ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව 18 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ‘ගුවන් හමුදා පාපැදි සවාරිය’ පසුගියදා නිමාවට පත් විය. මෙවර තරගාවලිය අදියර තුනක් යටතේ පැවැති අතර, සමස්ත දුර කිලෝ මීටර් 415කි. මෙවර තරගාවලියේ ප‍්‍රථම ස්ථානය ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ අවිශ්ක මැඩොන්ඩාටය. ඒ සඳහා ඔහුට ගත වූ කාලය පැය 9යි, මිනිත්තු 9යි, තත්පර 38කි. දෙවැනි සහ තුන්වැනි ස්ථාන ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ මධුශංඛ පෙරේරාට (පැ. 9යි, මි. 9යි තත්. 40)සහ බුද්ධික වර්ණකුලසූරියට (පැ.9, මි.9.තත්.42) හිමි විය. ජයග‍්‍රාහකයාට මුදලින් රුපියල් ලක්ෂ තුනක් පිරිනැමිණි.