේ ගල් අගුරු මෙටි‍්‍රක් ටොන් 5,04,245ක් මිලදී ගෙන තිබුණේ ඩොලර් 78.30ක් බැගින් ඉන්දුනීසියාවෙන් සහ මෙටි‍්‍රක් ටොන් 11,22,742ක් ඩොලර් 77.25ක් බැගින් රුසියාවෙන් මිල දී ගෙන තිබිණි. මෙම මුළු ගල් අ`ගුරු තොගයම ඩොලර් 78.30කට ලබා ගත්තේ යැයි සිතුවහොත්, මුල දී තීරණය කර තිබූ ඩොලර් 118.10 සිට එක් ටොන් එකක මිල අඩු වීම ඩොලර් 29.80කි. මුළු තොගයෙන් සිදු වීමට ගිය පාඩුව ඩොලර් හාරකෝටි අසූහතර ලක්ෂයකට අධික වේ. පවිත‍්‍රා ඇතුළු කල්ලියේ මල්ල පුරවා ගැනීමට ජනතාවට කොතරම් කරන්ට් වද්දා ගන්නේ දැයි මෙයින් පැහැදිලි වේ. ඉන්පසුව එළැඹෙන්නේ හවුල් ආණ්ඩුව යටතේ සිදු කෙරෙන මංකොල්ලයයි. 2015 මාර්තු 18 වෙනි දින මුල්ම ලංසු තැබීම සිදු කෙරේ. වර්ෂ තුනක් සඳහා මෙටි‍්‍රක් ටොන් හැටහත්ලක්ෂ පනස් දහසක් මිලදී ගැනීමට මුල දී තීරණය කර තිබී ඇත්තේ ටොන් එකක් ඩොලර් 68.72 මිලකටය. අවසාන වශයෙන් මිල දී ගන්නේ ටොන් එකක් ඩොලර් 78.30 කට සහ 77.25කටය. මෙය මුල්ම කොල්ලයයි. එය ඩොලර් 68.72 දක්වා අඩු වීමෙන් ගසා කන ප‍්‍රමාණය ගණනය කළ හැකි ය. හවුල් ආණ්ඩුවෙන් වසර තුනකට ප‍්‍රමාණවත් මිල දී ගැනීම් සඳහා මෙම යෝජනාව ඇදී ගොස් පසුව මෙටි‍්‍රක් ටොන් එකක් ඩොලර් 58 බැගින් ලබා ගැනීමට 2015 සැප්තැම්බර්වල දී හැකි වී ඇත. ඉන්පසු 2016දී මිල තවත් පහත වැටී මෙටි‍්‍රක් ටොන් එකක් සඳහා ඩොලර් 51.96ක් විය. ලෝක වෙළෙඳ පොළේ අඩු මිලට තිබෙන ගල් අගුරුවලින් මංකොල්ලකන ලද මහජන ධනය අතිමහත් බව පැහැදිලි වේ. පවුල් පාලනයෙන් හවුල් පාලනයට ගිය ද වෙනසක් නැතිව ජනතාවට කරන්ට් වද්දන්නේ මෙසේය.

Read more

මැද පංතිය පුපුරයි !

2017-02-12     (ඉන්ද්‍රසිරි ජයසුන්දර)

”ඇමරිකාවේ එහෙම වුණත් අපේ රටේ එහෙම වෙන්නෙ නෑ...” ජිප්සීස් ගායක කණ්ඩායමේ ජනප‍්‍රිය ගීතයක මෙම පද තියෙනවා. අන්තිම අප්සෙට් වැඩක් වෙන්න යනවා නම් අපේ රටේ මිනිස්සු හිත රවටා ගන්නේ ඒ වගේ හිතලයි. කෙළින්ම නිමිත්ත අනුව කතා කළොත්, ආර්ථික කඩා වැටීම ගැන අපේ මිනිස්සු නිකමටවත් හිතන බවක් පේන්නේ නෑ. ‘‘ඇමරිකාවෙ එහෙම වුණත් අපේ රටේ එහෙම වෙන්නේ නෑ’’ කියලා තවත් පිස්සු ම කෙළිනවා. එහෙම නැතිව අනාගතය ගැන හිතනවා නම්, අවදානම අවම කර ගන්න හිතනවා නම් ලංකාවේ ආර්ථික අර්බුදය ගැන අනතුරු අ`ගවා තියෙන්නේ 2012 මැද දී විතර. අනතුරු ඇ`ගවීම් කළ ආර්ථික විශේෂඥයන්ට සමච්චල් කළා මිස අනතුර තුට්ටුවකට ගණන් ගත්තේ නෑ. චීනය හැරුණු විට ලෝකයේ වැඩිම වේගයකින් වර්ධනය වන ආර්ථිකය ඇත්තේ අපේ රටේ කියලා පුරසාරම් දෙඩුවා. වේගයෙන්ම වර්ධනය වන කොටස් වෙළෙඳපොළ තියෙන්නෙත් අපේ රටේ කියලත් පූච්චානම් කතා කිව්වා. ධනවාදී රටක මධ්‍යම පන්තිය කියන්නේ අනික් අයට වැඩිය හිතන මතන උගතුන් හා බුද්ධිමතුන්ගෙන් සමන්විත පිරිසක් කියලයි පිළිගන්නේ. නමුත් අපේ රටේ එහෙම ද කියලත් ප‍්‍රශ්නයක් ඇති වෙනවා. මොකක්දෝ අරාජිකත්වයක ගිලී ඉන්නවා මිස අනාගතය දකින, තමන්ගේ බුද්ධිය මෙහෙයවා කටයුතු කරන බවක් අති බහුතරයගෙන් පෙනෙන්නේ නෑ. නමුත් මේ කියන්න යන්නේ ඒ අයට භය හිතෙන කතාවක්. 2008දී ඇමරිකාවේ ආර්ථික අර්බුදය පුපුරා ගියේත් මධ්‍යම පංතියෙන්. ගෙවල් දොරවල්, යාන වාහන, ගෘහ උපකරණ සියල්ලම ලීසිං කරලයි අරන් තිබුණේ. කොටින්ම මුළු ජීවිතයම ලීස් කරලා. කන්නෙ බොන්නෙත් ලීසිංවලින් කියලා කියන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඞ්වලින් කරන්නේ ඒක. ලෝකයටම ආර්ථික අර්බුදයක් ඇති කරමින් 2008 කඩා වැටුණේ මධ්‍යම පංතියේ ජීවිත. කොයි තරම් මිනිසුන් අන්ත අසරණ වුණා ද කියනවා නම්, ගෙවල් දොරවල් අහිමි වෙලා වාහන ඇතුළේ ජීවත් වෙන්න මහම`ගට වැටුණා. ‘කැරවෑන්’ කියලා චිත‍්‍රපටි පවා හැදුණා. බිරිඳටත්, දරුවන්ටත් පමණක් නොව නිවසේ සුරතල් බල්ලාටත් වෙඩි තබා මරා දමා තමන් ද සිය දිවි නසා ගන්නා තැනට වැටුණා. ලීසිං කොම්පැණිවලට ඉඩම්, ගෙවල්, වාහන පවරාගෙන කරන්න දෙයක් නැතිව ගියා. මේ අර්බුදය ඇති වූ කාලයේ ධනවාදී ආර්ථික විශේෂඥයන් කීවේ ඉක්මනින්ම අර්බුදයෙන් ගොඩ එනු ඇති බවයි. ඒත් දැන් ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත්වෙලා. ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපති බවට පත්වෙන්නේ අන්ත ජාතිවාදය අවුස්සලා. ජනාධිපති වෙලත් පළමු පියවරේ සිටම ඇමරිකානු පවුරු පදනම් බිඳ දාන පිස්සු කෙළිමින් යන්න පටන්ගෙන. ‘‘ඇමරිකාවේ එහෙම වුණත් අපේ රටේ එහෙම වෙන්නේ නෑ’’ යනුවෙන් කෙනෙකුගේ හිත රවටා ගන්න පුළුවන්. ඒත්, ඒක එහෙම නොවන බවට ඇතැම් ආර්ථික විශේෂඥයන් අනතුරු අ`ගවන්න පටන්ගෙන තියෙනවා. අපේ රටේ මධ්‍යම පංතියෙන් ආර්ථික පිපිරීමක් ඇතිවෙන්න ඉඩ තියෙන බවට අනතුරු අ`ගවා තිබෙනවා. මේ වගේ අනතුරු ඇ`ගවීම් කරන්නේ ඇයි කියලා හොයලා බැලූවාම පවතින බරපතලකම පැහැදිලි වෙනවා. පාරිභෝගික සත්ත්වයන් වශයෙන් ණය ගන්නා මූලික ක්ෂේත‍්‍ර කීපයක් තියෙනවා. ඉඩම්, ගෙවල්, වාහන, වෙනත් කල්පවත්නා පාරිභෝගික භාණ්ඩ, උකස් ණය සහ එදිනෙදා කටයුතුවලට ක්‍රෙඩිට් කාඞ් සහ වෙනත් ණය වශයෙන්. මේ ක්ෂේත‍්‍රවලට බැංකුවලින් සහ බැංකු නොවන මූල්‍ය ආයතනවලින් ප‍්‍රධාන වාණිජ ව්‍යාපාර ධාරා දෙකෙන් ණය දෙනවා. බැංකු ගැන පැහැදිලියි. බැංකු නොවන මූල්‍ය ආයතනවලට ෆිනෑන්ස් කොම්පැණි, උකස් මධ්‍යස්ථාන විශේෂයෙන් අයත් වෙනවා. මධ්‍යම පංතිය අර්බුදයට පත්ව ඉන්න බවට අනතුරු අ`ගවන්නේ ඇයි කියලා තේරුම් ගන්න සංඛ්‍යා දත්ත ටිකක් යොදා ගන්න වෙනවා. බැංකු නොවන මූල්‍ය ආයතනවලින් කල්බදු (ලීසිං* කුලී පිට ගැනුම්, ණය, උකස් ණය වශයෙන් ණය වර්ග කීපයක් තියෙනවා. 2015 වර්ෂයේ මේ ක්ෂේත‍්‍රවලින් ලබාගෙන තිබෙන මුළු ණය ප‍්‍රමාණය රුපියල් මිලියන අට ලක්ෂ විසිහතර දහස් හාරසියදහය (රු. මි. 8,24,410*ක් වෙනවා. වැඩිම ණය ප‍්‍රමාණය දී තිබෙන්නේ කල්බදු (ලීසිං* වෙනුවෙන් රුපියල් මිලියන හාරලක්ෂ දහනව දහස් දෙසියඅනූහය (රු. මි. 4,19,296*ක්. ණය හැටියට රුපියල් මිලියන තුන් ලක්ෂ හත්දහස් අටසියදහසය (රු. මි. 3,07,816*ක් වගේම උකස් ණය රුපියල් මිලියන විසිතුන් දහස් නවසියතිස්හතර (රු. මි. 23,934*ක් ලබා දී තිබෙනවා. වාණිජ බැංකුවලින් පෞද්ගලිකව ලබාගෙන තිබෙන ණය, ගැන බලමු. නිවාස ඉදිකිරීම්, අලූත්වැඩියා හෝ මිල දී ගැනීම් වෙනුවෙන් රුපියල් මිලියන තුන් ලක්ෂ හාරදහස් දෙසියවිසි හත (රු. මි. 3,04,227*ක් ලබාගෙන තිබෙනවා. යාන වාහන, විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ ඇතුළු කල්පවතින පාරිභෝගික භාණ්ඩ ලබා ගන්න රුපියල් මිලියන එක්ලක්ෂ හතළිස්තුන් දහස් පන්සියදාහත (රු. මි. 1,43,517*ක් ලබාගෙන තිබෙනවා. උකස් ණයවලින් රුපියල් මිලියන එක්ලක්ෂ තිස්තුන් දහස් හාරසියදහඅට (රු. මිලියන 1,33,418*ක් ලබාගෙන. ණය කාඞ් පත් නැත්නම් ක්‍රෙඩිට් කාඞ් පත්වලින් රුපියල් මිලියන හැටහතර දහස් හයසියහතළිස්එක (රු. මි. 64,641*ක් ලබාගෙන. ණය කන්දරාවට අලූතින්ම එක් වී තිබෙන්නේ අධ්‍යාපන කටයුතුවලට හා සෞඛ්‍ය කටයුතුවලට ණය වීම. මේ ක්ෂේත‍්‍ර දෙකට ණය ලබා ගැනීම වේගයෙන් ඉහළ යමින් තිබෙනවා. 2011දී අධ්‍යාපන කටයුතුවලට රුපියල් මිලියන 574ක් සහ සෞඛ්‍ය ආරක්ෂක කටයුතුවලට රුපියල් මිලියන 258ක් වාණිජ බැංකුවලින් ණය ලබාගෙන තිබෙනවා. 2015 අවසන් වන විට මේ ක්ෂේත‍්‍ර කොතරම් වේගයෙන් ඉහළ ගොස් තිබෙන්නේ ද යන්න පැහැදිලි වෙන්නේ රුපියල් මිලියන 2,223ක් අධ්‍යාපනය වෙනුවෙන් ලබාගෙන තිබීමෙන්. අවුරුදු පහක දී හතර ගුණයකට වැඩි වේගයෙන් ඉහළ ගිහින්. සෞඛ්‍ය ආරක්ෂණ ක්ෂේත‍්‍රය ඊටත් වඩා වේගයෙන් ඉහළ ගිහින්. 2015 අන්තිම වෙනකොට රුපියල් මිලියන 3,300ක් වෙනවා. 2011දී රුපියල් මිලියන 258ක මුදල දහතුන් ගුණයකින් වැඩි වෙලා. රටම රෝගී කරන පෞද්ගලික සෞඛ්‍ය ජාවාරමට කොතරම් ඉඩක් වෙන් කර දී තිබෙනවා ද යන්න මෙයින් පැහැදිලියි. අනික් තැන්වල වර්ගීකරණය නොවූ දේවල් ‘‘වෙනත් වශයෙන්’’ ඇතුළත් කර තිබෙනවා. මේ ක්ෂේත‍්‍රයට රුපියල් මිලියන තුන්ලක්ෂ හැත්තෑඅට දහස් පන්සියතිස්පහ (රු. මි. 3,78,535*ක් ඇතුළත් වෙනවා. පෞද්ගලික ණය හා අත්තිකාරම් වශයෙන් මේ ක්ෂේත‍්‍රය හඳුන්වා තිබෙනවා . දැන් පෞද්ගලික මුළු ණය කන්දරාව කොච්චර ද කියලා සාරාංශ කරන්න පුළුවන්. බැංකු නොවන මූල්‍ය අංශයෙන් රුපියල් මිලියන 8,24,410ක් සහ බැංකුවලින් නිවාස ඉදි කිරීම් වෙනුවෙන් මිලියන 3,04,227ක් මෙන්ම පෞද්ගලික ණය සහ අත්තිකාරම් රුපියල් මිලියන 7,71,128ක් වශයෙන් ලබාගෙන. බැංකුවලින් ගත් මුළු ණය කන්දරාව රුපියල් මිලියන දහඅට ලක්ෂ අනූනව දහස් හත්සියහැටපහ (රු. මි. 18,99,765) ක් වෙනවා. ආසන්න වශයෙන් රුපියල් කෝටි එක්ලක්ෂ අනූ දාහක්. මේ රටේ ණය බර නොවෙයි. අපි අපේ කටයුතුවලට ණය වෙලා තියෙන තරම. ඉතින්, ‘‘ඇමරිකාවේ එහෙම වුණත් අපේ රටේ එහෙම වෙන්නේ නෑ’’ කියලා අහක බලා ගන්න පුළුවන් ද?

Read more

නීතිය පාගා දමන මාන්කුලම් කැලෑ කොල්ලය

2017-02-12     (සජීව චාමිකර (පරිසර සංරක්ෂණ භාරය))

උතුරු පළාතේ අග නගරය ලෙස මුලතිව් දිස්ති‍්‍රක්කයේ මාන්කුලම් නගරය සංවර්ධනය කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පනික්කන්කුලම්, වන්නිවිලන්කුලම් හා මාන්කුලම් යන වන රක්ෂිත තුනට අයත් වනාන්තර අක්කර 7,200ක් (හෙක්ටයාර 2,900ක්) නිදහස් කිරීමට සැලැසුම් කර තිබේ. අක්කර 10,000කින් (හෙක්ටයාර 4,100 කින්) සමන්විත යෝජිත මාන්කුලම් නගර සංවර්ධන ව්‍යාපෘතියේ සමස්ත සැලැසුමට අනුව මෙම දැවැන්ත වන විනාශය සිදු කිරීමට සූදානම් වේ. පසුගිය රජයේ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා විසින් මාන්කුලම් නගර සංවර්ධනයට අදාළව ඉදිරිපත් කළ අංක 08/1444/350/058 දරන අමාත්‍ය මණ්ඩල සන්දේශය සඳහා 2008 අගෝස්තු 29 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. එ් අනුව එවකට නාගරික සංවර්ධන හා ආගමික ප‍්‍රදේශ සංවර්ධන අමාත්‍යවරයා විසින් නාගරික සංවර්ධන පනතට අනුව 2009 සැප්තැම්බර් 22 වන දින අංක 1617/2 දරන ගැසට් නිවේදනය මඟින් නාගරික සංවර්ධන ප‍්‍රදේශයක් ලෙස මාන්කුලම් ප‍්‍රකාශයට පත් කර තිබේ. අක්කර 10,000ක් නැතහොත් වර්ග කිලෝමීටර 41ක භූමි ප‍්‍රදේශයක් තුළ 2015 වසරේ සිට 2060 වසර දක්වා අදියර හතරක් යටතේ මෙම මාන්කුලම් නගර සැලසුම කි‍්‍රයාත්මක කිරීමට සූදානම් වේ. ජනතාව පදිංචි කිරීම සඳහා හෙක්ටයාර 2,320ක්, කර්මාන්ත සඳහා හෙක්ටයාර 400ක්, වාණිජ කටයුතු සඳහා හෙක්ටයාර 160ක් හා කෘෂිකාර්මික කටයුතු සඳහා හෙක්ටයාර 240ක් වශයෙන් මෙම භූමිය විවිධ භාවිතාවන් සඳහා ලබා ගැනීමට සැලසුම් කර තිබේ. 2011 - 2030 ජාතික භෞතික සැලැස්මට අනුව මාන්කුලම් නගරය විශේෂ නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. නමුත් මධ්‍යම පරිසර අධිකාරිය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එ්කාබද්ධව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන මඟින් ලංකාවේ සියලූ රාජ්‍ය ආයතනවල සහභාගීත්වයෙන් සකස් කර 2014 වසරේ දී ප‍්‍රකාශයට පත් කරන ලද උතුරු පළාත් ක‍්‍රමෝපායික පාරිසරික අගයීම් වාර්තාවට අනුව මාන්කුලම් නගරය සඳහා විනාශ කිරීමට යෝජිත වනාන්තර ති‍්‍රත්වය ආරක්ෂා කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු බවටත්, අලි ගැවසුම් ප‍්‍රදේශ හා අලි මංකඩවල් ලෙස ආරක්ෂා කළ යුතු බවටත් සඳහන් කර ඇත. මෙම වනාන්තර ති‍්‍රත්වය වර්ග කිලෝමීටර් 986ක ජලධාරා ප‍්‍රදේශයකට හිමිකම් කියන කනකරායන් ආරු ගංගාවේ ප‍්‍රධාන ජල පෝෂක වනාන්තර වෙයි. මාන්කුලම් ප‍්‍රදේශයේ තිරසර සංවර්ධනයක් ඇති කිරීමට නම්, එ් සඳහා මූලික ශක්‍යතා අධ්‍යයනයක් සිදු කළ යුතු අතර, එ් මත පදනම්ව පරිසර බලපෑම් අගැයීමක් සිදු කළ යුතුය. ඉන් බලාපොරොත්තු වන්නේ තිරසර සංවර්ධන මාවත හඳුනා ගැනීමය. එය යථාර්ථවාදී නම් සැබෑ සංවර්ධන මාවත එම අධ්‍යයනය පදනම් කර ගෙන ගොඩනැඟිය හැකි වනු ඇත. එ් සඳහා මඟපෙන්වීමට ලංකාවේ පවතින නීති රීති රැුසක් පවතී. ජාතික පාරිසරික පනත හා පුරාවස්තු ආඥා පනතට අනුව සංවර්ධන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පාරිසරික හා පුරාවිද්‍යා අනුමැතීන් ලබා ගත යුතුය. 1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතේ 23ප වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළි පෙහෙළි කර යම් සංවර්ධන ව්‍යපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් අගැයීම් ක‍්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතුය. එවන් කිසිදු ක‍්‍රියාමාර්ගයකට මෙම නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වනාන්තර ඉඩම් නිදහස් කර ගැනීමට ප‍්‍රථම යොමු වී නොමැත. මෙම වනාන්තර ති‍්‍රත්වය වන සංරක්ෂණ ආඥ පනත යටතේ දීර්ඝ කාලයක සිට ආරක්ෂා කර ඇති ආකාරය ද අවබෝධ කර ගත යුතු ය. 2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 06 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 3 වන වගන්තියට අනුව පනික්කන්කුලම්, වන්නිවිලන්කුලම් හා මාන්කුලම් යන වන රක්ෂිත තුන පිළිවෙළින් 1969, 1921 හා 2012 වසරවල දී ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙම පනතේ 7 වන වගන්තියට අනුව වන රක්ෂිතයකට අනවසරයෙන් ඇතුළු වීම, රැුඳී සිටීම, ශාක කපා ඉවත් කිරීම, ස්ථිර හෝ තාවකාලික ගොඩනැඟිලි ඉදි කිරීම, ඒවායේ පදිංචි වීම, මාර්ග සකස් කිරීම හා වගා බිම් ස්ථාපිත කිරීම නීති විරෝධී වේ. එවන් වරදක් සිදු කරන පුද්ගලයකු හෝ ඒ ස`දහා ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තෙකු ද වරදකරුවකු වෙයි. එවන් වරදක් ස`දහා වැරැුදිකරුවකු වන පුද්ගලයකු වසර 05ක් නොඉක්මවන බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් ලක්ෂයත් දස ලක්ෂයත් අතර දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකි ය. ඊට අමතරව වන රක්ෂිතයට කරන ලද විනාශය සඳහා අධිකරණය මඟින් නියම කරන දඩ මුදලකට ද යටත් කළ හැකිය. මේ නිසා අප අවධාරණය කරන්නේ රක්ෂිත වනාන්තර විනාශ කරමින් සිදු කිරීමට යෝජිත මාන්කුලම් නගර සංවර්ධන ව්‍යාපෘතිය වහාම නතර කර තිරසර නගර සංවර්ධන සැලසුමක් කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන ලෙස ය. එ් සඳහා ප‍්‍රදේශයේ ස්වාභාවික සම්පත් හා මානව සම්පත මත පදනම් වූ සංවර්ධන කි‍්‍රයාවලියක් සඳහා මූලික ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර එ් මත පදනම්ව නගර සැලසුම් සකස් කළ යුතු ය. එපමණක් නොව සංවර්ධන උපායමාර්ග හා සංරක්ෂණ උපායමාර්ග සඳහා සකස් කරන සැලසුම් එකිනෙකට වියුක්තව නොව එ්කාබද්ධව කි‍්‍රයාත්මක කරන යාන්ත‍්‍රණයක් ඇති කළ යුතුය. නැතහොත් සිදු වන්නේ භෞතික සංවර්ධන සැලසුම්වලට වැඩි ප‍්‍රමුඛතාවය ලබා දීමෙන් එම සැලසුම් සංවර්ධන අදියරේ දීම බිඳවැටීමට ලක් වීමය. මේ නිසා භෞතික සංවර්ධනය හා ස්වාභාවික සම්පත් සංරක්ෂණය සමාන්තර මාවතකට ගෙන එන ප‍්‍රවේශයක් ඇති කළ යුතුව ඇත. එමඟින් පමණක් තිරසර සංවර්ධනයක් ඇති කළ හැකිය.

Read more

‘දේශපේ‍්‍රමියා’ගෙන් පසු බහිරවයන් අතට පත් වූ ජාතික නිවාස අධිකාරිය

2017-01-22     (චතුර දිසානායක)

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාසගේ රැුකියා ලබා දෙන ආකාරය දැක්වන අපූරු වීඩියෝවක් පසුගියදා සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ලංකාවට පමණක් නොව මු`ඵ ලෝකයටම දැක ගන්නට ලැබිණි. ඔහුගේ උස - මිටි රැුකියා ප‍්‍රතිපත්තිය නිසා වර්තමාන ආණ්ඩුවේ මූලිකයන්ගේම තීන්දු තීරණවල දිග පළල ලොවටම නිරාවරණය විය. එහෙත් මේ කියන්නට යන්නේ ඒ රැුකියා ප‍්‍රතිපත්තියට අමතරව සමාජයට නිරාවරණය නොවූ සජිත්ගේ තවත් රැුකියා ප‍්‍රතිපත්තියක් පිළිබඳවය. මේ අපූරු ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කර ඇත්තේ සජිත්ගේ අමාත්‍යාංශය යටතේ පවතින නිවාස අධිකාරිය තුළය. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යනු රටේ ජනතාවට නිවාස ලබා දෙන්නට පිහිටවා ඇති ප‍්‍රධානතම රාජ්‍ය ආයතනයයි. යහපාලනය ගැන දවල් ? නොමැතිව වේදිකා පැලෙන්නට ආ`ගිරි ගාන සජිත් පේ‍්‍රමදාස ඇමතිවරයා අද නිවාස අධිකාරිය තමන්ගේ හෙංචයියන්ට වරදාන ලබා දෙන තැනක් බවට පත් කරගෙන තිබෙන්නේ හිටපු ඇමති විමල් වීරවංශටත් නොදෙවෙනි වන ආකාරයටය. මහජනතාවගේ මුදල් සතයක්වත් අයථා ලෙස වියදම් කරන්නට ඉඩ දෙන්නෙ නැතැයි සජිත් ලෝකෙට ඇසෙන්නට කෑගසන නමුත්, අද නිවාස අධිකාරියේ මුදල් ලක්ෂ ගණනින් නොව මිලියන ගණනින් පිල්ලි ගහන බව දැන් හෙළි වෙමින් තිබේ. අලූත් ආණ්ඩුව යටතේ පත් වූ ඇමති සජිත් පේ‍්‍රමදාස නිවාස අධිකාරියේ වැඩ ඇල්ලූවේ ඒ වන විට වැඩ තහනම් කර සිටි එ.ජා.ප.යේ දුෂිත හෙන්චයියන් කිහිප දෙනෙකු නැවත සේවයේ පිහිටුවමිනිි. මේ පිරිස අතර එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිතිය වන ජාතික සේවක සංගමයේ වර්තමාන ලේකම් කේ.ඞී. ගනේෂ් පෙරේරා ද සිටියි. ඒ. එම්. ද සොයිසා, එම්. ඒ. පේ‍්‍රමරත්න සහ ජගත් ඒකනායක යන තිදෙනා ද බරපතල මූල්‍ය වංචා චෝදනාවලට ලක් වී සිටිය දී මොවුන් නැවත සේවයේ පිහිටුවා ඇත්තේ වැඩ තහනම් කර සිටි කාලය සඳහා හි`ග වැටුප් ද ගෙවමිනි. මොවුන්ට එරෙහි නඩුව තවමත් අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතී. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකට ද පටහැනි ව යමින් දේශපාලන පළිගැනීම් ලේබලයට මුවා වී එක්සත් ජාතික පාක්ෂිකයන් 183 දෙනෙකුට පිළිගත් බ`දවා ගැනීම් සහ උසස්වීම් පිරිනැමීමේ පටිපාටීන් උල්ලංඝනය කරමින් අයථා ලෙස උසස්වීම් ලබා දීමට සහ ¥ෂිත ලෙස වන්දි පිරිනැමීමට පියවර ගැනීම නිවාස හා ඉදිකිරීම් ඇමතිවරයාගේ යහපාලනයේ තරම පෙනුණු ඊළ`ග අවස්ථාවයි. වර්තමාන ඇමතිවරයා වැඩ භාර ගැනීමත් සම`ග සේවයේ පිහිටවූ එක් අයෙකු ඩසස ශ්‍රේණියේ තාක්ෂණ නිලධාරියකු වන අතර ඔහු 2005 වර්ෂයේ සිට බලපැවැත්වෙන පරිදි සඩ ශ්‍රේණියේ කළමනාකාර තනතුරකට සහ 2010 වර්ෂයේ සිට බලපැවැත්වෙන පරිදි සසස ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර තනතුරකට උසස් කිරීමටත් 2005 වර්ෂයේ සිට හි`ග වැටුප් ලබා දීමටත් නිර්දේශ කර ඇත. ඒ අනුව ඔහුට හි`ග වැටුප් වශයෙන් රුපියල් ලක්ෂ 30කට ආසන්න මුදලක් ගෙවීමට නියමිතය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පමණක් සමත් ඔහුට කළමනාකාර තනතුරකට සුදුසුකම් නැත. ආයතනය තුළ අසභ්‍ය වචන කියමින් අවිනීත ලෙස හැසිරෙමින් සේවකයන් බියවද්දාගෙන සිටින ඔහු මේ වන විට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාළිගාවත්ත කාර්යාලය ඉදිරිපිට ඇති අධිකාරියට අයත් ඉඩමක් අනවසරයෙන් අල්ලාගෙන භුක්ති විඳිමින් සිටී. දැනට ඩස ශ්‍රේණියේ කළමනාකරුවකු වන ජාතික සේවක සංගමයේ සභාපතිට සඩ ශ්‍රේණියේ කළමනාකාර තනතුරක් සහ අදාළ හි`ග වැටුප් ලබා දීමට නිර්දේශ වී ඇත. ඒ අනුව ඔහුට හිමි වීමට නියමිත හි`ග වැටුප් මුදල රුපියල් ලක්ෂ 10කට අධික වේ. දැනටත් ඔහුට සඩ ශ්‍රේණියේ කළමනාකාර තනතුරක වැඩ බැලීමේ දීමනාවක් ගෙවනු ලැබේ. ඒ අතර කළමනාකාර තනතුරකට හිමි නැති නිල වාහනයක් ආයතනයන් ඔහුට ලබා දී ඇති අතර ඔහු එය ඇමතිවරයාගේ දේශපාලන කටයුතු ස`දහා භාවිතා කරයි. හිටපු සැපයුම් කළමනාකරු එම්. ඒ. ඞී. සුදත් ද මේ උසස්වීම් ලැයිස්තුවේ සිටී. සැපයුම් කළමනාකරු ලෙස කටයුතු කරමින් සිටිය දී වංචනික හා අයථා ලෙස කටයුතු කරමින් ඔහු විසින් ආයතනයට සිදු කරන ලද මූල්‍යමය හානිය පිළිබ`දව මේ වන විට මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතී. දැනට ඩ ශ්‍රේණියේ කළමනාකරුවකු වන ඔහුට සසස ශ්‍රේණියේ සහකාර සාමාන්‍යාධිකාරී තනතුරක් ලබා දීමට නිර්දේශ වී ඇත. ඔහු වෙත ගෙවීමට සිදු වන හි`ග වැටුප් මුදලේ වටිනාකම රුපියල් ලක්ෂ 40කට ආසන්න වේ. මේ උසස්වීම් ලැයිස්තුවේ ඇති නම් අතර අරුම පුදුම හාස්‍යජනක උසස් වීමක් ස`දහා යෝජනා වී ඇති නමක් ද දක්නට ලැබේ. ඒ මාතර, ඌරුබොක්කේ පදිංචිකරුවකු වන ධනපාල මුණසිංහගේ පත්වීමයි. ඔහු තමන්ගේ ඉඩමක අයිතිය අහිමි කිරීම නිසා තමන්ට අසාධාරණයක් සිදු වී ඇති බව ස`දහන් කරමින් ඒ පිළිබ`දව සහනයක් ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඔහුගේ ඉඩමේ අයිතිය තහවුරු කර දීම වෙනුවට ඔහුට නිවාස අධිකාරියේ දිස්ත‍්‍රික් කළමනාකාර තනතුරක් ලබා දිය යුතු යැයි දේශපාලන පළිගැනීම් පරීක්ෂා කිරීමේ කමිටුව විසින් නිර්දේශ කර ඇත. එපමණක් නොව නිවාස අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගෙන ඇති මේ අත්තනෝමතික තීරණය නිසා ආයතනයට සිදු වන මූල්‍ය අලාභය රුපියල් මිලියන 600කට අධික වේ. මෙවැනි දැවැන්ත මූල්‍ය අලාභයක් දැරීමට සිදු වුවහොත්, ආයතනයේ මූල්‍ය අස්ථාවරභාවයක් ඇති වීමේ අවදානමක් මතු විය හැකි බව මහා භාණ්ඩාගාරය විසින් පෙන්වා දී ඇතැයි ද පැවසේ. නිවාස අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සුරිය මහතා මේ වංචනිකයන් බේරා ගැනීම සඳහා සභාපති බලතල ඉක්මවමින් කටයුතු කර තිබේ. කොළඹ වංචා විමර්ශන අංශයේ අධ්‍යක්ෂවරයාට ඔහු ලිපියක් යවමින් එම නඩුව සමථයකට පත් කර ගැනීමට පියවර ගෙන ඇති බැවින් ඊට විරුද්ධ නොවන ලෙස ඉල්ලා ඇත. එහිිදී ඔහු පවසා ඇත්තේ වංචා කරන ලද මුදල කොටස් වශයෙන් ආපසු ගෙවීමට වංචාකරුවන් එක`ග වී ඇති බවත්, ඉදිරි වසර තුනක් ඇතුළත එකී මුදල ගෙවා නිම කරන බවටත් පොරොන්දු වී ඇති බවයි. එසේම සභාපතිවරයා නීතිපතිවරයාට ද එවැනිම ලිපියක් යවමින් පවසා ඇත්තේ වංචා කරන ලද මුදල ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත අය වන ක‍්‍රමවේදයක් යෝජනා වී කි‍්‍රයාත්මක වීම ඇරඹී ඇති හෙයින් අදාළ නඩුව සදහා මින් ඉදිරියට නීතිපති දෙපාර්තමේන්තුවේ සහයෝගය අනවශ්‍ය බවයි. රුපියල් ලක්ෂ 25කට අධික මුදලක් වංචා කිරිම පිළිබඳව කොළඹ වංචා විමර්ශන අංශය විධිමත්ව පවරන ලද නඩුවක විත්තිකරුවන් බේරා ගැනීම සඳහා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කටයුතු කර ඇති බව මෙයින් පැහැදිලි වේ. ඔහු කියන ආකාරයට සියලූ නඩු මේ ආකාරයට සමථයට පත් කර ගත හැකි ද යන්න ගැටලූවකි. මේ අතර පොදු අරමුදලක් වංචා කිරීම මූල්‍ය අපරාධයක් නොවන්නේ ද යන ප‍්‍රශ්නය ද මතු වේ. යහපාලනය කි‍්‍රයත්මක වීමත් සම`ග නිවාස සංවර්ධන අධිකාරිය තුළ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ යැයි සැලකෙන සේවකයන් වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරු කිරිම් කරනු ලබයි. කිසිම සාධාරණ හේතුවක් නොමැතිව විශාල සේවකයන් පිරිසක් තැනින් තැනට මාරු කර යැවීමට සභාපතිවරයා කටයුතු කර ඇත. ඊට අමතරව ඇතැම් සේවකයන්ගේ වැඩ ද තහනම් කර ඇත. එසේ වැඩ තහනම් කළ සේවකයන්ට මේ දක්වා චෝදනා පත‍්‍රයක්වත් ලබා දීමට කටයුතු කර නැත්තේ යහපාලනයේ තරම කියාපාමිනි. සජිත් පේ‍්‍රමදාස මහතාගේ යහපාලනය කැපීපෙනෙන්නේ නිවාස ණය ලබා දීමේ දී ය. 2015 ජනවාරි 08 දින මැතිවරණයෙන් පසුව නිවාස අධිකාරියෙන් නිවාස ණය ලබා දෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට පමණකි. එයින් ද සජිත් පිල නියෝජනය කරන පිරිසට ප‍්‍රමුඛතාවය ලැබී තිබේ. සජිත් පිල නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ නිර්දේශය මත අයදුම ඉදිරිපත් කළහොත්, නිවාස ණය හෝ සිමෙන්ති ආධාරය අනිවාර්යයෙන්ම ලැබේ. එපමණක් නොව සජිත් පේ‍්‍රමදාස ඇමතිවරයාගේ ඊනියා යහපාලනය වැඩි ප‍්‍රමුඛතාවයක් ලබා දී ඇත්තේ හම්බන්තොට දිස්ති‍්‍රක්කයටයි. අනෙකුත් නිවාස වැඩසටහන්වලට අමතරව අපුරු ණය වැඩසටහන් හම්බන්තොටට කි‍්‍රයාත්මක වේ. විසිරි නිවාස ණය වැඩසටහනට මුවා වී කි‍්‍රයාත්මක වන මේ වැඩසටහන යටතේ මේ වන විට තම ගෝලබාලයන්ට රුපියල් 7,500.00 සිට රුපියල් 50,000.00 දක්වා වු සිල්ලර ණයක් ලබා දී ඇත. මේ කිසිම ණයක් නිවාස ඉදිකිරීමට හෝ අලූත්වැඩියාවකට ලබා දුන් ඒවා නොවේ. එදිනෙදා වුවමනා එපාකම් පිරිමසා ගැනීම සඳහා ලබා දුන් පරිභෝජන ණය මුදල් වේ. කිසිම දිස්ති‍්‍රකයක එවැනි වරප‍්‍රසාදයක් ජනතාවට ලබා දී නොමැත. එමෙන්ම ඇමතිවරයාගේ හම්බන්තොට ආධාරකරුවන්ට තවත් වරප‍්‍රසාදයක් ලබා දී තිබේ. එනම් විකුණා මුදල් කර ගැනීමට සිමෙන්ති මිටි 10 බැගින් ලබා දීමයි. හම්බන්තොට සිමෙන්ති ආධාර ලබා ගත් අයගෙන් අති බහුතරය ඒවා විකුණා මුදල් ලබා ගෙන ඇත. යහපාලනයේ තවත් අපුරු අවස්ථාවක් වන්නේ ආදර්ශ ගම්මාන විවෘත කිරීම සඳහා පවත්වන උත්සවයයි. සාමාන්‍යයෙන් එම ගම්මාන විවෘත කිරීමේ උත්සවයක් සඳහා නිවාස අධිකාරිය වැය කරන සාමාන්‍යය වියදම ලක්ෂ 35ක් පමණ වේ. එහෙත් ලෝක ජනාවාස දිනය යෙදුණු පසු ගිය ඔක්තෝබර් 03 වෙනිදා පොළොන්නරුව, නුවරගල, සුගලාදේවීගම ආදර්ශ ගම්මානය විවෘත කරන ලදී. මේ ගම්මානයට දුන් නිවාසවල ණය මුදලේ එකතුව ද රුපියල් ලක්ෂ 65කි. උත්සවය සඳහා වියදම් කළ මුදල රුපියල් ලක්ෂ113කි. නිවාස අධිකාරියට සේවකයන් බඳවා ගැනීම සිදු කරන්නේ ඇමති සජිත්ගේ යහපාලන ක‍්‍රමයටය. ඒ අනුව නිවාස අධිකාරියට සේවකයන් බ`දවා ගනු ලබන්නේ හම්බන්තොට දිස්ති‍්‍රකයෙන් පමණි. එහෙත්, බඳවා ගන්නා අයට නිකුත් කර ඇති පත්වීම් ලිපිවල දැක්වෙන්නේ වෙනත් දිස්ති‍්‍රක්කයක ලිපිනයකි. රට පුරා විවිධ ප‍්‍රදේශවලින් බ`දවා ගත් බව හැඟවිමට එම උප්පරවැට්ටිය සිදු කර ඇත. ඔවුන් සියලූ දෙනා බ`දවාගෙන ඇත්තේ රුපියල් දහසක දෛනික දිමනාවක් ගෙවීමේ පදනමටය. එහෙත්, මෙසේ බ`දවා ගත් සියලූ දෙනාටම මාසයේ නිවාඩු දින නොසලකා දින 30ටම දිනකට රුපියල් 1,000ක් බැගින් ගෙවනු ලැබේ. මේ වන විට හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ දහසකට ආසන්න පිරිසක් නිවාස අධිකාරියට පමණක් බ`දවා ගෙන ඇත. මෙසේ බදවාගෙන ඇති ඇතැමුන් ප‍්‍රධාන කාර්යාලයට බඳවාගෙන ඇතත්, සේවයට වාර්තා කරන්නේ හම්බන්තොට දිස්ති‍්‍රක් කාර්යාලයටය. එසේ බඳවාගත් උපාධිධාරීන් 47ක් පමණ හම්බන්තොට කාර්යාලයට අනුයුක්ත කර ඇත. ඔවුන් උදේ කාර්යාලයට පැමිණ අත්සන් කර ඇමතිවරයාගේ දේශපාලන වැඩවලට සම්බන්ධ වේ. මේ වන විට සියලූ තොරතුරු හෙළි වී තිබේ. මෙහි සඳහන් කර ඇත්තේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ ඊනියා යහපාලනය කි‍්‍රයාත්මක වන ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අදාළ තොරතුරු ස්වල්පයක් පමණි. මෙවැනි ආයතන රැුසක් ඇමති සජිත් යටතේ තිබේ. ඒවායේද ක‍්‍රියාත්මක වන්නේ මෙවැනිම වැඩපිළිවෙළකි.

Read more

ලංකාවේ ළමා පරපුර බරපතළ අනතුරක

2017-01-15     (ඒස්.කේ ගමගේ)

ලාංකීය සමාජය මේ වන විට බරපතල අනතුරු රැසකට මුහුණ දී සිටී. දේශපාලන, ආර්ථික හා සාමාජීය වශයෙන් ධනපති දේශපාලනඥයන් විසින් මේ සමාජය අර්බුදයෙන් අර්බුදයට රැගෙන ගියේ ලැබුණා යැයි කියන නිදහසෙන් පසුවය. අද දවසේ එය ඇත්තේ තීරණාත්මක තැනකය. ලංකාවේ අනාගතය ගොඩනැඟීමේ පූර්ව කොන්දේසිය වනාහි ලාංකීය ළමා පරපුර හැම අතින්ම සංවර්ධනය කිරීමයි. එහෙත්, මේ මොහොතේ ලංකාවේ ළමයාගේ තත්ත්වය අතිශයින්ම ඛේදජනක තැනකට ඇදවට්ටවා ඇත. ලංකාවේ ළමා අපයෝජන හා ළමා හිංසනයන් මේ වන විට ශීඝ‍්‍රයෙන් වර්ධනය වී ඇත. එය තව දුරටත් වර්ධනය වෙමින් පවතින බවට දත්ත මේ වන විටත් තහවුරු කර ඇත. මෙය වර්ධනය වීමට ඉඩ හැරීම යනු රටේ අනාගතය විනාශ කිරීමට උදවු කිරීමකි. මේ තත්ත්වයන් නැවැත්වීමට රටේ සියලූ ක්‍ෂේත‍්‍රයන්හි අවධානය යොමු කළ යුතුම මොහොත බවට මේ මොහොත පත්ව ඇත. ළමා අපයෝජන හා ළමා හිංසනය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අර්ථකථනය කරන්නේ ”සියලූම ආකාරයේ කායික හා මානසිකව ළමයාට කරන්නා වූ නොමනා කි‍්‍රයා, ලිංගික අපයෝජන, නොසලකා හැරීම හෝ කෲර ලෙස සැලකීම හෝ වාණිජමය හෝ වෙනත් ආකාරයේ සූරාකෑම් හේතුකොටගෙන ළමයාගේ සෞඛ්‍ය පැවැත්ම, සංවර්ධනය, වගකීම, විශ්වාසය හෝ බලය යන සම්බන්ධතා විෂයයෙහි ගරුත්වයට හානි පැමිණවීම හෝ එසේ විය හැකි කි‍්‍රයා කිරීම ළමා අපයෝජනය හා හිංසනයයි” යනුවෙනි. මේ විග‍්‍රහයට අනුව ලංකාවේ ළමා හිංසනයන් අපයෝජනයන් කොතරම් ද යන්න තේරුම් ගත හැකිය. මේ පිළිබඳව ලාංකීය සමාජය නිවැරැුදිව දැනුම්වත් නැත. දැනුම්වත් කිරීමට උත්සාහයක් ද නැත. ලාංකීය සමාජය ළමා අපයෝජනය යනුවෙන් තේරුම්ගෙන ඇත්තේ ලිංගික අපයෝජනයන් පමණි. ඒ බව දිනපතා පුවත් පත් කියවීමෙන් මැනැවින් තේරුම් යයි. ලාංකීය මාධ්‍ය සහ සමාජ සංවිධාන ද අපයෝජනය කෙසේ තේරුම්ගෙන ඇද්ද යන්න වාර්තාකරණයන් ගෙන් සහ විචාරයන්ගෙන් තේරුම් ගත හැකිය. ළමයා පිළිබඳව සොයා බැලීමට, රැුකවරණයට, ආරක්ෂාවට, නීතිමය රැුකවරණයට රජය විසින් රාජ්‍ය දෙපාර්තමේන්තුවක් පත් කර ඇත. පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව යනුවෙන් සමාජය දන්නේ එයයි. ළමා අපයෝජන, හිංසා, අපරාධ සම්බන්ධයෙන් ඒ සඳහා පැමිණිලි ලැබෙයි. ඒවා විමසයි. දඬුවම් ලැබෙයි. එහෙත් අඩු වීමක් නැත. පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නටාෂා බාලේන්ද්‍ර මහත්මිය සහ සහකාර අධ්‍යක්ෂ සජීව සමරනායක මහතා මේ මොහොතේ පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ නායකත්වය දරයි. එහෙත් නිශ්චිත වැඩපිළිවෙළක් වෙත යොමුව ඇති බවක් නොපෙනේ. රජය පැත්තෙන් උත්තේජනයක් නොලැබෙන කල්හි රාජ්‍ය නිලධාරීන්ට ද කළ හැක්කක් නොමැති බව සත්‍යයකි. පාලකයන් කොහොමත් ළමයින් පාවිච්චි කරන්නේ දේශපාලනයට මිස අන් යමකට නොවේ. පාලකයන් ළමයින් සම්බන්ධයෙන් දක්වන්නේ ද  ඇල්මැරුණු ප‍්‍රතිපත්තියකි. මේ මොහොතේ ලංකාව තුළ ළමා අපයෝජන හා හිංසනයන් වර්ධනයක් පෙන්නුම් කරමින් ඇත. පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට වාර්තා වී ඇති දත්තයන් අනුව 2009 වර්ෂයේ දී ළමා අපයෝජන හා ළමා අපචාර පිළිබඳව පැමිණිලි 228ක් පමණ වාර්තා වී ඇත. 2010, 2011, 2012, යන වර්ෂවල දී පිළිවෙළින් එසේ වාර්තා වී ඇති සංඛ්‍යාව 357ක්, 346ක් සහ 245ක් විය. මෙයින් වැඩි ප‍්‍රමාණයක් ලිංගික අපයෝජන, පහර දීම් හා පිළිිස්සීම් සම්බන්ධ සිදුවීම් ය. මේ වාර්තා වූ සිද්ධීන් ය. වාර්තා නොවූ සිදුවීම් ද මේ හා සමාන හෝ ඊටත් වඩා වැඩි විය හැකි ය. මීට අමතරව පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තු නවයට වාර්තා වී ඇති ප‍්‍රමාණය ද ඉහළ අගයක් ගෙන ඇත. පළාත් දෙපාර්තමේන්තු නවයට 2009, 2010 හා 2011 යන වර්ෂවල දී වාර්තා වූ ළමා අපයෝජන හා ළමා අපචාර සංඛ්‍යාව පිළිවෙළින් 2,954ක්, 4,029ක් සහ 4,445 කි. මේ අනුව එක් දෙයක් පැහැදිලිව පෙනේ. ලංකාවේ කොතෙක් නීති සම්බන්ධ ආයතන පැවතිය ද, මේ අපරාධයන්හි අඩුවක් සිදු වී නොමැති බවයි. ආසන්න වශයෙන් ගත් කල්හි 2014 වසරේ ළමා හිංසනයන්ට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව වී ඇත්තේ 10,315 කි. එය 2015 වසරේ දී 10,731ක් දක්වා වර්ධනය වී ඇත. මේ අතුරින් වැඩි වශයෙන් ලැබී ඇත්තේ ළමා හිංසනයන්ට අදාළ පැමිණිලි වේ. එම පැමිණිලි සංඛ්‍යාව 2,317කි. දරුවන්ට අනිවාර්ය අධ්‍යාපනය ලබා නොදීමට එරෙහි පැමිණිලි 1,463කි. ළමයින් අපයෝජනයට ලක් කිරීම්වලට අදාළ සිද්ධීන් 433ක් වාර්තා වී ඇත. මේ සිද්ධීන් වාර්තා වන ප‍්‍රදේශ වශයෙන් ගත් කල්හි ළමයින්ට එරෙහිව වැඩිපුර ම සිද්ධීන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. ඊට අමතරව ගාල්ල සහ කුරුණෑගල යන දිස්ති‍්‍රක්කවලින් ද වැඩි පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වන බව මින් අනාවරණය වේ. මේ තත්ත්වයන් වෙනස් කිරීම නීති පද්ධතියේත්, අධිකරණ පද්ධතියේත්, රජයේත් වගකීමකි. එහෙත්, ඒ වගකීම නිසි ලෙස ඉටු වන්නේ ද යන්න පිළිබඳව ජනතාවට ඇත්තේ බරපතල සැකයකි. ළමා අපයෝජනයක්, හිංසනයක් හෝ අපරාධයක් සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයට එකම පිළිසරණ වන්නේ නීතියයි. වැඩි වශයෙන් ලංකාවේ මෙවන් අගතීන්ට පත්වන්නේ සාමාන්‍ය ජනතාව ය. නීතියේ පිළිසරණ පැතීමට ඇති ආර්ථිකමය හැකියාව ද මේ සමාජ ක‍්‍රමය තුළ ඔවුන්ගෙන් උදුරාගෙන ඇත. තිබෙන ඉඩකඩ හෝ ප‍්‍රයෝජනයට ගෙන නීතිය ඉදිරියට ගිය කල්හි ඒ සම්බන්ධයෙන් වන නීති කි‍්‍රයාමාර්ග ගැනීමට ඉතාමත් පැහැදිලි වැඩපිළිවෙළක් තිබිය යුතුම ය. වැඩිහිටියෙකු බවට පත්වන්නේ ළමයා ය. එබැවින්, ළමයින් සඳහා නිසි වැඩපිළිවෙළක්, දියුණු වැඩපිළිවෙළක් සකස් කිරීමේ වගකීම ඇත්තේ පාලකයන්ට ය. එම වගකීමෙන් පාලකයන්ට මිඳිය නොහැකි ය. සමාජවාදී රාජ්‍යයක දී ළමයා අතිශයින්ම සුරක්ෂිත බව සමාජවාදී රාජ්‍යයන් ඕනෑවටත් වඩා වැඩියෙන් ඔප්පු කර ඇත. සමාජවාදී රාජ්‍යයක දී ළමයා පිළිබඳව කිසිදු බරක් දෙමාපියන්ට නොපැටවේ. දරුවාගේ ප‍්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා සියලූ වගකීම් දරන්නේ රජය ය. දරුවාගේ සුරක්ෂිතභාවය, රැුකවරණය වෙනුවෙන් රජය කොන්දේසි විරහිතව මැදිහත් වේ. ඒ අනුව ගත් කල්හි සමාජවාදී රාජ්‍යයක දී දරුවා අතිශයින්ම සුරක්ෂිත ය. ධනපති රාජ්‍යයක දී විශේෂයෙන්ම ලංකාව වැනි රාජ්‍යයක දී දරුවා අතිශයින්ම අනාරක්ෂිත ය. ලංකා පාලකයන් දරුවා පිළිබඳව කතා කරන්නේ ලෝක ළමා දිනයේ දී පමණි. එහි දී විවිධ යෝජනා සම්මත කරයි. විවිධ පොරොන්දු ලබා දෙයි. එහෙත්, දරුවා අනාරක්ෂිත ය. අවම වශයෙන් පාසල තුළ දී දරුවාට පෙළ පොත් ටික හෝ නිසි වෙලාවට ලබා දීමට මේ පාලකයන් අසමත් ය. ළමයාගේ වර්ධනය පෝෂණය කි‍්‍රයාකාරිත්වය පිළිබඳව පාසල තුළ දී නිතිපතා සොයා බැලීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු වුව ද, රජය ඒ සඳහා දායකත්වයක් හෝ දක්වන බවක් නොපෙනේ. රජය ප‍්‍රකාශ කරන්නේ ළමයාගේ වගකීම රජය භාර ගන්නා බවයි. එහෙත්, වගකීම හෝ යුතුකමවත් පාලකයන් ඉටු කරන්නේ නැත. දිනෙන් දින දරුවාගේ අනාරක්ෂිත බව මිස සුරක්ෂිත බවක් පෙනෙන්නට නොමැත. සමාජය ළමයා සම්බන්ධයෙන් මෙතරම් කුරිරු වී ඇත්තේ ඇයි ද යන්න විමසා බැලීම සමාජයේ වගකීමකි. දිනෙන් දින අර්බුදයට යන ධනපති සමාජ ක‍්‍රමය විසින් අපට රටට උරුම කර දී ඇත්තේ මේ සා විශාල විනාශයන් ය. එක් පැත්තකින් අපේ සමාජය ආර්ථිකමය අතින් බිමටම ඇදවට්ටවා ඇත. අනෙක් පැත්තෙන් සංස්කෘතිකමය හා සාමාජීය වශයෙන් ද බිඳවට්ටවා ඇත. තරුණ, තරුණියන්ගේ මනස් විවිධ මනෝ විකාරයන්ට හසු කර ඇත. වැඩිහිටියාගේ සිට දරුවා දක්වා සියලූ දෙනා ම මේ අර්බුදයන්ට ඇද දමා ඇත. පාලකයන්ට අවශ්‍ය වන්නේ ගැටලූකාරී ව්‍යාකූල සමාජයකි. පාලනය යහතින් ගෙන යා හැක්කේ එවිට ය. එබැවින්, මෙම ධනපති සමාජ ක‍්‍රමය පදනමින්ම ගලවා ඉවත් කළ යුතු ය. එසේ ගලවා ඉවත් කිරීමකින් තොරව මේ අර්බුදයන්ට විසඳුම් සෙවීම මුළාවකි. නිදහසෙන් පසු මේ දක්වා පැවති ආණ්ඩු කළේ රට අර්බුදයන්ට ලක් කිරීම මිස ප‍්‍රගතිය කරා ගෙන යාම නොවන බව ඉතාමත් පැහැදිලි ය. රජය විසින් ළමයින්ගේ සියලූ වගකීම් දරනු ලබන සහ දෙමව්පියන් මත බර නොපටවනු ලබන පාලනයක් ගොඩනඟන තුරු ඒ සඳහා නිවැරැුදි ජනතාවාදී දේශපාලන නායකත්වයකට රට භාර කරන තුරු ලාංකීය සමාජයට කළ හැක්කේ ළමා හිංසනයන්, ළමා අපචාරයන් අවම කිරීම මිස අවසන් කිරීමක් නොවේ. ඒ බව ඕනෑවටත් වඩා වැඩියෙන් අද දවසේ සමාජය අත්දකිමින් සිටී.

Read more

විල්පත්තු වන සංහාරයේ නොකී කතාව

2017-01-15     (ලංකා මාරසිංහ )

දැන් හැම දේ ම කෙරෙන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහන ආකාරයට ය. දේශපාලන ලෝකයේ ඒ තරම් ම ජඩ සහ ඞීල් කි‍්‍රයාත්මක කෙරෙමින් තිබේ. සියලූ ක්‍ෂේත‍්‍රවල දී ම එක හා සමානව කි‍්‍රයාත්මක කෙරෙන්නේ මේ ජඩ දේශපාලන ඞීල් ම ය. සියලූ ක්‍ෂේත‍්‍ර යන්නට පරිසරය ද අයත් වේ. පරිසර සංරක්‍ෂණය වෙනුවෙන් දිවි දෙවැනි කොට කි‍්‍රයා කරන අවංක පිරිසක් සුළු වශයෙන් සිටින බව ඇත්ත ය. නමුත්, තිරශ්චීන ලෙස එය වැනසීමට දේශපාලන ඞීල් යොදා ගැනීම එළිපිට ම සිදු කෙරේ. මේ දිනවල විශේෂයෙන් කතාබහට යළි ලක් වී තිබෙන විල්පත්තුව වන සංහාරය පිළිබඳව බොහෝ දෙනෙකු කතා කර තිබේ. ඊට පාදක කරගෙන තිබෙන්නේ බොහෝ විට ජාතිවාදී අන්තවාදය මිස සත්‍ය වශයෙන් ම ඊට බලපා තිබෙන ජඩ දේශපාලන ඞීල් නොවේ. බලයට පත් වන දේශපාලන කල්ලියකට ආ වැඞීම තම දේශපාලනය කර ගත් ජාතිවාදීහු කිහිප දෙනෙකු ම සිටිති. තොණ්ඩමන්, විග්නේශ්වරන් සේ ම රිෂාඞ් බදියුදීන් මෙයින් මුල් පෙළේ කීප දෙනෙකි. බොහෝ අය රිෂාඞ් බදියුදීන්ගේ ජාතිවාදී වන සංහාරය පිළිබඳව කතා කිරීමට ඉදිරිපත් වී සිටිති. එහෙත්, හිතාමතා ම රිෂාඞ් බදියුදීන්ගේ ජාතිවාදී වන සංහාරයට උඩගෙඩි දෙන ජඩ දේශපාලන ඞීල් පිළිබඳව කතා නොකරති. රිෂාඞ් බදියුදීන් මේ වන සංහාරයට මුල පුරන ලද්දේ යුද්ධය අවසන් කර යාන්තම් වසරක් පමණ ගෙවුණු තැන් පටන් ය. එවකට රාජපක්‍ෂ පවුල් ආණ්ඩුවේ නිල නොවන ජනාධිපති වශයෙන් කි‍්‍රයා කිරීමේ බලය හිමි කරගෙන සිටි සුපිරි ඇමති, බැසිල් රාජපක්‍ෂ සමඟ පුත්තලම දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු රැුස්වීමේ දී රිෂාඞ් දේශපාලන ඞීල් ඇති කර ගැනීමෙන් මෙයට මුලපිරී ය. යුද්ධයෙන් අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියක මුවාවෙන් විල්පත්තු වන සංහාරයට මුලපිරී ය. මේ සඳහා සම්පූර්ණ ආරක්‍ෂාව සපයන ලද්දේ බැසිල් රාජපක්‍ෂයි. යුද්ධයෙන් අවතැන් වූවන් පැරැුණි ගම්බිම්වල නැවත පදිංචි කිරීමේ වුවමනාව ප‍්‍රමුඛතම එකක් බවට විවාදයක් නැත. රිෂාඞ් බදියුදීන් මෙය මුල සිට ම කි‍්‍රයාත්මක කළේ තමන්ගේ ඡුන්ද ගොඩ ජාතිවාදී පදනමින් ඉහළ දමා ගැනීමට ය. ඒ වෙනුවෙන් අධිකරණය පවා බල්ලාට දැමීමට තරම් බලයක් රිෂාඞ් බදියුදීන්ට ආරම්භයේ සිට ම තිබිණි. මේ සඳහා පිටුපස සිට හයිය සපයන ලද්දේ බැසිල් රාජපක්‍ෂ ය. රාජපක්‍ෂ පවුල් සමාගම සමඟ දේශපාලනිකව යහන්ගත වන්නේ නම්, මොකා හෝ කමක් නැති බල උමතුවකින් රාජපක්‍ෂ පවුල් පාලනය පෙළුණේ ය. එසේ යහන්ගත වන එකා කුමන විනාශයක් සිදු කළ ද ඇහැක් ඇර බැලීමට රාජපක්‍ෂ කල්ලියේ එකෙක්වත් සිටියේ නැත. මේ කල්ලිය රාජ්‍ය බලයෙන් චුත වීමත් සමඟ ඔත්පල වන්නට නියමිත වූ අවස්ථාවාදීන් කිහිප දෙනා අතර රිෂාඞ් බදියුදීන් ද මුලින් ම සිටියේ ය. වාසි පැත්තට හෝයියා යන සංකල්පයෙන් දෙවරක් නොසිතා රිෂාඞ් වත්මන් හවුල් ආණ්ඩුවේ කෙරුමන්ගේ දෑත් ශක්තිමත් කරන්නට ඉදිරිපත් විය. ජාතිවාදී විල්පත්තු වන සංහාරය පිළිබඳව දැන් කතා කරන්නට සිදුව තිබෙන්නේ මෙම පසුබිම යටතේ ය. යුද්ධයෙන් ගම්බිම්, උන්හිටි තැන් අහිමි වූ ඇත්ත ප‍්‍රශ්නයක් තිබෙන අති විශාල ජනතාවක් සිටිති. යුද්ධය අවසන් කර වසර ගණනක් ගෙවී ගියත්, තවමත් සාධාරණය ඉටු නොවූ ජනතාව අවස්ථාවාදී ජඩ දේශපාලකයන්ගේ ෆුට් බෝලයක් බවට පත් කරගෙන තිබේ. දෙමළ සහ මුස්ලිම් ජාතිකත්වයන්ට අයත් විශාල පිරිසක් කූඩාරම් තුළ ගාල් කර සිටිති. කූඩාරම්වල ගාල් කරන ලද පිරිසට අමතරව එයින් පිට ද පැරැුණි ගම් බිම් අහිමි වූ විශාල පිරිසක් සිටිති. මෙම ජනතාව මුස්ලිම් සහ දෙමළ ජාතිකත්ව පදනමින් තම අවස්ථාවාදී ජඩ දේශපාලනයේ ඡුන්ද බවට පත් කර ගැනීම රිෂාඞ් බදියුදීන් වැන්නන් දිගට ම කරගෙන යන දෙයක් බව පැහැදිලි වේ. බලය දරන දේශපාලන පක්‍ෂය සමඟ ඞීල් දමා ගත්තේ මේ සඳහා ය. එසේ නොමැතිව තම ජනතාවගේ ප‍්‍රශ්න විසැඳීමේ අවංක අරමුණින් නම්, රිෂාඞ් බදියුදීන්ලාට විසැඳීම සඳහා ප‍්‍රශ්න මේ වන විට ඉතිරිව තිබිය නොහැකි ය. බැසිල් රාජපක්‍ෂ සමඟ දේශපාලන යහන්ගත වූ සමයේ ම අවතැන් මුස්ලිම් ජනතාවගේ ප‍්‍රශ්න සියල්ල විස\ තිබිය යුතු ය. නමුත්, එසේ කරන්නේ නැත. සිංහල ධනපති දේශපාලන නායකයන් ජාතිවාදී හලාහල විෂ වැපිරීමට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැවත නැඟිටීමක් ගැන බිය ඇති කරන්නේ යම් සේ ද, යුද්ධයෙන් අවතැන් ජනතාව සහ එම ජනතාවගේ මූලික ප‍්‍රශ්න දෙමළ සහ මුස්ලිම් අවස්ථාවාදී දේශපාලකයන් යොදා ගනිති. දෙපිරිස ම හිඟන්නාගේ තුවාලය සේ අවතැන් ජනතාව තබාගෙන හිඳිති. එසේ ම දේශපාලන පිටියේ පයින් ඇනීමට ෆුට් බෝලයක් වශයෙන් මේ ප‍්‍රශ්න තබාගෙන හිඳිති. විල්පත්තුව මහා වන සංහාරය වසර පහකට වැඩි කාලයක් පුරා රිෂාඞ් බදියුදීන් කරගෙන යන්නේ මෙම පදනමිනි. යුද්ධයෙන් අවතැන් වූ ජනතාව මුල් ගම්බිම්වල නැවත පදිංචි කිරීම පිළිබඳව කිසිදු තර්කයක්, විවාදයක් තිබිය නොහැකි ය. ඔවුන්ගේ පුරුදු ජීවනෝපායයන්, ඔවුන්ට හුරුපුරුදු ගහකොළ, සතා සීපාවා අතර සිට කරගෙන යාමට ඉඩ දිය යුතුව තිබේ. තවත් පියවරක් ඉදිරියට ගොස් සිතන්නේ නම්, ඔවුන් පෙර හිටියාට වඩා පහසු පරිසරයක සිට ජීවිකාව නැවත පටන් ගැනීමට සපයා දිය හැකි නම්, ඉතාමත් හොඳ ය. බැසිල් රාජපක්‍ෂ ආර්ථික සංවර්ධන ඇමති වී සිටි සමයේ රිෂාඞ් බදියුදීන් ද ඇමති කට්ටක් ගෙන යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියක් ලෙස අර්ථ ගන්වන ලද ජාතිවාදී වන සංහරයට මුලපිරී ය. එවක දී සිදු කරමින් තිබූ මහා වන සංහාරය දැක පරිසරවේදීන් පිරිසක් එයට එරෙහිව හඬ නැඟී ය. රාජපක්‍ෂ කල්ලියේ අවශ්‍යතාවය මත කිරි පොවා ඇතිදැඩි කළ සිංහල බෞද්ධ යැයි කියා ගන්නා බළල් කල්ලියත්, ඉන් පසුව එය අනෙක් අන්තයේ ජාතිවාදීව පාවිච්චි කළේ ය. විල්පත්තු විනාශය පරිසරවේදීන්ගේ කෝණයෙන් බැලීම අන්තවාදී බළල් සේනා කල්ලි අතට පත් විය. රාජපක්‍ෂ කල්ලිය එතැන් සිට කරගෙන ගියේ එක් පැත්තකින් රිෂාඞ් බදියුදීන්ගේ ජාතිවාදී ජඩ දේශපාලන අවශ්‍යතාවයට ඉඩ දී අනෙක් පැත්තෙන් සිංහල බෞද්ධ යැයි කියා ගන්නා බළල් සේනා කල්ලියට පෝෂණය සැපයීමයි. පරිසරවේදීන් පසෙකට විසි වී ගියේ ය. පරිසරය යනු ස්වාභාවිකව පවතින දේ සහ මිනිසා විසින් ඊට එකතු කරන ලද සියලූ දේවල් ය. මෙනයින් ගත් කල මිනිහා පරිසරයෙන් පිට කිරීමේ සාධකයක් නොව මිනිසා ද පරිසරයේ ම කොටසකි. බොහෝ පරිසරවේදීන් කල්පනා කරන්නේ පරිසරයෙන් මිනිසා ඉවත් කර වෙන ම කොටසක් වශයෙන් ය. එය සපුරා ම වැරැුදි ආකල්පයකි. අභය භූමියක ජීවත් වන සතුන්, ශාක සහ පැළෑටි ආහාර පිණිස ගැනීමත්, ස්වාභාවික දෙයක් ය. සිංහයකු හෝ කොටියකු විසින් මුවපොව්වකු බිලි ගැනීම ද එම පරිසරයේ ම ස්වාභාවික කි‍්‍රයාවකි. මෙවැනි තත්ත්වයක් තුළ පරිසරය විනාශ වන්නේ යැයි කිසිවකු කියන්නේ නැත. අභය භූමිය තුළ සිටින කොටි නිසා මුවන් විනාශ වීම වනජීවීන්ට තර්ජනයක් බව කියන්නේ නැත. තම අවශ්‍යතා වෙනුවෙන් මිනිසා විසින් පරිසරය යොදා ගැනීම පරිසර විනාශයක් බවට අර්ථ දක්වන්නේ නැත. මිනිසා ද පරිසරයේ ම කොටසක් වන්නේ මේ ලෙසිනි. නමුත්, පරිසර සංහාරය යනු වෙනත් දෙයකි. පෞද්ගලික ආර්ථික වාසි අත්පත් කර ගැනීම වෙනුවෙන් ස්වාභාවික සියල්ල බිලි ගැනීම විනාශයකි. තම දේශපාලන අරමුණු වෙනුවෙන් වන සංහාරය කිරීම විනාශයකි; අපරාධයකි. රිෂාඞ් බදියුදීන් මේ විනාශය ඉතා සැලැසුම්සහගතව රාජ්‍ය බලය ද යොදා ගනිමින්, කරගෙන යයි. පෙර පැවැති රාජපක්‍ෂ පාලන සමයේ මහින්ද, බැසිල්, ගෝඨාභය තිදෙනාගේ ද, වර්තමාන මෛතී‍්‍ර-රනිල් හවුල් ආණ්ඩුවේ ලොක්කන් දෙදෙනාගේ ද නිහඬ අනුග‍්‍රහය මීට ලැබී තිබේ. විශේෂත්වය වන්නේ වර්තමාන පරිසර ඇමති ද ජනාධිපති මෛතී‍්‍රපාල වීම ය. මෛතී‍්‍ර පාලනයේ තරම මේ යැයි කීමට මෙන් සියල්ල නෑසූකන්ව සිටීමේ දේශපාලනය ඔහු පුරුදු පුහුණු වෙමින් සිටින බව පෙනේ. මෙයින් පැහැදිලි වන්නේ බල්ලා විසින් වලිගය වැනීම නොව වලිගය විසින් බල්ලා වැනීමට තරම් වර්තමාන ධනපති දේශපාලනය බංකොලොත්ව තිබෙන බවයි. එය එසේ නොවේ නම්, යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම එක් එක් ඇමතිගේ බල ව්‍යාපෘතියක් කර ගැනීමට ඉඩක් තිබිය නොහැකි ය. නොයෙක් පටු ජාතිවාදී සහ ආගම්වාදී බල ව්‍යාපෘතිවලටත්, ඇමතියන්ටත් හිතුමතේ මෙය යොදා ගැනීමට ඉඩ දෙන්නේ නැත. අවතැන් ජනතාව නැවත පදිංචි කිරීම ආණ්ඩුවේ වගකීමක් සේ භාර ගත යුතු ය. නමුත්, දැන් නොකරන්නේ ද එය ම ය. රිෂාඞ් බදියුදීන් ජනාවාස ඉදි කිරීමට බව කියමින්, විල්පත්තුව ශුද්ධ කිරීමට ඉඩ දෙන අතර, පුනරුත්ථාපන හා බන්ධනාගාර ඇමති, ඞී. එම්. ස්වාමිනාදන් උතුරේ ජනාවාස ඉදි කිරීමේ ව්‍යාපෘති යැයි කියමින්, රුපියල් කෝටි දහස් ගණනක් මහා දවාලේ කොල්ලකෑමට යොදාගෙන තිබිණි. මේ සියල්ල සිදු වන්නේ ආණ්ඩුවේ වගකීම එක් එක් ඇමතියන්ට භාර දී බකංනිලාගෙන සිටීම නිසායි. ජනතාව පදිංචි කිරීමේ වගකීම ආණ්ඩුව භාර ගන්නේ නම්, යුද්ධයෙන් ජනතාව පළවා හරින අවස්ථාව වන විට පදිංචිව සිටි තැන් හඳුනාගෙන ඒවායෙහි ජනතාව පදිංචි කිරීමට අදාළ මූලික විධිවිධානවල සැලැසුම්වල සිට අවසානය දක්වා අධීක්‍ෂණය කළ යුතු වේ. එවැන්නක් නොකිරීම නිසා ඇමති කරන්නේ වනය විනාශ කර මුදල් ගැරීම ය. අනෙක් පැත්තෙන් ආණ්ඩුව කරමින් සිටින්නේ වන සංරක්‍ෂණ හා වෘක්‍ෂලතා ආඥ පනත යටතේ අලූතින් ප‍්‍රදේශ නම් කිරීමයි. එය කිසිදු විද්‍යාත්මක පදනමකින් කි‍්‍රයාත්මක නොකරයි. රන්දෙණිගල හා වික්ටෝරියා අභය භූමිය මීට හොඳ ම උදාහරණයකි. ජනතාව පරම්පරා ගණනක් පදිංචිව සිටි ප‍්‍රදේශ මේ යටතේ රක්‍ෂිත හෝ වනජීවී කලාප වශයෙන් නම් කර ඇත. මේ නිසා අවට ජනතාවට සිදුව තිබෙන ගැටලූ අසීමිතව ඉහළ ගොස් තිබේ. තමන්ගේ අත්‍යවශ්‍ය කටයුත්තකට පැල ඉන්නක් කපා ගැනීමට හෝ නොහැකි තත්ත්වයකට පත් කර ඇත. මෙහි යටි අරමුණ වී තිබෙන්නේ දඩ ගැසීමයි. දඩ මඟින් ආණ්ඩුවට අමතර ආදායම් කීයක් හෝ උපයා ගැනීමයි. යුද්ධය පැවැති ප‍්‍රදේශවල තත්ත්වය ද එයයි. ජනතාව ගම්බිම්වලින් පළවා හැරීම නිසා දශක දෙක තුනක් තිස්සේ යම් වන ගහණයක් ස්වාභාවිකව අලූතෙන් බිහි වී ජනතාව විසින් හේන්, වතුපිටි වගා කළ ඉඩම් දැන් නව වනාන්තර බවට පත්ව තිබේ. එවැනි ප‍්‍රදේශ අවිචාරශීලීව වන ජීවී කලාප හෝ වන සංරක්‍ෂණ කලාප වශයෙන් නම් කෙරෙමින් තිබෙන්නේ ය. මෙය ද, ජනතාවට ඉමහත් ගැටලූවක් වී තිබේ. ආණ්ඩුව මේ කිසිදු ප‍්‍රශ්නයක් දෙස විද්‍යාත්මකව බලන්නේ නැත. එසේ නොකර ජාතිකත්වයන් අතර සහජීවනය, සාමය, සංහිඳියාව ආදිය ඇති කිරීම පිළිබඳව වචන වමාරමින් සිටී. මිනිසුන්ට දැවෙන ප‍්‍රශ්න ඉතිරි කර ලෝකයා ඉදිරියේ සුදනකු වී කීයක් හෝ ණය හිඟා ගැනීම ආණ්ඩුවේ අරමුණ වී තිබේ. කොහොමටත් අපේ රටේ ජාතික ඉඩම් ප‍්‍රතිපත්තියක් නැත. ඉඩම් ප‍්‍රතිපත්ති තීරණය කරන්නේ ජාවාරම්කාරී ලෑන්ඞ් සේල්කාරයන්ගේ රේට්ටුවයි. එයට ඉඩ දී බලා සිටීම විශේෂයෙන් 1977 සිට කි‍්‍රයාත්මක වෙමින් තිබෙන්නේ ප‍්‍රබල ලෙස ය. ඉහට හෙවණක් සාදා ගැනීම සඳහා බිම් අඟලක හිමිකමක් නැති ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව සිටිති. 1948න් පසු ජාතික ඉඩම් ප‍්‍රතිපත්තියක් කියා යමක් ඇති වූයේ නම්, ඒ 1972 ඉඩම් ප‍්‍රතිසංස්කරණ පනත සම්මත කිරීමයි. එය විද්‍යාත්මක ජාතික ඉඩම් ප‍්‍රතිපත්තියක් නොවී ය. 1971 අපේ‍්‍රල් නැඟිටීමත් සමඟ රටේ පැවැති සිවිල් බුද්ධිමතුන්ගෙන් ඉදිරිපත් වූ යෝජනාවක් වශයෙන් තරුණ අසහනය දුරු කිරීමට ඉඩම් බෙදා දීම වෙනුවෙන් සකස් කරන ලද්දකි. එක් පුද්ගලයකු සතුව ඉඩම් අසීමිත ප‍්‍රමාණයක් තිබීම වෙනුවට අක්කර 50ක උපරිම ඉඩම් ප‍්‍රමාණයක් පිළිබඳ සීමා පැනවීම එයින් සිදු කෙරිණි. නමුත්, එය ජනතාවගේ ඉඩම් ප‍්‍රශ්නයට විසැඳුමක් නොවී ය. මේ බව වඩාත් පැහැදිලි වන්නේ ගොවි ජනපදවලිනි. එම ජනපදවල මුල් පදිංචිකරුවන්ට ගොඩ සහ මඩ වශයෙන් වෙන වෙන ම අක්කර පහක් හෝ හතක් දක්වා ලබා දී තිබිණි. නමුත්, එම ගොවි ජනපදවල තුන්වැනි හෝ හතරවැනි පරම්පරාව අද බිම් අඟලක් අහිමි පිරිසක් වී සිටිති. මෙයින් පැහැදිලි වන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව රට පුරා ම ජනතාවට විවිධ මුහුණුවරින් ඉඩම් ප‍්‍රශ්නය බලපා තිබෙන බවයි. එනිසා ම බිම් අඟලක් අහිමි පවුල් ලක්‍ෂ ගණනක් සිටින බවයි. මොවුන්ගෙන් සීමිත පිරිසකට පර්චස් ගණනක ඉඩමක් ලබා ගැනීමේ හැකියාව ලෑන්ඞ් සේල්කාරයන්ගෙන් ලැබී තිබේ. ඒ පහසු ගෙවීමේ ක‍්‍රමයට මුළු ජීවිත කාලය ම උකස් කිරීමේ කි‍්‍රයාවලියක් තුළිනි. ජනතාව මුහුණ දී සිටින ඉඩම් ප‍්‍රශ්නය කිසි දිනක ඉඩම් කට්ටි කර දීමෙන් විසැඳිය නොහැකි ය. එයට වෙන ම ජාතික ප‍්‍රතිපත්ති තිබිය යුතු ය. පෞද්ගලික දේපළක් හිමි කර දීම උත්තරය නොවේ. නමුත්, රිෂාඞ් බදියුදීන් ඇතුළු ජඩ අවස්ථාවාදී දේශපාලකයන් තම බල වුවමනාවන් වෙනුවෙන් ජනතාවට පෙන්වන්නේ විසැඳුමක් නොවන කැරට් අල දිගු කිරීමයි. එයින් ජනතාව කබලෙන් ළිපට හෙළීම පමණක් සිදු කරයි. ජනතාවත් කබලෙන් ළිපට හෙළා වන ජීවීන්, වනය සහ පරිසරය ආදී සියල්ල සමඟ රට විනාශ කරමින්, තම තමන්ගේ බලය ගොඩනඟා ගැනීමේ ජඩ දේශපාලන ඞීල් දිගට ම කි‍්‍රයාත්මක කිරීමේ හැකියාව බදියුදීන් වැන්නන්ට ලබා දී තිබේ. මේ නරුම දේශපාලනය පරාජය නොකර පරිසරය රැුක ගැනීමට නොහැකි ඉමක් දක්වා අප පැමිණ සිටී.

Read more

යළිත් ගිනි ඇවිළෙන මොරගහකන්ද - කළුගඟ දෙකොණ විලක්කුව

2017-01-08     (චතුර දිසානායක)

ජනතාවගේ සිහින සැබෑ කරන්නට යයි කියමින් ආරම්භ කළ මොරගහකන්ද සහ කළුගඟ ව්‍යාපෘති විසින් මේ වන එය ක‍්‍රියාත්මක වන ප‍්‍රදේශවල නිර්මාණය වී තිබෙන ගැටළු ප‍්‍රමාණය සුළුපටු නොවේ. ජලාශය නිසා උන්හිටි තැන් අහිමි වන ජනතාවට ලබා දිය යුතු සහන නිසි පරිදි ලබා දීමක් සිදු නොවී ඇති අතර, ප‍්‍රදේශයේ අලූතෙන් නිවාස හැදීම තහනම් කිරීම නිසා ඉන් පසු විවාහ වූවන් සිටින්නේ කර කියා ගැනීමට දෙයක්ද නොහැකිවය. ප‍්‍රදේශයේ අනු පවුල්වලට කිසිදු සහනයක් ලබා දීමට රජය හෝ මහවැලි අමාත්‍යාංශය මේ වන තෙක් කිසිදු පියවරක් නොගැනීම එයට හේතුවයි. මොරගහකන්ද ව්‍යාපෘතියේ මූලික කාර්යය වන ජලාශයට ජලය පිරවීම ජනවාරි 08 වන දින ආරම්භ කෙරෙන අතර, එතැන් සිට ජනතාවට සිදු වන්නේ කුමක්දැයි තවමත් නිශ්චිත නැත. මොරගහකන්ද ව්‍යාපෘතිය හා බැඳුණු අනෙක් ව්‍යාපෘතිය වූ කළු ග`ග ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද ගැටලූ රාශියක් පැවති අතර, ප‍්‍රදේශයේ ජනතාව තුළ නැවතත් උණුසුමක් වර්ධනය වන්නේ එම ව්‍යාපෘතියේ සේවකයන් කිසිදු හේතුවක් නොදක්වා ඉවත් කිරීමත් සමඟ ය. මෙහි ඇති වී තිබෙන කම්කරු ප‍්‍රශ්නය ඉතා බරපතල එකකි. ව්‍යාපෘතියේ කටයුතු සිදු කරනු ලබන්නේ සිනෝ හයිඩ්‍රෝ නම් චීන සමාගමක් විසිනි. එසේ වැඩකටයුතු ආරම්භ කරන විට ව්‍යාපෘතිය සඳහා ප‍්‍රදේශයේ ජනතාව කම්කරුවන්, රියැදුරන් ආදී රැුකියා සඳහා බඳවා ගැනීමක් සිදු කරනු ලැබීය. එසේ බඳවා ගනු ලැබූවද ව්‍යාපෘතිය ආරම්භයේ සිටම සේවකයන් බඳවා ගනු ලැබූයේද ඔවුන් සේවයේ යෙදවූයේද සියලූ කම්කරු නීතීන් සහ කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කරමිනි. රටේ පවතින කම්කරු නීතිය යටතේ කුමන හෝ රැුකියාවක් සඳහා සේවකයෙකු යොදවා ගන්නා විට ඔහුට සේවක අර්ථසාධක අරමුලේ සහ සේවක භාරකාර අරමුදලේ හිමිකාරීත්වය ලැබිය යුතුය. එහෙත් කිසිදු සේවකයෙකු සඳහා එවැන්නක් සිදු නොවන්නේ රටේ පවතින නීතිය ද නිහඬව බලා සිටිය දීය. මේ වන විට ව්‍යාපෘතියේ කටයුතු නිම වෙමින් පවතියි. ඒ නිසා දැන් සේවක අතිරික්තයක් ඇති වී තිබේ. ඒ නිසා දැන් සේවයට බඳවා ගත් සේවකයන් ටිකෙන් ටික ඉවත් කෙරෙමින් තිබේ. මෙසේ සේවකයන් ඉවත් කරන විට සේවකයන්ට කිසිදු වරප‍්‍රසාදයක් හිමි වන්නේ නැත. සිනෝ හයිඩ්‍රො සමාගම ව්‍යාපෘතිවල වැඩ ආරම්භ කිරීමට නිල වශයෙන් රජය හා එකඟතාවයකට පැමිණිය ද, මේ වන විට ව්‍යපෘතියේ කටයුතු මෙහෙයවමින් සිටින්නේ පවර් චයිනා නම් තවත් චීන සමාගමක් විසිනි. එයට හේතුව සිනෝ හයිඩ්‍රෝ සමාගමෙන් පවර් චයිනා සමාගම වෙත ඉදිකිරීම් කටයුතු උප කොන්ත‍්‍රාත් ලබා දීමයි. ව්‍යාපෘතිය සිනෝ හයිඩ්‍රො සමාගමේය. සේවකයන් පවර් චයිනා සමාගමේය. දැන් සේවකයන් පිළිබඳ වගකියන්නට කිසිවෙක් නැත. කම්කරු දෙපාර්තමේන්තුව ද මේ පිළිබඳ අවධානයක් යොමු කළ බවක් දක්නට නොලැබිණි. සේවකයන්ද අවට ප‍්‍රදේශවල අඩු ආදායම් සහිත වූවන් නිසා ලැබුණ සොච්චම ඔවුන්ට මහමෙරකි. ඒ නිසා මේ කිසිවෙකට විරෝධයක් ඇති නොවෙතැයි වගකිවයුත්තන් සිතන්නට ඇත. එසේම එම සේවකයන් සේවයේ යෙදවීමේ දී ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු තැකීමක් සිදු කර නොමැත. ආරක්ෂක පාවහන්, ආරක්ෂක හිස්වැසුම් හෝ ප‍්‍රමාණවත් පරිදි ලබා දී නොමැත. එසේම අනෙකුත් සේවක අවශ්‍යතාවන් ස`දහා වූ කිසිදු පහසුකමක් සැපයීම පිළිබඳව ද කිසිදු අවධානයක් යොමු කර නැත. අවම වශයෙන් ඔවුන්ට ආහාර ගැනීම සඳහා ස්ථානයක් හෝ වෙන් කර නොමැත. ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කර ඇත්තේ මෙවැනි තත්ත්වයක් තිබියදීය. ඔවුන්ගේ සේවය ලබා දී ඇත්තේද මෙවැනි දුෂ්කරතාවයන් යටතේය. එහෙත් මේ සියල්ල ඉවසා දරා ගනිමින් සේවය කළ සේවකයන් දැන් අවලංගු කාසි මෙන් හිතූ හිතූ පරිදි සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම තව දුරටත් ඉවසා සිටීමට නොහැකි වූ තැන සේවක විරෝධයක් නිර්මාණය වී තිබේ. මේ වන විට ද එහි සේවකයන් 300ක් පමණ සේවය කරනු ලබයි. මෙහි ඇති කනගාටුදායකම තත්ත්වය වනුයේ විරෝධතාවය දක්වන සේවකයන් ඉවත් කර වෙනත් අය සේවයට ගැනීමට කටයුතු කිරීම දක්වා පාලකයන් බලසම්පන්නව කටයුතු කිරීමයි. රියැදුරන්, කම්කරුවන් සහ යන්ත‍්‍ර ක‍්‍රියාකරුවන් ඇතුළු සියල්ලන්ටම දැන් මේ අභාග්‍යසම්පන්න ඉරණමට මුහුණ පෑමට සිදු වී තිබේ. ඒ නිසා අවසානයේ සේවයේ යෙදී සිටි 300ක පමණ සේවක පිරිස ද දැන් තවත් අඩු කරමින් විරෝධය නොදක්වන පිරිස් පමණක් සේවයේ යෙදවීම සිදු කරමින් සිටියි. මෙවැනි තත්ත්වයක් නිර්මාණය වීම චීන සමාගමේ වරදක් ලෙස පමණක් සිතිය නොහැකිය. මෙහි මූලික වගකීම ඇත්තේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වගකිවයුතු ශ‍්‍රී ලංකා රජයේ නිලධාරීන්ට ය. මෙය ක‍්‍රියාත්මක වන්නේ මහවැලි අමාත්‍යාංශය යටතේ වන අතර, රටේ නීතරීති අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටින්නේ ඔවුන්ය. ඒ නිසාම ජනතා විරෝධය නිර්මාණය වී තිබෙන්නේ ද චීන සමාගමට නොවන අතර, එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වගකිව යුතු ශ‍්‍රී ලංකා රජයේ නිලධාරීන් වෙත ද එල්ල වී තිබේ. එය එසේ සිදු වීමට තවත් අමතර හේතුවක් ද තිබේ. එනම් මෙම ව්‍යාපෘතියේ මහවැලි අධිකාරියේ සේවකයන් කොටසක් ද සේවය කරමින් සිටීමයි. ඔවුන් ද වසර හතරක, පහක කාලයක් සේවය කරමින් සිටිය ද ඇතැමෙක් තවමත් ස්ථිර කිරීමක් හෝ සිදු කර නොමැත. මේ වන විට ද එවැනි සේවකයෝ තිහක පමණ පිරිසක් සේවයේ යෙදී සිටිති. ඔවුන් දිගින් දිගටම තම සේවය ස්ථිර කරන ලෙස ඉල්ලීම් කර ඇති අතර, අමාත්‍යාංශය සමඟ මේ පිළිබඳ අවස්ථා ගණනාවක දී සාකච්ඡුා පවත්වා තිබේ. අවසානයේ ජනාධිපතිවරයා සමඟ ද සාකච්ඡුා කළ ද, මේ සම්බන්ධයෙන් තවමත් සාර්ථක පිළිිතුරක් ඔවුන්ට ලැබී නොමැත. සාකච්ඡුාවලදී එළැඹුණු ඇතැම් තීරණ සම්බන්ධයෙන් ලිඛිත පොරොන්දු පවා ඇතත්, ඒවා තවමත් කඩදාසිවලට පමණක් සීමා වී තිබේ. මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘති ආරම්භ කරන අවස්ථාවේ එය ආරම්භ කරනු ලැබූයේ මෙතෙක් ලංකාවේ ආරම්භ කළ විශාලම වාරි ව්‍යාපෘතිය ලෙස හඳුන්වා දෙමිනි. රටේ ජනතාවගෙන් සාතිශය බහුතරයකට මෙයින් සෙත සැලසෙන බව කියමිනි. එහෙත් ව්‍යාපෘතිය ඉදිරියට යන විට සිදු වෙන්නට පටන් ගත්තේ එකින් එක අසාධාරණයන්ය. ජනතාවට ලැබෙන්නට වූයේ සහනයන් වෙනුවට අසහනයන්ය. ව්‍යාපෘතිය ආරම්භ කරන විට මේ බිමේ සිටි ජනතාව සම්පූර්ණයෙන්ම අවතැන් කර තිබේ. වන්දි ලබා දීම නිසි පරිදි සිදු කර නැත. එසේම වන්දි ලබා දීමේ දී විවිධ අක‍්‍රමිකතා සිදු වී ඇති බවට ජනතාව වෙතින්ම චෝදනා එල්ල වී තිබේ. අවස්ථා ගණනාවක දීම මේ සම්බන්ධයෙන් ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ පැන නැඟිණි. එහෙත් නැවත පදිංචි කළ ජනතාවට හෝ අවම පහසුකම් ලබා දීමටවත් පාලකයන් සමත් වී නැත. මහා ජල ව්‍යාපෘතියක් ගොඩනඟන බව පැවසූව ද ඒ වෙනුවෙන් තම ගම් බිම් පරිත්‍යාග කළ ජනතාවට බීමට දිය පොදක් හෝ නොමැති වී තිබේ. ඒ නිසා ජනතාව සිටින්නේ දැඩි ලෙස මානසික වේදනා විඳිමිනි. ඔවුන්ගේ අනාගතය අවිනිශ්චිතය. දරුවන්ගේ අනාගතය පිළිබඳ කිසිදු සැලැස්මක් ඔවුන්ට නොමැති වී තිබේ. සේවක විරෝධතාවයක් නිර්මාණය වන්නේ මෙවැනි වටපිටාවක් තිබිය දී ය. මහවැලි අමාත්‍යාංශය විසින් මේ පිළිබඳව වාර්තා කරන මාධ්‍ය වෙත ලිපි යොමු කරමින් ව්‍යාපෘතියෙන් කිසිදු ගැටලූවක් නිර්මාණය වී නොමැති බවත් මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් සාවද්‍ය බවත් පවසන්නට උත්සාහ කළ ද, අද වන විට එය පුස්සක් බවට පත් වෙමින් ජනතා විරෝධය උත්සන්න වී තිබේ. මෙම ව්‍යාපෘතියට විරුද්ධ වන්නන්ට එල්ලා පහර දෙන බවට ප‍්‍රදේශයේ දේශපාලන ප‍්‍රබලයෙකු වහසි බස් දෙඩුවේ විරෝධතා ගොඩනැෙඟන මුල් කාලයේ දී ය. අද වන විට එහි ජනතාවට ශාරීරීකව එල්ලා පහර නොදුන්න ද ඔවුන්ගේ ජීවිතවලට පහර පිට පහර වැදෙමින් තිබේ. මේ නිසා ආණ්ඩුවේ සහ විෂය භාර අමාත්‍යාංශයේ වගකීම වන්නේ ‘මීඩියා බැලන්ස් කරමින් තත්ත්වය වසන් කිරීම’ නොව ඇති වී තිබෙන ගැටලූවලට නිසි විසඳුම් ලබා දීම බව අවසාන වශයෙන් අවධාරණය කළ යුතුය.

Read more

ගිනි පෑගීමෙන් ආ මෛතී‍්‍රට මෛතී‍්‍ර අමතක වීම

2017-01-08     (ගයාන් රූපසිංහ)

මේ සටහන ධනපති දේශපාලකයන්ගේ බොරු පොරොන්දුවලට තවත් එක් උදාහරණයක් පිළිබඳ නොවේ. ලක්‍ෂ හැට දෙකකට වැඩි ජනතා අපේක්‍ෂාව පිළිබඳ සටහනක් ය. ජනමතය පිළිබඳ සටහනකි. මහජන මුදල් නාස්ති නොකර ජනපති තුන්වැනි පදවිප‍්‍රාප්තිය සමරන්නේ යැයි කියන පසුබිමක තබන සටහනකි. බරපතල නියඟයකට රට මුහුණ දෙන්නේ යැයි අනතුරු අඟවා තිබෙන මොහොතක සැමරෙන පදවිප‍්‍රාප්තියකි. නියඟයට මුහුණ දීමේ කි‍්‍රයාමාර්ග වශයෙන් මෛතී‍්‍ර විසින් තෝරා තිබෙන්නේ පොළොන්නරුවේ දී වැහි පිරිත් දේශනා කිරීමටයි. එහි සිට අනෙක් අතට කතරගම ගොස් දෙවියන්ට භාර වීමයි. මෙදා මෙලෙස කි‍්‍රයා කරන විට එදා 2014 නොවැම්බර් මස 21 වැනිදා මෛතී‍්‍ර වෙනත් දේශපාලන කි‍්‍රයාකාරීත්වයකට වැටමායිම් පැන්නේ ය. වැටපැනීම කවර ආකාරයේ ගිනි පෑගීමක් වූයේ දැයි මෛතී‍්‍ර ඉතා හොඳින් ම අවබෝධ කරගෙන තිබිණි. 2015 ජනවාරි 08 වැනි දින රාති‍්‍රයේ කුරුණෑගල පොල්වත්තක සැඟ වී සිටි බව ඔහු විසින් ම කළ ප‍්‍රකාශයෙන් ගිනි පෑගීමේ තරම ඉතා මැනැවින් සනාථ විය. කොතරම් තීරණාත්මක වුව ද, ගිනි පෑගීමට ඉදිරිපත් වූයේ ජනමතය පිළිබඳ දැඩි විශ්වාසයක් මෛතී‍්‍රට තිබූ බැවිණි. ගෙවී ගිය වසර දෙක තුන තුළ ඔහු එම ජනමතයට කන් දුන්නේ ද? ලැබෙන පිළිතුර වන්නේ ඉතා නිරවුල්, පැහැදිලි එකකි. ‘නැත’ යන්නයි. ‘නැත’ පිළිතුරට එකඟ නොවන පිරිස් වෙනත් කිසියම් කරුණු කිහිපයක් ඉදිරිපත් කළ හැකි ය. නිදර්ශනයක් වශයෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් විධායක බලතල අඩු කර ගත් බව කිව හැකි ය. මහජන මුදල් මංකොල්ලකෑම් පිළිබඳ පරීක්‍ෂා කිරීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ මහා පරිමාණ වංචා ¥ෂණ සෙවීමේ වංචා විමර්ශන ජනාධිපති කොමිසමක් පත්කළ බව කිවහැකියි. එවැනි සුකුරුත්තන් වැඩ නොකෙළේ යැයි කිසිවකුත් කියන්නේ නැත. නමුත්, ඉහත නිදසුන් ඇතුලූ සියල්ල සුකුරුත්තන් වැඩ පමණක් බව ඉතා පැහැදිලි වේ. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවට මෛතී‍්‍ර පොරොන්දු නොදුන්නේ යැයි ගෝලයන් ප‍්‍රකාශ කරන බව සිහිපත් කළ යුතු වේ. එයිනුත් ඉදිරියට ගොස් විධායක ජනාධිපති ක‍්‍රමය ඉදිරියට කි‍්‍රයාත්මක කළ යුතු බවට ශී‍්‍ර.ල.නි.ප. මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ද තවත් විටෙක කියයි. අනෙක් පැත්තෙන් මූල්‍ය අපරාධ විමර්ශන පිළිබඳ ප‍්‍රශ්නයේ දී ප‍්‍රධාන වශයෙන් මෛතී‍්‍ර කියන කතාවක් තිබේ. ”මම ආණ්ඩුවක් පවත්වාගෙන යන්න ඕනෑ.” යනුවෙනි. මෛතී‍්‍ර ගිනි පෑගීමට බසින විට ජනමතය කෙරෙහි විශ්වාසය තැබුව ද, තමන් ආණ්ඩුවක් පවත්වාගෙන යන්නේ කෙසේ දැයි නොසිතූ බව මෙවැනි ප‍්‍රකාශවලින් මැනැවින් පැහැදිලි වේ. ජනමතය කෙරෙහි උපරිම විශ්වාසය තබා ගිනි පෑගීමට එක් වූ මෛතී‍්‍ර, ජනතාවට තමන් ගැන විශ්වාස කරන්නැයි කියූ කරුණු රැුසක් තිබිණි. මහජනතාවගේ දැන ගැනීම පිණිස නොව ”මම ආණ්ඩුවක් පවත්වාගෙන යන්න ඕනෑ” යැයි කියන මෛතී‍්‍රගේ දැනගැනීම පිණිස මූලික කරුණු කීපයක් යළි මතක් කිරීම මේ අවස්ථාවේ දී වැදගත් වේ. ”අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව, සංයුතිය හා ස්වභාවය විද්‍යාත්මක පදනමකට සිදු කරන්නෙමි.” යනුවෙන් කොතරම් අති විශිෂ්ටව සටහන් කරන ලදැයි පැහැදිලි වන්නේ මහා මාර්ග සහ උසස් අධ්‍යාපන යනුවෙන් අමාත්‍යාංශයක් පිහිටු වීම තුළිනි. මේ වන විට ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් හා නියෝජ්‍ය ඇමතිවරුන් අතර බරපතල කුළල් කා ගැනීම් ඇතිව තිබෙන්නේ ද විද්‍යාත්මක බව වැඩි නිසා විය යුතු වේ. අනෙක් පැත්තෙන් අමාත්‍යාංශ සංඛ්‍යාව මෙගා ඇමති මණ්ඩලය ආදිය පිළිබඳව කුමක් කියන්නේ දැයි තමාගෙන් ම ප‍්‍රශ්න කර ගැනීම වඩාත් යෝග්‍ය ය. ”මං ආණ්ඩුවක් ගෙනයන්න ඕනෑ” යන්න ඒ සියල්ලට ම මූලික පදනම ලෙස යොදාගෙන තිබේ. අමාත්‍යාංශවලට ම අදාළව තවත් ප‍්‍රකාශ කීපයක් වූයේ ”අමාත්‍යාංශ සඳහා පාර්ලිමේන්තු කාරක සභා ශක්තිමත් කෙරේ.” යන්න සහ ”සියලූ අමාත්‍යාංශ සඳහා කුසලතා අගැයීමක් ස්වාධීනව සිදු කර එය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ අධීක්‍ෂණයට පත් කෙරේ.” යනුවෙන් ය. ‘මෛතී‍්‍ර පාලනයක් - ස්ථාවර රටක්’ යනුවෙන් නම් කරමින්, දැන් කරමින් සිටින්නේ මේවා දැයි තමන්ගෙන් ප‍්‍රශ්න කර ගත යුතු වේ. මෙහි දී තිබෙන විශේෂත්වය වන්නේ ඉතිහාසයේ පළමු වරට තමන්ට සෘජුවම ලැබෙන ආර්ථික ප‍්‍රතිලාභ වෙනුවට ඡුන්දදායකයන්ගෙන් ලක්‍ෂ 62ක් වූ බහුතරය මෛතී‍්‍රට ඡුන්දය නොදුන් බව සිහිපත් කර ගැනීම වැදගත් වේ. රටේ දේශපාලන, සංස්කෘතික දේහය ධනේශ්වර ක‍්‍රමය තුළ යම් පමණකින් ඉහළට ඔසොවා තබාවි ය යන විශ්වාසයෙන් බහුතරය ඡුන්දය දුන්නෝ ය. බත් පැකැට්ටුවට, අරක්කු බෝතලයට, ටකරන් තහඩු ටිකකට හෝ හඳෙන් හාල්, ඇට රාත්තල් අට හෝ රුපියල් 3.50ට පාන් වැනි පොරොන්දුවලට රැුවටුුුණු ඡුන්ද පොරොන්දුවලට යට වුණු ඡුන්ද නොවේ මේවා. ලක්‍ෂ 62ක බහුතරය අතුරින් බහුතරයක් විවිධ කරුණු මත මෛතී‍්‍රගේ ප‍්‍රකාශයන් ගැන විශ්වාසය තැබී ය. නමුත්, තවත් ඡුන්දදායකයන් පිරිසක් ගොඩනැෙඟමින් තිබූ බොනපාට්වාදී මහින්ද කල්ලි පාලනය පෙරළා දැමීමට ඡුන්දය දුන්නා මිස මෛත‍්‍රී දිනැවීමට ඡුන්දය දුන්නා නොවේ ය. මෛත‍්‍රී දේශපාලන ගිනි පෑගීමට ප‍්‍රවිෂ්ට වූයේ බහුතර ජනමතය පිළිබඳව දැඩි විශ්වාසයකින් බව යළිත් සිහිපත් කළ යුතු වේ. මෛතී‍්‍රට ඡුන්දය ප‍්‍රකාශ කළ පිරිසගෙන් බහුතරය මෛතී‍්‍ර ගැන විශ්වාස තැබීමට ප‍්‍රධාන ම හේතුව වූයේ පොදු අපේක්‍ෂකයකු සේ පින්තාරුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සහ සිවිල් සංවිධාන, බුද්ධිමතුන් ආදී ජන මත පෙළගස්වන කණ්ඩායම්වල මතවාදී පෙළගැස්වීම හේතුවෙනි. එවැනි මෛතී‍්‍රට මතක් කර දිය යුතු වැදගත් කරුණු අතර, ”ප‍්‍රාදේශීය දේශපාලකයන් හා ඔවුන්ගේ හෙන්චයියන්, ඔවුන් සතු ඉහළින් ලැබුණු අනුග‍්‍රහය හා දේශපාලන බලය මත වංචා, අල්ලස්, ස්තී‍්‍ර ¥ෂණ, මිනීමැරීම්වල නිරත වීම වැළැක්වීම සඳහා සියලූ මහජන නියෝජිතයන් විසින් පිළිපැදිය යුතු චර්යා ධර්ම සංග‍්‍රහයක් නීතිගත කෙරේ...” යනුවෙන් සඳහන් කර තිබේ. මෙය කොතරම් දුරට අවංකව කි‍්‍රයාත්මක කළේ ද යන්න රටට ම හෙළි වූයේ ඉහළ ම තැනකිනි. ඉහළින් ලැබුණු දේශපාලන අනුග‍්‍රහය මත වංචා, අල්ලස්, ¥ෂණ කළ බව තහවුරු වී තිබෙන ‘නිලමේ’ බේරා ගැනීමට අගමැතිවරයා හෝ නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයා විසින් පොලිස්පතිට කළ බලපෑමෙන් මෙහි තරම පැහැදිලි වේ. පොලිස්පතිවරයාට දුරකථන ඇමතුමක් දී නිදහස්් කර ගැනීමට ය. නව ව්‍යවස්ථා සංශෝධනය මඟින් අධිකරණය, පොලිසිය, මැතිවරණ, විගණන සහ නීතිපති වැනි ආයතනවල අපක්‍ෂපාතිත්වය ආරක්‍ෂා කිරීම පිණිස ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරමි.” කී ලෙසට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කර ඒ අනුව ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා ඇති බව ද සත්‍යයකි. එය කර නොමැති බව කිසිවෙකුට හෝ කිව නොහැකි ය. නමුත්, එක පැත්තකින් පඹයන් සිටවන්නා සේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා ඇති බවත්, අනෙක් පැත්තෙන් රූකඩ සේ රාජ්‍ය සේවය නැටවීමට කි‍්‍රයා කරන බව පොලිස්පතිට ලැබුණු ප‍්‍රකට දුරකථන ඇමතුමෙන් සහ එයට ඔහු දැක් වූ ප‍්‍රතිචාරයෙන් පමණක් වුව ප‍්‍රමාණවත් වේ. මෛතී‍්‍ර සටහන් කර තිබෙන විගණන කොමිෂන් හා නීතිපති දෙපාර්තමේන්තුවල අද තත්ත්වය කෙබඳු ද? නීතිපති දෙපාර්තමේන්තුව බැසිල් රාජපක්‍ෂ වෙනුවෙන් කි‍්‍රයා කළ අන්දම වූයේ පවරා තිබූ නඩු තාක්‍ෂණික දෝෂ මත ඉල්ලා අස් කර ගැනීමයි. ඉන් පසුව යළි නඩු පැවරූ බව කියැවේ. අසූ මහා දෝෂයක්වත් නොපෙන් වූ බැසිල්ට අටඅනූවක් ව්‍යාධි වැළඳී ප‍්‍රතිකාර ගැනීමට මව් රට වූ ඇමෙරිකාව බලා යාමට ඉඩ සැලැසිණි. අධිකරණයේ ස්වාධීනත්වය ද ප‍්‍රායෝගිකව කි‍්‍රයාවට නැෙඟන්නේ එසේයි. විගණකාධිපති දෙපාර්තමේන්තුව වඩාත් ස්වාධීන කිරීම පිළිබඳ වෙනම ම සලකා බැලිය යුතුව තිබේ. මන්ද, මේ වන විට විගණකාධිපති දෙපාර්තමේන්තුව වඩාත් ස්වාධීන කිරීමේ ‘ස්වාධීන විගණන පනත’ තවමත් අගමැති කාර්යාලයේ හිර වී තිබීමයි. ප‍්‍රමුඛ කරුණු රැුසක් තිබෙන බැවිනි. රාජ්‍ය විගණනය වඩාත් ස්වාධීන කර ශක්තිමත් කරන බවට මෛතී‍්‍ර මෙන් ම රනිල් ද කියා තිබෙන වාර ගණන ඉහළ ය. එහෙව් විගණන පනතක් අගමැතිගේ හමස් පෙට්ටියේ තිබීමට ඉඩ හැර මෛතී‍්‍ර පාලනයෙන් සම වැදී සිටින අයුරු අපූරු ය. ස්ථාවර රටක් ගොඩනඟන්නේ එසේ ය. ‘මෛතී‍්‍ර පාලනයක් - ස්ථාවර රටක්’ යනු මෙවැනි භාවිතයක් වේ. විගණකාධිපති හමුවේ පවතින්නේ පනත හිර කර තබා ගැනීම පමණක් නොවේ. පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කෝප් කමිටුව මෙන් ම රාජ්‍ය ගිණුම්කාරක සභාව යන කමිටු දෙකට විගණන වාර්තා සැපයීමේ දී එම දෙපාර්තමේන්තුවට එල්ල කෙරෙමින් තිබෙන බලපෑම් සුළුපටු නොවේ. විශේෂයෙන් ම කෝප් කාරක සභාව හමුවේ විගණන වාර්තා ඉදිරිපත් කිරීමේ දී රනිල් වික‍්‍රමසිංහගේ ගෝලබාලයන් පිරිසකගේ දැඩි ප‍්‍රහාරයට විගණකාධිපති දෙපාර්තමේන්තුව ලක්ව තිබේ. පසුගිය සතියේ ‘ලංකා’ පුවතකින් හෙළිකළේ කැබිනට් මණ්ඩලයේ දී මුදල් ඇමති විසින් විගණකාධිපතිවරයාත්, එම දෙපාර්තමේන්තුවත් දැඩි ප‍්‍රහාරයකට ලක් කර තිබූ බවයි. විශේෂයෙන් ම බැඳුම්කර මහා මංකොල්ලය සම්බන්ධ කෝප් කමිටු පරීක්‍ෂණයේ දී විගණකාධිපති දෙපාර්තමේන්තුව දැඩි ප‍්‍රහාරයකට ලක් කරනු ලැබී ය. මෙයට වඩා ඉතා බරපතල තත්ත්වයක් රනිල් හෝ රනිල්ගේ ගෝලබාලයන්ගෙන් නොව මෛතී‍්‍රගෙන් ම පසුගිය ඔක්තෝබර් මාසයේ දී එල්ල කෙරිණි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අල්ලස් හෝ ¥ෂණ විමර්ශන කොමිෂන් සභාව යන ආයතන නම් කරමින් ම මෛතී‍්‍ර ප‍්‍රහාර එල්ල කරනු ලැබී ය. ”අල්ලස් හෝ ¥ෂණ පිළිබඳ කොමිසම තව දුරටත් ශක්තිමත් සහ කි‍්‍රයාශීලී කරමින්, එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගත් ස්වාධීන ආයතනයක් බවට පත් කරමි. ශී‍්‍ර ලංකාව ද අත්සන් කර ඇති එක්සත් ජාතීන්ගේ ¥ෂණ විරෝධී ප‍්‍රඥප්තියට අනුකූල වන සේ ¥ෂණ වළක්වන ව්‍යුහයන් ශක්තිමත් කිරීමට කටයුතු කරනු ඇත.” මෙම සටහන තැබූ මෛතී‍්‍ර ජනාධිපති වීමෙන් පසුව ඔක්තෝබර් මාසයේ හතර අතේ නෙළීම කොතරම් ප‍්‍රබල වී ද යත්, අල්ලස් හෝ ¥ෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ඉල්ලා අස් වීමට තරම් බරපතල වූයේ ය. එම ආයතනවල කිසියම් හෝ අඩුපාඩු, ප‍්‍රමාදයන් හෝ වෙනත් කවර හෝ අක‍්‍රමිකතා තිබුණේ නම්, ජනාධිපති. වශයෙන් කළ යුතුව තිබුණේ කරුණු සහිතව එවැනි තත්ත්වයන් වැළැක්වීමට පියවර ගැනීමයි. එය පැත්තක තබා වඳුරා දැලි පිහිය ගත් පරිද්දෙන් කි‍්‍රයා කිරීමේ ප‍්‍රතිඵලය කුමක් දැයි දැන් ඇස් පනාපිට ම පැහැදිලි වී තිබේ. මෙම ආයතන සියල්ල ම බරපතල බිඳවැටීමකට ලක්ව අවසන් ය. බිඳවැටීම්වල වාසිය අත් වී තිබෙන්නේ පසුගිය පාලන සමයේ මහජන මුදල් මංකොල්ලකන ලද පුද්ගලයන්ට ය. එපමණක් නොවේ. මෛතී‍්‍ර - රනිල් හවුල් ආණ්ඩුවේ වංචනිකයන්, ¥ෂිතයන්ට ද මෙයින් ලැබී තිබෙන්නේ ඉතා විශාල අනුබලයකි. නිදර්ශනයක් වශයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ගොඩනැඟිල්ලක් කුලියට ගැනීම දැක්විය හැකි ය. මසකට රුපියල් ලක්‍ෂ 210ක කුලියක් ගෙවමින්, බදු ගෙන ඇත. රජයේ තක්සේරු මුදල මෙන් කිහිප ගුණයක කුලියට එය ලබාගෙන මාස අටක් පමණ කාලයක් වසා දමා ඇත. එහි විශේෂත්වය වන්නේ කෘෂිකර්ම ඇමති ධුරය දරන්නේ මෛත‍්‍රීගේ සමීපතම දේශපාලන ගෝලයා වන දුමින්ද දිසානායක වීමයි. මෙම මූල්‍ය අපරාධය පිළිබඳව මෛතී‍්‍ර කිසිවක් නොකියයි. මුදල් ඇමති රවි කරුණානායක, මහා මාර්ග සහ උසස් අධ්‍යාපන ඇමති, ලක්‍ෂ්මන් කිරිඇල්ල, සෞඛ්‍යය හා දේශීය වෛද්‍ය ඇමති, දොස්තර රාජිත සේනාරත්න ආදීන් යටතේ මෙන් ම අගමැති රනිල් වික‍්‍රමසිංහගේ යටතේ තිබෙන මහ බැංකුව බැඳුම්කර වෙන්දේසිවල දී කර තිබෙන මූල්‍ය අපරාධ ප‍්‍රමාණය රුපියල් කෝටි දහස් ගණනකි. එහෙත්, මෛතී‍්‍ර සුපුරුදු පරිදි ”මම ආණ්ඩුවක් පවත්වාගෙන යන්න ඕනෑ” යන ආදර්ශ පාඨය යටතේ බකං නිලාගෙන සිටී. මෛතී‍්‍ර පාලන කාලයෙන් පහෙන් දෙකක කාලයක් දැන් ගෙවී ගොස් අවසන් ය. එම කාලය තුළ බකං නිලාගෙන සිටීම හැර ඇත්ත වශයෙන් ම වෙනත් කළ දෙයක් තිබේ දැයි තමා ම කල්පනා කරන්නේ නම් වටී යැයි මතක් කර දීම අවශ්‍ය ය.

Read more

උමා ඔය විනාශයට එරෙහි ජනතා සටන

2017-01-08     (චතුර දිසානායක)

පිස්සු හුටංලා රටට කරන විවිධ විනාශයන් සංවර්ධනය යනුවෙන් භාර ගැනීමට ජනතාවට බල කරමින් සිටියි. විශේෂයෙන් පාලකයන් කරන පිස්සු හුටං වැඩ මෙයට අයත් වේ. පාලකයන්ගේ දෙපා මුල හෙළන කටු ලෙව කෑමට සිටින විද්වත්හු, විද්‍යාඥයෝ සහ විශේෂඥයෝ ඉතා සීමිත පිරිසක් ද සිටිති. පාලක පිස්සු හුටංලාට තමන්ගේ මොළයෙන් නැත්නම් බුද්ධියෙන් පක්කලිකම් කරන පිස්සු හුටංලා මොවුුහු ය. මේ පාලක සහ ඔවුන්ගේ කටු ලෙව කන කල්ලිය එකතු වී රටට අත් කරමින් සිිටින විනාශය සංවර්ධනය යනුවෙන් භාර ගැනීමට ජනතාව සූදානම් නැත. විනාශයන්ගේ ගොදුරු බවට පත්ව සිටින මිනිස්සු සටන් වදිමින් සිටිති. පසුගිය 29වෙනිදා මහ පාරට බැස සටන් කළ මිනිසුන් නිසා සීතල බණ්ඩාරවෙල පුරවරය උණුසුම් විය. කළු කොඩි දමා කඩ සාප්පු වසා මුළු නුවරම අරගලයට එක්වී සිටියහ. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපාරය යනුවෙන් ආරම්භ කළ විනාශය දැන් මිනිසුන්ගේ ගේ දොර, වතුපිටි, ළිං, පාසල්, පන්සල්, පල්ලි ඇතුළු සකලවිධ දේම බිලි ගනිමින් තිබේ. මෙහි තීරණාත්මක දිනය වූයේ 2014 දෙසැම්බර් 26 වෙනිදා ය. බණ්ඩාරවෙල නගරයට නුදුරු මකුල් ඇල්ල ප‍්‍රදේශයේ ළිං හිටිහැටියේම සිඳී කුඹුරු ඉරිතලා ගෙවල් දොරවල්වල විනාශය ආරම්භ විය. සිදුව තිබුණේ පොළොව මතුපිට හෝ ළිංවල තිබූ ජල තලය එකවරම අතුරුදහන් වීම පමණි. ජල තලය අතුරුදහන් වූ ප‍්‍රදේශයට යටින් උමා ඔය මහා විනාශකාරී පිස්සු හුටං ක‍්‍රියාවේ උම`ග හාරමින් තිබිණි. ලංකාවේ දිගම උම`ග වශයෙන් කිලෝමීටර් 22ක් දිගට එය හාරමින් තිබේ. පොළොව තුළ සහ මතුපිට තිබූ ජල තලය උම`ග තුළට වේගයෙන් ගලා යාම ආරම්භ වී තිබිණි. කොතරම් ද යත් තත්පරයකට ජලය ලීටර් 876ක් උම`ග තුළට ගලා යමින් තිබිණ. මහා විනාශය ප‍්‍රකාශ වී තිබුණේ එසේ ය. උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතිය යනුවෙන් ප‍්‍රදේශයේ ජනතාව මෙයට නම් තැබී ය. ‘උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ’ ගොඩ නැඟුණේ මේ මහා විනාශයට විරුද්ධවයි. විනාශය මිනිසුන්ගේ ගේ දොර විනාශ කිරීමට පටන්ගෙන ජීවිත අවතැන් කර වසර දෙකක් ගෙවී අවසන් ය. එදා මේ මහා විනාශය ආරම්භ වූයේ ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියා තිබිය දී ය. විනාශකාරී ව්‍යාපෘතියට මුල පිරූ රාජපක්ෂ කල්ලිය ජනාධිපතිවරණයෙන් පරාජය කර රනිල් - මෛතී‍්‍ර හවුල් ආණ්ඩුව ඇරඹිණි. මැතිවරණය හමුවේ උණුසුම් වී තිබූ ජනතාවගේ ඡුන්දය ඩැහැගැනීමේ අවශ්‍යතාව නිසා තාවකාලිකව උම`ග හැරීම ඇතුළු කටයුතු නතර කර තිබිණ. මහා විනාශය ඡුන්ද ජාවාරමට යොදා ගැනීම සඳහා බලලෝභී ධනපති පක්ෂ තරග වැදිණි. එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප‍්‍රනාන්දු ඇතුළු නඩය ප‍්‍රචාරයක් කර තිබුණේ උම`ග හෑරීමේ කටයුතු ඇමරිකාවට භාර දී විනාශයකින් තොරව සිදු කරන බවයි. විවිධ බොරු පොරොන්දු දී යළි උම`ග හෑරීම ඇරඹී ය. ඉන්පසුව බණ්ඩාරවෙල, ඩයරබා, වැලිමඩ ප‍්‍රදේශ විනාශ වී යාම වේගවත් වී තිබේ. විනාශයේ තෝතැන්න බවට දැනට පත්ව තිබෙන්නේ බණ්ඩාරවෙල නගරය ආශ‍්‍රිත ප‍්‍රදේශයයි. මකුල් ඇල්ල, කුරුඳුගොල්ල, පල්ලෙගම, තන්තිරියාය, එගොඩගම, වෙරගලතැන්න, හීල්ඔය, පල්ලේපේරුව, උඩපේරුව, මැද්දේ පේරුව, කිනිගම, උතුරු කැබිල්ලවෙල, අඹදණ්ඬේගම, ලියන්ගහවිල, බැද්දේ අරාව, මැද පතන ආදී ප‍්‍රදේශ වේ. මේ ප‍්‍රදේශවල නිවාස 3,850ක් ඉරිතලා ගිලා බැස 2,000 පමණ ළිං, දිය කඳුරු ආදිය සිඳී අවසන්ය. කුඹුරු අක්කර දහස් ගණනක් ඉරිතලා පුපුරා යමින් තිබේ. මෙම සටහන තබන මොහොත වන විට උඩපේරුව ගමේ නිවාස රැුසක් එක්වරම පුපුරා ගිලා බැසීම ඇරඹී තිබේ. ජලාශ ඉදි කෙරෙන අලි කොටං ආර, ඩයරබා සහ පුහුල්පොළ යන ප‍්‍රදේශවල ගම්බිම් වනසමින් තිබේ. දළ වශයෙන් රුපියල් කෝටි 7,632ක් වැය කරමින් උමා ඔය ව්‍යාපෘතිය ලෙස විනාශය කැන්දාගෙන තිබේ. අනාගත පරපුර උකස් කරන ලද විසි වසරකින් ආපසු ගෙවීමේ ඉරාන ණය මුදලක් මඟිනි. මේ මහා විනාශයට විරුද්ධව සටන් කරන මිනිසුන් එකතු වී බණ්ඩාරවෙල නගරයේ පැවැත්වූ රැුලිය පාලකයන් තේරුම් ගන්නේ කෙසේ දැයි නොදනිමු. නමුත්, මෙය විනාශයට මුහුණ දී සිටින ජනතාව පමණක් සහභාගී වූ කෙඳිරිල්ලක් නොවී ය. කලාකරුවන්, පරිසරවේදීන්, විද්වතුන්, තරුණයන්, සාහිත්‍යවේදීන්, භික්ෂූන් වහන්සේලා ඇතුළු පූජක පක්ෂය ආදී බහුජන පෙරමුණක පෙළපාළියක් සහ විරෝධතා රැුලියක් විය. පෙළපාළියෙන් පසුව රැුලිය ආරම්භ කරමින් මුලින් ම කතා කළේ ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන්ය. ‘‘ඔබ ජීවත්වන ප‍්‍රදේශයට විනාශය අත් කර දෙමින්, උමා ඔය වතුර ගෙන යන්නේ මම ජීවත්වන හම්බන්තොට ප‍්‍රදේශයට. ඔබත් කියනවා මේ ව්‍යාපෘතිය අසාර්ථකයි කියලා. අපිත් කියන්නේ අසාර්ථකයි කියලා. මේ රට විනාශ කරන ව්‍යාපෘතිවලට නායකත්වය දෙන පාලකයන්ට එරෙහිව මහජනතාව පෙළගස්වන්න මහා සංඝරත්නයට පුළුවන්. මේ බහු විනාශකාරී ව්‍යාපෘතිය නතර කරන දවස වන තෙක් ඔබේ ගෙයින් ගෙට වැඩම කරලා ජනතාව පෙළගස්වන්න සංඝරත්නය සූදානම්. අද මෙතැන ඔබේ ජල අයිතිය පිළිබඳව සටනක්. අපේ හම්බන්තොට ප‍්‍රදේශයේ ඉඩම් අක්කර 15,000ක් බේරා ගැනීම පිළිබඳ සටනක්. මේක මොන සංවර්ධනයක් ද? මේ විනාශයට ඉඩ දෙන්නේ නෑ. මේ අරගලය ජයග‍්‍රහණයෙන් කෙළවර කිරීමට අපි කැප වී කටයුතු කරනවා. කඩ සාප්පු වහලා ජනතාව ගෙන යන අරගල ජයග‍්‍රහණයෙන් මිස නවත්වන්නේ නැති බව සහතික කරනවා.’’ පොදු ජන සටනට ඉතිහාසයේ සිටම නායකත්වය දුන් භික්ෂු පරපුරේ වර්තමානය නියෝජනය කරමින් උන්වහන්සේ ප‍්‍රකාශ කළහ. මෙයට තරුණ ජවය එක් කරන ලද්දේ සමාජවාදී තරුණ සංගමයේ පරිසර නියමු කටයුතු ලේකම් අසිත නිරෝෂණ ය. ”අනාගත දරු පරම්පරාවන් මුහුණ දෙන මේ විනාශයට එරෙහිව තරුණ පරපුරේ ශක්තිය අපි එකතු කරනවා. ගහකොළ, සතා, සීපාවා ඇතුළු පරිසරය අපේ ජීවිතවලින් ඈත් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. අපේ උපතේ සිට මරණය දක්වා ජීවත් කරවන්න පරිසරය සකසන්නේ සොබාදහම. අපි කරන ව්‍යාපෘතිය ඕනෑම දෙයක් සොබාදහම ආරක්ෂා කරමින් කරන්න ඕනෑ. අපේ රටේ හිටපු පාලකයන් වගේම යහපාලනය නමින් ඉන්න මේ පාලකයන් ද සොබාදහමේ නීති පවා අමු අමුවේ උල්ලංඝනය කරමින් මහා විනාශයක් කරන්නේ. මොකක් ද මේ වෙලා තියෙන්නේ? මුළු රටටම වතුර සපයන මධ්‍ය කඳුකරයේ ආදරණීය අම්මා තාත්තාට බොන්න වතුර කඳුළක් නැතුව බවුසරය එනකම් බලාගෙන ඉන්න තත්ත්වයට ඇද දාලා. තව අවුරුදු පන්දාහකටවත් යළි සකස් කරන්න බැරි විනාශයක් කරමින් තිබෙනවා. අපි සියලූ දෙනාගේ හැකියාවන් ගොනු කර මේ පාලකයන්ගේ අමන ක‍්‍රියා වළක්වන්න සටන් වදින්න ඕනෑ.” විනාශය සිදු වෙන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජාතිකත්වයන්ට ය. එනිසා විනාශයට එරෙහි සටනට සියලූ දෙනාම අත්වැල් බැඳගෙන සිටිති. දෙමළ භාෂාවෙන් රැුලිය ඇමතූ ප‍්‍රවීණ සාහිත්‍යවේදී ඇන්තනී ජීවා දැක්වූයේ මෙවන් අදහසකි. ”ශ‍්‍රී ලංකාව කියන සුන්දර භූමිය හැම පැත්තෙන්ම විනාශ කරමින් තියෙනවා. උමා ඔය නිසා මේ ප‍්‍රදේශයේ ජනතාව පීඩාවට පත්වෙලා. මේ විනාශය පිළිබඳව කෝප් කමිටුවට පැමිණිලි කරන්න ඕනෑ. හම්බන්තොට ප‍්‍රදේශයේ ඉඩම් චීනයට විකුණා දැමීමට එරෙහිවත් සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම ඒකරාශී වෙලා අත්වැල් බැඳ ගන්න ඕනෑ. අපිට ජයග‍්‍රහණය ස්ථිරයි. ජය වේවා !” විදුලි හා යාන්ත‍්‍රික ඉංජිනේරු රවීන්ද්‍ර බණ්ඩාර ජන හමුව අමතමින්, රටට ආදරය කරන බුද්ධිමතුන්ගේ කාර්යභාරය පිළිබඳ ජනතා අවධානය යොමු කළේය. ‘‘සංවර්ධන ව්‍යාපෘතියක් ඇරඹීමේ දී පළමුව පරිසර ශක්‍යතා ඇගයීම් වාර්තාවක් තියෙන්න ඕනේ. අහසින් වැටුණා වගේ ආපු මේ ව්‍යාපෘතියට පරිසර ඇගයීම් වාර්තාවක් නැතිවයි පටන් ගත්තේ. රට පාලනය කළ පාලකයන් මේ ගැන බැලූවේ නෑ. රටට හිතෛෂී ඉංජිනේරුවෝ කියන දේවල් මේ පාලකයන් අගයන්නේ නැහැ. ලෝකෙටම වටිනා ඉංජිනේරුවන් බිහි කළ රටක් මේක. ජෙට් ඇන්ජිමේ කම්පනය නැති කළ තාක්ෂණය හොයා ගත්තේ මහාලිංගම් කියන ලාංකික ඉංජිනේරුවා. අපේ රටේ පාලකයන් ඒ වගේ විද්‍යාඥයන්ගෙන් ඉංජිනේරුවන්ගෙන් වැඩක් ගන්නේ නැහැ. රටේ බුද්ධිමතුන් ඉවත හෙළන ක‍්‍රියා එසේයි. නමුත්, එවන් බුද්ධිමතුන් රටෙන් පළා යනවා වෙනුවට රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සටනේ කාර්යභාරයක් නියම වී තිබේ. කලාකරුවෙකු වශයෙන් තමන් ලබා තිබෙන ජනප‍්‍රසාදය යොදමින් උමා ඔය විනාශයට එරෙහි සටනට එක් වෙමින් ප‍්‍රවීණ කලාකරු චන්ද්‍රසෝම බිංදුහේවා මෙසේ පැවසීය. ”ජනජීවිතවලට පීඩාවක් ඇති වූ හැම අවස්ථාවකම අපගේ පෞද්ගලික වැඩකටයුතු නතර කර ඉදිරිපත් වී තිබෙනවා. අපි කරන කලා කටයුතු මහජනතාව වෙනුවෙන්. මහජනතාව වූ ඔබලා පීඩාවට පත් වෙනවා නම් අපි විසූක දස්සන පෙන්නලා වැඩක් නැහැ. අපි මේ විරෝධතාවයට පැමිණියේ ඒ මානවීය යුතුකම ඉටු කිරීමටයි. ගීතයක් ගායනා කර මම ඔබ සැමට ශක්තිය ධෛර්යය එකතු කරන්නම්.” පරිසර සංරක්ෂණ භාරයේ සජීව චාමිකර කවදත් ජනතා සටන් අතර පෙරමුණේම සිටී. මේ රැුලියේදී ඔහු ප‍්‍රකාශ කළේ, ”මේ ව්‍යාපෘතිය පිළිබඳව පරිසර ඇගයීම් කළ විද්වතුන් මෙයින් සිදුවන බලපෑම පිළිබඳව ජනතාවට හරි අවබෝධයක් ලබා දුන්නා නම් මේ විනාශය සිද්ධ වෙන්නේ නෑ. අපි එම අවබෝධය නිවැරදිව ලබා දුන්නාට මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන දේශපාලඥයන්වත් ප‍්‍රදේශවාසී ජනතාවවත් මේ විනාශය තේරුම් ගන්නේ නෑ. ඒ නිසා මේ ව්‍යාපෘතියට මුල්ගල තියන්න ඉස්සර අපි ආරම්භ කළ අරගලය මේ දක්වා එක විදිහට අඛණ්ඩව කරගෙන එනවා. අපි මේ පිළිබඳ සම්පූර්ණ අධ්‍යයනයක් කළා. පුහුල්පොළ ජලාශය, වා නැටිය ජලාශය, අලිකොට ආර ජලාශය හා හඳපානාගල වැව පුළුල් කිරීමේ ක‍්‍රියාවල ප‍්‍රතිඵලයක් විදිහට ජන ජීවිත විනාශ වෙද්දී උම`ග හාරන ප‍්‍රදේශවලත් මහා පරිමාණයෙන් විනාශය සිදු වෙමින් තියෙනවා. ඔබේ ජීවිතයත්, පරිසරයත් විනාශ කළ පුද්ගලයන්ගෙන් වන්දි අය කර ගත යුතුයි.” විද්‍යාත්මකව ගවේෂණය කරමින් විද්‍යාත්මක දත්ත මත ජනතාවට කරුණු ඉදිරිපත් කළ භූ විද්‍යා ශ්‍රේෂ්ඨ මහාචාර්ය ජිනදාස කටුපොත මෙසේ කීය: ”මීරියබැද්ද නාය ගියෙත් උමා ඔය උමගේ ප‍්‍රතිවිපාකයක් විදිහට. 2014 දෙසැම්බර් 26 ළිං හිඳිලා ගෙවල් පුපුරලා විනාශය සිදු වුණා. අපි 2015 මුල මේ ප‍්‍රදේශයට ඇවිත් පරීක්ෂා කර බැලූවා. භූ විද්‍යාත්මකව බැලූවාම ඉදිරි කාලය ඉතාමත්ම භයානකයි. බණ්ඩාරවෙල - බදුල්ල පාර කිට්ටුවට උම`ග හාරලා. උමගේ ඉඳලා මීටර් දෙසීයක් විතර දෙපැත්තට බලපෑම් වෙයි කියලා කලින් හිතලා තිබුණේ. නමුත් දැන් පැහැදිලියි කිලෝමීටර් ගණනාවක් ඈතට බලපෑම් විනාශකාරීව සිද්ධවෙන බව. මේ ප‍්‍රදේශවල පාෂාණ දිරා ගිය ඒවා. බණ්ඩාරවෙල ආසන්නයේ කුස්තූර සහිත පාෂාණ ඉතා බහුල ප‍්‍රදේශයක්. එනිසා විනාශය ඉදිරියට ඉතාම බරපතල වෙන බව අපට පැහැදිලියි. ජනාධිපති, අගමැති ඇතුළු මැති ඇමතිවරුන් ලෝකයේ රටවල් කීයකට යනවා ද? එක ඇමති කෙනෙක් මේ ප‍්‍රදේශයට ඇවිත් ජනතාව ගැන බලලා නෑ. මේ සියල්ලට වරදකරුවෝ ඔබ අප නොවෙයි. හිතුවක්කාර දේශපාලනඥයෝ.” කලාවෙන් ජනතා අරගල කරන අයුරු හොඳ හැටි දන්නා ප‍්‍රවීණ රංගන ශීල්පිනී දීපානි සිල්වා හඬ අවදි කළේ මෙසේ ය: ”හිතුවක්කාරී වැඩ කළ පාලකයාට විරුද්ධවයි මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාව ජනාධිපති කෙරෙව්වේ. ඌව ජනතාවගේ කඳුළුත් එයාගේ ඡුන්දවලට උපයෝගී කර ගත්තා. අද පරිසර ඇමතිත් එයා. අද මොනවද එයා කරන්නේ. බලය ලබා ගන්න කම් තමයි ජනතාව ළ`ගට එන්නේ. ජනතාව වෙනුවෙන් අද කවුද කතා කරන්නේ. හොරුන්ට ජනතාව ගැන කතා කරන්න බැහැ. මේ වේදිකාවේ ඉන්්න හැමෝම ජනතාව වෙනුවෙන් වැඩ කරන අය. මේ සටන ජයග‍්‍රහණය කරන්න දැන් ඔබලාට ලොකු ශක්තියක් ඇවිත් තියෙනවා.” විරෝධතා රැුලිය ඇමතූ මහාචාර්ය රනිල් සේනානායක, ‘‘මාධ්‍යවලින් නිරන්තරව කතා කරන්නේ තිරසාර සංවර්ධනයක් ගැන. එහෙම නැත්නම් නීල හරිත යුගයක් ගැන. මේ ප‍්‍රදේශයේ ජනතාවට ඇති වී තිබෙන්නේ නීල හරිත යුගයක් නොවෙයි. මහා විනාශකාරී යුගයක්. මේකට වගකිව යුත්තන් ගෙනියන්න අධිකරණයක් නැහැ. අක්කර 15,000ක් චීනයට දෙනවා. කොළඹ පෝට් සිටි හදනවා, උමා ඔය හදනවා, මොරගහකන්ද හදනවා. මේ හැම එකක්ම විනාශකාරීයි. විනාශකාරී ව්‍යාපෘතිවලින් කරන්නේ ජනතාව අවතැන් කිරීම. මධ්‍යම පරිසර අධිකාරිය පරිසර විනාශයට බ්‍රෝකර් වැඩ කරන්නේ. මේ තියෙන ක‍්‍රමයට ලංකාවට තිරසාර යුගයක් එන්නේ නෑ.” ජාතික විද්වත් වෘත්තීය සංසදයේ සභාපති ජ්‍යෙෂ්ඨ භූ විද්‍යා ඇන්ටන් ජයකොඩි අවධානය යොමු කළේ දේශපාලන ව්‍යාපෘතිවල විනාශය ගැනය. ”රටක ජනතාව වීදි බැස අරගල කළ යුත්තේ විවිධ ව්‍යාපෘති ඉල්ලලයි. නමුත් විනාශකාරී මේ ව්‍යාපෘති එපා කියලා පාරට බහින්න වෙලා තියෙනවා. නිශ්චිත දේශපාලන අරමුණක් වෙනුවෙන් විද්‍යාත්මක කරුණු අත්හැර ක‍්‍රියාත්මක කළ නිසයි මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ. අපේ රටේ හොර දත්ත සහිත පරිසර ශක්‍යතා ඇගයීම් වාර්තා ඉදිරිපත් කරන ආයතන කිහිපයක් බිහිවෙලා තියෙනවා. ඔවුන්ට විරුද්ධ නීතිය ක‍්‍රියාත්මක කරන්න තැනක් නැහැ. ඔවුන් මුදල් වෙනුවෙන් ඕනෑම විනාශයක් කරමින් ඉන්නවා. මේ සටන ජයග‍්‍රහණය කරනවා වගේම විනාශයක් නොකරන පාලන ක‍්‍රමයක් බිහි කර ගැනීමේ ජයග‍්‍රහණයත් අත් කර ගන්න ඕනෑ.” පරිසරවේදී විශ්වලිංගම් දෙමළ භාෂාවෙන් රැුලිය ඇමතීය. ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටුවේ සාමාජික, චින්තක රාජපක්ෂ දැක්වූ අදහස් මෙසේ ය: ”මේ දක්වා සියලූ දේ විනාශයට පත්ව වන්දි ලබා ගැනීම සඳහා අරගල කළ යුතුව තිබෙනවා. මේ ජනතාව පරම්පරා ගාණක් ජීවත් වුණු ප‍්‍රදේශ විනාශ කරන්න කාටවත් අයිතියක් නැහැ. ජනතාව අනාථ කඳවුරුවලට යවන මේ සංවර්ධනය පරාජය කර විනාශකාරී සැලසුම් සියල්ල පරාජය කළ යුතු වෙනවා. දූ දරුවන්ගේ අනාගතය අනාථ කරන්න පාලකයන්ට කිසිම අයිතියක් නැහැ. භූමිය කැබලි කරලා විකුණලා බලය රැක ගන්න මේ පාලකයන් උත්සාහ කරනවා නම් ඒ සියලූ උත්සාහයන් පරාජය කරන්න අපි සටන් වදිනවා.’’ සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජයලත් අත්තනායක, ”හාරාගෙන යන උම`ග ඇතුළේ ග`ගක් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ග`ග නිසා තමයි ඔබට හිමි ජලය අහිමි වුණේ. උම`ග හාරන දෙපැත්තෙන්ම මම ඇතුළු වෙලා බැලූවා. ඔබට පරිහරණය කරන්න තිබෙන ගංගා, දියඇලි, ජල උල්පත් සියල්ල පොළොව මතුපිටින් අතුරුදහන් වෙලා උම`ග ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. දැනට කර තිබෙන විනාශය අනුව බලන කොට දැන් මේක නතර කළත් ප‍්‍රශ්නය විසඳෙයිද කියා ප‍්‍රශ්නය තියෙනවා. මේ ආපදාව කළමනාකරණය කරන්න ක‍්‍රමයක් නෑ. දේශපාලනඥයෝ විතරක් නෙවෙයි හැදුව අයටත් ඇ`ගිල්ල දිගු කළ යුතුව තිබෙනවා. දයාබර මිනිසුනේ! අපි ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය හරහා මිනිසුන් හැදුවත් දේශපාලන යාන්ත‍්‍රණය ඉදිරියේ දුර්මුඛ වෙලා. හෘදසාක්ෂිය තිබෙනවා. අරගල අවශ්‍යයි. හැබැයි මේ විනාශකාරී දේවලට නායකත්වය දෙන දේශපාලනඥයෝ තෝරා ගත්තෙත් ප‍්‍රශ්නවලින් බැට කන මිනිසුන්මයි.” මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිටම අදාළ සියලූ කරුණු සොයා බලා විද්‍යාත්මක කරුණු මත මෙයින් සිදු වන හානිය පෙන්වා දුන් පුද්ගලයෙකු වූයේ ජනතා විමුක්ති පෙරමුුණේ සමන්ත විද්‍යාරත්නයි. මෙයට මුල්ගල් තැබූ 2008 අපේ‍්‍රල් 29 දින සිට අඛණ්ඩව මේ විනාශයට එරෙහිව සටන් කරන ජ.වි.පෙ. වර්තමාන ඌව පළාත් සභා මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න පැය එක හමාරක් පමණ විවිධ කරුණු මඟින් විනාශයේ දිග පළල හෙළි කළේය. ”මම ජනතා විමුක්ති පෙරමුණේ බව ඇත්ත. වතුර ජනතා විමුක්ති පෙරමුණේ නෙවෙයි. පොළොව ජනතා විමුක්ති පෙරමුණේ නෙවෙයි. ගස්කොළන් ජනතා විමුක්ති පෙරමුණේ නෙවෙයි. ජේ.වී.පී, ශ‍්‍රී ලංකා, යූ.එන්.පී, සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝටම වතුර අයිතියි. හැමෝටම ගහකොළ, මහ පොළොව අයිතියි. ඒ අයිතිය බේරා ගන්න අපි සටන් කරනවා. ඔය පාලකයෝ ලොකු නෑ. ලොකු මහජන බලයයි. මහජන බලයට පාලකයන්ව දණගස්සන්න පුළුවන්. අපි සංවර්ධනයට පක්ෂයි. සංවර්ධනය

Read more