වයස අවුරුදු 13න් පහළ ‘සිංගර්’ ශූරතා තරගාවලියේ පළමුවැනි කොටසේ ශූරතාව හිමි කර ගැනීමට කළුතර තිස්ස මැදි විදුහල සමත් විය. ඒ පසුගිය දා වේල්ස් කුමර විද්‍යාලය සමඟ කොළඹ තර්ස්ටන් කී‍්‍රඩාංගණයේ දී පැවැති අවසන් තරගය ජය ගනිමිනි. එහි ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් තිස්ස මැදි විදුහල පන්දු වාර 65 කදී කඩුළු 4 කට ලකුණු 217ක් වාර්තා කළේය. මෙහිදී මිතිර තිනුර ලකුණු 109ක් රැුස් කළේ ය. පිළිතුරු ලෙස වේල්ස් කුමර විද්‍යාලය පන්දු වාර 31.4ක දී කඩුලූ පහකට ලකුණු 146ක් රැුස් කිරීමට සමත් විය.