මේස පන්දු තරගාවලිය

2017-03-12     (පුබුදු අරවින්ද)

කෑගලූ විද්‍යාලයට වසර 75ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයේ ‘ආදි ශිෂ්‍ය මේස පන්දු සංගමය’ සහ විද්‍යාලයීය ‘මව්පිය මේස පන්දු සංගමය’ එක්ව සංවිධානය කළ මේස පන්දු තරගාවලිය පසුගියදා කෑගලූ විද්‍යාලයීය ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ දී පැවැත්විණි. මේ සඳහා පාසල් සහ කී‍්‍රඩා සංගම් නියෝජනය කරමින්, කී‍්‍රඩක, කී‍්‍රඩිකාවන් විශාල ප‍්‍රමාණයක් සහභාගී වූහ. මෙහි බාලක ශූරතා සියල්ලම හිමි වූයේ කෑගලූ විද්‍යාලයටය. එම විද්‍යාලයේ තෙනුක දිනුජය දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සහ කෑගල්ල, ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ අයි. එස්. පි‍්‍රයදර්ශනී දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස සම්මාන ලැබීය.

Read more

ගුවන් හමුදා පාපැදි සවාරිය

2017-03-12     (පුබුදු අරවින්ද)

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව 18 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ‘ගුවන් හමුදා පාපැදි සවාරිය’ පසුගියදා නිමාවට පත් විය. මෙවර තරගාවලිය අදියර තුනක් යටතේ පැවැති අතර, සමස්ත දුර කිලෝ මීටර් 415කි. මෙවර තරගාවලියේ ප‍්‍රථම ස්ථානය ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ අවිශ්ක මැඩොන්ඩාටය. ඒ සඳහා ඔහුට ගත වූ කාලය පැය 9යි, මිනිත්තු 9යි, තත්පර 38කි. දෙවැනි සහ තුන්වැනි ස්ථාන ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ මධුශංඛ පෙරේරාට (පැ. 9යි, මි. 9යි තත්. 40)සහ බුද්ධික වර්ණකුලසූරියට (පැ.9, මි.9.තත්.42) හිමි විය. ජයග‍්‍රාහකයාට මුදලින් රුපියල් ලක්ෂ තුනක් පිරිනැමිණි.

Read more

වෙඩි තැබීමේ තරග මාර්තු මාසයේදී...

2017-02-26     (පුබුදු අරවින්ද)

ශ‍්‍රී ලංකා කාර්මික ආරක්ෂක පදනම විසින් පළමු වතාවට සංවිධානය කරන අන්තර් ආරක්ෂක සේවා සමාගම් වෙඩි තැබීමේ තරගාවලිය මාර්තු මස 04 සහ 05 දෙදින පානළුව ශ‍්‍රී ලංකා යුද හමුදා වෙඩි පිටියේදී පැවැත්වීමට නියමිතය.

Read more

හංවැල්ල රාජසිංහයන් අවසන් පූර්ව වටයට...

2017-02-26     (පුබුදු අරවින්ද)

2017 ‘සිංගර්’ කුසලාන සමස්ත ලංකා අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ 3 වන කාණ්ඩයේ අවසන් කණ්ඩායම් 32 අතරට පැමිණීමට හංවැල්ල රාජසිංහ විද්‍යාලය සමත් විය. අඛණ්ඩව ඔවුන් දෙවන වටයට පැමිණි තෙවන අවස්ථාව මෙයයි. මෙවර මූලික වටයේදී ඔවුන් බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය, තෝලංගමුව ඩඞ්ලි සේනානායක විද්‍යාලය, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය, කටුගස්තොට රාහුල විද්‍යාලය, නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය, කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලය යන පාසල් සමග තරග වැදුණි.

Read more

මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලයට විශිෂ්ට ජයක්

2017-02-19     (පුබුදු අරවින්ද)

ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ‘සිංගර්’ කුසලාන වයස අවැදු 19න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් පසුගියදා නිමාවට පත් විය. ඒ මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය හා ආනන්ද ශාස්ත‍්‍රාලය අතරය. පළමු ඉනිම ස`දහා ආනන්ද ශාස්ත‍්‍රාලය ලකුණු 459ක් ලබා ගත්තේය. මෙහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ඩිල්ෂාන් ප‍්‍රමොද් ලකුණු 174ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ මාදම්පා මධ්‍ය මහා විද්‍යාලීය ක‍්‍රීඩකයන් ලකුණු 202කට පළමු ඉනිම නිමා කළේය. දෙවන ඉනිමේදී ද ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 79 ක් පමණි. ඒ අනුව ඔවුන්ගේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 281 විය. ඒ අනුව ලකුණු 178 හා ඉනිමක ජයක් වාර්තා කිරීමට ආනන්ද ශාස්ත‍්‍රාලයේ කී‍්‍රඩකයන් සමත් විය.

Read more

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

2017-02-20     (පුබුදු අරවින්ද)

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයත් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ශූරතාවලියේ ජය අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. දක්ෂ පිතිහරබයක නිරත වූ අෙස්ල ගුණරත්න පන්දු 46 කදී හයේ පහර 05 ක් සමගින් ලකුණු 82 ලබාගැනීමට සමත් විය

Read more

රීබොන් කුසලාන කාන්තා ක‍්‍රිකට් තරගාවලිය

2017-02-12     (පුබුදු අරවින්ද)

අන්තර් පාසල් බාලිකා ‘රීබොන් කුසලාන’ සය සාමාජික සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 11 සහ 12 දිනවල කොළඹ මුවර්ස් පිටියේ දී පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර ඇත. කොළඹ දිස්ත‍්‍රික් කාන්තා ක‍්‍රිකට් සංගමයේ 20 වෙනි සංවත්සරයට සමගාමීව මෙම තරගාවලිය සංවිධානය කර ඇත. මෙම තරගාවලියේ් ශූරියන්ට රීබොන් කුසලානය සම`ග මුදලින් රුපියල් 1,00,000.00ක් ද, අනුශූරතාවට රුපියල් 50,000.00ක් ද ලබා දීමට නියමිත ය. මේ ස`දහා කොළඹ පාසල් මෙන්ම ග‍්‍රාමීය බාලිකා පාසල්වලින්ද කණ්ඩායම් ඉදිරිපත් වේ.

Read more

වෙරළ වොලිබෝල් තරග සදහා කණ්ඩායම් තෝරයි

2017-02-12     (පුබුදු අරවින්ද)

ආසියානු වොලිබෝල් සංගමය විසින් සංවිධානය කරන වයස 21 පහළ ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියට සහභාගී වන ශී‍්‍ර ලංකා පිරිමි හා කාන්තා කණ්ඩායම් මේ වන විට තෝරාගෙන තිබේ. මොවුන් සහභාගී වන තරගාවලිය මාර්තු මස 2 වෙනිදා සිට 4 වෙනිදා දක්වා තායිලන්තයේ දී පැවැත්වීමට නියමිත ය. මේ ස`දහා ශී‍්‍ර ලංකා පිරිමි කණ්ඩායමට කී‍්‍රඩකයන් සිව් දෙනෙකු හා පුහුණුකරුවෙකු ඇතුළත් වන අතර, කාන්තා කණ්ඩායමට කී‍්‍රඩිකාවන් සිව්දෙනෙකු හා පුහුණුකරුවෙකු ඇතුළත් වේ. මෙහි කණ්ඩායම් තෝරා ගැනීමේ තරග ඉකුත් 22 දා ශී‍්‍ර ලංකා වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණය යටතේ මාකොල, හෙයියන්තුඩුව තරුණ සේවා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

Read more

කරාතේ කී‍්‍රඩකයන් තේරීම පෙබරවාරියේ

2017-01-15     (පුබුදු අරවින්ද)

මෙම වසරේ දී පැවැත්වීමට නියමිත ජ්‍යෙෂ්ඨ ආසියානු තරගාවලිය, දකුණු ආසියානු තරගාවලිය සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලිය සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තෝරා ගැනීමේ සැසි පෙබරවාරි මස 15 සිට 19 දක්වා පැවැත්වීමට ශී‍්‍ර ලංකා කරාතේ දෝ සංගමය තීරණය කර ඇත. මෙහි දී වයස අවුරුදු 14-15, 16-17, 21ට අඩු සහ 21ට වැඩි වයස් කාණ්ඩ සඳහා දුඹුරු පටි සහ කළු පටි කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තෝරා ගැනීමට නියමිතව ඇත.

Read more

1 වන කොටසේ ශූරතාවය තිස්ස මැදි විදුහලට

2017-01-15     (පුබුදු අරවින්ද)

වයස අවුරුදු 13න් පහළ ‘සිංගර්’ ශූරතා තරගාවලියේ පළමුවැනි කොටසේ ශූරතාව හිමි කර ගැනීමට කළුතර තිස්ස මැදි විදුහල සමත් විය. ඒ පසුගිය දා වේල්ස් කුමර විද්‍යාලය සමඟ කොළඹ තර්ස්ටන් කී‍්‍රඩාංගණයේ දී පැවැති අවසන් තරගය ජය ගනිමිනි. එහි ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් තිස්ස මැදි විදුහල පන්දු වාර 65 කදී කඩුළු 4 කට ලකුණු 217ක් වාර්තා කළේය. මෙහිදී මිතිර තිනුර ලකුණු 109ක් රැුස් කළේ ය. පිළිතුරු ලෙස වේල්ස් කුමර විද්‍යාලය පන්දු වාර 31.4ක දී කඩුලූ පහකට ලකුණු 146ක් රැුස් කිරීමට සමත් විය.

Read more

අපූරු සිහිවටනයක්

2017-01-08     (සමන් රණවකඅාරච්චි)

වර්ෂ 1975දී තරග සංචාරයක් සඳහා ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දේශය බලා පිටත් විය. එම සංචාරය සඳහා එවකට ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරු සුනිල් ගවස්කාර් ද ඇතුළත් විය. එම සංචාරය අතරතුර දී දිනක් ඔහු තනිව ම එහි නගරයක සංචාරය කරන විට ඔහුගේ මුදල් පසුම්බිය නැති වී ඇති බව ඔහුට වැටහිණි. වටපිට බැලූ ඔහුට එම නගරයේ වාසය කරන ගණන්කාර පුද්ගලයකු දක්නට ලැබිණි. එම පුද්ගලයා වෙත ගිය ගවස්කාර් තමා කවුරුන් දැයි හඳුන්වා දී තමාට සිදු වූ ඇබැද්දිය පිළිබඳව එම පුද්ගලයාට දැන්වී ය. එවිට ගවස්කාර්ට එම ස්ථානයේ සිටින ලෙස පැවසූ එම පුද්ගලයා එතැනින් නික්ම ගියේ ය. මිනිත්තු දහයකට පමණ පසු යළි පැමිණුණු ඔහු මුදල් පසුම්බියක් ගවස්කාර්ට ලබා දුන්නේ ය. ”මහත්තයා, බලන්න මේක ද නැති වුණු පොකට් එක ?” ”ඔව් මේක තමයි.” ”බලන්න මොකුත් අඩු වෙලා ද කියලා ?” ”නැහැ මොකුත් අඩු නැහැ.” මෙසේ පැවසූ ගවස්කාර් එම පුද්ගලයාට තුටුපඬුරක් ලෙස මුදලක් ලබා දුන්නේ ය. ”මහත්තයා, මට සල්ලි එපා... අපේ ඥාති කොල්ලෙක් ඉන්නවා. ඌ කි‍්‍රකට් පිස්සෙක්. ඌට තියෙන්නෙ පුදුම ගවස්කාර් පිස්සුවක්. පුළුවන් නම් පොඞ්ඩක් ඇවිල්ලා ඌව හම්බ වෙලා යන්න.” මෙම ඉල්ලීමට එකඟ වූ ගවස්කාර් අදාළ කොලූ ගැටයා හමු වීමට ගියේය. ඒ වන විට දහතුන් වන වියේ පසු වූ මෙම කොළු ගැටයා හමු වූ ගවස්කාර් ඔහු සමඟ සුහද කතාබහක නිරත වී ඔහුට සිහිවටනයක් ලෙස තමා ළඟ තිබූ පෙන්ඩනයක් ද තෑගි දී එතැනින් පිටත් විය. එම කොලූ ගැටයා ද තමාට ගවස්කාර්ගෙන් ලැබුණු සිහිවටනය ඉතා පරිස්සමට ළඟ තබා ගත්තේ ය. 1983 වසරේ දී තරග සංචාරයක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉන්දියාවට පැමිණියේ ය. එහි දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරන යොවුන් කී‍්‍රඩකයකු සුනිල් ගවස්කාර් වෙත ගොස් යමක් පෙන්වා එය මතක දැයි ඇසී ය. ”ඔබට මේක මතක ද?” ඔව් මතකයි. මම මීට අවුරුදු කිහිපයකට කලින් ඔයගොල්ලන්ගේ රටේ පිරිමි ළමයෙකුට මේක දුන්නා. ඔබට කොහොම ද මේක හම්බ වුණේ ?” ”මම තමයි, ඔබ එදා මේක දුන්න පිරිමි ළමයා...” එදා සුනිල් ගවස්කාර්ගෙන් එම සිහිවටනය ලබා ගත් එම කොලූ ගැටයා පසුකලෙක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමෙන් බිහි වූ සුපිරි පිතිකරුවකු මෙන් ම නායකයකු ද විය. ඔහු රිචී රිචඞ්සන් ය.

Read more

වෙළෙඳ සේවා ටෙනිස් තරගාවලිය

2017-01-08     (පුබුදු අරවින්ද)

ශී‍්‍ර ලංකා වෙළෙද සේවා ටෙනිස් සංගමය සංවිධානය කළ වෙළෙද සේවා ටෙනිස් තරගාවලිය පසුගිය දා නිමාවට පත්විය. මෙම තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට ලකුණු 173ක් ලබා ගත් මාස් හෝල්ඩිංස් සමාගම සමත් වූ අතර, අනුශූරතාව ඞී.එෆ්.සී.සී. බැංකු කණ්ඩායම විසින් හිමි කර ගන්නා ලදී.

Read more