දෙවන ලෝක යුද්ධ සමයේ දී කොරියානු ස්ත‍්‍රීන් ලිංගික වහලූන් ලෙස යොදා ගැනීම වෙනුවෙන් වන්දි ලබා ගැනීම සඳහා ජපානය සම`ග එළඹ ඇති ගිවිසුමට විරෝධය පාමින් බෞද්ධ භික්ෂුවක් පසුගිය 07 වැනිදා සිය සිරුරට ගිනි තබාගෙන ජීවිත හානි සිදු කර ගැනීමට උත්සාහ ගෙන ඇති බව වාර්තා වේ. 64වැනි වියේ පසුවන මෙම බෞද්ධ භික්ෂුව බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලබා සිටි අතර, රෝහල්ගත කරන විටත් සිහිසුන්ව සිටි බව වාර්තා වේ. 2015 දී ජපානය හා දකුණු කොරියාව අතර මෙම එක`ගතාවය ඇති කරගෙන ඇති අතර, ජපානය විසින් එම අත්දැකීමට මුහුණ දුන් කොරියානු කාන්තාවන්ට වන්දි මුදලක් ගෙවීමට ද එක`ගතාවය පළ කර ඇත. කොරියාවේ වෙසෙන අති බහුතරයක් කාන්තාවන් අතුරින් ලක්ෂ දෙකකට අධික පිරිසක් දෙවන ලෝක යුද සමයේ දී ජපාන හමුදාවේ ගණිකා කඳවුරු වෙත බලහත්කාරයෙන් සේවයේ යෙදවු බවට ජපානයට චෝදනා එල්ල වී ඇත.