රනිල්-මහින්ද නාටක පිටපත අවුල් වේ

2017-02-19     (ගයාන් රූපසිංහ)

රටේ ප‍්‍රශ්න කොතෙකුත් තිබුණද, පසුගිය සතිය පුරාමත්, මේ සතියේත් ඉස්මතුව තිබූයේ මාලෙ ඕ හොර වෛද්‍ය උපාධි කඩය පිළිබඳ සංවාදය වන්නේය. මහින්ද රාජපක්ෂ ඇතුළු කල්ලිය ජාතක කළ එයට උප්පැන්න දීමට හවුල් ආණ්ඩුවෙන් පියවරු බොහෝ සිටින්නෝය. ප‍්‍රශ්නය විසැඳීමට බාර ගත් බව මෛත‍්‍රී ප‍්‍රකාශ කර තිබුණද, ඒ අතර අමුතු ම කතාවක්ද කියා තිබුණේය. විදේශ අධ්‍යාපනය ලැබීමට වසරකට අසුදහසක් පමණ පිරිසක් යන බවය. ඔවුන් නිසා විදේශ විනිමය කන්දරාවක් නිරපරාදේ පිටරටවලට ඇදී යන බවය. මෙසේ එළිපිට නොකියන බොහෝ දෙනෙකුන් මෙම පියවරුන් අතර සිටින්නේය. මෛතී‍්‍රගේ ගට සයිටම් නිසා යට ගිය ප‍්‍රධාන කරුණක් වී තිබෙන්නේ මෛතී‍්‍ර පාලනයේ ඇත්ත කෙරුවාවය. එක පැත්තකින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල්වලට වැසිකිළිවත් සාදා නොදෙන තැනට පත්ව ඇත්තේය. මීට සති තුනකට පෙර මෛතී‍්‍ර, තලවාකැලේ තේ පර්යේෂණ ආයතනයට යන අතර හදිසියේ හෙළිකොප්ටරය ගොඩබැස් වූ පාසලට වැසිකිළි නැති බව කියා තිබුණේය. මෛතී‍්‍ර මඩකලපුවට යන විට එහි දරුවන්ට තිබී ඇත්තේද වැසිකිළි නොමැතිකමේ ප‍්‍රශ්නය වන්නේය. මේ මාධ්‍ය වාර්තා අනුව පාසල්වල වැසිකිළි ප‍්‍රශ්න විසැඳීමට වැඩි දෙයක් මෛතී‍්‍රට කළ නොහැකි වන්නේය. නමුත්, අනෙක් පැත්තෙන් මෛතී‍්‍රට අලූත් ගටක් ඇවිත් තිබෙන්නේය. කිසිදු සුදුසුකමක් නොමැති පුද්ගලයකු මහාධිකරණ විනිසුරුවරයකු වශයෙන් පත් කිරීමය. තමන් කවුරුන්දැයි හරියටම හෙළි කර තිබෙන මෙම කරුණ සයිටම් හොර උපාධි කඩය නිසා යට ගොස් තිබුණේය. ඩොක්ටර් රනිල් රනිල්ගේ වැඩ කීපයකට මෛතී‍්‍රගේ එක වැඩක් ඕනෑවටත් වැඩිය ඉහළින් බව මහාධිකරණ විනිසුරු පත් කිරීමෙන් පැහැදිලි වන්නේය. ඒ කොහොම වුණත්, 1978 ඉඳලා රනිල් කරමින් ඉන්න දේවල් ගැන අගය කරමින් සිටින පිරිස් දේශදේශාන්තරවල පවා සිටින බව මේ සතියේ පැහැදිලි වී තිබුණේය. ”පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු, ඇමතිවරයකු හා අගමැතිවරයකු වශයෙන් දීර්ඝකාලීන සේවාව සහ ආර්ථික, අධ්‍යාපන හා මානව හිමිකම් කේෂ්ත‍්‍රයේ ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් කළ මෙහෙවර ඕස්ටේ‍්‍රලියාවේ විශ්වවිද්‍යාලයකින් ඉහළින්ම අගය කර තිබුණේය. එය කොතරම්ද කියන්නේ නම්, එකී මෙහෙවර සඳහා ආචාර්ය උපාධියක් ලබාදී තිබුණේය. ඕස්ටේ‍්‍රලියාවේ ඞීකින් විශ්වවිද්‍යාලයෙන් එය පිරිනමා තිබුණේය. සිහිනයකින් හෝ නොසිතූ ඩොක්ටරේට් එකක් ලැබීම බර වැඩි වීමෙන්දෝ ආචාර්ය උපාධිය සහ හිස් පළඳනාවෙන් සැරසී සිටි රනිල්ගේ ඡුායාරූපයේ තිබුණේ කිසියම් විහිළුකාරී ගතියක්ය. මිලියන 50 ඇමති ‘දවස පටන් ගන්න අහවල් ජාතියේ තේ කෝප්පයක් පානය කරන්න’ යනුවෙන් වූ ප‍්‍රචාරක දැන්වීම් හුරුපුරුදුය. රූපවාහිනී චැනල්වලින්, පත්තර දැන්වීම්වලින් නිතර දෙවේලේ ඇෙඟ් හැපෙන්නේය. ඒ දේවල් එසේ වන අතර හොඳම හරිය තිබෙන්නේ නොපෙනෙන මානයේය. රුපියල් මිලියන පනහකින් දවස පටන් ගන්න ඇමතිවරුන් ගැන ජනතාව නොදන්නා බව සහතිකය. රුපියල් මිලියන පනහක් ‘හාහාපුරා’ කියා ලංසු තැබීමෙන් දවස පටන් ගන්නා ඇමතිවරුන් ගැන හවුල් පාලනයෙන් වාර්තා වෙමින් තිබෙන්නේය. ලැජ්ජා නැතිකම ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකු බව පැරැුන්නන් විසින් කියා තිබෙන්නේය. හවුල් ආණ්ඩුවේ ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් ලැජ්ජා නැතිකම ප‍්‍රදර්ශනය කරමින් සිටින්නේය. බණ්ඩාරගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගොඩනැඟිල්ලක් විවෘත කිරීමේ ලැජ්ජා නැති වැඩක්ය. කලින් විවෘත කර තිබූ ගොඩනැඟිල්ලක සමරු ඵලකය ඉවත් කර අලූතින් සමරු ඵලක තියන්නේය. අනෙක් පැත්තෙන් පුත්තලම් කට්ටියත්, මීගොමු කට්ටියත් ලැජ්ජා නැතිකම ප‍්‍රදර්ශනය කරන්නේය. අරුන්දිකත්, රෝස් ප‍්‍රනාන්දුත් නිරුවත් රංගනයෙන් රඟ දෙන්නේ ඩිජිටල් බෝඞ් කෑල්ලකටය. හවුල් පාලනයේ ලැජ්ජා නැතිකම දෙගොඩ තලා යන්නේ මෙසේය. රසමසවුළු දෝරේ ගලා නිදහස් දිනය යැයි කියන දිනය සැමරීමෙන් ටිකක් කල් ගෙවී තිබුණත්, ඒ ගැන කතාවක් හෙළි වන්නේ දැන්ය. මෙදින රාති‍්‍රයේ රාජ්‍ය නායකයා විසින් භෝජන සංග‍්‍රහයක් ඇමති මණ්ඩලය වෙනුවෙන් ලබාදීමේ සිරිතක් තිබෙන්නේය. ඇමතිවරුන් පමණක් නොවේය. කලින් නම් නියෝජ්‍ය ඇමතිවරුන් ඊට සහභාගී කර ගත්තේය. දැන් රාජ්‍ය ඇමති දරන්නන් දුසිමකට වැඩියෙන් සිටින්නේය. මේ විශේෂිත රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයට ඔය කොයි කවුරුත් එක්කරගෙන පවත්වන්නේය. පසුගිය 07 වැනිදා රාති‍්‍රයේද එය පවත්වා ඇත්තේය. මුලින් ඊට සහභාගී වන බව සනාථ කර තිබූ බොහෝ කට්ටිය පොලූ තියා තිබුණේය. මෛතී‍්‍රට මේකෙන් මල පැන තිබුණේ තමන් ගැන තුට්ටුවක සැලකිල්ලක් නොදැක්වීම හේතුවෙන්ය. මහින්දගේ කාලයේ හිටිය හැටහුටහමාරම දෙකට නැමීගෙන ගිය හැටි මෛතී‍්‍ර හොඳින්ම දන්නේය. කොහොම වුණත්, මෛතී‍්‍රගේ උදහස පිට කර ඇත්තේ, මහජන මුදල් අපතේ යවන බව කියමින්ය. සුමන්තිරන් නාටකය ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්තී‍්‍ර, සුමන්තිරන් ඝාතනයක් පිළිබඳ නාටකය කුමක්දැයි දැන් හොඳින් හෙළි වී තිබෙන්නේය. එය ‘ලංකා’ මාධ්‍යවේදීන් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඝාතනයට කුමන්ත‍්‍රණය කිරීම වැනි කතාවක් බව හෙළි වන්නේය. ඌවතැන්නේ සුමන භික්ෂුවගේ පන්සලේ බෝම්බ ගොඩ ගසා එස්.ටී.එෆ්. භටයන් යොදවා මෙහෙයුමක් දියත් කිරීම වැනි දෙයක් බව එළි වන්නේය. දුර්වලම තිර පිටපත මේ කතාව එළියට දැමූ සැණින් දෙවරක් නොසිතාම භාර ගත යුතු වූයේ මහින්දය. මේ නාටකයේ තිර පිටපත සහ අධ්‍යක්ෂණය කොතරම් දුර්වල එකක්ද යන්න පැහැදිලි වූයේ මහින්ද නිසාය. මහින්දගේ කල්ලියේ බිම් මට්ටමේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයකුවත් භාරගෙන නොතිබුණේය. සුමන්දිරන් ඝාතන ප‍්‍රයත්නය අල්ලාගෙන තිබුණේ නූලෙන් බවට මාධ්‍ය වාර්තා පළ වූයේය. එක පත්තරයක් පමණක් මෙය ඇදගෙන ගිය අතර, අනෙක් තරගකාරී පත්තරවත් මෙය ලොකුවට භාරගෙන නොතිබුණේය. කොහොම වුවද, මේ වන විට ප‍්‍රතිඵල දෙකක් එය නිසා සිදුව තිබෙන්නේය. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ චෝදනා මත සති දෙකක් බන්ධනාගාරගත කිරීම සහ සුමන්දිරන්ගේ ආරක්ෂාව තර කර තිබීමය. මේ වන විට හෙළිව තිබෙනදේය. හෙළි නොවී තිබෙන්නේ මේ පිටපත සහ අධ්‍යක්ෂණය රනිල්, මහින්ද දෙදෙනාම එක් වීමෙන් කළ එකක්ද යන්න පමණය. ගෝඨාගේ ගිිවිසුම අලූත් කරයි? වර්ෂ 2007දී මහින්ද රාජපක්ෂ පාලනය යටතේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ඇමරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් කළ ආරක්ෂක ගිවිසුම 2017 වසරේදී අහෝසි වීමට නියමිතය. ඒ වසර 10ක් සම්පූර්ණ වීමෙන් අනතුරුවය. මෙම ගිවිසුම මඟින් ඉන්දියානු සාගර ප‍්‍රදේශයට පැමිණෙන ඇමරිකානු නෞකා සහ යුද භටයන් සඳහා ආහාර, නවාතැන් ඇතුළු යුද පහසුකම් ලබා දීමට ශ‍්‍රී ලංකා රජය එකඟ වී තිබිණි. කෙසේ වෙතත්, මෙම ගිවිසුම නැවත අලූත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු සකස් කරමින් ඇති බව ජවිපෙ මන්ත‍්‍රී විජිත හේරත්ට වාර්තා විය. මේ සම්බන්ධයෙන් ජවිපෙ පක්ෂ නායකයන් අතර කතාබහක් ඇති විය. ”මේ ආරක්ෂක ගිිවිසුම කාටත් හොරෙන් තමයි අත්සන් කළේ. ගිවිසුම ලැබුණාට පස්සේ අපිත් මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කළා. ඒත් ගිවිසුම ගැන රාජපක්ෂ ආණ්ඩුව ගත්ත පියවර ඒ විදියටම කරගෙන ගියා. බටහිර ගැති ආණ්ඩුවක් කියලා ඒ ආණ්ඩුවට කියපු මේ ආණ්ඩුවේ අය දැන් ගිවිසුම අලූත් කරන්න යනවා” විජිත හේරත් කීවේය. සයිටම් දීකිර මේ අතර ජවිපෙ නායකයන් සයිටම් ගැටලූව පිළිබඳවද අවධානය යොමු කළේ පසුගියදා පැවැති පක්ෂ නායකයන්ගේ හමුවකදීය. ”ආණ්ඩුව දැන් බොරු කමිටු දාලා සයිටම් ප‍්‍රශ්නය වෙන පැත්තකට ගෙනියන්න හදනවා. අනෙක් එක තමයි ආණ්ඩුව එක එක දේවල් කරලා මේ ප‍්‍රශ්නයට කාලේ ගන්න හදනවා. ජනාධිපතිට සෘජුව උත්තරයක් දෙන්න බැරිව ඉන්නවා” වෛද්‍ය නලින්ද ජයතිස්ස කීවේය. ”ආණ්ඩුව උද්දාමයෙන් තමයි නඩු තීන්දුව ගැන කතා කරන්නේ. අනෙක් හැම දෙයක්ම නීති කඩාගෙන කරන ඇමතිවරුන් සයිටම් තීන්දුවට දණගහලා, හිසනමලා ආචාර කරනවා. ආණ්ඩුව කොහොමත් මේ ප‍්‍රශ්නෙදි සයිටම් පැත්ත ගත්තා. පෞද්ගලික අධ්‍යාපනය ගැන කතා කරන්නේ තමන්ගේ බැරිබැරියාව නිසයි” විජිත හේරත් කියා සිටියේය. ”ආණ්ඩුවක් වුණාම දරුවන්ට අධ්‍යාපන පහසුකම් හදන්න ඕනෑ. ජනතාවට සෞඛ්‍ය පහසුකම් දෙන්න ඕනෑ. ඒක කරන්න බැරි නම් ජනතාවකට ආණ්ඩුවක් මොකටද? තමන් වියදම් කරලා ඉගෙනගෙන, තමන් අමාරුවෙන් ජොබ් එකක් හොයාගෙන, ලැබෙන පඩියෙන් කොහොම හරි ජීවිතේ ගැටගහ ගනිල්ලා කියලා තමයි මේ ආණ්ඩුව ජනතාවට කියන්නෙ.” ලාල් කාන්ත කියා සිටියේය. දේශපාලන සංස්කෘතියේ වෙනසක් ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව සමාජයේ කතාබහක් ඇති වී තිබේ. මේ සම්බන්ධයෙන් විවිධ සංවිධාන විවිධ වැඩසටහන් සංවිධානය කරමින් තිබේ. මේ අතර ජාතික මාධ්‍ය සංසදය විසින්ද පසුගිය 15 වෙනිදා ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී සංවාද සභාවක් සංවිධානය කොට තිබිණි. මේ අවස්ථාව සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයන්ටද ආරාධනා කොට තිබිණි. කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්තිද එම සංවාද සභාවට සහභාගි වූයේ සංවිධායක මණ්ඩලයේ ආරාධනාවකට අනුවය. ප‍්‍රවීණ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන සහ ජාතික මාධ්‍ය සංසදයේ කැඳවුම්කරු මන්දනා ඉස්මයිල් අබේවික‍්‍රම විසින් සිදු කළ දේශනවලින් අනතුරුව සංවාද සභාව ආරම්භ විය. ”මෙතනට කෝප් කමිටුවේ සභාපතිතුමත් ඇවිත් ඉන්නවා. අපිට සතුටුයි. එතුමටත් තොරතුරු ලබා ගන්න ගිහින් සිදුවුණු දේවල් දන්නවා. අපි ලබා ගන්න තොරතුරු භාවිත කිරීමේදී අපේ ආරක්ෂාව ගැන අපිට බයක් තියෙනවා. අපි ලබා ගන්න තොරතුරු භාවිත කරන්නේ කොහොමද?” සභාවේ පුද්ගලයෙක් ප‍්‍රශ්නයක් නඟමින් කියා සිටියේය. ”තොරතුරු ලබා ගැනීමේ අයිතිය තිබුණට එය ප‍්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු වෙලා නැහැ. ඒ ගැනත් ප‍්‍රශ්නයක් තිබෙනවා. ආරක්ෂාව ගැනත් අපිට හිතන්න වෙනවා තමයි. කෝප් කමිටුවේ සභාපතිතුමාටත් මේ ගැන කියන්න දෙයක් ඇති” මන්දනා ඉස්මයිල් කියා සිටියේය. ”කෝප් කමිටුව ගැන කියපු නිසා මමත් කතා කරන්න කැමතියි. මාධ්‍යවේදියෝ හැමදාම අපෙන් ප‍්‍රශ්න අහනවා. අද මම මෙතැනට ආවේ මාධ්‍යවේදීන්ගෙන් අපිට තියෙන ප‍්‍රශ්නවලට උත්තරයක් ගන්න. ඇත්තටම තොරතුරු පනත තිබුණාට අපේ රටේ දේශපාලන සංස්කෘතිය මත තොරතුරු ලැබීම තීරණය වෙනවා. ඇත්තටම තොරතුරු පනතට දේශපාලන සංස්කෘතිය ඉක්මවන්න පුළුවන්ද කියන පැනය අපි හමුවේ තියෙනවා.” කෝප් කමිටුවේ සභාපතිවරයා කියා සිටියේය. ඇමතිතුමෝ කැතයි නේද? සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පසුගිය 15 වෙනිදා කෘෂිකර්ම නව අමාත්‍යාංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කළේය. ඒ මාස ගණනක් තිස්සේ ජනතා මුදල් වියදම් කරමින් භාවිතයට නොගන්නා ගොඩනැඟිල්ලක් වෙනුවෙන් කෝටි අසූවකට වඩා වැඩි මුදලක් නිකරුණේ වියදම් කිරීමට එරෙහිවය. ගොවි නායකයන්ගේ සංකේත උද්ඝෝෂණයක් ලෙස පැවැති එම උද්ඝෝෂණයෙන් අනතුරුව අදාළ ගොඩනැඟිල්ලේ විරෝධතා සටන් පාඨ ඇලවීමට ද උද්ඝෝෂකයෝ කටයුතු කළෝය. ”මාස් කන්නයේ වගා අහිමි වූ ගොවීන්ට රු.50,000.00ක වන්දියක් ලබාදෙනු!” ”මෙන්න ඇත්ත, වගා අහිමි වූ ගොවි පවුලකට යෝජිත මාස 06ක වන්දි මුදල රුපියල් 10,000.00යි. කෘෂිකර්ම ඇමතිගේ යෝජිත කාර්යාලයට 2016 අපේ‍්‍රල් සිට 2017 පෙබරවාරි දක්වා ගෙවූ මුදල රුපියල් 896,919,600.00යි. මාසික කුලිය රු.23,776,200.00යි. ඇමතිතුමෝ කැතයි නේද?” යනුවෙන් සටන් පුවරු ප‍්‍රදර්ශනය කෙරිණි. ”අපි ආණ්ඩුවට කියනවා ගොවි ජනතාව දහස් ගණන් පාර්ලිමේන්තුවට, ජනාධිපති මන්දිරයට ගෙන්වා ගන්න එපා කියලා. කෝටි ගණන් දීලා හිස් ගොඩනැඟිල්ලක් පවත්වාගෙන යන්නේ මොකටද? නාමල් කරුණාරත්න මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.


මහින්දගේ සාටකේ කෝප්පයක!

2017-01-08     (ගයාන් රූපසිංහ)

”ජේත්තුකාර ලියන් ගත විලවුන් මුහුණ සිඹින්නා... සාටක නූල ඉරන් නාරිලතා මල් පූදින්නා... දෑසින් අමතන බස් වැසුණු දොරක් විවර කරන්නේ... එළිපිට ඇත අවකෙළි කිසිවකු මැසිවිලි නොකියන්නේය.” ලැබුවා වූ අලූත් අවුරුද්දේ ‘තාරාවෝ ඉගිලෙති’ වේදිකා නාට්‍යයේ මෙම ගීතය මෙනෙහි කිරීම අතිශය වැදගත් වන්නේ ය. ‘තාරාවෝ ඉගිලෙති’ නාට්‍යය අවුරුදු තිස්පහක් පමණ පැරැුණි ය. ගීතයේ සමස්ත අර්ථය ගත්තා ම වර්තමාන ආර්ථික, දේශපාලන කි‍්‍රයාකාරීත්වයට සම්පූර්ණයෙන් ම අදාළ වන්නේ ය. එම නාට්‍යයේ තිබෙන මේ ගීතයෙන් ඉහත වදන් පෙළ උපුටා ගත්තේ අද රටේ කි‍්‍රයාත්මක වන දේශපාලනය මෙකී ජේත්තුකාර ලියන්ගේ චරිතයට සපුරා ම සමාන වන බැවින් ය. එනම්, සියල්ල විකිණීම සඳහා ම වන්නේ ය. ඒ වෙනුවෙන් ”සාටක දුහුල ඉරා නාරිලතා මල් පූදින්නේ ය. දෑසින් කතා කෙරෙන්නේ ය. එළිපිට අවකෙළි සිදු කෙරෙන්නේ ය. මහජනතාව මේ සියල්ල අදරින් පිළිගනිමින්, සියොලඟ සන්තර්පණය කර ගනිමින් සිටින්නේ ය. ඔවුන් මැසිවිලි නොකියන්නේ ය.” බයිස්කෝප් වසර ආරම්භ වී ඇත්තේ, පතුලේ පැසවමින් තිබෙන සියලූ ප‍්‍රශ්න යටපත් කරමින් ය. ආණ්ඩුව පෙරළන බවට මහින්ද රාජපක්‍ෂ පත්තු කළ පුස් බෝම්බය සම්බන්ධයෙන් එක පැත්තක බයිස්කෝප් සංදර්ශනයකි. රනිල් කියන්නේ, මහින්දට හැකි නම්, ආණ්ඩුව පෙරළා පෙන්වන්න කියා ය. රාජ්‍ය ඇමති, පි‍්‍රයංකර ජයරත්න ඉල්ලා අස් වී ඇත්තේ ය. තවත් ගඩොල් ගැල වී යන බව මහින්ද කියන්නේ ය. එක පැත්තක බයිස්කෝප් එසේ වන විට අනෙක් පැත්තෙන් ෆයිසර් මුස්තාපා පළාත් පාලන සීමා නිර්ණ කොමිෂන් සභාවේ වාර්තාව පිළිනොගෙන කොමිසම කුණු කූඩයට දැමීමේ බයිස්කෝප් එකක් ය. අනෙක් පැත්තෙන් මෛතී‍්‍ර - රනිල් දෙදෙනා ම එක් වී ‘තිරසර යුගයක ජාතියේ ප‍්‍රාර්ථනාව’ නමින් බයිස්කෝප් එකක් පටන්ගෙන ඇත්තේ ය. රට වේගයෙන් සංවර්ධනය කිරීමට බව කියමින් මෙය කරන්නේ ය. ඒ අතර, මෛතී‍්‍රගේ හිතෛෂී වඳුරන් බඳු අය විසින් යූ.එන්.පී.යට විරුද්ධව කරගෙන යන්නා වූ වාචාල නන්දෙඩවීම් බයිස්කෝප් ය. අනෙක් පැත්තෙන් සහල් මාෆියාව ගැන ඩඞ්ලි සිරිසේනගේ සහ පී. හැරිසන්ගේ, අජිත් පී. පෙරේරාගේ බයිස්කෝප් ය. සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින එළිපිට අවකෙළි අඩංගු බයිස්කෝප් සංදර්ශන වසර ආරම්භයේ දී ම වේගයෙන් දියත් කර තිබෙන්නේ මෙසේ ය. යුරෝපයට මාරු වීම බයිස්කෝප් සංදර්ශනවල තරම කොතරම් ද යන්න 03 වැනි අඟහරුවාදා ම පැහැදිලි වී තිබුණේ ය. හවුල් ආණ්ඩුව පත් වුණු වහා ම රනිල් කියා තිබුණේ කුලියාපිටිය ප‍්‍රදේශයේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන බව ය. එය ‘අද නොවේ හෙට බාලගිරි’ තත්ත්වයට පත්ව තිබුණේ ය. අන්තිමට 03 වැනි අඟහරුවාදා මෛතී‍්‍ර - රනිල් දෙදෙනා ම එක් වී වෙනත් වැඩකට මුල පුරා තිබුණේ ය. වොක්ස්වැගන් හැලී යුරෝපීය මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමට මුල් ගල් තැබීම ය. සියලූ ම මාධ්‍යවලින් ප‍්‍රචාරය කර තිබුණේ යුරෝපීය මෝටර් රථ කර්මාන්ත ශාලාවකට මුල පිරූ බව ය. වොක්ස්වැගන් යන්න ම ගොස් තිබුනේ එසේ ය. මේ පිළිබඳව ප‍්‍රශ්න කිරීම වැළැක්වීමට දෝ රනිල් සංඛ්‍යා දත්ත ගොන්නක් කියාගෙන ගියේ ය. හම්බන්තොටින් රැුකියා දසදහසක් ලබා දෙන බව කිව්වේ ය. කුලියාපිටිය ආශි‍්‍රත විවිධ කර්මාන්ත පුරවල ඉදි කිරීම් නිසා රැුකියා දසදහසක් බිහි වන බව කීවේය. යුරෝපීය මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තයෙන් පමණක් රැුකියා තුන් දහසක් උපදින බව  කීවේය. අවසානයේ සතියක් තුළ රැුකියා විසි දහසක් උපදින බව කීවේ ය. වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව යුරෝපීය වීමේ බයිස්කෝප් එකේ ප‍්‍රතිඵල වශයෙන් රනිල් කියූ සංඛ්‍යාලේඛනවල තරම එසේ වූයේ ය. මෙයට සහභාගී වූ මෛත‍්‍රී කතාවක් නොකරම පිටත්වීම කාටත් ප‍්‍රශ්නයක් වූයේය. මේ වගේ වැඩවලින් සවුත්තු වෙන්න බෑ කියා මෛත‍්‍රී කියූ බව ශ‍්‍රී.ල.නි.ප. ආරංචිමාර්ග පවසයි. වැඩ ඇල්ලීම මෙම සටහන ලියන මොහොත වන විටත් තවත් බයිස්කෝප් එකක් අමාත්‍යාංශ සහ විවිධ දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ආදියේ දියත් කෙරී තිබුණේ නව වසරට වැඩ ඇල්ලීම් සිදු කරමින් ය. වැඩ ඇල්ලීම කරන්නේ සිංහල, හින්දු අලූත් අවුරුද්දේ නැකතට ය. දැන් ජනවාරි 01 ලැබීමෙන් පසුව ද, වැඩ ඇල්ලීම් කරන්නේ ය. නමුත්, කියන්නේ වෙන වචනයක් ය. ‘නව වසරට වැඩ ඇරඹීම’ යනුවෙන් ය. ඇමති, නියෝජ්‍ය ඇමති හෝ අන්තිම අඩියේ රාජ්‍ය ඇමති මැදිහත් වීමෙන් තොරව වැඩ ඇරඹීම් කළ නොහැකි සෙයක් පෙනෙන්නේ ය. බයිස්කෝප් එක කොතරම් අපූරු දැයි එයින් පැහැදිලි වන්නේ ය. නිලධාරීන්ගේ සිට කාර්ය මණ්ඩලයේ පහළ ම කාර්යාල කාර්ය සහායක දක්වා පිරිස් පැය ගණන් වරු ගණන් නොව මේ සතිය පුරා ම වැඩ ඇරඹීමේ බයිස්කෝප් එකට සූදානම් වන්නෝ ය. මේ බයිස්කෝප් ගැන මාධ්‍යයෙන් ප‍්‍රචාරයක් දීම අඩු නැතිව ම සිදු වන්නේ ය. වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව යුරෝපා මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය දක්වා වෙනස් වීම ගැන සලකා බලන විට වැඩ ඇල්ලීමේ සංදර්ශන කොතරම් පුංචි දේවල් දැයි සිතනවා විය හැක්කේ ය. මෛතී‍්‍රගේ බයිස්කෝප් රනිල්ගේ වොක්ස්වැගන් බයිස්කෝප් වැඬේ යන අතර, මෛතී‍්‍ර ද නිකම් ම සිටියේ නැත. මෛතී‍්‍රගේ මොරගහකන්ද හීනයක් තිබුණේ ය. කඩිනම් මහවැලිය යටතේ පංච මහා ජලාශ වශයෙන් නම් කර තිබූ නමුත්, පසුව ශක්‍යතා අධ්‍යයන වාර්තා අනුව සම්පූර්ණයෙන් ම අසාර්ථක බව ඔප්පු වීම නිසා මොරගහකන්ද අත්හැර දමා තිබුණේ ය. කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල සහ මාදුරු ඔය ජලාශ පමණක් ඉදි කර මොරගහකන්ද අත්හැර දමා තිබුණ ද, මෛතී‍්‍ර පසුබට නොවූයේ ය. ඇත්තට ම මොරගහකන්ද ව්‍යාපෘතියට කර තැබුවේ මහින්ද ය. තවත් බයිස්කෝප් එකක් බව පැහැදිලිව ඔප්පු වී තිබිය දී, මහින්දගේ වෙනත් බයිස්කෝප් සේ ම මොරගහකන්දත් ඇරැුඹී ය. පසුව මෙය මෛතී‍්‍ර තම ව්‍යාපෘතියක් බවට පත් කර ගත්තේ ය. අලූත් අවුරුද්ද ආරම්භයත් සමඟ එහි වැඩ කටයුතු අවසන් බව ප‍්‍රකාශ කර බයිස්කෝප් එක තිරගත කිරීමේ කාරියට එළැඹී සිටින්නේ ය. කේන්දරකාරයන්ගේ ඉගැන්වීම් අනුව දෝ ජලාශය පිරවීමේ නැකත තිබෙන්නේ පට්ට නියං කාලයේ ය. ලබන 11 වැනිදාට යෙදෙන සුභ මොහොතින් මෛතී‍්‍රපාල සිරිසේන මැතිඳුන්ගේ පින්බර දෑතින් ජලාශය පිරවීමේ කටයුතු ඇරැුඹීමට නියමිතව තිබෙන්නේ ය. රටේ රජු හා බතේ රජු අවුරුද්ද ආරම්භයේ දී දකින්නට ලැබුණු තවත් බයිස්කෝප් එකක් වූයේ රටේ රජුගේ හා බතේ රජුගේ කි‍්‍රයාකලාපය පිළිබඳව ය. රටේ රජු කවුරුන් දැයි අමුතුවෙන් නොකිව යුත්තේ ය. තමන් රජු බව මහින්ද මෙන් කියා ගැනීමට නොගිය ද, මෛතී‍්‍ර රජු ය. බතේ රජු කවුරුන් දැයි කුකුසක් බොහෝ විට බොහෝ දෙනෙකුට තිබිය හැක්කේ ය. බතේ රජු වන්නේ රටේ රජුගේ සොහොයුරා වන ඩඞ්ලි සිරිසේන ය. සති අන්තයේ පුවත් පත්වල මෛතී‍්‍ර රජ වීමේ පදවිප‍්‍රාප්තිය පිළිබඳ සම්මුඛ සාකච්ඡුා ආදියට වෙන් කර තිබූ ඉඩට සමාන ඉඩක් බතේ රජු වෙනුවෙන් ද වෙන් කෙරී තිබුණේ ය. මෙම සටහන තබන මොහොත වන විට පුවත් පත්වල රටේ රජුට වැඩියෙන් ඉඩ වෙන් කෙරී තිබුණේ බතේ රජුගේ කි‍්‍රයාකලාපය පෙන්වීමට ය. ඩඞ්ලිට අයත් අරලිය සහල් ව්‍යාපෘතිය මේ රටේ සහල් මාෆියාව මෙහෙයවන මූලිකයන් දෙදෙනාගෙන් කෙනෙක් ය. අනිකා ඇමති කුට්ටමේ සිටින සිරිපාල ගම්ලත් ය. කෙසේ වෙතත්, දැන් ඩඞ්ලිගේ බලේ කොතරම් දැයි පැහැදිලි වී තිබෙන්නේ කැබිනට් ඇමතිවරයකු වන පී. හැරිසන්ට අභියෝග කිරීමට තරම් හයියක් ලබා ගැනීමෙන් ය. ඩඞ්ලි - හැරිසන් බයිස්කෝප් එක තේරුම් ගත යුත්තේ, මාෆියා එකේ අයිතිකරුවකු සහ ඒ තැන සම්බන්ධයෙන් වෙනත් ආකාරයකට අත්තිවාරම් දමා ගනිමින් සිටින හැරී අතර සටනක් වශයෙන් ය. ඒ මිස මේ රටේ බත් කන මිනිසුන් වෙනුවෙන් හැරිසන් මාර සටනක් දෙන්නේ යැයි සිතුවොත්, වැඩ වරද්දා ගැනීමක් වන්නේ ය. රටේ රජු වන මෛතී‍්‍ර, ඩඞ්ලි - හැරිසන් සටන පිළිබඳව ‘මීක්’ ගාන්නේ නැතිව සිටීමට තරම් මධ්‍යම ප‍්‍රතිපදාවකට වැටී සිටින්නේ ය. මහින්දගේ හොරයක් රටේ රජුගේ පවුල් පාලනය පිහිටුවා ගැනීමේ හතර මායිම කොතරම් දැයි ඩඞ්ලිගෙන් පැහැදිලි වන්නේ ය. ඩඞ්ලි තවත් පවුල් පාලනයකට සම්බන්ධ වී සිටින්නේ ය. ඒ රාජපක්‍ෂ පවුලට වන්නේ ය. රාජපක්‍ෂ පවුලේ ගෝඨා සමඟ ඉතා අඹ යහළු සම්බන්ධයක් ඩඞ්ලිට තිබෙන්නේ ය. දැනට පැතිරී යන කටකතා අනුව මහින්ද හෝ ගෝඨා හෝ චමල් මීළඟ අගමැති කිරීමේ කපුකම කරමින් සිටින්නේ ද ඩඞ්ලි ය. කපුකම සාර්ථක වේ ද? නොවේ දැයි තීරණය කිරීමට තවමත් කල් වැඩි ය. එය අනාගතයට භාර දී සිටිය යුත්තේ ය. ඒ අතර මහින්ද පසුගිය දා විදෙස් ජනමාධ්‍ය වාර්තාකරුවන් හමු වී සාකච්ඡුා කළ අවස්ථාවේ දී මාධ්‍යවේදීන්ට හොරයක් එළි වී තිබුණේ ය. මහින්ද දැන් වැඩ වාසය කරන්නේ මෛතී‍්‍ර කලින් සිටි විජේරාම මාවතේ පිහිටි නිවසේ ය. මාධ්‍යවේදීන් එම නිවසට කැඳවා සාකච්ඡුා කිරීමේ දී මාධ්‍ය සගයන් අපූරු දෙයක් නිරීක්‍ෂණය කර තිබුණේ ය. කාමරයේ හතර අතේ ම රාජපක්‍ෂ පවුලේ රාමු කරන ලද ඡුායාරූපවලින් සරසාගෙන සිටින බව ය. බී.බී.සී. ‘සන්දේශය’ වෙබ් අඩවියේ මහින්දගේ සාකච්ඡුාව සම්බන්ධයෙන් පළ කර තිබූ ඡුායාරූපයේ මහින්දගේ පිටුපසින් මහින්දගේ ම ඡුායාරූපයක් තබාගෙන සිටින අයුරු පැහැදිලිව පෙනෙන්නේ ය. ”මතක ද ඉස්සර ඔය ගෙදර තිබුුණු ෆොටෝස් මොනවා ද කියලා ? මාක්ස්ගේ, එංගල්ස්ගේ, තාගෝර්ගේ, තොල්ස්තෝයිගේ ෆොටෝස් තිබුණා. දැන් හතර අතේ ම තියෙන්නේ පවුල, පවුල, පවුල සහ තවත් පවුල විතරයි.” යනුවෙන් මාධ්‍ය සගයන් සාකච්ඡුා කර තිබුණේ ය. ඔවුන් නිරීක්‍ෂණය කර තිබූ තවත් කරුණක් වූයේ මහින්දගේ කරෙන් කුරහන් සාටකය හැලී තේ බීමට ගත් මග් එකකට සාටකය යොදා තිබෙන බව ය. ජී. එල්. පීරිස් මෙම මාධ්‍ය හමුව සැරැුසීමට පැමිණි තොරොම්බලයක් සේ සිටීම ද නිරීක්‍ෂණය කර තිබුණේ ය. දුෂ්ටයා රනිල් අලූත් වසර ආරම්භයේ දී රඟදැක්වෙමින් තිබෙන බයිස්කෝප් එකේ රනිල් දුෂ්ටයා වී ඇත්තේ ය. ති‍්‍රකෝණී සටනක මෛත‍්‍රී, මහින්ද දෙදෙනා ම පැත්තක ඉඳිද් දී දුෂ්ටයා වීමට රනිල් විසින් ම තෝරා ගන්නා ලද දෙයක් වූයේ ය. විශේෂයෙන් ම සුපිරි ඇමති කෙනෙකු බිහි කිරීමට අදාළ සංවර්ධන විශේම විධිවිධාන පනත පළාත් සභා සියල්ලෙන් ම පරාජය කිරීම තුළින් දුෂ්ටයාව සිටියේ ය. පරාජයෙන් බේරා ගැනීමට පළාත් සභා මහ ඇමතිවරුන් අරලියගහ මන්දිරයට කැඳවා කරුණු පැහැදිලි කිරීමද රනිල් විසින් කර තිබුණේ ය. එසේ තිබිය දීත්, සියලූ ම පළාත් සභාවලින් පනත පරාජය කර තිබුණේ යළි මෙවැනි පනතක් ගෙන ඒම පිළිබඳව නැවත සිතීමටවත් රනිල්ට ඉඩ නොදෙන තත්ත්වයෙන් ය. සුපුරුදු පරිදි මෛතී‍්‍ර වෙනුවෙන් රනිල්ටත්, යූ.එන්.පී.යටත් බැට දීමේ කටයුත්ත ඩිලාන්, ඉසුර දේවපි‍්‍රය යන අය ඉදිරියට ම කරගෙන යමින් තිබුණේ ය. මේ අතර විශේෂ කරුණක් හොර රහසේ කෙරී තිබුණේ ය. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හෙවත් එෆ්.සී.අයි.ඞී. එකේ ලොක්කා මොනරාගලට මාරු කර තිබීම ය. එෆ්.සී.අයි.ඞී. ලොක්කා හඳුන්වන නිල නාමය වන්නේ ‘අධ්‍යක්‍ෂ’ යන්න ය. එම අධ්‍යක්‍ෂ ධුරය දැරූයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ඞී.ඒ. පේ‍්‍රමශාන්ත ය. සේවා අවශ්‍යතාව මත ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් මෙය කර තිබූ බව ප‍්‍රචාරය කෙරී තිබුණේ ය. එසේ වුවත්, පොලිස් කොමිෂන් එක උඩින් වැටී තිබුණේ රනිිල්ගේ දුෂ්ට සෙවණැල්ල බවට ද ප‍්‍රචාරයක් පවතින්නේ ය. ඒ. එස්. පී.ට මොනර තටු පසුගිය කාලයේ රඟදැක් වූ බයිස්කෝප් එකක ප‍්‍රධාන චරිතයක්  ඒ. එස්. පී. කෙනෙකුට හිමි වී තිබුණේ ය. මේ ඒ. එස්. පී. මොනරකු හදා වඩා ගන්නා ලද පුද්ගලයෙකු වූයේ ය. මොනරාව හදා වඩා ගන්නා ලද්දේ දෑතේ මහන්සියෙන් නොසෑහෙන්න දුක් විඳ ඉඩම් ජාවාරම් කිරීමෙන් ය. මුලින් රණසිංහ පේ‍්‍රමදාසගේ ගැත්තෙකු වශයෙන් වැඬේට මුල පුරා පසුව හැරෙන හැරෙන පැත්තට තොප්පිය මාරු කර ගැනීමේ ශිල්පය හොඳින් පුහුණු කරන ලද අයෙකු වන්නේ ය. ඔහුගේ ශිල්ප ප‍්‍රගුණ කිරීම කොතරම් සාර්ථක වූයේ දැයි කිවහොත්, තමන්ගේ දුවණිය යොදවා හිටපු මහින්ද මහ රජුට ප‍්‍රශස්ති ගායනා කිරීමට තරම් ජාවාරම්කාරී පීතෘ ස්නේහයක් තිබූ කෙනෙකු වූයේ ය. මහින්ද රජු යටතේ ද යහමින් ජාවාරම් කරගෙන ගොස් රුපියල් කෝටි පනස් ගණනක වියදමක් දරා ‘පීකොක්’ මන්දිරය නම් සුපිරි මන්දිරයක් ද ඉදි කර ගත්තේ ය. මහින්ද මහ රජු කුජීත වීමෙන් පසු මේ මන්දිරය මිල දී ගැනීමට වළි කෑ තරම සුළුපටු නොවී ය. මන්දිරය ඇතුළේ හා පිටත ජනෙල්, උළුවහු පවා වෙනස් කර තිබුණේ ය. මිදුලේ තිබූ පිහිනුම් තටාකය වැලි දමා පිරවී ය. අන්තිමට වැඬේ ගැස්සී ගියේ ‘ලංකා’ ඇතුළු මාධ්‍ය මඟින් මෙම හොර ගනුදෙනුව හෙළි කිරීම නිසා ය. රුපියල් කෝටි පනස් ගණනක් මහින්ද එකවර වියදම් කරන්නේ කෙසේ දැයි ප‍්‍රශ්න කිරීමත් සමඟ ඒ. එස්. පී.ට නතර වෙන්න සිදු වූයේ හතර වැනි තට්ටුවේ ය. එහි දී සියල්ල දකින බුද්ධිය පහළ වීමෙන් දෝ මේ ඒ. එස්. පී. නතර වූයේ මෛතී‍්‍රගේ තුරුලේ ය. ඉන්පසුව මෛතී‍්‍ර වෙනුවෙන් පත්තර පිටු පුරවලා සුබ පැතුම් දැන්වීම් පළ කර දෑත් ශක්තිමත් කරන්නට වූයේ ය. මෛතී‍්‍ර රජ වී තුන්වැනි සංවත්සරය සමරන මොහොතේ මේ ඒ. එස්. පී. කළු රන් මොනරෙකු ලැබීමේ පින පල දී තිබෙන්නේ ය. මේ කියන ඒ. එස්. පී. නම්, ඒ. එස්. පී. ලියනගේ ය. දැන් මෛතී‍්‍ර විසින් ඔහුට කටාර් දේශයේ තානාපතිකම ලබා දී තිබෙන්නේ ය. අලූත් අවුරුද්ද ආරම්භ කෙරෙන මොහොතේ දී රඟදැක් වූ ජුගුප්සාජනක බයිස්කෝප් තිබුණේ මෙසේ ය. ශි‍්‍රයන්තගේ සම්පත මහින්දගේ පොහොට්ටු කල්ලිය අලූත් අවුරුද්දේ ප‍්‍රචාරක බයිස්කෝප් එක පටන්ගෙන තිබුණේ අමුතු විදියකට ය. පසුගිය පාලන සමයේ මහින්දගේ වටේ කැරැුකි කැරැුකී සිටිය කලාකරුවන් පිරිසකට ඇමතුම් ලැබී තිබුණේ ය. දුරකථන ඇමතුම් කීප දෙනෙකු විසින් දී තිබුණේ ය. ඩලස් ඒ අතුරින් මුලින් ම සිටින්නේ ය. කලාකරුවන්ට කියා තිබුණේ අලූත් අවුරුද්දේ වෙනස් විදියකට වැඩට මුල පුරමින්, කටයුතු කිරීමට ආරාධනා කරන බව ය. ආණ්ඩු පෙරළියක් ගැනත්, අගමැතිකම ගැනත් මහින්ද පුස් බෝම්බයක් පත්තු කිරීමේ වාසිය ද මතක් කර තිබුණේ ය. කෙසේ නමුත්, කලාකරුවන් රැුසක් හමුවේ දණින් වැටෙන තරම් පින්සෙන්ඩු වී දුරකථන ඇමතුම් දී තිබුණේ ය. පින්සෙන්ඩු වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් කලාකරුවන් කීප දෙනෙක් ද සමඟ පොහොට්ටුවේ මාධ්‍ය හමුවක් 03 වැනිදා පවත්වා ගත හැකි වූයේ ය. මෙහි දී ශි‍්‍රයන්ත මෙන්ඩිස් කියා තිබුණේ අපූරු කතාවක් ය. ”රන්මිණිතැන්න වගේ රාජ්‍ය සම්පත් විකුණන එක නවත්වන්න ඕනෑ. රටේ තීරණාත්මක අවස්ථාවල දී කලාකරුවන් දේශපාලනයට සම්බන්ධ වෙනවා. මේ අවස්ථාවේ දීත් තීරණාත්මකයි.” යනුවෙන් ප‍්‍රකාශ කර තිබුණේ ය. රට තීරණාත්මක දේශපාලනයකට මුහුණ දී තිබෙන බව ශි‍්‍රයන්ත තහවුරු කර තිබුණේ රන්මිණිතැන්න විකුණන බව කියමින් ය. රන්මිණිතැන්න මහින්ද බලයේ සිටිය දී ම වේයන්ගේ, තලගොයින්ගේ රජදහනක් වී දිරා යමින් තිබූ බව ශි‍්‍රයන්තට අමතක වී තිබුණේ ය. අලූත් අවුරුද්දේ දේශපාලන බයිස්කෝප් යටින් තිබෙන එළිපිට කෙරෙන අවකෙළි පිළිබඳව ජනතාව දකින්නේ නම්, පමණක් අලූත් අවුරුද්ද අලූත් වනු ඇත්තේ ය. කැබිනට් එකේ අනුමැතිය දුන්නේ කවුද? හම්බන්තොට වරාය විකිණීම, සමාගම්වලට ඉඩම් පැවරීම ඇතුළු ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ගවලට එරෙහිව ජ.වි.පෙ. ආරම්භ කර ඇති විරෝධතාවයන් පිළිබඳව ජ.වි.පෙ. නායකයෝ විශේෂ සාකච්ඡුාවක නිරත වූහ. ”අපි තමයි මුලින්ම යෝජනා කළේ ගිවිසුම අත්හිටුවන්න කියලා. ඒ විතරක් නෙවෙයි ගිවිසුම පාර්ලිමේන්තුවට දාන්න කියලත් අපි කිව්වා. ඒ ගැන ජනාධිපතිට ලිපියකුත් දැම්මා. නමුත් ආණ්ඩුවෙන් කිසිම ප‍්‍රත