අබාන්ස්ලාට මහ බැංකුව බිලි දුන් හැටි හෙළි වේ

2017-02-12     (ඉන්ද්‍රසිරි ජයසුන්දර)

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් මහ බැංකුවේ මුදල් රුපියල් ලක්ෂ 662ක් (රු. 66,280,616.00) මූල්‍යමය වශයෙන් අවභාවිතා කරමින් එම බැංකුවේ ප‍්‍රචාරක කටයුතු සඳහා අබාන්ස් පවිත‍්‍රතා සමාගම යොදා ගැනීමත් පෞද්ගලික මූල්‍ය සමාගම් ප‍්‍රධානීන් යොදා ගැනීමත් පිළිබඳව තොරතුරු අනාවරණය වේ. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව කර තිබෙන විගණන නව වාර්තාවකින් මේ තොරතුරු හෙළි කර ඇත. 2016 අගෝස්තු 01වැනි දින එම විගණන වාර්තාව වර්තමාන මහ බැංකු අධිපතිවරයා ඇතුළු පාලනාධිකාරියට ලබා දී තිබේ. එහෙත් මේ දක්වා හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට විරුද්ධව කිසිදු ක‍්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට ඉදිරිපත් නොවීම විශේෂත්වයකි. මෙම තොරතුරු මුලින්ම මාධ්‍යයට හෙලි කරමින් ‘¥ෂණ විරෝධී හඬ’ සංවිධානයේ වසන්ත සමරසිංහ ප‍්‍රකාශ කළේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ සමාගමේ ලාච්චුව හැටියට මහ බැංකුව පාවිච්චි කර ඇති බවය. මහේන්ද්‍රන්ට මහ බැංකුවෙන් ලබා දී තිබෙන ක්‍රෙඩිට් කාඞ් පත මගින් රුපියල් ලක්ෂ 20ක ඇඳුම් ලබාගෙන විදේශ සංචාර වලදී එකම දින හෝටල් දෙකක කාමර වෙන් කරගෙන සිටි අවස්ථාද ඇති බව හෙළි කර තිබිණ. එම හෙළි කිරීමෙන් පසුව අර්ජුන් මහේන්ද්‍රන් මාධ්‍යයට ප‍්‍රකාශ කර තිබුණේ රාජපක්ෂ පාලන සමයේ මහ බැංකුවේ සිටි ¥ෂිත නිලධාරීන් තමන්ට විරුද්ධව මඩ පහර දියත්කර තිබෙන බවය. කෙසේ වෙතත් අභ්‍යන්තර විගණන වාර්තාව මගින් හෙළි කර තිබෙන ‘පරිපාලන දුර්වලතා’ යන ශීර්ෂය යටතේ ඉතා බරපතල මූල්‍ය අපරාධ සිදු කළ බවට සැක කෙරෙන තොරතුරු රැුසක් අඩංගුව පවතී. මහ බැංකුවේ මාධ්‍ය හා ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් අබාන්ස් පවිත‍්‍රතා සමාගම යොදාගෙන තිබීම සහ ඒ වෙනුවෙන් මහේන්ද්‍රන් සෘජුව මැදිහත් වීම කැපී පෙනේ. එසේම ද ෆිනෑන්ස් මූල්‍ය සමාගමේ අලෙවි ප‍්‍රධානී මහේෂ් සේනානායක, සොෆ්ට් ලොජික් මූල්‍ය සමාගමේ සහකාර කළමනාකාර ඒ.ඞී. සොයිසා සහ එම මූල්‍ය සමාගමේම සහකාර කළමනාකාරිණියක වන ඒ.ඞී. සොයිසාගේ බිරිඳ යන අයද යොදවාගෙන තිබේ. පෞද්ගලික මූල්‍ය සමාගම්වල ඉහළ නිලධාරීන් මහ බැංකුවේ මාධ්‍ය කටයුතු වෙනුවෙන් බව ප‍්‍රකාශ කරමින් සත්‍ය වශයෙන්ම යොදවාගෙන තිබෙන්නේ කුමන කටයුතු සඳහා දැයි වෙනමම පරීක්ෂා කළ යුතු බව මෙයින් පැහැදිලි වේ.

Read more

විනිසුරු පත්කිරීමේ අවුලක්

2017-02-12     (ඉන්ද්‍රසිරි ජයසුන්දර)

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට හා සාමාන්‍ය පිළිගත් ක‍්‍රමවේදයට පිටින් මහාධිකරණයට විනිසුරුවරයෙකු පත්කිරීම නිසා අධිකරණ ක්ෂේත‍්‍රයේ විශාල විරෝධයක් ආණ්ඩුව වෙත එල්ලවෙමින් ඇති බව වාර්තා වේ. සාමාන්‍ය ක‍්‍රමවේදයට අනුව මහේස්ත‍්‍රාත් උසාවිවල සිටින විනිසුරුවරුන්ගෙන් ජ්‍යෙෂ්ඨත්වය සලකා මෙවැනි පත්කිරීම් කරනු ලැබීය. එහෙත් පසුගියදා මහාධිකරණයට පත්කරන ලද කන්නන් රාමනාදන් නමැති විනිසුරුවරයා එවැනි අයකු නොවන බව නීති කේෂ්ත‍්‍රයේ කතාබහට ලක්වී තිබේ. ඊට අමතරව ඔහු මහේස්ත‍්‍රාත් විභාගය අසමත් වූ අයකු බවද වාර්තා වේ. එසේම නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය අකාර්යක්ෂම නිසා සේවයෙන් ඉවත්කර ඇති බවද ආරංචි මාර්ග ප‍්‍රකාශ කරයි. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමේදී නීතියේ ස්වාධීනත්වය තහවුරු කරමින් යහපාලනය ඇතිකරන බව ප‍්‍රකාශ කළද මෙවැනි සිදුවීම්වලින් එය සම්පූර්ණයෙන් කණපිට හැරී තිබෙන බවද අධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය තුළද කතාබහට ලක්වී තිබේ.

Read more

ආණ්ඩුවේ සයිටම් ආලයට වැඩ කරන ජනතා විරෝධය

2017-02-12     (නිපුණා සාරංගි )

සයිටම් ආයතනය නීතිගත කිරීම සඳහා ආණ්ඩුව විසින් දරන උත්සාහයට විරෝධය පළ කිරීමට වැඩ කරන ජනතාවද එක් වීමට තීරණය කර ඇත. පසුගිය දිනෙක අධිකරණය විසින් ලබා දුන් තීන්දුවට මුවා වෙමින් ආණ්ඩුව මෙලෙස නින්දිත උත්සාහයක යෙදෙන බවට ඔවුහු චෝදනා කරති. එබැවින් ආණ්ඩුවේ මෙම ක‍්‍රියාපිළිවෙතට එරෙහිව රට පුරා පිහිටි පෞද්ගලික හා අර්ධ රාජ්‍ය සමාගම් ගණනාවක සේවකයන් එක්ව අන්්තර් සමාගම් සේවක සංගමයේ මැදිහත්වීමෙන් උද්ඝෝෂණ සංවිධානය කොට තිබිණ. ඒ අනුව බියගම ආයෝජන මණ්ඩලය, ලංකා ටයිල් (පී.එල්.සී.) - (රණාල), ඇක්්වා පැකේජින් (වත්තල), මැක්සීස් සමාගම (වෙන්නප්පුව* හා ඒසියා ෆැසිපික් බෲවරි ලිමිටඞ් (මාවතගම) යන ආයතන ඉදිරිපිට දී පසුගිිය 07වන දින දී ද, රෝයල් පෝසිලේන් සමාගම (හොරණ), සිලෝන් බිස්කට් ලිමිටඞ් (පන්නිපිටිය), පේන්ට් ඇන්ඞ් ජනරල් (නාවල), ලිට්ල් ලයන් සමාගම (කොළඹ 13), ලංකා වෝල් ටයිල් සමාගම (පාදුක්ක), කොකා කෝලා සමාගම (බියගම), දංකොටුව පෝසිලේන් සමාගම (දංකොටුව), නොරිටාකේ ලංකා සමාගම (මාතලේ), රෝයල් සෙරමික්ස් සමාගම (ඇහැළියගොඩ) හා පැලවත්ත සීනි සමාගම (බුත්තල) යන ආයතන ඉදිරිපිට දී හා රත්මලාන බෙලෙක් කඬේ හන්දිය අසල පසුගිය 08වන දා ද මෙලෙස විරෝධතා සංවිධානය කොට තිබිණි.

Read more

ආර්ථික අර්බුද පහක් මහ බැංකු වාර්තාවෙන් එළියට

2017-02-12     (ඉන්ද්‍රසිරි ජයසුන්දර)

ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර තිබෙන නවතම නිිවේදනයකින් ආර්ථික ගැටළු උග‍්‍ර වෙමින් තිබෙන ආකාරය විවිධ අංශ පහක් යටතේ හෙළි වී තිබේ. භාණ්ඩ හා සේවා මිල, පොලී අනුපාත සහ ණය ගැනීම් මෙන්ම විදේශීය වෙළඳ හි`ගය ඉහළ යාමෙන්ද සෘජු විදේශ ආයෝජන පහත වැටීම සහ විදේශ සංචිත පහත වැටීම යන අංශවලින් ගැටළු උග‍්‍ර වෙමින් තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් මස සිට 2017 ජනවාරි අවසන් වන විට මාසයක් තුළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය සියයට 5.8සිට සියයට 7.0 දක්වා ඉහළ ගොස් තිබේ. ජනතාව මත පටවා තිබෙන බදු බර ඉහළ යාම සහ නිය`ගය යන කරුණු මෙයට බලපා තිබෙන බව සඳහන්ය. වාණිජ බැංකු ලබා දෙන ණය පොලිය ඉහළ ගොස් තිබියදී පාවා රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය ලබා ගන්නා ණය ප‍්‍රමාණයද ඉහළ ගොස් තිබෙන බවත්, විදේශ වෙළදාමේ පාඩුව 2015 මුල් මාස එකොළහ තුළදී ඩොලර් කෝටි 760 සිට 2016 එම කාලය තුළ ඩොලර් කෝටි 820 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් හෙළි කර ඇත. එමෙන්ම සෘජු විදේශ ආයෝජන පහත වැටී තිබෙන අතර මෙරට තිබූ විදේශ ආයෝජන ආපසු ඉවත් කර ගැනීම ඉහළ ගොස් තිබෙන බවත් සඳහන්ය. එසේම 2016 අවසාන වන විට තිබූ ඩොලර් කෝටි 600ක විදේශ සංචිත ප‍්‍රමාණය ඩොලර් කෝටි 550 දක්වා පහත වැටී ඇත. මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් පෙබරවාරි 7වෙනි දින නිකුත් කර තිබෙන මුදල් ප‍්‍රතිපත්ති විවරණ අංක 01-2017 මගින් මෙම කරුණු හෙළි වේ. ආර්ථිකයේ සුබදායී අංශ වශයෙන් එහි සඳහන් වන්නේ විදේශ රැුකියා නියුක්තිකයන් එවනු ලබන මුදල් ඩොලර් කෝටි 720 දක්වා සුළු වශයෙන් ඉහළ යාම සහ සංචාරක ඉපයීම් ඩොලර් කෝටි 340 දක්වා ඉහළ යන කරුණු දෙක පමණය.

Read more