තම ඉඩම් නැවත ලබා දෙන ලෙස ඉල්ලා පසුගිය ජනවාරි 31 වැනි දින වන්නි දිස්ති‍්‍රක්කයේ තෝප්පුලව් හමුදා කඳවුර අසල ප‍්‍රදේශයේ ජනතාව ආරම්භ කළ සත්‍යග‍්‍රහය තව දුරටත් පවත්වමින් සිටිති. යුද්ධය නිමා කර වසර අටක් ගෙවී ගොස් තිබුණත්, තවමත් අතුරුදහන් වූවන්ගේ ප‍්‍රශ්නය, දේශපාලන සිරකරුවන්ගේ ප‍්‍රශ්නය සහ ඉඩම් ප‍්‍රශ්නය නොවිසැඳී පවතින අතර, මේ වන විට ආර්ථික සහ රැුකියා ප‍්‍රශ්නද බරපතලව බලපා තිබේ. මේ තත්ත්වය තුළ ඉක්මනින් විසැඳුම් ලබා දිය හැකි ජනතාවගේ ඉඩම් වහා ම නිදහස් කර දෙන ලෙස ඉල්ලා මෙම සත්‍යග‍්‍රහය ආරම්භ කෙරිණි. දේශපාලන පක්ෂ, භික්ෂූන් වහන්සේලා ඇතුළු පූජක පක්ෂය, සිවිල් සංවිධාන, වෘත්තීයවේදීන් සහ බහුජන සංවිධාන මෙන් ම විදේශගතව සිටින දෙමළ ජනතාව ද සත්‍යග‍්‍රහයට සහයෝගය දක්වමින් සිටිති. වන්නි දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර, සිවමෝහන් ද සත්‍යග‍්‍රහයට සහයෝගය පළ කළ අය අතර සිටී. ආණ්ඩුව තම දැවෙන ඉඩම් ප‍්‍රශ්නයට විසැඳුම් ඉක්මනින් ලබා නොදෙන්නේ නම්, උතුරු පළාතේ රාජ්‍ය ආයතන, පාසල්, පෞද්ගලික ව්‍යාපාර ස්ථාන, හෝටල් වසා දමා ගමනාගමනය ද නවත්වා දැඩි විරෝධතාවක් දක්වන බවට අනතුරු අඟවා තිබේ.