පසුගිය සති අන්තයේ පුවත්පත්වල පොදුවේ ප‍්‍රධාන විශේෂාංග ලිපි තුනක් පළ කර තිබුණා. බැඳුම්කර වංචාව ගැන පත්කර තිබෙන ජනාධිපති කොමිෂන් සභාවේදී හෙළිවුණ කරුණු එක් විශේෂාංගයක මාතෘකාවය. බන්ධනාගාර රැුඳවියන් කඩුවෙල අධිකරණය දක්වා ගෙන එන අතර කළුතරදී සිදු කළ සත් පුද්ගල සමූහ ඝාතනය අනිකය. මාලඹේ හොර වෛද්‍ය උපාධි කඩයේ දෙවැනි ලොක්කා වශයෙන් සිටි සමීර සේනාරත්නට වෙඩි තැබීමේ රංගනය තුන්වෙනි විශේෂාංගයේ මාතෘකාව විය. මේ තුනම සම්බන්ධයෙන් තිබෙන දේශපාලන සෘජු මැදිහත්වීම එම විශේෂාංගවලදී මතු කර තිබුණේම නැති තරම්ය. ඒ අතර පසුගිය සතියේ ‘ලංකා’ ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය හෙළි කර තිබුුණේ මාළඹේ සයිටම් ආයතනය පාතාලය සමග සම්බන්ධ බවයි. ඊට අදාළ කරුණු ප‍්‍රවෘත්තියෙන් තහවුරු කර තිබිණි. විශේෂයෙන්ම සයිටම් ආයතනයේ දෙවැනි ලොක්කා වශයෙන් සමීර රේණුක සේනාරත්නට වෙඩි තැබීමේ රංගනය හරහා හෙළි වී තිබෙන කරුණු ඉතා වැදගත්ය. මෙම වෙඩි තැබීම ගැන ප‍්‍රවෘත්තිය ප‍්‍රචාරය වීමත් සමගම ලංකා හෙළි කළේ මෙය රංගනයක් විය හැකි බවය. පොලිස් පරීක්ෂණ තීරණාත්මක ලෙස ඉදිරියට යමින් තිබෙන අතර සමීර ලොක්කාට ඇති වූ මානසික ආතතිය සමග රුසියාවට පැන්නේය. ලැබී තිබුණු තොරතුරුවලින් තහවුරු වූයේ සමීර පැන්නේ නැවත නොඒමටය. නමුත් පොලිස් පරීක්ෂණවලට දේශපාලන බලපෑම් එල්ල කිරීමෙන් යට ගැසීමට බැරි තරමට රටේ දැඩි අවධානය යොමු වී තිබිණි. මේ නිසා පොලිසියට බලපෑම් කර පරීක්ෂණ යට ගැසීමට සූදානම් වූ ඇමතිවරුන් දෙදෙනෙකුට ඉහළින් උපදෙස් දී තිබුණේ අත පුච්චා නොගන්නා ලෙසය. පැවති තත්ත්වයන් හමුවේ පොලිසිය පරීක්ෂණ නිසි පරිදි කරගෙන ගියේය. වෙඩි වැදුණු මෝටර් රථයට ඩමියක් (මිනිස් ආකෘතියක්* යොදා පරීක්ෂණ පැවැත්වීය. වෙඩිි තබන අවස්ථාවේ සමීර සේනාරත්න එහි රියදුරු අසුනේ සිටියේ නම් නියත වශයෙන්ම වෙඩි වදින බව පොලිසිය තහවුරු කළේය. අනික් පැත්තෙන් වෙඩි තැබීම ගැන කියමින් කම්පනයට පත් වූ සමීර රෝහල්ගත වීමෙන් පසුව කම්නයෙන් මිදී පොලිසියට ලබා දුන් ප‍්‍රකාශයේ සඳහන් වන්නේ වෙඩි තබන විට දකුණු පසට ඇලවී ජීවිතය බේරා ගත් බවයි. ඔය කියන තරම් දකුණට බරවී නැවී යාමට නොහැකිය. මන්ද එතන දොරේ වදින නිසාය. අනික් පැත්තෙන් වෙඩිල්ලේ ස්වභාවය සහ රියදුරු අසුනේ සිටීමේ තත්ත්වය විසින් (බෙල්ට් එක දාගෙන* එසේ ආරක්ෂාකාරී තරමට ක්ෂණිකව නැවී පහත් විය නොහැකිය. කරුණු මත තහවුරු වූ පරිදි රියදුරු අසුනේ සිටියේ නම් නියත වශයෙන් වෙඩි වැදිය යුතු සමීර නිරුපද්‍රිතය. තව දුරටත් තහවුරු වූයේ සමීර රියදුරු අසුනේ සිට දොර විවෘත කරගෙන එළියට පැමිණියේ නම් වීදුරු කැබලි එළියේ බිමට වැටිය යුතු බවය. දොර ඇරීමේදීද යළි දොර වැසීමේදීද වීදුරු කැබලි බිිමට වැටිය යුතුය. එයින්ද අසමත් වූ රංගනය ගැන තවත් නිරීක්ෂණාත්මක තහවුරුවක් රස පරීක්ෂක විසින් ලබා දී තිබිණි. එය නම් සමීර ඇඳ සිටි කමිසයට වීදුරු කුඩු සහ කැබලි වැටී තිබිය යුතු බවය. කමිසයේ වීදුරු කුඩු තිබුණේද නැත. මේ කරුණු තහවුරු වීමෙන් පසුව වෙඩි තැබීමේ රංගනයේ සහයක නළුවන් සොයා පොලිස් පරීක්ෂණ දියත් කෙරිණි. එයින් සොයාගෙන තිබෙන්නේ පාතාලයට සම්බන්ධ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු වෙඩි තැබීම ක‍්‍රියාත්මක කර ඇති බවය. ඔහු දැනට පලා ගොස් සැ`ගවී සිටී. පොලිස් පරීක්ෂණවලට බාධාවන බැවින් නම හෙළි නොකෙරේ. දැන් සයිටම් හොර වෛද්‍ය උපාධි කඩය බේරා ගැනීමේ පෙරමුණක් සහ එයට විරෝධී පෙරමුණක් වශයෙන් බලවේග දෙකක් තිබේ. මෙය හරියටම සමාන වන්නේ ඇවන්ගාර්ඞ් ජාවාරමටය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාගේ පෞද්ගලික මැදිහත්වීමෙන් ඇවන්ගාර්ඞ් ජාවාරම් සමාගම බිහි කරන ලදී. සංග‍්‍රාමික අවි ත‍්‍රිවිධ හමුදාවලට හැර වෙනත් කිසිම තැනක නොතිබිය යුතුය. එසේ තිබියදී සංග‍්‍රාමික අවි ඇවන්ගාර්ඞ් ජාවාමුන්ට දී තිබිණි. නීති විරෝධී ගිනි අවි තොගද ලබා දී තිබිණි. බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයෙන් සහ ගාලූ වරායේ නවතා තිබූ නෞකාවකින් සොයා ගත්තේ ඒවාය. එම වැටලීම කළ දිනවල රාජපක්ෂ කල්ලියේ ගැත්තරයන් ප‍්‍රචාරය කළේ මිලේනියම් සිටි පාවා දීමට මෙය සමාන බවය. නිශ්ශංක සේනාධිපති යටතේ රණවිරුවන් නමින් හැඳින්වූ සීමිත ඉහළ නිලයන් පිරිසක් අසීමිත වැටුප් ලබා දී මෙම නීති විරෝධී ජාවාරම කරගෙන ගියේය. එයට එරෙහි ක‍්‍රියාමාර්ග නැවැත්වීමට සති අන්ත පත්තර පිටු දෙක තුන වෙන් කරගෙන දැන්වීම් පළ කෙරිණ. ඇවන්ගාර්ඞ් ජාවාරම්කරුවන් සැලසූයේ යැයි කියූ සමාජ සුබ සාධන ප‍්‍රතිලාභ ගත් පිරිසක් බව කිියූ අයගේ අදෝනා ඒවායෙහි පළ කර තිබිණි. රණවිරුවන්් යනුවෙන් කියා ගන්නා පුද්ගලයන්ගේ ප‍්‍රකාශ පළ කර තිබිණි. එයින් නොනැවතී උද්ඝෝෂණ පැවැත්වීය. බාල වර්ගයේ තර්ජනය කිරීම් කරුණු ලැබීය. මේ සියල්ල පිටුපස තිබුණේ මැදමුලන පාතාලයේ ම`ග පෙන්වීම, අනුග‍්‍රහය සහ රැුකවරණයය. මේ අතර විශේෂත්වය වූයේ මේ සියල්ල ආරක්ෂා කරන ඇමති බැලයන් කිහිප දෙනෙක් හවුල් ආණ්ඩුව තුළ සිටීමය. දැන් සයිටම් හොර වෛද්‍ය උපාධි කඩය සම්බන්ධයෙන් දිග හැරෙමින් තිබෙන්නේ එම ක‍්‍රියාදාමය නොවේද? රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ලලිත් දිසානායක ආදීන් සමග නෙවිල් ප‍්‍රනාන්දු, සමීර සේ්නාරත්්න තකට තක සිටියහ. රාජ්‍ය බැංකුවලින් රුපියල් මිලියන 600ක් ඇප රහිතව ණය දී ඇත්තේ හොර වෛද්‍ය උපාධි කඩය ඇරඹීමටය. එයට අවශ්‍ය රෝහල ඇරඹීමට එස්.බී.ගේ නිර්දේශයෙන් මහින්ද රාජපක්ෂ මහජන බැංකුවෙන් රුපියල් මිලියන 400ක් ලබා දුන්නේය. හොර උපාධි කඩයේ ඉගෙන ගන්නා අයට රජයේ රෝහල්වල සායනිික පුහුණුව ලබාදීමට ඉඩ දෙන ලෙස ‘මැදමුලන ධර්මයෙන්’ අනුශාසනා කෙරින. නීතියෙන් තර්ජනය කෙරින. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට බලපෑම් කෙරිණි. මේ සියල්ල මැදමුලන මහින්දගේ සහ කල්ලියේ ක‍්‍රියාකාරකම්ය. සයිටම් හොර වෛද්‍ය උපාධි කඩය ආරම්භයේ සිටම හොර ගේම් සඳහා පිවිසියේ මැනේජ්මන්ට් (ඵ්බ්ටැපැබඑ* යන්න මෙඩිසින් (ඵැාසජසබැ* බවට පත් කර ගනිමින්ය. ඇවන්ගාර්ඞ් ජාවාරමට ආරම්භයේ සිටම ගෝඨා මැදමුලන ආරක්ෂාව සැපයූවේ යම් සේද සයිටම් හොර වෛද්‍ය උපාධි කඩයට ආරම්භයේ සිටම මැදමුලන මහින්ද මේ වෙනුවෙන් මැදිහත් විය. සයිටම්හි අධ්‍යාපනය ලැබීමට මහජන මුදලින් ශිෂ්‍යත්ව ලබා දුන්නේ 2013 අපේ‍්‍රල් මාසයේදී මහින්දය. නාමල්, රෝහිත, එස්.බී. දිසානායක ඇතුළු මැදමුලන කල්ලියේ පූර්ණ අනුග‍්‍රහය සහ රැුකවරණය මත සමීර සේනාරත්නලා ජාවාරම කරගෙන ගියේය. අද සයිටම් විරෝධී බෝඞ් බොරුවට උස්සන්නේ මේ මැදමුලන කල්ලියයි. ඇවන්ගාර්ඞ් ගාඞ් කිිරීමට හවුල් ආණ්ඩුවේ ඇමතිකෙරුමෙක් එළිපිට සහ රහසිගතව ඉදිරිපත් වූවාසේ දැන් සයිටම් හොර වෛද්‍ය උපාධි කඩය ආරක්ෂා කිරීමට හවුල් ආණ්ඩුවේ රාජිත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල, විජේදාස රාජපක්ෂ, එස්. බී. දිසානායක ඇතුළු පිරිසක් එළිපිටම ක‍්‍රියාකරති. මැදමුලන පාතාලයේ ජාන වර්ධනය වී වැඩ කරන්නේ මෙසේය. සමීර සේනාරත්න වෙඩි තබා ගැනීමේ රංගනයක් කරන්නේද මැද මුලන පාතාලයේ ජාන වැඩකරන අයුරු තවත් හොඳින් සනාථ කරමින්ය. සයිටම් හොර වෛද්‍ය උපාධි කඩයට තිබෙන පාතාල සම්බන්ධය පොලිස් පරීක්ෂණවලින් යන්නේ ප‍්‍රාදේශීය සභා දේශපාලඥයා දක්වාය. ඒ පිටුපස තිබෙන දේශපාලන පාතාලයේ මැදිහත්වීම දක්වා යා නොහැකිය. ඒ නීතියේ සීමා එතරම් පටු තැනක තිබෙන නිසාය. සයිටම් පාතාලයේ වෙඩි උණ්ඩ පත්තුවන්නේ නීතියේ සීමා මායිම් සේම එම නීතිය හසුරවන දේශපාලනයේ සීමා මායිම්ද හොඳින් අවබෝධ කරගෙනය. වෙඩි තැබීමේ රංගනයේ තරම හෙළිවන අතර රුසියාවට පළාගිය සමීරව යළි ගෙන්වාගෙන තිබෙන්නේ හවුල් ආණ්ඩුවේ දේශපාලන රැුකවරණය පිළිබඳව තහවුරුවකින් පසුවය. සමීර සේනාරත්න දැන් සයිටම් හොර වෛද්‍ය උපාධි කඩයේ විධායක අධ්‍යක්ෂ කමෙන් ඉල්ලා අස් වී ඇත. සයිටම් සම්බන්ධ උණ්ඩ පත්තු වීමට සමීරගේ සම්බන්ධය මාට්ටු වී හමාරය. එසේ වුවත් සමීර නිදැල්ලේය. පරීක්ෂණ මේ වන විට ප‍්‍රාදේශීය සභා දේශපාලඥයා ‘අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්’ ළ`ග නැවතී ඇත. සයිටම් පාතාල සම්බන්ධ හෙළි කරන පරිච්ෙඡ්දය එතනින් නිමා වේ දැයි දැන්් සැකයක් මතුව තිබේ.