පර්යේෂණ කණ්ඩායමක් විසින් හඳුනා නොගත් නව මහද්වීපයක් සොයා ගත් බව වාර්තා වේ. එසේම ඔවුන් විසින් සොයා ගත් මෙම මහද්වීපය සඳහා ‘සීලන්ඩියා’ යනුවෙන් නම් තබා ඇතැයිද වාර්තා වේ. නවසීලන්තය සහ කැලිඩෝනියා දූපත් සමූහය හැරුණුකොට මෙම අලූත් මහද්වීපයට ඇතුළත් කෙරුණු භූමියෙන් වැඩි කොටසක් මුහුදු ජලයෙන් යට වී ඇතැයි පැවසේ. ‘ජියලොගිකල් සොසයිටි ඔෆ් ඇමරිකා’ යනුවෙන් මෙම පර්යේෂකයන් විසින් පළකළ ලිපියට අනුව වර්ග කිලෝමීටර් මිලියන පහක (වර්ග සැතපුම් මිලියන 1.9ක)වපසරියක් මේ සඳහා අයත් වන අතර, එය ඕස්ටේ‍්‍රලියා භූමියෙන් 2/3ක පමණ භූමි ප‍්‍රමාණයකට සමාන වන බවද අනාවරණය කරගෙන ඇත. තවද මේ භූමිය අවට ඇති ප‍්‍රදේශයට වඩා ඉහළින් පිහිටන අතර, සුවිෂේශී භූ විද්‍යාත්මක ලක්ෂණ ඒ සඳහා අයත් බව විද්‍යාඥයන්ගේ අදහස වී ඇත. තවද මෙම භූමිය සතුව මහද්වීපයක් සතු සියලූ භෞතික ලක්ෂණ පවතින බවද ඔවුන් විසින් සඳහන් කරනු ලබයි. කෙසේ නමුත් තවමත් මෙය නිල වශයෙන් මහද්වීපයක් ලෙස පිළි නොගන්නා අතර ඉදිරියේදී පවතින පර්යේෂණ කටයුතු සමගින් ‘සීලෙන්ඩියා’ ලොව අටවැනි මහද්වීපය බවට පිළිගනු ඇතැයි විද්‍යාඥයන් වැඩිදුරටත් අදහස් දක්වමින් ප‍්‍රකාශ කර සිටියේය.