වඳුරන්ට දැලි පිහි දුන් පසු...

2017-02-19     (.......)

වඳුරාට දැලි පිහිය ලැබුණු විට විය හැකි බොහෝ දේ තිබෙන බව අපි දනිමු. මෙතෙක් කලක් බලය ලබා ගත් දේශපාලනඥයන් හැසිරී ඇත්තේ, දැලි පිහි අතට ගත් වඳුරන්ටත් අන්ත ලෙස බව සිදු වූ බොහෝ දේවලින් අපි අත්විඳ ඇත්තෙමු. අද සමාජයේ මහත් කතිකාවක් බවට පත්ව තිබෙන සයිටම් අර්බුදයද එයට කදිම උදාහරණයකි. සයිටම් ආයතනයට බඳවා ගන්නා සිසුවකුගේ හෝ සිසුවියකගේ පාඨමාලා ගාස්තුව එක්කෝටි විසිලක්ෂයකි. එනම්, සයිටම් යනු සල්ලි ආකරයකි. බලයට හා මුදලට කෑදර දේශපාලන වඳුරන් කළේ මේ සල්ලි ආකරය ඉහගෙන කෑමට පොරකෑමයි. තවත් දේශපාලනඥයන්ට තමන්ගේ, තම ඥාතීන්ගේ අඩු සුදුසුකම් සහිත දරුවන් වෛද්‍යවරුන්, වෛද්‍යවරියන් කර ගැනීමට ලැබුණු අනගි අවස්ථාවකි. සයිටම් බලධාරීන්ද, මෙකී වඳුරු දේශපාලකයන්ද එකට එක් වී ව්‍යාජ බේගල් කප්පරක් ඇතුළත් කරමින්, සකස් කළ වාර්තාවලින් ‘සයිටම්’ නම් කළු කඩය ආරම්භ කෙරිණ. හිටපු ජනාධිපති, මහින්ද රාජපක්ෂත්, එවකට උසස් අධ්‍යාපන ඇමති වූ එස්. බී. දිසානායකත් ඇතුළු ආණ්ඩුව මෙයට පූර්ණ රැුකවරණයත්, ආශීර්වාදයත් ලබා දුන්හ. වෛද්‍යවරයකු වීම ‘සුපිරි බලයක්’ ලෙස දකින සමාජ සංස්කෘතියක් තුළ දෙමව්පියන්ද, දරුවන්ද වෛද්‍ය සිහිනයෙන් අන්ධ කරන ලදුව සයිටම් වෙත ආහ. යහමින් මුදල් නැති අය ඉඩකඩම් උකස් කර ණය වී දරුවන් සයිටම් එකට දැමූහ. සයිටම් බලධාරීන් මවා පෙන් වූ ‘වෛද්‍ය පීඨය’ වෙනුවට සැබැවින්ම එහි වූයේ මොන්ටිසෝරියක් වුවද, සියල්ලෝම කට පියාගෙන සිටියහ. එවකට උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක එයට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ අනුමැතියද ලබා දුණි. බඳවා ගන්නා පදනමේ සිටම එහි පැවැතියේ මෙවැනි කණගාටුදායක තත්ත්වයකි. මේ ප්‍රෝඩාවට හසු වී වසර ගණනාවක් පුරා එයට ඇතුළත් වූ සිසු සිසුවියන් අද අන්ත අසරණය. ඔවුන් වෛද්‍යවරුන් ලෙස රෝගීන්ට ප‍්‍රතිකාර කිරිමට පැමිණියහොත්, රෝගීන් අනාථය. දැන් මෙයට එරෙහිව රට පුරා විරෝධතාය. ඒ අතර සයිටම් කළු කබාය ආරක්ෂා කර ගැනීමට එහි ආරක්ෂකයෝ සිය සල්ලි ආකරය යොදවමින් සිටිති. ඒ අනුව හොරිකඩ වෘත්තීය සමිති ලොක්කෙකුත්, ආණ්ඩුව කරන ඕනෑම ප්‍රෝඩාවක් ආරක්ෂා කරන කලාකරුවකු යැයි කියන පුද්ගලයකුත් ආණ්ඩුවේ මාධ්‍යවල බෙරිහන් දෙන්නට පටන්ගෙන තිබේ. මේ වන විට ලංකාවේ සියලූ වෛද්‍ය පීඨවල සිසු සිසුවියන් මේ කළු කඩයට එරෙහිව පන්ති වර්ජනයකය. සියලූ විශ්වවිද්‍යාලවල උද්ඝෝෂණය. වෘත්තීය සමිති හරහා පෞද්ගලික අංශයේත්, රාජ්‍ය අංශයේත් සේවකයන් සයිටම් කළු කඩයට එරෙහිව විරෝධතාවයේය. විශේෂයෙන් වෛද්‍ය සංගම් සියල්ල විශාල විරෝධතා ව්‍යාපාරයන්ට අවතීර්ණ වෙමින් සිටිති. වෛද්‍ය පීඨ සියල්ලේම ආචාර්ය මණ්ඩල සයිටම් කළු කඩයට තම විරෝධය පළ කරමින්, වහා ම මේ ප‍්‍රශ්නය විසඳන ලෙසත්, නැත්නම්, තමන්ද දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා බවත් ආණ්ඩුවට අනතුරු අඟවා තිබේ. ජවිපෙ ඇතුළු දේශපාලන පක්ෂද, සිවිල් සංවිධානද ප‍්‍රබල විරෝධතාවක් ගෙන යමින් සිටිති. ජනාධිපති මෛත‍්‍රී, කෝකටත් තෛලය මෙන් සයිටම් ප‍්‍රශ්නයටද කොමිසමක් පත් කර තිබේ. ජනාධිපති මෛතී‍්‍රද පසුගිය ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙසද සිටි බව අමතක කළ යුතු නැත. අවසානයේ සිදුව ඇත්තේ, විසැඳුම් නොමැති අර්බුදයක් ඉතිරි වීම පමණි. කවර විසඳුමකට ගියත් ප‍්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳිය නොහැකිය. දැන් මේ ප‍්‍රශ්නයට වගකිව යුත්තේ කවුරුන්ද? සයිටම්හි ඉගෙනුම ලබන තරුණ, තරුණියන්ද මේ රටේ දරුවන් බව සැබෑය. ඔවුන් වැය කළ ධනය, ඔවුන්ගේ කාලය යළි ලබා ගත නොහැකිය. අනෙක් පසින් ගුරු, සිසු, ආචාර්ය බලවේගද, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කේෂ්ත‍්‍රයද සටනකය. අද මේ සියල්ලන්ට මේ අර්බුදයේ වන්දි ගෙවීමට සිදුව තිබේ. එහෙත්, බලයටත්, සල්ලි ආකරයටත් කෑදරකමින් වඳුරු වැඩ කළ දේශපාලනඥයෝ අදත් යෙහෙන් වැජඹෙති. ඔවුන්ට මේ කිසිදු ප‍්‍රශ්නයක් ප‍්‍රශ්නයක් ලෙස පෙනී නැත. මෙම වඳුරු දේශපාලකයන් බලයට පත් කළේ කවුරුන්ද? ඔවුන්ට ඡුන්ද ලබා දුන්නේ කවුරුන්ද? ඔවුන් ඇදබාන බේගල්වලට රැුවටුණේ කවුරුන්ද? ඒ මෙරට ජනතාවය. ඒ නිසා තවත් ආකාරයකින් මේ වගකීම ජනතාවටද පැමිණෙයි. සයිටම් වැනි කළු කඩයක් ඇරඹීමට මේ තක්කඩින්ට අවස්ථාව ලැබී ඇත්තේ, අධ්‍යාපනයේ පවතින අර්බුදය නිසාමය. උසස් පෙළ සමත් වන සිසු සිසුවියන් 1,50,000කින් පමණ සරසවි වරම් ලබන්නේ යාන්තමින් 30,000කට ආසන්න පිරිසකි. ඉතිරි සියලූ දෙනාම අසරණ වේ. මේ සියලූ දෙනාගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් මේ රටේ වැඩපිළිවෙළක් ඇත්තේ නැත. කළු කඩකාරයන් රිංගන්නේ මේ හිඩැස්වලටය. මේ අධ්‍යාපන අර්බුදයේ එක් තැනක් පමණි. දරුවකුට පාසලක් ලබා ගැනීමේ ප‍්‍රශ්නය අද නාගරික දෙමව්පියන්ට මාරාන්තික ගැටලූවකි. තිබෙන පාසල් අතරද විෂමතාවය අහසට පොළොව මෙනි. ජාත්‍යන්තර පාසල් නමින් පෞද්ගලිික පාසල් ජාලයක් බිහිව ඇත්තේ, ඒ අනුවය. ඒවායේ ප‍්‍රමිතීන් ගැන කිසිවකු කතා කරන්නේ නැත. ඒ නිසා සයිටම් ප‍්‍රශ්නය සමස්ත අර්බුදයේ එක් ප‍්‍රකාශනයක් පමණි. වඳුරන්ට දැලි පිහිදීම නතර නොකරන්නේ නම්, අනෙක් සෑම ප‍්‍රශ්නයක්ම සයිටම් කළු කඩ ප‍්‍රශ්නය වැනි ප‍්‍රශ්න බවට පත් වීම වැළැක්විය නොහැකිය.


පැරදවිය නොහැකි අධිෂ්ඨානය

2017-02-12     (.......)

මීට වසර 8කට පෙර 2009 අවසන් කාර්තුවය. එක් පැත්තකින් මුළු සමාජයම භීතියෙන් හිරිවට්ටා ගල් කර තිබුණේ ය. අනෙක් පැත්තෙන් රාජපක්ෂ වස`ගය මුදුන් හිනිපෙත්තටම ගෙන ගොස්ය. ඕනෑම ඒකාධිපති පාලකයෙකු කරන්නේ එක් පැත්තකින් භීතියෙන් සමාජය හිරිවැට්ටීමත්, අනෙක් පැත්තෙන් තමන් දේවත්වයට පත් වීමත්ය. රාජපක්ෂ පවුල් පාලනයේ උච්චතම අවධිය වූයේ 2009 අවසන් කාලයයි. මේ නිසාම අනෙක් පැත්තෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සත්‍යය, යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් දිගේලි කළ යුතු සටනක් තිබුණේය. අධිකරණය, පාර්ලිමේන්තුව, මාධ්‍යය සහ සන්නාහ සන්නද්ධ බලය ඇතුළු රාජ්‍ය යාන්ත‍්‍රණයේ සියලූ බලයන් රාජපක්ෂ පැත්තේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සත්‍යය, යුක්තිය සහ සාධාරණත්වය දිනා ගැනීමේ අචල අධිෂ්ඨානය ‘ලංකා’ පැත්තේය. එම අධිෂ්ඨානයට ජීවය දීමේ අවි වූයේ පෑන, කැමරාව ඇතුළු මාධ්‍ය උපකරණ කිහිපයක් පමණය. ඒ දිනය 2009 සැප්තැම්බර් 02දා ය. ‘ලංකා’ මාධ්‍යවේදීන් වන ශාලික විමලසේන, රවීන්ද්‍ර පුෂ්පකුමාර සහ දයා නෙත්තසිංහ දෙනියාය රාජපක්ෂ බලකොටුවකට ඇතුළු වූයේ මාධ්‍ය උපකරණ කිහිපය රැුගෙනය. මහජනතාවගේ මුදල් සහ සම්පත් භාවිත කරමින් පෞද්ගලික සුපිරි මන්දිරයක් ඉදි කිරීම පිළිබ`දව සාක්ෂි සහිතව රටට හෙළි කිරීම අරමුණ වූයේය. සත්‍යය හෙළි කිරීමේ ගවේෂණයෙන් පසු ආපසු පැමිණෙමින් සිටි තිදෙනා රාජපක්ෂ බලය යොදවා පැහැර ගනු ලැබීය. එතැන් සිට රාජපක්ෂ බලයේ සියලූ යාන්ත‍්‍රණයන් යොදාගෙන තිබුණේ මාධ්‍යවේදීන්ගේ ජීවිත කෙළවර කිරීමටය. රාජපක්ෂ පාලනයේ සැබෑ නිරුවත රටට, ලෝකයට හෙළි කිරීම වැළැක්වීම ස`දහා ජීවිත තුනක් අහිමි කිරීම ඔවුන්ට අති සරල කරුණක් විය. පැහැර ගැනීම පිළිබ`දව තොරතුරු ලැබුණු පළමු නිමේෂයේ සිටම ‘ලංකා’ ක‍්‍රියාත්මක වූයේය. මාධ්‍ය සගයන්ගේ ජීවිත සුරක්ෂිත කර ගැනීම අංක එකේ වගකීමය. ඒ වෙනුවෙන් සටන් ඇරඹිණි. අපේක්ෂා නොකළ මෙම තත්ත්වය තුළ රාජපක්ෂවරුන් වෙනත් ප‍්‍රචාරක උපක‍්‍රම වෙත මාරු විය. තම වස`ගයට පත්ව සිටි අයගේ ලේ වලට ආමන්ත‍්‍රණය කෙරෙන අභූත චෝදනා මාධ්‍යවේදීන්ට සැලසුම් සහගතව එල්ල කෙරෙන්නේ ඒ අනුවය. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ දෙදෙනා ඇතුළු රාජපක්ෂ පවුලේ ප‍්‍රභූන් නිතර යන එන තැනකට ඇතුළු වූ එල්.ටී.ටී.ඊ. ඔත්තුකරුවන් ලෙස මාධ්‍යවේදීන්ව හංවඩු ගැසීය. මේ රාජපක්ෂවරුන් දෙදෙනා ඝාතනය කිරීමේ සැලසුම් පිළිබ`දව චෝදනා ඔවුන් නැඟීය. එයින් නොනැවතී ‘චැනල් ෆෝ’ වීඩියෝ පට නිර්මාණය කරන ලද්දේ ‘ලංකා’ කාර්යාලය බවටද ප‍්‍රචාරය කෙරිණ. ලේක් හවුස්, අයි.ටී.එන්, ජාතික රූපවාහිනිය යන රාජපක්ෂලාගේ ලොන්ඩරි වී තිබූ රාජ්‍ය මාධ්‍ය සියල්ල මේ බේගල් ප‍්‍රචාරය කළේ කිසිදු හිරිකිතයකින් තොරවය. ‘ලංකා’ බලමුළු ගොඩනැඟීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් අනෙකුත් සියලූ මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීහු අප හට උපරිම සහයෝගය පළ කරමින් ප‍්‍රවෘත්ති වාර්තාකරණයේ යෙදුණෝය. මේ නිසාම ලංකා මාධ්‍යවේදීන් තිදෙනාගේ ජීවිත සුරක්ෂිත කර ගැනීමේ මූලික අභියෝගය ජයග‍්‍රහණය කළ හැකි විය. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත, ත‍්‍රස්ත මර්දන කාර්යාංශය, ගොබෙල්ස් මාධ්‍ය ජාලය ආදී වශයෙන් ලංකා මාධ්‍යවේදීන්ට විරුද්ධව ක‍්‍රියාත්මක වූ රාජපක්ෂ බලමුළු මූලිකව පරාජය විය. කෑදර හා බලලෝභී පාලනයේ බලමුළු සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සත්‍යය, යුක්තිය සහ සාධාරණත්වය දිනා ගැනීමේ අධිෂ්ඨානය අතර දිගුකාලීන අරගලයක් මෙතුළින් ගොඩනැඟීමට සමත් වීමු. එම අරගලයේ දෙවැනි ජයග‍්‍රහණය වශයෙන් ‘ලංකා’ මාධ්‍යවේදීන් තිදෙනාට එල්ල කර තිබූ අභූත චෝදනා සියල්ල පසෙක දමා ‘අයුතු ඇතුළුවීම’ යන චෝදනාව පමණක් අධිකරණයට ඉදිරිපත් කිරීම දක්වා රාජපක්ෂවරුන් දණ ගසා තිබිණි. මොරවක දිසා අධිකරණයේ වසර හතක් පුරා මෙම චෝදනාව විමර්ශනයට ලක් කෙරිණ. ‘සාධාරණ සැකයකින් තොරව’ චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වූ බව අධිකරණයේ නිගමනය විය. ඒ අනුව මාධ්‍යවේදීන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමේ තීන්දුව පසුගිය 08 වෙනිදා ප‍්‍රකාශයට පත් කෙරිණි. බලලෝභී වියරුව පරදා ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සත්‍යය, යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් මෙහෙයවූ පෑන ජය ගත්තේය. මෙම ජයග‍්‍රහණය නියත බවට අචල විශ්වාසයක් අප වෙත තිබිණි. කාල ප‍්‍රමාදයක් පමණක් සිදු වන බවට අවබෝධයක්ද අපට විය. ‘ලංකා’ එදා ආරම්භ කළ සටන මේ මාධ්‍යවේදීන් තිදෙනා වෙනුවෙන් පමණක්ම නොවූ බවද සිහිපත් කළ යුතුය. මාධ්‍ය නිදහස දිනා ගැනීමේ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමේ පළල් අරමුණ වෙනුවෙන් සටන් දියත් කිරීම අප ආරම්භ කළේ එතැන් සිටය. එය කෙතරම් පුළුල්ව දියත් කළේද යත්, දකුණේ දී පමණක් නොව උතුර දක්වා ද ගෙන යා හැකි විය. යාපනයේ ‘උදයන්’ පුවත් පතට රාජපක්ෂ ජුන්ටාවේ ප‍්‍රහාර එල්ල කිරීමට විරුද්ධව යාපනයේ දී පළමු වරට තවත් සංවිධාන හා එක්ව විරෝධය පළ කිරීම දක්වා සටන් පැතිරවිය හැකි වූයේය. අධිකරණයේ මෙම තීන්දුව අප ලැබූ තවත් එක් ජයග‍්‍රහණයක් පමණය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සත්‍යය, යුක්තිය සහ සාධාරණත්වය මේ සමාජයේ යථාර්ථයක් බවට පත් කිරීමේ දිගු අරගලයක් අපට තිබේ. එහිදී පෑනෙන් කළ යුතු කාර්යභාරයේ පුරෝගාමී වූ වැඩකොටසක් අප වෙත ඉතිරිව පවතින්නේය. සියලූ ප‍්‍රගතිශීලී මාධ්‍යවේදීන් හට අත් හළ නොහැකි වගකීමක කොටස්කරුවන් වීමේ අරගලයක් අපට තිබේ. මෙම අධිකරණ තීන්දුව එම ප‍්‍රගතිශීලී මාධ්‍යවේදීන් සියලූ දෙනාගේම අචල විශ්වාසය සහ ශක්තිය වෙනුවෙන් වූ පුරෝගාමී ජයග‍්‍රහණයක් වන්නේය.


මීලග පියවර...

2017-02-05     (.......)

‘ලංකා’ 15 වැනි වර්ෂ පූර්ණය වෙත ළඟා වී තිබේ. මේ දක්වා විවිධ දුෂ්කරතා, බාධක, ඇදවැටීම් රැුසකට මුහුණ පෑමට සිදු වුව ද, අප ආවේ ඉදිරියට ය. කිසිවිටෙක පසුපසට නොගියේය. 15 වැනි කඩඉම ද අපගේ වැදගත් සන්ධිස්ථානයක් කර ගැනීමට අප අවධානය යොමු කළේ හේතු කිහිපයක් නිසාවෙන්ය. පසුගිය කාලසීමව පුරා ම පාඨකයන් වෙතින් පුවත් පත පිළිබඳව අදහස් යෝජනා, චෝදනා රැුසක් ඉදිරිපත් විය. ඒ අතර කාලීන සමාජ - දේශපාලන අවශ්‍යතාවයන් ද පැවැතිණි. වඩ වඩාත් ජනතාව අතරට යාමේ වුවමනාව ද නිරන්තරයෙන් අප පෙළමින් තිබිණි. මේ සියල්ල ම එක් වූ කල ‘ලංකා’ නව පියවර 15 වර්ෂ පූර්ණයේ දී ම ගැනීමට අප තීරණය කළෙමු. සියල්ල කුණු මාළු කැබලි වෙමින් පවතින ජරාජීර්ණ සමාජ ක‍්‍රමයක ජනමාධ්‍ය පමණක් ඉන් නිදහස් වන්නේ යැයි අප සිතන්නේ නැත. අද බොහෝ මාධ්‍ය ආයතන, පුවත් පත් එයට ගොදුරු වී තිබේ. වෙළෙඳපොළ ම අරමුණු කරගෙන පෑන හැසිරවීමත්, පුවත් පත් කිරීමත් කිසිසේත් ම මාධ්‍ය කලාව යැයි අප සලකන්නේ නැත. ඒ අනුව ධනකුවේරයන් පිනුම් ගසනා ඉසව්වේ බොහෝ ජනමාධ්‍ය සහ ජනමාධ්‍යකරුවන් ඒවායේ රූකඩ බවට පත් නියමින් හා අනියමින් පාලකයන්ට ස්තෝත‍්‍ර ගායනා කරමින් සිටිති. ඒ අනුව විවිධ මල්වෙඩි සංදර්ශන ද ඇත. බොහෝ දෙනා ඒවායින් දෑස් නිලංකාර කරගෙන ද සිටිති. වැඩ බිමේ දහදිය හෙළන, ගොවි බිමේ මහ පොළොව සමඟ පොරබදන, පාසලේ, සරසවියේ අපමණ දුක්කම්කටොලූ මැද අකුරු කරන මහ සයුරේ රළ සමඟ ජීවන සටනේ යෙදෙන අප සමාජයේ අසාධාරණයට, අයුක්තියට ලක් වන සුවහසක් දනන්ගේ හඬ වීමට අපට වැඩි වැඩියෙන් අවශ්‍යය. ඒ ඔවුන්ගේ හඬට සැබෑ අවංක ඉඩක් නොමැති නිසාය. ඔවුන්ගේ හඬට පවා මිලක් නියම කර වෙළෙඳ පොළේ අලෙවි කිරීමට උත්සාහ දරන නිසාය. ‘ඇහුවොත් සල්ලි’ දෙන මාධ්‍ය කලාවක් බිහිව ඇති නිසාය. ඒ අතර ම රට ගැන ජනතාව ගැන මුළු මහත් මිනිස් වර්ගයා හා ලෝකයා පිළිබඳව ගැඹුරින් සිතන සියල්ල විනිවිද දකින පළල් මනස් සහිත මිනිසුන් මේ බිමේ නැතුවා නොවේ. ඔවුන්ගේ සැබෑ මානවවාදී ආමන්ත‍්‍රණයට අප වේදිකාවක් විය යුතුමය. මේ මහා අඳුරු අගාධයෙන් ගොඩ ඒමට අප සමාජයට එවන් ආලෝක ධාරාවක් අත්‍යවශ්‍ය නිසාය. එළැඹෙන්නේ 69 වැනි නිදහස් දිනය යැයි කියනු ලැබේ. මේ වසර 69 පුරාවට ම ජනතාව බොහෝ බලාපොරොත්තු සහගතව පාලකයන් පත් කර ගත්හ. ‘ජනවරම්’ ප‍්‍රකාශයට පත් කළහ. ධර්මිෂ්ට සමාජය, සාමය හා සමෘද්ධිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය ආදී මෙකී නොකී බොහෝ සංකල්ප මතු වී නොපෙනී ගියේය. ළඟ දී මතු වූ යහපාලනය දැන් නොපෙනී යමින් තිබේ. රටක් ලෙස අපි මහත් අගාධයකට තල්ලූ වෙමින් සිටිමු. ඒ වසර 69ක පාලනයන්ගේ අපට ඉතිරි වී ඇති ශේෂ පත‍්‍රයයි. රටක් ලෙස අප තව කොතෙක් දුර මේ රැුවටිලිකාරී, ව්‍යාජ මාවතේ ගමන් කරනවා ද? අපගේ විශ්වාසය නම්, දැන්වත් අප එය අවසන් කළ යුතුව තිබෙන බවය. ඒ වෙනුවෙන් වූ සැබෑ මිනිසුන්ගේ වුවමනාවන් පෙළගැස්විය යුතුය. එවන් සමාජ බලවේග සැබෑ වුවමනාවන් වෙනුවෙන් හඬ නඟමින් සිටිති; අරගල කරමින් සිටිති. එකී වුවමනාවන් සමාජ දේශපාලන බලයක් බවට පත් කළ යුතුය. ඒ හැර මේ අඳුරු අගාධයෙන් ගොඩ ඒමට වෙන කවර විකල්පයක්වත් නොමැත. ඒ නිසා අප අපේ පෑන් මෙහෙයවන්නේ ඒ අරමුණ සහිතවය. එහි අපට සඟවන්නට දෙයක් ඇත්තේ නැත. වඩා යහපත් සමාජයක් අපේක්‍ෂා කරන අප එය හුදු ප‍්‍රාර්ථනාවක් නොවී යථාර්ථයක් කිරීම වෙනුවෙන් පුවත් පතක් ලෙස අපට කළ හැකි උපරිම දේ කරන්නෙමු. ඊට එරෙහි වන කවරම ආකාරයේ බාධාවකට වුව එරෙහිව කොන්දේසි විරහිතව සටන් කිරීමට අප සූදානම්ය. බොහෝ මාධ්‍ය භාවිතාවන්ගෙන් වෙනස් වන අපේ මාධ්‍ය කලාව එයයි. ඉතින්, ආදරණීය පාඨකයනි, 15 වැනි කඩඉමේ සිට අපේ සහෝදරාත්මක දෑත් වඩා වැඩි උණුසුමකින් හා ශක්තියකින් ඔබ වෙත දිගු කරන්නෙමු.


බූරුවෝ හා මිනිස්සු

2017-01-29     (.......)

රාජ්‍ය සේවකයන් පත්ව ඇති තත්ත්වය පිළිබඳව පසුගිය සතියේ සීමා නීර්ණ කොමිසමේ සභාපති අශෝක පීරිස් මහතා සිදු කළ හෙළිදරව්ව කිසියම් ආන්දෝලනයක් ඇති කර තිබේ. එයට උදාහරණ ලෙස ඇමතිවරුන් සිය නිලධාරීන්ට ආමන්ත‍්‍රණය කරන ස්වරූපය ඔවුන්ගේම අත්දැකීම් ඇසුරෙන් ඔහු ගෙන හැර දැක්වූයේය. ප‍්‍රධාන පෙළේ නිලධාරීන්ට පවා බූරුවන්, වැඳිරියන් ආදී ලෙස අමතන බව ඔහු පැවසීය. වසර 38ක් රාජ්‍ය සේවයේ අත්දැකීම් ඇති, එසේම විවිධ වර්ගයේ ආයතනවල සේවය කළ පුද්ගලයකු ලෙස ඔහු පවසන මේ කතාව අපේ සමාජ ඛේදවාචකයේම තවත් එක් පැතිකඩකි. කිසියම් ආයතනයක නිලධාරීන් හා සේවකයන් බූරුවන්, වැඳිරියන්, බල්ලන්, පූසන් යයි සිතන මැති ඇමතිවරුන් තමන්ට මෙම වරප‍්‍රසාද ලැබුණේ කුමකට දැයි හඳුනන්නේ නැත. එවැනි අපහාස, පරිභව, නින්දාවන් විඳිමින් තමන්ගේ වෘත්්තිය හෝ සේවාව සිදු කළ හැකි ද? තිරිසන් සතුන්ට මිනිසාට මෙන් විඥානයක් නොමැති නිසා එසේ කළ හැකිය. එහෙත්, මිනිසුන්ට නම් එසේ කළ නොහැකිය. තම නිලධාරීන් හා සේවකයන් රෝබෝවරුන් හෝ වහලූන් ලෙස සලකන මෙම මනෝභාවය වැඩවසම් සම්ප‍්‍රදායට අයත් වූවකි. ‘ලොක්කා හිටගෙන කරන විට පොඩි එවුන් දුව දුව කරන්නේ යැ’යි ජනවහරේ කියමනක් තිබේ. ඒ නිසා ඉහළින් දෙන ආදර්ශය ඒ ලෙසටම පහළ නිලධාරීන් හා සේවකයන් පිට ද පැටවේ. අනෙක් අතට ඇමතිවරුන්ගේ ‘රෙස්පෙක්ට්’වලින් නිලධාරීන් පීඩනයට පත් කරන විට එම නිලධාරීහු ද ඔවුන්ගේ පහළ නිලධාරීන් හා සේවකයන් මත එය පටවති. මෙය අද රාජ්‍ය සේවය පුරාම ඔඩු දුවා ඇති කනගාටුුදායක තත්ත්වයකි. හමුදා, පොලිස් වැනි සේවාවන්වල මෙම තත්ත්වයන් ඉතාම උග‍්‍රය. පළාත් පාලන ආයතන, ගුරු සේවය, සංස්ථා, මණ්ඩල ආදියේ ද තත්ත්වය වෙනස් නොවේ. ඇතැම් තැන්වල ලිංගික හිංසනයන් මට්ටමටම ඒවා වර්ධනය වී තිබේ. මේ පිළිබඳ කතාබහ කරද්දී පසුගිය රාජපක්ෂ පාලනය සමය පිළිබඳ සිහිපත් වීම වැළැක්විය නොහැකිය. එක් අවස්ථාවක මර්වින් සිල්වා ඇමතිවරයා රාජපක්ෂ පවුලේ උෂ්ණයෙන් පිම්බී කළ කටයුතු ඉතිහාසගත වී තිබේ. රාජ්‍ය සේ්වකයෙකු මහදවාලේ ගසක බඳිනු ලැබුවේ දෙනෝදාහක් බලා සිටියදීය. රාජ්‍ය ත‍්‍රස්තවාදයේ බලය කෙතරම්ද යත් අවසානයේ තමා කැමැත්තෙන්ම ගසට තබා බැඳගත් බව ඔහු කීය. එසේම රූපවාහිනී සංස්ථාවට පැන සේවකයන්ට හිංසා කිරීමට පැමිණ යකා නැටූ අන්දමත් ඉන්පසු මාස ගණනක් යන තුරු දැලිපිහිවලින් කපමින් සේවක සේවිකාවන්ට හිංසා කළ අයුරුත් කිසිවෙකුට අමතක නැත. දැන් පන්සල් ගානේ මල් වට්ටිගෙන ඇවිදින මහින්ද රාජපක්ෂ මහතා එකල ඒවාට සිය පවුල් බලයේ හස්තයේ රැුකවරණය සැලසුවේය. එසේම ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියාට ආර්ථික වර්ධනය ගැන ව්‍යාජ තොරතුරු සැකසීමට රාජපක්ෂලාගේ දේශපාලන අධිකාරීය බල කළ විට හෘදසාක්ෂියට අනුව එසේ කළ නොහැකි බව කියා ඉල්ලා අස්විය. එහෙත්, තනතුරු හා වරප‍්‍රසාද අහිමි වීමට බියෙන් තව කොතෙක් දෙනෙක් රටම අනතුරේ හෙළන කොතරම් දේවල් කරන්නට ඇත්ද? පසුගිය ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ වංචා ¥ෂණ විමර්ශනයේ දී එක්තරා අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකු ප‍්‍රකාශ කර තිබුණේ තමන් වැරදිකරුවන් නොවන බවත්, තමන් එම වැරදි කළේ රාජපක්ෂවරුන්ගේ බලකිරීම් නිසා බවත්ය. එසේම එකල බස්නාහිර පළාත් මහ ඇමතිවරයා වූ ප‍්‍රසන්න රණතුංග පළාත් සභාවේ ඉහළ නිලධාරියෙකු මහ ඇමතිවරයාගේ කිසියම් අයථා කටයුත්තක් සඳහා වූ ලිපියක අත්සන් කිරීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා ඔහුව ගෙන්වා අමු තිත්ත කුණුහරුප භාෂාවෙන් බැනවදින හඬ පටයක් සමාජ ජාල තුළ මීට වසර දෙකකට පෙර සැරිසැරූ අන්දමද එය ඇසූ කිසිවෙකුටත් අමතක විය නොහැක. සැබැවින්ම පසුගිය රාජපක්ෂ පාලනය ජනතාව ප‍්‍රතික්ෂේප කළේ එකී වැඩවසම්, රාජපක්ෂ සම්ප‍්‍රදායෙන් රට නිදහස් කර ගැනීමේ අරමුණද සහිතවය. යහපාලනය ඇති කර ගැනීමේ අරමුණෙනි. නමුත් මේ සිදුවන දේවලින් එකී සම්ප‍්‍රදායේ වෙනසක් වූ බවක් නොපෙන්වයි. අශෝක පීරිස් මහතාගේම වචනවලින් කියන්නේ නම් රට පත්ව ඇත්තේ මහත් බියජනක, අනතුරුදායක තත්ත්වයකටය. එනම් පැයට කිලෝමීටර් 100-200ක පමණ වේගයෙන් බර වාහනයක් පාරේ එමින් තිබේ. ඉදිරියේ පාර මැද මිනිසුන් පිරී සිටියි. කර කියා ගත හැකි කිසිවක් නැති රියැදුරා සිය දෑතින් දෑස් වසා ගනියි. අශෝක පීරිස් මහතා පවසන්නේ අපේ රට පත්ව ඇත්තේ එවන් තත්ත්වයකට බවයි. බූරුවන් හා වැඳිරියන් ලෙස තම නිලධාරීන් දකින මැති ඇමතිවරුන් විසින් පාලනය කරනු ලබන රටකට එවන් ඉරණමක් අත් වීම පුදුමයට කරුණක් නොවේ. එහෙත් පුදුම වන්නේ ‘බූරුවා’ කී පමණින් ‘බූරුවන්’ වීමට සූදානම් මිනිසුන් සිටීමය.


දෑස් පෙනෙන අන්ධයෝ

2017-01-22     (.......)

මැණික පයේ වැදුනත් කණා එහි අගය දන්නේ නැහැයි ජනවහරේ කියමනක් තිබේ. මන්ද යත් කණාට ඒ සියල්ලම සාමාන්‍ය ‘ගල් කැට’ වන නිසාය. අපේ රටේ පාලකයන්ගේ කටයුතු ද මෙකී කණාගේ කටයුතු සේ විටෙක පෙනී යයි. දෑස් පෙනෙන අය අන්ධ ලෙස හැසිරීම කනගාටුවට කරුණකි. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමකට පැවරීමට යාමත්, ත‍්‍රී’මලය තෙල් ටැංකි පද්ධතිය සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙතත් දෙස බලන විට මෙය වඩාත් තහවුරු වෙයි. ලෝකයේ වරායන්හි ප‍්‍රමිතිය අනුව ශ්‍රේණිගත කිරීම්වල දී කොළඹ වරාය තවමත් ප‍්‍රමුඛ ස්ථානයක් හිමි කර ගන්නා වරායකි. එහෙත් මේ වන විට එහි කොටස් වැඩි ප‍්‍රමාණයක් විදෙස් සමාගම් වෙත පවරා දී අවසන්ය. වරායේ වැදගත්ම ජැටියකින් 85%ක අයිතිය චීනයේ ක්‍ෂක්‍ඔ සමාගමට පවරන ලද්දේ පසුගිය රාජපක්ෂ පාලනය තුළ දී ය. ඒ තත්ත්වය තුළ පවා වරායේ ආදායම් විශාල ලෙස පහළ වැටී තිබේ. හම්බන්තොට ඉදි කළ වරායේ කටයුතු පවා සිදුවන්නේ මෙම කොළඹ වරායේ ආදායමෙනි. මේ වනවිට ආන්දෝලනයට තුඩු දී ඇති නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමකට පැවරීමේ ප‍්‍රශ්නය මතුව ඇත්තේ මේ පසුබිම තුළ ය. ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය ම`ගින් ඉදි කරන ලද නැෙඟනහිර පර්යන්තයේ වැඩ බොහෝ දුරට අවසන් වී තිබේ. මීටර් 440ක් දිග, මීටර් 18ක් ගැඹුර ජැටි බැම්මක්, හෙක්ටයාර 20ක ප‍්‍රදේශයක අවශ්‍ය පහසුකම් සංවර්ධනය කර තිබේ. ඒ අනුව දැනටමත් කන්ටේනර් 18,000ක් පමණ ප‍්‍රවාහනය කළ හැකි විශාල නැව් හැසිරවීමේ හැකියාවක් මෙම නැෙඟනහිර පර්යන්තයට තිබේ. චීන ක්‍ෂක්‍ඔ සමාගමට එක් ජැටියක් පැවරීම නිසා වරාය ආදායම් ශීඝ‍්‍රයෙන් පහළ වැටීමක් ද සිදු වී තිබේ. මේ නිසා නැෙඟනහිර ජැටිය කි‍්‍රයාත්මක වීමෙන් විශාල ආදායමක් ඉපයීමේ අවස්ථාව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සතු ය. එසේ තිබිය දී මේ සා විශාල ධනයක් වැය කර ඉදි කළ නැෙඟනහිර ජැටියෙන් 85%ක් ඉන්දියානු සමාගමකට පැවරීමට යාම කවර මට්ටමේ තකතිරුකමක් දැයි ඕනෑම කෙනෙකුට වැටහෙනවා ඇත. කණාගේ පයේ වැදුණ මැණික පිළිබඳව සිහිපත් වන්නේ එවිට ය. ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි පද්ධතිය සම්බන්ධ ප‍්‍රශ්නය ඊටත් වඩා බරපතලය. ලෝක සිතියමේ ශ‍්‍රී ලංකාවේ සුවිශේෂී පිහිටීම අනුව එය තවත් අර්ථාන්විත කරන ස්ථානයකි ති‍්‍රකුණාමලයේ වරාය. එහි ඇති භූගෝලීය වැදගත්කම නිසාම බි‍්‍රතාන්‍යයන් වරාය ආසන්නයේ අක්කර 850ක පමණ ප‍්‍රදේශයක තෙල් ටැංකි 101ක් ඉදිකළහ. ඒ දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම ඉන්ධන බෙදාහැරීම් මධ්‍යස්ථානය ඇති කිරීමේ අරමුණ සහිතව ය. දැනටත් ඉන් 98ක් හොඳම තත්ත්වයේ පවතී. මෙම එක් ටැංකියක ධාරිතාව මෙටි‍්‍රක් ටොන් 12,500කි. ටැංකි පද්ධතියම ගත් විට ඉන්ධන මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 15ක් ඉක්මවා ගබඩා කළ හැකිය. මෙකී වටිනා තෙල් ටැංකිවලින් 17 ක් ද, පොම්පාගාරය හා අනිකුත් ගොඩනැඟිලි සමූහය ද ඉන්දියානු සමාගමකට 39 අවුරුදු බද්දකට එවකට ආණ්ඩුව විසින් පවරා දෙන ලදී. එහෙත්, මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කර මාස 6ක් ඇතුළත අදාළ නීතිමය ලියවිලි සකස් කෙරෙන බව සඳහන් වුවත්, එය සිදු වී නැත. මේ නිසා නීතිමය වශයෙන් එහි අයිතිය ඇත්තේ ශ‍්‍රී ලංකා රජයට ය. එහෙත්, අදටත් ඉන්දීය සමාගම අදාළ තෙල් ටැංකි සහිත ප‍්‍රදේශය අත්පත් කරගෙන සිටී. පසුගියදා එහි නඩත්තු කටයුතු පරීක්ෂා කිරීමට ගිය තෙල් සංස්ථා ඉංජිනේරුවන් දෙදෙනෙකු බලහත්කාරයෙන් රඳවා ගනු ලැබුයේ ඒ අනුවය. අලූතෙන්ම මතු වී ඇති කාරණය වන්නේ මෙවැනි වාසිදායක තත්ත්වයක් ශ‍්‍රී ලංකාව වෙත තිබිය දී තෙල් ටැංකි සංකීර්ණයේ අයිතිය ඉන්දියානු සමාගමකට පැවරීමට යාමයි. මෙය කවර මට්ටටමේ තකතිරුකමක් දැයි සොයා බැලීම පාඨකයන්ට භාර ය. ලෝක පරිමාණයෙන් අතිවිශාල වැදගත්කමක් ද, වටිනාකමක් ද සහිත මේ ජාතික සම්පත ඉන්දියාවට පැවරීම කණා විසින් මැණිකට පයින් ගැසීමක් නොවන්නේ ද? ඉන්දියාව දැනටමත් අපේ රටේ තෙල් සැපයුම් හා බෙදාහැරීම් ඒකාධිකාරය ක‍්‍රමානුකූලව අත්පත් කර ගනිමින් සිටී. ඒ ෂධක්‍ සමාගම හරහා ය. ත‍්‍රී’මලයේ තෙල් ටැංකි පද්ධතිය අත්පත් කර ගතහොත්, මාස 04 කට අවශ්‍ය තෙල් ධාරිතාවක් ගබඩා කර තබා ගැනීමේ හැකියාව ඔවුන් සතු වෙයි. ඒ අනුව ලංකාවේ තෙල් ඒකාධිකාරය ඔවුන් සතු කර ගත හැකි වන්නේ ය. තෙල් යනු මෙරට ආර්ථිකයේ ප‍්‍රධානතම සාධකයකි. වරායේ නැගෙනහිර පර්යන්තය යනු ආර්ථිකයේ මර්මස්ථානයකි. මේ සියල්ල ඉන්දියාවට පැවරීම යනු ආර්ථිකයේ හදවත ඉන්දියාවට භාර දීමට වෙනස් වන්නේ නැත. ඊට අමතරව ඉන්දියාව හා ලංකාව අතර ‘සප්තා’ නමින් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට ද සූදානම් වන බව ආණ්ඩුව නිතරම කියයි. එයට මෙරට විද්වතුන්ගෙන් හා වෘත්තිකයන්ගෙන් මහත් විරෝධයක් එල්ල වී තිබේ. එය අත්සන් කළහොත්, ලාංකීය නිෂ්පාදනයන් සම්පූර්ණයෙන් බිඳවැටී ඉන්දියාව වෙළෙඳ පොළ අත්පත් කර ගැනීම වැළැක්විය නොහැකි ය. ආර්ථිකයේ ඉතිරි වැදගත් කොටස වෙළෙඳ පොළයි. මේ සියල්ලෙන් අවසානයේ සිදුවනුයේ මුළුමහත් ආර්ථිකය ඉන්දියාව සතුවීම නොවේ ද? ඒ අතර චීන සමාගම් ද තමන්ගේ පංගුව වෙන් කර ගැනීමේ සටනක නිරතව සිටී. දකුණේ අක්කර 15,000ක ආයෝජන කලාපයත්, හම්බන්තොට වරායත්, කොළඹ ෆෝට් සිටි ව්‍යාපෘතියත් දියත් වන්නේ ඒ අනුව ය. එහෙත්, මේවායේ ප‍්‍රතිලාභ අත් වන්නේ අපට නොවේ. එනම් කණාට මැණික අහිමි වේ. රට පාලනය භාර කළවුන් අන්ධයන් සේ හැසිරෙන්නේ නම්, ජනතාව කළ යුත්තේ දෑස් පෙනෙන, රටේ සම්පත්වල අගය දන්නා, පාලකයන් පත් කර ගැනීම ය.


ඒ්කාධිපති පුටුව

2017-01-15     (.......)

ජනාධිපති පදවි ප‍්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය ඉහළින් සමරනු ලැබිණි. ඒ පසුගිය ජනවාරි 08 වෙනිදාය. දැන් සිදුවෙමින් යන කරුණු අනුව ඉදිරියේදීත් යෙදෙන පදවි ප‍්‍රාප්ති උත්සව මෛත‍්‍රී, ජනාධිපති ලෙසම සිටිමින් සැමරීමට බලාපොරොත්තු වන බව පෙනී යයි. එය 2020න් ඔබ්බට ද ඇති බලාපොරොත්තුවක් බව ශ‍්‍රී.ල.නි.ප.ය වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුවේ ප‍්‍රබලයන්ගෙන් ප‍්‍රකාශ වී ඇත. දුමින්ද දිසානායක, එස්.බී. දිසානායක වැනි අය ප‍්‍රකාශ කළේ 2020දීත් ජනාධිපති අපේක්ෂකයා මෛත‍්‍රීපාල සිරිසේන මහතා වන බව ය. මේ මැති ඇමතිවරුන්ටත්, රටේ බොහෝ දෙනාටත් අමතක වෙමින් යන (නැතහොත් අමතක වුණා සේ ර`ගපාන* ප‍්‍රධාන කරුණක් තිබේ. එනම් මෛත‍්‍රී බලයට පත් වූයේ කුමක් සඳහා ද යන්න ය. ජනතාව හමුවේ තැබූ ප‍්‍රධානතම පොරොන්දුව කුමක් ද යන්න ය. එනම්, රාජපක්ෂ පාලනය පරදවා, පොදු අපේක්ෂකයා ලෙස විධායක ජනාධිපති ක‍්‍රමය නමැති ඒකාධිපති තනතුර අහෝසි කිරීම ය. මැතිවරණයේදී නම් කීවේ, බලයට පත් වී දින 100ක් ඇතුළත එය ඉටු කරන බවය. එහෙත් දින 100 ද රබර් දින 100ක් බවට පත් වී අවසානයේ 19වන සංශෝධනය නමින් මී පැටියෙකු වදනු ලැබිණි. 1978 ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් ඇති කරන ලද මෙම විධායක පුටුව රටේ මතු වූ බොහෝ ව්‍යසනවලට එක් ප‍්‍රධාන හේතුවක් වූ බව ඉතිහාසය සාක්ෂි දරයි. 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ද, 2005 මහින්ද රාජපක්ෂ මහතා ද බලයට පත් වූයේ මෙම ඒකාධිපති තනතුර වෙනස් කරන බවට ජනතාවට පොරොන්දු දෙමිනි. එහෙත්, ඒවා හුදු වචන මාත‍්‍රයක් පමණක් විය. එහෙත් 2015 මෙම වියරු බලය අහෝසි කිරීමේ ස්වර්ණමය අවස්ථාවක් උදා වූ නමුත් එය ද පෙරකී මී පැටියා වැදීමෙන් අවසන් විය. ඉන්පසු ජනාධිපති මෛත‍්‍රී ප‍්‍රකාශ කළේ 2020 දක්වා තමන් මෙම තනතුරේ සිටින බවත්, ඉන්පසු විධායක බලතල සහිත ජනාධිපති තනතුරක් නොපවතින බවත් ය. එහෙත්, ඒ අතර, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ශ‍්‍රී.ල.නි.ප. සභාපති තනතුර හිමි විය. එතැන් පටන් පොදු අපේක්ෂක ජනපති වගකීම වෙනුවට ශ‍්‍රී.ල.නි.ප. සභාපතිකම වැදගත් ලෙස සලකමින් කටයුතු කරන්නට වීමෙන් තමන් බලයට පත් කළ බලවේගය හා ඔවුන්ට වූ පොරොන්දු මොනවා ද යන්න ජනාධිපතිවරයාට අමතක වීමට පටන් ගත් බව පෙනේ. රාජපක්ෂ පාලන සමයේ මහජන මුදල් මහා පරිමාණව වංචා කළවුන්ට, දේශපාලන බලය ස`දහා අපරාධ කළවුන්ට දඬුවම් ලබා දී යහපාලනය ඇති කිරීමත්, තව දුරටත් එවැනි ¥ෂණ හා අපරාධ සිදුවීම වැළැක්වීමත්, ප‍්‍රධාන ජනතා අපේක්ෂාවන් වුව ද, එය ද තවත් එක් සිහිනයක් පමණක් බවට පත් විය. ආණ්ඩුව පිහිටුවනු ලැබුවේ එ.ජා.ප.ය හා ශ‍්‍රී.ල.නි.ප.ය එක් වී වුවද එ.ජා.ප.ය වෙනම බල ක`දවුර ගොඩන`ගන්නට යාම ද, ශ‍්‍රී.ල.නි.ප.ය වෙනම බල ක`දවුර ගොඩනඟන්නට යාම ද තුළ තව තවත් ප‍්‍රතිවිරෝධතා උග‍්‍ර වී තිබේ. එය 2020 බලය උරගා බැලීම දක්වා පෙළගැසී තිබේ. ඒ අතර හොරකම්, වංචා, ¥ෂණ රාජපක්ෂ පාලනයේ සේම සිදු වීමත්, රටේ ජාතික සම්පත් බහු ජාතික සමාගම්වලට හා විදේශවලට බිලි දීමත් උත්සන්න වී තිබේ. මේ සියල්ල තුළ විධායක ජනාධිපති බලතල අහෝසි කර ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන ක‍්‍රමයක් ඇති කරන පොරොන්දුව යටපත් වී තිබේ. දැනට එය නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ‘නොකෙරෙන වෙදකම’ට ඇතුළත් කර තිබේ. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබ`ද කතිකාව තුළ විධායක ජනාධිපති බලතල සංශෝධනයත්, නව මැතිවරණ ක‍්‍රමයක් ස්ථාපිත කිරීමත්, 13වන ආණ්ඩුක‍්‍රම සංශෝධනයේ යෝජිත බලය බෙදාහැරීමේ කරුණුත් ප‍්‍රධාන වශයෙන් ඇතුළත් වී තිබේ. දැනට ඒ ස`දහා යෝජනා ඉදිරිපත් කරන ලෙස දේශපාලන පක්ෂවලටත් විවිධ සංවිධානවලටත් දැනුම් දී තිබේ. මෙහිදී නව මැතිවරණ ක‍්‍රමයත්, විධායක බලතල සංශෝධනය කිරීමත් සම්බන්ධව බොහෝ පාර්ශ්වයන් තුළ එක`ගතාවයක් පවතී. ප‍්‍රධාන ප‍්‍රතිවිරෝධය ඇත්තේ 13වන සංශෝධනයේ කරුණු සම්බන්ධව ය. මේ සියල්ල එකම ව්‍යවස්ථාවක් තුළට ඇතුළත් කිරීමට යාමෙන් පොදු එක`ගතාවක් ඇති, එසේම රටට ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට යම් හිතකර යෝජනාවන් ද නොකෙරෙන වෙදකමේ මල්ලට වැටී තිබේ. ඒ නිසා ජනාධිපති පදවි ප‍්‍රාප්තියේ සැලකිය යුතු වැදගත්ම කරුණ වන විධායක ජනාධිපති තනතුර සංශෝධනය කිරීම වෙනම ගෙන ඉදිරිපත් වන්නේ නම් එයට පොදු අනුමැතිය ලබා ගැනීම අපහසු නොවේ. එහෙත් 2020දීත් ජනාධිපති අපේක්ෂකයා මෛත‍්‍රීපාල සිරිසේන මහතා යැයි ආණ්ඩුවේ ඇමතිවරු කරන ප‍්‍රකාශය තුළ ඔවුන්ගේ සැබෑ අරමුණ රට ගැන සිතීම නොව තම තනතුර හා වරදාන පිළිබ`දව සිතීම බව හෙළිදරව් කරයි. බලය වෙනුවෙන් ඕනෑම දහජරා වැඩක් කරන දේශපාලකයන් ගැන පුදුම විය යුතු නැත. එහෙත් පුදුමය වන්නේ මේ දහජරා දේශපාලනය ඉවසන ජනතාවක් සිටීමය.


පදවි ප්‍රාප්තියට කිකිළිය මැරීම

2017-01-08     ( <>)

රත්තරං බිජු දමන කිකිළියගේ බඩ පලා රත්තරං බිජු සෙවූ මිනිසෙකු පිළිබඳ කතාව අපි අසා ඇත්තෙමු. දවසට එක ගණනේ බිත්තර ගන්නවා වෙනුවට රත්තරං බිත්තර සියල්ල එකවර ගැනීම තෘෂ්ණාධික මිනිසාගේ අභිප‍්‍රාය විය. නමුත්, ඉන් සිදු වූයේ කිකිළියත් අහිමි වී දවස ගාණේ ලැබෙමින් තිබූ රත්තරං බිත්තරයත් අහිමි වීමයි. අද රටේ සිදුවන බොහෝ දේවල් දෙස බලන විට ඉහත කතාව සිහිපත් කරවයි. ලොතරැුයිවල මිල ඉහළ දමා ආණ්ඩුව කරන්නට යන්නේ ද එවැනිම කටයුත්තක් ද යන ප‍්‍රශ්නය පැන නඟී. කලින් පැවැති තත්ත්වය අනුව ලොතරැුයි කර්මාන්තයෙන් ආණ්ඩුවට වාර්ෂිකව රුපියල් බිලියන 50ක පමණ ආදායමක් ලැබේ. ඒ එක් ලොතරැුයි පතක් රුපියල් 20.00 ගණනේ අලෙවි කිරීමේ දී ය. පසුගිය දා ඉදිරිපත් වූ අයවැයෙන් ලොතරැුයියක මිල රුපියල් 30.00ක් කිරීමට තීරණය විය. එය හදිසියේ පැමිණි තීන්දුවකි. ලොතරැයි ක්ෂේත‍්‍රයේ යාන්ත‍්‍රණය පවත්වාගෙන යන ප‍්‍රධානතම බලවේගය වන අලෙවි නියෝජිතයන්ගෙන් විමසීමකින් තොරව ගත් අත්තනෝමතික තීරණයකි. අනෙක් අතට මිල ඉහළ දැමීමේ දී අලෙවි නියෝජිතයාගේ කොමිස් මුදල වූ රුපියල් 3.50 සුළු ආකාරයකින් හෝ ඉහළ දැමීමට ආණ්ඩුව අමතක කර තිබේ. එය අමතක වීමක් ද නැතහොත්, නොසලකා හැරීමක් ද නැතහොත් සූරාගෙනම කෑමක් දැයි වැටහෙන්නේ නැත. මේ ප‍්‍රශ්නයත් සමඟ ලොතරැුයි අලෙවි නියෝජිතයන් ඇරඹූ විරෝධතා ව්‍යාපාරය ලොතරැුයි අලෙවිය වර්ජනය කිරීමක් දක්වා දුරදිග ගොස් තිබේ. රට පුරා සිටින අලෙවි නියෝජිතයන් 4,500ක් පමණ පිරිස ද, ඔවුන්ගේ අනු නියෝජිතයන් ද සමඟ ගත් විට 40,000ක පමණ පිරිසක් මෙම ක‍්‍රියාවලිය සමඟ සම්බන්ධ අතර ඔවුන්ගෙන් සාතිශය බහුතරය වර්ජන ව්‍යාපාරය සමඟ එක්ව සිටිති. වර්ජනයේ නියුතු අලෙවි නියෝජිතයන් සේවයෙන් ඉවත් කරන බව ද, ඒ වෙනුවට නව පිරිස් බඳවා ගන්නා බව ද මුදල් අමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබේ. ආණ්ඩුව සිදු කළ මාධ්‍ය සාකච්ඡුාවක දී රාජිත සේනාරත්න ඇමතිවරයා ප‍්‍රකාශ කළේ ”කව්ද ඕවා ගණන් ගන්නේ” යනුවෙනි. වසර ගණනක් තිස්සේ ආණ්ඩුවට ආදායම් උපදවා දුන් පිරිසක් සම්බන්ධව බලධාරීන්ගේ ප‍්‍රතිචාරය සැබැවින්ම කනගාටුදායකය. මීට දශක කිහිපයකට පෙර මෙරට ලොතරැුයි ව්‍යාපාරය ආරම්භ කරනු ලැබුවේ රෝහල්වලට ආධාර සපයන වැඩපිළිවෙළක් ලෙස ය. කෙසේ නමුත්, අද වන විට සූදු හා ඔට්ටු ඇල්ලීමේ පනතින් මෙය ද නීතිගත කොට තිබේ. ඒ ආණ්ඩුවට බද්දක් ලබා ගැනීමේ කොන්දේසිය පිට ය. සමාජ ශාලා තුළ පවත්වාගෙන යනු ලබන කැසිනෝ ආදියත්, අශ්ව රේස් සඳහා ඔට්ටු ඇල්ලීමත්, ලොතරැුයි සූදුවත් මේවාට ඇතුළත් කර තිබේ. ඒ නිසා මේවා පවත්වාගෙන යාමේ අරමුණ ආණ්ඩුවට ආදායම් ලබා ගැනීම බවට පත් කරගෙන තිබෙන බව පැහැදිලි ය. එහෙත් නීත්‍යනුකූල නොවන සූදුකෙළි රටේ තහනම් ය. බූරුවා ගැසීම ද අයත් වන්නේ එම ගණයට ය. සූදුව හොඳ හා නරක ලෙස වෙන් කිරීමට යාම විකාරයකි. එහෙත්, විකාර දේවල් බොහෝ සිදුවෙමින් තිබේ. දැන් මේ ලොතරැුයි ප‍්‍රශ්නය දහස් ගණනකගේ ජීවනෝපාය පිළිබඳ ප‍්‍රශ්නයකි. ඒ නිසා එය සරලව බැහැර කළ හැකි ප‍්‍රශ්නයක් නොවේ. ආණ්ඩුව දැවැන්ත මූල්‍ය අර්බුුදයකට මුහුණ පා සිටින බව සත්‍යයකි. පසුගිය ආණ්ඩුව සිදු කළ මහා පරිමාණ නාස්තීන් හා ¥ෂණයනුත්, ලබා ගත් දැවැන්ත ණය ප‍්‍රමාණයනුත් එයට එක් හේතුවකි. එසේම වත්මන් හවුල් ආණ්ඩුව බලයට පත් වූ පසු ගත් ණය ප‍්‍රමාණයත්, මහ බැංකු බැඳුම්කර වංචාව වැනි වංචාත්, නාස්තියත් එයට අලූතින් එකතු වී තිබේ. ඒ නිසා මේ මූල්‍ය අර්බුදයට වගකිව යුත්තේ ලොතරැුයි අලෙවි නියෝජිතයන් හෝ අලෙවිකරුවන් නොවේ. මෙරට වැඩ කරන, දුක්විඳින ජනතාව නොවේ. රට පාලනය කළ පාලකයන් ය. ඔවුන්ගේ පැලැන්තිය ය. අද බිලියන ගණනක් මූල්‍ය වංචා කළ පල් හොරු නිදැල්ලේ ය. ජනතාව ජනපති මෛත‍්‍රී ඇතුළු මේ ආණ්ඩුව බලයට පත් කළේ යහපාලනය බලාපොරොත්තුවෙනි. මේ වසරේ ජනවාරි 08 වැනිදාට ජනපති මෛත‍්‍රීගේ පදවිප‍්‍රාප්තියට දෙවසරක් පිරේ. එයට සැමරුම් උත්සව පැවැත්වේ. එහෙත්, පදවිප‍්‍රාප්තියේ ජනතා අරමුණු වූ යහපාලනයට පයින් ගසා අද ආණ්ඩුව පරණ මාවතට වැටී තිබේ. හම්බන්තොට වරාය, දකුණේ ඉඩම් අක්කර 15,000, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය, ත‍්‍රීකුණාමලයේ තෙල් ටැංකි, පුල්මුඬේ ඛනිජ වැලි නිධිය, කල්පිටියේ ¥පත්, කහටගහ මිනිරන් පතල ආදී ජාතික සම්පත් පිළිබඳ ආණ්ඩුවේ පිළිවෙත, ලොතරැුයි සම්බන්ධ පිළිවෙතින් වෙනස් වී නැත. මේ සෑම ප‍්‍රයත්නයක්ම රන් බිජු දමන කිකිළියගේ බඩ පැලීමට සමාන ය. මේ සියලූ කාරණා විසින් යළි යළිත් තහවුරු කරන යටපත් කළ නොහැකි සත්‍යයක් තිබේ. එනම් මෛත‍්‍රීලා ද, රනිල්ලා ද, රාජපක්ෂලා ද යන මේ කවරෙකු වුව ද, සිදු කළේ තම පැලැන්තිය ආරක්ෂා කරමින් පීඩිතයා භේදභින්න කරමින් පාලනය ගෙන යාම ය. එය ධනවාදයේ ස්වභාවයයි. ඒ නිසා හුදු පුද්ගලයන් වෙනුවට ප‍්‍රතිපත්ති හා ක‍්‍රම වෙනසකින් තොරව මේ කිසිදු උගුලකින් ගැලවීමේ හැකියාවක් ඇත්තේ නැත. එබැවින්, පැන නැඟී තිබෙන සියලූ අරගල සැබෑ ක‍්‍රම වෙනසක් උදා කරන වැඩපිළිවෙළක් සමග එකාබද්ධ වීම නව වසරේ හදිසි හා ප‍්‍රමුඛතම අවශ්‍යතාවයයි.