ක‍්‍රිමියාව පිළිබඳව නැගෙනහිර යුක්රේනය තුළ ක‍්‍රියාත්මක වන සිදුවීම් සම්බන්ධයෙන් රුසියාව වගකීම බාර ගත යුතු බවට ඇමරිකානු උප ජනාධිපතිවරයා ජර්මනියේ මියුනිච් නගරයේ පැවති අභ්‍යන්තර ආරක්ෂක සමුළුවකට සහභාගී වෙමින් ප‍්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. උප ජනාධිපති ලෙස වැඩ බාර ගැනීමෙන් විදේශයකදී පැවැත්වූ ප‍්‍රථම දේශනය පවත්වමින් ඔහු විසින් වැඩිදුරටත් රුසියාව වෙත අනතුරු අගවමින් කියා සිටියේ 2015 වසරේදී එක`ගතාවයකට පැමිණි සාම සම්මුතිය සඳහා ගරු කළ යුතු බවයි. තවද ඇමරිකාවේ නව පාලනය සමග දෙරටටම එකග විය හැකි කරුණු සම්බන්ධයෙන් සලකා බලන බවටද ඔහු විසින් එහිදී අවධාරණය කර සිටියේය. එසේම යුරෝපයේ, නේටෝ රටවලට හිතවාදී රටක් ලෙස නොවෙනස්ව ක‍්‍රියා කිරීමට තමන් කටයුතු කරන බවට ආරක්ෂක සමුළු සාමාජිකයන් ඉදිරියේ සහතික වූ ඇමරිකා උප ජනාධිපතිවරයා ආරක්ෂක කටයුතු සඳහා වන වියදම්ද ඉහළ දැමීම උදෙසා කටයුතු කිරීමේ අවශ්‍යතාවයක්ද මතු වී ඇති බවද අවධාරණය කරන ලදී. කෙසේ නමුත් ඔහුට පෙර අදහස් දැක්වූ ජර්මන් චාන්සලර්වරිය විසින් සමුළු සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේ සරණාගත ප‍්‍රශ්නය, ගෝලීයකරණය සහ ඉස්ලාම්වාදී ත‍්‍රස්තවාදය වැනි ගැටළු විසඳීම සඳහා සහයෝගය ලබා දෙන ලෙසයි.