ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ‘සිංගර්’ කුසලාන වයස අවැදු 19න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් පසුගියදා නිමාවට පත් විය. ඒ මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය හා ආනන්ද ශාස්ත‍්‍රාලය අතරය. පළමු ඉනිම ස`දහා ආනන්ද ශාස්ත‍්‍රාලය ලකුණු 459ක් ලබා ගත්තේය. මෙහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ඩිල්ෂාන් ප‍්‍රමොද් ලකුණු 174ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ මාදම්පා මධ්‍ය මහා විද්‍යාලීය ක‍්‍රීඩකයන් ලකුණු 202කට පළමු ඉනිම නිමා කළේය. දෙවන ඉනිමේදී ද ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 79 ක් පමණි. ඒ අනුව ඔවුන්ගේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 281 විය. ඒ අනුව ලකුණු 178 හා ඉනිමක ජයක් වාර්තා කිරීමට ආනන්ද ශාස්ත‍්‍රාලයේ කී‍්‍රඩකයන් සමත් විය.