තොරතුරු දැනගැනීමේ පනත ක‍්‍රියාත්මක කර තිබෙන බව කියනු ලැබේ. තවත් පැත්තකින් මාධ්‍ය නිදහසට තරුපහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශ ලබා දී තිබෙන බවට පුරසාරම්ය. පත්තරකාරයෙක් ජනාධිපති වී සිටින බවට පුරසාමක් ද ඉඳහිට අසන්නට ලැබේ. මේ සියල්ල යටින් තිබෙන්නේ පුරසාරම්වලට ප‍්‍රතිවිරෝධී ක‍්‍රියා ගොන්නක්ය. මේ පූර්විකාව ලියූවේ ‘ඉරුදින’ පුවත්පතේ මාධ්‍යවේදීන් හත් දෙනෙකු එළියට දැමීම ගැන ලිවීමටය. නමුත් එය මේ මොහොතේ දී ඉරු දිනට පමණක් සීමා වන්නේ ද නැත. එළියට දැමීමට වලිකන ‘බැඳුම්කරේට’ බඳවාගෙන සිටින මාධ්‍යවේදීන් වැඩි දෙනෙකු හට අත් කර දී තිබෙන්නේ ද මෙයට සමාන තත්ත්වයක්ය. අද වන විට මාධ්‍ය ක්ෂේත‍්‍රය යොමු කර ඇත්තේ ජාවාරම් මගින් සොයා ගන්නා කළු සල්ලි සුදු කිරීමේ ලොන්ඩරියක් වශයෙන්ය. මේ ලොන්ඩරියේ වැඩට යොදාගෙන සිටින සීමිත පිරිසක් කිසිිදු ආත්මයක් හෝ පිටකොන්දක් නැති ‘පිටිපන ගුණසිරි’ වර්ගයේය. ධනවාදය තුළ සියලූ දේ කුණු වී ගඳ ගහන අවස්ථාවක මාධ්‍ය ක්ෂේත‍්‍රය පමණක් නිර්මල සුගන්ධයෙන් නොපවතී. බලයේ සිටින ආණ්ඩුවල අමාත්‍යාංශවලින් ඉතා ඉහළ පඩි ලබමින් මාධ්‍ය ආයතනවල රැුදී සිටින පිටිපන ගුණසිරි පන්නයේ තක්කඩි අතළොස්සක් සිටිති. පාතාලයේ ලෙයින් නැහැවුණු සල්ලිවලින් රජ ම`ගුල් කන පිරිසක්ද සිටිති. මේ අතරට නැති වුවද, මාධ්‍ය ආයතන නමින් වහල් ගුබ්බෑයම් කර ගත් සහ ඒවායෙහි ප‍්‍රවේණි දාසයන්ගේ තත්ත්වයකට පත් වූවන් ද සිටිති. මේ කවර වර්ගයකට හෝ අයත් නොවන මාධ්‍ය වෘත්තිය ගෞරවණීය සහ සමාජයේ ගුරුතැන්හිලා සලකා ක‍්‍රියා කරන පිරිසක් ද හි`ග නොවෙති. ‘ඉරුදින’ පත්තරයෙන් එළියට දමා ඇත්තේ ඒවැනි වූ මාධ්‍යවේදීන් සත් දෙනෙකි. ඔවුන් රැුඩිකල්ය. රැුඩිකල්කමක් මවා පෙන්වා ගේම් ගහන්නන් නොවේය. ඔවුන් පවතින සමාජය ඉක්මවා දකින්නන්ය. පවතින සමාජය සේම කුණු වූවන් නොවේය. ඔවුන් ධනවාදී වියගහට බැඳි මී හරකුන් මෙන් ආංබාන් කළ කළ නොහැක්කේය. එනිසා මාධ්‍ය ආයතනවලට යොදා තිබෙන කළු සල්ලි අයිතිකාරයන්ට ඔවුන්ව අදාළ වන්නේ නැත. කුමක් හෝ හේතු කොටගෙන එළවා දමන්නේය. ‘ඉරුදින’ මාධ්‍යවේදීන්ට කර තිබෙන්නේ මේ දේය. එසේ වුවත්, මෙම තත්ත්වයට මුහුණ දෙන පළමු හෝ අවසාන පිරිස මොවුන් නොවේය. සුනිල් මාධව ඇතුළු පිරිසක් අතීතයේ සටන් කොට තිබෙන්නේ වහල් ගුබ්බෑයම්වල තැනට මාධ්‍ය ආයතන හෙළුෑවන්ට විරුද්ධවය. අද ‘ඉරුදින’ මාධ්‍ය සගයන් කරමින් සිටින්නේ එම සටනේ වර්තමාන කොටසය. ඔවුන්ට ජනවාරි මාසයේ සිට වැටුප් ගෙවා නැත. සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික ගාස්තු සහ සේවක භාරකාර අරමුදලේ ගාස්තු ගෙවා නැත. මේ තත්ත්වය තුළ ප‍්‍රශ්නගත මාධ්‍යවේදීන් ඉවත් කරන තුරුම එහි රැුඳී සිටියේ මන්දැයි කෙනෙකු ප‍්‍රශ්න කළ හැකිය. එවැනි ප‍්‍රශ්නයක් නැඟීමට කිසියම් සාධාරණ පසුබිමක් ද ඇත. අද සියල්ල මුදල්ම පමණක් වූ සමාජයක මාස තුන හතරක් පඩි නැතුව වැඩ කිරීම ගැන බාහිර පාර්ශ්වයන්ට සිතා ගත නොහැකිය. නමුත් යථාර්ථය එසේ වැඩ කිරීමයි. ඔවුන් වැඩ කරන්නේ එම මාධ්‍ය ගුබ්බෑයම් වෙනුවෙන් නොවේය. එම මාධ්‍යවේදීන් පෙනී සිටි සහ සිටින සමාජ මෙහෙවර උදෙසාය. ජීවිතයේ ඉතිරි කරගෙන තිබෙන සබ්බ සකලමනාවම උකස් කර වේදිකා නාට්‍ය කරන ‘උණ කාරයන්’සේය. සබ්බ සකල මනාවම උකස් කර චිත‍්‍රපටි කරන ‘චිත‍්‍රපටි උණ’කාරයන් සේය. මේ මාධ්‍ය සගයන් ක‍්‍රියා කරන්නේ තමන් වෙත ස්වයංව පවරා ගන්නා ලද සමාජ වගකීමක් හෝ යුතුකමක් වෙනුවෙන්ය. එවැනි සමාජ වගකීමක් හෝ යුතුකමක් වෙනුවෙන් ක‍්‍රියාකිරීමෙන් ජාවාරම්කාරයන්ගේ ලාභ රේට්ටුව ඉහළ යන්නේ නැත. අඩුම තරමින් ප‍්‍රාග්ධන හිමිකාරීත්වය ඉදිරියේ දෙකට නැවෙන ප‍්‍රවේණිදාසයන් බිහිවන්නේවත් නැත. ‘අපි කියන විදිහට වැඩ කරන්නේ නෑ’ යන චෝදනා එල්ල කෙරෙන්නේ මේ නිසාය. කූට උපක‍්‍රම අනුගමනය කරමින් මාධ්‍යවේදීන් එළියට දමන්නේ ඒ නිසාය. තමන් එක`ග නොවන ජාවාරම් ප‍්‍රාග්ධනයක් එක්ක පොදුවේ මාධ්‍ය සගයන් සාතිශය බහුතරයකට කටයුතු කිරීමට සිදුව තිබේ. ඔවුන් ඒ ගැන අවබෝධයකින් කටයුතු කරන්නේ අඩුම තරමෙන් සාහිත්‍ය කලා ක්ෂේත‍්‍රයෙන් හෝ සමාජය වෙනුවෙන් හරවත් යමක් කිරීමටය. මේ ජාවාරමුන්ට එය පවා රුස්සන්නේ නැත. අද ‘ඉරුදින’ මාධ්‍ය සගයන්ට අත්විඳීමට සිදුව තිබෙන දෙය තවත් සුවිශේෂී පිරිසක් නිහඬව අත්විඳිමින් සිටිති. ඒ බැඳුම්කරයේ පත්තරයට බඳවාගෙන සිටින මාධ්‍ය සගයන්ය. අනිකුත් මාධ්‍ය ආයතනවල සිට ගේ්මකට සෙට් වී ‘බැඳුම්කරේට’ ගිය ඉතා අතළොස්සක් සිටිති. නමුත් මාධ්‍යවේදීන් වැඩිදෙනා එහි ගියේ එවැනි ගේම්වලට නොවේ. ඔරොත්තු නොදෙන ආර්ථික ගැටලූ රැුසකට යම් හෝ විසඳුමක් ලබා ගැනීම සඳහාය. විශේෂයෙන්ම කෝටි ප‍්‍රකෝටි ගණනින් ඉතා අධික ලාභ උපයන මාධ්‍ය ආයතන මාධ්‍යවේදීන්ට පොදුවේ ලබා දෙන්නේ සොච්චම් වැටුපක්ය. තම වෘත්තීය ගෞරවය රැුක ගනිමින් ජීවිත ගැටගසා ගැනීමට එම සොච්චම කිසිසේත් ප‍්‍රමාණවත් නොවේ. මෙයට යම් හෝ සහනයක්් ලබා ගැනීම වෙනුවෙන් බැඳුම්කරේට ගිය බෙහෝ පිරිසකි. ඔවුන්ව බඳවා ගන්නා අවස්ථාවේ ‘ඉරහඳ දෙන’ තරමට පොරොන්දු රාශියක් දී තිබුණේය. මහින්දගේ කල්ලියෙන් ‘ඉරිදා’ නමින් පත්තරයක් පටන් ගත්තේද මෙසේමය. නමුත් බැඳුම්කරේ දුන් පොරොන්දු මේ වන විට කඩ කර හමාරය. එහි මාධ්‍යවේදීන්ට ද මාස කිහිපයකින් වැටුප් ගෙවා නැත. දීමනාවක් පමණක්ය. මාධ්‍ය නිදහස, තොරතුරු දැනගැනීමේ අයිතීය ආදී නොයෙක් දේ ගැන කොතෙක් කතන්දර කීවද, පවතින යථාර්ථය මෙයයි. රාජපක්ෂ පාලන සමයේ දී මාධ්‍ය නිදහස තීරණය කරන ලද්දේ යකඩෙන් ගින්දරෙන්ය. ‘ඉරුදින’ සිට ‘බැඳුම්කරේ’ දක්වා මාධ්‍ය නිදහස තීරණය කරමින් සිටින්නේ ‘මැනේජ්මන්ට් ගේම්’වලින්ය. එසේ වුවත් සැබෑ මාධ්‍ය නිදහස දිනාගැනීමේ සටන ‘අද නොවේ හෙට’ දෙයක් නොව අද අදම ජය ගත යුතු දෙයක්ය. ජයග‍්‍රහණයෙන් කළ යුතු සටනක්ය. ‘මාධ්‍ය උණ’ තිබීම පමණක් නොව තේරුම් ගත යුතු දේශපාලන ආර්ථික යථාර්ථයක් ද තිබෙන බව ‘ඉරුදින’ සිට ‘බැඳුම්කරේ’ දක්වා අත්දැකීම්වලින්් කියා දෙන ඉතා වැදගත් පාඩමය.