රෝගීන්ගේ ජීවිත වෙනුවෙන් සයිටම් පරාජය කළ යුතුයි ( සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක වෛද්‍ය අසංග වික‍්‍රමසිංහ)

2017-02-26     (භාතිය ගුණෙස්න)

මේ මොහොත වෛද්‍යවරුන් බිහි කිරීම පිළිබද මතවාද දෙකක් දෝලනය වෙමින් පවතින මොහොතක්. සමාජයකට වෛද්‍යවරයෙකුගේ සේවය ව්‍යාප්ත විය යුත්තේ කෙසේද යන පැනයට වෛද්‍යවරයෙකු ලෙස ඔබේ පිළිතුර මොකක්ද? මිනිසෙක් උපත ලැබුවාට පස්සෙ මානසික සමාජීය සුවතාවයකින් පූර්ණ ආයු කාලයක් ජීවත් වීමේ ජෛව විද්‍යාත්මක විභවයක් තිබෙනවා. ඒක සෑම මනුෂ්‍ය ජීවියෙකුටම අදාළයි. නමුත් ඒ විභවය ජීවත් වන පරිසරය අනුව වෙනස් වෙනවා. අපි දන්නවා සෞඛ්‍ය විද්‍යාව සහ ඊට අදාළ අනෙකුත් විෂය ක්ෂේත‍්‍රයන් ලෝකය පුරා විකාශය වෙලා වර්ධනය වෙනවා. ජෛව විද්‍යාත්මක විභවය යථාර්ථයක් කර ගන්න මිනිස් වර්ගයාගේ උත්සාහය තුළින් තමයි දැනුම නිපදවෙන්නේ. ඒ දැනුම සෞඛ්‍ය විද්‍යාත්මක දැනුමක් විදියට වැඩිදියුණු වෙනවා. ඊට පස්සෙ අපි ඒවා ඉගෙන ගන්නවා. පසුව ඒ දැනුම ඉදිරි පරම්පරාවන්ට සම්පේ‍්‍රෂණය වෙනවා. ඒ දැනුම් පද්ධතියේ නියම අයිතිකාරයො තමයි පොදු ජනතාව. ඔවුන්ට වඩාත් නිවැරදිව ඒ දැනුම ඵලදායීව ලබා දීම ස`දහා විශේෂ විදියට පුහුණු කරපු පුද්ගලයෙක් තමයි වෛද්‍යවරයා කියල කියන්නේ. ඒ අනුව ශිෂ්ට සමාජයට වෛද්‍යවරයෙක් පත්කිරීම සදහා පුහුණුව ලබා දෙන්නෙ කොහොමද? ඒ පුහුණුවේ ස්වභාවය කොහොමද කියන කාරණා සියල්ලම පොදු ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් තමයි තීරණය කරන්නෙ. එතකොට ශිෂ්ට සමාජවල වෛද්‍ය විද්‍යාල බිහි වෙන්නෙ, ඒවාට අදාළ පුද්ගලයන් තෝරා ගන්නෙ, ඉගැන්වීමේ පටිපාටිය සකස් වෙන්නෙ පොදු සමාජය පිළිගන්නා විනිවිද පෙනෙන ආකාරයට. නමුත්, සයිටම් වගේ ආයතනයක් ශිෂ්ට සමාජය පිළිගන්නා  වූ විනිවිද පෙනෙන ආකාරයකට නෙමෙයි වෛද්‍ය අධ්‍යාපනය ස`දහා පුද්ගලයො තෝරා ගන්නේ. සයිටම් ආයතනයේ සමස්ත ක‍්‍රියාකලාපය ගැන විශ්වාසයක් තැබිය නොහැකියි කියන කාරණයද ඔබ මතු කරන්නේ? යම් රටක පුද්ගලයන් සෞඛ්‍යසම්පන්නද කියලා තීරණය වෙන්නෙ ඒ පුද්ගලයා ජීවත් වන රටේ සෞඛ්‍ය පද්ධතිය ක‍්‍රියාත්මක වන්නේ කොහොම ද කියන ආකාරය මත. සෞඛ්‍ය පද්ධතියක අරමුණ තමයි උපරිම කායික මානසික සෞඛ්‍ය මට්ටමක් සමාජ ආර්ථික භේදයකින් තොරව සැමට සාධාරණ අයුරින් ලබාදීම. සෞඛ්‍ය පද්ධතියක් තුළින් පොදු ජනතාව අපේක්ෂා කරන සාධාරණ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ඕනෑ. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන ආකාරයට සෞඛ්‍ය ගැටලූ හේතුවෙන් ඇති වෙන්න පුළුවන් මූල්‍යමය අවහිරතා අවම කරන්න ඕනෙ. එතකොට අපිට මෙතැනදී බලන්න වෙනවා සයිටම් ආයතනය මඟින් සෞඛ්‍ය පද්ධතියේ කාර්යයට කොතරම් දුරට බලපෑමක් එල්ල කරනවාද කියන එක. ඒ නිසා ජනතාවගේ සෞඛ්‍යය උසස් අන්දමින් පවත්වා ගැනීමේ අභිලාෂයෙන් තොරව ව්‍යාපාරික අරමුණකින් යම් සුළු පිරිසකගේ අභිලාෂයන් ඉෂ්ට කිරීම තමයි සයිටම් ආයතනය හරහා කෙරෙන්නේ. ඒ නිසා මම වෛද්‍යවරයෙක් විදියට වගකීමෙන් ප‍්‍රකාශ කරනවා සයිටම් ආයතනය කියල කියන්නෙ රටේ ජනතාවගේ සෞඛ්‍යය බි`ද හෙළන සෞඛ්‍යය කෙරෙහි ඉතාමත් අයහපත් ආකාරයෙන් බලපාන ව්‍යාපෘතියක්. පසුගියදා සයිටම් ආයතනය ලියාපදිංචි කරන්න කියලා අභියාචනාධිකරණය විසින් නඩු තීන්දුවක් ලබා දුන්නා. ඒ නඩු තීන්දුව ගැන ඔබේ අදහස? සයිටම් ආයතනයේ ශිෂ්‍යාවක් තමන්ට තාවකාලික ලියාපදිංචිය ලබා දෙන ලෙස ඉල්ලමින් නඩුවක් ගොනු කරනවා. මෙහිදී අභියාචනාධිකරණය විසින් වෛද්‍ය සභාවට තමන්ගේ නිර්දේශ නොතකා හැරලා අදාළ ශිෂ්‍යාව වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන්න කියලා නියෝග කරනවා. නමුත්, වෛද්‍ය සභාව දෙදහස් පහළොවේ සැප්තැම්බර් හතර වෙනිදා මහාචාර්යවරුන් දස දෙනෙකුගෙන් සමන්විත වාර්තාවක් මඟින් සයිටම් ආයතනයේ ශිෂ්‍යයන්ගේ සායනික ක‍්‍රියාකාරීත්වයේ දුබලකම අධිකරණයට පෙන්වා දෙනවා. ඒ වගේම ප‍්‍රජා වෛද්‍ය විද්‍යාව, අධිකරණ වෛද්‍ය විද්‍යාව වැනි ක්ෂේත‍්‍රවල තිබෙන න්‍යායික හා ප‍්‍රායෝගික දුබලකම් සහ සමස්තයක් වශයෙන් ගත්තාම මුළු පාඨමාලාවේම තිබෙන අඩුපාඩුකම් නිසා වෛද්‍යවරයෙකු ලෙස ක‍්‍රියා කිරීමේ හැකියාවක් ඔවුන්ට නැහැ කියලා වෛද්‍ය සභාව පෙන්වා දෙනවා. වෛද්‍ය ආඥා පනතේ පැවරිලා තිබෙන බලතල අනුව තමයි වෛද්‍ය සභාව එම නිර්දේශය කළේ. නමුත් අභියාචනාධිකරණය මෙතැනදී වෛද්‍ය සභාව විසින් කරපු නිර්දේශයන්ට බලාත්මක භාවයක් නැහැ කියලා තීරණය කළා. මොකද? වෛද්‍ය ආඥා පනත අර්ථ නිරූපණයන්ට අනුකූලව අදාළ ඇමතිවරයා වෛද්‍ය සභාව මඟින් කරන නිර්දේශය අනුමත කළ යුතුයි. නමුත් මේ ප‍්‍රශ්නයේදී සෞඛ්‍ය ඇමතිවරයා වෛද්‍ය සභාවේ නිර්දේශ අනුමත කරන්නෙ නැහැ. ඒ නිසා එහි නීතිමය වලංගුතාවයක් නැහැ කියල අධිකරණය ස`දහන් කරනවා. මෙතැනදී වෛද්‍ය සභාවට තමන්ගේ නිර්දේශ මත පදනම්ව සයිටම් ශිෂ්‍යාව ලියාපදිංචි නොකර සිටින්න බැහැ කියල අධිකරණය තීන්දු කරනවා. නමුත් විශේෂයෙන්ම කිව යුතුයි මේ නඩුවෙදි වෛද්‍ය සභාව හැර අනෙකුත් සියලූම රජයේ ආයතන අධිකරණයේදී කරුණු දැක්වූයේ සයිටම් ආයතනයට වාසි වන ලෙස. ඒ නිසා තමයි මෙවැනි තීන්දුවක් ලැබිලා තිබෙන්නේ. ඒ කියන්නෙ මේ නඩු තීන්දුව ගැටලූ සහගතයි? වෛද්‍ය ආඥා පනත පදානුගත රීතීන් අර්ථ නිරූපනය කිරීම නිසා අදාළ ආඥා පනත පැනවීමේ අභිප‍්‍රාය අධිකරණය විසින් නොසලකා හැරලා තිබෙනවා. එය ඉතාම බරපතළ නොසලකා හැරීමක්. මොකද වෛද්‍ය ආඥා පනතේ ප‍්‍රධාන පරමාර්ථය වෙන්නෙ රෝගීන් ආරක්ෂා කිරීම. නමුත් අධිකරණය එම මුඛ්‍ය පරමාර්ථය ව්‍යවස්ථාදායකය විසින් වළක්වන්න හදපු අනර්ථය ගැන සැලකිල්ලක් යොමු කරලා නැහැ. ඒ නිසා අධිකරණය මේ ප‍්‍රශ්නය ගැන ලබා දීලා තිබෙන තීන්දුව ව්‍යවස්ථාදායකයේ අභිප‍්‍රාය නොසලකා, රෝගීන්ගේ ආරක්ෂාව නොසලකා ලබා දුන් තීන්දුවක් හැටියට තමයි මම දකින්නේ. අභියාචනාධිකරණ නඩු තීන්දුව පිළි ගන්නෙ නැහැ කියන්නෙ වෙනත් නීතිමය ක‍්‍රියාමාර්ගයක් ගත යුතුයි කියන එක නේද? අභියාචනාධිකරණ තීන්දුවක් ලබා දීලා තිබෙනවා. නමුත්, අභියාචනාධිකරණය කියන්නෙ අපේ රටේ උසස්ම අධිකරණය නෙමෙයි. උසස්ම අධිකරණය වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ නිසා වෛද්‍ය සභාව තීරණය කරලා තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ සම්බන්ධව අභියාචනයක් ඉදිරිපත් කරන්න. ඒ නිසා මේ අධිකරණ තීන්දුව වෛද්‍ය සභාව පිළිගත යුතු නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලබන තීන්දුව කුමක්ද කියල අපිට බලන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් සෑහීමකට පත්වෙන්නත් බැරිනම් අපිට ජාත්‍යන්තර අධිකරණයක් දක්වා යන්න පුළුවන්. යම් කිසි නීතියක් අසාධාරණ නම් ඒ නීතිය මඟින් අනර්ථයක් වෙනවා නම් ස්වාභාවික යුක්තිය අනුව අදාළ නීතිය නොපිළිගෙන ඉන්න අපට පුළුවන්. ඒ නිසා අධිකරණ තීන්දු පිළිගැනීමට වෛද්‍ය සභාව බැ`දිලා නැහැ. මේ තත්ත්වයන් තුළ ආණ්ඩුවේ ඇමැතිවරුන්ගෙන් වෛද්‍ය සභාවට විවිධාකාරයේ බලපෑම් එල්ල වෙමින් තිබෙනවා නේද? වෛද්‍ය සභාවට බලපෑම් එල්ල වුණු පළමුවෙනි අවස්ථාව මේක නෙමෙයි. එස්. බී. දිසානායක ඇමතිවරයා දෙදහස් එකොළහේ අගෝස්තු තිස් වෙනිදා සයිටම් ආයතනයට උපාධි ප‍්‍රදානය කරන ගැසට් පත‍්‍රය නිකුත් කරනවා. වෛද්‍ය සභාව ඒකට විරෝධය දැක්වූවා. එතැන දී එස්. බී. ඇමතිවරයා ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියට විරුද්ධ නම් වෛද්‍ය සභාව විසුරුවා හරිනවා කියලා තර්ජනාත්මකව කතා කළා. මීට අමතරව පසුගිය කාලෙ ඉතා බරපතළ සිද්ධීන් ගණනාවකට වෛද්‍ය සභාවට මුහුණ දෙන්න සිද්ධ වුණා. වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය නෝනිස් මහතාට පහර දුන්නා. එහි සාමාජික වෛද්‍ය ලලන්ත රණසිංහ මහතාට පහර දුන්නා. එහි හිටපු සභාපතිනි ලලිතා මෙන්ඩිස් මහත්මියට අස් වෙලා යන්න සිදු වුණා. අවස්ථා ගණනාවකදී විවිධ දේශපාලන අඩන්තේට්ටම්වලට වෛද්‍ය සභාව සහ වෛද්‍ය සභාවේ සාමාජිකයො ලක් වුණා. වෛද්‍ය සභාවේ කාර්යභාරය කෙසේ විය යුතුයි කියල ද වෛද්‍යවරයෙක් විදියට ඔබ හිතන්නේ? වෛද්‍ය සභාව තමයි එක්දහස් නවසිය විසි හතරේ වෛද්‍ය ආඥා පනත මගින් සමන්විත ව්‍යස්ථාපිත ආයතනය. මේ ආයතනයේ අරමුණ වෙන්නෙ රෝගීන් ආරක්ෂා කිරීම. අපි දන්නවා වෛද්‍යවරයෙකු ගාවට එන රෝගියෙකුට හැකියාවක් නැහැ ඒ වෛද්‍යවරයාගේ සුදුසුකම් මොනවද කියල විමසන්න. රෝගියා වෙනුවෙන් එම වගකීම ගන්නෙ වෛද්‍ය සභාව. වෛද්‍ය ආඥා පනතේ අරමුණ වෙන්නෙ රෝගීන් ආරක්ෂා කිරීම. වෛද්‍ය ආඥා පනත පැනවීමේ අර්ථය තමයි සුදුසුකම් නොමැති වෛද්‍යවරුන්ගෙන් රෝගීන් ආරක්ෂා කිරීම. ඒ අනුව වෛද්‍ය සභාව කියන්නෙ වෘත්තිකයන් නියාමනය කරන ආයතනයක්. මේ වෙනකම් වෛද්‍ය සභාව ඒ වෙනුවෙන් කැප වෙලා තමන්ගෙ කැපවීම පෙන්නුම් කරලා තිබෙනවා. අපි විශ්වාස කරනවා ඉදිරියෙදිත් එහෙම වෙයි කියලා. සයිටම් පිටුපස තිබෙන්නෙ ධන බලයද? එසේත් නැත්නම් ඊට පරිබාහිර දෙයක්ද? සයිටම් එක නෙවිල් ප‍්‍රනාන්දුගෙ ව්‍යාපාරය වුණාට ආණ්ඩුවේ වුවමනාව තමයි ඔහු නියෝජනය කරන්නේ. ආණ්ඩුව මේ වෙද්දි අධ්‍යාපනය, වරාය ඇතුළු මුළු රටම විකුණමින් යන ගමනක් තමයි තිබෙන්නේ. ඉදිරියේදී ඉන්දියාවේ මනිපාල් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ශාඛා රාශියක් ලංකාවට එන්න නියමිතයි. ඒ ස`දහා කැබිනට් පේපර් එකක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ ආකාරයේ ප‍්‍රතිපත්තිමය වශයෙන් යන ව්‍යාපෘතියක් තමයි මෙතැන තිබෙන්නේ. නෙවිල් ප‍්‍රනාන්දු කියන්නෙ එහි එක් ව්‍යාපාරිකයෙක් පමණයි. ඒ ව්‍යාපාරය පවත්වාගෙන යාමට අවශ්‍ය කරන දේශපාලන බලය ආණ්ඩුව විසින් සපයමින් තිබෙනවා. සයිටම් හරහා ආණ්ඩුව මුට්ටිය දාලා බලනවා. නමුත් මේක පිටිපස්සෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතුළු සමස්ත පෞද්ගලිකකරණයක් පැමිණෙමින් තිබෙනවා. සයිටම් නීතිගත වුණොත්, ඒ හරහා ඇති විය හැකි බලපෑම සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක් විදියට ඔබේ විග‍්‍රහය? අපේ රටේ සෞඛ්‍යමය තත්ත්වය අනිවාර්යයෙන්ම කණපිට හැරෙනවා. අපේ රටේ හැම පෞද්ගලික රෝහලකම සෑම මූලික රෝහලකම වෛද්‍ය උපාධි, හෙද උපාධි, සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සියලූම උපාධි කඩ බවට පත්වෙනවා. සෑම වෘත්තියක්ම මුදල් මත තීරණය වෙන ක‍්‍රමයක් තමයි අනිවාර්යයෙන්ම ඇති වෙන්නේ. ඒ අනුව අධ්‍යාපනය, සෞඛ්‍යය සමස්තයක් විදියට කඩාකප්පල් වෙනවා. ජනතාවට කිසිදු විශ්වාසයකින් තොරව තමයි සෞඛ්‍ය වෘත්තිකයන්ගෙන් ප‍්‍රතිකාර ලබා ගන්න වෙන්නේ. ඒ නිසා ජන ජීවිත අන්ත අසරණ තත්ත්වයකට පත්වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් මේක පරාජය කළ යුතුයි. මේක විස`දන්න නම්, සයිටම් ප‍්‍රශ්නය ආණ්ඩුවේ දේශපාලන පැවැත්ම තීරණය කරන සාධකයක් බවට පත් කරන්න ඕනේ. ඒකට ශිෂ්‍ය ව්‍යාපාරය, කම්කරු ව්‍යාපාරය ඇතුළු සියල්ල එකට ඒකාබද්ධ වෙලා පොදු වේදිකාවක් තැනිය යුතු වෙනවා.


‘සයිටම්’ සක්විති ගණයේ හොරකමක් (රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා)

2017-02-12     (භාතිය ගුණෙස්න)

නිදහස් අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන් මෙරට තුළ අරගල සිදුව ඇත්තේ වරක් දෙවරක් නොවේ. මෑත කාලයේ දී සමාජය තුළ පැන නැඟී ඇති එවන් අරගලයක් වනුයේ, සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනයට එරෙහි අරගලයන් ය. මෙවර විද්වත් සාකච්ඡුාව ඒ පිළිබඳව ය. සයිටම් නඩු තීන්දුව ගැන ඔබේ අදහස මොකක් ද? අපි මුලින්ම බලන්න ඕන අධිකරණයේ දී පෙනී හිටපු පාර්ශ්ව මොනවා ද කියලා. සයිටම් ආයතනයෙන් බිහි වෙච්ච දරුවෙක් ඉන්නවා. මේ දරුවා අධිකරණයට ගිහිල්ලා වෛද්‍ය සභාව එක වගඋත්තරකාරයෙක් කරනවා. ඒ එක්කම සයිටම් එකත් වගඋත්තරකාරයෙක් කරනවා. සයිටම් එකට පුළුවන් තරම් උදවු කරන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයත් වගඋත්තරකරුවන් බවට පත් කරනවා. එතකොට තනියම සටන් කරන්නේ වෛද්‍ය සභාව විතරයි. රටේ සෞඛ්‍ය අධ්‍යාපනය ප‍්‍රමිතිකරණ ආයතනය රකින්න වත් සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරන්නෙ නෑ. එතකොට මේ තීන්දුවට බලපාලා තිබෙන්නේ සෞඛ්‍ය ඇමතිවරයාගේ වැරැුදි ක‍්‍රියාකලාපය. මේ තීන්දුවේ වැරැුද්දක් තිබෙන බව වෛද්‍ය සභාව පිළිගන්නවා. හැබැයි ඇමතිවරයා ඒක පිළිගන්නෙ නැහැ. විශ්වවිද්‍යාල පනත අනුව 27.1 මගින් උපාධි පිරිනැමීමේ අයිතිය තියෙන්නේ උසස් අධ්‍යාපන ඇමතිවරයාට. ඒ වගේම 27.2 වගන්තියෙන් කියනවා 27.1 වගන්තිය ක‍්‍රියාත්මක කරන්න නම් තනි ගැසට් එකකින් මේක ගහන්න ඕන කියලා. එතකොට මේ උසාවි යන ළමයා කියන්නේ මට කන්ඩිෂනල් ගැසට් එකක් තියෙනවා. ඊට අමතරව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සයිටම් එකට යවපු ලියුමක් තිබෙනවා. මෙන්න මේ දෙක එකතු වෙලා තමයි මට උපාධි පිරිනැමීමක් ලැබිලා තියෙන්නෙ කියල ළමයා කියනවා. එහෙම නීතියක් නැහැ. මොකද 27.2 පෙන්වන්නෙ නැතුව 27.1 විතරයි වගඋත්තරකාරයෝ අධිකරණයට පෙන්වන්නෙ. ඒ අනුව තමයි අධිකරණය මේ තීරණය දීලා තිබෙන්නේ. මේවා අරන් බැලූවාම ඇමතිවරුන් දෙදෙනාගේ වැරැුද්ද එහෙමපිටින්ම පේනවා. සයිටම් එකට වෛද්‍ය සභාවෙන් පිිළිගැනීමක් දීලා නැහැ. දීපු නැති බව ඇමතිතුමාට දැනුම් දීලා තිබෙනවා දෙන්නෙ නැති වෙන්න හේතුත් එක්ක ම. හැබැයි වෛද්‍ය ආඥා පනත අනුව අවසාන තීරකයා වෙන්නෙ සෞඛ්‍ය ඇමතිවරයා. ඒ නිසා අධිකරණය කියනවා ඇමතිවරයා නිර්දේශ ක‍්‍රියාත්මක නොකරපු නිසා තමයි සයිටම් එකට ලියාපදිංචිය දෙන්නෙ කියලා. අධිකරණයට පුළුවන්ද වෛද්‍ය වෘත්තිය වගේ වගකීම්සහගත වෘත්තියක් පිළිබදව තීරණයක් ගන්න ? පැහැදිලිවම ආඥා පනතකින් වෛද්‍ය සභාවට ඒ බලය පවරලා තිබෙනවා. අපි දන්නවා විවෘත විශ්වවිද්‍යාලවලිනුත් නීතිඥවරුන් බිහිවෙනවා. හැබැයි, කිසි කෙනෙකුට නීති සභාවේ ලියාපදිංචි නොවී උසාවියේ නඩු කථා කරන්න බැහැ. සයිටම් සම්බන්ධයෙන් තිබෙන්නෙත් එවැනි ප‍්‍රශ්නයක්ම තමයි. මොකද? තාක්ෂණ කමිටුවෙන් විස`දපු තාක්ෂණික කාරණා උසාවියට ඉදිරිපත් කරලා නැහැ. එතකොට උසස් අධ්‍යාපන ඇමතියි, සෞඛ්‍ය ඇමතියි අධිකරණයට කරුණු හැංගුවාම සහ වෙනත් කරුණු දුන්නාම තිබෙන නීතිමය තර්කය තුළ තමයි, අධිකරණය මේක පාවිච්චියට ගන්නේ. ඒ නිසා ඔවුන් ඉදිරිපත් කරපු කරුණු අනුව අධිකරණය තීන්දුවක් අරගෙන තිබෙනවා. නමුත්, කරුණු නිවැරැුදිව අධිකරණයට ඉදිරිපත් කළා නම් ලංකාවේ අධිකරණයකින් මේ වගේ තීන්දුවක් ලැබෙයි කියල අපි විශ්වාස කරන්නෙ නැහැ. සයිටම් ප‍්‍රශ්නය අධිකරණ ක‍්‍රියාවලියක් දක්වා දුර දිග යාම සහ ඊට නීතිමය අවසරයක් ලැබීම සම්බන්ධයෙන් වගකිව යුත්තන් කවුද? මේකට ප‍්‍රධාන හේතුව තමයි සෞඛ්‍ය ඇමතිතුමාගේ හැසිරීම. තමන් පත් කරපු වෛද්‍ය සභාවක නිර්දේශ ක‍්‍රියාත්මක නොකර සිටීම බරපතල වැරැුද්දක්. ඒ වැරැුද්ද සෞඛ්‍ය ඇමතිවරයා භාර ගත යුතුයි. ඉගෙනීමේ නිදහස හා ජීවත් වීමේ නිදහස කියන්නේ දෙකක්. ඒ දෙකෙන් වැඩි බරක් තිබෙන්නේ ජීවත් වීමේ නිදහසට. එතකොට මොවුන් මහජන කැමැත්ත පිළිබඳව සැලැකිලිමත් වෙලා නෑ. අපි බලාපොරොත්තු වෙනවා ඒක ශේ්‍්‍රෂ්ඨාධිකරණයට පෙන්වා දෙන්න. අවශ්‍ය අවස්ථාවක දී වෛද්‍ය සභාවත් එම කාරණාව පෙන්වා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. වෛද්‍ය සභාවේ සභාපතිවරයා වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා ලිපියක් මගින් සදහන් කරලා තිබුණා සයිටම් ආයතනය සටකපටකම් හා ධන බලයෙන් උපාධි ප‍්‍රදානය කිරීමේ බලය ආරූඪ කර ගත්තා කියලා. වත්මන් ඇමතිවරුන්ගේ හැසිරීමත් ඔය කියන ධන බලය හමුවේ ක‍්‍රියාත්මක වෙන්නක් ද? ඒක හරි. ඒක ඕනෑම කෙනෙකුට පැනන`ගින ගැටලූවක්. මොක ද? මේ ආයතනයේ දේශපාලනඥයන්ගේ දරුවන් ඉන්නවා. ඒ අයගේ ඥාතීන් ඉන්නවා. ඒ අය මේ ගැන පක්ෂපාතී පියවරක් ගන්නෙ ඒ නිසයි කියලා අපි පෙන්වා දුන්නා. ඒ වගේම මේක විශාල මුදලක් ගැවසෙන ස්ථානයක්. එතකොට අපි දන්නවා සක්විති ආයතනයත් මේ රටේ බැංකු නිලධාරීන් පවා සල්ලි දාපු තැනක්. නමුත් ඒක නීත්‍යනුකූල නෑනේ. සයිටම් එකත් සක්විති ආයතනයක් කියල අපි කියන්නෙ ඒ නිසයි. ඇත්තටම ගත්තොත් අපේ රටේ වෛද්‍යවරුන්ගේ හි`ගයක් තිබෙනවා. නමුත්, ඒකට විස`දුම ආණ්ඩුව කියන විදියට සයිටම් ද? අවශ්‍යතාවක් තියෙනවා නම් නිදහස් අධ්‍යාපනය තුළ අවස්ථා වැඩි කරන්නත් පුළුවන් නේ. පෞද්ගලික වෛද්‍යවිද්‍යාල අවශ්‍ය ද නැද්ද කියන ස්ථාවරයක දී අපි මැද තැනක ඉන්නේ. ඒක රටක් හැටියට රටේ ජනතාවගෙන් අහලා රට පාලනය කරන පිරිස තීරණය කළ යුතු දෙයක්. නමුත් අපි කියන්නේ මොන ආයතනයෙන් බිහි වෙන පුද්ගලයන් වුවත්, ප‍්‍රමිතිකරණයකට ලක් වීම අත්‍යවශ්‍යයි. ඒ අය ප‍්‍රමිතියක් රකින්න ඕනෑ. එහෙම නොවුණොත් වෙන්නේ ඒ අයව වෙනස් කරලා අ`දුන ගන්න බෑ. මොකද මේක නිල වෙදකමක්. රෝහලකට ගියාම රෝගිියාට අහන්න බෑ ඔයා සයිටම් එකෙන් ආපු කෙනෙක් ද? කියලා. ඒ නිසා ප‍්‍රමිතිය අවම මට්ටමකින් උඩට දාලා තියෙන්න ඕනෑ. අවම ප‍්‍රමිතියට එක`ග නොවී ඉන්න කාටවත් බෑ. ඒ නිසා රජයක් හැටියට තීරණය කරන්න පුළුවන් වෛද්‍යවරුන් හි`ග නම්, ඒකට ගන්න අවශ්‍ය ක‍්‍රියාමාර්ග මොනවා ද කියලා. දැන් මේක පෞද්ගලික ආයතනයක් කිව්වට මිලියන හයසීයක් රජයේ ණය දීපු ආයතනයක් නේ. මේක සක්විති ගණයේ හොරකමක් කියලා අපි කියන්නේ ඒකයි. මේකට විරුද්ධව අල්ලස් හෝ ¥ෂණ විමර්ශන කාර්යාංශයට ගිහිල්ලා පැමිණිලි කරන්න ඕන. මේ හරහා ඇතිවන සමාජ බලපෑම ගැනත් කතා කරමු ? මුලින්ම වෛද්‍ය අධ්‍යාපනයේ ප‍්‍රමිතිය නැති වෙනවා. එතකොට රෝගී ජනතාවගේ ජීවිත අනාරක්ෂිත වෙනවා. ඒක තමයි පළමුවැනි බලපෑම. ඒ හරහා ළදරු මරණ අනුපාතිකය, මාතෘ මරණ අනුපාතිකය ඒ සියල්ල ඉහළ යාමේ අවදානමක් තියෙනවා. අද තේරෙන්නේ නෑ. පසුකාලීනව තමයි තේරෙන්න ගන්නෙ ජනතාවට. අපි මේ කියන්නේ අවුරුදු විස්සක්, තිහක් ඉස්සරහට හිතලා. දෙමාපියන් හිතාගෙන ඉන්නවා අපේ දරුවවත් මේකෙන් වෛද්‍යවරයෙකු කරන්න පුළුවන් නෙ කියලා. ඒක හීනයක් විතරයි. මේක පටන් ගත්තේ ලක්ෂ හැටෙන්. අද වෙනකොට ලක්ෂ එකසිය විස්සයි. සාමාන්‍ය පුද්ගලයන්ට මේ තරම් විශාල මුදලක් වියදම් කරන්න බැහැ. ඒ හරහා සල්ලි නිසාම ඉගෙන ගන්න පුළුවන් පංතියක් බිහිවෙන්න පුළුවන්. ඒකම වෙන්න පුළුවන් ඉදිරියේ දී තරුණ අසහනයකට මූලික හේතුව. එතකොට නිදහසේ අධ්‍යාපනය ලබන්න තියෙන අයිතිය විනාශ වෙන්න බෑනේ පෞද්ගලික අධ්‍යාපනය ලබන්න තියන අයිතියත් එක්ක. මේක අපේ නිදහස් අධ්‍යාපනයටත් තර්ජනයක් වෙලා තියෙනවා. ඒ නිසා අධ්‍යාපනය, සෞඛ්‍යය, සමාජයීය, ආර්ථික මේ සියලූ පැතිකඩයන්ට මේකෙන් බලපෑම් එල්ල වෙලා තිබෙනවා. ගැමුණු විජේරත්නලා, සමන් රත්නප‍්‍රියලා වැනි අය සයිටම් ආයතන වෙනුවෙන් ඉතා තදබල ලෙස පෙනී සිටිනවා. ඇයි මේ ? සමහරුන්ට තමන්ගේ දරුවා මේ ආයතනයේ ඉන්න නිසා වෙන්න පුළුවන්. ඔබ කලින් කිව්ව කාරණය මෙතැනදීත් අදාළ වෙන්න පුළුවන්. මොකද සටකපටකම හා ධන බලය කියන කරුණු මූලික වෙන්න පුළුවන් නෙ. ඒ අය විවිධ ප‍්‍රකාශ කරලා තියෙනවා. මේ අය දේශපාලන ක`දවුරු වශයෙන් කොහෙ ද ඉන්නේ කියන එක ඉතාම පැහැදිලියි. මේ වෙලාවෙ ඒ අයගෙ රස්සාව ඔවුන් කරනවා. රටට කොච්චර නරක දෙයක් වුණත්, ඔවුන් ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. ඔවුන් සමානාත්මතාවය වෙනුවෙන් පෙනී ඉන්නෙ නැහැ. ඒ අය එක් කොටසක් වෙනුවෙන් එක විදිහකටත්, තව කොටසක් වෙනුවෙන් වෙන විදිහකටත් පෙනී සිටිනවා. අපි කියන්නේ සියලූ දෙනා සම්බන්ධයෙන් එකම ස්ථාවරයක ඉන්න පිරිසක් තමයි, අපි බලාපොරොත්තු වෙන්නෙ. අපි කියන්නෙ ඉතා පැහැදිලිව රෝගී අයිතිවාසිකම් සුරක්ෂිත වෙන්න ඕනෑ. සයිටම් ආයතනය පිහිටුවන්න 2009 වර්ෂයේ දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් සහයෝගයක් ලැබුණා. නමුත් අද ඔවුන් ඒකට විරුද්ධව කතා කරනවා. ඇත්තටම ඔවුන් මේ ප‍්‍රශ්නයට වගකිව යුතුයි නේ ද? අපි ගමනක් යනවා. හැබැයි අපි කිසි ම කෙනෙකුට අවශ්‍ය පාරේ යන්නෙ නැහැ. මේ රජයත් අපිත් එක්ක තරහයි. කලින් රජයත් අපිත් එක්ක තරහයි. අපිට ආණ්ඩුවල වෙනසක් පේන්නේ නැහැ. දේශපාලනඥයෝ දේශපාලනඥයෝමයි. ඔවුන් කරන්නේ දේශපාලනය. මම කියන්නෙ නැහැ හො`ද දේශපාලනඥයෝ නැහැ කියලා. මහත්මා දේශපාලනය කරන මහත්වරුන් ඉන්නවා. හැම පක්ෂයකම ඉන්නවා. හැබැයි ඔවුන් ප‍්‍රබල භූමිකාවක් මේක තුළ රගදක්වන්නෙ නෑ. අපිට විවිධ ගැටලූ තියෙන්න පුළුවන්. නමුත් මෙතැන දී ‘සයිටම් එපා’ කියන පොදු අරමුණකට අපිට එකතු වෙන්න පුළුවන් වෙලා තිබෙනවා. මම හිතන්නෙ සියලූම දේශපාලන පක්ෂ, සියලූම වෘත්තීය සමිති, සියලූම දේශපාලන නායකයන් වෘත්තිකයන් මේ පොදු අරමුණට එකතු විය යුතුයි. මොක ද රෝගී ජනතාවගේ ජීවිත අපට වටිනවා. මේ ප‍්‍රශ්නයේ අවසන් තීරකයා දේශපාලනය නේද ? මම හිතන්නෙත් දේශපාලනයම තමයි. මේ රටේ දේශපාලනඥයන්ට සහ බලධාරීන්ට ඇස් ඇරෙන්නෙ තමන්ගෙ බලය ගිලිහෙනවා කිව්වොත් විතරයි. ප‍්‍රතිපත්තිමය කාරණා කියන දේවල් ඒ අයට දෙවෙනියි. ඒ නිසා ප‍්‍රතිපත්තිගරුක දේශපාලනඥයන් පිරිසක් මේ රට භාර ගන්නා දවසක් එනකම් ඊට අවශ්‍ය කරන පෙළගැස්ම අපි කරනවා.


බලකායකට වළකාලිය නොහැකි මත

2017-02-05     (වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි)

”සර් අද මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා හෙට කැම්පස් එකට අවශ්‍ය මෙඩිකල් එක ගත්තොත් ඒක ප‍්‍රශ්නයක් වෙනවද?” ”මෙඩිකල් එකට ප‍්‍රශ්නයක් නැහැ, ඒත් මේ පුරුදු නතර නොකළහොත්, ජීවිතයට ප‍්‍රශ්නයක් විය හැකියි. හැකි නම් කලින් දන්වා ඉඩ ඇති විටක හමුවන්න’’ ”තැන්ක් යූ සර්. මා ඔබ හමුවීමට පැමිණෙන්නම්” සරසවියට නවකයකු වන ඔහු ද, අප ද අතර සිදු වන මේ ‘එස්.එම්.එස්’ සංවාදයෙන් පිළිබිඹු වන්නේ රටේ වර්තමාන මත්ද්‍රව්‍ය භාවිතයේ සැබෑ ස්වරූපයයි. කට වචනයෙන් පමණක් මැඬලිය නොහැකි මේ ව්‍යසනයෙන් රට ද, හෙට ද බේරා ගත යුතු ක‍්‍රමවේදය තෝරා ගත යුත්තේ නොපමාවය. ජාතිික අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලය මගින් ප‍්‍රකාශිත, 2016 මත්ද්‍රව්‍ය තොරතුරු වාර්තාවට අනුව දැක්වෙන්නේ 2015දී මත්ද්‍රව්‍ය වැරැුදි සඳහා අත්අඩංගුවට පත් වූ සංඛ්‍යාව 82,482ක් වශයෙනි. මත්ද්‍රව්‍ය වශයෙන් හෙරොයින් සම්බන්ධව සියයට 32ක ද, ගංජා සම්බන්ධව සියයට 63ක ද ප‍්‍රතිශතයන් සහිතව සිදු වූ මේ අත්අඩංගුවට ගැනීම් 2014 වසර හා සසඳන විට සියයට 23ක ප‍්‍රතිශතයකින් වැඩි වූ බවට ද සඳහනකි. එහෙත්, වාර්තාවේ සටහන්ව ඇති අයුරින්ම මෙලෙස අත්අඩංගුවට පත් බහුතරය සිය භාවිතය සඳහා ඉතා සුළු ප‍්‍රමාණ වශයෙන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් පුද්ගලයන් මිස තොග ප‍්‍රමාණයකට වග කියන්නන් නොවේ. අද විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයේ එක් සුලබ වාර්තාවකට මාතෘකා වන්නේද හෙරොයින් හෝ ගංජා ස්වල්ප ප‍්‍රමාණයක් ළඟ තබා ගන්නන්ය. මොවුන් එලෙස හෙරොයින් හෝ ගංජා ළඟ තබා ගන්නා කාරණය හරිහැටි විමසා බැලීමේ වැදගත්ම අවශ්‍යතාවය වන්නේ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ගැලපෙන මාර්ගය සකසා ගැනීමටය. මත්ද්‍රව්‍යයකට ළං නොවී සිටීමට කිසිවකුගේ මනසට ළං කළ යුතු එක් විශේෂිත පණිවුඩයකි. මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදට හසු වී, බන්ධනාගාරයට, රැුඳවුම් කඳවුරට වැටෙන මේ පුද්ගලයන් සමඟ වන කතාබහක දී හැමදාමත් පැහැදිලිව මතු කොට ගත හැකි වන්නේ ඒ පණිවුඩයයි. වසර කිහිපයක් තිස්සේ මෙවැන්නන්ට මාර්ගෝපදේශනය සැපයීමේ දී අපට දැනෙන්නේ මේ පණිවුඩය ලද්දේ නම් ඔවුන් මෙතැනට නොවැටෙන බවය. අදාළ සංවාදයේ දී මත්ද්‍රව්‍ය ප‍්‍රථමයෙන් ලබා ගත්තේ තමන්ගේ වුවමනාවට දැයි යන පැනයට සියල්ලන්ගෙන් සැපයෙන්නේ ‘නැත’ යන පිළිතුරය. ඔවුන් එතැනට ප‍්‍රවේශය සපයා ගෙන ඇත්තේ කිසිවකුගේ පෙළඹවීමකිනි. එලෙස වන පෙළඹවීමට අනුව ඔවුන් සිතා ඇත්තේ, මත්ද්‍රව්‍ය හිත ද, ගත ද ප‍්‍රාණවත් වන ආකාරයේ රසවත් හා වැදගත් සංයෝගයක් වශයෙනි. සිය කෝඩුකාර අත්දැකීමේ දී එවැනි රසයක් හෝ ප‍්‍රියජනක බවක් නොදැනුණ ද, තව දුරටත් මත්ද්‍රව්‍ය ගැනීමට ඔවුන් කටයුතු කොට ඇත්තේ තමන් පෙළඹවීමට ලක් කළ අපාය සහායක පුද්ගලයාගේ තවත් උපදේශයකට අනුව ය. එහි දී අදාළ පුද්ගලයා පවසා ඇත්තේ, ප‍්‍රියජනක ප‍්‍රතිචාරයට ළඟා වනු පිණිස දිගින් දිගටම මත්ද්‍රව්‍ය ලබා ගැනීම සිදු කළ යුතු බවයි. උගුල එතැන බවට වන දැනුම්වත්බව නොපැවැති හෙයින් එහි වැටුණු ඔවුන් එතැන් සිට සිය ජීවිතය අවුලෙන් අවුලට පත් කොට ගෙන ඇති බව පැහැදිලි ය. විසක් වන මුත් මත්ද්‍රව්‍ය දිගින් දිගටම ගැනීමේ දී සිරුර පත්වන්නේ එලෙස ගන්නා විස මත රඳා පැවතීමේ (ෘැචැබාැබජැ* අවස්ථාවට ය. එහෙයින් මේ වස විස සිරුරට ඇතුළු කොට ගැනීම නැවතුණු මොහොතක විවිධ අපහසුතාවයන් මතු වීම අපේක්ෂිත ප‍්‍රතිඵලයය. මේ ප‍්‍රතිඵලය හැඳින්්වෙන්නේ එලෙස රඳා පැවතීමේ අවස්ථාවට පත් වූ පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ගැනීම නතර කළ විට පළ වන රෝග ලක්ෂණ (උසඑයාර්අ්ක ිහපචඑදපි* වශයෙනි. කෑම අරුචිය, වමනය, සිරුරේ පේශි වේදනා, නින්ද නොයාම, නාසයෙන් හා දෙඇසින් ස‍්‍රාව නිකුත් වීම, නොසන්සුන් බව ඇතුළත් වන්නේ එලෙස සිය නොදැනුම්වත් බවින් හා වුවමනාවෙන් ඇති කොට ගත් රෝග ලක්ෂණ අතරටය. මෙතැන් සිට කිසිවකු මත්ද්‍රව්‍ය තව තවත් ලබා ගන්නේ එලෙස වුවමනාවෙන් ලබා ගත් රෝග ලක්ෂණ තාවකාලිකව යටපත් කොට ගැනීමටය. කාලයක දී සිදු වන්නේ මේ ලෙසට ලෙඩ ලකුණු මැඬපවත්වනු පිණිස ගන්නා මත්ද්‍රව්‍ය ප‍්‍රමාණය දවසින් දවස ඉහළ දමා ගනිමින් ඇබ්බැහිය (්ාාසජඑසදබ* නම් වන අවස්ථාවට පත්වන්නටය. මත්ද්‍රව්‍ය උගුලට වැටෙන ආකාරය පිළිබඳ මේ පණිඩුඩය මෙරට යෞවනයට, තාරුණ්‍යයට තවමත් හරිහැටි නොලැබෙන බව පැහැදිලිය. මෙහි දී විශේෂයෙන් අවධාරණය කළ යුතු කාරණයකි. එනම්, මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන්ගෙන් බහුතරය සිය ප‍්‍රථම මත්ද්‍රව්‍ය ලබා ගැනීම සිදු කොට ඇත්තේ, වයසින් අවුරුදු 15ත් 25ත් අතර කාල පරාසයක දී වන බව සියලූ සමීක්ෂණවලදී තහවුරුව ඇති බවය. එහෙයින්ම පාසලට, උසස් අධ්‍යාපන ආයතනයට මේ පණිඩුඩය හරිහැටි ගෙන යා නොහැකි නම්, කාර්යසාධක බළකායක් මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂණය සහිතව පැවැතීමෙන් බලධාරීන්ට ම මිස රටේ ජනතාවට අත් වන සුගතියක් නැත. විටෙක යම් සංදර්ශන ව්‍යාපෘතියක දී දේශපාලක කතා කනේ ගෑවී යාමට සලස්වා පාසල් සිසුන් පිරිසකගේ දෑත් තිරස් තලයක ඉදිරියට පිහිටුවා ප‍්‍රතිඥා දීමේ දර්ශන හෝ වාර්තා මඟින් සිදු කළ හැකි වන්නේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයේ හිස්තැන් පිරවීමක් ම පමණකි. කළ යුතු දේ, විය යුතු දේ නොකෙරෙන රටක, නොවෙන රටක හිත රවටන, නෙත රවටන මෙවැනි සංදර්ශන සඳහා ද පවතින්නේ අසීමිත අවකාශයකි. මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යසාධක බළකායක මෙහෙවර ලෙස ප‍්‍රකාශ වී ඇත්තේ ද, මද්‍යසාර, දුම්කොළ හා නීති විරෝධී මත්ද්‍රව්‍ය ක‍්‍රමානුකූලව අඩු කිරීමෙන් ඒවා භාවිතයෙන් වන හානිය අවම කිරීම මඟින් සියලූ ශ‍්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම දියුණු කිරීමත්, නිෂ්පාදන ඵලදායීතාව වැඩි කිරීමත්, දිළිඳුකම පිටුදැකීමත් සඳහා සක‍්‍රීයව ක‍්‍රියාත්මක වීමය. ඒ කෙසේ වෙතත්, 2016 අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ වාර්තා අනුව ද පැහැදිලි වන්නේ මේ මෙහෙවරට අදාළ අපේක්ෂා ඉටු වනු පිණිස පවතින අවකාශය සීමිත බවය. මත්ද්‍රව්‍ය සොච්චමක් ළඟ තබා ගැනීමේ වරදට හසු වූ අත්අඩංගුවට පත් පිරිසෙහි යම් වැඩිවීමක් සටහන් වුවද, වාර්ෂිකව ආරක්ෂක අංශ මඟින් හසුකොට ගත් මත්ද්‍රව්‍ය ප‍්‍රමාණ සම්බන්ධයෙන් දැක්වෙන්නේ පැහැදිලි අඩුවීමකි. 2014දී එලෙස නීීතියේ රැුහැනට හසු කොට ගත් හෙරොයින් කිලෝ ග‍්‍රෑම් ගණනින් 312ක් වන විට, 2015 දී ඒ ප‍්‍රමාණය දැක්්වෙන්නේ කිලෝ ග‍්‍රෑම් 46කිනි. 2014 දී හසු කොට ගත් ගංජා කිලෝ ග‍්‍රෑම් ගණනින් 19,644ක් වන විට 2015දී ඒ ප‍්‍රමාණය දැක්වෙන්නේ කිලෝග‍්‍රෑම් 6,569කිනි. හසුවන මත්ද්‍රව්‍ය එලෙස ප‍්‍රමාණයෙන් පහළ බසින අතරතුරදීම වටපිටාවේ අසන්නට දකින්නට ඇති දේ අනුව පැහැදිලි වන්නේ, මත්ද්‍රව්‍ය නිවාරණයේ දී යම් පිරිසකට පැවතීමට අත්‍යවශ්‍ය වන දැනීමක්ද පහළ බැසීමකට ලක්ව ඇති බවය. එලෙස පහළ ගොස් ඇත්්තේ, රටේ සියලූ අහුමුළු වෙත මේ වසවිස බෙදාහරින්නන් තුුළ පැවති බිය සැක හා චකිතයය. මෙහි දී යළි යළිත් ප‍්‍රත්‍යක්ෂ වන්නේ සමාජ උවදුරු නිවාරණයේ දී වන ඵලදායී ක‍්‍රියාකාරකම් සඳහා රාජ්‍ය මැදිහත් වීම පමණක් නොව පුද්ගල සාධකද අත්‍යවශ්‍ය වන බවය. පාතාලයේ හිස එසවීමට ද මේ සියලූ සාධක සම සමව බලපා ඇති බව පැහැදිලිය. වාර්ෂික මද්‍යසාර නිෂ්පාදනය ද ඉහළ යමින් පවතින බවට සාක්ෂි සපයන්නේ ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ 2016 මත්ද්‍රව්‍ය තොරතුරු වාර්තාවය. 2014දී ලීටර් හැට දෙලක්ෂයක පොල් අරක්කු නිෂ්පාදනය 2015දී ලීටර් හැත්තෑ අට ලක්ෂයක්ද, 2014දී විසි එක් ලක්ෂයක මොලෑසස් අරක්කු නිෂ්පාදනය 2015දී ලීටර තිස් අට ලක්ෂයක්ද, 2014දී ලීටර් තිස් එක් ලක්ෂයක විශේෂිත අරක්කු නිෂ්පාදනය, 2015දී ලීටර් තිස්පන් ලක්ෂයක්ද බවට පත් වන විට, බෝතල් කළ රා නිෂ්්පාදනයේ ඉහළ යාමද දැක්වෙන්නේ ඒ හා සමාන පිළිබිඹුවක් වශයෙනි. ඒ අනුව 2014දී ලීටර් අනූ හත් ලක්ෂයක් වූ බෝතල් කළ රා නිපැයුම 2015දී පත්ව ඇත්තේ එක් කෝටි හාර ලක්ෂයකටය. බියර් නිෂ්පාදනයේ ඉහළ යාම සටහන් වන්නේ එහි අන්තර්ගත මද්‍යසාර ප‍්‍රතිශතයේ බලපෑම ද පැහැදිලි කරමිනි. ඒ අනුව මද්‍යසාර ප‍්‍රතිිශතය සියයට 5කට අඩු තත්ත්වයේ බියර් නිෂ්පාදනය 2014දී හා 2015 දී ලීටර් එක්කෝටි විසි ලක්ෂයේ සීමාවේ පවතින විට මද්‍යසාර ප‍්‍රතිශතය සියයට 5කට වැඩි තත්වයේ බියර් නිෂ්පාදනය සම්බන්ධයෙන් පෙන්නුම් වන්නේ 2014 දී ලීටර් එකොළොස් කෝටි දහඅට ලක්ෂයේ සිට 2015දී ලීටර් එකොළොස් කෝටි තිස් එක් ලක්ෂය දක්වා වන වැඩිවීමකි. නිකුත් වූ දුම්වැටි ප‍්‍රමාණය සම්බන්ධයෙන් පමණක් 2015දී 2014 හා සසඳන විට අඩු වීමක් හෙවත් යහපත් ප‍්‍රතිචාරයක් පවතී. 2006 ජාතික දුම්කොළ හා මද්‍යසාර අධිකාරිය පනත ක‍්‍රියාත්මක වීමට අනුව වසරින් වසර සිදුවෙමින් පවතින මේ අඩු වීම කෙසේ හෝ 2015ට ද සුරැුකිව ඇති බව පැහැදිලිය. අද රටේ බොහෝ තැන් ද, ආයතන ද හැරෙන්නට අධ්‍යාපන ආයතන තුළ ද රැුඳෙන්නන් සැලකිය යුතු පිරිසක් මත් උවදුරට ගොදුරුව වල්මත් වෙමින් පසුවන බව කරුණු දන්නා පිරිසට රහසක් නොවේ. ගංජාද, කේරල ගංජාද, හෙරොයින්ද, වෙනත් ඖෂධ ආකාරයේ පෙතිද මේ ස්ථාන ආක‍්‍රමණය කොට ගනිමින් ඇත්තේ බාධාවකින් තොරවය. සියල්ල එලෙස සිදු වන අතරවාරයේ දී මත්ද්‍රව්‍ය නිවාරණයට පිට පොට ගැසිය යුතු ඇතැම් කාර්යසාධක බළකා බලධාරීන් ලක ලෑස්ති වන්නේ චක‍්‍රලේඛ නිකුත් කිරීමකින්, රාජ්‍ය ආයතන තුළ නාමික කමිටු පිහිටුවීමකින් කාලය ගෙවා ගැනීමේ කල්ක‍්‍රියාවකටය. වරක් රූපවාහිනී නාළිකාවක සජීවී වැඩසටහනකට පැමිණි අදාළ බලධාරීන් මෙවැනි ප‍්‍රකාශ සපයා ස්වයං තෘප්තියකින් පසුවන අවස්ථාවක දී, අප දුරකථනයෙන් සම්බන්ධ වෙමින් පළ කොට සිටියේ, ඵලදායී මත්ද්‍රව්‍ය නිවාරණයක දී ඉලක්ක කොට ගත යුතු ප‍්‍රධාන කාරණා පිළිබඳවය. එහෙත්, එදින මේ වැඩසටහනට සම්පත්ධාරීන් වූ මේ බලධාරීන් එහි දී ද අනුගමනය කරන ලද්දේ බීරි අලි න්‍යායම ය. ඒ අපගේ අදහසට ප‍්‍රතිචාර පළ නොකරමින්, ඔවුන් එදිනට හිතේ හා පතේ ලියාගෙන ආ දේ තව දුරටත් වමාරා දමනු දක්නට ලැබිණි. මත් රකුසා රටේ ජාතියේ මොළ වනසා දැමීමේ ව්‍යාපෘතියක එදාට වැඩි වේගයකින් ද, නිදහසකින් ද නියැළෙමින් සිටින ආකාරය පිළිබඳ හරි අවබෝධයකින් පසුවීම මෙවැනි අවස්ථාවකදී රටවැසියන්ගේ ද වගකීමය. බළකායකට ද වළකාලිය නොහැකි මතට තිත කෙසේ වෙතත් කොමාවක් වත් තබා ගැනීමට එවැනි දැනුම්වත් බව අත්‍යවශ්‍යය.


නූතන ගෝලීය අභියෝග හමුවේ නව ඉංජිනේරුවන්ගේ කාර්යභාරය

2017-01-08     (වරලත් ඉංජිනේරු ප‍්‍රසන්න සේනානායක)

අද ලොව වෛද්‍ය හා ඉංජිනේරු වෘත්තිකයන් තම රැුකියා ස්වභාවයන්හි වෙනස්කම් නොසලකමින් එකාවන්ව පෙළගැසෙමින් නායකත්වය සපයන්නේ වත්මන් අභියෝග හමුවේ තම රැුකියා සුරක්ෂිතභාවය හා සහජීවනය යන මූලික කාරණා මුල්කොට ගෙන වන අතර, එය ඉහළ වැටුපක් හා හොඳ රැුකියා අවස්ථාවක් යන ප‍්‍රාථමික කාරණාවලින් ඔබ්බට යමින් වඩාත් පුළුල් කතිකාවතකට යොමු වීම කාලෝචිතය. මධ්‍යස්ථව සිතන මතන හා නව්‍යකරණයට ඇලූම් කරන ඉංජිනේරු වෘත්තිකයන් ලෙස මෙම තත්ත්වයන් දෙස බලන කල විචිත‍්‍රව සකස් වන අපගේ සිය දහස් ගණනින් වන දේශීය නිමැයුම්කරණය පිළිබඳ ප‍්‍රකාශන බොහොමයක් පත්තර පිටු ගණන් පුරවාලයි. අවාසනාව නම් මෙම අදහස් කතාවටම පමණක් සීමා වීම ය. මෙරට නිර්මාණ යුරෝපීය හෝ විදෙස් නිෂ්පාදන සම`ග තරග කරද්දී ඔබ අපම පාරිභෝගිකයන් ලෙස දේශීය නිෂ්පාදන දෙස වපරැුසින් බලන්නේ ”අයියෝ ලෝකල් ද?” යන ඉතා අඩු ලන්සුවෙනි. ඉංජිනේරුවන් හමුවේ ඇති සැබෑම අභියෝගය මතුව එන්නේ දැන්ය. මේ වන විට ඉන්දියාව හා අවට රටවලින් අප වෙත එන නිෂ්පාදන රැුසකි. මෙරටට ත‍්‍රීරෝද රථ ආනයනය කිරීම ඇරඹි මුල් වකවානුවේ එයට විරෝධය පළ කළ ඉංජිනේරුවන් කවරෙකු ද? අද රථවාහන ආනයනයකරුවන්, වෙළෙන්දන් හා ඒ ආශ‍්‍රිත රැුකියාවේ යෙදෙන ශ‍්‍රමිකයන්ට ත‍්‍රීරෝද රථ ව්‍යාපාරය ධන ඉල්ලමක් බඳුය. අද ද ඇතැම් පළපුරුදු මෙන්ම තරුණ ඉංජිනේරුවන්ද තම වෘත්තිය සාරධර්ම පසෙකලා මුදල පසුපස හඹා යනු දැකිය හැකිය. ශ‍්‍රී ලාංකික ඉංජිනේරු උපදේශකයන් 95%ක් පමණ වන පිරිසක් දේශීය නිෂ්පාදන කෙරෙහි ඇල්මක් නොදක්වන බවක් පෙනෙනුයේ පළමුව විශ්වාසය ද, දෙවනුව එහි වෘත්තීයමය ගුණාත්මකභාවය හා වෙනත් පෞද්ගලික කාරණා හේතුවෙනි. බොහෝ ඉංජිනේරුවන් ප‍්‍රමිතිය අවශ්‍ය වන බව නිර්දේශ කරති. එහෙත් ඉන් බහුතරයකට ප‍්‍රමිතිය යනු කවරක්ද යන්න ගැන පැහැදිලි අදහසක් පවතීද යන්න සැකයකි. ඉංජිනේරු උපාධිය සමත් වන උපාධිධාරීන් නිතැතින්ම නිෂ්පාදන ආනයනය කරන සමාගම්වල සේවයට යොමු වීම හෝ යුරෝපියානු ඉන්දියානු, චීන, තායිලන්ත හෝ මැලේසියානු කලාපීය ඒජත්තයෙකු හරහා මෙරටට පටවන බහුජාතික සමාගම්වල ඉහළ වැටුප් ලබන මහාචාර්යවරයෙකු යටතේ එකී කාර්යයට උර දෙන්නෙකු බවට පත්වේ. මෙම කර්මාන්තයේ මුහුණුවර වනුයේ බොහොමයක් වූ නිෂ්පාදන පර්යේෂණාගාර පිහිටන්නේ යුරෝපයේ වන අතරම එහි නිෂ්පාදනය සිදු කෙරෙන්නේ ඉන්දියාව හෝ තායිලන්තය වැනි රටකය. එම නිෂ්පාදනවල ඒජන්තවරුන් ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව හෝ චීනය වැනි රටක සිට අපගේ දේශීය වෙළඳපොළ වෙත කඩා වදී. අනාගතයේදී යුරෝපියානු ව්‍යපාර තම වෙළෙඳපොළ සොයා ගනු ලබන්නේ ආසියාව තුළිනි. එහි දී ශ‍්‍රී ලංකාව පිවිසෙන්නේ ඉන්දියාව හා චීනය හරහා ය. මෙම නව වෙළෙඳපොළ සංස්කෘතිකය අප භාවිතාවේ යොදවන නව ලිබරල්වාදී ආර්ථික පිළිවෙත් ආරම්භයේ සිට පෙළගැසුණු අතරම, එයට අනුගතව කටයුතු කරනවා හැර ඊට විකල්පයක් ද නැත. මෙම ක‍්‍රමවේදය අනුගමනය කරන ප‍්‍රමුඛ සමාගම් කිහිපයක් ලොව පවතී. සැලසුම්ගත මෙට්රෝ්පොලිස් නවනගර ව්‍යාපෘතියට ආයෝජනය කළ හැකි දේශීය ආයෝජකයන් නොමැත. මෙම මාදිලියේ ව්‍යාපෘති එහි මතුපිටින් බැලූ කල ඉතා ආකර්ෂණීය වන්නාක් මෙන්ම, මේ වෙනුවෙන් අප ලබා ගැනෙන විදේශ ණය මුදල්, මෙරට වත්මන් ණය බර හා එම අයෝජනයෙන් උපයනු ලබන තිරසර ආදායම උපාය උපක‍්‍රම නොමැති කල්හි මෙය තවත් එක් ”මත්තලක්” වේ ද යන්න සැකසහිතය. අප කළ යුතු වන්නේ ජාතියක් වශයෙන් අපගේ ප‍්‍රමුඛතා හරි හැටි වටහා ගැනීමය. පාරිසරික සාධක, නිරන්තරයෙන් වෙනස් වන්නාවූ සංස්කෘතික පසුබිම හා සමාජ ආර්ථික කරුණු සැලකිල්ලට බඳුන් විය යුතුය. ත‍්‍රීරෝද රථය, බස් මං තීරුව සාම්ප‍්‍රදායික අධ්‍යාපනය ආදී කුමක් සැලකුව ද අප ජනතාවගෙන් 95%ක් මිථ්‍යාවට ගොදුරවී සිටියි. සංවර්ධනයට අදාළ බොහෝ තාක්ෂණික කරුණු කාරණා ගැන තීන්දු ගන්නේ දේශපාලකයන් හා දේපළ වෙළෙන්දන් වන අතර, එහි දී නගර හා ග‍්‍රාම සැලසුම් නිර්මාණ වෘත්තිකයන්ට සවන් දීමක් වන්නේ කලාතුරකිනි. මේ පිළිබඳව මහජන මතයක් ගොඩනැඟීමට අප යුහුසුළු විය යුතුය. ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගරයන්ගේ නිදහස් අධ්‍යාපන පනත වසර 04කට වඩා මහජන කතිකාවතකට බඳුන් වූ බව මෙහිදී අපට සිහිගන්වයි. මේ වන තෙක් එතුමන් හඳුන්වා දුන් මධ්‍ය විද්‍යාල පද්ධතියට වඩා හොඳ විකල්ප තවමත් අපට නැත. ඩොලර් බිලියන 60ක ආයෝජන සැලසුමක් සමස්ත රටම ආවරණය වන පරිදි සැලසුම්ගතය. අපගේ ගැටලූව මෙවන් විසල් සැලස්මක් සමස්ත රට තුළම විසිරී යන පරිදි සිදු කිරීමට සැලසුම් කරන්නේ මන්ද යන්නය. අප රටෙන් ජනතාවගෙන් අදටත් 60%ක පමණ පිරිසක් කෘෂි කර්මාන්තයේ නියැළෙන අතරම, රටෙහි ආදායමෙන් 80%ක් පමණ අගයක් බෙදී යන්නේ සමස්ත ජනගහනයෙන් 20%ක් පමණ පිරිසක් අතර ය. එය සුවිසල් ආදායම් විෂමතාවයකි. එහි තවත් පැතිකඩක් වන්නේ සියලූම රාජ්‍ය ව්‍යවසාය තම වැටුප් ගෙවීමට පවා මහා භාණ්ඩාගාරය මත අදටත් යැපීමය. මෙම විෂම චක‍්‍රයෙන් ගැලවීමට අපට ඇති එකම විකල්පය වන්නේ කුසලතා සපිරි අපගේ තරුණ ඉංජිනේරුවන් හා නිර්මාණකරුවන් පෙරට ගනිමින් නව තාක්ෂණික නිමැයුම්කරණයට ප‍්‍රවිෂ්ඨ වීමය. නොඑසේ නම් මේ අප වෙලා සිටින සුවිසල් ණය බරින් රටට ගැලවීමක් නැත. රට නිසි මඟට ගෙන ඒමට නම් පවතින පාලන ක‍්‍රමවේදයම පුළුල්ව පරිවර්තනයට ලක් කළ යුතුය. සමස්ත ක‍්‍රමවේදයම දුර්වල වන්නේ නම් අතුරු අංශ ගැන පිළියම් යෙදීම ඵල රහිතය. අපගේ රාජ්‍ය ගිණුම් ශේෂය ධන අගයක් වන තුරු, අප හට බටහිර හාම්පුතුන්ට අවනතව සිටීමට බල කෙරේ. අපගේ රටෙහි සිටිනා කුසලතා සපිරි ඉංජිනේරුවන් හා බුද්ධිමත් වෘත්තිකයන්ගේ අවමානයට හේතු වන්නේ අදටත් අපගේ රටට අදායම් ගෙනෙන්නේ මැදපෙරදිග වහල් මෙහෙයක නිරත වන අපගේම කාන්තාවන් වීමය. අප රට හිරවී ඇති ණය උගුලෙන් ගැලවීමට නම් අපගේ අපනයනයන් ගෙන් සැලකිය යුතු කොටසක් තාක්ෂණික නිමැයුම් බවට හරවා ගත යුතුය. අපගේ විදේශ විනිමය සැලකිය යුතු ප‍්‍රතිශතයක් විදෙස් අධ්‍යාපනයට, වෛද්‍ය නිෂ්පාදන ගෙන්වීමට හා ඉංජිනේරු නිෂ්පාදන උදෙසා වැය කෙරේ. මෙම තත්ත්වයට ප‍්‍රධානම හේතුව වන්නේ දේශීයව බිහිව සිටිනා ජනතාව පෙළන උගතුන් වෛද්‍ය හා ඉංජිනේරු ක්ෂේත‍්‍රවල ක‍්‍රියාත්මකව සිටීම හේතුවෙනි. මෙම තත්ත්වය පාලනය කළ හැක්කේ රජය මැදිහත්ව නිසි නියාමන අධිකාරියක් ස්ථාපනය කොට මෙම කොටස් පාලනය කිරීමෙන් පමණක්ම වේ. මෙලෙස ජනතාව පෙළන වෘත්තිකයන් හඳුනාගෙන ඔවුනට එරෙහිව සාධනීය පියවර නොගැනෙන්නේ ඔවුන්ගේ විරෝධතාවට රජය ලක්වේය යන කාරණාව නිසාය. මෙම තත්ත්වය වඩාත් දරුණු වන්නේ උක්ත කාරණාව සම්බන්ධව ජාත්‍යන්තර නියාමනයක් හෝ නිසි රාජ්‍ය ප‍්‍රතිපත්තියක් නොවීමෙනි. රජයේ රැුකියාවේ නියුතු බොහෝ වෛද්‍යවරු රහසින් පෞද්ගලික චැනලින්වල යෙදෙති. එනමුත් මෙරට ඉතිහාසයේ ගෙවුණු වසර 120 දෙස ආපසු බලද්දී වෛද්‍යවරුන් වෘත්තිය ක්ෂේත‍්‍රය තුළ අප කළ සුවිශේෂි හා නැවුම් නිර්මාණයක් නැත. එමෙන්ම බැංකු ක්ෂේත‍්‍රය තුළ තත්ත්වයද වෙනස් නැත. අපගේ රට තුළ නිෂ්පාදකයෙකු තනන පරිවාරකයක් හෝ භාවිතාවේ යෙදීමට ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් නොවේ. එම නිෂ්පාදන අඩුම තරමින් අත්හදා බැලීමටවත් අකැමැති ලං.වි.ම.ය මෙරට පාඩු ලබන රජයේ ව්‍යවසාය අතුරින් ප‍්‍රමුඛයෙකි. තවමත් අත්සන් තබා නැති ෑඔක්‍් ගිවිසුමට බොහෝ කලකට පෙර සිටම ඉන්දීය වෛද්‍යවරුන් මෙරට ඇතැම් පෞද්ගලික රෝහලවල සේවයේ යෙදෙන බව සත්‍යයකි. එකල රෙජිමය රුපියල් මිලියන ගණනින් වන අධිසර විදුලි සැපයුම් ව්‍යාපෘති ඉන්දියානු ්ඊඊ හා ීෂෑඵෑභී සමාගම්වලට පවරා දීමේ දී ලංකා ට‍්‍රාන්ස්ෆෝමර්ස් හා තවත් එවන් දේශීය සමාගම් මඟහැර ගොස් තිබිණි. මධ්‍යස්ථ මත දරන ඉංජිනේරුවන් වශයෙන් අප ඨඵධ්/ෂෑීඛ/ෂභඣ හා සෙසු දේශීය සුදුසුකම්ලාභී වෘත්තිකයන් ඔවුනගේ ”සාම්ප‍්‍රදායික ළිං මැඩි” චින්තනයෙන් මුදා ගැනීමට පොදු ජනතා හඬක් නැංවීමේ කාලය පැමිණ ඇත. ගල් අඟුරු බලාගාර ආරම්භ කෙරුණු මුල් කාලයේ කිසිවෙකු ඊට විරෝධතා දක්වා නැත. ඔවුන් මේ සියල්ල නොදුටුවා සේ පසුවිය. සැබෑ අර්බුදය මෝරා විත් ඞීසල් පද්ධති සවි කළ විට ද, නව කාඞ්බෝඞ් වීරයන් බිහි විය. එම අවස්ථාවේ ද වෘත්තිකයන් අතර ඒකාබද්ධ වැඩසටහනක් නොවිණි. මේ වන විට අශ්වයා පැන ගොස් ඇත. දැන් පාඩුව විඳ දරා ගන්නවා හැර කළ හැකි වෙන යමක් නැත. ණය යෝජනා ක‍්‍රමය ක‍්‍රියාත්මක වෙද්දී හා පෞද්ගලික වරදාන පිදෙන විට, දේශපේ‍්‍රමය, ජාති වාත්සල්‍යය අතුරුදන් වේ. යම්කිසි ප‍්‍රජාතාන්ත‍්‍රිික පරිසරයක් ගොඩනංවන විට සැබෑ විරෝධතාවලට උස් හඬක් ලැබී ඇත. මෙම කනගාටුදායක තත්ත්වය පරාජය කරන්නේ කෙලෙස ද? 1. ෑඔක්‍් ගිවිසුම අපගේ රටට සිදුවන වාසි/ අවාසි පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් කළ යුතුය. 2. රජයේ ආයතන සඳහා භාණ්ඩ හා සැපයුම් ලබා ගැනීමේදී ප‍්‍රතිපත්තිමය වශයෙන් දේශීය නිෂ්පාදිත භාණ්ඩ සඳහා ප‍්‍රමුඛත්වය ලබා දිය යුතුය. 3. දේශීය නිෂ්පාදකයාට බදු සහන හා ප‍්‍රතිලාභ හිමි විය යුතුය. 4. විශ්වවිද්‍යාල හා පෞද්ගලික අංශය එකාබද්ධව පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන ආරම්භ කරමින් රටට ඵලදායි පර්යේෂණවල නිරත විය යුතුය. 5. බුද්ධිමය දේපළ අයිතිය සවිමත් කරමින් එකී ආයතන සදහා බලතල ලබා දිය යුතුය. එම භාණ්ඩ චීනය හෝ ඉන්දියාව වැනි රටවලින් ගෙන්වා ගනිමින් නව නිර්මාණ දුර්මුඛ නොකළ යුතුය. 6. මෙරට දී නිෂ්පාදනය කළ හැකි වන සෑම ඖෂධයක්ම දේශීයව නිපදවා ගත යුතුය. 7. සාගර රළ උපයෝගී කර ගනිමින් බලශක්තිය නිපදවා ගැනීමේ ශක්‍යතාව පවතී. 8. ඉංජිනේරු උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් අතර පවතින විරසකකම් අවසන් කළ යුතුය. 9. ඉන්දියාව තම ලෝහ කර්මාන්ත නිෂ්පාදන මෙරටට හඳුන්වා දීමට ද, යුරෝපා නිෂ්පාදන ගෙන්වා මෙරට දී බෙදාහැරීමට ද උත්සාහ ගනු ඇත. අපගේ ඉංජිනේරුවන් විදෙස් නිෂ්පාදන ගෙඩි පිටින් භාර ගන්නේ නව ආකල්ප හා දැනුම හීනවීම හේතුවෙනි. මෙම ගැටලූවලට ඉතාම සාවධානව සවන් යොමු කරමින්, කඩිනම් විසඳුම් ලබා දිය යුතුය. 10. කර්මාන්ත අංශයෙන් සම්මාන පිරිනමන දේශීය යාන්ත‍්‍රණය වෙනස් කරමින්, කර්මාන්ත ශාලා නිරීක්ෂණය, සම්මාන පිදීමට පෙරාතුව පරීක්ෂාවට ලක් කිරීම ආදිය අවැසිය. 11. සුබවාදී දේශපාලන දැක්මක් පැවතිය යුතු අතරම, සියලූ පක්ෂ නියෝජනය වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතුය. 12. මාධ්‍ය මෙහි දී ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබන අතරම, එමඟින් දේශීය නිෂ්පාදන ප‍්‍රවර්ධනය කළ යුතුය. මේ සඳහා ජාතික හා ජාත්‍යන්තර කණ්ඩායම් සූදානම්ව සිටිති. 13. අප යුරෝපියානු සමාගම්වල මුල් පාර්ශ්ව දිනා ගනිමින් ඉන්දියාව හරහා සම්බන්ධ නොවී සෘජුවම එකී රටවල සමාගම් කලාපීය ශාඛා ශ‍්‍රී ලංකාවේ ආරම්භ කරන ලෙසට මව් සමාගම් උනන්දු කළ යුතුය. 14. සියලූ රූපවාහිනී නාළිකා සෘජුවම යුරෝපියානු චැනල් මඟින් ලබා ගත යුතු ය. මෙම නාළිකා ඉන්දියාව හරහා ලබා ගැනීම හේතුවෙන් ඉතා සූක්ෂ්ම අන්දමින් ඉන්දියානු බලපෑම සහිත මාලා නාටක හා වෙළෙඳ ප‍්‍රචාරක දැන්වීම් අපගේ කුඩා දරුවන්ගේ කැමැත්ත දිනා ගනී. එමඟින් අනාගත පරපුර තම ජාතික අනන්‍යතාව විනාශ කර ගනිති. 15. අප වෙළෙඳ ගිවිසුමකට යා යුතු වන්නේ යුරෝපා සංගමය, එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආදීන් සමග ඇති කර ගෙන ඇති ගිවිසුම් හා සමාන ආකාරයටය. ඉන්දියාව අර අඳින්නේ කවරකට ද යන්න අප විමසිල්ලෙන් බැලිය යුතු ය. ප‍්‍රජාතාන්ත‍්‍රික හරයන් හා ක‍්‍රමවේද පවතින බැවින්, මූලික වශයෙන් සාකච්ජා පැවත්වීම ද, ඉන් අනතුරුව අවසන් එකඟත්වයට පෙරාතුව විකල්ප සොයා බැලීම ද වැදගත් වේ. මෙරට පාලනය කළ ¥ෂිතම රෙජිමය පරාජය කිරීමට අපට හැකියාව ලැබිණ. එමඟින් අපට ජාතියක් වශයෙන් 40%කට වැඩි වූ ණය බරක් හිසමත පැටවී ඇත.