ප‍්‍රියන්ත කළුආරච්චි අධ්‍යක්ෂණය කළ රතු සමනල හීනයක් සිනමා පටය මෙවර පහළොස්වැනි වරට පවත්වන ඩකා අන්තර්ජාතික සිනමා උලෙළේ ස්ප්රිචුවල් (Spiritual Film Selection) අංශය නියෝජනය කිරීමට තෝරාගෙන ඇත මේ අනුව රතු සමනල හීනයක් සිනමාපටය අන්තර්ජාතික වශයෙන් නියෝජනය කරන පස්වෙනි චිත‍්‍රපට උළෙල මෙය වේ. මීට ප‍්‍රථම ඒසියා ටිකා රෝමය, ඕල් ලයිට්ස් ඉන්දියා (All lights India (jog ja) ඉන්දුනීසියා හා 21 වෙනි වරට පවත්වන ලද කේරල (International Film Festival) සිනමා උලෙළ මෙම සිනමා පටය නියෝජනය කරන ලදී.