107 වන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පසුගිය 08 වැනි දා අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් සමරු උත්සවයක් සංවිධානය කොට තිබුණි. කාන්තාව සතු සමාජ වගකීම හා අභියෝග පිළිබ`දවත් ඔවුන් සංවිධානය විය යුත්තේ කෙසේද යන්න පිළිබ`දවත් කථිකා කෙරුණු මෙම සමරුවේ තේමාව වූයේ ”අභියෝග දිනන කාන්තා බලයක්” යන්නයි. උත්සවය පැවැත්වුණේ කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරයේදීය. ඊට විශාල කාන්තාවන් පිරිසක් සහභාගී වී සිටිනු දක්නට ලැබිණි. සමරුවේ ප‍්‍රධාන ආරාධිතයින් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා, ශ‍්‍රී ලංකාවේ කියුබානු තානාපතිනි ජුවානා එලේනා රාමෝස් මැතිනිය හා ප‍්‍රවීණ කලාකාරිනී දීපානි සිල්වා මෙනවිය ද සහභාගී වී සිටියහ.