මාලඹේ සයිටම් පාතාලයට සම්බන්ධයි!

2017-03-05     (පි‍්‍රයදර්ශන දයාරත්න )

මාලඹේ නීති විරෝධී සයිටම් වෛද්‍ය උපාධි ආයතනයට පාතාල ලෝකයේ දැඩි සහයෝගයක් ලබාගෙන තිබෙන බවට කරුණු ගණනාවක් අනාවරණය වෙමින් තිබේ. මෙම ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී බව කියා ගන්නා සමීර සේනාරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත් වූ පොලිස් පරීක්ෂණ අතරතුර දී මෙම ආයතනය සහ පාතාල සම්බන්ධකම් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. මෙම ආයතනය ආරම්භ කළ අවධියේ ප‍්‍රසිද්ධ කරන ලද පුවත්පත් දැන්වීම් අනුව රුසියාවේ නිෂ්නිනොව්ගොරොද් විශ්වවිද්‍යාලය සමඟ සම්බන්ධ බවට පළ කර තිබූ දැන්වීම ජනතාව නොමඟ යවන බොරුවක් බව හෙළි වී තිබිණි. එම ආයතනයේ අධ්‍යාපනය ලැබීමට ඇතුළත් කළ ශිෂ්‍යයකුගේ මාපියන් එම ව්‍යාජයට එරෙහිව අධිකරණය ඉදිරියේ නඩු පවරා තිබිණි. මෙයින් කෝපයට පත් වූ සමීර සේනාරත්න විසින් මෙහෙයැවූ කල්ලියක් එම මාපියන්ට තර්ජනය කර පසුව ඔවුන්ගේ නිවසට පැන අදාළ ලිපිගොනු සියල්ල පැහැරගෙන ගොස් තිබිණි. එම මාපියන් පැවරූ නඩුවේ විභාගය මේ වන විට ද සිදු කෙරෙමින් පවතී. ඒ අතරතුර සමීර සේනාරත්න නමැත්තාට වෙඩි තැබී යැයි කරන ලද පැමිණිල්ල පිළිබඳ පැවැත් වූ පොලිස් පරීක්ෂණවලදී ද සමීර නැමැත්තා සහ පාතාලයේ සාමාජිකයන් අතර සම්බන්ධකම් සොයාගෙන තිබේ. වෙඩි තැබීම සම්බන්ධයෙන් ප‍්‍රධානම සැකකරු බවට හඳුනාගෙන සිටින හිටපු ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයකු ද පාතාලයට දැඩි සම්බන්ධකම් දක්වමින් සිටින්නකුය. පරීක්ෂණ අවසානයේ මෙම දේශපාලන හා පාතාල සම්බන්ධය හෙළි වීමත් සමඟ අදාළ ප‍්‍රාදේශීය දේශපාලනඥයා අතුරුදහන් වී ඇත. මේ අතර සමීර සේනාරත්න වෛද්‍යවරයකු වශයෙන් පෙනී සිටිය ද, ඔහු වෛද්‍යවරයකු නොවන බව තහවුරු වී ඇත. ඔහුට වෙඩි තැබුවේ යැයි කියන දින ඊට මඳ වේලාවකට පෙර ප‍්‍රධාන සැකකාර පාතාලය හා සම්බන්ධකම් තිබෙන ප‍්‍රාදේශීය දේශපාලකයා සමඟ දුරකථන සංවාද කීපයක් පවත්වා ඇති බව පොලිසිය සොයාගෙන තිබේ.


කළුතර ඝාතන ගැන ඇමතිවරු ගැටෙති

2017-03-05     (ගයාන් රූපසිංහ )

කළුතර බන්ධනාගාරයේ සිට කඩුවෙල අධිකරණය දක්වා රැඳවියන් ගෙනයමින් සිටියදී සන්නද්ධ කල්ලියක් විසින් දියත් කරන ලද ප‍්‍රහාරයෙන් පුද්ගලයන් හත් දෙනෙකු ඝාතනය වීම සම්බන්ධයෙන් ඇමතිවරුන් දෙදෙනකු අතර බරපතල ගැටුමක් ඇති වී තිබේ. බන්ධනාගාර සහ ප‍්‍රතිසංස්කරණ ඇමති, ඞී. එම්. ස්වාමිනාදන්, මෙම ඝාතනය සිදු වූ සැනින් නිසි පොලිස් ආරක්ෂාව යොදවා තිබිණි නම්, මෙම අපරාධය වළක්වා ගත හැකිව තිබූ බව ප‍්‍රකාශ කර තිබුණේය. මෙ නිසා ඝාතනයේ වගකීම පොලිසිය භාර ගත යුතු බවට චෝදනා කර තිබිණි. එම චෝදනාවට පිළිතුරු දෙමින්, නීතිය හා සාමය පිළිබඳ ඇමති සාගල රත්නායක ප‍්‍රකාශ කර තිබුණේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දුර්වලකම්වල වගකීම පොලිස් දෙපාර්තමේන්තුවට හෝ තම අමාත්‍යාංශයට හෝ භාර ගත නොහැකි බවය. මේ අතර රජයේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේ දී කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න ප‍්‍රකාශ කර තිබුණේ මෙම ඝාතන සම්බන්ධයෙන් කළුතර උතුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවා පරීක්ෂණ පවත්වන බවය. මිය ගිය බන්ධනාගාර රැුඳවියන් අධි ආරක්ෂක විධිවිධාන යටතේ කළුතර රඳවා සිටි අතර, අධිකරණය වෙත ගෙන යාමේදී දැඩි පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස ලිඛිතව දන්වා තිබූ බව ද හෙළි වේ. පොලිසිය එය නොතකා හැර ඇත.


ඉරුදින කර්තෘ ඉවත් කිරීම නීති විරෝධීයි ජාතික මාධ්‍ය සංසදය

2017-03-05     (චතුර දිසානායක)

ඉරුදින පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ විමලනාත් වීරරත්න මහතා නීති විරෝධී ලෙස සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජාතික මාධ්‍ය සංසදය සිය විරෝධය පළ කර සිටියි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පවසා සිටින්නේ ඒ මහතා සේවයෙන් ඉවත් කිරීම සාධාරණ හේතු දැක්වීමකින් හෝ විමර්ශනයකින් තොරව සිදු කර ඇති බවයි. ඒ නිසා ඔහු සේවයෙන් ඉවත් කිරීම නීති විරෝධී මෙන්ම අයුක්ති සහගත බවද පෙන්වා දෙන ජාතික මාධ්‍ය සංසදය සිය මාධ්‍ය නිවේදනයෙන් වැඩි දුරටත් මෙසේද පවසයි. ‘‘ලීඩර් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම ආයතනයේ සේවකයන්ට හිමි විය යුතු ජනවාරි මාසයේ වැටුප පවා සම්පූර්ණයෙන් ගෙවා නොමැති බවද සේවය කළ කාලයට අදාළව සේවක අර්ථසාධක අරමුදල් හෝ සේවක භාරකාර අරමුදල් වාරික ගෙවා නැති බවද වාර්තා වන බැවින් එම සමාගම බරපතල ලෙස කම්කරු නීති උල්ලංඝනය කරන බව පැහැදිලිව පෙනේ. තම සේවකයන්ගේ අවම අයිතීන් පවා ලබා නොදෙන මෙවැනි සමාගම්වලට සමාජ වගකීමක් සහිත පුවත්පත් කර්මාන්තයේ යෙදිය හැකිද යන්න ගැටළුවකි. ජනමාධ්‍ය හිමිකාරී සමාගම් විසින් මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කළ ප‍්‍රථම අවස්ථාව මෙය නොවේ. බොහෝ මාධ්‍ය ආයතන මාධ්‍යවේදීන්ට මාධ්‍ය සංවිධානවලට සම්බන්ධවීමට පවා අවසර ලබා දෙන්නේ නැත. සමාජයේ පොදු යහපත, සමාජ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් සහ අනෙකුත් මාධ්‍ය සේවකයන් මුහුණදෙන මෙම වෘත්තීය ගැටළු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡුා කිරීමටත් ඔවුන්ගේ වෘත්තීය අයිතීන් වෙනුවෙන් පෙනීසිටීමටත් ජාතික මාධ්‍ය සංසදය කටයුතු කර ඇත’’ එසේම විමලනාත් වීරරත්න මහතා සේවයෙන් ඉවත් කිරීමට එරෙහිව එහි මාධ්‍යවේදීන් විරෝධය පළකිරීම හේතුවෙන් ඒ සඳහා සම්බන්ධ වූ මාධ්‍යවේදීන්ටද ඉරුදින පුවත්පත් කාර්යාලය තහනම් කලාපයක් බවට පත්කර ඇත. මේ සම්බන්ධයෙන් එම මාධ්‍යවේදීන් විසින් CIB/111/213/17 අංකය යටතේ ගල්කිස්ස පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර තිබේ. මෙලෙස මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන් මුහුණදෙන මෙම වෘත්තීය ගැටළු හා පොදු අභියෝගවලට මුහුණදීම සඳහා තමන් හා එක් වන ලෙස ඉල්ලා සිටින ජාතික මාධ්‍ය සංසදය විමලනාත් වීරරත්න මහතා වහාම යළි සේවයේ පිහිටුවන ලෙසත් සේවක මර්දනය වහාම නවතන ලෙසත් ලීඩර් හෝල්ඩිංග්ස් සමාගමට බල කර සිටින බව සිය මාධ්‍ය නිවේදනයේ දක්වා තිබේ.


තරුණ අයිතීන් වෙනුවෙන් රට පුරා උද්ඝෝෂණ

2017-03-05     (නිපුණා සාරංගිි )

තරුණ ගැටලූවලට විසඳුම් ලබා ගැනීම වෙනුවෙන් මාර්තු 05 වැනිදා සිට රට පුරා තරුණ උද්ඝෝෂණ මාලාවක් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා ප‍්‍රකාශ කරයි. මාර්තු 05 වන දින තංගල්ලෙන් ඇරඹෙන මෙම උද්ඝෝෂණ රැල්ල එම සංගමයේ දිස්ත‍්‍රික් තරුණ සමුළුවට සමගාමීව පැවැත්වීමට නියමිතය. මාර්තු 01 වන දින පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු විසින් තව දුරටත් මෙසේ අදහස් දක්වන ලදී. ”මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති බිහිරි අලින් වගේ. බිහිරි අලින්ට ඇහෙන්න විශාල සද්දයක් ඕනෙ වෙනවා. ඒ නිසා තරුණ තරුණියන්ගේ දැවෙන ප‍්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න කියලා මේ ආණ්ඩුවට බල කරමින් උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ග ගැනීමට අප තීරණය කර තිබෙනවා. තාරුණ්‍යයේ රැුකියා අයිතිය, අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් මෙන්ම බාහිර උපාධි කප්පාදු කරන චක‍්‍රලේඛනයට


ප‍්‍රාථමික අධ්‍යාපනය එන්.ජී. ඕ. යටතට

2017-03-05     (කිත්සිරි කොඩිතුවක්කු )

අවුරුදු තුනක පමණ කාලයක සිට ලංකාව තුළ කි‍්‍රයාත්මක වන එන්.ජී. ඕ. ආයතනයක් වන ‘රූම් ටු රීඞ්’ (room to read) නම් සංවිධානය මෙරට ප‍්‍රාථමික අධ්‍යාපනය නියාමනය කිරීමේ කාර්යයට මැදිහත් වෙමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. මේ වන විට උතුරුමැද පළාතේ අධ්‍යාපන කලාප කිහිපයක ප‍්‍රාථමික පාසල්වල ගුරුවරුන් තෝරාගෙන පූර්ණ දින හතරක පුහුණු වීම් කර අති මෙම සංවිධානය අදාළ පාසලේ විදුහල්පතිවරයාට ද එක් දින පුහුණුවක් ලබාදී තිබේ. මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමට පෙර අදාළ පාසල් තෝරා ගැනීම 2016දී සිදු කරනු ලැබූ අතර, එහි දී තෝරා ගත් පාසල්වලට පුස්තකාල ගොඩනැඟිල්ලක් ඉදි කර ඊට අවශ්‍ය උපකරණ 1-5 ශ්‍රේණි සඳහා උචිත කියවීම් පොත් ලබා දෙන බවට විදුහල්පතිවරුන්ට පොරොන්දු වී තිබේ. අනතුරුව පුස්තකාල පහසුකම් සැපයීමේ කටයුත්ත දෙවැනි කර 1 ශ්‍රේණියේ සිංහල භාෂාව ඉගැන්වීමේ කාර්යයට මේ වන විට එම සංවිධානය මැදිහත් වෙමින් සිටියි. එහිදී රජය විසින් ලබා දී ඇති පෙළ පොත් හා ගුරු මාර්ගෝපදේශය බැහැර කර අදාළ ආයතනය මඟින් ලබා දෙන ගුරු මාර්ගෝපදේශයට අනුව කටයුතු කිරීමට අදාළ පුහුණුව ලැබූ ගුරුවරුන්ට උපදෙස් ලබා දී තිබෙන අතර, ඒ සඳහා කලාප අධ්‍යාපන බලධාරීන්ගේ ද අනුමැතිය ලබා දී තිබේ. ගුරුවරුන් පුහුණු කිරීම, අධ්‍යාපනයට අදාළ ප‍්‍රතිපත්ති හා විෂය සැලසුම්ගත කිරීම සහ ගුරුවරුන්ට අදාළ මඟපෙන්වීම ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, විෂයමාලා සංවර්ධන ඒකකය හා ජාතික අධ්‍යාපන ආයතනය යන ආයතනයන්හි කාර්යයක් වුවත්, ආණ්ඩුව එම වගකීමෙන් මඟහරිමින් සිටින බවට පැහැදිලි වන බව මෙම කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කර සිටින ගුරුවරු සහ දෙමව්පියෝ ප‍්‍රකාශ කර සිටිති. අදාළ එන්.ජී. ඕ. ආයතනය මඟින් දෙන පුහුණුවට අනුව ඉගැන්වීමේ දී ගුරුවරයා හා සිසුවා යන දෙදෙනාම අධික පීඩනයකට ලක් වන බව පවසන ගුරු භවතුන් අධ්‍යාපනය ලබා දීමේ දී සරල බවේ සිට සංකීර්ණ බව දක්වා ක‍්‍රමයෙන් ගමන් කිරීමේ අනුපිළිවෙළ මෙම ඉගැන්වීම් ක‍්‍රමයේ දී බිඳවැටෙන බවත්, අධ්‍යාපනය ලබා දීම පිළිබඳව වන සියලූ මූලධර්මයන් අදාළ එන්.ජී. ඕ.ව මඟින් ලබා දෙන පුහුණුවේ දී බිඳ දමාගෙන යන බව ද තතු දත් ගුරුවරු අනාවරණය කරති. මෙම අධ්‍යාපන ක‍්‍රමය දියුණු රටවල භාවිතයට ගැනීමට පෙර අප වැනි පසුගාමී නායකත්වයක් සහිත රටවල දී අත්හදා බැලීම් කිරීම වෙනුවෙන් ගුරුවරුන් හා දරුවන් යොදා ගනිමින් කෙරෙන පර්යේෂණයක් ද යන්න පිළිබඳව සැක පහළ වී ඇතැයි ද එම ගුරුවරුන් වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටියි.


ඩොලර් මිලියන ගණනක වංචාවකට සූදානම්

2017-03-05     (ඉන්ද්‍රසිරි ජයසුන්දර )

ශී‍්‍ර ලන්කන් එයාර් ලයින් සමාගමට ගුවන් යානා 13ක් කල්බදු ක‍්‍රමය යටතේ ලබා ගැනීමට පසුගිය රාජපක්ෂ පාලනය ගෙන තිබූ තීරණය අවලංගු කිරීම නිසා එම ගනුදෙනුවේ අතරමැදි සමාගම්වලට වන්දි ගෙවීමේ කි‍්‍රයාවලියේ දී ඩොලර් මිලියන ගණනක වංචාවක් සිදු කෙරෙන තත්ත්වයක් මතුව තිබේ. ‘ඩුබායි බැංකු සංසදය’ නම් අප‍්‍රකට විදේශීය ආයතනයකින් ඩොලර් මිලියන 150 (රුපියල් මිලියන 22,950)ක ණය මුදලක් ගැනීම සඳහා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් විසින් අමාත්‍ය මණ්ඩල යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. මෙම යෝජනාව සම්බන්ධයෙන් දැඩි උණුසුම් විවාදයක් ඇති වී ඇති අතර, එම යෝජනාව වැඩි දුරටත් අධ්‍යයනය කළ යුතු බව ජනාධිපතිවරයා දන්වා ඇත. කල් බදු ක‍්‍රමය යටතේ ගුවන් යානා ලබා ගන්නේ නම්, ඩොලර් මිලියන 154ක් වැය වන බවට තක්සේරු කර තිබිණි. නමුත්, එම තීරණ අවලංගු කිරීම නිසා අතරමැදි සමාගමට වන්දි ගෙවීම සඳහා ඩොලර් මිලියන 98.5ක් යෙදැවීමට සූදානමක් පවතී. මෙය ලංකා රුපියල් මිලියන 15,070ක් පමණ වේ. මේ අතර අදාළ වන්දි ගෙවීම සම්බන්ධයෙන් 2016 ඔක්තෝබර් 24 වැනි දින ආර්ථික කළමනාකරණ කමිටුව විසින් නිර්දේශ කර තිබෙන්නේ ඩොලර් මිලියන 7.5ක් සහ ඩොලර් මිලියන 8ක් අතර ප‍්‍රමාණයක් වේ. ගුවන් යානා ගැනීම් අතරමැදි කටයුතු සඳහා පසුගිය පාලන සමයේ දී මුලින්ම යොදාගෙන ඇත්තේ, ‘ඉන්ටර්නැෂනල් ලීස් ෆයිනෑන්ස්’ නම් සමාගමක්ය. එහෙත්, පසුව එය හදිසියේම ‘අර්පැක්’ නම් සමාගමකට මාරු කර තිබේ. මෙවැනි සැක කටයුතු කරුණු රැුසක් ඇමති මණ්ඩල යෝජනාව පිටුපස තිබෙන අතර, මූල්‍ය තැරැුවුකාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ පසුගිය පළාත් පාලන සමයේ මෙරටින් විදේශගත කරන ලද කළු සල්ලි විශාල ප‍්‍රමාණයක් ඩුබායි බැංකු සංසදය නම් අප‍්‍රකට ආයතනය හරහා යළි මෙරටට ගෙන්වීමේ සූදානමක් පවතින්නේදැයි විශාල සැකයක් මතුව තිබෙන බවයි.


ජිනීවා යෝජනා කල් දමයි

2017-03-05     (ලංකා මාරසිංහ)

ඇති බව ද මේ වන විට අනාවරණය වී ඇත. ජිනීවා මානව හිමිකම් යෝජනා අනුව යුද්ධය පැවැති සමය අවසානයේ මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් වගවීමත්, අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් පියවර ගැනීමත් සහ සත්‍ය කොමිසමක් පිහිටුවා සංහිඳියාව ඇති කිරීමත් යන මූලික කරුණු ඉටු කර තිබිය යුතු විය. එහෙත්, මෙවර සැසිවාරය පවත්වන විටදී එම කොන්දේසි ඉටු කිරීමට අපොහොසත් වූ ආණ්ඩුව අදාළ කි‍්‍රයාමාර්ග සම්පූර්ණ කිරීම සඳහා ඉදිරි වසර දෙකක කාලය ලබා දෙන මෙන් කොමිසම හමුවේ යෝජනා කර තිබේ.


බැඳුම්කර මාධ්‍ය ජාලයට එජාපයේ බදු සහන

2017-03-05     (ලංකා මාරසිංහ )

බැඳුම්කර වංචාවෙන් උපයා ගන්නා ලද මුදල් යොදවා අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා විසින් ආරම්භ කිරීමට සූදානම් වන මාධ්‍ය ජාලය සඳහා ආනයනය කර තිබෙන උපකරණ රැසක් සඳහා ගෙවිය යුතු රුපියල් කෝටි සිය ගණනක රේගු බදු මුදල් කපා හැරීමට ආණ්ඩුව කි‍්‍රයා කරමින් සිටින බව අනාවරණය වේ. නවීන මුද්‍රණාලයක් සඳහා මුද්‍රණ උපකරණ, අමුද්‍රව්‍ය, නවීන විද්‍යුත් මාධ්‍ය උපකරණ ඇතුළු රුපියල් කෝටි සිය ගණනක් වටිනා උපකරණ මේ වන විට කොළඹ වරායට ගෙන්වා තිබේ. මේ පිළිබඳව කළ සොයාබැලීමක දී හෙළි වූයේ විවිධ සමාගම් නාම උපයෝගී කරගෙන සහ පුද්ගල නාමවලට උපකරණ ආනයනය කර තිබෙන බවයි. එසේ ගෙන්වා තිබෙන උපකරණ සියල්ල එකම ලැයිස්තුවකට ඇතුළත් කර රේගු බදු සහන ලබා දීමට මුලින් ප‍්‍රයත්න දරා ඇත. එහි දී මෙම උපකරණ බැඳුම්කර මාධ්‍ය ජාලය සඳහා ගෙන්වා ඇති ඒවා බව අනාවරණය වී ඇත. එසේ හෙළි වීමෙන් පසුව අදාළ ලේඛනය ඉවත් කරගෙන ලේඛන කීපයක් යටතේ අදාළ භාණ්ඩ බදු රහිතව නිදහස් කර ගැනීමට සූදානම් වෙමින් සිටින බව හෙළි වේ. අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා විසින් ආරම්භ කිරීමට සූදානම් වන මාධ්‍ය ජාලය එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ජාලය ලෙස පවත්වාගෙන යාමට සැලසුම් කර තිබේ. එසේ වුවත්, එම සැලසුමට පක්ෂයේම ප‍්‍රබලයන් කොටසකගේ ප‍්‍රබල විරෝධයක් පවතී. බැඳුම්කර වංචනික මුදල් යොදාගෙන මාධ්‍ය ආයතනය පවත්වාගෙන යාම පක්ෂයට බරපතල අනතුරක් බව ඔවුන්ගේ මතය වී තිබේ. එම විරෝධය නොතකා අගමැති රනිල්, මුදල් ඇමති, රවි කරුණානායක ඇතුළු ප‍්‍රබලයන් මෙම මාධ්‍ය ජාලය ස්ථාපිත කිරීමට සියලූ පහසුකම් සපයමින් සිටින බව අනාවරණය වේ.


රවීගේ අමාත්‍යාංශයේදී හොර අත්සන් යොදලා

2017-03-05     (ඉන්ද්‍රසිරි ජයසුන්දර)

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ බැඳුම්කර මඟින් ණය ගැනීමේ කි‍්‍රයාවලියට සම්බන්ධ තීරණාත්මක ලේඛනවලට වර්තමාන මුදල් අමාත්‍ය රවී කරුණානායක යටතේ හොර අත්සන් යොදා ඇති බව අනාවරණය වී ඇත. බැඳුම්කර නිකුත් කිරීමේ දී සිදුව තිබෙන වංචා පිළිබඳ චෝදනා විමර්ශනය කරන ති‍්‍රපුද්ගල ජනාධිපති කොමිෂන් සභාව හමුවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්, ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග ලබා දී තිබෙන ප‍්‍රකාශයකින් මේ බව හෙළි වේ. පසුගිය 27 වැනි දින එම කොමිෂන් සභාව හමුවේ මුදල් අමාත්‍යාංශ ලේකම් සාක්ෂි දීමේදී මෙය හෙළි කර තිබිණි. බැඳුම්කර නිකුත් කිරීමට අදාළව 2015 පෙබරවාරි මස 15 වැනි නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් පළ කරන පුවත් පත් දැන්වීමකට ව්‍යාජ අත්සනක් යොදා තිබේ. අදාළ පුවත්පත් නිවේදනයට මුදල් අමාත්‍යාංශයේ ලේකම්ගේ අත්සන වෙනුවට මුදල් ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම් සිසිර විජේසිංහ මහතා විසින් අත්සන් තබා ඇත. මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයා වශයෙන් දක්වමින්, 2016 දෙසැම්බර් මස 24 වැනි දින නිකුත් කර තිබෙන ගැසට් පත‍්‍රයක පිටපත් 17ක් වැනි සීමිත ප‍්‍රමාණයක් රජයේ මුද්‍රණාලයෙන් නිකුත් කිරීමේ ආන්දෝලනයක් පැවති අතර, මෙම ව්‍යාජ අත්සන් යෙදීම හෙළි වී තිබේ. මහින්ද රාජපක්ෂ හිටපු මුදල් ඇමතිගේ අත්සන හොරට යොදා ගත් බව ඔප්පු කරන ලෙස රවී කරුණානායක විසින් අභියෝග කර තිබෙන පසුබිමක ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අයෙකු විසින් මෙම හොර අත්සන් යොදා තිබීම ගැන හෙළි වී තිබේ. මහින්ද රාජපක්ෂ මුදල් ඇමති බව සඳහන් කරමින්, එම අත්සන යොදා මෙලෙස ගැසට් පත‍්‍ර නිකුත් කිරීම නිසා ගැසට් නිවේදනවල වලංගුභාවය බරපතල ගැටලූසහගත තත්ත්වයකට පත්ව තිබෙන බව ද වැඩ බලන මුද්‍රණාලයාධිපතිනිය කොමිසම හමුවේ පිළිගෙන තිබේ.


බැඳුම්කර පත්තරේ මුල් පිටුව ඉරේ

2017-02-26     (ලංකා මාරසිංහ )

කියවන්න 'ලංකා ' ඉරිදා සංග්‍රහය


පේරාදෙණියේ සිදුවීම ගැන බොරු පතුරයි

2017-02-26     (චමින්ද කහවත්ත)

කියවන්න 'ලංකා ' ඉරිදා සංග්‍රහය


මහින්දගේ රජ වැඩක් හෙළි වේ

2017-02-26     (ඉන්ද්‍රසිරි ජයසුන්දර)

කියවන්න 'ලංකා ' ඉරිදා සංග්‍රහය


පාර්ලිමේන්තු කි‍්‍රයාකාරිත්වයෙන් ජවිපෙ පෙරමුණේ

2017-02-26     (ඉන්ද්‍රසිරි ජයසුන්දර)

කියවන්න 'ලංකා ' ඉරිදා සංග්‍රහය


පරණ ක‍්‍රමයට ඡන්දය තියන්න දේශපාලන පක්ෂ ඉල්ලති

2017-02-26     (චතුර දිසානායක)

කියවන්න 'ලංකා ' ඉරිදා සංග්‍රහය


මරණාධාර සමිති මුදල් ආණ්ඩුවට

2017-02-26     (කිත්සිරි කොඩිතුවක්කු)

කියවන්න 'ලංකා ' ඉරිදා සංග්‍රහය


ආර්ථික අර්බුදයෙන් ව්‍යාපාරිකයෝ කැළඹෙති

2017-02-26     (ඉන්ද්‍රසිරි ජයසුන්දර)

කියවන්න 'ලංකා ' ඉරිදා සංග්‍රහය


ආණ්ඩුවෙන් උපක‍්‍රමික ජනමතවිචාරණයක්!

2017-02-26     (ප්‍රියදර්ශන දයාරත්න)

කියවන්න 'ලංකා ' ඉරිදා සංග්‍රහය


කිරිඇල්ලගෙන් තවත් පෞද්ගලික සරසවියක්

2017-02-19     (චතුර දිසානායක)

තවත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් කළුතර දිස්ත‍්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ඉදි කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ. අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසිනි. තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු සහ කළමනාකරණ උපාධි ලබාදීමේ අරමුණින් මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලය ස්ථාපිත කෙරෙනු ඇත. ඉන්දියාවේ මනිපාල් විශ්ව විද්‍යාලයේ ශාඛාවක් ලෙස මෙය විවෘත කෙරෙනු ඇති බවද වාර්තා වේ. එම විශ්ව විද්‍යාලයට සිසුන් බඳවා ගැනීමේ ක‍්‍රමවේදය සහ අධ්‍යයන කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳව තවදුරටත් සොයා බැලිය යුතු බව එහිදී ප‍්‍රකාශ වී ඇති අතර, ඒ පිළිබඳව තව දුරටත් අධ්‍යයනය කළ යුතු බව ජනාධිපතිවරයාද ප‍්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.


සතොස සහල් සීමා පනවයි

2017-02-19     (චතුර දිසානායක)

ලංකා සතොස මගින් සම්බා රතු හා සුදු කැකුළු නාඩු සහල් අලෙවි කිරීමේදී එක් පාරිභෝගිකයකුට සහල් කිලෝ 5-10 ලෙස සීමා කර ඇතැයි වාර්තා වේ. කොළඹ ආසන්නයේදී ලංකා සතොස එක් වරකදී සම්බා කිලෝ 10ක්, නාඩු සහ රතු සුදු කැකුළු සහල් කිලෝ 5ක් බැගින්ද ලබා දෙන අතර පිට පළාත්වලදී සහල් කිලෝ 5 බැගින් විකුණයි. සතොස ආයතනය පවසන්නේ ඇතැම් වෙළෙඳුන් ලංකා සතොසින් අඩු මිලට සහල් ගෙන වැඩි මිලට අලෙවි කරන නිසාත්, සියලූ පාරිභෝගිකයන්ට සහල් නිකුත් කිරීමේ අරමුණිනුත් මෙම සීමා කිරීම් කළ බවයි.


කැබිනට් මණ්ඩලය යළිත් රවීගෙන් උණුසුම් වේ

2017-02-19     (ඉන්ද්‍රසිරි ජයසුන්දර)

රවී කරුණානායක මුදල් ඇමති ධුරයට පත් කිරීමෙන් පසුව මේ දක්වා බලය යොදවා තිබෙන අවස්ථා ගණනාවක් ආණ්ඩුවට බරපතල ප‍්‍රශ්න ඇති කර තිබියදීත්, අගමැති ඔහුව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැුස්වීමේදීද උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ. මෑත කාලයේ හිතුවක්කාරී ලෙස ලොතරැුයි මිල ඉහළ දැමීම, පෞද්ගලික රේගු ගුදම් පවත්වාගෙන යාම, වාහන බදු වංචා, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ කාර්යය ඇමෙරිකානු මැකෙන්සි සමාගමට ලබා දීමට කි‍්‍රයා කිරීම, වැට් බදු ඉහළ දැමූ හිතුවක්කාරී ක‍්‍රමවේදය, අය වැය මඟින් අමාත්‍යාංශවලට මුදල් වෙන් කිරීමේ බොරු සංඛ්‍යා ඉදිරිපත් කිරීම ආදී කරුණු මුල්කරගෙන එම විරෝධය එල්ල කෙරී ඇත. එමෙන් ම ඇමති මණ්ඩල සංශෝධනයක් ඉක්මනින්ම කරමින්, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල සහ මලික් සමරවික‍්‍රම යන අයගේ ඇමතිධුර වෙනස් කිරීමට තිබූ සූදානම අත්හැර දැමීමෙන් පසුව මෙම තිදෙනා අනෙක් ඇමතිවරුන් දැඩි ලෙස කොන් කරමින් කි‍්‍රයා කිරීමට පටන්්ගෙන සිටින බවද වාර්තා වේ.


වෛද්‍ය කඩයේ කොටස් නාමල්ටත්

2017-02-19     (ප්‍රියදර්ශන දයාරත්න)

වෛද්‍ය කඩයේ කොටස් නාමල්ටත් මාලබේ හොර උපාධි කඩය ආරම්භ කිරීමේ දී නෙවිල් ප‍්‍රනාන්දු සහ සමීර සේනානායක යන අය සමඟ සමීප අවබෝධයෙන් කි‍්‍රයා කර ඇත්තේ, නාමල් රාජපක්ෂ බවත්, ඒ තුළින් මෙය ආරම්භ කිරීමට රාජ්‍ය බැංකුවලින් රුපියල් මිලියන 600ක ණය මුදලක් ඇප රහිතව ලබා දී තිබෙන බවත් තොරතුරු හෙළි වෙමින් තිබේ. හොර වෛද්‍ය උපාධි කඩයේ පරිපාලන අධ්‍යක්ෂ බව කියන සමීර සේනානායක නමැත්තාට වෙඩි තැබූයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලදී අමතර කරුණක් වශයෙන් එම දේශපාලන සම්බන්ධතාව සහ ඇප රහිත ණය ලබා දීම පිළිබඳ තොරතුරු හෙළි වෙමින් තිබේ. වෙඩි තැබුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ කරමින් සිටිය දී සමීර සේනානායක නමැත්තා හොර රහසේ ම රුසියාවට පළා ගොස් ඇති බව හෙළි වී ඇත. වෙඩි තැබීම කරන ලද්දේ යැයි කියන අවස්ථාවේදී සමීර සේනානායක ඇඳගෙන සිටි ඇඳුම් රසපරීක්ෂකවරයාට යොමු කිරීමත් සමඟ මොහු රටින් පළා ගියේය. මෝටර් රථයේ වීදුරු කැබලි ඇඳුම්වල තිබිය යුතු බවත්, ඒවා මඟින් ඉතා වැදගත් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වනු ඇති බවත් පරීක්ෂණ පවත්වන කණ්ඩායම් සැක හැර විශ්වාස කරයි. මේ අතර වෙඩි වැදී තිබෙන ස්වභාවය අනුව පොලිසිය විසින් ආකෘතියක් (ඩමියක්* යොදා කරන ලද පරීක්ෂණයකින් තහවුරුවී ඇත්තේ, රියැදුරු අසුනේ සිටි බව කියන සමීර සේනානායකට නියත වශයෙන්ම වෙඩි වැදිය යුතු බවය. මේ අතර සමීර සේනානායකට වෙඩි තැබීමේ සිද්ධිය ගැන ප‍්‍රවෘත්ති පළ වීමට පෙර පැවැත් වූ මාධ්‍ය හමුවක දී ජවිපෙ නායක අනුර දිසානායක විසින් තොරතුරු හෙළි කරමින් කියා සිටිනු ලැබුවේ මොහු වෛද්‍යවරයකු ලෙස විභාග සමත්ව ලියාපදිංචි වී නොමැති බවය.


ණය ගිනි කන්ද සකී‍්‍රයයි ආණ්ඩුව නිහඬය

2017-02-19     (ගයාන් රූපසිංහ)

සියල්ලේ තැන්පත් මුදල් එකතු කර ගත්තද, ණය පොලී ගෙවීමට තරම්වත් ප‍්‍රමාණවත් නොවනු ඇති බවටත් අනතුරු අඟවා තිබේ. පසුගිය 9වැනි දින සවස පවත්වන ලද ආර්ථික සමාලෝචන කමිටු රැුස්වීමේදී මහ බැංකු අධිපති, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිද මේ බව අවධාරණය කර තිබෙන බව හෙළි වේ. මෙම සමාලෝචන කමිටු රැස්වීම සඳහා නිමල් සිරිපාලද සිල්වා, අනුර පි‍්‍රයදර්ශන යාපා, ආචාර්ය සරත් අමුණුගම, රවී කරුණානායක, කබීර් හෂීම් සහ අගමැති හා ජනාධිපතිද සහභාගී වී ඇත. මුදල් අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ ඉහළ පෙළේ නිලධාරීන්ද මෙම කමිටු රැුස්වීමට සහභාගී වී ඇත. වැඩිදුරටත් වාර්තා වන්නේ ආණ්ඩුවද දැන් එල්ල වෙමින් තිබෙන අර්බුදය තේරුම්ගෙන තිබෙන බව පැහැදිලි වුවත්, තවමත් අනතුර අවම කර ගැනීමේ කි‍්‍රයාමාර්ග පිළිබඳව අවධානය යොමු කර නැති බවයි.


විසිපන් දහසක දඩය නැවතත් කරළියට

2017-02-19     (චතුර දිසානායක)

රථවාහන වැරදි හතක් සම්බන්ධයෙන් රුපියල් විසිපන් දහසක දඩයක් නියම කිරීමට අදාළ සංශෝධිත නව දඩ පත‍්‍රිකාව ඉදිරි සතියේ දී හඳුන්වා දෙන බව ප‍්‍රවාහන අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් නිහාල් සෝමවීර මහතා සඳහන් කළේ රථවාහන වැරදි සඳහා වන නව දඩ පත‍්‍රිකාව මේ වන විටත් කෙටුම්පත් කර අවසන් බවයි. මෙම දඩය පැනවීමේ දී මෝටර් රථ ප‍්‍රවාහන පනතේ සංශෝධනයක් සිදු කළ යුතු බව ඔහු පැවසූ අතර, එම කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් බව ද සඳහන්ය. මෙම දඩය සම්බන්ධයෙන් ඉකුත් සමයේ ඇති වූ දැඩි කතාබහ නිසා ඒ පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ මණ්ඩලයක් පත් කරනු ලැබීය. ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් හා රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාද එහි සාමාජිකයන් වේ. ඔවුන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් සමයේ අදාළ දඩය පිළිබඳ සාකච්ඡුාවට කිහිපයක් සිදු කර තිබේ. ඒ අනුව නව දඩ පත‍්‍රිකාව එළඹෙන සතියේ බස් සංගම් සහ ත‍්‍රීරෝද රථ ඇතුළු ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ සංගම් වෙත ලබා දෙන බව ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි. ප‍්‍රධාන රථවාහන වැරදි හතට අමතරව තවත් රථ වාහන වැරදි 33කට අදාළ දඩ සම්බන්ධයෙන් මෝටර් රථ ප‍්‍රවාහන පනත සංශෝධනය කර ඇති බවද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි. ණය ගිනි කන්ද...


විගණකාධිපතිගෙන් යෝකර් පන්දුවක්

2017-02-19     (ලංකා මාරසිංහ )

තමන් ඉදිරිපත් කර තිබෙන විගණන වාර්තා ජාත්‍යන්තර ප‍්‍රමිතියට නොමැති බව මුදල් ඇමති ඇතුළු ඇමතිවරුන් කරන චෝදනාවලට පිළිතුරක් වන සටහනක් විගණකාධිපතිවරයා ඉදිරිපත් කර ඇති අතර, නවතම කෝප් කමිටු වාර්තාවේ එය ද ඇතුළත් කර තිබේ. මේ අතර පාර්ලිමේන්තුව තුළ දී විගණකාධිපතිවරයා දෝෂ දර්ශනයට ලක් කිරීම හා විගණන පනත සම්මත නොකිරීමට විරෝධය පළ කරමින්, විගණන සේවා සංගමය ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් ද පවත්වා තිබිණි. විගණන වාර්තාවක් අභියෝගයට ලක් කිරීමේ කිසිදු බලයක් මුදල් ඇමතිවරයාට නැති බව එහිදී අවධාරණය කර තිබිණි. ශී‍්‍ර ලංකා මහ බැංකු බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් කර තිබෙන විගණනයන්ගේ වාර්තා අන්තර්ජාතික වශයෙන් පිළිගෙන තිබෙන ප‍්‍රමිතීන්ට අනුකූලව නොමැති බව ආණ්ඩුවේ ඇමතිවරුන් කීප දෙනෙකු විසින් චෝදනා කර තිබිණි. මෙවර කෝප් වාර්තාවට යොමු කර තිබෙන විගණකාධිපති නිල නිවේදනයේ ”විගණකාධිපතිවරයා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ අන්තර්ජාතික විගණන ප‍්‍රමිතිවලට ( අනුරූප ශී‍්‍ර ලංකා විගණන ප‍්‍රමිතිවලට අනුකූලව මූල්‍ය විගණනය සිදු කරනු ලබයි” යනුවෙන් සඳහන් කර තිබේ. ”රාජ්‍ය ව්‍යවසායයන්ගේ විගණන විෂයපථය තීරණය කිරීමේදී අවදානම් පදනම් කර ගත් විගණන ප‍්‍රවේශය ශී‍්‍ර ලංකා විගණන ප‍්‍රමිතීන්ට අනුකූලව යොදා ගනු ලබයි” යනුවෙන් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.


දේශීය බැංකු හතක් අවදානමට දැමූ ගැහිල්ලක්

2017-02-19     (ඉන්ද්‍රසිරි ජයසුන්දර)

මාර්ග ඉදි කිරීම සඳහා දේශීය බැංකු හතකින් ලබාගෙන තිබෙන රුපියල් කෝටි 15,579ක් වූ ණය මුදලකින් රුපියල් කෝටි 924ක් ගසා කා එම බැංකු අවදානමට හෙළා ඇති බව නවතම කෝප් වාර්තා අනුව හෙළි කර තිබේ. උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ තිබෙන මාර්ග සංවර්ධන අධිකාරිය සම්බන්ධයෙන් සිදු කළ කෝප් කමිටු විමර්ශනවල දී මේ බව හෙළි වී ඇත. රජයේ ප‍්‍රසම්පාදන කමිටුවේ 54ක් වෙනුවෙන් තාක්ෂණික අගැයීම් වාර්තාවෙන් ඒ සඳහා වන වියදම රුපියල් කෝටි 14,655ක් කර තිබියදී අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප‍්‍රසම්පාදන කමිටු නිර්දේශයකට අනුව එම මාර්ග ඉදි කිරීම සඳහා රුපියල් කෝටි 15,579ක වියදම් තක්සේරුවක් ලබාදී ඇත. ඒ අනුව මෙම මහා වංචාව සිදු කර දේශීය බැංකු අනතුරට හෙළා ඇත. මේ අතර මාර්ග සංවර්ධන අධිකාරියෙන් වැටුප් ගෙවන ලද මහජන සම්බන්ධතා නිලධාරීන් හා උපදේශකයන් හට වැටුප් ගෙවීම සඳහා මසකට රුපියල් පනස්අට ලක්ෂ හැට දහසක් බැගින් වැය කර ඇති අතර, ඒ උපදේශකයන් 148 දෙනෙකු සඳහාය. මෙයට ජවිපෙ සහ මහජන බලවේගවලින් එල්ල කරන ලද දැඩි විරෝධය හමුවේ 2016 නොවැම්බර් මස 01වැනි දින සිට එම උපදේශකයන් 70දෙනා ඉවත් කර තිබෙන බව සඳහන්ය.


බැසිල්ගේ උණ රවීටත්

2017-02-19     (ගයාන් රූපසිංහ)

රාජ්‍ය නිලධාරීන් දිස්ති‍්‍රක් මට්ටමින් රැුස් කොට ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ වැඩපිළිවෙළකට රවි කරුණානායක ඇමතිවරයා විසින් මුලපුරා තිබීම එක්සත් ජාතික පක්‍ෂයේ ඇමතිවරුන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති බව අනාවරණය වේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ආර්ථික සංවර්ධන ඇමති වශයෙන් බැසිල් රාජපක්ෂ අනෙකුත් සියලූ අමාත්‍යාංශ යට කරගෙන දිස්ති‍්‍රක් මට්ටමෙන් රාජ්‍ය නිලධාරීන්ගේ රැුස්වීම් පැවැත් වූ ආකාරයට රවී කරුණානායක ඇමතිවරයාද දිස්ති‍්‍රක් රැුස්වීම් පවත්වාගෙන යාමට සැලසුම් කර තිබේ. රවී කරුණානායකගේ මෙම කි‍්‍රයා පිළිබඳව මේ වන විටද ඇමතිවරුන් කීප දෙනෙකුම අගමැති රනිල් වික‍්‍රමසිංහට දන්වා ඇති බව අනාවරණය වේ. තවත් එජාප ඇමතිවරුන් විශාල පිරිසක් අගමැතිවරයාට ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර පලක් නොවන බව ප‍්‍රකාශ කරමින්, නිහඬව සිටින බවද හෙළි වේ. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තොරතුරුවලින් හෙළි වන්නේ මුදල් ඇමතිවරයාගේ මේ අලූත් කි‍්‍රයාමාර්ගය නිසා පක්ෂය තුළ බරපතල තත්ත්වයක් ඇතිව තිබෙන බවය.


සුමන්තිරන් ඝාතන තැත ආණ්ඩුවේ ප‍්‍රබන්ධයක්

2017-02-19     (ප්‍රියදර්ශන දයාරත්න)

ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර, එම්. ඒ. සුමන්තිරන් ඝාතනය කිරීමට හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සැලැසුම් කර තිබුණේ යැයි කියන ප‍්‍රවෘත්තිය කිසියම් දේශපාලන අරමුණක් මත ආණ්ඩුව විසින් නිර්මාණය කරන ලද්දක් බවට තහවුරු වෙමින් තිබේ. එමෙන්ම පසුගිය ජනවාරි මස 13 වැනි දින කිලිනොච්චියේදී තිදෙනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීමේ චෝදනාව මතය. ත‍්‍රස්තවාදී කි‍්‍රයා විමර්ශන ඒකකයේ නිලධාරීන් සකස් කළ වාර්තාවක් පොලිස්පතිට ලබා දී ඇතත්, අනෙකුත් බුද්ධි අංශ එම කරුණු පිළිනොගන්න බව ද අනාවරණය වේ. සුමන්තිරන් මන්තී‍්‍රවරයා ඝාතනය කිරීමේ සැලසුම පිළිබඳව බුද්ධි අංශ අතර ප‍්‍රතිවිරෝධතා පවතින බවත්, මේ නිසා ආරක්ෂක මණ්ඩල රැුස්වීමේදී පවා එය කෙරෙහි අවධානයක් යොමු කර නැති බවටද කරුණු අනාවරණය වේ. මෙම කරුණු අනුව සුමන්තිරන් මන්තී‍්‍රවරයා ඝාතනය කිරීමට තිබුණේ යැයි කියන සැලසුම කිසියම් දේශපාලන අරමුණක් මත ප‍්‍රචාරය කරන ලද්දක් විය හැකි බවට බරපතල සැක මතුව තිබේ. වර්තමාන ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පත්ෂය අතර බලතුලනය වෙනුවෙන් ශී‍්‍ර ලංකා පොලිස් දෙපාර්තමේන්තුව එක්සත් ජාතික පක්ෂයේ සාගල රත්නායක ඇමතිවරයා යටතේ තිබෙන අතර, ති‍්‍රවිධ හමුදා ඇතුළු බුද්ධි අංශ ගණනාවක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයා යටතේ පැවැතීමද විශේෂත්වයකි. මෙම ඝාතන සැලැසුම පිළිබඳව පොලිස් ත‍්‍රස්ත විමර්ශන ඒකකය තොරතුරු සොයාගෙන තිබෙන නමුත්, ති‍්‍රවිධ හමුදා වෙත හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත හෝ එවැනි කිසිදු තොරතුරක් හෝ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් යළි සංවිධානය වීමක් පිළිබඳව හෝ තොරතුරු නොතිබීම තුළ ඝාතන සැලසුම පිළිබඳ ප‍්‍රවෘත්තිය බරපතල සැකයක් වී තිබේ.


සයිටම් පිළිගන්න බැහැ වෛද්‍ය පීඨාධිපතිවරු නැවතත් කියති

2017-02-19     (චතුර දිසානායක)

වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් පෞද්ගලික ආයතනය නීතිගත කිරීමට හැකි වන ආකාරයේ එකඟතා කිහිපයකට උසස් අධ්‍යාපන බලධාරීන් සහ වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන් එකඟ වී ඇති බවට පසුගිය දිනවල ප‍්‍රවෘත්ති පළ වූ අතර, එයට ප‍්‍රතිචාර දක්වමින් වෛද්‍ය පීඨ අටෙහි ම පීඨාධිපතිවරුන් විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ. පුළුල්ව කරුණු පැහැදිලි කරමින් නිකුත් කර ඇති එම නිවේදනයට ද වෛද්‍ය පීඨ අටෙහිම පීඨාධිපතිවරුන් අත්සන් තබා ඇත. එහි සඳහන් වන්නේ සයිටම් ආයතනයේ සිසුන්ට තාවකාලිකව ලියාපදිංචිය ලබා දෙන ලෙස නියෝග කරමින් අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුවට තමන් එකඟ නොවන බවත්, ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් එම තීන්දුව අභියෝගයට ලක් කිරීමට ගන්නා ලද තීරණයට තමන්ගේ පූර්ණ සහයෝගය පළ කරන බවත්ය. එසේම මෙම ගැටලූව සම්බන්ධයෙන් සියලූම පාර්ශ්වවලට එකඟ විය හැකි ප‍්‍රායෝගික විසඳුමක් ලබා දීමට පවතින සහ පැවැති රජයන් විසින් දැක් වූයේ ඇල්මැරුණු ප‍්‍රවේශයක් බව ද ඔවුහු අවධාරණය කර සිටිති. වෛද්‍ය අධ්‍යාපනය, සායනික පුහුණුව හා වෛද්‍ය වෘත්තිය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති ඇතැම් පාර්ලිමේන්තු සභිකයන් විසින් සයිටම් ආයතනයට පක්ෂපාතීව කරනු ලබන අවස්ථාවාදී ප‍්‍රකාශ තරයේ හෙළා දකින බව ද ඔවුන් සඳහන් කර තිබේ. සයිටම් ආයතනය සිසුන් බඳවා ගන්නා ක‍්‍රමය, එය නිසි කාර්ය මණ්ඩලයක් නොමැතිව පවත්වාගෙන යන ක‍්‍රමය සහ හුදු මූල්‍යමය වාසි අපේක්ෂාවෙන් ලාභ ලැබීම පමණක් අරමුණු කර ප‍්‍රමිතිය ගැන නොසලකා කටයුතු කරන බවට සාක්ෂි සහිතව සනාථ වී තිබියදී එයට වෛද්‍ය උපාධිය පිරිනැමීමේ කිසිදු බලයක් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට නොමැති බවත් එම පීඨාධිපතිවරු අවධාරණය කරති.


ආණ්ඩුවෙන් හදිසි මර්දන පනතක්

2017-02-19     (ඒස්.කේ ගමගේ)

ආණ්ඩුවට එරෙහිව මේ වන විට රට පුරා ගොවි, කම්කරු, ශිෂ්‍ය උද්ඝෝෂණ දිනෙන් දිනම වර්ධනය වෙමින් පවතී. ආණ්ඩුවේ හිතුවක්කාරී හා අත්තනෝමතික තීරණ හේතුවෙන් මේ තත්ත්වය වර්ධනය වෙමින් පවතී. රාජ්‍ය සම්පත් පෞද්ගලිකකරණය, ජනතාවගේ ඉඩම් බහුජාතික කොම්පැනිවලට විකිණීම, පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කිරීම වැනි ජනතා ද්‍රෝහී කි‍්‍රයාවන්ට එරෙහිව පෙළගැසෙන ජනතා බලවේග මර්දනය කිරීම සඳහා පවතින නීති ප‍්‍රමාණවත් නොවන හෙයින්, නීතිය හා සාමය රැුකීම සඳහා යැයි කියමින්, හදිසි


කැබිනට් මණ්ඩලය යළිත් රවීගෙන් උණුසුම් වේ

2017-02-19     (ඉන්ද්‍රසිරි ජයසුන්දර)

කියවන්න ' ලංකා ' ඉරිදා සංග්‍රහය


විසිපන් දහසක දඩය නැවතත් කරළිය

2017-02-19     (චතුර දිසානායක)

කියවන්න ' ලංකා ' ඉරිදා සංග්‍රහය


ණය ගිනි කන්ද සකී‍්‍රයයි ආණ්ඩුව නිහඬය

2017-02-19     (ඉන්ද්‍රසිරි ජයසුන්දර)

කියවන්න ' ලංකා ' ඉරිදා සංග්‍රහය


වෛද්‍ය කඩයේ කොටස් නාමල්ටත්

2017-02-19     (ප්‍රියදර්ශන දයාරත්න)

කියවන්න ' ලංකා ' ඉරිදා සංග්‍රහය


විගණකාධිපතිගෙන් යෝකර් පන්දුවක්

2017-02-12     (ලංකා මාරසිංහ )

කියවන්න ' ලංකා ' ඉරිදා සංග්‍රහය


දේශීය බැංකු හතක් අවදානමට දැමූ ගැහිල්ලක

2017-02-12     (ඉන්ද්‍රසිරි ජයසුන්දර)

කියවන්න ' ලංකා ' ඉරිදා සංග්‍රහය


සයිටම් පිළිගන්න බැහැ වෛද්‍ය පීඨාධිපතිවරු නැවතත් කියති

2017-02-12     (චතුර දිසානායක)

කියවන්න ' ලංකා ' ඉරිදා සංග්‍රහය


බැසිල්ගේ උණ රවීටත්

2017-02-19     (ගයාන් රූපසිංහ)

කියවන්න ' ලංකා ' ඉරිදා සංග්‍රහය


ආණ්ඩුවෙන් හදිසි මර්දන පනතක්

2017-02-19     (ඒස්.කේ ගමගේ)

කියවන්න ' ලංකා ' ඉරිදා සංග්‍රහය


සුමන්තිරන් ඝාතන තැත ආණ්ඩුවේ ප‍්‍රබන්ධයක්

2017-02-19     (ප්‍රියදර්ශන දයාරත්න)

කියවන්න' ලංකා' ඉරිදා සංග්‍රහය


‘‘සියල්ලට පෙර හොඳ මිනිසකු විය යුතු බව ඔහු ඉගැන්වූවා...’’

2017-01-29     (සඳුන් සම්පත් )

සත්‍යපාල වන්නිගම සහෝදරයා පිළිබඳව සමරු උත්සවයක් කරන්න ඕනෑ කියලා සමාජවාදී ශිෂ්‍ය සංගමය ඒ සම්බන්ධයෙන් මටත් ආරාධනා කළා, ඇවිල්ලා කතාවක් කරන්න කියලා. ආරාධනාව ඉතා කැමැත්තෙන් මම පිළිගත්තා. ඒ නිසා පළමුවෙන් මම සමාජවාදී ශිෂ්‍ය සංගමයට ස්තුතිවන්ත වෙනවා. මෙම අවස්ථාව ඉතා වැදගත් අවස්ථාවක් කියලා අපි හිතනවා. එකක් තමයි, දිනවල යම් එහා මෙහා වීමක් තිබුණත්, අපි විශ්වාස කරන විදියට සත්‍යපාල වන්නිගම සහෝදරයා මරා දමලා, 1988 ජනවාරි 06 වැනිදා තමයි, අපට ඔහුගේ දේහය හඳුනා ගන්න පුළුවන් වුණේ. ඒ නිසා අප සලකනවා, එය ඔහු දිවි පි¥ දවස කියලා. අනෙක් කාරණය තමයි, අපි මේ රැුස් වෙලා තියෙන ගොඩනැඟිලි භූමිය 88-89 කාලයේ වධ කඳවුරක් තිබූ තැනක්. සත්‍යපාල වන්නිගම සහෝදරයාත් ඒ කඳවුරේ ඉන්න ඇති, අපි මේ ඉන්න තැන ම. කතාවක් තියෙනවා ඉතිහාසයේ සරදම හැම දෙයක් ම කණපිට හරවනවා කියලා. ඉතින්, මේ ස්ථානය ඔහුගේ ගමට කිට්ටුව, අනෙක් පැත්තෙන් ගත්තොත්, වධ කඳවුර තිබූ ස්ථානයට රැුස් වෙලා ඔහු ගැන කතා කරන්න ලැබීම අපි හිතනවා, ටිකක් ඉතිහාසයේ දෛවෝපගත සිද්ධියක් කියලා. ඔහු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්. ඊට කලින් ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය කි‍්‍රයාකාරිකයෙක්. ශිෂ්‍ය ව්‍යාපාරයට ඔහුගේ ඇති මේ ඥාතීත්වය නිසා මේ කතිකාව සමාජවාදී ශිෂ්‍ය සංගමයට වඩාත් ගැලපෙනවා. හම්බන්තොට දිස්ති‍්‍රක්කය අපේ පක්‍ෂයට සුවිශේෂී නායකයන් බිහි කරපු දිස්ති‍්‍රක්කයක්. අපේ පක්‍ෂයේ නිර්මාතෘ වෙච්ච රෝහණ විජේවීර සහෝදරයා ඉපදුණෙත් මේ දිස්ති‍්‍රක්කයේ. ඒ වාගේ ම අපේ පක්‍ෂයේ නායකයන් වෙලා හිටපු බොහෝ දෙනෙක් ගත්තොත් එහෙ ම හම්බන්තොට දිස්ති‍්‍රක්කය පදනම් කරගෙන බිහි වෙච්ච අය. උදාහරණ විදියට සුමිත් අතුකෝරල සහෝදරයා, නන්දතිලක ගලප්පත්ති සහෝදරයා වැනි සහෝදරවරුන් ගණනාවක් සඳහන් කරන්න පුළුවන්. අප කවුරුත් දන්න ගුරුවරයකු ලෙස කටයුතු කළ පස්සේ දක්‍ෂතම නීතිඥයෙක් වෙච්ච විජේදාස ලියනාරච්චි සහෝදරයා මේ බිමේ ඉපදිච්ච කෙනෙක්. ඒ වාගේ ම ගුණපාල සතරසිංහ සහෝදරයා, ගුණසේන වර්ණපටබැඳි සහෝදරයා, ආරියසේන ඊෂ්වරගේ සහෝදරයා මේ බිමේ නමක් තියලා දිවි පි¥ අය. ඒ වාගේ ම නම් නොදන්න තවත් සහෝදරවරුන්, සහෝදරියන් බොහෝ ප‍්‍රමාණයක් අපේ පක්‍ෂය වෙනුවෙන් මේ රටේ නිදහස වෙනුවෙන් ජීවිත කැප කරලා තියෙනවා. සත්‍යපාල වන්නිගම සහෝදරයා සංකේතයක් ලෙස භාවිත කළත්, අනෙක් සියලූ දෙනා ම මේ ආවර්ජනයට අඩංගු කරගෙන තමයි, කතා කරන්නේ. අපේ අලූත් පරපුරේ නංගිලා, මල්ලිලා ශිෂ්‍ය ව්‍යාපාරය වේගයෙන් ගොඩනඟමින් යනවා. අලූත් පරපුරට තමන්ගේ පරපුරේ කීර්තිමත් නායකයන්ගේ අත්දැකීම් එකතු කර ගන්නා අදහසින් තමයි, සත්‍යපාල වන්නිගම සහෝදරයා ගැන කතා කරන්නේ. සත්‍යපාල වන්නිගම සහෝදරයාගෙන් අත්දැකීම් ගොඩක් ගන්න පුළුවන්කම තියෙනවා. වන්නිගම සහෝදරයා අපි කවුරුත් දන්නවා, අඟුණකොළපැලැස්සේ, දඹරැුල්ල ප‍්‍රදේශයේ ඉපදිච්ච අපේ පන්තියේ කෙනෙක්. දක්‍ෂ නිසා ඔහු ඉගෙන ගත්තා. දඹරැුල්ල විදුහලේ මූලික අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා දර්ශනය පිළිබඳ උපාධිය ලබා ගත්තා. පස්සේ ඔහු රුහුණු විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ කථිකාචාර්යවරයකු හැටියට පත් වුණා. එහෙ ම උගන්වමින් ඉන්න වෙලාවේ තමයි, 1987 අපි විශ්වාස කරන විදියට අම්මා බලන්න ගෙදර යන වෙලාවක අත්අඩංගුවට අරගෙන එවකට තිබිච්ච ආණ්ඩුවේ පොලීසිය විසින් 1988 ජනවාරි මාසයේ මේ වගේ දවසක මරා දැම්මේ. ඒ කෙටි ජීවිත කාලය තුළ තමයි, අපට ඔහු සමරන්න බල කෙරෙන නොමැකෙන මතක සටහන් තබා තියෙන්නේ. වන්නිගම සහෝදරයා පිළිබඳව කතා කරන්න විශේෂ කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි, ඔහු ඉපදිලා, ඉස්කෝලේ ගිහිල්ලා, විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා, උපාධියත් අරගෙන උගන්වලා නිකම් ම මැරිලා ගිය කෙනෙක් නොවෙයි. ඔහුගේ මරණය සාමාන්‍ය ඝාතනයක් නොවෙයි. ඒක වධ දී මරා දමපු සිදුවීමක්. ඔහු කිසියම් දේශපාලනයක් විශ්වාස කළා. ඒ දේශපාලනය තුළ කි‍්‍රයා කළා. එම දේශපාලන කි‍්‍රයාකාරීත්වය අප රටේ සතුරන්ට අභියෝගයක් වුණා. ඒ නිසා සතුරන් තීරණය කළා මොහු ඝාතනය කරන්න. කෙනෙකු ඝාතනය කරනවා කියන්නේ සතුරන්ගේ ශක්තිය නොවෙයි, දුබලකම. සතුරා දුබල නිසා සතුරා තීරණය කළා පරාජයට පත් කරන්න බැරි වන්නිගම සහෝදරයා ඝාතනය කරන්න. වන්නිගම සහෝදරයාට දේශපාලනය පැත්තක තියලා ටිකක් සැපවත් ජීවිතයක් ගත කරන්න තිබුණා. වන්නිගම සහෝදරයා සැපවත් ජීවිතය ගැන සිහින මවනවා වෙනුවට තමන් ජීවත් වන ගම ගැන හිතලා, දිස්ති‍්‍රක්කය ගැන හිතලා, පන්තිය ගැන හිතලා, පන්තියේ ජනතාවට ඇත්ත නිදහස, ඇත්ත විමුක්තිය ගෙනෙන්න දේශපාලන ව්‍යාපාරයක් ඕනෑ කියලා හිතලා දේශපාලන ව්‍යාපාරය තුළ සකී‍්‍රය දායකත්වය සපයන කෙනෙකු බවට පත් වුණා. තමන්ගේ දැනුම පෞද්ගලික පරමාර්ථ වෙනුවෙන් යොදා ගන්නවා වෙනුවට තමන්ගේ හැකියාවන් තමන්ගේ පෞද්ගලික ජීවිතය ගොඩනඟා ගැනීමට පාවිච්චි කරනවා වෙනුවට තමන්ගේ දැනුම, තමන්ගේ හැකියාව මේ දේශපාලන ව්‍යාපාරය, ජනතා විමුක්ති පෙරමුණේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැප කළ, පාවිච්චි කරපු කෙනෙකු තමයි, සත්‍යපාල වන්නිගම සහෝදරයා. ඇත්තට ම ඔහු අපේ පක්‍ෂයට සම්බන්ධ වෙලා තියෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු වශයෙන් ඉඳිද්දී. ’71 අරගලය වෙලාවෙත් ඔහුගේ දායකත්වය ලැබිලා තියෙනවා. ඒ නිසා ඔහු අත්අඩංගුවෙත් ඉන්නවා. බොහෝ දෙනෙකු පැත්ත හොයා ගන්න බැරිව එහාට මෙහාට වෙද්දී, වන්නිගම සහෝදරයා තමන්ගේ මඟ හරියට ම හොයාගෙන ජනතා විමුක්ති පෙරමුණ සමඟ නොසැලී සිටියා. ඉන් පසු තමයි, ඔහු උපාධිය සම්පූර්ණ කරලා කථිකාචාර්යවරයකු ලෙස රුහුණු විශ්වවිද්‍යාලයට එන්නේ. ඒ කාලෙ ම ’77 ශිෂ්‍ය තහනම ඉවත් වෙලා පක්‍ෂය ප‍්‍රසිද්ධ දේශපාලන වැඩ පටන් ගන්න කොට සත්‍යපාල වන්නිගම සහෝදරයා එහි විශාල වැඩ කොටසක් ඉටු කළා. සත්‍යපාල වන්නිගම සහෝදරයා ඇත්තට ම දක්‍ෂ කථිකයෙක්. මං හිතන්නේ ඔහු බොහෝ විට මේ ප‍්‍රදේශයේ මැතිවරණ වේදිකාවල කතා කරපු දක්‍ෂ කථිකයෙක්. කරුණු පැහැදිලි කිරීමේ හැකියාව ඔහුට තිබුණා ලියනාරච්චි සහෝදරයාට වගේ. අනෙක් අතින් සත්‍යපාල වන්නිගම සහෝදරයා දක්‍ෂ ලේඛකයෙක්. හොඳට ලියන්න පුළුවන්. ’88ට කලින් මර්දනය පටන් ගන්න කොට ම දිස්ති‍්‍රක්කයේ අපේ හොඳ ම සහෝදරයෙකු මරා දැමුවා ආණ්ඩුව විසින් තල්පාවිල ධර්මේ සහෝදරයා කියලා. මේ මරණය පිළිබඳව ඒ කාලයේ ජාතික පුවත් පතක ලිපියක් පළ වුණා. ඒ ලිපිය ඉතාමත් සාහිත්‍යමය ලිපියක්. පක්‍ෂයෙන් අපි ඇහුවා ම කවු ද මෙය ලියුවේ කියලා අපට කිව්වා, මේ ලිපිය ලිව්වේ සත්‍යපාල වන්නිගම සහෝදරයා කියලා. ඉතාමත් හැඟීම්බර විදියට ධර්මේ සහෝදරයා ගැන ඉතා අගනා ලිපියක් ඔහු රචනා කරලා තිබුණා. චිත‍්‍ර අඳින්න, සංගීතය වගේ කලා හැකියාවන් තිබිච්ච කෙනෙක්. අපි අහලා තියෙනවා, ඒ දවස්වල ගමේ වේදිකා නාට්‍ය හදලා පෙන්නුවා කියලා. ඒ නිසා ඔහු හැකියාවන් ගොඩක් එකතු වුණු කෙනෙක්. 1977න් පස්සේ අපේ පක්‍ෂයට උගතුන්, බුද්ධිමතුන් නියෝජනය කරන ක්‍ෂේත‍්‍රයේ ගොඩක් සිටියේ නෑ. ඒ අතුරින් කෙනෙකු තමයි, සත්‍යපාල සහෝදරයා. මට මතකයි, ඔය ජයවර්ධන මහත්තයාගේ මර්දනකාරී පාලනය තුළ ඒ මර්දනකාරීත්වයට එරෙහිව අපේ පක්‍ෂය එකතු වෙලා බහුජන සංවිධානයක් ගොඩනැඟුවා ‘මානව හිමිකම් සුරැුකීමේ සංවිධානය’ කියලා. මෙම සංවිධානයේ විශාල කාර්යභාරයක් සත්‍යපාල වන්නිගම සහෝදරයා ඉටු කළා. මෙම සංවිධානයේ මාතර දිස්ති‍්‍රක් සංවිධායක වශයෙන් වැඩ කළේ ඔහුයි. ඉතින්, මේ විදියට පක්‍ෂය පැවරූ වැඩකටයුතු ගණනාවක් ම තමන්ගේ ඉගෙනීමේ කාලය තුළ ම කර ගන්න ඔහු ඉතා හොඳින් සමත් වුණා. අප දන්නවා, ඔහු බුද්ධිමතෙක්. ඔහු විෂය තෝරා ගත්තේ දර්ශනය. පශ්චාත් උපාධිය කරන්නෙත් දර්ශනය පිළිබඳව. පශ්චාත් උපාධියට ඔහු ලියුව පොතක් තියෙනවා. අපි ගාවත් පිටපතක් තිබුණා. ඒක වර්තමාන පරපුරට ඉතා වටිනා කෘතියක් කියවා තේරුම් ගන්න. ඒ නිසා ඔහු ගැඹුරු දැනුමක් සහිත කෙනෙකු ලෙස තමයි, තමන්ගේ වෘත්තීය කටයුතු කරමින් සිටියේ. අනෙක් පැත්තෙන් සත්‍යපාල වන්නිගම සහෝදරයා තනතුරු අපේක්‍ෂාවෙන් හිටිය කෙනෙකු නොවෙයි. මොක ද? මේ සම්බන්ධයෙන් උදාහරණ තියෙනවා, අපේ කිතුලේගොඩ සහෝදරයා කියුවේ ඔහු 1983 අපේ පක්‍ෂය තහනම් කිරීමෙන් පස්සේ ’84 විතර කාලයේ පක්‍ෂය තීන්දුවක් ගන්නවා රටේ උගතුන්, බුද්ධිමතුන් පක්‍ෂයේ වැඩවලට වැඩියෙන් සම්බන්ධ කර ගන්න. සාමාන්‍යයෙන් ඔබ අහලා ඇති අපේ පක්‍ෂයේ මධ්‍යම කමිටුවට එකතු වන්න පුළුවන්කම තියෙන්නේ පූර්ණකාලීන අයට විතරයි. නමුත්, වන්නිගම සහෝදරයා මධ්‍යම කමිටුවට සම්බන්ධ කර ගන්න යෝජනා කළාට පස්සේ ඔහු කියලා තියෙනවා, ”මම රැුකියාවක් කරමින් පක්‍ෂයේ වැඩ කරන නිසා මම ඒ වාගේ බැ?රුම් වගකීමක් භාර ගන්න එක හොඳ නෑ. ඒ නිසා මට කරන්න පුළුවන් උපරිම දේ කරන්න දෙන්න. මම පෝස්ටර් ගහන්නම්, කැන්වසින් යන්නම්, ඒ ජාතියේ ඒවා ඔක්කො ම කරන්නම්. ඒ නිසා මේ වගකීම භාර ගන්නේ නෑ.” කියලා. ඒ අනුව අපේ පක්‍ෂයේ හැමෝමත් වගේ ම සත්‍යපාල වන්නිගම සහෝදරයාත් තනතුරු වෙනුවට වැඩ කිරීමේ ගුණය පෙන්වපු කෙනෙක්. දේශපාලනය කරනවා වගේ ම සත්‍යපාල සහෝදරයා ගම අමතක කළේ නෑ. පවුල අමතක කළේ නෑ. රුහුණු විශ්වවිද්‍යාලයේ ඉගැන්නුවා. මාතර හිටියා වුණත් ලැබුණු සෑම විටෙක දී ම අම්මා බලන්න ගෙදර ආවා. අපි දන්න විදියට ඔහු අත්අඩංගුවට ගන්නෙත් අම්මා බලන්න ගෙදර ආපු වෙලාවක. ඒ වාගේ ම තමයි, ගමේ ළමයින්ට පන්ති දාලා නොමිලේ ඉංගී‍්‍රසි කියා දුන්නා. තමන්ගේ දැනුම විකුණනවා වෙනුවට තමන් ගාව තියා ගන්නවා වෙනුවට දැනුම ආභරණයක් කර ගන්නවා වෙනුවට දැනුම නැති අයට බෙදා දෙන්න, විශේෂයෙන් ගම්බද දුප්පත් දරුවන්ට දැනුම ලබා දීම සඳහා තමන්ට කරන්න පුළුවන් මෙහෙය කරපු කෙනෙක්. ඒ සඳහා ඔහුට ඔහුගේ ඥානයත් වාගේ ම ජනතා විමුක්ති පෙරමුණේ මඟපෙන්වීම ලැබුණා කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒ වාගේ ම තමයි, ඔහු ළමයින්ට ඉතාමත් ආදරය කරපු හොඳ ගුරුවරයෙක්. විශේෂයෙන් ම රුහුණු විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්ත හැම කෙනෙකු ම ඔහුට ආදරය කළා. ඔහු ඉතා ම නිහතමානී කෙනෙක්. ශිෂ්‍යයන්ගේ හා ආචාර්යවරුන්ගේ සමඟිය තියා ගන්න උත්සාහ කරපු කෙනෙක්. දැනට අපි දන්නවා විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයෝ අරගල කරනවා. ඒ අරගල එක්ක නොවෙයි, සමහර ආචාර්යවරුන් ඉන්නේ. අරගලයට අනික් පැත්තේ. නමුත්, වන්නිගම සහෝදරයා ශිෂ්‍යයන්ගේ පැත්තේ හිටියේ. ඒ නිසා ශිෂ්‍යයන්ගේ බොහෝ ආදරයත්, ගෞරවයත් ඔහුට තිබුණා. ඒ නිසා ම තමයි, අපි අහලා තියෙනවා සත්‍යපාල වන්නිගම සහෝදරයා අත්අඩංගුවට ගත්ත වෙලාවේ දී ශිෂ්‍යයෝ විශාල අරගලයක් කරලා තියෙනවා. ඔහුව නිදහස් කර ගන්න. ඔහුව මරලා දැම්මාට පස්සේ ශිෂ්‍යයෝ ඒ වෙලාවේ ම රුහුණු විශ්වවිද්‍යාලය නම් කළා ‘සත්‍යපාල වන්නිගම සරසවිය’ කියලා. ඒ නිසා වන්නිගම සහෝදරයා කියන්නේ දේශපාලන පැත්තෙන් ගත්තත්, අධ්‍යාපනය පැත්තෙන් ගත්තත්, දැනුම පැත්තෙන් ගත්තත්, කොයි පැත්තෙන් ගත්තත් තමන්ගේ කාර්යභාරය හොඳටම කරපු, මනුස්සකම හිතේ තිබිච්ච හොඳ කෙනෙක්. ඒ නිසා අපි දකින්න ඕනෑ දේ තමයි, කෙනෙකුට දැනුම ගොඩක් තියෙන කෙනෙකු වෙන්න අමාරු නෑ. එහෙ ම කෙනෙකු වෙන්න පුළුවන්. උගතෙක් වෙන්න පුළුවන්. බුද්ධිමතකු වෙන්න පුළුවන්. තනතුරු දරන්න පුළුවන්. දේශපාලනය කරන්න පුළුවන්. හැබැයි, ඒ ඔක්කොට ම කලින් හොඳ මිනිහෙක් වෙන්න ඕනෑ. හොඳ මිනිහෙක් වෙන්නෙ නැති කාට මොනවා පැළැන්දුවත් ඒකෙන් ඇති වැඩක් නෑ. ඒ නිසා ම අපි හැමෝ ම මේ තරුණ පරපුර, නංගිලා, මල්ලිලා, අපේ ශිෂ්‍ය ව්‍යාපාරය සත්‍යපාල වන්නිගම සහෝදරයාගෙන් ගත යුතු ප‍්‍රධාන ආදර්ශය තමයි, අපි විප්ලවවාදියකු, කොමියුනිස්ට්වාදියකු, ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු, ශිෂ්‍ය ව්‍යාපාරයේ සාමාජිකයකු වෙන්න කලින් හොඳ මිනිහෙක් වෙන්න ඕනෑ. හොඳ මනුස්සයකු වෙන්න ඕනෑ. අවංක, නිහතමානී හොඳ මනුස්සයකු වෙන්න ඕනෑ. අපි කාටත් විශේෂයෙන් ම ගත්තොත්, අපේ රටේ තරුණ පරපුර හොඳ මිනිසුන් වීම අනිවාර්යයි. අපි වන්නිගම සහෝදරයාට ගරු කරනවා නම්, පටන් ගන්න ඕනෑ මොකෙන් ද හොඳ කෙනෙකු වෙලා, නිහතමානී කෙනෙකු වෙලා, ගම අමතක නොකරන කෙනෙකු, මුල අමතක නොකරන කෙනෙකු වෙලයි ඒක කරන්න පුළුවන්. තමන් උපයා ගත්තු දේ පෞද්ගලික අරමුණුවලට පාවිච්චි නොකරන කෙනෙකු වෙලා, සමාජය ගැන සිතන, අවබෝධයක් සහිතව ජීවත් වන කෙනෙකු වෙලා ඒක කරන්න පුළුවන්. ඔහුට සැබෑ ලෙස ම ගෞරව කළා වෙන්නේ; ඔහුට ආචාර කළා වෙන්නේ අපි එහෙ ම ආදර්ශවත් වුණොත් විතරයි.


මහින්ද ගැන ඩිලන්ත වමාරයි

2017-01-15     (ප්‍රියදර්ශන දයාරත්න)

අලූත්ගම දී මුස්ලිම් ජනතාව ඉලක්ක කරමින් ප‍්‍රහාර දියත් කරන ලද්දේ මේ වන විට ද මහින්ද රාජපක්‍ෂ සමඟ කටයුතු කරන පිරිසක් බව ඩිලන්ත විතානගේ විසින් බී.බී.සී. ‘සන්දේශය’ට හෙළි කර තිබේ. මුස්ලිම් ජනතාවට එරෙහිව අන්තවාදී මත පළ කරමින්, පසුව අලූත්ගම සහ වෙනත් ප‍්‍රදේශ කිහිපයක දී ප‍්‍රහාර දියත් කළ අන්තවාදී සංවිධාන කිහිපයක් රාජපක්‍ෂ පාලන සමයේ කි‍්‍රයාත්මක විය. ඩිලන්ත විතානගේ නම් පුද්ගලයා ඒ අතර තිබෙන ‘බොදු බල සේනා’ සංවිධානයේ විධායක නිලධාරි වශයෙන් පෙනී සිටිමින්, මහින්ද රාජපක්‍ෂට එරෙහිව මෙම ප‍්‍රකාශය කර තිබේ. මහින්ද රාජපක්‍ෂ ඇතුළු රාජපක්‍ෂවරුන් සහ මෙම අන්තවාදීන් අතර කිසියම් ගැටුමක් මෑත දී ඇතිව වර්ධනය වී පසුගිය දෙසැම්බර් 29 වැනිදා මහින්ද රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා විදෙස් මාධ්‍ය වාර්තාකරුවන් හමුවේ කරන ලද ප‍්‍රකාශකයකින් ගැටුම පුපුරා ගොස් තිබිණි. බොදු බල සේනා සංවිධානය හා චම්පික රණවක එක්සත් ජාතික පක්‍ෂය සමඟ එක් වී කටයුතු කළ නිසා තමා පරාජය වූ බව මහින්ද රාජපක්‍ෂ චෝදනා කර තිබිණි. එම චෝදනාවට වහා ම ප‍්‍රතිචාර දක්වමින් ඩිලන්ත විතානගේ ප‍්‍රකාශ කර තිබුණේ 2015 ජනාධිපතිවරණයේ දී තම සංවිධානය මහින්ද රාජපක්‍ෂගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කි‍්‍රයා කළ බව ය. ”ඒ ඉතිහාසය හිටපු ජනාධිපතිතුමාට සම්බන්ධ කවුරුනුත් දන්නවා” යනුවෙන් පිළිතුරු දී තිබිණි. වැඩි දුරටත් පැහැදිලි කර තිබුණේ, ”මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමා, දැන් ඔහු වටා සිටින පුද්ගලයන්ගේ කීම් අනුව එවැනි ප‍්‍රකාශ කරනවා. අපි ඒ ගැන කනගාටු වෙනවා” යනුවෙන් ය. ”ඔවුන්ගේ ගෝලයෝ දැනුත් එකට ඉන්න දැනුත් අපට විරුද්ධව කතා හදන කණ්ඩායමක් තමයි, ඒ පහර දීම කළේ කියලා අපට සාක්‍ෂි තිබෙනවා” යැයි බරපතල හෙළි කිරීම් ඩිලන්ත විතානගේ කර තිබිණි.


ඩොලර් බිලියන 1.5ක ඔටුන්නක් රවිට

2017-01-15     (ඉන්ද්‍රසිරි ජයසුන්දර)

ආසියා - පැසිෆික් කලාපයේ හොඳ ම මුදල් ඇමති වශයෙන් රවි කරුණානායකව ලන්ඩන් නුවර පළ වන ‘ද බෑන්කර්’ නම් සඟරාව විසින් නම් කර ඇති බව මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවිය, රජයේ නිල වෙබ් අඩවිය උපුටා ගනිමින්, අනෙකුත් මාධ්‍ය මඟින් හෙළි කර තිබිණි. මෙසේ නම් කිරීමට ප‍්‍රධාන හේතුව වශයෙන් දක්වා තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් කෝටි 150ක ණය මුදලක් ලබා ගැනීමට සමත් වීම ය. මෙම සඟරාව පවසා සිටින්නේ ”අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ ණය ලබා ගැනීමට සමත් වූ බවයි.” යනුවෙන් සටහන් තබා තිබේ. එයට අමතරව තිබූ අනෙක් විශේෂ ම හේතුව වී තිබුණේ ඉහළ බදු ආදායමක් ලබා ගැනීමට සමත් වීමයි. ”රජය මත යැපීමට බලා නොසිට සියලූ පුරවැසියන් යම් බදු ගෙවීමක් කළ යුතු බව එමඟින් අවධාරණය කරන ලද බව සඟරාව සඳහන් කරයි.” යනුවෙන් විස්තර කර තිබිණි. මෙම සඟරාව පවසා සිටින්නේ ”අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ ණය ලබා ගැනීමට සමත් වූ බවයි.” යනුවෙන් සටහන් තබා තිබේ. එයට අමතරව තිබූ අනෙක් විශේෂ ම හේතුව වී තිබුණේ ඉහළ බදු ආදායමක් ලබා ගැනීමට සමත් වීමයි. ”රජය මත යැපීමට බලා නොසිට සියලූ පුරවැසියන් යම් බදු ගෙවීමක් කළ යුතු බව එමඟින් අවධාරණය කරන ලද බව සඟරාව සඳහන් කරයි.” යනුවෙන් විස්තර කර තිබිණි.


ලොතරැයි අලෙවි නියෝජිතයෝ යළිත් සටනට

2017-01-15     (කිත්සිරි කොඩිතුවක්කු)

සියලූ ම ලොතරැයිපත්වල මිල රුපියල් 10.00කින් ඉහළ නැංවීමට සාපේක්‍ෂව තම කොමිස් මුදල වැඩි නොකිරීමට එරෙහිව පසුගිය 03 වැනිදා දිවයින පුරා ලොතරැුයි අලෙවි නියෝජිතයෝ ලොතරැුයි අලෙවියෙන් ඉවත් වූහ. ඒ අනුව දිවයිනෙහි ලොතරැුයි අලෙවිය මුළුමනින් ම බිඳවැටුණු අතර, එම කාලසීමාව තුළ සිදු වූ සමස්ත අලාභය රුපියල් මිලියන 400ක් පමණ වන බව වාර්තා වේ. ලොතරැුයි අලෙවි නියෝජිතයන් හා ජනාධිපතිතුමා අතර පසුගිය 05 වැනි දින පැවැත් වූ සාකච්ඡාවක දී දින තුනක් වැනි කාලයකින් මේ සඳහා විසැඳුමක් ලබා දෙන බවට ජනාධිපතිතුමන් විසින් පොරොන්දු දීමත් සමඟ වර්ජනය නිමාවට පත් විය. කෙසේ වුව ද, අදාළ කාලසීමාව ඉක්මවා සතියකට වැඩි කලක් ගතව තිබිය දී තම ගැටලූවට පිළිතුරක් නොමැති බවට ලොතරැයි අලෙවි නියෝජිතයෝ ප‍්‍රකාශ කර සිටිති.


පරිසර ඇමතිට නියඟය නෑ

2017-01-15     (ගයාන් රූපසිංහ)

මේ වන විට මධ්‍යම කඳුකරයේ දිය කඳුරු සහ දොළ පහරවල් සියල්ල වේගයෙන් සිඳී යමින් බරපතල නියඟයක් ඇති වීමේ පෙරනිමිති සියල්ල තිබුණ ද, ආණ්ඩුව එහි ප‍්‍රතිවිපාක අවමස කර ගැනීමේ කිසිදු වැඩපිළිවෙළක් ආරම්භ කර නැති බව පරිසරවේදීන්ගෙන් චෝදනා නැෙඟමින් තිබේ. පවතින දැඩි වියළි කාලගුණය නිසා සියලූ ම ගිනි තැබීම් සහ දහනයන් අවම කිරීම, දෛනික ජීවන කටයුතු සහ අනෙකුත් සියලූ කටයුතුවල දී ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිහරණය කිරීම මෙන් ම පොළොව මතුපිට තිබෙන දිරා යන කොළ රොඩු ඇතුළු ද්‍රව්‍යවලින් හිරු කිරණට පොළොව ආවරණය වන සේ පවත්වාගෙන යාම, ලඳු කැලෑ එළි නොකිරීම, නැවත මහ වැසි ඇරැුඹෙන තුරු කුමන හේතුවක් නිසාවත් අත්තක් හෝ කපා ඉවත් නොකරමින්, ගස් වැල් රැුක ගැනීම ආදී මූලික ආරක්‍ෂක පියවර පවතින බව ඔවුහු පෙන්වා දෙති. මේ සඳහා පුළුල් ප‍්‍රචාරයක් ලබා දෙමින්, ජනතාව දැනුම්වත් කිරීම පළමු සහ අත්‍යවශ්‍ය කටයුත්ත බව අවධාරණය කෙරේ. පුළුල් දැනුමක් සහිත මහජන සහභාගීත්වය නියඟයට මුහුණ දීමේ අත්‍යවශ්‍ය මූලික කොන්දේසිය වී තිබේ. මෙම කටයුතු අමතර පිරිවැයක් නොදරා සියලූ ජනමාධ්‍ය උපයෝගී කරගෙන කි‍්‍රයාත්මක කළ හැකි වුව ද, පරිසර ඇමති වශයෙන් ජනාධිපතිවරයා මේ කෙරෙහි අවාධානය යොමු නොකිරීම කනගාටුදායක බව ද පරිසරවේදීහු වැඩි දුරටත් පෙන්වා දෙති. නියඟයට පූර්ව සූදානම් වීමේ දී කිසිදු මූල්‍ය පිරිවැයක් නොදැරිය යුතු වුවත්, ආණ්ඩුව හැම විට ම මූල්‍ය පිරිවැයක් දරන කටයුතු කෙරෙහි පමණක් අවධානය යොමු කර ඇති බවට ඔවුහු චෝදනා කරති


ඊ.පී.එෆ්. මුදල් කොල්ලය හෙළිවේ

2017-01-15     (ඉන්ද්‍රසිරි ජයසුන්දර)

සේවක අර්ථසාධක අරමුදලේ (ඊ.පී.එෆ්.) මුදල් මහ බැංකු බැඳුම්කරවල ආයෝජනය කිරීමේ දී ප‍්‍රාථමික වෙළෙඳපොළෙන් මිල දී නොගෙන බැඳුම්කර වංචාවට සම්බන්ධ පර්පැචුවල් ටෙ‍්‍රෂරීස් තැරැුවුකාර සමාගම හරහා ලබා ගැනීම නිසා රුපියල් කෝටි 1,500ක අලාභයක් එම අරමුදලට සිදුව ඇති බව හෙළි වේ. ශී‍්‍ර ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය කළමනාකරණ අධීක්‍ෂණ මණ්ඩලය විසින් සකස් කරන ලද අභ්‍යන්තර වාර්තාවක් එම බැංකු අධිපති, ඉන්ද්‍රජිත් කුමරස්වාමි විසින් මුදල් මණ්ඩලයේ අවධානය සඳහා ලබා දී තිබිය දී මෙම තත්ත්වය හෙළි වී තිබේ. එම වාර්තාව අධිපතිවරයා විසින් ඉක්මනින් නැවත ලබාගෙන ඇත. පසුගිය 2015 ජනවාරි මස 01 වැනිදා සිට 2016 ජුනි මස 30 වැනිදා දක්වා අර්ථසාධක අරමුදල බැඳුම්කරවල ආයෝජනය කර තිබෙන මුළු මුදලින් සියයට 95ක් පමණ පර්පැචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම හෙවත් හිටපු මහ බැංකු අධිපතිවරයාගේ බෑනාගේ සමාගමෙන් ලබාගෙන තිබේ. මෙම කරුණු අනුව අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනයෙන් ලැබෙන ප‍්‍රතිලාභ පහළ වැටී එම ආයෝජනය පිළිබඳ විශ්වාසය බිඳවැටීමෙන් අරමුදල අනතුරුදායක තත්ත්වයට පත්ව තිබේ. මෙම තත්ත්වය තුළ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකු අධිපතිවරයාට ලිපි තුනක් යොමු කරමින්, අරමුදලේ සුරක්‍ෂිතභාවයට අදාළ තොරතුරු අන්තර් සමාගම් සේවක සංගමය විසින් ඉල්ලා ඇත. තුන්වැනි වර යවන ලද ලිපියෙන් අර්ථසාධක මුදල් බැඳුම්කරවල යෙදැවීම පිළිබඳ වැදගත් තොරතුරු කීපයක් ලබන 18 වැනි දිනට පෙර ලබා දෙන ලෙස ඉල්ලා ඇති අතර, එම තොරතුරු ලබා නොදුණහොත්, මහ බැංකුවේ වංචනික කි‍්‍රයාවලියට විරුද්ධව අඛණ්ඩ විරෝධතාවයක් අරඹන බවට අනතුරු ඇඟවීමක් ද කර තිබේ. ඉල්ලා ඇති තොරතුරු අතර, 2015 ජනවාරි මස 01 වැනි දින සිට 2016 ජුනි මස 30 වැනි දින දක්වා කාලය තුළ සේවක අර්ථසාධක අරමුදල බැඳුම්කර ද්වීතියික වෙළෙඳපොළෙන් ලබාගෙන තිබෙන බැඳුම්කර ආයෝජන ප‍්‍රමාණය කොපමණ ද සහ ද්විතීයික වෙළෙඳපොළෙන් ලැබෙන පොලී අනුපාතිකයන් සහ සෘජුව ම වෙන්දේසියෙන් මිල දී ගත්තේ නම්, ලැබීමට නියමිත වූ පොලී අනුපාතය කොපමණ දැයි යන කරුණු වේ. අර්ථසාධක අරමුදලේ මුදල්වලින් සියයට 92.7ක් ආයෝජනය කර තිබෙන්නේ භාණ්ඩාගාර බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත්වල ය. 2015 වර්ෂය අවසාන වන විට එම මුදල රුපියල් කෝටි එක්ලක්‍ෂ හතළිස්අට දහස් හත්සියය (රු. කෝටි 1,48,700*ක් ය. එවැනි අති විශාල ආයෝජනයක දී පොලිය දශම එකකින් අඩු වේ නම්, ලැබෙන ලාභය රුපියල් කෝටි 148කින් පහත වැටේ. මෙවැනි තත්ත්වයක් තුළ අර්ථසාධක අරමුදලට සෘජුව ම බැඳුම්කර වෙන්දේසියට සහභාගී වී ආයෝජන කළ හැකිව තිබිය දී වක‍්‍රව ද්විතීයික වෙළෙඳපොළෙන් බැඳුම්කර ගැනීම නිසා අති විශාල මූල්‍ය අලාභයක් සිදු වේ. මේ අතර පසුගිය මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ කොටස් වෙළෙඳපොළ ජාවාරම් කිරීම සඳහා අර්ථසාධක මුදල් රුපියල් කෝටි 9,660ක් යොදවා තිබිණි. මෙයින් අති විශාල මුදලක් සඳහා කිසිදු ප‍්‍රතිලාභයක් හිමි නොවී තිබෙන බව අනාවරණය වේ. ‘ශී‍්‍ර ලංකන් එයාර් ලයින්’ සමාගමේ කොටස් මිල දී ගැනීම සඳහා යොදවන ලද මුදල්වලට කිසිදු ප‍්‍රතිලාභයක් හිමිව නොතිබීම උදාහරණයක් ය.


මිනින්දෝරු දෙපාර්තමේන්තුවත් ඈවර කරයි

2017-01-15     (චතුර දිසානායක)

වසර දෙසීයකටත් වඩා පැරණි ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කටයුතු ‘ටි‍්‍රම්බල්’ නම් ඇමරිකානු සමාගමක් වෙත පැවරීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ. රුපියල් මිලියන 25,500කට මෙසේ මැනුම් කටයුතු බදු දීමට තීරණය කර ඇත්තේ දැනට මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් එම කටයුත්ත රුපියල් මිලියන 2,360ක මුදලකට කළ හැකිව තිබිය දී බව එහි සේවකයෝ පවසති. මේ වන විට මිනින්දෝරු දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි මිනින්දෝරුවන් 700ක් පමණ සේවය කරන අතර, ඊට අමතරව තවත් ලියාපදිංචි මිනින්දෝරුවන් 1,300ක පමණ පිරිසක් මෙරට සිටින බව ද වාර්තා වේ. එසේම වෙනත් සේවකයෝ 2,500ක පමණ පිරිසක් ද මිනින්දෝරු දෙපාර්තමේන්තුව සතුව සිටිති. ඇමරිකානු සමාගම මෙම කටයුත්ත සිදු කරන්නේ ද මෙම සේවකයන් ලවාම වීම විශේෂත්වයකි. කෙසේ වුවත් මෙම තීරණය සම්බන්ධයෙන් ආර්ථික කමිටුවේ අනුමැතිය මේ වන විට ලැබී ඇති අතර, කැබිනට් අනුමැතිය හෝ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා නොගෙනම මෙය ක‍්‍රියාත්මක කිරීමට සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් සඳහන් කරයි.


‘උමා’ට මෛතී‍්‍ර බහ දෙයි

2017-01-15     (ප්‍රියදර්ශන දයාරත්න)

උමා ඔය ව්‍යාපෘතිය නිසා ගිලා බැසීම්වලට ලක් වී තිබෙන බණ්ඩාරවෙල සහ ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පවුල් 3,870ක ජනතාව වෙනුවෙන් සහන සැලැසීමේ කටයුතු සඳහා වූ ‘වචන’වලට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. මහවැලි සංවර්ධන සහ පරිසර ඇමති වශයෙන් ජනාධිපති, මෛතී‍්‍රපාල සිරිසේන විසින් සහන සැලැසීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට පසුගිය 10 වැනිදා ඉදිරිපත් කර තිබේ. රජයේ නිල වෙබ් අඩවියේ කැබිනට් තීරණ සම්බන්ධයෙන් පළ කරන නිල නිවේදනයේ අදාළ යෝජනාව පිළිබඳ සඳහන් කර තිබිණි. එහි සිරස්තලය ලෙස ‘උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප‍්‍රධාන උමෙඟ් ඇති වූ ජල කාන්දුව නිසා බලපෑමට ලක් වූ නිවාස හිමියන්ට හදිසි ආපදා තත්ත්වය යටතේ සහන සැලැසීම” යනුවෙන් සඳහන් කර තිබේ.


මෛතී‍්‍රගේ අරමුණට චන්ද්‍රිකා බාධා කරයි

2017-01-15     (ලංකා මාරසිංහ )

මී ළඟ ජනාධිපතිවරණය සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයා වශයෙන් එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව විසින් වර්තමාන ජනාධිපතිවරයා ම නම් කිරීමට විරෝධය පළ කරමින්, හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා කුමාරතුංග මාධ්‍ය හමුවක දී අදහස් දැක්වීම නිසා තවත් ගැටීමක් ඇතිව තිබේ. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව එම තීරණය ගන්නා ලද බව දුමින්ද දිසානායක හෙළි කළ පසු හිටපු ජනාධිපතිවරිය ප‍්‍රකාශ කර තිබුණේ ”ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය එහෙ ම තීරණයක් ගෙන නැහැ. එක එක්කෙනා එක එක කතා කියනවා.” යනුවෙනි. චන්ද්‍රිකා මාධ්‍ය හමුවක් පවත්වමින්, කරන ලද මෙම ප‍්‍රකාශයෙන් පසුව ඇමති, එස්. බී. දිසානායක, දයාසිරි ජයසේකර, විජිතමුණි සොයිසා යන ඇමතිවරුන් ප‍්‍රසිද්ධියේ අවධාරණය කර තිබුණේ මී ළඟ ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස මෛතී‍්‍රපාල සිරිසේන නම් කර තිබෙන බවත්, පක්‍ෂයේ තීරණය ඔහු පිළිගත යුතු බවත් ය. පසුගිය වසරේ නෙළා ගත් වී අස්වනුවලින් විශාල තොගයක් පෞද්ගලික ගබඩාවල සහ වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල තිබෙන අතර, විශාල සහල් තොගයක් ද එම දෙඅංශයේ ම තිබිය දී, සහල් කිලෝවක මිල රුපියල් සියයකට ළඟ වී තිබේ. වේගයෙන් ඉහළ යමින් පවතින හාල් මිල පාලනය කරමින්, ආහාර සුරක්‍ෂිතතාවය ඇති කිරීම සඳහා සහල් ආනයනය කිරීමේ අවසරය පෞද්ගලික අංශයට ලබා දීමට පසුගිය වසරේ දෙසැම්බර් 20 වැනි දින කැබිනට් මණ්ඩලය තීරණය කර තිබිණි. පවතින නියඟය හමුවේ ඇති විය හැකි දැඩි ආහාර හිඟයට මුහුණ දීම සඳහා කොළ වර්ග ආහාරයට ගැනීමේ යෝග්‍යතාවය පිළිබඳව කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරයා කරුණු ඉදිරිපත් කරන තරමට තත්ත්වය බරපතල ව තිබිය දී, මෙම සහල් තොගය අතුරුදහන් වීම පිළිබඳව තොරතුරු හෙළි වී තිබේ. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ලංකා සතොස පවතින අතර, රිෂාඞ් බදියුදීන් එහි ඇමතිවරයා ය.


ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් හාල් නැවක් ගිලී

2017-01-15     (ඉන්ද්‍රසිරි ජයසුන්දර)

ලංකා සතොස මඟින් ආනයනය කර තිබූ නාඩු සහල් මෙටි‍්‍රක් ටොන් 29,239 (කිලෝ ග‍්‍රෑම් 2,92,39,000*ක තොගයක් 2015 නොවැම්බර් මස අතුරුදහන් වී ඇති බව විගණන වාර්තාවලින් හෙළි වී තිබේ. වැඩි දුරටත් හෙළි වන්නේ මෙම ආනයනික සහල් කිලෝවක් සඳහා පිරිවැය රුපියල් 105.00ක් පමණ වූ ඉහළ මිලක් දරා තිබූ බවයි. වරාය ගාස්තු, ගබඩා ගාස්තු, විදුලිය, සේවක වැටුප්, සහල් ආනයනය සඳහා ලබා ගත් බැංකු ණය සඳහා පොලී ගෙවීම් ආදී විවිධ වියදම් රැුසක් එකතු වී මෙම මිල තීරණය වී තිබෙන බව හෙළි කර තිබේ. මේ අනුව අතුරුදහන් වූ සහල් තොගයේ මුළු වටිනාකම රුපියල් කෝටි 307 (රුපියල් තුන්සියහත් කෝටි අනූපන් දහස*ක් වී තිබේ. (රුපියල් 105×කිලෝ 2,92,39,000* සහල් තොගය අතුරුදහන් වීම හවුල් ආණ්ඩුව බලයට පත් වූ 2015 අගෝස්තු මහා මැතිවරණයෙන් මාස තුනකට පසුව සිදු වී තිබීම විශේෂත්වයක් ය. පසුගිය වසරේ නෙළා ගත් වී අස්වනුවලින් විශාල තොගයක් පෞද්ගලික ගබඩාවල සහ වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල තිබෙන අතර, විශාල සහල් තොගයක් ද එම දෙඅංශයේ ම තිබිය දී, සහල් කිලෝවක මිල රුපියල් සියයකට ළඟ වී තිබේ. වේගයෙන් ඉහළ යමින් පවතින හාල් මිල පාලනය කරමින්, ආහාර සුරක්‍ෂිතතාවය ඇති කිරීම සඳහා සහල් ආනයනය කිරීමේ අවසරය පෞද්ගලික අංශයට ලබා දීමට පසුගිය වසරේ දෙසැම්බර් 20 වැනි දින කැබිනට් මණ්ඩලය තීරණය කර තිබිණි. පවතින නියඟය හමුවේ ඇති විය හැකි දැඩි ආහාර හිඟයට මුහුණ දීම සඳහා කොළ වර්ග ආහාරයට ගැනීමේ යෝග්‍යතාවය පිළිබඳව කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරයා කරුණු ඉදිරිපත් කරන තරමට තත්ත්වය බරපතල ව තිබිය දී, මෙම සහල් තොගය අතුරුදහන් වීම පිළිබඳව තොරතුරු හෙළි වී තිබේ. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ලංකා සතොස පවතින අතර, රිෂාඞ් බදියුදීන් එහි ඇමතිවරයා ය.


ලේලිය නිසා රාජිත බොරු නීති පනවයි

2017-01-08     (ප්‍රියදර්ශන දයාරත්න)

උදරයේ කුඩා ශල්‍යකර්මයක් කිරීම සඳහා මාලබේ නෙවිල් ප‍්‍රනාන්දු පෞද්ගලික රෝහලට ඇතුළත් කළ කාන්තාවක එම රෝහලේ නොසැලැකිලිමත්කම නිසා මිය යාමෙන් පසුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති, රාජිත සේනාරත්න බොරු නීතියක් පිළිබඳව ප‍්‍රචාරය කරමින් සිටී. ඇමතිවරයා මාධ්‍යයට ප‍්‍රකාශ කර තිබුණේ පෞද්ගලික රෝහල්වලින් කරන සැත්කමකින් පසුව අදාළ වෛද්‍යවරුන් පැයක් රෝගියා අසල සිටිය යුතු බවට නීතියක් පනවන බවයි. මෙය කිසිසේත් කි‍්‍රයාත්මක කළ නොහැකි නීතියක් බව ද ඒ පිළිබඳව බොහෝ පෞද්ගලික රෝහල්වලින් අමාත්‍යාංශයට විරෝධයන් රැුසක් ලැබී ඇති බව ද හෙළි වේ. මේ අතර තව දුරටත් අමාත්‍යාංශයේ ආරංචිවලින් හෙළි වන්නේ ඇමතිවරයාගේ මෙම ප‍්‍රකාශය එවැනි නීති පැනවීම ඉලක්ක කර ගනිමින් කරන ලදැයි විශ්වාස නොකරන බව ය. රාජිත ඇමතිවරයාගේ ලේලිය ඉගෙන ගනිමින් සිටින සයිටම් ආයතනයට අයත් නෙවිල් ප‍්‍රනාන්දු රෝහල කෙරෙහි මහජන විරෝධය එල්ල වීම වළක්වා ගැනීමේ උපක‍්‍රමයක් වශයෙන් මෙම ප‍්‍රකාශය කරන්නට ඇති බව බොහෝ දෙනාගේ මතය වන්නේ යැයි වාර්තා වේ.


විසිපන්දහසේ දඩය පොලිස්පති කඩිනම් කරයි

2017-01-08     (අසේල සිංහපුර )

රථ වාහන වැරදි කිහිපයකට අදාළව අයවැයෙන් යෝජිත රුපියල් විසිපන්දහසේ දඩය ක‍්‍රියාත්මක කිරීම කඩිනමින් සිදු කිරීමට අපේක්ෂා කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසයි. ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මේ වනවිට සිදු කරන සාකච්ඡා අවසන් වීමෙන් පසුව තරාතිරම නොබලා එය ක‍්‍රියාත්මක කරන බවයි. පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළේ නව වසර වෙනුවෙන් රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට පොලිස් මූලස්ථානයේ පසුගිය 02 වන දින එක්වෙමිනි. එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ එම දඩ මුදල් ක‍්‍රමවේදය අත්‍යවශ්‍ය බවයි. හුදෙක් වැරදි කරන අයට මෙම දඩ මුදල ක‍්‍රියාත්මක වන අතර අනෙක් නීති ගරුක පිරිසට ඉන් කිසිඳු කරදරයක් සිදු නොවන බව පොලිස්පතිවරයා මෙහිදී පැවසීය. එසේම පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ නීතිය තදින් ක‍්‍රියාත්මක කිරීමට සියලූ නිලධාරීන් කටයුතු කළ යුතු බවයි.


ලංකා පුවතට සභාපති බියවෙයි

2017-01-08     (ඩී.අැල්කඩුව)

මාතලේ විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපතිවරයා සිදු කර ඇති දූෂණ - වංචා පිළිබදව පසුගිය ‘ලංකා’ පුවත්පතෙන් හෙළිදරව් වීම නිසා බියට පත්ව සිටින ඔහු තමා වසර 5 කට නීත්‍යානුකූලව බදු ලබාගෙන සිටින කෝප් චැනල් සෙන්ටර් ආයතනය නියමිත ටෙන්ඩර් පටිපාටියෙන්ද බැහැරව හොරෙන්ම වෙනත් පුද්ගලයෙකුට අතුරු බදු දීමට කටයුතු කරමින් සිටී. පුවත්පත් දැන්වීම් පළ කර ගැසට් කර ටෙන්ඩර් කැ`දවා බදු දිය යුතු වුවද අදාළ පුවතින් එහි නීතිවිරෝධී බව හෙළිදරව් වීමෙන් පසු මේ වෙනස් කිරීම සිදු කරන බව පැවසේ. එමෙන්ම සමිතියේ ¥ෂණ හෙළිදරව් කිරීම ගැන ‘ලංකා’ පුවත්පතට සිය ස්තුතිය ප‍්‍රකාශ කරති.


තවත් ගල් අගුරු මගඩියක් එළියට

2017-01-08     (ඒස්.කේ ගමගේ)

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මගින් ගල් අ`ගුරු මිලදී ගැනීමේදී සිදුව ඇති දූෂිත ගනුදෙනු පිළිබඳ සවිස්තර වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබියදී එම ගිවිසුම යටතේම නැවත ගල් අ`ගුරු තොගයක් ගෙන්වීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. විගණකාධිපති වාර්තාව නොතකා මෙම ගල් අ`ගුරු තොගය ආනයනය කළහොත් ඒ මගින් මිලියන 4,000 ක පාඩුවක් රටට සිදුවිය හැකි බවට තොරතුරු වාර්තා වෙයි.


වරාය විකිණීමේ මගඩි එළියට

2017-01-08     (ප්‍රියදර්ශන දයාරත්න)

හම්බන්තොට වරාය ‘චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්’ නම් සමාගමට විකුණා දැමීමේ පූර්ව සැලැසුම්වල දී ලේකම්වරුන්ගේ කමිටුව වරාය හා නාවික ඇමතිවරයාගේ ලිඛිත උපදෙස් පවා නොතකා හැර කටයුතු කිරීමෙන් බරපතල අලාභ රැසක් සිදු වී තිබෙන බව අනාවරණය වේ. ලේකම්වරුන්ගේ කමිටුවට වරාය අමාත්‍යාංශයේ ලේකම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සහ විශේෂ කාර්යභාර අමාත්‍යාංශයේ ලේකම් යන නිලධාරීහු අයත් වෙති. මෙයට අමතරව අදාළ සාකච්ඡුා සඳහා අගමැතිවරයාගේ ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක, ආර්. පාස්කරලිංගම් ද සහභාගී වී තිබීම විශේෂිත ය. වරාය විකිණීමේ මිල ගණන් ඇමෙරිකන් ඩොලර් කෝටි 112ක් දක්වා ඉහළ නැංවීමේ හැකියාව තිබිය දී ඩොලර් 108කට විකිණීමට සූදානම් වීම, කල්බදු ගිවිසුම වසර 15කට පසු සෑම වසර පහකට වරක් සංශෝධනය කිරීම, මූලික ගිවිසුම වසර 99කට පසු යළිත් වසර 99ක් දක්වා දීර්ඝ නොකර සිටීම සහ හම්බන්තොට වරායේ සිට කිලෝ මීටර් 200ක් අවට ප‍්‍රදේශ ශී‍්‍ර ලංකා රජයට හෝ ඒ යටතේ පෞද්ගලික සමාගමකට හෝ සංවර්ධනය කළ නොහැකි ය යන කොන්දේසිය පනවා තිබීම ආදිය ලංකාවට වාසිදායක ලෙස සංශෝධනය කර ගත හැකිව තිබූ බව හෙළි වේ. ගිවිසුම පිළිබඳ අවසාන සාකච්ඡුාව ශී‍්‍ර ලංකා වරාය සංවර්ධන අධිකාරිය සහ චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග් සමාගම අතර පැවැත්විය යුතුව තිබූ බවත්, නමුත්, එය මඟහැර ලේකම්වරුන්ගේ කමිටුව අතට ගෙන ඇති බවත් හෙළි වේ. මෙම තත්ත්වයන්ට විරෝධය පළ කරමින්, ඇමතිවරයා ලේකම් කමිටුවට, අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා තිබේ.


ආර්ථික සුනාමියක අනතුරක් ළඟ

2017-01-08     (ඉන්ද්‍රසිරි ජයසුන්දර)

මෙම වසර ආරම්භයත් සමඟ රජයේ ණය ගැනීම් ඉහළ ප‍්‍රමාණයකට නැඟී රුපියල් මිලියන 31,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම, ආර්ථික වර්ධනය බිඳ වැටීම සහ විදේශ සංචිත ප‍්‍රමාණය පහත වැටීම පිළිබඳ සංඛ්‍යා දත්ත ඉදිරිපත් වී ඇත. දෙසැම්බර් මස 30 වැනි දින බැඳුම්කර නිකුත් කිරීමට නිල නිවේදනය පළ කර තිබූ අතර, ජනවාරි මස 04 වැනි දින ණය ලබාගෙන තිබිණි. මේ අතර මහ බැංකුව නිවේදනය කර තිබූ තවත් පති‍්‍රකාවකින් හෙළි වී තිබුණේ පසුගිය වසරේ තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 4.1ක් දක්වා පහත වැටී තිබූ බවයි. එය 2013 වසරේ තුන්වැනි කාර්තුවේ වර්ධන වේගය වූ සියයට 5.6ක් වූ වර්ධන වේගයේ සිට ඒකක 1.5ක ප‍්‍රමාණයකින් පහත වැටීමකි. මේ අනුව නව වසර ආරම්භයත් සමඟ ණය ගැනීම් ඉහළ යාමත්, ආර්ථික වර්ධන වේගය පහළ වැටීමත් තුළින් ආර්ථිකයේ බරපතල තත්ත්වයක් පිළිබඳව අනතුරු ඇඟවී තිබේ. එය තවත් ඉහළ මට්ටමකින් තීව‍්‍ර කරමින්, නිල විදේශ සංචිත ප‍්‍රමාණය ඩොලර් බිලියන 5.6 දක්වා පහත් මට්ටමකට වැටී තිබිණි. එයට පෙර විදේශ සංචිත ඩොලර් බිලියන අටක මට්ටමේ සිට ක‍්‍රමයෙන් පහත වැටීමකි. මෙම වසර ආරම්භයත් සමඟ රජයේ ණය ගැනීම් ඉහළ ප‍්‍රමාණයකට නැඟී රුපියල් මිලියන 31,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම, ආර්ථික වර්ධනය බිඳ වැටීම සහ විදේශ සංචිත ප‍්‍රමාණය පහත වැටීම පිළිබඳ සංඛ්‍යා දත්ත ඉදිරිපත් වී ඇත. දෙසැම්බර් මස 30 වැනි දින බැඳුම්කර නිකුත් කිරීමට නිල නිවේදනය පළ කර තිබූ අතර, ජනවාරි මස 04 වැනි දින ණය ලබාගෙන තිබිණි. මේ අතර මහ බැංකුව නිවේදනය කර තිබූ තවත් පති‍්‍රකාවකින් හෙළි වී තිබුණේ පසුගිය වසරේ තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 4.1ක් දක්වා පහත වැටී තිබූ බවයි. එය 2013 වසරේ තුන්වැනි කාර්තුවේ වර්ධන වේගය වූ සියයට 5.6ක් වූ වර්ධන වේගයේ සිට ඒකක 1.5ක ප‍්‍රමාණයකින් පහත වැටීමකි. මේ අනුව නව වසර ආරම්භයත් සමඟ ණය ගැනීම් ඉහළ යාමත්, ආර්ථික වර්ධන වේගය පහළ වැටීමත් තුළින් ආර්ථිකයේ බරපතල තත්ත්වයක් පිළිබඳව අනතුරු ඇඟවී තිබේ. එය තවත් ඉහළ මට්ටමකින් තීව‍්‍ර කරමින්, නිල විදේශ සංචිත ප‍්‍රමාණය ඩොලර් බිලියන 5.6 දක්වා පහත් මට්ටමකට වැටී තිබිණි. එයට පෙර විදේශ සංචිත ඩොලර් බිලියන අටක මට්ටමේ සිට ක‍්‍රමයෙන් පහත වැටීමකි.


ආරම්භයේ සිට ම පාර්ලිමේන්තුව උණුසුම් !

2017-01-08     (ගයාන් රූපසිංහ)

හේතු කීපයක් නිසා නව වසරේ ආරම්භයේ සිට ම පාර්ලිමේන්තු කටයුතු දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ගනු ඇතැයි දේශපාලන නිරීක්‍ෂකයෝ අනාවැකි පළ කරති. බැඳුම්කර වංචාව පිළිබඳ පරීක්‍ෂණ පැවැත් වූ කෝප් කමිටුවේ අවසන් වාර්තාව පිළිබඳ විවාදය කල් යාම, පළාත් පාලන මැතිවරණයේ සීමා නිර්ණ කමිටු යෝජනා සම්බන්ධ ප‍්‍රශ්නය, එට්කා ගිවිසුම අත්සන් කිරීමේ සූදානම සහ හම්බන්තොට ප‍්‍රදේශයෙන් අක්කර 15,000ක් සමඟ එම වරාය චීනයට විකිණීම යන කරුණු මුල් කර ගනිමින්, දැඩි උණුසුමක් ඇති විය හැකි බවට අනාවැකි පළ කෙරී ඇත. ජාතික ආර්ථික ප‍්‍රතිපත්ති සහ දේශපාලන කි‍්‍රයාමාර්ග යන ප‍්‍රධාන කරුණු මුල් කර ගැනීමෙන් උණුසුම් තත්ත්වයක් ඇති වීම කෙරෙහි බලපෑම් කෙරේ. අනෙකුත් සංවාද පසෙකට දමා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා ලබා ගැනීමට පත් කර තිබූ කමිටු යෝජනා මුලින් ම පාර්ලිමේන්තු විවාදයට ගැනීමේ සැලැසුමක් පවතී.


හැරිසන් - ඩඞ්ලි සටන බොරු මවාපෑමක්

2017-01-08     (ගයාන් රූපසිංහ)

මේ වන විට රුපියල් සියයක් වැනි මිලක් දක්වා වේගයෙන් ඉහළ ගොස් තිබෙන සහල් මිල ගණන් පාලනය කිරීම සඳහා ආණ්ඩුව ඵලදායී කිසිදු කි‍්‍රයාමාර්ගයක් නොගෙන හැරිසන් ඇමතිවරයා සහ ඩඞ්ලි සිරිසේන සහල් මෝල් හිමියා අතර බොරු වාදයක් පවත්වාගෙන යමින් සිටින බව කුඩා මෝල් හිමිකරුවෝ චෝදනා කරති. සහතික මිල ක‍්‍රමය යටතේ රජය ලබාගෙන තිබෙන වී තොග ගණනය කරමින්, කුඩා වී මෝල් හිමියන්ට ලබා දී අඹරා හාල් කර සමුපකාර සමිති සහ ස.තො.ස. මඟින් රට පුරා සාධාරණ මිලකට බෙදාහැරීම සඳහා ආණ්ඩුව මැදිහත් වීමේ හැකියාව තිිබෙන බව කුඩා වී මෝල් හිමියෝ සඳහන් කරති. ඉහළ යන සහල් මිල පාලනය කිරීම සඳහා එවන් ඵලදායී විකල්ප කි‍්‍රයාමාර්ග කිසිවක් නොගෙන මාධ්‍ය හරහා කරමින් සිටින්නේ ජනතාව රවටන බොරු විවාද බවට චෝදනා කෙරේ. නම හෙළි කිරීමට අකැමැති කුඩා වී මෝල් හිමියකු ‘ලංකා’ වෙත ප‍්‍රකාශ කළේ වී අලෙවි මණ්ඩලය කරගෙන යන ජාවාරම් සියල්ල ආණ්ඩුවේ බලවතුන්ගේ අනුග‍්‍රහයෙන් එළිපිට කරගෙන යන තත්ත්වයක් තුළ ජනතාව රැුවටීමට බොරු විවාද කරගෙන යන බවයි.


ඒට්කා කෙටුම්පතට සාකච්ඡා හොරෙන්

2017-01-08     (ලංකා මාරසිංහ )

එට්කා කෙටුම් පතට සාකච්ඡා හොරෙන් එට්කා ගිවිසුම කෙටුම් පත් කිරීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡුා වටයක් ඉදිරි දින දහයක් තුළ පැවැත්වීමට ඉන්දීය ප‍්‍රධාන නිලධාරීන් පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් හෙළි වේ. ඉන්දියාව වෙනුවෙන් එට්කා සාකච්ඡුා කමිටු ප‍්‍රධානී භූමින්ද භල්ලා ඇතුළු ප‍්‍රධානීන් පිරිසක් පැමිණීමට නියමිත ය. මෙම සාකච්ඡුාව සඳහා මෙරට වෙනුවෙන් ප‍්‍රධාන සාකච්ඡුා නිලධාරී, සමන් කැලේගම, ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්, චාන්දනී විජේගුණවර්ධන ඇතුළු සීමිත නිලධාරීන් පිරිසක් සහභාගී වීමට නියමිත බව හෙළි වේ. එට්කා ගිවිසුම සම්බන්ධයෙන් මේ දක්වා ලංකාව නියෝජනය කරමින්, සාකච්ඡාවට එක් වූ තිදෙනෙකු මෙම සාකච්ඡුාවෙන් ඉවත් කර තිබෙන බව ද හෙළි වී තිබේ.


පුංචි ඡන්දයට පක්‍ෂ දෙකම බයයි

2017-01-08     (ප්‍රියදර්ශන දයාරත්න)

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සීමා නිර්ණය පිළිබඳ කමිටු යෝජනා ඉක්මනින් ලබාගෙන කි‍්‍රයාත්මක කිරීමට ආණ්ඩුවට සම්බන්ධව සිටින ප‍්‍රධාන පක්‍ෂ දෙකට ම කිසිදු වුවමනාවක් නොමැති බවට විද්වතුන් සහ සිවිල් සංවිධාන කීපයක් විසින් චෝදනා එල්ල කෙරී තිබේ. මේ අතර සීමා නිර්ණ කමිටුවේ සභාපති, අශෝක පීරිස් මහතා, මෙම චෝදනාව මාධ්‍ය හමුවේ සෘජුව ම නඟා තිබෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයටත්, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයටත් යන පක්‍ෂ දෙකට ම අවශ්‍ය වී තිබෙන්නේ සීමා නිර්ණය පිළිබඳ යෝජනා දිගට ම ඇදගෙන යාමට බව සඳහන් කරමිනි. සභාපතිවරයාගේ මෙම චෝදනාව සනාථ කෙරෙන සිදුවීමක් පසුගිය 02 වැනි සඳුදා සිදු විය. පළාත් පාලන සහ පළාත් සභා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සීමා නිර්ණය පිළිබඳ කමිටු යෝජනා ඉක්මනින් ලබාගෙන කි‍්‍රයාත්මක කිරීමට ආණ්ඩුවට සම්බන්ධව සිටින ප‍්‍රධාන පක්‍ෂ දෙකට ම කිසිදු වුවමනාවක් නොමැති බවට විද්වතුන් සහ සිවිල් සංවිධාන කීපයක් විසින් චෝදනා එල්ල කෙරී තිබේ. මේ අතර සීමා නිර්ණ කමිටුවේ සභාපති, අශෝක පීරිස් මහතා, මෙම චෝදනාව මාධ්‍ය හමුවේ සෘජුව ම නඟා තිබෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයටත්, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයටත් යන පක්‍ෂ දෙකට ම අවශ්‍ය වී තිබෙන්නේ සීමා නිර්ණය පිළිබඳ යෝජනා දිගට ම ඇදගෙන යාමට බව සඳහන් කරමිනි. සභාපතිවරයාගේ මෙම චෝදනාව සනාථ කෙරෙන සිදුවීමක් පසුගිය 02 වැනි සඳුදා සිදු විය. පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශ කාර්යාලයේ දී කමිටු යෝජනා ඇමති, ෆයිසර් මුස්තාපාට ලබා දීමේ අවස්ථාවේ දී එම කමිටු යෝජනාව අසම්පූර්ණ බව දක්වා එය භාර ගැනීම ඇමතිවරයා විසින් ප‍්‍රතික්‍ෂේප කර තිබිණි. කමිටු යෝජනා අසම්පූර්ණ බව ඇමතිවරයා ප‍්‍රකාශ කර තිබුණේ කමිටු සාමාජිකයන් පස් දෙනාගෙන් දෙදෙනෙකුගේ අත්සන් නොතිබීම ය. අත්සන් කර නැති සාමාජිකයන් දෙදෙනා වන්නේ ශී‍්‍ර.ල.නි.ප.ය නියෝජනය කිරීමට පත්කර සිටින නීතිඥ සාලිය මැතිව් සහ එ.ජා.ප.යෙන් පත් කර සිටි නීතිඥ මිස්බා සත්හාර් යන දෙදෙනා ය. පළාත් පාලන මැතිවරණය තව දුරටත් කල් දැමීමට මෙම පක්‍ෂ දෙක ම කි‍්‍රයා කරමින් සිටින බව මෙයින් තව දුරටත් සනාථ වී ඇත.


ප‍්‍රබල ඇමති රත්තරන් ජාවාරමක

2017-01-08     (චතුර දිසානායක)

රජයේ ප‍්‍රබල ඇමැතිවරයකු සහ ඔහුගේ සොහොයුරා නීතිවිරෝධී අන්දමින් රත්තරන් තොග ඉන්දියාවට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරතවී සිටින බව වාර්තා වේ. මෙම ඇමතිවරයා තම අමාත්‍යාංශයේ නිල වාහන ද යොදාගෙන මෙම ජාවාරම කරගෙන යන අතර රන් තොග ඉන්දියාවට විකිණීම සිදු කරන්නේ ගුවන් මාර්ගවලින් සහ මුහුදු මාර්ගවලින් බවද හෙළි වී ඇත. කටුනායක ගුවන් තොටුපොළේ නිලධාරීන් පිරිසක්ද මෙම ජාවාරම පිටුපස සිටින බව පැවසෙන අතර ඇමතිවරයාගේ නිල වාහනයෙන් රැුගෙන යන රන් තොග ගුවන්තොටුපළේදී ඉතා සූක්ෂම ලෙස එහි සිටින නියෝජිතයකුට භාර දීමෙන් පසු ඔවුන් ඒවා ඉන්දියාවට රැුගෙන යන බවද හෙළි වී ඇත. මීට ටික කලකට පෙර මෙම ඇමතිවරයා ඔහුගේ සොහොයුරා ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මුහුදු මාර්ග ඔස්සේ රත්තරන් කිලෝ 50 ක් ඉන්දියාවට යෑවීමට උත්සාහ කළ අවස්ථාවේ ඒවා නාවික හමුදාවට කොටු වී තිබිණි.


ජනතා විරෝධයෙන් ආණ්ඩුව පසුබසී

2017-01-08     (චතුර දිසානායක)

මේ වන විට මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම කල් දැමීමට ආණ්ඩුව තීරණය කර ඇත. මෙම ගිවිසුමට අත්සන් තැබීම ජනවාරි මස 07 වන දිනට නියමිතව තිබුණු අතර දිගින් දිගටම මේ සම්බන්ධයෙන් එල්ල වුණු විරෝධතා හේතුවෙන් මෙම තීරණයට එළඹීමට සිදු වූ බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. වරාය සේවකයින් හා වෘත්තීය සමිති ද සිවිල් සංවිධාන ද භික්ෂූන් වහන්සේලා ද ජනතා විමුක්ති පෙරමුණ ද මෙම ගනුදෙනුවට විශාල විරෝධයක් එල්ල කරන ලදී. මේ නිසා ආණ්ඩුවේ මැති ඇමතිවරුන් අතරද කඹ ඇදීමක් සිදු වෙමින් තිබූ බව වාර්තා වේ. පසුගිය 05 වන දින පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්ෂගේ සභාපතීත්වයෙන් රැුස් වූ ප‍්‍රවාහන සහ සන්නිවේදන ආංශික අධීක්ෂණ කාරක සභා රැුස්වීමේදීද මේ ප‍්‍රතිවිරෝධය දක්නට ලැබුණු බවත් වරාය, ප‍්‍රවාහන, මුදල් සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශ වල නිලධාරීන් එම රැුස්වීමට පැමිණීම නතර කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළ බවත් මේ වන විට හෙළි වී තිබේ. එසේම චීන රජයේ මැදිහත් වීම මත චීන තානාපති විසින් ශ‍්‍රීලංකා රජයට මෙම ගිවිසුම අනුව ක‍්‍රියාත්මක