කේ.බී. හේරත්ගේ සම්මානනීය නිර්මාණය ‘මායාදේවී’ ජනවාරි 15දින දෙනියාය මධ්‍ය මහා විද්‍යාලයීය රංග ශාලාවේදී ප.ව. 2.30ට සහ ප.ව. 6.30ට ර`ගදැක්වීමට නියමිතය. කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ මාතර දිස්ත‍්‍රික් ශාඛාවට ආධාර පිණිස වේදිකාගත වන ‘මායාදේවි’ සඳහා ආචාර්ය ජයලත් මනෝරත්න, චාන්දනී සෙනවිරත්න, නිශ්ශංක දිද්දෙණිය, ජනක කුඹුකගේ, රත්නා ලාලනී, නිලන්ති හීන්දෙණිය, සම්පත් තෙන්නකෝන්, සෝමපාල පතිරගේ, සුනෙත් ශාන්තප‍්‍රිය රංගනයෙන් දායක වන අතර, ශාන්ත පීරිස් සංගීත නිර්මාණයෙන්, බුද්ධදාස ගලප්පත්ති අංග රචනයෙන්, සුනිල් වික‍්‍රමසිංහ සංවිධාන කටයුතු මෙහෙයවීමෙන් නිර්මාණයට දායකත්වය ලබා දේ.