රිචඞ් ද සොයිසා නම් වූ මානව හිතවාදියා

2017-02-26     (ඒස්.කේ ගමගේ)

යුක්තිය වෙනුවට අයුක්තියත්, සාධාරණය වෙනුවට අසාධාරණයත්, මනුෂ්‍යත්වය වෙනුවට අමානුෂිකත්වයත් රජ කළ යුගයක ඊට අරගල කළ ශ්‍රේෂ්ඨතමයන් අතර හමු වන අභීත මාධ්‍යකරුවා වනුයේ රිචඞ් ද සොයිසාය. එක් අතකින් ඔහු ප‍්‍රවීණ ජනමාධ්‍යවේදියෙකි. තවත් අතකින් ලොවම පිළිගත් අද්විතීය මානව හිමිකම් කි‍්‍රයාකාරිකයෙකි. එසේම ඔහු ජනහිතකාමී කලාකරුවෙකි. එජාප ආණ්ඩුව විසින් අයුක්තිසහගත අයුරින් කෲර වධ බන්ධනයන්ට ලක් කර මරා දමා පසුගිය 19 වෙනිදාට වසර 27ක් සපිරේ. ඔහු මරා දැමූවද, ඔහුගේ මතකය කිසිදා මානවහිතවාදී ජන හදවත් තුළින් ඈත් නොවන බව යථාර්ථයක් වී තිබේ. රිචඞ් ද සොයිසා උපත ලබන්නේ 1958 මාර්තු 18 වෙනිදා කොළඹදීය. ඔහුගේ පියා වූයේ ලූෂන් ද සොයිසා මහතාය. ඔහුගේ මව ආචාර්ය මනෝරාණි සරවනමුත්තුය. ඇය ප‍්‍රකට වෛද්‍යවරියකි. රිචඞ් අධ්‍යාපනය හදාරා ඇත්තේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙනි. ඉංගී‍්‍රසි අංශයෙන් අධ්‍යාපනය හැදෑරූ රිචඞ් පාසල් කාලය තුළ දීම සුවිශේෂී දක්ෂතා දැක්වීය. විශේෂයෙන්ම ඔහු අතිදක්ෂ කථිකයෙකි. එසේම ඔහු අතිදක්ෂ රංගධරයෙකු ලෙසින්ද කැපී පෙනිණි. නාට්‍යකරණය පිිළිබඳව ඔහු තුළ පැවැතියේ සුවිශේෂී හැකියාවකි. බටහිර ශාස්තී‍්‍රය සංගීතය සහ ඔපෙරා ඔහුගේ විනෝදාංශ වී ඇත. ඔහු ජනපි‍්‍රය බටහිර නාට්‍ය නිෂ්පාදකයෙකු මෙන්ම නළුවෙකුද විය. රිචඞ්ද සොයිසාගේ දක්ෂතා පිළිබඳව වර්තමාන සමාජය මැනැවින් තේරුම් ගත යුතුමය. විශේෂයෙන්ම මාධ්‍ය ක්ෂේත‍්‍රයේ නියැළී සිටින්නවුන් රිචඞ් නම් අදීන මාධ්‍යවේදියා කියැවිය යුතුමය. රිචඞ් ශාස්තී‍්‍රය සංගීතයට බෙහෙවින්ම ඇළුම් කළේය. ඔහු උරුවම් බාන්නේද (විසිල්* යම් රිද්මයකට අනුවය. මැග්නර්, මෝසාට්, ගෝපැන්, චැස්කොව්ස්කි නිරතුරුවම ඔහුගේ මුවග රැුඳී තිබුණේය. රිචඞ් පාසල් ජීවිතයේදී කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කොට ඇති බවට සාක්ෂි හමු වේ. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය මඟින් ඉංගී‍්‍රසි සාහිත්‍යය සඳහා පිරිනමනු ලබන ත්‍යාග ති‍්‍රත්වයක් දිනා ගැනීමට සමත් වූ එකම ශිෂ්‍යයා බවටද පත්විය. විදුහල්පති ශාස්තී‍්‍රය ත්‍යාගය, පීරිස් සිරිවර්ධන රන් පදක්කම, අර්න්ඞ් ත්‍යාගය යන ති‍්‍රත්වය එයයි. එමෙන්ම ඔහු ශාන්ත තෝමස් විද්‍යාලයේ සාහිත්‍ය සඟරාවේ සංස්කාරකවරයාද විය. ඔහු පාසල තුළ සුවිශේෂී රංගධරයෙකු විය. අන්තර් පාඨශාලීය ෂේක්ස්පියර් නාට්‍ය තරගාවලියේ හොඳම නළුවාට හිමි සම්මානය දෙවරක් දිනාගැනීමට සමත් විය. ඒ 1973 සහ 1975 යන වර්ෂවලදීය. පාසලේ විවාද කණ්ඩායමේ නායකයා වූයේද රිචඞ්ය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදර්ශ පාර්ලිමේන්තුවේ කතානායකවරයා වූයේද රිචඞ්ය. එම පාර්ලිමේන්තුවේ නිදහස් සමාජවාදී පක්ෂයේ මන්තී‍්‍රවරයෙකු සහ ඇමතිවරයෙකු ලෙසින්ද ඔහු කටයුතු කොට ඇත. රිචඞ්ද සොයිසා යනු එක් වෘත්තියකට පමණක් සීමා වූ පුද්ගලයෙකු නොවීය. ඔහු සතුව බහුවිධ හැකියාවන් පැවැතිණි. එසේ ම ඔහු බහුවිධ ක්ෂේත‍්‍රයන් නියෝජනය කළ පුද්ගලයෙකි. පාසල් ජීවිතයෙන් සමුගත් ඔහු බි‍්‍රතාන්‍ය මණ්ඩලය සමග නිෂ්පාදනය කළ වේදිකා නාට්‍ය කිහිපයකම රගපෑවේය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ 1983දී තිරගත වූ ‘යුගාන්තය’ චිත‍්‍රපටයේ සහ 1987දී තිරගත වූ ‘සත්‍යග‍්‍රහණය’ සිනමා පටයේ රඟපෑවේය. යුගාන්තය චිත‍්‍රපටයේ මාලින්ගේ චරිතය මැනැවින් රඟ පෑ රිචඞ් පොදු ජනතාවගේ හඬ නියෝජනය කළේය. ඒ ඔහුගේ පළමු චිත‍්‍රපටය විය. මීට අමතරව ’යශෝරාවය’ ටෙලි නාට්‍යය තුළින් රිචඞ් සිය රංගන කුසලතාවයන් මැනැවින් ප‍්‍රදර්ශනය කළේය. මීට අමතරව රිචඞ් දක්ෂ කවියෙකු විය. ඔහු නිකම් ම නිකම් කවියෙකු නොවීය. රිචඞ් එඩිතර ජනතාවාදී කවියෙකි. ඔහු සිය කවිය හරහා ජන හදවත් අවදි කළේය. රිචඞ්ගේ භූමිකාව වඩාත් ප‍්‍රකට වන්නේ පුවත්පත් කලාවේදියෙකුගේ භූමිකාවෙනි. රිචඞ් ‘සන්ඬේ අයිලන්ඞ්’ පුවත්පතට ලිපි ලීවේය. ඔහුගේ ජනමාධ්‍ය භූමිකාව පුවත් පත් කලාවට පමණක් සීමා වූයේ නැත. ඔහු රූපවාහිනියේ සහ ගුවන් විදුලියේ දක්ෂ ඉංගී‍්‍රසි නිවේදකයෙකු විය. රිචඞ්ගේ ඉංශී‍්‍රසි උච්චාරණය ඉතා ගැඹුරුය. එසේ ම ඉතා ප‍්‍රශස්ත මට්ටමක ඉංගී‍්‍රසි දැනුමක් විය. ඒ නිසාම ඔහුට අන්තර් ජාතික කීර්තියක්ද හිමිවිය. ඒ හේතුවෙන් ඔහු අන්තර්ජාතික තලයේ මාධ්‍යවේදියෙකු විය. රෝමය මූලස්ථානය කොට ගත් ‘ඉන්ටර්ප්‍රෙස්’ ප‍්‍රවෘත්ති සේවයේ ශී‍්‍ර ලංකාවේ සහ ආසියානු කලාපයේ නියෝජිතයා ලෙසින්ද කටයුතු කළේ රිචඞ්ය. රිචඞ්ද සොයිසා සිය මාධ්‍ය භූමිකාව ගෙන ගියේ සාධාරණය හා සමාජ යහපත වෙනුවෙනි. 1988-1989 මර්දනකාරී වටපිටාව තුළදී පවා ඔහුගේ අභීත මාධ්‍යකරණය අත්හළේ නැත. ඔහු රට පුරා තොරතුරු සොයා ගියේය. ඒ වන විට මිනීමරු ගහලයන් ආණ්ඩුවට එරෙහි වන කවර පුද්ගලයෙකුට වුවද, සිය මර්දන හස්තය දිගුකොට පැවතියේය. එයට කිසි විටෙක යට නොවූ, බිය නොවූ රිචඞ් මාධ්‍යවේදියෙකුගේ ශ්‍රේෂ්ඨතම යුතුකම ඉටු කරමින් සිටියේය. එජාප ආණ්ඩුව මුදා හළ ම්ලේච්ඡු දරුණු රාජ්‍ය ත‍්‍රස්තවාදය විසින් කළ අත්අඩංගුවට ගැනීම්, පැහැර ගැනීම්, අතුරුදහන් කිරීම්, සහ මනුෂ්‍ය ඝාතන නිමක් නොවීය. තැන තැන තරුණ මළසිරුරු විය. ටයර් සෑයවල් මහ දවාලේ පවා දැක ගත හැකි විය. මේ කාලවකවානුවේදී බොහෝ මාධ්‍යවේදීන් අසීරු මාධ්‍යකරණයක යෙදී සිටියදී පවා රිචඞ් සිය යුතුකම කළේ මර්දනයට, භීෂණයට බියේ පලා නොයමිනි. ඔහු සිය සබඳතා උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගනිමින් එවකට ආණ්ඩුවේ රාජ්‍ය ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් සහ මානව හිමිකම් කඩ වීම් සම්බන්ධ තොරතුරු එක්රැුස් කළේය. මිනීමරු පාලනය විසින් 1988 - 1989 වකවානුවේදී ඉතාමත් අමානුෂික හා අයුක්තිසහගත අයුරින් හැට දහසකට අධික පිරිසක් ඝාතනය කළේය. ඝාතනය කළා පමණක් නොව එය ජාත්‍යන්තරයට හෙළිදරවු වීම වැළැක්වීමට කටයුතු කරමින් සිටියේය. රිචඞ්ද සොයිසාගේ මාධ්‍ය මෙහෙවර හේතුවෙන් මේ සියලූ තත්ත්වයන් ජාත්‍යන්තරයට හෙළිදරවු වෙමින් පැවතියේය. මේ තත්ත්වය හේතුවෙන් එජාප පාලනය යම් තැතිගැන්මකට ලක්ව සිටියේය. ඔහු කිසි විටෙක හීලෑ කර ගත හැකි මාධ්‍යවේදියෙකු නොවන බවද පාලකයන් දැන සිටියේය. මේ වන විට රිචඞ් ‘ඉන්ටර්ප්‍රෙස්’ ප‍්‍රවෘත්ති සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබුණේය. ඒ අනුව ඔහුට 1990 පෙබරවාරි මස 26 හෝ 27 එහි වැඩ භාර ගැනීමට ලිස්බන් නගරය වෙත යා යුතුව තිබිණි. ඔහු එහි ගියේ නම්, 1988 - 1989 ලංකාවේ සිදු වූ ඝාතනයන් පිළිබඳවත්, මානව හිමිකම් කඩවීම් පිළිබඳවත් ඇත්ත ගැන ලෝකය දැනුම්වත් වීමේ ඉඩකඩ පැවතියේය. 1990 වසර වන විට රිචඞ් ‘මේ කවුද මොනවද කරන්නෙ’ යන නාට්‍යය රචනා කොට තිබිණි. මෙය රණසිංහ පේ‍්‍රමදාසගේ ඒකාධිපති වියරු පාලනය සම්බන්ධයෙන් නිර්මාණය වී තිබූ උපහාසාත්මක නාට්‍යයකි. මෙම නාට්‍යය මහජන ප‍්‍රදර්ශනයට සූදානම්ව තිබුණේ ද 1990 පෙබරවාරි මාසයේ මුල් සතියේය. මෙම නාට්‍යය ප‍්‍රදර්ශනය කිරීමට පෙර දිනයේ නාට්‍යයේ නිෂ්පාදකවරයා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට ආණ්ඩුවේ ගහලයන් කටයුතු කොට තිබිණි. රිචඞ්ද සොයිසා නම් අප‍්‍රතිහත මිනිසා, මානව හිතවාදී මාධ්‍යවේදියා, ශ්‍රේෂ්ඨ කලාකරුවා, මානව හිමිකම් කි‍්‍රයාධරයා එජාප කුලී මිනීමරුවන් විසින් පැහැරගෙන ගොස් ඇත්තේ, ‘මේ කවුද මොනවද කරන්නෙ’ නාට්‍යයේ නිෂ්පාදකවරයා ඝාතනය කිරීමෙන් සති තුනකට පසුවය. මේ පිළිබඳව ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා විශේෂ හෙළිදරව්වක් කළේය. ඒ ඔහුට දින කිහිපයකට ලංකාවේ සුරක්ෂිතව නතර වීමට තැනක් රිචඞ් ලබා දීම සම්බන්ධවය. රිචඞ්ගේ විදේශගත මිතුරකුගේ කොළඹ පිහිටි නිවසක් ලබාදීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට රිචඞ් පැහැර ගත් බවට තොරතුරු හෙළිදරවු වන බව අමරසිංහ මහතා හෙළි කර තිබුණේ අමරසිංහ මහතා මිය යාමට ආසන්න කාලයේය. රිචඞ් ද සොයිසා පැහැරගෙන ගොස් ඇත්තේ 1990 පෙබරවාරි මස 18 වැනිදා අලූයම 3.30ටය. ඒ සඳහා භාවිත කොට ඇත්තේ 32 ශී‍්‍ර 4748 දරන කොල පාට ජීප් රථයයි. ජීප් රියේ පැමිණ ඇත්තේ ඝාතන චෝදනා රැුසක් එල්ල වූ පොලිස් අධිකාරී රොනී ගුණසිංහ ඇතුළු ගහලයන් කණ්ඩායමකි. පැහැර ගැනීමෙන් පසු රිචඞ් ද සොයිසා නම් අසහාය මානව හිතවාදියා අනේකවිධ වධ බන්ධනයන්ට ලක් කර ඇත. එහෙත්, ගහලයන් බලාපොරොත්තු වූ කිසිවක් මේ අදීන මාධ්‍යවේදියාගෙන් ලබා ගත නොහැකි වී ඇත. ඔහුගේ හිසේ පිටුපසට හා උගුරට වෙඩි තබා ඝාතනය කර ඇත. ඉන්පසු කුලී මිනීමරුවන් රිචඞ්ගේ නිසල දේහය හෙලිකොප්ටරයකින් ගෙන ගොස් ඈත මුහුදට දමා ඇත. පසුව පෙබරවාරි 19 වෙනිදා මොරටුව කොරළවැල්ල මුහුදු වෙරළට ගොඩගසා තිබියදී ඔහුගේ සිරුර හමු විය. මේ ඝාතනය සම්බන්ධයෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් දැවැන්ත විරෝධයක් එවකට ආණ්ඩුවට එල්ල විය. අද මානවහිතවාදය, සංහිඳියාව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, පිළිබඳව මහ ඉහළින් කතා කරන එජාප නායකයන්ගේ කෙරුවාව මේ සිදුවීම් හරහා ලොවටම හෙළිදරවු විය. දැන් එළැඹ ඇත්තේ රිචඞ්ලාට සාධාරණය ඉටු කළ යුතු මොහොතයි. මේ ගෞරවනීය සිහි කිරීම ඒ වෙනුවෙනි. වඩාත් සාධාරණ දේශයක්, යුක්තිගරුක පාලනයක් රට තුළ නිර්මාණය කර ගන්නා තුරු රිචඞ් ඇතුළු සාධාරණය, යුක්තිය වෙනුවෙන් අයුක්තිසහගත මරණයන් උරුම වූ මිනිසුන්ට සාධාරණය ඉටු නොවේ. රිචඞ්ලාට සාධාරණය ඉටු කළ හැක්කේ යුක්තිගරුක පාලනයක් වෙත සමාජය පරිවර්තනය කිරීමෙන් පමණකි. පමණක්මය.


දුක්විඳින මිනිසුන් වෙනුවෙන් දිවියම කැප කළ නන්දතිලක ගලප්පත්ති

2017-02-19     (ඒස්.කේ ගමගේ)

දේශයේ නිදහසත්, ජනතාවගේ විමුක්තියත් උදෙසා ජීවිත කැප කළ සුවහසක් විරුවන්ගේ ලෙයින් මේ මාතෘභූමිය පෝෂණය වී ඇත. ලාංකීය ධනපති පංතියට එරෙහිව අරගල බිමට පැමිණි ශ්‍රේෂ්ඨ විරුවන් රැුසක් මේ මව්බිමට අහිමි කළ අරගල දෙකක් පිළිබඳව මෑත ඉතිහාසයේ ලියැවී ඇත. 1971 අරගලය සහ 88 - 89 දේශපේ‍්‍රමී අරගලය ඒ අරගල දෙකයි. සුවහසක් දුක් විඳින ලාංකීය ජනතාව වෙනුවෙන් කැපවීම් කළ ප‍්‍රධානතම වාමාංශික දේශපාලන ව්‍යාපාරය වූ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඒ දැවැන්ත අරගල දෙකට නායකත්වය සපයන ලදී. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය 1971දීත්, එක්සත් ජාතික පක්ෂය 1988 - 1989දීත් එම අරගල දෙක ලෙයින්, යකඩින් සහ ගින්දරින් අමානුෂික ලෙස මර්දනය කළේ ය. ඒ අමානුෂික අයුක්තිසහගත මර්දනය හමුවේ අභීතව සටන් කළ සටන් සගයන් රැුසක් මේ මාතෘභූමියට අහිමි විය. ඒ අහිමි වූ ශ්‍රේෂ්ඨ විප්ලවවාදී විරුවන් අතර නන්දතිලක අමදෝරු ගලප්පත්ති හෙවත් ආරි අයියා රාජ්‍ය මර්දනය හමුවේ පළා නොයමින්, මර්දනයට මුහුණ දෙමින් අරගල භූමියේ දී ම ජීවිතය පූජා කළේය. නන්දතිලක අමදෝරු ගලප්පත්ති සිය ජීවන ගමන අරඹන්නේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ තිස්සමහාරාමයේ උඩුවිල යන ග‍්‍රාමයෙන් ය. සහෝදරියන් තිදෙනෙකුගේ සහ සහෝදරයෙකුගේ සොහොයුරෙකු වූ අමදෝරු, එවක රබර්වත්ත විද්‍යාලය ලෙසින් ප‍්‍රකට, අද හ/මැදවැලෑන මහා විද්‍යාලය ලෙසින් හඳුන්වනු ලබන පාසලින් අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා ද, එකල දෙබරවැව මහා විද්‍යාලය හෙවත් අද හ/දෙබරවැව ජාතික පාසලෙන් උසස් පෙළ ද සමත් විය. පාසල් අධ්‍යාපනය තුළ දී ශාස්තී‍්‍රය කටයුතුවලින් පාසලට ගෞරවයක් ලබා දුන් අමදෝරු, රබර්වත්ත පාසලෙන් විශ්වවිද්‍යාලයට ඇතුළත් ප‍්‍රථම ශිෂ්‍යයා වශයෙන් ද පාසලට ගෞරවයක් ලැබ දුන්නේ ය. කුඩා කාලයේ සිටම වීරත්වය ප‍්‍රකට කළ ඔහු සිය පවුල් පසුබිම තුළ හැදී වැඩුණේ හැම විටම අසාධාරණයට, අයුක්තියට එරෙහි වෙමිනි. පාසල් අධ්‍යාපනය තුළ දී ගුරුවරුන්ගේ නොමඳ ආදරය දිනූ ඔහු පාසලේ දීප්තිමත් ශිෂ්‍යයෙකු විය. මූලික අධ්‍යාපනය ඉතාමත් මැනැවින් ප‍්‍රගුණ කළ ඔහු උසස් අධ්‍යාපනය ද මැනැවින් හදාරා 1967 වසරේ දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයට හෙවත් ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළු වන්නේය. ඔහුගේ ජීවිතයේ තීරණාත්මක කාල පරිච්ෙඡ්දය ආරම්භ වන්නේ විශ්වවිද්‍යාලය තුළ දී ය. ඒ වන විට පැරැුණි වමේ නායකයන්ගේ දේශපාලන භාවිතය රට තුළ කි‍්‍රයාත්මකව පැවතියේ ය. ඔහු විශ්වවිද්‍යාලයට යන විට ජනතා විමුක්ති පෙරමුණ බිහි කර වසර දෙකක් ගත වූවා පමණි. මේ නැවුම් දේශපාලන ව්‍යාපාරයට ශිෂ්‍ය දේශපාලනය හරහා සම්බන්ධ වන අමදෝරු සැබෑ වමේ දේශපාලනය මැනැවින් ප‍්‍රගුණ කළේ ය. පැරැුණි වම විසින් වාමාංශික මතවාදය ධනපති පංතිය හමුවේ පාවා දී තිබූ මොහොතක ජ.වි.පෙ. දේශපාලනය කිරීම අභියෝගයක් ම විය. එහෙත්, ඒ අභියෝගය කරට ගත් අමදෝරු ජ.වි.පෙ. දේශපාලනය වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළේ ය. රටත්, රටේ ජනතාවගේ විමුක්තියත් උදෙසා පෙරළා කිසිවක් බලාපොරොත්තු නොවී කැප වීම් කිරීමේ හැකියාව ඇත්තේ ශ්‍රේෂ්ඨ මිනිසුන්ට පමණක් බව ඔප්පු කරමින්, ඔහු ජ.වි.පෙ. පූර්ණකාලීන දේශපාලනයට අවතීර්ණ විය. ජ.වි.පෙ. වැඩකටයුතු වෙනුවෙන් කි‍්‍රයාත්මක වූ අමදෝරු එකට වැඩ කළ සගයන් අතර ප‍්‍රචලිත වූයේ ‘පෙරේරා අංකල්’ යන ආදරණීය නාමයෙනි. සමඟි පෙරමුණු රජයේ මර්දනය හමුවේ රටටත්, ජනතාවටත් ආදරය කිරීමේ වරදට අමදෝරු 1971 අපේ‍්‍රල් අරගල සමයේ දී අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට පත් වුව ද, දුර්වලයෙකු නොවී එළැඹි තත්ත්වයට අභීතව මුහුණ දෙමින් කටයුතු කිරීමේ අපූර්ව හැකියාවක් ඔහු සතුව පැවතියේ ය. අත්අඩංගුවට පත් අමදෝරු හට සිරගෙදර දී පැපොල රෝගය වැළඳිණි. එම රෝගී තත්ත්වය උත්සන්න වී ඔහු මාරාන්තික තත්ත්වයට පත් විය. එහෙත් ඔහුගේ ශරීරය දුර්වලව ගිය ද, සිත එඩිතරව පැවතියේ ය. ඔහු ක‍්‍රමයෙන් රෝගී තත්ත්වයෙන් මිදුණේ ය. සිරගෙදර තුළ දී ජ.වි.පෙ. දේශපාලනය තව තවත් මැනැවින් ප‍්‍රගුණ කළ අමදෝරු සිරගෙදර තුළ දී ද තවත් සගයන්ට දේශපාලනය සරළව කියා දුන්නේ ය. අවසානයේ 1976 වසරේ දී ඔහුට නිදහස හිමි වන්නේ ය. සිරගෙදරින් නිදහස ලද අමදෝරු නැවත පක්ෂ සංවිධාන කටයුතුවලට සකී‍්‍රයව දායකත්වය සපයන්නට විය. පක්ෂ නායකයන් රැුසක් මරා දමා ඇති තත්ත්වයක් තුළ වේගයෙන් වැඩ කරමින් යළි පක්ෂය ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් දිවිහිමියෙන් කැප වී වැඩ කළේ ය. ප‍්‍රබල ලෙස පක්ෂ සංවිධාන කටයුතුවලට දායකත්වය දැක් වූ අමදෝරු 1979 වසරේ දී පක්ෂයේ මධ්‍යම කාරක සභාවට තෝරා පත් කර ගැනිණි. නන්දතිලක අමදෝරු ගලප්පත්ති පක්ෂයේ ප‍්‍රචාරක වැඩ සඳහා ද විශාල දායකත්වයක් දැක්වූවේ ය. එකල පක්ෂය විසින් පවත්වාගෙන ගිය සුප‍්‍රසිද්ධ කොහිලවත්ත මුද්‍රණාලයේ වැඩකටයුතු පැවරී තිබුණේ ද අමදෝරුට ය. ජවිපෙ නිල පුවත් පත වූ ‘නියමුවා’ පුවත් පත ද, ‘සීනුව’ පුවත් පත ද, කම්කරු සංගමයේ පුවත් පත වන ‘රතු ලංකා’ පුවත් පත ද, ‘සෙන් ශක්ති’ දෙමළ පුවත් පත ද ඇතුළු පක්ෂය විසින් මුද්‍රණය කළ කැලැන්ඩර්, සඟරා ආදී සියලූ ප‍්‍රකාශන මුද්‍රණය කළේ මෙම මුද්‍රණාලයේ ය. 1979 ජනවාරි සිට පක්ෂය තහනම් කරන තුරු හා ඉන් පසුවත් ඒ වැඩකටයුතු භාරව කි‍්‍රයා කළේ අමදෝරු ය. ඔහු සමඟ කොහිලවත්ත මුද්‍රණාලයේ 52ක පමණ කණ්ඩායමක් වැඩ කළේ ය. 1982 වකවානුවේ ‘සීනුව’ පුවත් පත දිනපතා පුවත් පතක් ලෙස ජනතාව අතරට ගෙන යාමට පවා කටයුතු යොදා තිබිණි. ජේ. ආර්. ජයවර්ධනගේ දරදඬු පාලනය විසින් 1983 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ අසාධාරණ හා අයුක්තිසහගත ලෙස තහනමට ලක් කළේ ය. 1982 දෙසැම්බර් මස දී ජේ. ආර්. ජයවර්ධනගේ අසාධාරණ ජනමත විචාරණයට එරෙහිව ජ.වි.පෙ. නායක රෝහණ විජේවීර අධිකරණ කි‍්‍රයාමාර්ගයක නිරතව සිටියේ ය. ඒ අනුව ජේ. ආර්. ජයවර්ධන මේ නඩුවෙන් පරාජයට පත් වීමේ ඉම දක්වා පැමිණ සිටියේ ය. ඊට අමතරව ඒ වන විට ආණ්ඩුවට එරෙහිව සකී‍්‍රයව සිටි ප‍්‍රධානම බලවේගය වූයේ ජ.වි.පෙ.ය. 1983දී එ.ජා.ප.ය විසින්ම නිර්මාණය කළ ‘කළු ජූලිය’ පදනම් කරගෙන අසාධාරණ ලෙස පක්ෂ කිහිපයක් තහනම් කරන ලදී. ජනතා විමුක්ති පෙරමුණ ද ඒ අනුව තහනම් කළේ ය. අනෙක් පක්ෂවල තහනම ඉවත් කළ ද, ජ.වි.පෙ. තහනම දිගින් දිගටම පවත්වාගෙන ගියේ ය. තහනම් කළා පමණක් නොව දැවැන්ත මර්දනයක් ද දියත් කළේ ය. තහනම් තත්ත්වය තුළ ඇතැම් අය පක්ෂ වැඩ කටයුතුවලින් ඉවත්ව ගියේ ය. ඒ අතර, ඉහළ වගකීම් දැරූ අය ද විය. එහෙත්, පක්ෂයේ ශක්තිවන්තයන් අතර සිටි අමදෝරු පෙරටත් වඩා ධෛර්යයෙන් පක්ෂයේ වැඩකටයුතු වෙනුවෙන් කැප වූයේ ය. 1983 පක්ෂ තහනමින් පසු ජ.වි.පෙ. යළි වැඩකටයුතු අරඹද්දී හෙතෙම පක්ෂයේ දේශපාලන මණ්ඩලයට තෝරා පත් කර ගැනිණි. 1985 වර්ෂයේ දී ඔහු වෙත පක්ෂය විසින් තවත් භාර¥ර වගකීමක් පැවරුවේ ය. ඒ කළුතර දිස්ති‍්‍රක් ලේකම්වරයා ලෙස පත් කරමිනි. තහනම් තත්ත්වය තුළ වැඩකටයුතු කිරීම අභියෝගයක් වුව ද, එම අභියෝගය නොපැකිලව භාර ගත් අමදොරු පක්ෂය ඉල්ලා සිටි පරිදිම වැඩකටයුතු සිදු කළේ ය. 1987 ජූලි මාසයේ දී ජේ. ආර්. ජයවර්ධන පාලනය විසින් ඉන්දීය අග‍්‍රාමාත්‍ය රජීව් ගාන්ධි සමග ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කළේ ය. එයට එරෙහිව නැඟී ආ දැවැන්ත ජනතා විරෝධය ජේ. ආර්. පාලනය කළේ සිය ගණනක් උද්ඝෝෂකයන් ඝාතනය කිරීමෙනි. දැවැන්ත භීෂණයක් රට තුළ මුදාහැර අත්සන් කළ මේ නීති විරෝධී ගිවිසුමට එරෙහිව රටපුරා දේශපේ‍්‍රමී ජනතා පෙළගැස්මක් නිර්මාණය විය. ඒ දේශපේ‍්‍රමී අරගලයට නායකත්වය දීමට ජ.වි.පෙ. පසුබට වූයේ නැත. මේ කි‍්‍රයාවලියේ දී අමදෝරුට ද සුවිශේෂී වැඩ කොටසක් කිරීමට සිදු විය. ඔහු මේ දේශපේ‍්‍රමී අරගලයට පණ පොවමින් සිටිය දී, 1987 අග භාගයේ දී පමණ රජයේ හමුදා විසින් අත්අඩංගුවට ගන්නා ලදී. 1987දී අත්අඩංගුවට ගත් අමදෝරු උසාවියට ගෙන එමින් සිටිය දී, හදිසි ප‍්‍රහාරයක් එල්ල කොට හමුදා අත්අඩංගුවෙන් ඔහු මුදා ගැනීමට දේශපේ‍්‍රමී කණ්ඩායම් සමත් වූහ. ඔහු එතරම්ම ව්‍යාපාරයට අවශ්‍ය පුද්ගලයකුව සිටි බව පැහැදිලිය. එසේ නිදහස් කර ගත් අමදෝරු 1988දී ජ.වි.පෙ. කෑගල්ල දිස්ති‍්‍රක් ලේකම්වරයා ලෙස පත් කළේ ය. කෑගල්ල දිස්ති‍්‍රක්කයේ අමදෝරු ප‍්‍රසිද්ධ වූයේ ආරි අයියා යන ආදර නාමයෙනි. ඔහු කෑගල්ල දිස්ති‍්‍රක්කයේ පක්ෂයේ වගකීම් ඉටු කළේ දරුණු රාජ්‍ය මර්දනයක් දියත්ව තිබිය දී ය. මේ කාලයේ පොලිස් නිලධාරියෙකු පක්ෂයට සම්බන්ධ වී සිටියේ ය. ඔහු පක්ෂයේ වැඩකටයුතුවලට පහසුකම් සපයන්නෙකු ලෙස කටයුතු කළේ ය. ඔහුගේ නිවස පිහිටියේ රඹුක්කන ප‍්‍රදේශයේ ය. 1989 අගෝස්තු 31 වැනි දින පක්ෂයේ කෑගල්ල දිස්ති‍්‍රක් කමිටුව මෙම පොලිස් නිලධාරියාගේ නිවසේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. මෙම දිස්ති‍්‍රක් කමිටුව පැවැත්වෙමින් තිබිය දී එම ස්ථානයට කඩා වැදුණු ආරක්ෂක අංශ විසින් අමදෝරු ඇතුළු මුළු දිස්ති‍්‍රක් කමිටුවම අත්අඩංගුවට ගනු ලැබී ය. එසේ ආරක්ෂක අංශවලට තොරතුරු සපයා ඇත්තේ නිවස හිමි පොලිස් නිලධාරියා බව පැවසේ. අමදෝරු අත්අඩංගුවට ගෙන මත්තේගොඩ හමුදා කඳවුරට රැුගෙන ගොස් ඇත. ආරි අයියා ලෙසින් පෙනී සිටින්නේ පක්ෂයේ ප‍්‍රබලයෙකු බව මේ වන විට ආරක්ෂක අංශ වෙත වාර්තා වී තිබිණි. ආණ්ඩුවේ දැනුම්වත්කමින් පක්ෂයේ ඉහළම නායකයෙකු අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව ලෙසින් ද මෙය හඳුන්වා දිය හැකි ය. මීට පෙර සුමිත් අතුකෝරල අත්අඩංගුවට ගෙන මරා දැමුව ද, අත්අඩංගුවට ගන්නා විට කිසිවෙකු ඔහු පක්ෂයේ ඉහළ සාමාජිකයෙකු බව දැන සිටියේ නැත. එහෙත්, අමදෝරු අත්අඩංගුවට ගත්තේ සියලූ තොරතුරු දැනගෙන ය. නන්දතිලක අමදෝරු ගලප්පත්ති සෑහෙන කාලයක් අනේකවිධ වධබන්ධනයන්ට ලක් කරමින්, රඳවා තබාගෙන ප‍්‍රශ්න කළ ද, ආරක්ෂක සාමාජිකයන්ට කිසිවක් ඔහුගෙන් හෙළිදරව් කර ගැනීමට නොහැකි විය. ඔහු තෝරා ගත්තේ පාවා දීමේ මාවත නොව අරගලය ආරක්ෂා කිරීමේ මාවතයි. ඔහුගෙන් කිසිවක් හෙළිදරවු කර ගත නොහැකි බව අවබෝධ කර ගැනීමෙන් අනතුරුව රජයේ මිනීමරු හමුදා විසින් විවිධ වධබන්ධනයන්ට ලක් කොට ඔහු මරා දමන ලදී. නන්දතිලක අමදෝරු ගලප්පත්ති පක්ෂයේ පූර්ණකාලීන දේශපාලනයේ නිරත වූ ප‍්‍රබල කලා හිතකාමියෙකු ද වූ බව මෙහිලා පැවසිය යුතුම කරුණකි. ‘විමුක්ති ගී’ ප‍්‍රසංගයේ සඳහන් වන ”සතිපූජා දරසෑයේ හිර වී මොට්ටැක්කිලියේ...” යන ගීතයේ රචකයා වන්නේ ද අමදෝරු ය. රාජ්‍ය ත‍්‍රස්තවාදය ලෙස බිහිවුණු මිනීමරු කල්ලි විසින් ලාංකීය භූමියට අසීමිත ලෙස ආදරය කළ රටත්, ජනතාවත් වෙනුවෙන් අව්‍යාජ කැප කිරීමක් කළ අනාගත පරපුරේ සුභසිද්ධිය උදෙසා යුක්තිගරුක දේශයක් නිර්මාණය කිරීම උදෙසා කැපවුණු ශ්‍රේෂ්ඨ විප්ලවවාදී විරුවන් දහස් ගණනින් අනේකවිධ වධ බන්ධනයන්ට ලක් කරමින් මරා දමන ලදී. නන්දතිලක අමදෝරු ගලප්පත්ති යනු එවන් ශ්‍රේෂ්ඨ විප්ලවාදී විරුවෙකි. ඔවුන් මරා දැමූව ද, ඔවුන් ප‍්‍රාර්ථනා කළ උස් අරමුණු මරා දැමිය නොහැකි බව මේ මොහොත වන විටත් යථාර්ථයක් වෙමින් ඇත. නන්දතිලක අමදෝරු ගලප්පත්ති ඇතුළු මරා දමන ලද විරුවන්ට යුක්තිය ඉටු කළ හැක්කේ ඔවුන් ප‍්‍රාර්ථනා කළ ගෞරවනීය දේශය ගොඩනැඟීමෙන් පමණකි.


සමාජවාදය මනෝරාජ්‍යයෙන් විද්‍යාව දක්වා සංවර්ධනය වීම

2017-02-12     (ඞී. එච්. වික‍්‍රමසිංහ )

එංගල්ස් විසින් මෙම සංඥාපනය ලියන ලද්දේ 1892 අපේ‍්‍රල් 20 වැනි දින දීය. ‘ප‍්‍රාග්ධනය’ සහ ‘කොමියුනිස්ට් ප‍්‍රකාශනය’ තරම්ම බොහෝ විවිධ භාෂාවන්ට පරිවර්තනය වූ සහ මහත් පරිහරණයට ලක් වූ මෙම පොත් පිංච ලියන්නට බල කළ සමාජ ඓතිහාසික පරිසරය, එහි අභියෝගය, එමෙන්ම එහි අඩංගුව පිළිබඳව මනා විස්තරයක් මෙම සංඥාපනයෙන් ඔහු ඉදිරිපත් කොට ඇත. සැබැවින්ම මෙම සංඥාපනය එංගල්ස් විසින් වෙනත් කෘතීන් සඳහා ඉදිරිපත් කරන ලද සංඥාපනයන් මෙන්ම තවත් පුළුල් කෘතියකි. එය පමණක් හැදෑරීමෙන් ද විප්ලවවාදියෙකුට අධ්‍යාපනිකව අත්පත් කොට ගත හැකි දේ අතිමහත් ය. එපමණක් නොව මෙයින් ‘සමාජවාදය මනෝරාජ්‍යයෙන් විද්‍යාව දක්වා සංවර්ධනය වීම’ යන කෘතිය පිළිබඳව ද මනා අවබෝධයක් හා එය කියැවීමට මනා අත්වැලක් සපයයි. සාමාන්‍ය පොත් පිටු 28කට ආසන්න ප‍්‍රමාණයක් සහිත මෙම සංඥාපනය පමණක් වෙනම අධ්‍යයනය කළ හැකි ය. එමෙන්ම ඉන් සමාජවාදය, සමාජවාදය බිහි කරන ධනවාදයේ මූලයන් ද පුළුල් විග‍්‍රහයකට ලක් කරයි. තවද ඕනැ ම විද්‍යාවක් මෙන්ම ‘සමාජවාදය නමැති විද්‍යාව’ අතීත චින්තනයේ සංකල්පයන්ගේ සිට විද්‍යාවක් බවට පත් වූයේ කෙසේ ද යන්න මෙහි පෙන්වා දෙනු ලබයි. මෙහි ලේඛනයට යටින් දිවෙන ඔහුගේ පරිශ‍්‍රමය තුළ කාල් මාක්ස් නම් ශ්‍රේෂ්ඨ චින්තකයා සමඟ නිර්ධන පංතියට මඟ පෙන්වන දර්ශනය තහවුරු කිරීමේ දී එංගල්ස් කෙතරම් නිහතමානීව, කෙතරම් සහෝදරාත්මකව සහ පංගුපේරුවකින් තොරව මාක්ස්වාදය වෙනුවෙන් ඉදිරිපත් වී ද යන්න මෙහි දක්නට ලැබේ. මෙම ලිපියෙහි සීමාසහිත ඉඩකඩ තුළ මෙම සංඥාපනයෙන් උපුටා ගන්නා කොටස් කිහිපයක් ගෙනහැර දක්වන්නෙමු. එම උපුටා ගැනීම් සංඥාපනයෙහි පෙළ පෙන්වා දීමක් මිස, නමුත් සමස්ත සංඥාපනය පුරාම දිවෙන අදහස් එකසේ අධ්‍යාපනික බව නැවත ද අවධාරණය කරනුයේ පාඨකයාගේ බුද්ධිමය අලස බව විසින් එම කියවීම අත්හැරෙන්නට තිබෙන අවස්ථාව වළකාලීම පිණිසය. ‘‘ජර්මන් සමාජවාදී පක්ෂයේ කොටස් දෙක වූ එයිසෙනාහ්වරුන් සහ ලසාල්වාදීන් එක්සත් වීම නිසා ඔවුන්ගේ ශක්තිය සංඛ්‍යාත්මක ලෙස වැඩි කර ගැනීමටත්, එපමණක් නොව එයටත් වඩා වැදගත් දෙයක් වන පොදු සතුරාට විරුද්ධව ඔවුන්ගේ මුළු මහත් ශක්තියම යෙදීමටත් හැකියාවක් ඇති වූ කාලයේ දී ම මෙය සිදු විය. ජර්මනියේ සමාජවාදී පක්ෂය ඉමහත් වේගයකින් බලයක් බවට පත්වෙමින් තිබිණ. එහෙත් එය බලගතු පක්ෂයක් ලෙස සුරකිව පැවතීමට නම්, අලූතෙන් දිනා ගත් සමගිය විනාශ කිරීමට ඉඩ නොදී එය ආරක්ෂා කර ගැනීම අන් හැමටම වඩා අවශ්‍ය දෙයක් විය. මෙය අතරතුර දී, ආචාර්ය ඩූරිං විවෘත ලෙසම තමා වටා නිකායක් සංවිධානය කිරීමටත්, අනාගත විශේෂ පක්ෂයක න්‍යෂ්ටියක් ඉදි කිරීමටත් ක‍්‍රියා කරන්නට විය. එනිසා අපේ රුචිය අරුචිය පසෙක තබා අප වෙත එල්ල කරන ලද මේ අභියෝගය පිළිගෙන සටනට අවතීර්ණ වීමට අපට සිදු විය.’’ මේ ‘සමාජවාදීය මනෝරාජ්‍යයෙන් විද්‍යාව දක්වා සංවර්ධනය වීම’ නම් පොත් පිංචෙහි මව් කෘතිය වන ‘ඩ්‍යුරින් විරෝධය’ ලියන්නට එංගල්ස් පෙළඹ වූ තත්ත්වය පිළිබඳව ඔහු විස්තර කරන ආකාරයයි. ඔහු ධනපති ක‍්‍රමයේ ආරම්භය හා විකාශනය පැහැදිලි කරන අතර හුදු භෞතිකවාදය දයලෙක්තික භෞතිකවාදය දක්වා වර්ධනයවීම ද දක්වයි. ‘‘ශ්‍රේෂ්ඨ ප‍්‍රංශ විප්ලවය ධනපති පංතියේ තෙවන කැරැුල්ල විය. ඒ සමඟම ආගමික සළුව සම්පූර්ණයෙන්ම විසි කොට විවෘත දේශපාලන පදනමක් මත අරගලය ගෙන ගිය පළමු වන කැරැුල්ල එය විය. මෙය, සටන් වැද සිටි එක් පාර්ශ්වයක්, එනම් රදල ප‍්‍රභූ පැළැන්තිය විනාශ කර දමන තුරු සහ අනික් පාර්ශ්වය වන ධනපති පංතියේ පූර්ණ ජයග‍්‍රහණය සැබවින්ම ගෙන ගිය පළමු වන කැරැුල්ල විය. එංගලන්තයේ ප‍්‍රාග් විප්ලවීය සහ පශ්චාත් විප්ලවීය ආයතන තව දුරටත් පවත්වා ගැනීම සහ විශාල ඉඩම් හිමියන්ගේ සහ ධනපතීන්ගේ සම්මුතිය අධිකරණ ප‍්‍රමුඛත්වය සහ නීතියේ රදලවාදී ස්වභාවය ආගමික ලෙස ආරක්ෂා කිරීම මඟින් ප‍්‍රකාශිත විය. ප‍්‍රංශ විප්ලවය එයට ප‍්‍රතිපක්ෂව අතීතයේ සම්ප‍්‍රදායයන් අවසානය දක්වා විනාශ කරලමින් රදලවාදයේ නෂ්ටාවශේෂයන් සමූලඝාතනය කළේය.’’ ‘‘මේ නයින් භෞතිකවාදය ප‍්‍රංශ විප්ලවයේ විශ්වාසයේ සංකේතය බවට පත් වූ අතර, දෙවියන්ට බියවූ ඉංග‍්‍රීසි ධනපති පංතිය ස්වකීය ආගම තවත් දැඩි කොට බදා අල්ලා ගත්තේ ය. ජනතාව ආගම පසෙක ලූ විට ඇති වන්නේ කුමක් ද යන්න පැරීසියේ ත‍්‍රස්තවාදය ආධිපත්‍යය ඉසිලූ කාලයේ සනාථ නොවී ද? භෞතිකවාදය ප‍්‍රංශයේ අසල්වැසි රටවලට පැතිර යාම වැඩි වත්ම, එයට න්‍යායික වශයෙන් බන්ධු ප‍්‍රවණතාවයන්ගෙන් එය පෝෂණය ලබත්ම, මහාද්වීපයේ උගතකුට අවශ්‍ය සුදුසුකමක් බවට භෞතිකවාදය සහ සාමාන්‍ය ස්වාධීන චින්තනය වැඩියෙන් පත් වත්ම, ඉංග‍්‍රීසි මධ්‍යම පංතිය ස්වකීය ආගමික විශ්වාසයන් කෙරෙහි වඩාත් මුරණ්ඩු ලෙස එල්බ ගත්තේ ය. මේ ආගමික විශ්වාසයන් එකිනෙක කොතරම් වෙනස් වුව ද, ඒවා ආගමික කිතුනු දහම ප‍්‍රකාශ කරන්නන් විය.’’ එංගල්ස් තම සංඥාපනය අවසන් කරන්නේ එවකට යුරෝපයේ ධනපති රටවල තිබූ විප්ලවීය සක‍්‍රීයතාවයත්, විශේෂයෙන්ම ජර්මනියේ කම්කරු ව්‍යාපාරයේ ජයග‍්‍රාහී ස්වරූපයත් හුවා දක්වමින් සුබවාදී දැක්මක් ඉදිරිපත් කරමින්ය.. ‘‘එසේ වතුදු, යුරෝපා කම්කරුවන්ගේ ජයග‍්‍රහණය එංගලන්තය මත පමණක් රඳා නොපවතී. එය සහතික කළ හැක්කේ අවමය වශයෙන් එංගලන්තයේ, ප‍්‍රංශයේ සහ ජර්මනියේ සහයෝගයෙනි. පසු කී දෙරටේ කම්කරු පංතික ව්‍යාපාරය එංගලන්තයේ එම ව්‍යාපාරයට වඩා බොහෝ ඉදිරියට ගොසිනි. ජර්මනියේ කම්කරු පංතික ව්‍යාපාරයේ ජයග‍්‍රහණයේ කාලසීමාව පවා මිනිය හැකි තරම්ය. මින් පෙර නොවූ විරූ තරම් දියුණුවක් එය ඉකුත් විසිපස් වසර තුළ දී ලබා ඇත. දේශපාලන දක්ෂතාවය, විනයගරුක බව, ධෛර්යය, ශක්තිය හා නොපසුබට වීර්යය වැනි ගුණයන් ජර්මන් මධ්‍යම පංතියට නොමැති බව පෙන්නුම් කර තිබේ නම්, ජර්මන් කම්කරු පංතියට මෙම ගුණයන් සෑහෙන තරම් තිබෙන බව එය නිසැක ලෙස ඔප්පු කොට ඇත. මීට වසර හාරසියයකට පෙර ජර්මනිය යුරෝපයේ මධ්‍යම පංතියේ විශාල නැඟිටීමේ මූලාරම්භක ස්ථානය විය. අද්‍යතන තත්ත්වය අනුව ජර්මනිය යුරෝපා නිර්ධන පංතියේ ප‍්‍රථම මහා ජයග‍්‍රහණයේ වේදිකාව බවට පත් විය නොහැකි ද?’’ මෙම සංඥාපනය මාක්ස් එංගල්ස් තෝරා ගත් කෘති වෙළුම 3 (සිංහල* ප‍්‍රගති ප‍්‍රකාශන 1982 මුද්‍රණයෙන් හෝ ‘සමාජවාදය මනෝරාජ්‍ය විද්‍යාව දක්වා සංවර්ධනය වීම’ යන (සිංහල* ප‍්‍රගති ප‍්‍රකාශනයෙන් කියැවිය හැකි බව එය කියැවීමට කැමති පාඨක ඔබේ පහසුව පිණිස සඳහන් කරමු.


ඩොනල්ඞ් ට‍්‍රම්ප් : තවත් මානව විරෝධී ජනාධිපතියෙක්

2017-02-05     (මහාචාර්ය ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි)

ඇමරිකාවේ රිපබ්ලිකන් සහ ඩිමෝක‍්‍රටික් නමැති ධනේශ්වර පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයන් දෙදෙනා වූ ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් 2016 නොවැම්බර් 8වෙනි දින පැවතුණු ජනාධිපතිවරණයට තරග වැදුණු අතර එයින් මතභේදාත්මක වුව ද, කැපී පෙනෙන ජයක් ට‍්‍රම්ප්ට ලැබීමෙන් අනතුරුව පසුගිය 20වෙනි දින ඔහු ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ලැබීය. එහෙත්, ඇමරිකානු ව්‍යවස්ථාවට අනුව ඔහු ධවල මන්දිරයට ඇතුළු වනුයේ මෑත කාලයේ ඉතාමත්ම අප‍්‍රියජනක ජනාධිපතිවරයා ලෙස ය. එසේ වනුයේ ඔහු ජනාධිපති වූ ජනවාරි 20වෙනි දින සිට මේ ලියන මොහොත දක්වා ප‍්‍රදර්ශනය කරන ලද බාල, අපරිණත, බොළඳ,‘නහයට නාහන’ හිතුවක්කාර හැසිරීම නිසාය. ඔහු වේදිකාවේ දී කිසිවෙකුට හොඳක් කීවේ කලාතුරකිනි. හොඳක් කිවේ නම් ඒ තම බිරිඳ පවුල සහ දරුවන් ගැන පමණි. හිලරි ගැන එක හොඳක් වුව ද කීවේ දෙදෙනා අතර මුහුණට මුහුණ විවාදයේ චාරිත‍්‍රයක් හැටියට ”ධෛර්ය සම්පන්න ගැහැනියක් යන්න පමණි. මෙය හැරුණුකොට ඔහු හිලරිව ඇමරිකානු ජනතාවට හැඳින්වූයේ අප‍්‍රසන්න නරක ගැහැනියක් එසේම ඔහු සිය මැතිවරණ ව්‍යපාරයේ දී පොදුවේ ස්ත‍්‍රීන්ට අපහාස කළේ ය. ලක්‍ෂ දෙකක පමණ ස්තී‍්‍රන් ට‍්‍රම්ප්ට විරෝ්ධීව ඇමරිකානු නගර පුරා පෙළපාළි පැවැත්වූවේ ට‍්‍රම්ප්ගේ මේ ස්ත‍්‍රී විරෝධය ද හෙළාදැකීම පිණිස ය. ඩොනල්ඞ් ට‍්‍රම්ප් 1946 වසරේ උපත ලැබු අතර පිය උරුමයෙන් හිමි වුණ ව්‍යාපාර තව දුරටත් වර්ධනය කරමින් මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන හතරක පෞද්ගලික වත්කමක් ඇති ඇමරිකාවේ පමණක් නොව විදේශයන්හි (චීනය) ව්‍යපාර ඇති වයස 70ක පමණ සුදු ඇමරිකානුවෙකි. ඔහු තෙවරක්ම විවාහ වූවෙකු වන අතර සෑම විවාහයකින්ම දරුවන් ඇත. ට‍්‍රම්ප් යනු උද්දච්ච කමේ ප‍්‍රතිමුර්තියයි. ඔහුගේ කථාව, හැසිරීම, ඔහුගේ ශාරීරික භාෂාව, හිට ගන්නා ආකාරය, ඉඳගන්නා ආකාරය (පළමුවරට ඔබාමා හමුවේදී ඔහු ආසනගතව සිටි අයුරු)ඔහුගේ මුහුණ, භාෂාව ආදියෙන් මෙය පැහැදිලිව පෙනේ. මෙයට තවත් උදාහරණයක් නම් බි‍්‍රිතාන්‍ය අගමැති තෙරේසා හමුවූ අවස්ථාවේ ඇය ට‍්‍රම්ප්ට ‘මිස්ට ට‍්‍රම්ප්‘ ලෙස ගරුත්වයකින් අමතන විට ට‍්‍රම්ප් ඇයව ඇමතුවේ නිකම්ම ‘තෙරේසා‘ යනුවෙනි . ට‍්‍රම්ප්ගේ උච්චාත්මමානයට :මෙයට වඩා සාධකයක් අවශ්‍ය නොවේ. ”මෝඩ ජනාධිපති”-බර්නි සැන්ඩර්ස් ට‍්‍රම්ප් සහ ඔහුගේ ජනතා විරෝධී කම්කරු පීඩක ප‍්‍රකෝටිපති ව්‍යාපාරික සහ මිලිටරි උපදේශක මණ්ඩලය ‘ඇමරිකාව පළමුව’ නමැති ජාති සහ ජාතිකවාදී සටන් පාඨයක් හැටියටම නොවේ. එය විශේෂයෙන් 2001 සැප්. 11 ඇමරිකාවේ වෙළඳ සංකීර්ණ ප‍්‍රහාරයත් සමග උපත ලබා වසර 15ක් පුරා පැසවමින් මෝදු වූ ඇමරිකානු නව ජාතිවාදයේ දේශපාලන ඉදිරිපත් කිරීමයි. නැතහොත් කාලාන්තරයක් පුරා ඇමරිකානු ජාතිවාදීන්ගේ භවාංග චිත්තයේ තැන්පත්ව තිබු මනෝභාවයක දේශපාලනික උත්කර්ෂණයයි. ට‍්‍රම්ප් ඔහුගේත්, ඔහුගේ ධනපති පංතියේත් සාමාන්‍ය ඇමරිකානුවාගේත් සැගව තිබු ‘ඇමරිකාව පළමුව‘ යන්න ගෙන යාමට හොඳම මැතිවරණය 2016 බව කල්යල් බලා දැන එය ජනතාව අතරට ගෙන යා හැකි ප‍්‍රබලම මාධ්‍යය දේශපාලනය බව තේරුම් ගෙන එය තම දේශපාලන සටන් පාඨය කර ගනු ලැබීය. නමුත් ට‍්‍රම්ප් ගේ ජයග‍්‍රහණයෙන් පසු ගත වූ දින 10 තුළ ඇමරිකාව පළමුව නිෂ්ඨාව සහ ඇමරිකාව නැවත ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමේ ට‍්‍රම්ප්ගේ අධිෂ්ඨානය නිසා සිදු වූයේ ඇමරිකාව තව දුරටත් ගෝලීය නායකත්වය සපයන රටක් ලෙස ව්‍යාජව හෝ තබාගෙන තිබු ආඩම්බරය දිය වී ඇමරිකාව සමස්ත ලෝකයේම ගැරහුමට පාත‍්‍ර වීමය. ගෝලීය පද්ධතියෙන් පිට වී ඇමරිකාව තනියෙන් වැජඹීමේ අභිලාෂයේ ප‍්‍රතිවිපාක ට‍්‍රම්ප් ප‍්‍රමුඛ ධනපති පංතිය දැනටමත් වි`දිමින් සිටිති. තව ඉදිරියට තව අර්බුද ඇති වන බව නිසැක ය. ට‍්‍රම්ප්ගේ පරිපාලන දින දහය තුළ ඇමරිකාව ‘ගේ‍්‍රට්’ කිරීමට ඔහු උත්සාහ ගනුයේ ලෝක යුද්ධයකට අතවනමිනි. ඩිමොක‍්‍රටික් ජනාධිපති අපේක්ෂක බර්නි සැන්ඩර්ස් විසින් ට‍්‍රම්ප්ගේ් ‘සතියක’ ඇමරිකාව කළමනාකරණය ගැන පසුගිය 27 වෙනි දින කළ ප‍්‍රකාශය මෙසේය. ”අපේ රට අද විශාල ගැටලූවලට මුහුණ දෙමින් සිටී- අපට ඉන්නේ මෝඩ ජනාධිපතියෙක්” එහෙත් සැන්ඩර්ස් මෙයට දින හතරකට කලින් ‘මෝඩ ජනාධිපති’ ට‍්‍රම්ප් විසින් ‘පාර ශාන්තිකර වෙළෙද ගිවිසුම’ අහෝසි කිරීම අගය කළේය. සැබෑ සමාජවාදී දේශපාලන දර්ශනයක් නැති ධනේශ්වර ද්විපාක්ෂික දේශපාලනයේ දෙබිඩි ලක්ෂණය මෙයයි. කෙසේ වුවද, සැන්ඩර්ස් ට‍්‍රම්ප් ගැන කළ ඉහත තක්සේරුව නම් නිවැරදි බව දිනෙන් දින ඔප්පුවේ. ට‍්‍රම්ප්ගේ ආගමන තහංචි නියෝගය ට‍්‍රම්ප් ගේ තවත් විධායක විධානයක් වුයේ ඔහු තෝරා ගත් මුස්ලිම් රටවල් හතක පුරවැසියන්ට ඇමරිකාවට පැමිිණීම තහනම් කිරීමයි. එම මුස්ලිම් රටවල් නම් සිරියාව, ඉරාකය, ඉරානය, ලිබියාව, සුඩානය, සෝමාලියාව සහ යේමනයයි. එසේම ඔහු තවත් මුස්ලිම් රටවල් කිහිපයක් පමණක් තහංචියෙන් නිදහස් කළේය. ඒවා නම් එමිරේට්ස් රාජ්‍යය, තුර්කිය, ඊජිප්තුව, සෞදි ආරාබිය සහ ඩුබායි යන රටවල් ය. හේතුව මෙම රටවල් පහ සම`ග ට‍්‍රම්ප් ‘බිස්නස්‘ කිරීම ය. තුර්කියේ ඉස්තාන්බුල්වල ට‍්‍රම්ප්ගේ කුලූණු ඇත. ඩුබායිවල ට‍්‍රම්ප්ගේ හෝටල් ඇත. ට‍්‍රම්ප් පරිපාලනය මෙය හේතුයුක්ත කළේ තහංචි පාත‍්‍ර රටවල් හතක් ත‍්‍රස්තවාදයට සම්බන්ධය යන කරුණු ඉදිරියට දමමිනි. ට‍්‍රම්ප් නියෝගය පැනවීමෙන් පසු කීවේ ”දැන් සිට මුස්ලිම් ත‍්‍රස්තවාදීන්ට ඇමරිකාව වැහෙනවා. ත‍්‍රස්තවාදීන් අපට ඕනෑ නැහැ”. මෙය විහිළු ප‍්‍රකාශයක් වනුයේ ඇමරිකාව තරම් ත‍්‍රස්තවාදය මුදාාහැරි වෙනත් රටක් දෙවන ලෝක යුද්ධයෙන් පසු නොමැති හෙයිනි. ට‍්‍රම්ප්ගේ මෙම විහිළු තර්කය නිෂ්ප‍්‍රභ වනුයේ ඇමරිකාවේ 2001 වෙළෙඳ සංකීර්ණය විනාශ කරනු ලැබූවේ ඇමරිකානු පුරවැසියන් කිහිප දෙනෙකු මිස ට‍්‍රම්ප් තහනම් කළ රටවල මුස්ලිම් ජාතිකයන් නොවන නිසාය. ට‍්‍රම්ප් ආගමන තහංචිය පැනවූ මුස්ලිම් රටවල් හතෙහි එක පුරවැසියෙකු විසින් හෝ එක් ඇමරිකානුවෙකුවත් 1975 සිට 2015 කාලය තුළ, එනම් වසර 40කට ඝාතනය කොට නැත. එහෙත් ට‍්‍රම්ප්ට සහ ඔහුගේ මුස්ලිම් විරෝධී මානසිකත්වයට අවශ්‍ය වනුයේ වෙළෙඳ සංකිර්ණවලට ප‍්‍රහාරය එල්ල කළේ ඇමරිකානු පුරවැසියන් ද නැද්ද යන්න නොව ඔවුන්ගේ ජාතියයි. ඔවුුන්ගේ ආගමයි. ට‍්‍රම්ප් ගේ මැතිවරණ ව්‍යාපාරයේ දී ඔහුගේ මුස්ලිම් විරෝධී ආකල්පය දැඩි ලෙස ඉස්මතු වුවද සහ ඔහු විසින් මුස්ලිම් රටවල් හතක් සඳහා පැන වූ ආගමන තහංචියෙන් ඔහු මුස්ලිම් විරෝධියෙකු හැටියට තව දුරටත් හංවඩු ගැසුණ ද ඔහු ගේ ව්‍යාපාරික අවිඥානය නම් මුස්ලිම් විරෝධී නොවන බව පෙනේ. ඇමරිකාව තහනම් නොකරන ලද මුස්ලිම් රටවල් දෙස බලන කල එය පැහැදිලි වේ. රටවල් පහේ පුරවැසියන් විසින් සඳහන් කළ කාලය තුළ ඇමරිකානුවන් 3,000ක් පමණ ඝාතනය කොට තිබිණ. වෙළෙඳ සංකීර්ණ ඝාතනයට සම්බන්ධ වූයේ ඇමරිකාවට ඒම සඳහා ට‍්‍රම්ප් තහනම් නොකළ මුස්ලිම් රටවල් පහ ය. ට‍්‍රම්ප්ගේ මේ පැහැදිලිව පෙනෙන ‘ උනන්දුතා ගැටීම :ජදබකෙසජඑ දෙ සබඑැරුිඑි* සහ වෙනත් අ¥රදර්ශී අහෝසි කිරීම් සහ ඥාති සංග‍්‍රහයන් සලකා බැලූවොත්, ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් වුව ද ගෙන ආ හැකි බව මෙම ලේඛකයාගේ අදහසයි. ඉහත මුස්ලිම් රටවල් හතක පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කළ ද, ට‍්‍රම්ප්ගේ ව්‍යාපාර තිබෙන රටවලට මේ තහංචි කිසිවක් නැත. හේතුව එම රටවල්වල ට‍්‍රම්ප්ගේ දැවැන්ත බිස්නස් ජාලයන් තිබීමයි. සෞදියේ කොම්පැනි අටක් ට‍්‍රම්ප් ලියාපදිංචි කළේ ජනාධිපති නාමයෝජනා දුන් 2015 අගෝස්තුවල තරම් මෑත ය. කෙසේ නම් ඔවුනට තහංචි පැනවිය හැකි ද? ඔහුගේ ප‍්‍රචාරණ රැුස්වීමක දී ඔහු සෞදිය පිළිබඳව ප‍්‍රශංසාත්මක ඇගයීමක්ද කර තිබිණ.” ඔවුන් (සෞදියන්* මගෙන් නිවෙස් ගන්නවා. ඔවුන් ඩොලර් මිලියන 40ක් 50ක් වියදම් කරනවා. ඔවුන් මෙසේ කරන කොට මම කොහොමද ඔවුන්ට අකැමැති වෙන්නේ? මම ඔවුන්ට හරි කැමැතියි. කවුරුන් සැලසුම් කළා හෝ 9/11 ප‍්‍රහාරයේ පිටුපස හිටියේ සෞදීන් වන තත්ත්වය තුළ ට‍්‍රම්ප් සෞදිය ආගමන වාරණයෙන් හෝ තහංචියෙන් නිදහස් කිරීම මොන තරම් කුහකකමක් ද? ඉරාකයේ සදාම් හුසේන්ව බොරු හේතු මවා ඝාතනය කොට තමන්ට ගැති රූකඩ රජයක් ඇති කොට දැන් ඇමරිකාව ඉරාකයන්ට තහනම් කිරීමට තරම් කුරිරු විය හැකි ද? මින් පැහැදිලි වනුයේ ට‍්‍රම්ප් තීරණ ගනුයේ ව්‍යාපාර අරමුණවලට සාපේක්‍ෂව බව ය. ඔහුට ත‍්‍රස්තවාදී මුස්ලිම්වරුන් වනුයේ ඔහුගේ ව්‍යාපාරයන් නැති රටවල මුස්ලිම් ජාතිකයන් ය. එහෙත්, ට‍්‍රම්ප්ට අනුව ඊජිප්තුව, සෞදි අරාබිය, ඩුබායි, එමිරේට්ස් ආදී රාජ්‍යයන් මුස්ලිම් නොවේ. ඒවායේ මුස්ලිම් ජාතිකයන් නැත. ඩිමොක‍්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක බර්නි සැන්ඩර්ස් පසුගිය දිනක ට‍්‍රම්ප්ව ‘මෝඩ ජනාධිපති‘ හැදින්වීමට දහසකුත් හේතු අතර මෙය ද ප‍්‍රධාන වෙන්නට ඇත. තුර්කියේ ඉස්තාන්බුල් වල ට‍්‍රම්ප් කුලූණු දෙකක් දැනටමත් තිබෙනවා. තව දෙකක් හදන්න ට‍්‍රම්ප් ගිවිසුම් අත්සන් කොට හමාරයි. ආගමන තහංචියෙන් තුර්කිය නිදහස් කළේ මේ නිසා ය. ඩුබායිවල ගෝල්ෆ්් පිට්ටනි දෙකක් ට‍්‍රම්ප් සතුව ඇත. සංක‍්‍රමණික කම්කරුවන්ට එරෙහි ට‍්‍රම්ප් ට‍්‍රම්ප්ගේ තවත් අඥාන සහ ත‍්‍රස්තවාදී නියෝගයක් වූයේ නිල ආවරණයක් නොමැති සියලූ දෙනා ඇමරිකාවෙන් පිටමං විය යුතු ය යන්නය. මෙම නියෝගයේ පදනමද ඔහුගේ සහ ඔහු වටා සිටින ධනපති ව්‍යාපාරික පංතියේ ජාතිවාදී මනෝභාවයන් සහ ව්‍යාපාරික අරමුණු සහ නිෂ්ඨාවන්ය. එම නිසා ට‍්‍රම්ප්ගේ මෙම තීරණය ද මුස්ලිම් ආගමන වාරණ නියෝගයෙන් වෙනස් වූ එකක් නොවේ. මෙය ඇත්තටම සංක‍්‍රමණික ශ‍්‍රමධාරිතයන්ට එරෙහි යුද ප‍්‍රකාශයකි. ”තොපි පලයව්, මේ තොපේ රට නොවේ. තොපි අපරාධ කාරයන් රංචුවකි.” ට‍්‍රම්ප් බලයට පත් වීම ස`දහා ජාතිවාදී මනසක් නැති එහෙත් බඩක් පමණක් ඇතිව සිටි සාමාන්‍ය ඇමරිකානු ජනතාවට ජාතිවාදී විෂ පොවමින් ජන්ද ලබා ගත්තේ මෙය අවධාරණය කරමිනි. එහෙත්, මෙම සංක‍්‍රමණික ශ‍්‍රමිකයන් විසින් හාම්පුතුන් දෙන ‘යාන්තම් ජීවිතය ගැටගහ ගත හැකි‘ වැටුපක් ලබමින් හරි-හමන් ජීවිත ආරක්ෂණ වැඩපිළිවෙළක් හෝ නොමැතිව කැලිෆෝනියා ප‍්‍රාන්තයෙන් පමණක් ඩොලර් බිලියන 150ක් ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදනයට එකතු කරනවා. ඇමරිකාවේ ප‍්‍රාන්ත 50ක් තියෙනවා. දායකත්වය කෙබදුද? ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදනයට සංක‍්‍රමණිකයන් කරන දායකත්වය ට‍්‍රම්ප්ට නොතේරුණේ ඇයි? නොතේරුණේ නිෂ්පාදන ශ‍්‍රමය සංක‍්‍රමණික ශ‍්‍රමය පිළිබ`ද කරුණක් නොව ආර්ථිකය පිළිබ`ද කරුණක් ය යන්න ඔහු තේරුම් නොගැනීම ද විය හැකි ය. සමහරවිට ඔහු එය හොදට තේරුම් ගෙන නියෝගයට අත්සන් කළා ද විය හැකිිය. ඔහුගේ අනෙක් නියෝග සම`ග බලන කල සත්‍යය දෙවැන්නයි”. මෙගා ව්‍යාපාරික ජනාධිපති ට‍්‍රම්ප් විසින් සංක‍්‍රමණික ශ‍්‍රමිකයන් රටින් පිටමං කිරීමට ගත් තීරණයට ට‍්‍රම්ප්ගේ මට්ටමේ නොවන ඇමරිකානු ධනපති ව්‍යපාරිකයන් අකැමැතිය. හේතුව සංක‍්‍රමික ශ‍්‍රමය සුරාකෑමට ඔවුන්ට බැරි වන හෙයිනි. මෙය ධනපති පංතිය තුළම අර්බුදයක් දැනටමත් නිර්මාණය කර ඇත. ඇමරිකානු ගෘහ, දේශීය ආර්ථිකය දැනටත් රැුකෙනුයේ අඩු වැටුපට ශ‍්‍රමය විකුණන මෙක්සිකානු, ලතින් ඇමරිකානු, යුරෝපීය සහ ආසියානු සංක‍්‍රමණික ශ‍්‍රම බලකාය නිසාය. ‘නීතිගරුක ඇමරිකාව‘ නීති විරෝධීව මිලියන ගණනින් මොවුන්ව රට තුළ තබාගත්තේම මොවුන්ගේ ශ‍්‍රමය කුණුකොල්ලයට සූරාකෑමට මිස මොවුන්ට ඇති ආදරය හෝ මානව දයාව නිසා නොවේ. මෙම ශ‍්‍රමිකයන්ගෙන් හිස් වන ශ‍්‍රම ධාරිතාව ඇමරිකානුවන්ගෙන් පුරවන බවට ට‍්‍රම්ප් පොරොන්දු දෙනුයේ තමාගේ ව්‍යපාර වෙනුවෙන් බදු මුදල් ගෙවීම පැහැර හැරි තම ව්‍යාපාරවල සේවයේ යෙදෙන (සුදු) ඇමරිකානු කම්කරුවන්ගේ ශ‍්‍රමය ‘සොච්චම්‘ වැටුපට සුරාකෑ සහ දැනටත් සූරාකන ජනාධිපති ට‍්‍රම්ප් ය. හදවතකුයි, ඔළුවකුයි දෙකම නැති වෙනත් ඕනෑම එකෙකුට කළ හැකි දේ ට‍්‍රම්ප් කළ යුතු ද? නැත. එහෙත්, එය ට‍්‍රම්ප් කරයි නම්? ඒ ට‍්‍රම්ප් ය. බර්නි සැන්ඩර්ස්ගේ වචනයෙන් ‘මෝඩ ජනාධිපතිය‘ ඔබාමා ද්වේෂය සහ ඔබාමා වැඩපිළිවෙළ ප‍්‍රතික්ෂේපය ට‍්‍රම්ප් සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළේම ඔබාමාට පෞද්ගලික මට්ටමින් පහර එල්ල කරමිනුයි. ට‍්‍රම්ප් ගේ ජාතිවාදී අවිඥානය ඔහුට සැ`ගවීමට බැරි වීම කැපී පෙනුණේ ඔබාමාට ඇමරිකානු ජන්මයක් නැති බවට බොරුවක් පැතිරවීම තුළිනුයි. ජනාධිපති වීමෙන් පසු ට‍්‍රම්ප් විසින් ඔබාමා වසර අටක් තුළ ටි‍්‍ර‍්‍රිලියන ගණනින් ජනතා බදු මුදල් වියදම් කරමින් ආරම්භ කරන ලද සියලූම ව්‍යාපෘතීන් එක සතියකින්, එක පෑන් පහරකින් අහෝසි කිරීමට තරම් සැහැසි විය; අ¥රදර්ශී විය. පහත දැක්වෙනුයේ ට‍්‍රම්ප් විසින් සාධාරණ හේතුවක් හෝ නොදී කණපිට හැරවීමෙන් සිදු වන ඵලවිපාක ගැන කිසිම තැකීමක් හෝ නොකොට ට‍්‍රම්ප් විසින් මේ වනවිට ගිලටීනයට යැවූ ඔබාමා ප‍්‍රතිපත්ති සහ යෝජනා : 1. ඔබාමා සෞඛ්‍ය ආරක්ෂණ ප‍්‍රතිපත්ති මාලාව. 2. ගුවන්ටනමෝ සිරක`දවුර වැසීමට ඔබාමා ගත් තීරණය. 3. පරිසර දූෂණය අවම කිරීම පිණිස ජනතාව දැනුම්වත් කිරීමේ ඔබාමාගේ වෙබ් අඩවිය. 4. ඔබාමා ජනතාවට දුන් නිවාස උකස් වාරික සහනය කප්පාදු කිරීම. 5. දැනට ප‍්‍රසිද්ධ කොට නැති ඔබාමා විසින් ගනු ලැබූ තීරණ සියල්ලම වහා අහෝසි කිරීම. ඔබාමාගේ ප‍්‍රතිපත්ති නිවැරැුදි යැයි හෝ ඒවා සමාජවාදී යැයි හෝ අපි නොසලකමු. හේතුව ද්විපාක්ෂික ඇමරිකානු (හෝ වෙනත් ඕනෑම රටක* ධනේශ්වර දේශපාලනයේ දී රිපබ්ලිකන් ඩිමොක‍්‍රටික් ප‍්‍රතිවිරුද්ධයන් නොවන හෙයිනි. එහෙත් එකෙකුගේ ප‍්‍රතිපත්ති පිළිබ`දව ඊළ`ග පදවිප‍්‍රාප්තිකයා ඉවසීමෙන් හදාරා තීරණ ගත යුත්තේ තීරණ සහ නියෝග මිනිසුන් වෙනුවෙන් ගනු ලබන තීන්දු වන නිසාය. වසර හතරක් ඉදිරියට තිබිය දී නින්දෙන් අවදි වූවාක් මෙන් වහා කඩාවැද එක පෑන් පහරින් කටු ගා දැමීම මුග්ධ දේශපාලනයකි. (බර්නි සැන්ඩර්ස් ‘ට‍්‍රම්ප් මෝඩ ජනාධිපතියෙක්‘‘ යැයි කීම නිවැරැුදි වනුයේ මෙහෙයිනි* ට‍්‍රම්ප්ගේ මේ හැසිරීමෙන් කැපී පෙනෙනුයේ ට‍්‍රම්ප්ගේ දඩබ්බරකම, අ¥රදර්ශීකම සහ නොඉවසීම පමණක් නොවේ, ඉන් එකවරම පෙනෙනුයේ ඇමරිකානු ධනපති පංතිය මොන තරම් ප‍්‍රතිපත්ති අර්බුදයක ගිලී ඇද්ද යන්නයි. ට‍්‍රම්ප්ගේ සහ ඇමරිකානු ධනේශ්වරයේ ‘තාප්ප පිළියම’ ඇමරිකාව සහ මෙක්සිකෝව වෙන් කිරීමට තාප්පයක් ඉදි කිරීම ට‍්‍රම්ප් ගේ ජන්ද පොරොන්දුවකි. ධනපති ඩිමොක‍්‍රටික් පක්ෂයට ද මෙම අවශ්‍යතාවය තිබිණ. 2006දී ‘ආරක්ෂක වේල්ල පනතට‘ (ීැජමරසඑහ ත්‍ැබජැ ්ජඑ* පක්ෂ දෙකේම සහාය ලැබී තිබිණ. ට‍්‍රම්ප් මේ කරන්නේ තාප්පය බැ`දීම කඩිනම් කිරීමයි. මිනිසුන් මිනිසුන්ගෙන් වෙන් කළවුන්ම මිනිසුන්ව නැවත එක් කරනවා වෙනුවට තව තවත් තාප්ප, වැටවල් සහ මුරකපොලූ ඉදි කරමින් මිනිසුන් මිනිසුන්ගෙන් වෙන්කිරීමයි. මෙවන් තාප්ප 64ක් ලෝ වටා ඇත. මෙක්සිකෝ තාප්පය පළමු එක සහ අවසාන එක ද නොවේ. බටහිර, නැෙඟනහිර ජර්මනිය වෙන් කළ බර්ලින් (පසුව බි`ද දැමූ*, ඉන්දියානු-පකිස්ථානු, ගාසා-ඊශ‍්‍රායල, උතුරු-දකුණු කොරියා ආදී තාප්ප උදාහරණයන් ය. ට‍්‍රම්ප් මෙක්සිකෝ තාප්පයේ අවශ්‍යතාවය තහවුරු කළේ මෙක්සිකන්වරුන් අපරාධකාරයන්, කුඩු ජාවාරම්කාරයන්, වෛශ්‍යාවන් වශයෙන් නම් කරමිනි. ඇමරිකානුවන් සාන්තුවරයන් කරමිනි. මේ තාප්පය ඇමරිකානු ධනපති පාලකයන්ගේ ‘මොට්ට’ මෙන්ම දඩබ්බරකම පෙන්වන හො`ද උදාහරණයකි. තාප්පයේ දිග කිිලෝ මීටර් 2,200 කි. උසින් අඩි 12කි. මේ දිගින් ශී‍්‍ර ලංකාවේ මුහුදු තීරය වට කොට තාප්ප දෙකක් හ


‘‘අද ලෙනින්ලා - පිදෙල්ලා නැහැ. ඒත් සාර්ලා ඉන්නවා.’’

2017-01-22     (විනී අමරසිංහ )

පසුගිය දිනෙක ජනාධිපති මන්දිරයේ පැවති කියුබානු නායක පිදෙල් කස්ත්‍රෝ සමරු උත්සවයේ දී ජනාධිපති කළ ප‍්‍රකාශය මුළු රටම දන්නා කරුණකි. මෙම ප‍්‍රකාශය මෙවැනි අවස්ථාවක මොනවා හෝ ප‍්‍රකාශ කිරීමට අවශ්‍ය නිසා කී දෙයක් ද? නැතිනම් ගැඹුරින් සිතා බලා කළ අවංක ප‍්‍රකාශයක් දැයි සිතා බැලිය යුතුය. ගරු ජනාධිපතිතුමා ගොවියන් අතර දී ගොවියෙකි. කවියන් අතර දී කවියෙකි. ගායකයන් අතරට ගිය විට ගායකයෙකි, කලාකරුවෙකි. මාධ්‍යකරුවන් අතර රැුහේ එකෙකි. ඕනෑම සභාවක දී ඒ හා බැ`දුණු සිය අනන්‍යතාවය කීප වතාවක දී ම ප‍්‍රකාශ කර ඇත. මෙම ප‍්‍රකාශයත් එවැන්නක් ද? මෙම උත්සවයට දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර වැනි ඒකාබද්ධ විපක්‍ෂයේ යැයි කියන කණ්ඩායමේ ප‍්‍රබලයන් ද සිටි නිසා නිකම්ම කියූ කතාවක් නම් වෙන්නට බැරි ය. ලෝක ඉතිහාසයේ හමුවන නිකොලොස් සාර් යනු සෙසු රාජ්‍ය අභිබවා රුසියානු අධිරාජ්‍යයක් ගොඩනැඟීම ස`දහා රුසියානු සමාජය නිරර්ථක යුද්ධයකට ඇද දමා එහි බරත් රජ පවුලේ නඩත්තුව ස`දහා යන බරත් ජනතාව මත පටවමින් ගොවියන් හා කම්කරුවන් අන්ත දුගියන් බවට පත් කර වූ අපකීර්තිමත් රජෙකි. රස්පුටින් වැනි බේබදු සල්ලාලයන්ට රජ මැඳුරේ ලැගුම් දුන්නෙකි. රජ පවුලේ සහ ඔවුන්ගේ අනුගාමිකයන්ට රාජ්‍ය දේපළ හිතූ ලෙස කොල්ලකෑමට ඉඩදී සිටි රජෙකි. අධිරාජ්‍ය සිහිනයකින් හිස පුරවා ගනිමින් රටේ සාමය නැති කළ කෲර රජෙකි. ලෙනින් යනු සාර් පරපුර විසින් විනාශ කරමින් සිටි රුසියාව එම ග‍්‍රහණයෙන් මුදවා ගෙන ලොව ප‍්‍රථම සමාජවාදී රාජ්‍යය ගොඩනැඟූ රාජ්‍ය නායකයා ය. ඒ සදහා ඔහුට දීර්ඝ මතවාදී හා සංවිධාන අරගලයක යෙදෙන්නට සිදු විය. ජයග‍්‍රහණය ස`දහා සිරගත වීම්, පිටුවහල් කිරීම්, සහ අවලාද, අපවාද විඳීමට සිදු විය. ඒ නිසාම ඔහු ශ්‍රේෂ්ඨයෙකු විය. එසේ ම ලොව සෙසු රාජ්‍යයන්හි සමාජවාදී අරගලයන්ට මතවාදී නිවැරැුදි මඟ හෙළි කර දුන් විශිෂ්ට ගුරුවරයෙකි. මෑතක දී අභාවප‍්‍රාප්ත වූ කියුබානු නායක පිදෙල් කස්ත්‍රෝද එවැන්නෙකි. ජනාධිපති මැඳුරේ එකී සමරු වැඩසටහන පැවතියේ ඒ වෙනුවෙනි. ඉතා ඈත අතීතයේ අත්ලාන්තික් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලි ලැබූ කියුබානු දිවයින බැටිස්ටා නම් කෲර ආඥාදායකයාගේ ග‍්‍රහණයෙන් මුදා ගත් විප්ලවවාදී සටන්කරුවා පිදෙල් ය. බැටිස්ටා යටතේ එරට ජනතාවට උරුම වූයේ කුසගින්න, මන්දපෝෂණය, රෝග පීඩා සහ අන්ත දුගී බවයි. එරට ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය වූයේ බැටිස්ටා ය. ඇමරිකානු පූර්ණ අනුග‍්‍රහය ලැබූ ප‍්‍රකෝටිපති ධනකුවේරයන්ගේ උක්වත්තක් බවට පත්ව තිබූ කියුබාව ඉන් මුදාගෙන වර්තමාන කියුබානු සමාජවාදී රාජ්‍යය ගොඩනැඟූ ශ්‍රේෂ්ඨ නායකයා වූයේ පිදෙල් කස්ත්‍රෝයි. ජනාධිපතිවරයා අදහස් කළේ මුළු ලෝකය ද නැතිනම් ලංකාව ගැන දැයි අපැහැදිලිය. එතුමා ලංකාව ගැන අදහස් කරනවා නම් ඒ ගැන විමසා බැලිය යුතු යැයි සිතමි. ලෙනින්ලා හෝ කස්ත්‍රෝලා ලංකා දේශපාලනය තුළ නැති බව සැබෑ මුත් එතුමා ඉන්නවා යැයි ප‍්‍රකාශ කරන සාර්ලා කවුද? කිමද? සාර්ලා යනු ජනපීඩක දුෂ්ට බවේ හා කෲර බවේ සංකේතයක් නිසා ය. රුසියානු සාර්ලාගෙන් පසුව ද ලොව නොයෙක් රටවල එවැනි වූ පාලකයන් බිහිවිණි. චිලියේ පිනෝචේ, පිලිපීනයේ මාකෝස්, උගන්ඩාවේ ඉඩිඅමින්, මෑතක දී බලයෙන් පහ කළ ටියුනීසියා පාලක බෙන් අලී ඒ සඳහා නිදසුන් කීපයකි. මොවුන් සියල්ලන්ටම පොදු ලක්‍ෂණයක් විය. එනම් අභිමානය හා පවුල් බලයෙන් රට පාලනය කිරීමය. බල තණ්හාව හා බලය අහිමි වේ යැයි ඇති වන මානසික ආතතිය ය. ජනතාවගේ දුගී බවේ ක`දුළු උකසට ගනිමින් උන් රවටා බලය ලබා ගැනීමය. පවුලේ සහ ගජ මිතුරන්ට රටේ සියලූ සම්පත් සොරා ගැනීමට ඉඩ දීම හා රැුකවරණය සැලසීම ය. බලගතු රාජ්‍යයන්ට, මූල්‍ය ආයතනයන්ට පක්‍ෂපාතී වීම සහ කොල්ලකන මුදල් විදෙස් රටවල තැන්පත් කිරීම ය. එවැනි පාලකයන් රටට මහා විනයකි. ජනාධිපති මෛත‍්‍රී සාර්ලා නම් ඉන්නවා කීවේ නිකමට නොවේ. එතුමා ජනාධිපතිවරණයේ දී ප‍්‍රකාශ කළේ පක්‍ෂ ලේකම් ධුරයෙන් ඉවත් වී මරණය අතින් ගෙන ජනාධිපති පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වූයේ, බලකාමී, ඒකාධිපති පවුල් සහ ගජමිතුරු රෙජිමය පරාද කර යහපාලන සංහිඳියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට බවයි. රට දූෂිතයන්ගෙන්, පගා හා කොමිස්කරුවන්ගෙන් මුදා ගෙන පැවති පාලනයේ තිබූ දූෂණ, වංචා, මහජන මුදල් අවභාවිතය, සේප්පු තුළ තිබූ රත‍්‍රන්, මුතු මැණික් නොව මහ පොළොවේ නිධන් පවා කොල්ල කෑ අය සිටින බවට ටොන් හොණ්ඩරවලින් වේදිකාවේ දී ප‍්‍රකාශ කරමිනි. මේ සියලූ අපරාධ නවතා යහපාලනය ඇති කර දූෂිතයන් තරාතිරම නොබලා දඬුකදේ ගසන බව ප‍්‍රකාශ කළේ ගරු ජනාධිපතිමයි. මේ ප‍්‍රකාශ ගැන දහසක් විශ්වාස කළ ජනතාව මැතිවරණයේ දී 60%ක් ඉක්මවූ බලයක් ප‍්‍රදානය කරමින් විධායක ජනාධිපති පුටුවේ වාඩි කරවා දැනට වසර 02කි. මෙය මාධ්‍ය හැ`දින්වූයේ ජනවාරි 08 දේදුනු විප්ලවය ලෙසයි. ඒ නිසා ජනවාරි 08 විප්ලවයේ අරමුණුවලට බාධා කරන ඔබතුමාගේ කකුලෙන් අදින දේශීය සාර්ලා ජනතාවට හෙළි කිරීම ඔබතුමාගේ වගකීමකි. ජේ. ආර්. ජයවර්ධන අභාවප‍්‍රාප්ත ජනාධිපතිතුමා ද 1987 අපේ‍්‍රල් 30 වන දින අනුරපුර, තඹුත්තේගම මහවැලි මහ ගොවියා තේරීමේ උත්සවයේ දී ලෙනින් ගැන ස`දහන් කරමින් ‘‘1818 ලෙනින් කළ දේ මම 1987 කළ බව’’ ප‍්‍රකාශ කළේය. 1818 ලෙනින් ජර්මනිය සම`ග අත්සන් කළ බෙස්ට්ලිටොස්කි ගිවිසුම ගැන මතක් කරමින් 1987 තමා ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළ බවයි. එය හො`ද ද නරක ද, හරි ද වැරැුදි ද යන්න ඉතිහාසය විසින් තීන්දු කරන බවය. මේ ගිවිසුම මඟින් රටට සාමය උදා කර ධාර්මිෂ්ඨ සමාජයක් ගොඩනඟන බව ය. 1918 ලෙනින් අත්සන් කළ ගිවිසුම කැත සහ නින්දිත එකක් ලෙස හැඳින්වුවත්, ඔහු එමඟින් රුසියාව ජයග‍්‍රහණය දක්වා ගෙන යාමට සමත් විය. එහෙත්, ජයවර්ධන ජනාධිපතිතුමා අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම රටක් ලෙස අද වන තෙක්ම නින්දිතව විඳවනවා නේ ද? ගරු ජනාධිපතිතුමාට තවත් මතකයක් අවදි කරනු කැමැත්තෙමු. 1970දී බලයට පත් සමඟි පෙරමුණ ආණ්ඩුවේ නායිකා මෙන්ම ගරු අගමැති ධුරය දැරූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට හවුල්කරුවන් වූ සමසමාජ, කොමියුනිස්ට් නායකයන් සහ අනුගාමිකයන් සමඟ ගමන් කළ මැයි දින පෙළපාළියේ සටන් පාඨය වූයේ ‘‘සිරිමාවොට අපි කියන්නේ - කස්ත්‍රෝ වගේ කෙළින් ඉන්න’’ කියායි. එහෙත්, ප‍්‍රතිඵලය 1977දී අන්ත පරාජයයි. ජනාධිපති මෛතී‍්‍රට මෙරට නැතැයි කියන ලෙනින්ලා හෝ කස්ත්‍රෝ කෙනෙක් විය හැකි ය. ඒ දෙදෙනාට ම නොවූ විධායක බලයක් 60%ක් ඉක්මවූ ජනවරමකින් ලබා දී ඇත. ජනවාරි 08 දේදුනු විප්ලවයේ ඔබ කී දෑ ඉටු කරන්නේ නම් ජනතාව ඔබ සම`ග එකට සිට ගනු ඇත. ලෙනින්ට හා කස්ත්‍රෝට ලැබුණු ගෞරවය ඔබට හිමි කර දී ඔබ ද රකිනු ඇත. එහෙත් ජනාධිපතිතුමනි, තවත් ප‍්‍රශ්නයක් ඇත. හිටපු පාලකයා යටතේ මෙන්ම ඔබතුමාගේ සංහිඳියා යහපාලන ජාතික ආණ්ඩුව යටතේ ද සිදු වන්නේ එම දේමයි. රුසියානු හා කියුබානු විප්ලවවලට පෙර එරට සිදු වූයෙත් මේ හා සමාන සිදුවීම් සහ පාලනයයි. ලාභ ලබන ආයතන ගොඩනැඟීමට ඉඩ තිබියදී, කඩාවැටීමට ඉඩ හැර පෞද්ගලික අංශයට විකිණීම, රාජ්‍ය සේවය සීමා කිරීම, විශ‍්‍රාම වැටුප, ගොවි සමෘද්ධි ආදී සියලූ සුභාසාධක අංශ කප්පාදු කිරීමයි. රාජ්‍ය ආදායම 80%ක් පමණක් විවිධාකාර බදු මගින් ලබා ගැනීම ය. කොල්ලකාරී විදෙස් ආයෝජකයන්ට බදු සහන ලබා දීම ය, මහ බැංකු බැදුම්කර වැනි මූල්‍ය ආයතනවල සිදු කරන මූල්‍ය අපරාධවලට ඉඩ දීම ය, දඬුවම් නොකිරීමය. රටේ දකුණ චීනයටත්, නැගෙනහිර ඉන්දියාවටත්, බටහිර බහු ජාතික සමාගම්වලටත් දීර්ඝකාලීන බදු ලෙස විකිණීමය, රටේ ස්වෛරීභාවයට හානි කරන, ජන ජීවිත අඩාල කරන රට දණ ගස්සන තව බොහෝ දේ ඔබතුමාගේ පාලනය යටතේ ද සිදු වෙයි. නිෂ්පාදන ආර්ථිකය නොසලකා හැර ඇත. ඉදිරියේ දී ශ‍්‍රී ලංකාව කොල්ලකාරී ප‍්‍රාග්ධන යටත්විජිතයක් වීමේ අනතුර ගොඩනැෙඟමින් පවතී. රුසියාවේ සහ කියුබාවේ එරට විප්ලවවලදී පරාජය කළ බලවේග ජනවාරි 08 දේදුනු විප්ලවයෙන් පසු වර්ධනය වන බව පෙනෙන්නට ඇත. එම නිසා ජනාධිපති මෛත‍්‍රී ජනවාරි 08 වෙනිදා ජනවරම දැනටම නොසලකා හැර තිබේ. අඩුම තරමින් ජනවරමේ අභිලාෂයන් ක‍්‍රියාත්මක කිරීමට බාධා කරන සාර්ලා ගැන හෙළි කළ යුතුය. ඔබතුමාට දැනෙන හා පෙනෙන දේ ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළා මෙන්ම නූතන සාර්ලාට එරෙහිව නීත්‍යනූකූල ක‍්‍රියාමාර්ග නොබියව කල් නොහැර ගත යුතුය. ජනවාරි 08 දේදුනු විප්ලවයේ සටන් සගයන් මෙන්ම යුක්තිකාමී දේශපේ‍්‍රමී ජනතාව වේගයෙන් ඔබ අත්හරිමින් සිටී. රුසියානු ජනාධිපති පුටින් ඊළ`ග රුසියානු අගමැතිවරයා ලෙස නම් කළ ප‍්‍රබලයෙකු අයුතු මූල්‍ය වංචාවක් පිළිබ`ද වරදකරු වූ පසු තනතුරු සහ බලතලවලින් ඉවත් කර දඬුවම් දීමට ගත වූයේ දින 60කි. ලංකාවේ නූතන සාර්ලාට අද ඔබෙන් එවැනි බලපෑමක් තබා විමසීමක්වත් ඇති බවක් නොපෙනේ. එහෙත් මා කල්පනා කරන දේ නම් ඔබතුමා වැදගත් පණිවුඩයක් අපේ සමාජයට තහවුරු කළ බව ය. එනම් මෙම යුගයේ සැබෑ සමාජ විප්ලවය හා දේදුනු විප්ලවයේ වෙනස මෙරට ජනතාවට තේරුම් කර දීම ය. ඊනියා දේදුනු විප්ලවයකින් සිදුවන කිසිදු කෙංගෙඩියක් නැති බව පෙන්වා දීමය. එය නම් සැබෑම සමාජ සත්කාරයක් බව මෙහිලා සඳහන් කළ යුතුය. එය තවත් පැහැදිලි කර ගැනීමට ඔබතුමා වරක් සිදු කළ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශය ද සුදුසු ය. ‘‘බම්බුව තමා’’


අරගලයට ජීවය දුන් සොඳුරු විප්ලවවාදියා ආරි

2017-01-15     (එස්. කේ. ගමගේ )

ලාංකීය ඉතිහාසය ලියැවී ඇත්තේ වීරවරයන්ගේ, වීරවරියන්ගේ උත්තුංග කැප කිරීම්, පරිත්‍යාගයන් මූලික කොටගෙනය. 1960 දශකයෙන් පසුව ඒ ඉතිහාසයට නව පරිචේඡ්දයක් එකතු වන්නේ ලාංකීය විප්ලවවාදී ව්‍යාපාරය වන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන භාවිතාවත් සමඟිනි. පෞද්ගලික අභිමතාර්ථ වෙනුවට පොදු අභිමතාර්ථ පෙරමුණේ තබාගෙන රටත්, ජනතාවත් ධනපති ග‍්‍රහණයෙන් මුදා ගැනීම උදෙසා අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙමින්, අනන්ත කැපවීම් කරමින්, මඩ අවලාදවලට මුහුණ දෙමින් ඉදිරියට පැමිණි මෙම විප්ලවවාදී දේශපාලන ව්‍යාපාරය රටටත්, ජනතාවටත් අසීමිත ලෙස පේ‍්‍රම කරන සැබෑ විප්ලවවාදීන් දස දහස් ගණනින් නිර්මාණය කළබව නොරහසකි. එවැනි තවත් විප්ලවවාදී සගයෙකු වන්නේ නුවරඑළියේ ආරියරත්න ය. වැලිමඩ, ලූණුවත්තේ උපත ලද ආරියරත්න අධ්‍යාපනයේ දී සුවිශේෂී දක්ෂතා දැක්වූ පුද්ගලයෙකු විය. විශ්වවිද්‍යාලයට පිවිසෙන ඔහු විද්‍යා විෂය ධාරාව ඉහළින් සමත් වී 1970 මැද භාගයේ දී පමණ ගණිත විද්‍යා ගුරුවරයෙකු ලෙස පත්වීම් ලැබුවේ ය. සැබැවින්ම ඔහු සුවහසක් දුවා දරුවන්ගේ නැණැස පෑදීමට පෙරමුණ ගත් ගුරු තරුවක් විය. ඔහුගේ දැනුම සාම්ප‍්‍රදායික දැනුමෙන් ඔබ්බට ගිය නිර්මාණශීලී දැනුමක් විය. නුවරඑළිය ගාමිණී මහා විද්‍යාලයේ ගණිත විද්‍යා ගුරුවරයෙකු ලෙස දෙමාපියන්ගේත්, දුවා දරුවන්ගේත් අතිමහත් ආදරයට පාත‍්‍ර වූයේ ඒ නිසා ය. 1980 ජේ. ආර්. ජයවර්ධනගේ මර්දනකාරී පාලනයට එරෙහි වෙමින් පැන නැඟුණු ජූලි වර්ජනයට සකී‍්‍රයව දායක වන ඔහු වර්ජනයට සම්බන්ධ වීමේ වරදට ජයවර්ධන පාලනය විසින් වැඩ තහනම් කරන ලදී. ඔහු ඒ වන විටත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය වෙනුවෙන් කැප වී සිටියේ ය. අරගලයේ දී පාලකයන් ඉදිරියේ දණින් වැටෙනවා වෙනුවට අරගලයම තෝරා ගත යුතු බව මැනැවින් අවබෝධ කර ගත් ආරියරත්න ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීන දේශපාලනය තෝරා ගන්නේ පෞද්ගලික අභිමතාර්ථ වෙනුවට පොදු පරමාර්ථ පෙරමුණේ තබාගෙනය. විවාහ ජීවිතයට පැමිණි අලූත රැකියාව අහිමි වීම විසින් මේ නිහතමානී මිනිසාට අනේකවිධ දුක් පීඩාවන්ට මුහුණ දීමට සිදු විය. සැබෑ විප්ලවවාදියා යනු දුකේ දී දුක් වෙමින් සිටීම නොවන බව ඔප්පු කරමින්, පැමිණෙන අභියෝග සියල්්ල සුන්දර සිනහවකින් යුතුව භාර ගැනීමට තරම් දැඩි ආත්ම විශ්වාසයක් ඔහුට විය. ඒ වන විට නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පක්ෂයේ වගකීම් දැරූ සගයන් සමග උරෙන් උර ගැටී පක්ෂයේ උන්නතිය වෙනුවෙන් අසීමිත කැප කිරීම් කළේ ය. නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ වමේ දේශපාලනය කිරීම යනු විශාල අභියෝගයක් විය. නුවරඑළිය දිස්ති‍්‍රක්කයට නුවරඑළිය - මස්කෙළිය ආසනයත්, වලපනේ, කොත්මලේ සහ හ`ගුරන්කෙත ආසනත් අයත් විය. මේ සියලූ ආසනයන්හි වැඩ ආවරණය කිරීම යනු දුෂ්කර ව්‍යායාමයකි. මෙම ප‍්‍රදේශයන්හි ගමනා- ගමනයද දුෂ්කර ය. විශේෂයෙන්ම පක්ෂයේ වැඩ කිරීමට පූර්ණ කාලීනයන් ද හිග කාලයක් විය. මේ සියලූ දුෂ්කර කොන්දේසි ජයග‍්‍රහණය කිරීම උදෙසා ආරියරත්න පෙරමුණ ගත්තේය. ආරියරත්න සිය භාර්යාව ද සමග පක්ෂයේ වැඩකටයුතු වෙනුවෙන් පෙනී සිටියේ තමන්ටම කියා ස්ථිර නවාතැනක් ද නොමැති තත්ත්වයක් තුළ ය. පක්ෂයේ හිතවතෙකුගේ නානුඔය දුම්රියපොළ අසල නිල නිවාසයක තාවකාලිකව මේ යුවළ නැවතී සිටියේ ආරක්ෂක අංශවල උකුසු ඇසින් ද බේරී වීම තවත් සුවිශේෂී තත්ත්වයකි. අනෙක් වැදගත්ම කරුණ වන්නේ ඒ වන විට සිය භාර්යාව ගැබිණියක්ව සිටීමයි. රෝහණ විෙඡ්වීර මහතා 1970දී නුවරඑළිය උසාවියෙන් නිදහස්ව පැමිණ පැරැුණි දුම්රිය මැඳිරියක් මතට නැඟ රැුස්වීමක් පැවැත්වූයේ ද ආරියරත්න නැවතී සිටි නිවස අසල දී ය. පක්ෂයේ සංවර්ධන සති කි‍්‍රයාත්මක වෙද්දී අරමුදල් රැුස ්කිරීමත්, පක්ෂ සංවිධාන පුළුල් කර ශක්තිමත් කිරීමත්, බහුජන සංවිධාන ගොඩනැඟීමත් කළ යුතුම කාර්යයක් විය. බදුල්ල දිස්ති‍්‍රක්කය භාරව සිටි සගයා සමඟ නුවරඑළිය දිස්ති‍්‍රක්කය ද කරට කර වැඩ කරගෙන යාමේ උද්යෝගයක් නිර්මාණය කළ ආරියරත්න නිර්මාණශීලී වැඩ කොටසක් කළේ ය. 1983දී ජයවර්ධන පාලනය විසින් අසාධාරණ ලෙස ජ.වි.පෙ. තහනම් කරන්නට පෙර මැයි දින සැමරුම සුවිශේෂී එකක් විය. මෙම මැයි දිනය සඳහා කොළඹ යාමට සෙනඟ සංවිධානය කරද්දී බදුල්ලෙන් එන සෙනඟට නොදෙවෙනි සෙනඟක් නුවරඑළියෙන් නානුඔය දී දුම්රියට පුරවන්නට වෙහෙස විය. ආරියරත්න නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ මුදල් කටයුතු ද භාරව සිටියේ ය. එක්තරා දිනෙක පක්ෂ මූලස්ථානයෙන් දිස්ති‍්‍රක්කයේ මුදල් විගණනය සඳහා පැමිණ සිටියේ ය. එහි දී දිස්ති‍්‍රක්කයේ අයවැය ආරියරත්න ඉදිරිපත් කළ අතර විශේෂත්වය වන්නේ පක්ෂ අරමුදලට රත‍්‍රං මාලය විකුණා ලද මුදල ලෙස මුදලක් සඳහන් වීම ය. මුදල් විගණනය කළ පක්ෂ මූලස්ථාන සහෝදරවරුන් එම කරුණ පිළිබඳව ඔහුගෙන් විමසීය. මෙහි දී ඔහු ප‍්‍රකාශ කළේ බස් නැවතුම්පොළක වැටී තිබූ රත‍්‍රං මාලයක් විකුණා එම මුදල් පක්ෂ අරමුදලට බැර කළ බවයි. විප්ලවවාදී පක්ෂයක පූර්ණ කාලීන සාමාජිකයා යනු පක්ෂයට අයිති වස්තුවකි. යම් පූර්ණ කාලීනයෙකුට යම් කීර්තියක් හිමි වන්නේ නම් එය අයිති පක්ෂයටයි. ඔහුට යම් විටක අපකීර්තියක් වන්නේ නම් එය ද පක්ෂයට බලපායි. සමස්තයක් ලෙස පූර්ණකාලීන සාමාජිකයා සතු සියලූ දේ අයිති පක්ෂයට ය. මේ මාලය විකුණා ලබා ගත් මුදලින් ඔහු පත්ව සිටි දුෂ්කර තත්ත්වයෙන් ගොඩ ඒමට යම් පිටිවහලක් කර ගත හැකිව තිබිය දී කෙතරම් දුෂ්කර වුව ද පූර්ණ කාලීන පක්ෂ කි‍්‍රයාකාරිකයා අයිති පක්ෂයටම පමණක් බව ඔහු ඒ සිදුවීම හරහා ඔප්පු කළේ ය. අවංක නිහතමානී විප්ලවවාදියෙකුගේ සැබෑ ස්වරූපය මෙය බව ඒ කරුණ හරහා ඔහු ඔප්පු කළේ ය. නුවරඑළිය දිස්ති‍්‍රක් පක්ෂ අරමුදල ප‍්‍රවර්ධනය සඳහා කුඩා ආදර්ශ ගොවිපොළක් පවත්වාගෙන යාමට ද ආරියරත්න කටයුතු කළේ ය. වනසතුන්ගෙන් මේ ගොවිපොළ ආරක්ෂා කිරීම දුෂ්කර වුව ද, සියලූ දුෂ්කරතා ජය ගනිමින් පක්ෂය වෙනුවෙන් සිය ශ‍්‍රමය, කාලය කැප කළේය. 1983දී ජ.වි.පෙ. තහනම් කිරීමෙන් පසු ඔහුව හැඳින්වූූූූූූයේ ‘වික‍්‍රම’ නමිනි. පසු කලෙක කොළඹ දිස්ති‍්‍රක්කයේ අයි. ඞී. එච්. ප‍්‍රදේශයේ කාමරයක නැවතී සිටිමින් පක්ෂය වෙනුවෙන් වැඩකටයුතුවල නිරත විය. ඔහු පිළිබඳ තම මතකයන් අවදි කරන සගයන් පවසන්නේ එහි දී ද ඔහු ආදර්ශයෙන්ම කැපවීමේ ස්වරූපය පෙන්නුම් කළ බවය. ඔහු නැවතී සිටි කාමරයේ තිබුණේ එක් ඇඳක් පමණි. එහෙත්, කාමරයේ සහෝදරවරුන් කිහිප දෙනෙකු නැවතී සිටියේ ය. කිසි විටෙක ඔහු ඇඳ මත නිදානොගත්තේ ය. වෙනත් සහෝදරයෙකුට ඇඳ ඉතිරි කර තබා බිම පැදුරක් හෝ කඩදාසි කොළයක් එළා නිදාගැනීම ඔහුගේ සිරිත විය. ඔහු සුවපහසුව සොයා නොගියේය. ඔහුට අවශ්‍ය වූයේ පක්ෂය වෙනුවෙන් විප්ලවවාදියෙකු ලෙස කළ යුතු උපරිම කැපකිරීම ලබා දීම පමණකි. අනෙක් සගයන් මෙන්ම ඔහු ඒ යුතුකම ඉටු කළේ කිසිවක් බලාපොරොත්තුවෙන් නොවීය. ආරියරත්න 1988/1989 සමයේ හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ පක්ෂයේ දිස්ති‍්‍රක් ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට පක්‍ෂයෙන් වගකීම් පැවරිණි. එහිදී ඔහුව හඳුන්වනු ලැබූයේ ‘සුගත්’ යන නමිනි. රාජ්‍ය මැර හමුදාවන් ද, තවත් රාජ්‍ය ත‍්‍රස්ත කල්ලි ද විසින් ජ.වි.පෙ. සාමාජිකයන් සොය සොයා ඝාතනය කළේ ය. මරණය පෙනි පෙනී දුර්වලයෙකු නොවී කැප වීමෙන් සියලූ දෙනාගේ සිත් දිනා ගනිමින් දිස්ති‍්‍රක්කය පුරා පක්ෂ වැඩ කටයුතුවල නිරත විය. ඔහු සතුව අසීමිත දැනුම් සම්භාරයක් විය. ඒ දැනුම ඔහු පක්ෂයේ සංවර්ධනය වෙනුවෙන් යෙදවූයේය. ඕනෑම දුෂ්කර කොන්දේසියක් ජයග‍්‍රහණය කිරීමේ අපූර්ව හැකියාවක් ඔහු තුළ පැවතියේ ය. පක්ෂයට ද්‍රෝහීකම් කළ පුද්ගලයන්ට ඉන් මිඳී කටයුතු කරන්නැයි ඉල්ලා සිටියේ නිවටයෙකු වශයෙන් නොවේ. ඔහු ඒ ඉල්ලීම කළේ දැඩි ගාම්භීර හැඟීමකිනි. ඔහුගේ ඉල්ලීම ඉවත දැමීමට තරම් ද්‍රෝහීන්ට හැකියාවක් නොවූයේ ඔහුගේ ඉල්ලීම තුළ වූ දැඩි බවයි; සෘජු බවයි. ඔහු තීන්දු, තීරණ ගනු ලබන්නේ බුද්ධියට ඉඩ දී වීම විශේෂත්වයකි. ඔහු කිසි විටෙක සතුරාට පේ‍්‍රම නොකළේය. ඔහු දැඩිව පේ‍්‍රම කළේ පක්ෂයේ අරමුණු වෙනුවෙනි. ලාංකීය දුක් විදින ජනතාවට වඩාත් ගෞරවනීය දේශයක් උරුම කර දීම උදෙසා නොබියව, එඩිතරව වැඩ කිරීම ඔහුගේ සුවිශේෂී ගතියක් විය. හම්බන්තොටින් පසු පක්ෂයේ ගාල්ලේ දිස්ත‍්‍රික් ලේකම් වගකීම සඳහා ආරියරත්න මැදිහත් විය. එහෙත් ගාල්ලේ වැඩකටයුතු සඳහා පැමිණි අලූතම 1989 වසරේ එක්තරා දිනක හබරාදුව අහංගම ආසන්න ප‍්‍රදේශයක දී පාපැදියකින් ගමන් කරමින් සිටිය දී රාජ්‍ය ගහලයන් විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබිණි. එකල රාජ්‍ය ආශිර්වාද සහිතව පවත්වාගෙන යනු ලැබූ වධකාගාරවලට ගෙන ගොස් අනේකවිධ වධ බන්ධනයන්ට ලක් කර මරා දමන ලද බවට තොරතුරු වාර්තා වේ. ඔහුගේ උත්තම ජීවිත පූජාව සිදු වූයේ පෞද්ගලික අරමුණක් උදෙසා වෙහෙසීම නිසා නොවේ. සුවහසක් ලාංකීය පීඩිත ජනතාවගේ විමුක්තිය ප‍්‍රාර්ථනා කළ ආරියරත්න නම් වූ සැබෑ මානවවාදියා ඒ වෙනුවෙන් අරගල කරමින් සිටියදී අරගල භූමියේ දී ම සතුරාගේ ප‍්‍රමුඛ ඉලක්කයක් වී සිය අරමුණ කිසි විටෙක පාවා නොදී මරණය වැළඳ ගත්තේ ය. ඒ නොනිමි අරගලයේ අද දවසේ ජීවය වන්නේ ආරියරත්න වැනි සගයන්ගේ උත්තුංග කැපකිරීම් බව අනාගතය විසින් යථාර්ථයක් කරනු ඇත.


කියුබානු ජනතාව සාමයේ ගීතිකා සහ සංගීතය නොනවත්වා ගයනු ඇත. එහෙත්...

2017-01-08     (ජී. උපුල් කුමාරි)

‍තස්ත්‍රවාදයේ මූලාරම්භයන් කුමක් වුවත් එයට කුමන දේශපාලන හා ආර්ථික සාධකයන් සම්බන්ධ වූවත් එය ලෝකයට ගෙන ඒම සදහා වගකිව යුත්තන් කවුරුන් වූවත් ත‍්‍රස්තවාදය යනු නූතනයෙහි භයානක වූද, සදාචාරමය වශයෙන් අනුමත කළ නොහැකි වූද ප‍්‍රපංචයකි. එය මුලිනුපුටා දැමිය යුතුය. මානුෂික සහ මනෝවිද්‍යානුකූල ලෙස අහිංසක මිනිස්සු දහස් ගණනක් අනපේක්ෂිතව සහ ප‍්‍රකම්පිතව මරුමුවට පත්වීමෙනුත් ඇමරිකානු ජනතාව තුළ මානුෂීය සහ මනෝවිද්‍යානුකූලව ඇති වූ හානිය සුළුපටු වූ එකක් නොවේ. ඔවුන් පිළිබ`ද ලෝකයේ වූ ප‍්‍රතිරූපය දෙදුරුම් කා ඇත. එය සම්පූර්ණයෙන් ම පහසුවෙන් වටහා ගත හැක. මෙහි වාසි ලැබූවෝ කවුරුන්ද? එනම් අන්ත දක්ෂිණාංශිකයින්ය. සාකල්‍යයෙන් ම නොදියුණු සහ දක්ෂිණාංශික බලවේග වර්ධනය වෙමින් පවත්නා ලෝක කැරලි පොඩි පට්ටම් කිරීමට හා මිහිතලයේ දැනට ඉතිරිව ඇති ප‍්‍රගතිශීලී සැමදෙයම සුණුවිසිණු කිරීමට කැමැත්තක් දක්වන්නාවුන්ය. එය සංවිධානය කළෝ කවුරුන් හෝ වේවා එකී ක‍්‍රියාවට වගකිව යුත්තෝ කවුරුන් හෝ වේවා එය වනාහී බරපතල වැරැුද්දක් විය. සාතිශය අසාධාරණයක් සහ මහා අපරාධයක් ද විය. සදාතනික යුද්ධයක් සහ අමුතු සටන්පාඨ යටතේ අහිංසක මිනිසුන් සීමාවකින් තොරව ඝාතනය කිරීම ස`දහා යුද්ධයක් ආරම්භ කිරීමට එකී ශෝකාන්තය නිකරුණෙහි භාවිතා නොකළ යුතුය. එවැනි යුද්ධයක් ස`දහා පදනම සංකල්පය හා සැබෑ අරමුණු හා කොන්දේසි කඩිමුඩියේ සාදාගත් ආකාරය අපි පසුගිය දින කිහිපයේ දුටුවෙමු. ඊනියා සීතල යුද්ධයෙන් පසු මානව වර්ගයා ඝාතනය කොට අතුගා දැමීමට අවශ්‍ය සූක්ෂම ක‍්‍රමවේදයන් නිර්මාණය කිරීම තවදුරටත් කරගෙන ගිය අතර යුද වියදම් ස`දහා දැවැන්ත ධනස්කන්ධයන් ආයෝජනය කිරීමෙන් ලෝකයේ අනෙකුත් රටවල් තම පූර්ණ ආධිපත්‍යයට නතුකර ගැනීමට හැකි බව සිතූහ. තමන් කරන්නේ කුමක්ද? එසේ කරන්නේ මන්ද යන්න පිළිබ`දව අධිරාජ්‍යවාදී ක‍්‍රමයෙහි න්‍යායවාදීහු හො`දින් දැන සිටියහ. ඇමරිකානු ජනතාවට ඉලක්ක කරගත් උන්මාදනීය ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය මිහිතලයේ ජනතාවට දැනුණු අවංක ශෝකයෙන් සහ කම්පනයෙන් පසු වරප‍්‍රසාදිත ස්ථානයන්හි සිටින අති අන්තවාදී සංග‍්‍රාමශීලි ගොදුරු සොයන්නන්, සංග‍්‍රාමික හා තාක්ෂණික හැකියාවන් අතින් ලෝකයේ බලවත්ම රට තම ග‍්‍රහණයට නතු කොටගෙන ඇත. ඝාතනය කිරීමට සහ විනාශ කිරීමට එහි ඇති හැකියාව දැවැන්තය. එහෙත් සමානාත්මතාවයට යහපතට සහ චින්තන හැකියාවට එහි ඇති ප‍්‍රවණතා අවමය. වෙනත් ධනවත් සහ බලසම්පන්න රටවල පොදු වරප‍්‍රසාද පවත්නා අවස්ථාවාදයේ වෙනත් සංකීර්ණතාද ඇතුළත් සංධානයකට බිහිසුණු, පුරෝකථනය කළ නොහැකි ප‍්‍රතිවිපාකයන් වැලැක්වීමට කිසිසේත් නොහැකිය. කුමන යුද ක‍්‍රියාවක් ඇරඹුවත් එහි ප‍්‍රථම වින්දිතයා වන්නේ ලොව දුප්පත් නොදියුණු රටවල වෙසෙන ජනයාය. විශ්වාස කළ නොහැකි ආර්ථික හා සමාජීය ගැටළුවලින් පෙළෙන, ගෙවා දැමිය නොහැකි තරම් ණයබරින් යුක්ත ජනයාය. මූලික අවශ්‍යතාවයන් ස`දහා දැවැන්ත මිල ගණන් ගෙවීමට සිදුව තිබෙන ජනයාටය. ස්වාභාවික හා පාරිසරික ව්‍යයසනයන්ට ගොදුරුවෙන ජනයාටය. කුසගින්නෙන් හා දැරිය නොහැකි දරිද්‍රතාවයෙන් පෙළෙන ජනයාටය. මන්දපෝෂණයෙන් යුත් දරුදැරියන් හා භයානක ඒඞ්ස් හා මැලේරියා හා ක්‍ෂය රෝගය වැනි රෝගද බෝ නොවන රෝගයන්ගෙන් ද පීඩාවට පත්ව ඇති බිලියන ගණනාවක ජනතාවය. දරුණු ලෝක ආර්ථික අර්බුදය වනාහී දැවැන්ත ආර්ථික බල කේන්ද්‍රස්ථාන වල සිටින සියල්ලන් කෙරෙහිම නිරායාසයෙන් බල පවත්නා ප‍්‍රතික්ෂේප කළ නොහැකි කරුණක් බවට පත්ව ඇත. එවැනි අර්බුදයක් වනාහී නව තත්ත්වයන් යටතේ වර්ධනය වීමද නොවැලැක්විය හැක්කකි. අති බහුතර ජාතීන්ට එය උහුලාගත නොහැකි වන විට ව්‍යාකූලත්වයට පත් කැරලි ගැසීම් සහ පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්වනු ඇත. ධනපති රටවලට ගෙවිය යුතු මිල ද ගෙවා දැමීමට නොහැකි වනු ඇත. වර්ෂ ගණනාවකට පාරිසරික සහ පරිසර අධ්‍යයනයන් කෙරෙහි මනා අවධානයක් යොමු කිරීමට නොහැකි වනු ඇත. මක්නිසාද යත් ඒ සියල්ල යුදමය කටයුතු විසින් යටපත් කරගෙන සිටීමයි. එක්සත් ජනපද කොන්ග‍්‍රසය ඉදිරියේදී ඇමරිකානු ජනාධිපතිවරයා මෙම ප‍්‍රහාරයෙන් පැය 36කට පසු සිදුකළ කතාවට සවන්දීමෙන් පසු මනුෂ්‍යත්වය පිළිබඳ කිසියම් හෝ බලාපොරොත්තුවක් ඇතිකර ගත හැක්කේද යන ප‍්‍රශ්නය මතු කරවයි. එකී කථිකයාගේ කතාව පිළිබ`ද විශේෂණ පද දැක්වීමට හෝ එහි ගුණාගුණභාවය පිළිබ`ද විමසීමට ලක් කිරීමට මට අවශ්‍ය නැත. එම කතාවෙන් නිරූපනය වන දෙය එම කතාවෙහි කෙටි වදන් කිහිපයකින් මම අනාවරණය කරනු කැමැත්තෙමි. යුද්ධය ස`දහා අවශ්‍ය සෑම දෙයක්ම අපි උපයෝගී කර ගන්නෙමු. මෙතෙක් දැක නොමැති අන්දමේ දීර්ඝ යුද ව්‍යාපාරයක් මිස එක යුද්ධයක් ඇමරිකානුවන් බලාපොරොත්තු නොවිය යුතුය. එක්කෝ ඔබ සියල්ල අප සමග විය යුතුය. නැතිනම් ඔබත් ත‍්‍රස්තවාදීන් සමග සිටිය යුතුය. යන්න පිළිබ`දව සෑම ජනතාවක්ම අද තීරණය කළ යුතුය. සියලූ හමුදාවන් සූදානම්ව සිටින ලෙස මම දැනුම් දී ඇත. ඊට හේතුවක් තිබේ. ඇමරිකාව ක‍්‍රියාත්මක වී ඔබ ඔවුන් සාඩම්බරත්වයට පත්කරන මොහොත ල`ගාවෙන මොහොතට පත්ව ඇත. මෙය ලෝකයේ සටනකි. මෙය ශිෂ්ටාචාරයේ සටනකි. අපගේ කාලයෙහි අත්කර ගතහැකි ශ්‍රේෂ්ඨත්වය සෑම කාලයකටම තැබිය හැකි විශාල බලාපොරොත්තුවක් දැන් ඇමරිකානු ජනතාව මත ර`දා පවතී. මේ සටනහි ක‍්‍රියාවලිය අවිනිශ්චිතය. එහෙත් එහි ප‍්‍රතිඵලය නම් නිශ්චිතය. දෙවියන් වහන්සේ මධ්‍යස්ථ නොවන බව අපි දනිමු. ඉහත ස`දහන් වගන්ති තුළ අන්තර්ගත අදහස් පිළිබ`දව සන්සුන්ව එහෙත් ගැඹුරින් සිතා බලන ලෙස මම සහෝදර රටවැසියන්ගෙන් ඉල්ලමි. එක්කෝ ඔබ අපි සමගද? නැතහොත් ත‍්‍රස්තවාදීන් සමගද? එක්සත් ජනපද කොංග‍්‍රසය ඉදිරියේ ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇත්තේ කිසිම ජාත්‍යන්තර ආයතනයකට හෝ නීති රීතියකට පටහැනි හුදෙක් බලය මත පදනම් කරගත් ලෝක ව්‍යාප්ත යුද ආඥාදායකත්වයක් පිළිබ`ද අදහසකි. වර්තමාන අර්බුදයෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානය නොසලකා හැර ඇති අතර දැන් ඇත්තේ එක් ලොක්කෙක්, එකම විනිශ්චයකරුවෙක්, එකම නීතියකි. එක්කෝ ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුව සමග නැතහොත් ත‍්‍රස්තවාදය සමග සංධාන ගතවීමට අප සියලූ දෙනාට නියම කොට ඇත. කියුබාව වනාහී ඉතා දීර්ඝ වශයෙන් ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන්ගෙන් පීඩාවි`ද ඇති රටක් වන අතර ලෝකයේ කිසිදු රටකට ඊට තර්ජනය කළ නොහැකි බැවින් කියුබානු ජනතාවට කිසිම දෙයක් කෙරෙහි බියවීමට හේතුවක් නැත. එබැවින් ත‍්‍රස්තවාදයට විරුද්්ධ බව ප‍්‍රකාශ කිරීමටත්, එනම් යුද්ධයට විරුද්ධ වීමටත් ඔවුනට සදාචාරාත්මක බලයක් තිබේ. යුද්ධය ස`දහා වන ශක්‍යතාවයන් දැන් තුනී වී ඇතත්, පුරෝකථනය කළ නොහැකි ප‍්‍රතිවිපාක ගෙනදෙන යුද්ධයක් වැලැක්වීමේ අවශ්‍යතාවය කියුබාව නැවත නැවතත් තහවුරු කරයි. එසේම ත‍්‍රස්ත‍්‍රවාදය මූලෝත්පාඨනය කිරීම ස`දහා සියලූ රටවල් සමග සහයෝගයෙන් ක‍්‍රියාත්මක කිරීමට ඇති කැමැත්ත කියුබාව පුනරුච්ඡුාරණය කරයි. තරුණ ඇමරිකානු යුද භටයන් හුදකලාගතව ළ`ගාවිය නොහැකි ඈත ප‍්‍රදේශ වල කරනු ලබන අවිනිශ්චිත සටන් ස`දහා යොමු නොකරන ලෙස අරමුණක් ඇති සාමකාමී මිතුරෙකු ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුවට උපදෙස් දිය යුතුය. ඇමරිකානු ජනතාව සතුරු බව කියුබාව කිසිදින ප‍්‍රකාශ නොකරයි. ඉහත ජනධිපතිවරයාගේ ප‍්‍රකාශය මගින් ඇමරිකානු ජනතාව වෛරය සහ පළිගැනීම වපුරන ජනතාවක් බවට පත්කරන අතර සාමය ස`දහා ගයන ගීතිකාවන් ද තහනම් කර ඇත. එහෙත් අනෙක් අතට ප‍්‍රකාශිත යුද්ධය පැවතුනත් කියුබානු ජනතාව සාමයේ ගීතිකා සහ සංගීතය නොනවත්වා ගයනු ඇත. කුමක් සිදුවුවත් කියුබානු දේශය ඇමරිකානු ජනතාවට එරෙහිව ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන් ස`දහා කිසිදිනක භාවිතා නොකරනු ඇත. එමෙන් ම එකී ජනතාවට විරුද්ධව කරන සෑම ක‍්‍රියාවක්ම වැලැක්වීම ස`දහා අපගේ බල සීමාව තුළ කළහැකි සියලූ දෙයක්ම කරන්නෙමු. සාමය සහ නිහැ`ඩියාව ඉල්ලමින් අපි අපගේ සහයෝගීතාවය ප‍්‍රකාශ කරන්නෙමු. ඒ අතර තවත් කිවයුත්තක් තිබේ. අපට පහර දුනහොත් අපගේ අවසන් ලේ බි`දුව දක්වා අපගේ නිදහස, අපගේ මූලධර්ම හා අපගේ සමාජය අත්පත් කර ගැනීම් ස`දහා අපි සටන් කරන්නෙමු. එවැනි දෙයක් කිරීම ස`දහා ව්‍යාජ හේතු නිර්මාණය කිරීම ලේසි පහසු දෙයක් නොවේ. පතල යුද්ධායුද භාවිතා කරමින් කරනු ලබන යුද්ධයක් පිළිබ`දව දැන් ඔවුන් කතා කරන බැවින් එය අපට අලූත් අත්දැකීමක් නොවුනත් ඒ පිළිබ`දව සිහිකිරීම හොදයි. දශක හතරකට පෙර සංග‍්‍රාමික සහ උපක‍්‍රමශීලී න්‍යෂ්ඨික අවි කියුබාව කෙරෙහි යොමුකර තිබේ. එම කරුණ කෙරෙහි අප රට එකම වැසියෙකුවත් නිදිවරා සිටි බවක් කිසිවකු නොදනී. අප වනාහී එකී වීරෝදාර ජනතාවගේ ¥ පුතුන්ය. ඔවුන් පෙර කවරදාටවත් වඩා අද විප්ලවවාදී හා වීරෝදාර බවකින් යුක්තය. ලොවට තර්ජනය කරන භයානක නාටක පිළිබ`ද ලෝකය අවබෝධ කරගනු ඇත. එයින් සිදුවිය හැකි වේදනාවන් පිළිබඳව ඔවුනට දැනෙනු ඇත. ලෝකය ඊට විරුද්ධව හ`ඩ නගනු ඇත. පෙර කිසිදාකටත් වඩා ප‍්‍රමුඛත්වයෙන් සහ අධිෂ්ඨානශීලීත්වයෙන් ප‍්‍රකාශ කිරීමේ මොහොත කියුබානුවන්ට දැන් එළඹ ඇත. ” සමාජවාදය හෝ මරණය” ” මව්බිම හෝ මරණය” ” අපට ජය නියතය ”