”බැස්ටි‍්‍රය තියෙන්නෙ මරණ මංචකයේ මල්ලියේ...” ‘හෝ ගානා පොකුණ’ සිනමා කෘතිය බැලූ කොයි කාටත් මේ වචන ටික මතකයේ තියෙනවා. මෙතැන කටවහරෙදි ‘බැස්ටි‍්‍රය’ කියන්නේ වාහනවල බැටරියටයි. ඒ බැටරිය ඉතාම අබල දුබල වී මරණ මංචකයට ගොස් ඇති බව කියවේ. මෙසේ මරණ මංචකයට තල්ලූ කරන ලද රාජ්‍ය ආයතන රැුසක් තියෙනවා. එක කාලයක මේ ඔක්කොම වගේ ලොකු ලාභයක් ලැබූ ආයතන. උදාහරණයක් ‘එයාර් ලංකා’ ගුවන් සමාගම. දැන් එයාර් ලංකා කියන නමත් නෑ. එදා ලාභ ගෙන දුන් අපේ ජාතික ගුවන් සේවය අද නෑ. අඩුම තරමින් ඒ නමත් අද නෑ. අද තියෙන්නේ ‘ශී‍්‍ර ලංකන් එයාර් ලයින්’ කියන නම. එයාර් ලංකා සමාගම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘එමිරේට්ස්’ කියන ගුවන් සමාගමට විකුණා දැම්මේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන්. නඩු හබ කියලා ආයෙත් අපේ රටට ජාතික ගුවන් සේවය ලබා ගත්තා. ඒ ගන්න කොටත්, ලාභ ලබපු සමාගමක්. චන්ද්‍රිකාගෙන් පස්සේ මහින්ද ආණ්ඩුව එන කොටත් අවම මට්ටමින් හරි ලාභ ලැබූ ආයතනයක්. මහින්ද ආවාට පස්සේ ‘ශී‍්‍ර ලංකන් එයාර් ලයින්’ එකේ ලොක්කා කරලා දැම්මේ ශිරන්තිගේ අයියා නැත්නම්, මහින්දගේ මස්සිනා, අට පාස් නිශාන්ත වික‍්‍රමසිංහ. ඊට පස්සේ රාජපක්ෂ සහ පවුලේ සමාගමේ ගුවන් සේවයක් බවට පත් වුණා. හැත්ත බුරුත්ත පිරිවරාගෙන මහින්ද ලෝකෙ වටේ රවුම් ගහන කොට ලොකුම ගුවන් යානාවක් එහෙම පිටින්ම වෙන් කරන්න ඕනෑ වුණා. රාජපක්ෂ පවුල් පාලනයට හුරතල් බල්ලන් සිංගප්පූරුවේ ඉඳලා ගේන්නත් ගුවන් යානා යවන්න සිද්ධ වුණ බව කියනවා. මේ ඔක්කො ම අතරේ රාජපක්ෂ කොල්ලන්ට තෙල ඇර ගන්න කෙල්ලන් සපයන්න වුණෙත් මේ ගුවන් සමාගමට. නිශාන්ත ලොක්කාටත් එහෙමයි. ඒ ඔක්කොම අතරේ රජ ගැහිලිවලට තෝතැන්නක් කර ගන්නත් ලොක්කා අමතක කළේ නෑ. අන්තිමේ දී ශී‍්‍ර ලන්කන් එයාර් ලයින් එකේ ණය බර රුපියල් කෝටි 14,000ක්. මේ බර පටවා තියෙන්නෙත් මේ රටේ ජනතාවගේ කර මතට. රාජපක්ෂ පාලනයේ අන්තිම කාලයේ 2013දී මේ සමාගමට එයාර් බස් 13ක් ගන්න විදේශීය අතරමැදි (බ්‍රෝකර්* සමාගමක් එක්ක මූලික අවබෝධතාවකට එළඹිලා තිබුණා. එයාර් බස් නිෂ්පාදනය කර තිබෙන්නේ ප‍්‍රංශයේ, ‘එයාර් බස් ඉන්ඩස්ටී‍්‍රස්’ නම් සමාගමයි. ඒ සමාගමෙන් බස් ගන්න බ්‍රෝකර් වැඬේට යොදාගෙන තිබෙන්නේ ඩෙන්මාර්කයේ තිබෙනවා යැයි කියන ‘අර්කැප්’ නම් සමාගමක්ය. මේ සමාගම අභිරහස් සමාගමක් බව හෙළි වී තිබේ. මේ නමින් ජාත්‍යන්තර බ්‍රෝකර් සමාගමක් නොමැත. කොහොම වුණත්, ප‍්‍රංශයේ එයාර් බස් ඉන්ඩස්ටී‍්‍රස් සමාගමෙන් එයාර් බස් 13ක් ශී‍්‍ර ලන්කන් එයාර් ලයින් එකට ගන්න බ්‍රෝකර් වැඬේ කරන්නේ ඩෙන්මාර්කයේ ‘අර්කැප්’ කියන අභිරහස් සමාගම. මේ අභිරහස් සමාගම බ්‍රෝකර් වැඬේ කරන්නේ එයාර් බස් ගන්නමත් නොවෙයි. මේ එයාර් බස් ගන්න අතර මූල්‍ය පහසුකම් එහෙම නැත්නම් ‘ලීසිං’ පහසුකම් සපයන්නෙ තවත් කොම්පැනියකට. ප‍්‍රංශයේ තිබෙන ‘ඉන්ටර්නැෂනල් ලීස් ෆිනෑන්ස් කෝපරේෂන්’ කියන සමාගමයි. අර කියූ ‘අර්කැප්’ කියන අභිරහස් සමාගමේ කාර්යය වෙලා තියෙන්නේ ඉන්ටර්නැෂනල් ලීස් ෆිනෑන්ස් කෝපරේෂන් කියන සමාගමත් ශී‍්‍ර ලන්කන් එයාර් ලයින් සමාගමත් අතර මූල්‍ය බ්‍රෝකර් වැඬේ කිරීමයි. රාජපක්ෂ පවුල් පාලන අවසාන සමය වූ 2014 ඔක්තෝබර් මාසයේ මුල්ම ගුවන් යානා කීපය ලංකාවට ගේන්න නියමිතව තිබුණා. නමුත්, ඒ වෙනකොට රටේ තිබුණු ජනාධිපතිවරණ උණුසුම එක්ක රට පුරා ගිය පොදු ජන සටන් පාඨය වෙලා තිබුණේ, මහජන මුදල් මංකොල්ලකෑම්, වංචා, ¥ෂණ, කොමිස් ගැහිලිවලට විරුද්ධ සටන් පාඨයයි. ශී‍්‍ර ලන්කන් සමාගමට එයාර් බස් ගන්න ගනුදෙනුවේ ඩොලර් මිලියන ගණනක කොමිස් කුට්ටි ගැනත් ඒ අතර ඉහළින් ම කියවුණා. මෙන්න මේ තත්ත්වය නිසා එයාර් බස් ගන්න වැඬේ දින නියමයක් නැතිව කල් දාන්න සිද්ධ වී තිබුණා. දැන් ආයෙත් මතු වෙලා තියෙන්නේ කල් දැමූ එයාර් බස් ගැනිල්ලේ ගැහිලි ගැනයි. පසුගිය සතියේ ‘ලංකා’ හෙළි කළ ‘ඩොලර් මිලියන ගණනක වංචාවකට සූදානම්’ යන්න කේන්ද්‍රගතව තියෙන්නේ මේ තුළයි. රාජපක්ෂ පාලනයේ දී මිල දී ගන්න ගිවිසුම් අත්සන් කර තිබූ නිසා ගිවිසුම් කඩ කිරීමෙන් ලොකු වන්දියක් අදාළ සමාගම්වලට ගෙවන්න වෙන බව හවුල් පාලනය මුල දී කීවා. ඒ නිසා එයාර් බස් ගන්න ලෑස්ති වුණා. නමුත්, එයාර් බස් ගන්න ගිවිසුමක් අත්සන් කර නැති බවත්, මිල දී ගැනීම ගැන මූලික එක`ගතාවක් පමණක් තිබෙන බවත් පස්සෙ දි හෙළි වී තිබුණා. ඒ වගේ අවබෝධතා, වෙළෙඳ ගිවිසුම් වශයෙන් පිළිගන්නේ නෑ. ඒ නිසා වන්දි ගෙවීමක් නොකළ යුතු බව හෙළි වී තිබුණා. කොහොම හරි එයාර් බස් ගැනිල්ල නතර වී අදාළ සමාගම්වලට වන්දි ගෙවීමේ කටයුතුවලට ආණ්ඩුව දිගින් දිගටම මැදිහත් වුණා. ‘ලංකා’ පසුගිය සතියේ හෙළි කළ ඩොලර් මිලියන ගණනක ගැහිල්ලේ සූදානම ප‍්‍රධාන ආකාර තුනකින් පවතිනවා. 2010 ඔක්තෝබර් 24 වැනිදා ආර්ථික කළමනාකරණ කමිටුව තීරණය කර තිබූ එක් යානයකට ඩොලර් මිලියන 7.5 සිට 8 දක්වා වන්දිය වෙනුවට එක් යානයකට ඩොලර් මිලියන 17.7ක වන්දියක් ගෙවීමට සූදානම් වීම එකක්. ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම 2013දී ‘ඩුබායි ඔප්රික්’ බැංකුවෙන් ලබා ගත් ඩොලර් මිලියන 175ක් ගෙවීමට 2014දී ‘ස්ටෑන්ඩර්ඞ් චාර්ටඞ්’ බැංකුවෙන් ඩොලර් මිලියන 150ක් ලබාගෙන තිබුණා. වාර්තා වන අන්දමට ස්ටෑන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුවේ ඩොලර් මිලියන 150 ගෙවා අවසන්. එසේ තිබිය දී, ‘මැද පෙරදිග බැංකු සංසදය’ නම් තවත් අභිරහස් ආයතනයකින් අර ස්ටෑන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුවේ ඩොලර් මිලියන 150 ගෙවීමට බව කියමින්, ණයක් ගැනීමට සූදානම් වීම දෙවැනි වංචාවය. එතැනින් නතර නොවී තුන්වැනි ආකාරයක් ද තිබේ. ගුවන් සේවයේ මූල්‍ය ශක්තිය පවත්වා ගැනීමටත්, මෙහෙයුම් කටයුතු සහ අර්කැප් සමාගමට සිදු කළ යුතුව තිබෙන ඩොලර් ලක්ෂ 905ක ගෙවීම් සිදු කිරීමටත් බව දන්වමින්, ණය ගැනීම සඳහා කැබිනට් සන්දේශයකට අනුමැතිය ලබා ගැනීමය. ‘හෝ ගානා පොකුණේ’ ජස්ටින් මාමාගේ බස් එකේ බැස්ටි‍්‍රය මරණ මංචකයට ගියාම පාඩුව බස් මුදලාලිටය. නමුත්, ශී‍්‍ර ලන්කන් එයාර් ලයින් සමාගම මරණ මංචකයට දක්කා තියෙද්දීත්, දැනට රුපියල් කෝටි 14,000ක ණය බරක් තිබෙන අතර, ඩොලර් මිලියන ගණන්වලින් ගැහිලිවලට රාජපක්ෂ පවුල් පාලනය කැපූ පාර දිගේ හවුල් ආණ්ඩුව යස අගේට යන බව පැහැදිලිය. ‘අර්කැප්’ බ්‍රෝකර් සමාගම වගේම ‘මැදපෙරදිග බැංකු සංසදය’ යන අභිරහස් සංවිධානය ද රාජපක්ෂ පවුල් පාලනය විසින් රටෙන් පැන්නූ මහජන ධනය යළි රටට ගෙන එන අභිරහස් ලොන්ඩරිය දැයි බරපතල සැකයක් මතුව තිබේ. මේ ලොන්ඩරිය දැන් මෙහෙයවන්නේ හවුල් ආණ්ඩුව බව ඉතා හොඳින් පැහැදිලිය.