අහසින් වැටෙන දිය පොදත් විකුණන සැලසුම් නොනැවතී පෙරට

2017-02-26     (චතුර දිසානායක)

ජලය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීම පිළිබඳ ලෝකයේ මෙන්ම ලංකාවේද පාලකයන් තුළ ඇති උනන්දුව සුළුපටු එකක් නොවන බව ‘ලංකා’ විසින් මින් පෙර හෙළිදරව් කරන ලදී. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ සිට මේ දක්වා සියලූම ජනාධිපතිවරුන් මෙන්ම ආණ්ඩු ඒ සඳහා විවිධ පිඹුරු පත් සකසනු ලැබීය. එය එපරිද්දෙන්ම ඉදිරියට ගෙන යමින් වර්තමාන ආණ්ඩුවද ජලය වෙළෙඳ භාණ්ඩයක් පමණක් බවට පත් කිරීමට කරන ලද සැලසුම්ද මේ වන විට එකින් එක අනාවරණය වෙමින් තිබේ. ඒ සඳහා වර්තමාන ආණ්ඩුව අලූත්ම ප‍්‍රවේශයක් ගනිමින් මතු වී ඇති වියළි කාලගුණ තත්ත්වයන් සහ ඒ නිසා ඇති වී තිබෙන ජල අර්බුදය දඩමීමා කර ගනිමින් දේශගුණික විපර්යාස අවම කිරීමේ වැඩසටහන යටතේ කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තුදීම වෙනුවෙන් ජලය හා ජල මූලාශ‍්‍ර කළමනාකරණ වැඩසටහන් සකස් කිරීමට හා කි‍්‍රයාත්මක කිරීමට සූදානම් වේ. පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ජල කළමනාකරණය සඳහා ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 110ක ණයවරක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කර ඇති බවද මේ වන විට හෙළි වී තිබේ. 2014.02.10 දින අංක 14/0194/504/026 රහසිගත අමාත්‍ය මණ්ඩල සංදේශයක් මඟින් ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 110ක ණයවරක් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇති අතර, එම ණය මුදල යොදා ගනිමින් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ කාලගුණික විද්‍යාත්මක විපර්යාස කෙරෙහි භෞතිකව ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමට ව්‍යාපෘතියක් නමින් සකස් කර ඇත. 2014.02.10 දින මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යාංශය අංක ඩබ්/ඞී.එම්/01/එල් යටතේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයට එවා ඇති ලිපියකින් මෙම ව්‍යාපෘතිය කරගන යාම සඳහා වේලි ආරක්ෂණ හා ජල සම්පත් සැලසුම් කිරීමේ ඒකකයට පවරා ඇති අතර, ජල සම්පත් කළමනාකරණය කිරීම නැත්නම් ජලය හා ජල මූලාශ‍්‍ර විකිණීමට අවශ්‍ය සියලූ කටයුතු මේ හරහා සිදු වනු ඇත. වසර විසිපහකින් ගෙවා නිම කිරීමට ගන්නා මෙම ණය මුදලට වාර්ෂික පොලී අනුපාතය සියයට 1.25කි. මෙම ණයවර ලබා දෙන ලෝක බැංකුව දිගින් දිගටම පවසන්නේ ලංකාවේ ගොවිතැනට ජලය ලබා දීම පාඩු ලබන ක‍්‍රියාවක් බැවින්, ලබා දෙන ජලය වෙනුවෙන් ගොවියන්ගෙන් මුදල් අය කර ගත යුතු බවය. තව දුරටත් ලංකාවේ ජල සම්පත විකිණීම වෙනුවෙන් ණය ලබා දෙන ලෝක බැංකුවේ එක`ගතාවයන් අතර ජලය පෞද්ගලිකකරණය කිරීම පළමු කාර්යයක් වේ. ඒ අනුව අද වන විට වර්තමාන ආණ්ඩුව සියලූම ජල මූලාශ‍්‍ර කළමනාකරණය කිරීමේ නැතහොත් විකිණීම සඳහා වූ එහි ඉදිරි පියවර එකින් එක සැලසුම් කරමින් සිටියි. ලොව පුරා ජලය පෞද්ගලිකකරණ කි‍්‍රයාවලි මෙහෙයවනු ලබන්නේ් සහ ඉන්පසු එහි පාලනය අත් පත් කර ගනු ලබන්නේ ලොව ප‍්‍රබලම බහුජාතික සමාගම් අතළොස්සක් විසින්ය. ජලය සොබාදහම විසින් ලබා දෙන දෙයක් නිසා ඊට නිෂ්පාදන වියදමක් නොමැත. ඒ නිසා ජලය වෙළෙඳාම මඟින් අති විශාල වූ ලාභයක් ලබා ගත හැකිය. මෙම තත්ත්වය ඇමරිකාවේ මුල් පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන ‘ෆෝචූන්’ සඟරාව 2000 මැයි කලාපයේ දක්වා තිබුණේ හැම දෙනාටම අවශ්‍ය, අනාගතයේදී තව තවත් අවශ්‍ය වන ජලය, ලොව දැවැන්තම ව්‍යාපාරික අවස්ථාවන් බිහි කරමින් පෞද්ගලිකකරණය වෙමින් ඇති බවත් ඒ සඳහා දැන් අති විශාල මුදල් ප‍්‍රමාණයක් ආයෝජනය කරමින් ඇති බවත්ය. පොදු සම්පතක් වන ජල සම්පත පෞද්ගලිකකරණය කිරීම සඳහා වන මෙම කුමන්ත‍්‍රණයේ ලංකාව තුළ පදනම වන්නේ, මෙරට ජල සම්පත වඩාත් කාර්යක්ෂම ආකාරයට ප‍්‍රයෝජනයට ගැනීම සඳහා යයි කියමින් ජාතික ජල ප‍්‍රතිපත්තියක් සකස් කිරීමයි. ඒ අනුව සැකසෙන මෙම ප‍්‍රතිපත්ති ලේඛනය හඳුන්වාදී ඇත්තේ ‘ජාතික ජල සම්පත් ප‍්‍රතිපත්තිය’ යනුවෙනි. එහි එක් පියවරක් ලෙස ප‍්‍රජා මූල ජල සමිති 3,500ක් පාලනය කිරීමට ජල සම්පත් අධිකාරියක් පිහිටු වීමට පසුගිය රජය ගත් තීරණය ක‍්‍රියාවට නැෙඟ්. මේ ජල මංකොල්ලය නීත්‍යනුකූලව කි‍්‍රයාත්මක කිරීම ස්ථිර ආයතන තුනක් හරහා සිදු වේ. ඒ ජාතික ජල සම්පත් අධිකාරිය, ජල සම්පත් මණ්ඩලය හා ජල සම්පත් විනිශ්චය සභාවයි. ජාතික ජල සම්පත් අධිකාරියට ජල හිමිකාරීත්වය පැවරීම, නියෝග පැනවීම, ආදී පරිපාලන කටයුතු පැවරේ. ජල සම්පත් මණ්ඩලයට පැවරෙන්නේ මේ පිළිබඳ කටයුතුවල දී උපදේශක මණ්ඩලයක් ලෙස කි‍්‍රයා කිරීමයි. ජල සම්පත් විනිශ්චය මඟින් සිදු කරනු ලබන්නේ මෙතැන් සිට රජය සතු වන බව කියන ජලය ජනතාව විසින් භාවිතයට ගැනීම පාලනය කිරීමය. එසේම ජල අයිතිය ලබා ගන්නා සමාගම් හා ජලය භාවිත කරන ජනතාව අතර ඇති වෙන ආරවුල් විසඳීමයි. මේ අනුව ජීවීන් ලෝකයට බිහි වූ දින සිට මෙතෙක් කාලයක් තිස්සේ වැවක, ඇළක, දොළක හෝ ගංගාවක පමණක් නොව තමන්ගේම ළිඳේ ජලය භාවිතා කිරීමට තිබූ නිදහස් අයිතිය මෙරට ජනතාවට අහිමි වී යනු ඇත. ශ‍්‍රී ලංකාවට නිරිත දිග හා ඊසාන දිග මෝසම් සුළං මඟින් වසරකට දෙවරක් විශාල වැසි ප‍්‍රමාණයක් ලැබේ. මෙය ලෝකයේ වාර්ෂික දළ වර්ෂාපතනය මෙන් තුන් ගුණයකට ආසන්න වේ. ඒ නිසා මිරිදිය ජල සම්පත අයිති කර ගැනීමට අවශ්‍ය කුමන හෝ බහු ජාතික සමාගමකට ලංකාව සුවිශේෂී රටකි. එසේම මේ වන විට ලෝකයේ බොහෝ රටවල සිදු කරන ලද සංවර්ධනය විසින් විනාශය කරා ඇද දමා ඇති මහ පොළොවේ ජීවය වන ජලය දිනෙන් දින ¥ෂණය වෙමින් හා නාස්ති වෙමින් පවතී. යුනෙස්කෝ සංවිධානය පවසන ආකාරයට දිනකට අපවිත‍්‍ර ජලය මිලියන ලීටර දෙකක ප‍්‍රමාණයක් ලොව පුරා ඇති පිරිසිදු ජල මූලාශ‍්‍ර වෙත ගලා ඒමට සලස්වා ඇත. වසරකට ටොන් මිලියන 300ත් 400ත් අතර ප‍්‍රමාණයක බැර ලෝහ ජලයට එක් වීම නිසා ලොව පුරා ශීඝ‍්‍ර ලෙස පිරිසිදු ජලය හා ජල මූලාශ‍්‍ර විනාශ වෙමින් පවතී. මේ නිසා ජල නාස්තිය හා දූෂණය ලොව පුරා ප‍්‍රබල පාරිසරික ප‍්‍රශ්නයක් බවට පරිවර්තනය වී ඇති අතර, අපිරිසිදු ජලය පානය කිරීම නිසා දිනකට ලොව පුරා මිය යන සංඛ්‍යාව 14,000ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ නිසා ජලය ලොව පුරාම හොඳ වෙළෙඳ භාණ්ඩයක් බවට පත් වී තිබේ. දැන් බහුජාතික සමාගම්වල අවශ්‍යතාවය වී ඇත්තේ මේ වෙළෙඳපොළ අත්පත් කර ගැනීමයි. එසේම බටහිර රටවල අධික ඉල්ලූමක් පවතින ගර්කින්, දුම්කොළ වැනි ඇතැම් වගාවන් ඒ රටවල සාර්ථකව සිදු කළ නොහැකි නිසා ඒවා ජල සම්පත බහුලව පවතින රටවල් වෙත ව්‍යාප්ත කිරීම ද තවත් එක් සැලසුමකි. ඒ සඳහා ලංකාවේ දී මෙරට පැවත එන කෘෂිකාර්මික කටයුතු අඩාල කළ යුතු වේ. එහිදී වී වගාව අකර්මණ්‍ය කිරීම අනිවාර්යයකි. වර්තමාන ආණ්ඩුව ඒ සැලසුම්වල මෙරට කාර්යභාරය මැනැවින් ඉටු කරමින් පොහොර කප්පාදුව, ජලය ප‍්‍රමාණවත් පරිදි ලබා නොදීම සහ වගා කටයුතු සීමා කිරීම හරහා එම තත්ත්වය නිර්මාණය කරමින් සිටියි. මතු වී ඇති වියළි කාලගුණ තත්ත්වය යටතේ ජලය කළමනාකරණය කළ යුතු බවට යෝජනාවක් එන්නේද එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ඒ අනුව ඇති වී තිබෙන ගැටලූ කිසිවක් සඳහා අවධානය යොමු නොකොට සියලූ විනාශයන්ගෙන් ගැලවී ඉතිරි වන දිය පොදත් විකිණීම වෙනුවෙන් මේ වන විටත් කටයුතු සිදු වෙමින් පවතී. ජලය විකිණීම වෙනුවෙන් කළමනාකරණය කිරීම හා සංරක්ෂණය වෙනුවෙන් කළමනාකරණය කිරීම යනු එකක් නොව දෙකක්ය. පවතින නියං තත්ත්වය සහ 2020 වන විට ශ‍්‍රී ලංකාවේ ජල හිඟයක් ඇති වනවා යැයි පවසා කළමනාකරණය කිරීමේ මුවාවෙන් ජල අයිතිය සමාගම් සතු කිරීම කෙතරම් අමන ක‍්‍රියාවක්ද? ජල කළමනාකරණයට අවශ්‍යතාවයක් තිබේ නම්, පළමුව කළ යුත්තේ ශ‍්‍රී ලංකාවේ ලක්ෂයකට වඩා ඇති වැව්, කුළු වැව්, දළු වැව්, මහවැව්, ඔළගම් වැව්, ඇළ, වේලි, විල්, ඇතුළත් වූ පැරණි ජල කළමනාකරණ සැලැස්ම නැවත සක‍්‍රීය කිරීමයි. එසේ නොමැතිව නිදහස් ජල අයිතිය පිළිබඳ මිනිසාට ඇති හිමිකම අහිමි කරමින් අණ පනත් සකසන්නේ නම්, ඒ සිදු කරමින් සියල්ල විකිණීම තම එකම දේශපාලන සැලැස්ම කරගෙන සිටින වත්මන් ආණ්ඩුව අවසානයේ බීමට දිය පොදක් හෝ නොමැති ජනතාවක් බවට මෙරට ජනතාව පත් කිරීමට හෙවත් මෙරට ජනතාවට මරණයේ දොරටුව විවර කරදීමයි.


අති විශේෂ ගැසට් පත‍්‍ර අති විශේෂ අරක්කු වගේ...!

2017-02-19     (අගුල්වඩු නයිදේ)

පි‍්‍රයදර්ශන දයාරත්න මේක අති විශේෂ ගැසට් එකක්. අති විශේෂ ගැසට් එකක් කියන්නේ අති විශේෂ අරක්කු වගේ දෙයක් නොවෙයි. ‘ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති’ විසින් නිකුත් කරන නිල ප‍්‍රසිද්ධ ලේඛනයක්. අති විශේෂ අරක්කු මාත‍්‍රාව ඉක්මවා ගියා ම ඕිනෑ රජෙක් බලූ වෙනවා. අති විශේෂ ගැසට් එකක නියමිත මාත‍්‍රාවට නොතිබුණාමත් එහෙම වෙනවා කියලා කියන්න තරම් ප‍්‍රමාණවත් තහවුරුවක් නෑ. හැබැයි ඉතින්, අති විශේෂ ගැසට්වල මාත‍්‍රාව මොකක් වුණත්, කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. කොළේ වහලා ගහන එක, කල්මරන එක, තනතුරු තානාත්තරවලට පත් කරන එක, නම්බුනාම දෙන එක වුණත් අති විශේෂ ගැසට් පත‍්‍රය යොදා ගන්න බැරිකමක් නෑ. කොහොම වුණත්, මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගිය ජනවාරි 27 වැනිදා අති විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කර තිබෙනවා. අංක 2003/41 කියන නිල අංකයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර ගරු කංකානිතන්ති‍්‍ර චිත‍්‍රසිරි මැතිතුමා, එම අධිකරණයේම විනිශ්චයකාර ගරු ප‍්‍රසන්න සුජීව ජයවර්ධන මැතිතුමා සහ විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති, කන්දසාමි වේළුපිල්ලේ මැතිතුමා යන ති‍්‍රපුද්ගලයන් විශේෂ ජනාධිපති කොමිෂන් සභාවකට පත් කර තිබුණා. මුළු රටේම විශාල ආන්දෝලනයකට ලක්ව තිබෙන හිටපු මහ බැංකු අධිපති, අර්ජුන් මහේන්ද්‍රන්ගේ කාලයේ සිදු වූ බැඳුම්කර මහා මංකොල්ලය ගැන සොයා බලන්නයි. මේ කොමිසම ගැන පසුගිය සතියේ ‘ලංකා’ ප‍්‍රධාන සිරස්තලයෙන් හෙළි කර තිබුණා. ‘ජනාධිපති කොමිසම පුස්සක්’ යන්න හරයයි. මෙම ජනාධිපති කොමිෂන් සභාව ගැන නීතිවේදීන්ගේ අවධානය යොමු වී තිබුණා. කොමිසමේ බලතල සහ ඒ අනුව කොමිසම ලබා දෙන නිර්දේශ ගැන සැක මතු කර තිබුණා. පසුගිය ‘ලංකා’ ප‍්‍රධාන ප‍්‍රවෘත්තියෙන් මේ ප‍්‍රශ්නය මතු කර තිබෙනවා. වැඩි දුර තොරතුරු හෙළිදරවු කිරීම මෙම ලිපියෙන් සිදු කෙරේ. ජනාධිපතිවරයා විසින් මෙම කොමිෂන් සභාව පත් කර තිබෙන්නේ මූලික අරමුණු තුනක් ඉටු කර ගැනීමට බව සඳහන්. 1. එකී අක‍්‍රමිකතා සත්‍යය බවට හෙළි වුවහොත්, මෙහි උප ලේඛනයේ සඳහන් කෙරුණු කාරණයට අදාළව සිදු කෙරෙන අක‍්‍රමිකතාවන්ට එලෙසින් සම්බන්ධ වී ඇතැයි කියනු ලබන තැනැත්තන් හඳුනා ගැනීම අවශ්‍ය වී ඇති හෙයින්. 2. අක‍්‍රමිකතා පිළිබඳව වගකිව යුතු තැනැත්තා හෝ තැනැත්තන් හඳුනා ගැනීමට අවශ්‍ය වී ඇති හෙයින් හා 3. ඉදිරි කාලයේ දී එබඳු කි‍්‍රයාවන් යළි සිදු නොවන බවට සහතික කර ගනු පිණිස කවර කි‍්‍රයාමාර්ග ගත යුත්තේද යන්න නිශ්චය කර ගැනීම යන අරමුණුය. පළමුව අක‍්‍රමිකතාවන් හඳුනාගැනීම, දෙවනුව අක‍්‍රමිකතාවන්ට වගකිව යුත්තන් හඳුනා ගැනීම සහ තෙවනුව ඉදිරියේදී එවැනි දේ වළක්වා ගැනීම යනුවෙන් ඉතා පැහැදිලිය. බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තා කීපයක් මෙයට පෙර නිකුත් කර තිබේ. ඒ හැම වාර්තාවකදීම ‘අක‍්‍රමිකතාවක්’ (තාක්ෂණික පදය අනුවය. නැත් නම් මහ දවල් මංකොල්ලයක්* සිදු කර තිබෙන බව හෙළි කර ඇත. එයින් නොනැවැතී ඊට වගකිව යුත්තන් හඳුනා ගැනීම කෝප් කමිටු වාර්තාවෙන් සිදු කර තිබේ. බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති, අර්ජුන් මහේන්ද්‍රන් සෘජුව වගකිව යුතු බව කෝප් වාර්තාවේ සඳහන් කර තිබේ. එවැනි අක‍්‍රමිකතා වැළැක්වීමට ඉදිරියේ දී පියවර ගත යුතු බවද කෝප් වාර්තාවේ ම සඳහන්ය. එසේ නම්. විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් යළි පත් කර තිබෙන්නේ අති විශේෂ අරක්කු මාත‍්‍රාව ඉක්මවා ගැනීමෙන් සිදු වන තත්ත්වයට පත්වීම සඳහා නොවිය යුතුය. ති‍්‍රපුද්ගල කොමිෂන් සභාවක් බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනය කර පරීක්ෂා කොට වාර්තා කළ යුතු කරුණු දහයක් දක්වා තිබේ. දහයම අවශ්‍ය නොවුණත්, අවශ්‍ය කරුණු කිහිපයක් ගැන අවධානය යොමු කිරීම වැදගත්ය. 1. ටෙන්ඩර් කැඳවීමේ හෝ ගිවිසුම් හෝ කොන්ත‍්‍රාත්වලට එළැඹීමේදී අදාළ වන නිසි කාර්ය පටිපාටිය නොසලකා හැරීමක් සිදු වී තිබේද යන්න (මෙහි පරිවර්තන හෝ මුද්‍රණ දෝෂයක් පවතින බව පැහැදිලිය. ‘අනුකූලව’ ‘අනනුකූලව’ යනුවෙන් විය යුතු බව පැහැදිලි වේ. 2. එහි කාර්ය පටිපාටියට අනුකූලව එලෙසින් කි‍්‍රයා නොකිරීම නොසලකා හැරීම හේතුවෙන් බැඳුම්කර අලෙවිය සම්බන්ධයෙන් අනිසි හෝ අක‍්‍රමික ලෙස හෝ වෙනස් ලෙස සැලැකීම මඟින් බැඳුම්කර අලෙවිය සඳහා කිසියම් ටෙන්ඩර් ප‍්‍රදානය කිරීමක් සිදු වී තිබේද යන්න. 3. රජයට ප‍්‍රශස්ත හෝ ප‍්‍රතිලාභයක් ලැබීම සහතික කර ගනු පිණිස නිසි කාර්ය පටිපාටීන් හා ආරක්ෂිත පියවර ගනු ලැබ තිබේද යන්න. 4. හානියක් හෝ හානිකර ප‍්‍රතිඵලයක් සිදු කිරීමට තුඩු දුන් හෝ අත්හැරීමක් හෝ කි‍්‍රයාකලාපයක් සම්බන්ධයෙන් වගකිව යුතු තැනැත්තා හෝ තැනැත්තන් හඳුනා ගැනීම. 5. ශී‍්‍ර ලංකා රජයට හානියක් හෝ හානිකර ප‍්‍රතිඵලයක් අත් වන ලෙස අවහිර කිරීම් සිදු කර තිබේ නම්, එම තැනැත්තන් හඳුනා ගැනීම යන කරුණු ඇතුළත්ය. මෙම වගන්ති හොරුන් අල්ලා ගැනීම කෙරෙහි බලපාන වගන්තිය. මේ අතුරින් වඩාත්ම වැදගත් වන්නේ අවසන් වගන්තිය බව පෙනේ. එහි වැදගත්ම කොටස මෙසේයි, ”අවභාවිතය හෝ බලය අනිසි ලෙස යෙදවීම, බලපෑම, මැදිහත් වීම, වංචාව, අවපරිචය, ඥාති සංග‍්‍රහය හෝ ¥ෂිත කි‍්‍රයාවක් හා සම්බන්ධ වූ ඕනෑම කි‍්‍රයාවක් හෝ පැහැර හැරීමක් සිදු වී තිබේද? යන්න සොයා බැලීමය. මෙම කටයුතු දෙස බැලීමේදී පැහැදිලි වන්නේ බැඳුම්කර වංචාව සිදු කළ විගස අගමැති පත් කළ ති‍්‍රපුද්ගල නීතිඥ කමිටුවයි. වෙනසකට ඇත්තේ, එදා නීතිඥයන් කීප දෙනෙකු වෙනුවට අද ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුවන් දෙදෙනකු සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපතිවරයකු පත් කිරීමය. අගමැති පත් කළ ති‍්‍රපුද්ගල නීතිඥ කමිටුව ඉදිරිපත් කළ නිර්දේශ අතර බෑනාගේ සමාගම වෙනුවෙන් ලංසු තැබූ ලංකා බැංකුවේ කි‍්‍රයාමාර්ගය ගැන සොයා බැලීමට නිර්දේශ තිබිණි. බැලූබැල්මට කොතරම් විනිවිද පෙනෙන නිර්දේශ දැයි කෙනෙකුට හැෙඟන්නේය. එහෙත්, ලංකා බැංකුව ගැන සොයා බැලීමට නිර්දේශ කර අර්ජුන් මහේන්ද්‍රන් නිදහස් කර තිබූ අපූරුව කොතරම් ආශ්චර්යයක්වීද? රනිල් වික‍්‍රමසිංහලා වෙනුවෙන් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලින්ම ඉදිරිපත් කර තිබූ පෙත්සමද මෙහිදී සිහිපත් වේ. එයින් ලබා දුන් තීන්දුව වූයේ බැඳුම්කර නිකුත් කිරීමේ කි‍්‍රයාවලිය උල්ලංඝනය කිරීමක් අදාළ බැඳුම්කර වෙන්දේසියේ දී සිදු වී නොමැති බවයි. මෙම ති‍්‍රපුද්ගල ජනාධිපති කොමිසම මඟින් බැඳුම්කර නිකුත් කිරීමේ කි‍්‍රයාවලිය පිළිබඳව අති විශේෂ අරක්කු මාත‍්‍රාව ඉක්මවා ගිය පුද්ගලයකුගේ බේබදු ගතිය මතු නොකරාවි යැයි ඉහත වගන්තිවලින් නොපෙනේ. මෙහි වැඩි දුරටත් සඳහන් වන්නේ බැඳුම්කර නිකුත් නොකිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුව පත් කර තිබෙන බවයි. කමිටු වාර්තාව මාස තුනක් තුළ ඉදිරිපත් කරන ලෙසද දක්වා ඇත. මාස තුනක් තුළ නිර්දේශ ඉදිරිපත් කිරීම වශයෙන් දැන්වීම සාමාන්‍ය දෙයකි. කොමිෂන් සභාවේ කටයුතු කරගෙන යාමේදී කාලය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය වන්නේ නම්, ඒ සඳහාද ඉඩකඩ ඇත. මේ වන විටද, බැඳුම්කර කොල්ලය සිදු කර අවුරුදු දෙකක් සම්පූර්ණ වී තිබේ. මුල්ම කොල්ලය සිදු කරන ලද්දේ 2015 පෙබරවාරි 27 වැනිදායි. ඉන් පසු එයට නොදෙවැනි තවත් මහා කොල්ලයක් සිදු කරනු ලැබීය. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා පත් කර තිබෙන කොමිෂන් සභා වාර්තාව ලබා දීම තව දුරටත් කල්මැරීමට යොදා ගැනීමේ හැකියාවක් ඉහළින්ම තිබේ. එය කොමිෂන් සභාවේ අභිමතය නොවිය හැකිය. නමුත්, දේශපාලන ලෝකයේ එවැනි දේ සිදු වීම අති විශේෂ නොවේ. අනෙක් පැත්තෙන් ජනාධිපති කොමිෂන් සභාව පත් කරන ලද්දේ අපරාධ නීතිය යටතේ වැරදිකරුවන්ට නඩු පැවරීමේ අරමුණින් බව කියැවේ. නමුත්, කොමිෂන් සභාවේ තිබෙන බලතල අනුව එයින් ඉදිරිපත් කරන වාර්තාව පදනම් කරගෙන සිවිල් නීතිය යටතේ නඩු පැවරීම සිදු වන්නේ යැයිද නීතිවේදීන් ප‍්‍රකාශ කර තිබෙන බවට මාධ්‍ය වාර්තා පළ වේ. මේ ආදී කරුණු හමුවේ මතුව තිබෙන ප‍්‍රශ්නය වන්නේ අති විශේෂ අරක්කු මාත‍්‍රාව ඉක්මවා ගිය විට ඇති වන තත්ත්වයට ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පත්වේද යන්නයි. මේ වන විට මහත් ආන්දෝලනයක්ව තිබෙන බැඳුම්කර කෝප් වාර්තාව අනුව ඉතා පැහැදිලිව කරුණු හෙළි කර තිබේ. මහා කොල්ලයක් සිදු කර තිබීම කොල්ල කන ලද මුදල් තිබීම සහ කොල්ලකරුවන් හඳුනාගෙන තිබීම ආදී වශයෙනි. එය පදනම් කරගෙන අපරාධකරුවන්ට විරුද්ධව නීතිය කි‍්‍රයාත්මක කළ හැකිය. නීතිය කි‍්‍රයාත්මක කිරීම කෙසේ වෙතත්. බැඳුම්කර කොල්ලය ගැන නිල වශයෙන් කරුණු තහවුරු කරන විගණකාධිපතිවරයාට විරුද්ධව කි‍්‍රයා කිරීමට නම්, හවුල් ආණ්ඩුවේ බොහෝ දෙනෙකුට ලොකු වුවමනාවක් ඇත. අනෙක් පැත්තෙන් මේ වන විට තවත් විශේෂ සංවාදයක් වර්ධනය කෙරෙමින් තිබේ. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ ධනය පෞද්ගලික කටයුතු වෙනුවෙන් අයථා ලෙස යොදාගෙන තිබෙන බව හෙළි වීම පදනම් කරගෙනය. මෙයින් වංචා කර තිබෙන මුදල රුපියල් ලක්ෂ 662කි. ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් සිදු කළ විගණන වාර්තාවක් 2016 අගෝස්තු පළමුවැනි දින වර්තමාන මහ බැංකු අධිපතිට ලබා දී ඇත. නමුත්, එම වාර්තාව සම්බන්ධයෙන් කි‍්‍රයාමාර්ගයන් මේ දක්වා නොගෙන තිබිණි. මාස හයකට පසුව එම වාර්තාව ජනතා විමුක්ති පෙරමුණේ ‘¥ෂණ විරෝධී හඬ’ සංවිධානයට ලැබී තිබේ. එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ එම විගණන වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳව රටට හෙළි කළේය. එයට පිළිතුරු දීමට අර්ජුන් මහේන්ද්‍රන් කට ඇර තිිබිණි. අර්ජුන් මහේන්ද්‍රන් කියා තිබුණේ මහින්ද රාජපක්ෂගේ යුගයේ හිටපු ¥ෂිත නිලධාරීන් තමන්ට විරුද්ධව මඩ ප‍්‍රචාරයක් ගෙන යමින් සිටින බවයි. එයින් නොනැවතී දැන් අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් තමන් නිවේදන නිකුත් කිරීමට පටන්ගෙන තිබේ. හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයකු බව කියන පුද්ගලයකු මාධ්‍ය නිවේදන නිකුත් කිරීමයි. එයින් දක්වා තිබෙන්නේ මහ බැංකු විගණන අංශයේ එක් නිලධාරිනියක විසින් හිතුමතයේ අදාළ විගණන වාර්තාව සකස් කර ඇති බවයි. වර්තමාන අධිපතිවරයා එය පිළිනොගෙන පැත්තකට දමා තිබූ බවද දක්වා තිබේ. එම විගණන වාර්තාව බොරු එකක් නම්, එවැනි නොමඟ යැවීමේ වාර්තා සකස් කිරීමට විරුද්ධව වර්තමාන අධිපතිට කි‍්‍රයාමාර්ග ගැනීමේ හැකියාව තිබේ. තවමත් එවැනි දෙයක් කර නොමැත. එසේ කිරීමට 2016 අගෝස්තු මස සිට මේ දක්වා ඕනෑ තරම් කාලයක් තිබිණි. එහෙත්, එවැනි කිසිම දෙයක් නොවී දැන් හිටපු නියෝජ්‍ය අධිපති යැයි කියා ගන්නා පැන්ෂන්කාරයන්ද දී කිරට සාක්කි කියන බළලූන් වී ඇති බව පෙනේ. අති විශේෂ අරක්කුවලින් ජනාධිපතිගේ අති විශේෂ ගැසට් පත‍්‍රය වෙනස් වන්නේ කෙසේ දැයි තීරණය වන්නේ මෙම පසුබිම තුළය.


'ලංකා' දිනුම් රාජපක්ෂලා පරාදයි (ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයෙන් හා අයුතු ඇතුළු වීමෙන් මාධ්‍යවේදීන් නිදොස් කොට නිදහස්)

2017-02-12     (අගුල්වඩු නයිදේ)

‘ලංකා’ යළිත් දිනුවේය. ඇත්ත ඉදිරියේ, සාධාරණත්වය ඉදිරියේ යළිත් ඔවුහු පරාජයට පත් වූහ. ජනතා සටන් ඉදිරියේ පාලකයන්ට සියල්ල අකුළාගෙන ගොස් ‘ජනෙල් පඩි උඩ’ නඟින්නට සිදු වන බව ඔය නටන කොයි කවුරුනුත් මතක තබා ගත යුතුය. 2009 මැයි 19 වැනිදා යුද්ධය අවසන් කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ ලා හිටියේ වලාකුළුවල ගෑවෙන සයිස් එකෙන්ය. ජනතාව ද කිරිබත් කමින් ඔවුන්ව තවත් ඉහළට ඔසවා තබමින් සිටියේය. එවැනි තත්ත්වයක් තුළය, ‘ලංකා’ පුවත් පතේ මාධ්‍යවේදීන් වන ශාලික විමලසේන, දයා නෙත්තසිංහ සහ රවීන්ද්‍ර පුෂ්පකුමාර දෙනියායට ගියේ. රට ම තමන්ගේ අල්ලේ නටවමින් සිටින විට ඔවුහු මහින්ද රාජපක්ෂලාගේ රාජධානියේ සිදු කෙරෙමින් තිබූ හොරකමක් හෙළිදරවු කරන්නට ගියහ. එවකට ‘ලංකා’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘවරයා වූ චන්දන සිරිමල්වත්තගේ උපදෙස් පිට මාධ්‍යවේදීන් මෙසේ දෙනියායට ගියේ රාජ්‍ය මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කරන්නටය. මග නැගුම රජයේ ව්‍යාපෘතියේ දේපොළ භාවිත කරමින් එවකට රටේ ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂගේ නැගණිය වන ගාන්ධනී රාජපක්ෂත්, ඇයගේ ස්වාමි පුරුෂයා වන තුසිත රණවකත් දෙනියාය, නාථගල වත්ත නමැති ප‍්‍රදේශයේ ගෙයක් හදමින් සිටියහ. ඒ වැඬේ මේ මාධ්‍යවේදීහු ඇසින් දුටුවෝය. රාජපක්ෂලාගේ වැයික්කියේ සිට මෙවැනි අභියෝගයක් කිරීම යනු ඔවුන්ට යවුලකින් ඇන්නාක් මෙන් විය. දෙනියාය පොලීසියේ සේවය කළ තමන්ගේ ගැත්තකු වූ - එය තවත් පැහැදිලි කරන්නේ නම් මැදමුලන වලව්වට පොලීසියේ පැමිණිලි පොත ගෙන ගොස් පැමිණිලි ලියන බවට ප‍්‍රසිද්ධව සිටි. විතානගේ නම් පොලිස් නිලධාරියා ලවා මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගන්නේත්, ඔවුන්ව හැකි තරම් හිර කරන්නට දත කන්නේත් ඒ නිසාය. එවකට රටේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරන ලද රදවා තබා ගැනීමේ නියෝග මත අදාළ මාධ්‍යවේදීන් ත‍්‍රස්ත විමර්ශන කාර්යාංශයේ ර`දවාගෙන ප‍්‍රශ්න කරන්නට නියෝග කර තිබිණි. ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ප‍්‍රභූන් ඝාතනයට අදාළ කුමන්ත‍්‍රණයක් කරන්නට සැලසුම් කළේ ද යන සැකය මත මේ මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගත් බව පැවසුවද, රෙදි නැතුව රාජපක්ෂලාට කඬේ ගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක පසුව මොරවක මහේස්ත‍්‍රාත් අධිකරණයට කිව්වේ මොවුන් කිසිදු ත‍්‍රස්ත ක‍්‍රියාවකට සම්බන්ධ නැති බවකි. ඉන් පසු ‘නිවසකට අයුතු ඇතුළු වීම’ යන කාරණය පදනම් කරගෙන චෝදනා ගොනු කෙරිණි. සුළු චෝදනාවක් වූ එය සමථ මණ්ඩලය හරහා විස`දා ගන්නා ලෙස අධිකරණයෙන් නියෝග කෙරිණි. එහි දී සමථ මණ්ඩලයේ ලොකු පුටුවල අත් දිගට ඇ`දගෙන වාඩි වී සිටි මහත්තුරුන් කිව්වේ ”තුසිත මහත්තයා එක්ක හැප්පෙන්නෙ නැතුව මේක බේරුමක් කරගන්න. සමථ වෙන්න” කියා ය. ‘ලංකා’ පුවත් පතේ කළමනාකාරීත්වයේ උපදෙස් මත ඊට එක`ග නොවූ නිසා අදාළ මාධ්‍යවේදීන්ට අදාළ නඩුව නැවත අධිකරණය ඉදිරියට ආවේය. 2009 සැප්තැම්බර් 02 වැනිදා ආරම්භ වූ මේ අත්තනෝමතික ක‍්‍රියාවලිය අවසන් වූයේ 2017 පෙබරවාරි 08 වැනි බදාදාය. බොහෝ මාධ්‍ය ආයතන මාධ්‍යවේදීන් තනි කර දමන මාධ්‍ය සංස්කෘතියක් තුළ ‘ලංකා’ කළමනාකාරීත්වය අවුරුදු අටක් තිස්සේ ඔවුන් රැුක්කහ. නාථගල වත්ත ප‍්‍රදේශයේ සිදු කළ අදාළ ගවේෂණාත්මක වාර්තාකරණයෙන් පසු පහළට එද්දී මාර්ග සංවර්ධන අධිකාරියේ නිල වාහනයකින් පැමිණි පුද්ගලයකු විසින් කළ තර්ජනය හා ඒ සම්බන්ධ සියලූ සිදුවීම් නිසා මාධ්‍යවේදීන්ට ආරක්ෂිත උපායමාර්ග සොයන්නට සිදු විය. ත‍්‍රීරෝද රථයකින් පහළට පැමිණි ඔවුහු තමන් සොයා ගත් තොරතුරු, වීඩියෝ දර්ශන හිතවතකුගේ නිවසේ හාල් මල්ලක් තුළ සැ`ගවූහ. තමන්ගේ ගැලවීම ස`දහා අම්මා, අප්පා වුවද පාවා දෙන සමාජ සංස්කෘතියක් තුළ ත‍්‍රීරෝද රථයේ රියැදුරා වූ රංජි මේ සියල්ල පොලීසියට වසන් කළේ ය. ඔහුට කිසිවක් කියා නොතිබුණ ද, ඉවෙන් මෙන් ඔහු යමක් තේරුම්ගෙන තිබිණි. ඒ නිසා තමන්ගේ දවසේ රස්සාව නැති කරමින් පොලීසිය ඇතුළේ දින ගණන් රස්තියාදු කරවන අතරතුරේ දීත් ඔහු මේ රහස් රැක්කේය. හාල් මල්ලේ සැ`ගවුණු තොරතුරු සොයා දෙනියාය පොලීසියත්, ත‍්‍රස්ත විමර්ශන කාර්යාංශයත් ප‍්‍රදේශය පීරූහ. එහෙත්, ඔවුන්ට කිසිවක් සොයා ගත නොහැකි විය. අවසානයේ දී ඔවුහු මාධ්‍යවේදීන් විසින් වීඩියෝගත කළා යැයි කියමින්, ඔවුන් විසින් වීඩියෝ කරන ලද දර්ශන පෙළක් පෙන්වන ලදී. එය අධිකරණය හමුවේ පෙන්වන්නට සිදු වුණේ නම්, ඔවුන්ගේ රෙදි ගැලවෙන්නේය. ඊට හේතුව ආධුනික වීඩියෝ කැමරා ශිල්පියකු ලවා සිදු කළ ඒ වැඬේ අතරතුර පොලිස් සපත්තු, පොලිස් කලිසම් ද වීඩියෝගත වී තිබීමය. අත්අඩංගුවට ගත් මාධ්‍යවේදීන් මරා දමන්නට උත්සාහයක් ක‍්‍රියාත්මක විය. පොලීසියේ ඇතැම් නිලධාරීන් විසින් ම පසුව වැමෑරූ ආකාරයට දෙනියාය පොලීසියේ සිට ගැටබරු පෙරහැරෙන් ඇති වූ මාර්ග තදබදය අස්සේ කොස්මෝදර පොලිස් මුරපොළට ඔවුන්ව ගෙන යන ලද්දේ අත්අඩංගුවෙන් පැන යන්නට අවස්ථා රැුසක් ලබා දෙමිනි. වරෙක පොලිස් නිලධාරීහු ජීප් රථයේ මාධ්‍යවේදීන් තනි කර මුත‍්‍රා කරන්නට පවා ගියහ. ඒත් ඒ යන විටත් ඔවුන්ගේ කලිසම් සාක්කුවල පිස්තෝල මෙන්ම වෙනත් තියුණු ආයුධ ද තිබී ඇත. කෙසේ වෙතත්, එවකට දෙනියාය පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ බන්දුල ප‍්‍රියන්ත විසින් මාධ්‍යවේදීන්ට අවශ්‍ය ඉහළ ම රැුකවරණය ලබා දෙන ලදී. ඒ වෛද්‍ය නිලධාරියකු ළ`ගට ඉදිරිපත් කර ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමත්, නිල වශයෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බවට සටහන් යෙදීමත් ය. එසේ නොකළේ නම් රාජපක්ෂලාගේ බලූගැත්තන්ට අවශ්‍ය දේවල් රැුසක් දෙනියාය පොලීසිය තුළ දී සිදු වන්නට ඉඩ තිබිණි. දයා නෙත්තසිංහගේ බිරි`ද තම අත දරුවාත් රැුගෙන පැමිණ කූඩුවේ යකඩ කූරු අල්ලාගෙන සද්දෙට කී කතාවෙන් පසු පොලිස් නිලධාරීහු අමුතු ඇහැකින් ඔවුන් දෙස බලන්නට පටන් ගත්හ. ”ඔයා ඔය දේ නොකළා නම් මම කරනවා. ඇත්ත කවදා හරි දිනනවා” ඈ එසේ කීවාය. ”අපිට නෑනෙ බං ඔහොම ගෑනු. උඹ ආඩම්බර වෙයන්.” එහෙම කියන්නට පොලිස් නිලධාරීන්ට සිදු වී තිබිණි. මාධ්‍යවේදීන් පොලිස් කූඩුව තුළ සිටින විට කවුරුන්දෝ පැමිණ ඔවුන්ට කෑම පාර්සල් තබා ගොස් තිබිණි. ඒ පොලීසියේ පිළිගැනීමේ කවුන්ටරය උඩ ය. ඇ`දුම් තබා ගොස් තිබිණි. පොලීසියේ ඇතැම් ඉහළ නිලධාරීන් පහළ නිලධාරීන්ට ගෝරනාඩු කළේ ”ඔය කෑම, ඇ`දුම් තියන එකාව හොයා ගන්නවා” යනුවෙන් තර්ජනය කරමිනි. ඒත් ඔහු අහුවුණේ නැත. එවකට ත‍්‍රස්ත විමර්ශන කාර්යාංශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක දෙනියාය පොලීසියට පැමිණ ඔහුට අවශ්‍ය පරිදි අදාළ මාධ්‍යවේදීන් ත‍්‍රස්තවාදීන් කරමින් මාධ්‍ය නිවේදන සකස් කළේය. ඒ අතරවාරයේ එහි පැමිණි මහින්ද රාජපක්ෂගේ නැගණිය වන ගාන්ධනී රාජපක්ෂ පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ පුටුවේ වාඩි වී අණ දෙන විට ඊට ඉදිරිපස පුටුවේ වාඩි වී අනුර සේනානායක ඒ සියල්ල අනුමත කළේය. පොලීසියේ ඇත්ත ස්ථානාධිපතිවරයා කාමරයේ මුල්ලක හිටගෙන මේ සියල්ල බලා සිටියේය. ‘ලංකා’ පුවත් පතේ කාගේත් පොදු යෝජනාවකට අනුව පුවත් පතේ සති මැද විශේෂ කලාපයක් මුද්‍රණය කිරීමත්, ඒ සමඟ ම මාධ්‍යවේදීන් ඇතුළු සිවිල් කි‍්‍රයාකාරිකයන්ගෙන් එල්ල වූ බලපෑමත් නොවන්නට අදාළ මාධ්‍යවේදීන්ට රැු`දවුම් නියෝග මත දින අනූවක් ත‍්‍රස්ත විමර්ශන කාර්යාංශයේ මේස මත ගත කිරීම අනිවාර්ය වී තිබිණි. මොරවක මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී සාක්ෂි වෙනස් කිරීම, චෝදනා වෙනස් කිරීම ඇතුළු කල්මැරිය හැකි සියලූ උපක‍්‍රම යොදමින් රාජපක්ෂලා මාධ්‍යවේදීන් රස්තියාදු කළහ. මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී සිටි දකුණු පළාත් සභා මන්ත‍්‍රී නීතීඥ ජයන්ත පතිරණ සිනහ වෙමින් බලා සිටිය දී මේ අවුරුදු අටට විනිසුරුවරු අට දෙනෙක් ද මාරු වූහ. එහෙත්, එක් තීරණාත්මක මොහොතක දී ඔහු තමන්ගේ වෘත්තීය පළපුරුද්ද විදහා දැක්වීය. අයුතු ඇතුළු වීමක් සිදු වී තිබේ නම්, එමඟින් අදාළ නිවසේ අයිතිකරුට කිසියම් හෝ අප‍්‍රසන්නතාවයක් ඇති වී තිබිය යුතුය  යන්න නීතියේ ස`දහන් කාරණයයි. එහෙත්, නීතිඥ ජයන්ත පතිරණගේ හරස් ප‍්‍රශ්න අතරතුරේ අසන ලද ඒ ප‍්‍රශ්නයට එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂගේ මස්සිනා වන තුසිත රණවකගේ උත්තරය වූයේ ‘නැත’ යන්නය. සියල්ල අවසානයේ දී අදාළ මාධ්‍යවේදීන් තිදෙනා නිදොස් කොට නිදහස් කරන්නට අධිකරණයට සිදු විය. මහින්ද රාජපක්ෂලාගේ පාලනයේ අත්තනෝමතිකත්වයේ උච්චතම අවධියේ පවා ඊට නොබියව මුහුණ දෙමින්, ‘ලංකා’ කළමනාකාරීත්වයේ සෘජු සහයෝගය මත ඔවුහු නඩුව ඇදගෙන ගියහ. අවුරුදු අටක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ සිදු වූ සියල්ල අපි එක පෙළට ලියන්නට සූදානම්ය. එහි දී හු`ගක් අයගේ රෙදි ගැලවෙනු ඇත. නඩුවේදී හෙළි නොකළ ‘හාල් ගෝනිය’ වැනි තවත් රහස් ඔවුන් මේ පිටු තුළ හෙළි කරන්නට සූදානම්ය. උසාවිය ඉදිරිපස තේ කඩයේ සුදු මාමාගේ හෘදයාංගමභාවය ගැන මෙන් ම ? පුරා බස් එකේ රස්තියාදු වී එන මේ තිදෙනා උණුසුම් තේ කෝප්පයකින් පිළිගත් ලාල් අයියාගේ සහෝදරත්වය ගැන ද ලිවිය යුතුය. මේ දිනුම අප සැමට අයිතිය. ඒ ඔවුන් සියල්ලන් බලය ඉදිරියේ දණහිස් නොනමා, ඇත්ත වෙනුවෙන් පෙනී සිටි නිසාය. ‘ලංකා’ නිහ`ඩ කරන්නට නොහැක. එවන් උත්සාහයන් දරන මහත්තුරුන්ගෙන් අසන්නට ඇත්තේ ‘ගෙදර යන්න ලෑස්තිද’ කියන වචන තුන විතරය.


මළකදන් සල්ලි කරන ඇමති රාජිතගේ ටිකිරි මොළේ

2017-02-05     (චතුර දිසානායක)

අදින් දශක අටකට පමණ පෙර සිට ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වූ සියලූ පුරවැසියන්ට කිසිදු භේදයකින් තොරව සෞඛ්‍ය සේවා ලබා දීම මූලික කර ගත් නිදහස් සෞඛ්‍ය සේවාව හේතුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත‍්‍රය ලොව පුරා ප‍්‍රශංසනීය තත්ත්වයකට පත්ව තිබිණි. ළදරු මරණ අනුපාතය, උපතේ දී ආයු අපේක්ෂාව වැනි සෞඛ්‍ය සේවාවේ ප‍්‍රගතිය පෙන්වන දර්ශකය අනුව දියුණු වෙමින් පවතින්නේ යැයි කියන රටවල් අතර වඩා ඉදිරියෙන් සිටින්නට ශ‍්‍රී ලංකාවට හැකි විය. දශක කිහිපයක් පුරා මෙරට පවතින අහිතකර දේශපාලන ආර්ථික ක‍්‍රියාවලිය හමුවේ පවා යම් පමණක් හෝ ස්ථාවරත්වයක රට පවත්වාගෙන යාමට සෞඛ්‍ය සම්පන්න මානව ප‍්‍රජාවක් සහිත වීම හේතුවක් වී තිබේ. එහෙත්, අද වන විට මෙරට සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ අර්බුද රාශියක් නිර්මාණය වී ඇති බව අවිවාදිතය. ඕනෑම අමාත්‍යාංශයක් තුළ ඒ ඒ ඇමතිවරුන් තමන්ගේ ඕනෑ එපාකම්වලට අනුව එහි පරිපාලනයට ඇ`ගිලි ගැසීම සහ විවිධ වෙනස්කම් කිරීම ද අද සාමාන්‍යයක් බවට පත් වී තිබේ. විවිධ ගැටලූ නිර්මාණය වීමට එය ද එක් හේතුවක් වී ඇත. එහෙත් මේ කියන්නට යන්නේ එසේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ නිර්මාණය වී ඇති අර්බුද පිළිබ`ද නොව ජනතාවට කොළය වසන් කරමින් සෞඛ්‍ය විෂයභාර ඇමතිවරයා සෞඛ්‍ය සේවය අතයට ජාවාරමක් බවට පත් කරගෙන සිටින ආකාරයයි. මෙය එළිපිට කිසිවෙකුටත් නොපෙනෙන පරිදි සිදු කිරීමට සූක්ෂ්ම වී ඇති ඇමතිවරයා එසේ සිදු කරන ජාවාරම් අතර එකක් වී ඇත්තේ අක්ෂි කාච බද්ධ කිරීමයි. මේ වන විට සියලූම රජයේ රෝහල්වල පිටතින් ගෙන එන අක්ෂි කාච බද්ධ කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත. මෙය තීරණයක් නොව ඇමතිවරයාගේ නියෝගයකි. එසේ රජයෙන් ලබා දෙන අක්ෂි කාච හැර පිටතින් ගෙන එනු ලබන අක්ෂි කාච බද්ධ කරන වෛද්‍යවරුන්ට සහ රෝහල් අධ්‍යක්ෂවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ඇමතිවරයා දැනුම් දී තිබේ. බැලූ බැල්මට මෙය ඉතා හො`ද තීරණයකි. ජනතා සුබසිද්ධිය වෙනුවන් මුදල් අය නොකරම අක්ෂි බද්ධයන් සිදු කිරීම නිදහස් සෞඛ්‍ය සේවයේ තවත් ඉදිරි පියවරකි. එහෙත් ජාවාරම කි‍්‍රයාත්මක වන්නේ මේ ඊනියා සුදු පිරුවටයටම මුවා වෙමිනි. අක්ෂි කාච රෝහල විසින්ම ලබා දෙන්නේ යැයි කීව ද, කිසිදු රෝහලක ප‍්‍රමාණවත් තරම් අක්ෂි කාච නොමැති බව මේ වන විට හෙළි වී තිබේ. ඒ නිසා මෙතෙක් රජයේ රෝහල් වෙතින් සිදු කෙරුණු අක්ෂි බද්ධයන් සම්පූර්ණයෙන්ම නතර වීමට මෙම තත්ත්වය හේතු වී තිබේ. මේ ස`දහා හො`දම උදාහරණය කොළඹ ජාතික රෝහල විසින්ම සපයයි. මෙතෙක් දිනකට අක්ෂි සැත්කම් දෙසිය තිහක් පමණ සිදු කළ ජාතික රෝහලේ දැන් සිදු වන්නේ සැත්කම් දහයක් පමණි. දිවයිනේ අනෙකුත් රෝහල්වල තත්ත්වය ඊටත් වඩා බරපතලය. මෙසේ ප‍්‍රමාණවත් පරිදි අක්ෂි කාච රජයේ රෝහල් තුළ නොතිබීමට විසදුමක් ලෙස රජයේ රෝහල් ස`දහා අවශ්‍ය අක්ෂි කාච ලබා දීමට ශ‍්‍රී ලංකා අක්ෂිදාන සංගමය වැනි සංවිධාන ඉදිරිපත් වී තිබුණ ද, ඒ යෝජනා ක‍්‍රියාත්මක කිරීම හිතාමතාම කල් දමමින් තිබේ. ඊට අමතරව ප‍්‍රමාණවත් පරිදි අක්ෂි සැත්කම් ස`දහා අවශ්‍ය ශල්‍ය උපකරණ ද ලබා නොදෙන බවට මේ වන විට වෛද්‍යවරු ප‍්‍රසිද්ධියේම චෝදනා කරමින් සිටිති. එහෙත්, අක්ෂි සැත්කම් සිදු කර ගැනීම කිසිදු රෝගියෙකු විසින් කල් දමන්නේ නැත. ඇසක පෙනීම යනු ඕනෑම අයෙකුට අතිශයින් වැදගත් දෙයකි. ඒ නිසා ඕනෑම කෙනෙකු පෙළඹෙන්නේ තම සැත්කම රජයේ රෝහලකින් සිදු කර ගත නොහැකි නම් පෞද්ගලික රෝහලකින් හෝ එය සිදු කර ගැනීමටයි. මීට පෙර රුපියල් පහළොස් දහසකට පමණ පිටතින් අක්ෂි කාච ලබාගෙන රජයේ රෝහලකින් නොමිලේ සිදු කර ගනු ලැබූ සැත්කමට දැන් පෞද්ගලික රෝහලක් වෙත රුපියල් හැටපන් දහසක් පමණ ගෙවීමට රෝගීන්ට සිදු වී තිබේ. රජයේ රෝහල් තුළ සැත්කම් කිරීම අකර්මණ්‍ය කර ඇති තත්ත්වයක් තුළ පෞද්ගලික රෝහල්වල ආදායම ශීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇත. මෙය රාජිත ඇමතිවරයා විසින් සැලසුම් කරන ලද්දක් බව කිසිවෙකුත් සිතන්නේ නැත. ඒ නිසා ඇමතිවරයා සහ පෞද්ගලික රෝහල් අතර ඇති වූ එක`ගතාවක් මත මෙය සිදු වන බවත්, ලැබෙන ආදායමෙන් කොටසක් ඇමතිවරයාගේ සාක්කුවට වැටෙන බවත් මෙතෙක් හෙළි නොවූ කරුණක් වී තිබේ. මෙය එක් ජාවාරමක් පමණි. ඊට අමතරව ක‍්‍රියාත්මක වන තවත් ජාවාරමක් වන්නේ ලේ ජාවාරමයි. ලේ දන් දීම ලංකාවේ සද්භාවයෙන් සිදු කරන්නක් වන අතර, ලේ බැංකුව නමින් ඒ ස`දහා වෙනමම ව්‍යුහයක්ද ක‍්‍රියාත්මක වේ. ඒ හරහා පරිත්‍යාගශීලී ජනතාවගෙන් රුධිරය එක්රැස් කිරීම අඛණ්ඩව සිදු වන අතර, එම ක‍්‍රියාවලිය හරහා වසරකට ලේ පයින්ට් ලක්ෂයක පමණ ප‍්‍රමාණයක් එක්රැස් වේ. එහෙත්, මේ වන විට ලංකාවේ රුධිර අවශ්‍යතාවය වසරකට පයින්ට් හැට පන් දහසක් පමණි. ඒ නිසා මේ වන විට සෑම වසරක් පාසාම ලේ පයින්ට් හතලිස් දහසක පමණ අතිරික්තයක් තිබෙන අතර, මෙම අතිරික්ත රුධිරය විකිණිම සම්බන්ධයෙන් ද දැන් ඇමතිවරයාගේ අවධානය යොමු වී ඇතැයි පැවසේ. ඛනිජ තෙල් ව්‍යාපාරයටත් වඩා ලාභදායක ව්‍යාපාරයක් වන මෙය පසුගිය 2007 වසරේ දී එවකට විෂයභාර ඇමතිවරයාව සිටි නිමල් සිරිපාල ද සිල්වා විසින් රුධිර පාරවිලයනය පනත නම් පාර්ලිමේන්තු පනතක් සම්මත කර ගැනීමට උත්සාහ කළ ද, එය පරාජයට පත් විය. එහෙත්, දැන් එම උත්සාහය නැවත ක‍්‍රියාවට නැඟීමට ඇති විකල්ප මාර්ගයක් වර්තමාන ඇමතිවරයා විසින් සොයා බලමින් සිටින බව පැවසේ. වර්තමානය වන විට ලේ බැංකුව විසින් පෞද්ගලික රෝහල් වෙත ද ලේ පයින්ට් එකක් රුපියල් තුන්සියයක මුදලකට අලෙවි කරන අතර, පෞද්ගලික රෝහල් විසින් රෝගීන්ට ලේ පයින්ට් එකක් අලෙවි කරනු ලබන්නේ රුපියල් පනස් දහසත් ලක්ෂයත් අතර මුදලකට ය. එසේ පෞද්ගලික රෝහල් වෙත ද ලබා දීමෙන් අනතුරුව ඉතිරි වන රුධිර ප‍්‍රමාණය වූ අමතර ලේ පයින්ට් හතලිස් දහස පෞද්ගලික අංශය වෙත ඉතා අඩු මුදලකට ලබා දී පෞද්ගලික අංශය හරහා එම අතිරික්තය විකුණා දැමීමට මේ වන විට පිඹුරුපත් සකසමින් සිටියි. සෞඛ්‍ය සේවය විකුණාගෙන කෑමේ තුන්වන පියවර කරළියට එන්නේ අවයව කොටස් ලබා ගැනීමේ අයිතිය රියැදුරු බලපත‍්‍රය හරහා අනිවාර්ය කිරීමේ නීතිය හරහා ය. මේ අනුව රියැදුරු බලපත‍්‍රයේ අදාළ රියැදුරා විසින් තමන් මරණයට පත් වුවහොත්, තමන්ගේ අවයව ලබා දීම ස`දහා කැමැත්ත පළ කළ යුතුව තිබේ. රාජිත සේනාරත්න ඇමතිවරයා විසින්ම ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට දැනටමත් කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව අනාගතයේ හදිසි අනතුරුවලින් මිය යන රියැදුරන්ගේ අවයව සහ පටක අනිවාර්යෙන්ම ලබා ගැනීමේ බලයක් රජය සතු වේ. මෙම තීරණයේ ද බැලූ බැල්මට ඇති වරදක් නැත. 1987 අංක 48 දරන පනත මඟින් ජීවත්ව සිටින්නන්ට ද ශරීරයේ නිශ්චිත අවයව සහ පටක පරිත්‍යාග කිරීමට අවස්ථාව සලසා දී තිබෙන තත්ත්වයක් තුළ මෙවැනි යෝජනාවක් ගෙන එන්නේ එය පිටුපස ද හො`ද ඉල්ලමක් තිබෙන බව ඇමතිවරයා හො`දින් අවබෝධ කරගෙන සිටින නිසා වන්නට ඇත. දැනට ලංකාවේ හදිසි අනතුරුවලින් දිනකට අට දෙනෙකු පමණ මිය යන අතර, ඒ අනුව වසරකට තුන් දහසකට ආසන්න සංඛ්‍යාවක් මරුමුවට පත් වේ. ඇමතිවරයාට අනුව මෙතැන ඇත්තේ මිනිස් ජීවිත නොවේ. වකුගඩු හය දහසකි. ඇස් හය දහසකි. තවත් නා නා විධ අවයව දහස් ගණනකි. මේවා එකතු කර ගත් විට රෝගීන්ට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා අතිරික්තයක් ඇති වීම අනිවාර්ය ය. එය විකුණා දැමිය හැකිය. ඒ නිසා හදිසි අනතුරු වැළැක්වීමට සහ අනතුරුවලින් සිදු වන මරණ අවම කිරීමට වැඩපිළිවෙළක් සකස් කරනවාට වඩා මිය යන්නවුන්ගේ අවයව එකතු කිරීමට පනතක් ගෙන ඒමේ වුවමනාව ඉතා පැහැදිලිය. මේ දැනට අනාවරණය වී ඇති තොරතුරු පමණකි. එදා රාජිත සේනාරත්න ධීවර ඇමතිව සිටිය දී සිදු කළ ජාවාරම්වල දිග පළල ගැන දැන් ඕනෑවටත් වඩා තොරතුරු ඉදිරිපත් වී තිබේ. නීතිය ඉදිරියේ ඒ කිසිවක් ප‍්‍රශ්නයක් නොවන බව ද ප‍්‍රායෝගිකව පැහැදිලි වී ඇත. ඒ නිසා සෞඛ්‍ය සේවයද සිය මඩිය තර කර ගැනීමේ ජාවාරමක් බවට පත් කර ගැනීමට ඇමතිවරයා කටයුතු කරමින් සිටීම කිසිසේත්ම පුදුම විය යුතු කරුණක් නොවේ.


රැකියා දශලක්‍ෂයේ බොරුවට සාක්‍ෂි මෙන්න !

2017-01-29     (ප්‍රියදර්ශන දයාරත්න)

වර්තමාන හවුල් ආණ්ඩුවේ ප‍්‍රචාරවලට අනුව අපේ තරුණ තරුණියන් ලක්‍ෂ දහයකට රැුකියා ලබා දීම වෙනුවෙන් නොගන්නා උත්සාහයක් නැත. කුලියාපිටිය යුරෝපා මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවට මුල් ගල් තැබී ය. හම්බන්තොට ආයෝජන කලාපයට මුල් ගල් තැබී ය. මේ දෙක ම ඡන්ද පොරොන්දු ඉටු කිරීම් වශයෙන් රට පුරා පෝස්ටර් ගැසී ය. 2016 මුල අගමැතිගේ ප‍්‍රධානත්වයෙන් හම්බන්තොට දී ’ශී‍්‍ර ලංකා ආයෝජන සමුළුව’ යනුවෙන් සමුළුවක් පැවැත්වී ය. ලෝක ප‍්‍රකට මූල්‍ය ජාවාරම්කාරයකු වන ජෝර්ජ් සෝරොස් ද කැඳවීය. ලෝක ආර්ථික සමුළුවට සහභාගී වී අගමැතිවරයා කියා තිබුණේ ලෝකයේ වෙළෙඳපොළ කලාප හතරකට භාණ්ඩ අපනයනය කිරීමට අපට අවස්ථාව තිබෙන බවයි. ඒ වෙනුවෙන් ආයෝජන කළ යුතු බව ද, හරිත ආර්ථිකයක් බිහි කරන බව ද වැටි දුරටත් කියා තිබිණි. මෙවැනි කතා කිසිවක් නොකී මහින්ද එදා කීවේ එක දෙයක් ය. ආසියාවේ ආශ්චර්යය ඇති කරන බවයි. එයත් හරියට ‘සීතාම්බර පටයකින් සැරැුසුණු මහ රජු’ වගේ ආශ්චර්යයක් බව කල්පනා කළ පිරිසක් අදත් මහින්ද සමඟ සිටිති. කියන්නා කෙසේ කීවත්, අසන්නා තණකොළ නොබුදින තත්ත්වයේ සිටිය යුතුව තිබේ. එවැනි අයගේ අවබෝධය වෙනුවෙන් කර්මාන්ත ඇති කිරීම පිළිබඳව හෙළි කිරීමට තොරතුරු රැුසක් තිබේ. වගුවෙන් සාරාංශගත කර තිබෙන්නේ එම තොරතුරුවලට අදාළ දත්ත ය. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබෙන වාර්තාවක් පදනම් කරගෙන මෙය සකසා තිබේ. 2015 දෙසැම්බර් මස 31 වැනි දින වන විට රටේ විවිධ ප‍්‍රදේශවල විසිරී තිබෙන කර්මාන්ත පුර 29ක තත්ත්ව විස්තර මෙයින් හෙළි වේ. වගුව සකසා තිබෙන්නේ එම දත්ත මත ය. කර්මාන්ත පුර 29 තුළ විවිධ කර්මාන්ත ශාලා 287ක් පිහිටුවා තිබෙන බව සඳහන් ය. මෙයින් අති බහුතරය දේශීය ආයෝජන වන අතර, සුළු ප‍්‍රමාණයක් ආයෝජන මණ්ඩල අනුමැතිය ලද කර්මාන්ත මෙන් ම දේශීය-විදේශීය මිශ‍්‍ර ආයෝජන බව ද සඳහන් වේ. මෙවැනි විවිධ ආයෝජකයන් 287ක් කර්මාන්තවලට වාණිජ නිෂ්පාදන කටයුතු කි‍්‍රයාත්මක කරමින් සිටී. අක්කර 883ක් මේ වෙනුවෙන් යොදවා ඇත. කර්මාන්ත ශාලා පිහිටු වීමේ දී මේ රටේ මහජන මුදල් රුපියල් මිලියන 2,826.40ක් යොදවා තිබේ. ඒ විදුලි බලය සැපයීම, අභ්‍යන්තර මාර්ග පද්ධති සැකැසීම, කාණු සැකැසීම, ජලය ලබා දීම යන යටිතල පහසුකම් වෙනුවෙන් ය. විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ කර්මාන්ත පුරවලට යොදවා තිබෙන භූමියේ වටිනාකම් තක්සේරු කර නොතිබීම ය. කර්මාන්ත කලාප වෙනුවෙන් යොදවා තිබෙන භූමියේ ප‍්‍රමාණය පිළිබඳව බැලූ විට පැහැදිලි වන්නේ අවමය අක්කර දෙකයි රූඞ් දෙකක් නිකවැරටියෙන් යොදා තිබෙන බව ය. මෙහි යටිතල පහසුකම් සැපයීමට රජය යොදවා තිබෙන මුදල රුපියල් මිලියන 38කි. එයින් ලබා දී තිබෙන රැුකියා ප‍්‍රමාණය 665ක් වේ. පෞද්ගලික අංශය රුපියල් මිලියන 129ක ආයෝජන කරමින්, ඇඟලූම් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යයි. වැඩි ම භූමි ප‍්‍රමාණයක් ලබා දී ඇත්තේ මාකඳුර බටහිර කර්මාන්ත ශාලාවට ය. අක්කර 65යි රූඞ් දෙකයි, පර්චස් 10ක් එයට ලබා දී තිබේ. රජය යොදවා තිබෙන මුදල රුපියල් මිලියන 61කි. රැුකියා 1,033ක් ලබා දී ඇති අතර, පෞද්ගලික අංශය රුපියල් මිලියන 3,600.8ක් යොදවා තිබේ. පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා 14ක් මේ තුළ ස්ථාපිත කර ඇති බව (වගුවේ සඳහන් නොවේ* කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ වාර්තාවේ සඳහන් වේ. රබර් ආශි‍්‍රත නිෂ්පාදන, යකඩ හා වානේ, කඩදාසි ආශි‍්‍රත නිෂ්පාදන, කොහු ආශි‍්‍රත නිෂ්පාදන, ඇස්බැස්ටස් ආශි‍්‍රත නිෂ්පාදන, ඇසුරුම් නිෂ්පාදන, දැව නිෂ්පාදන, කාර්මික රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය, ඇලූමිනියම්, පී.වී.සී., සත්ත්ව ආහාර, වාහන උපාංග ආදිය මෙහි දී නිෂ්පාදනය කෙරේ. දැව, කොහු සහ රබර් නිෂ්පාදන හැරුණු විට අනෙකුත් සියලූ නිෂ්පාදන කටයුතු සඳහා අමුද්‍රව්‍ය විදේශයන්ගෙන් ආනයනය කරන බව පැහැදිලි වේ. කර්මාන්ත කලාප සඳහා මහජන මුදල් අඩු ම ප‍්‍රමාණයක් යොදවා තිබෙන්නේ ඌව පරණගම කර්මාන්ත කලාපයට ය. යොදවා තිබෙන මුදල රුපියල් අටලක්‍ෂ දහනව දහස් හත්සිය තිහ (රු. 8,19,730.00)ක් ය. යොදවා තිබෙන භූමි ප‍්‍රමාණය අක්කර තුනයි පර්චස් 48කි. අඩු ම රැුකියා ප‍්‍රමාණය වූ 10ක් ලබා දී තිබෙන්නේ මෙයින් ය. මෙහි තිබෙන අඩු ම රැුකියා උත්පාදනයට හේතු වශයෙන් දක්වා තිබෙන්නේ යන්ත්‍රෝපකරණ සහිත නවීන තාක්‍ෂණය භාවිත කිරීම නිසා රැුකියා උත්පාදනය අඩු බව ය. කර්මාන්ත කලාප අතුරින් වැඩි ම මහජන මුදලක් යොදවා තිබෙන්නේ ති‍්‍රකුණාමලය කර්මාන්ත කලාපයට වන අතර, එය රුපියල් මිලියන 462.6කි. අක්කර 50ක් කලාපයට අයත් ය. පෞද්ගලික අංශයේ ආයෝජන ලැබී ඇත්තේ, රුපියල් මිලියන 742කි. උත්පාදනය කර තිබෙන රැුකියා ප‍්‍රමාණය 820ක් වේ. ආයෝජකයෝ හය දෙනෙකු මෙහි සිටින අතර, ඇඟලූම් කර්මාන්ත ශාලාවක් මඟින් රැුකියා 700ක් ලබා දී ඇත. ආහාර සැකැසීම, පාරිභෝගික භාණ්ඩ (ආහාර නොවන) නිෂ්පාදනය, මත්ස්‍ය නිෂ්පාදන සහ ඉදි කිරීම් ආශි‍්‍රත නිෂ්පාදන ආදිය මෙහි දී සිදු කෙරේ. මෙම කර්මාන්ත කලාපය පිළිබඳව සලකා බැලිය යුතු විශේෂ කරුණු කීපයක් තිබේ. අක්කර 50ක් පුරා පැතිරුණු භූමියකට මහජන මුදල් රුපියල් මිලියන 462.6ක් යොදවා යටිතල පහසුකම් සැපයීමෙන් පසුව පෞද්ගලික අංශයෙන් ලැබී තිබෙන මුළු ආයෝජන ප‍්‍රමාණය රුපියල් මිලියන 742ක් පමණක් වන බවයි. රැුකියා 700ක් ලබා දී තිබෙන ඇඟලූම් කර්මාන්ත ශාලාවට රුපියල් මිලියන 400ක් ආයෝජනය කර තිබේ. මේ සඳහා අවශ්‍ය සියලූ ම අමුද්‍රව්‍ය සහ කාර්මික උපාංග සියල්ල විදේශයන්ගෙන් ආනයනය කරන ඒවා ය. රටේ භූමිය යෙදැවීම සහ මහජන මුදල් යෙදැවීම කොතරම් නාස්තිකාර ලෙස සිදු වන්නේ ද යන්න මෙයින් පැහැදිලි වේ. වැඩි ම මුදලක් ආයෝජනය කර තිබෙන කර්මාන්ත පුරය වන්නේ ටෙම්පල්බර්ග් හෝමාගම ය. රුපියල් මිලියන 5,515.8ක් මෙහි ආයෝජනය කර තිබේ. අමාත්‍යාංශ වාර්තාවෙන් හෙළි වන්නේ කර්මාන්ත 35ක් තිබෙන බවයි. වැඩි ම රැුකියා සංඛ්‍යාව වන 234ක් උත්පාදනය කර ඇත්තේ, සනීපාරක්‍ෂක උපාංග නිෂ්පාදනය කරන කර්මාන්තයක ය. එමෙන් ම ප්ලාස්ටික් ආශි‍්‍රත නිෂ්පාදන කර්මාන්ත එමෙන් ම පී.වී.සී. පයිප්ප කර්මාන්ත ශාලාවක් යකඩ හා වානේ නිෂ්පාදන, කුළුබඩු, තැඹිලි වතුර අපනයනයට සූදානම් කිරීම ආදී විවිධ කර්මාන්ත වේ. කෙසේ වෙතත්, මෙම කර්මාන්ත පුරය පිළිබඳව විමසීමේ දී පැහැදිලි වන විශේෂ කරුණක් තිබේ. රුපියල් මිලියන 5,515.8ක් ආයෝජනය කරන විට රැුකියා උත්පාදනය කර ඇත්තේ, 1,795ක් ය. මේ අනුව එක් රැුකියාවක් උත්පාදනය සඳහා රුපියල් මිලියන 3.072ක් යෙදැවී ඇත. පෞද්ගලික අංශයේ අඩු ම ආයෝජනයක් කර තිබෙන්නේ පුත්තලම කර්මාන්ත පුරයෙහි ය. එය රුපියල් මිලියන 50ක් බව වාර්තාවේ සඳහන් වේ. අක්කර 40ක භූමි ප‍්‍රදේශයක් පුරා කර්මාන්ත පුරය පැතිරී තිබේ. උත්පාදනය කර තිබෙන රැුකියා ප‍්‍රමාණය 40ක් ය. ඉතා අතාර්කික සංඛ්‍යා ගැලපීමක් කරන්නේ නම්, අක්කරයකින් එක් රැකියාවක් ලැබී තිබේ. මහජන මුදල් යෙදැවීම රුපියල් මිලියන 119ක් වන විට එක් අක්කරයක් සඳහා යටිතල පහසුකම් සැපයීමට රුපියල් ලක්‍ෂ තිහකට ආසන්න මුදලක් වැය වී ඇත. එසේ ම එක් රැුකියාවක් උත්පාදනයට එම මුදල ම වැය වී ඇත. මහජන මුදල් රුපියල් ලක්‍ෂ 30ක් වැය කර එක් රැුකියාවක් උත්පාදනය කිරීමේ සංවර්ධනයේ අරුමය මෙයින් පැහැදිලි වේ. පෞද්ගලික ආයෝජන සමාගම රුපියල් මිලියන 50ක් වන අතර, රැුකියාවක් උත්පාදනයට රුපියල් මිලියන 1.25ක් වැය වී ඇත. දැවිතෙල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් මෙහි පිහිටුවා තිබේ. මහජන මුදල් රුපියල් මිලියන 119ක් වැය කර සැලැසුම් කළ කර්මාන්ත පුරයක පෞද්ගලික ආයෝජන ලැබී ඇත්තේ, රුපියල් මිලියන 50ක් නම්, එතැන කර තිබෙන මූල්‍ය අපරාධය කොපමණ ද? එසේ ම කර්මාන්ත පුරයේ එක් රැුකියාවක් උත්පාදනය කිරීමට මහජන මුදල් රුපියල් ලක්‍ෂ 30ක් යොදවා ඇත් නම්, එතැන තිබෙන මූල්‍ය අපරාධය ඊටත් වඩා බරපතල වන්නේ ය. වැඩි ම රැකියා සංඛ්‍යාවක් ලබා දී තිබෙන කර්මාන්ත පුරය වන්නේ දන්කොටුව ය. එයින් රැකියා 2,445ක් ලබා දී තිබෙන අතර, අක්කර 53ක භූමියක් පුරා පැතිර පවතී. මහජන මුදල් රුපියල් මිලියන 106ක් වැය කර යටිතල පහසුකම් සපයා පෞද්ගලික ආයෝජන වශයෙන් රුපියල් මිලියන 3,120.97ක් යොදවා තිබේ. පුත්තලම කර්මාන්ත පුරයට මිලියන 119ක මහජන මුදලක් යොදවා රැුකියා 40ක් උත්පාදනය කරන විට මෙහි රුපියල් මිලියන 106ක් යොදවා රැුකියා 2,445ක් උත්පාදනයට දායක වී ඇත. මෙම කර්මාන්ත පුර දෙක ම අයත් වන්නේ පුත්තලම දිස්ති‍්‍රක්කයට වීම විශේෂත්වයක් ය. කර්මාන්ත ශාලා 35ක් මෙහි පිහිටුවා තිබේ. ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලද කර්මාන්ත 11ක් ද මේ අතර වේ. භූමිය අක්කර 53ක් යොදා මහජන මුදලින් රුපියල් මිලියන 106ක් යෙදැවීම සහ පෞද්ගලික ආයෝජන තුළින් රැුකියා 2,445ක් උත්පාදනය කර තිබීම ආදිය සලකා බැලීමේ දී ඉහළ ම ඵලදායී බවක් දරන්නේ මෙම කර්මාන්ත පුරයයි. අමාත්‍යාංශ වාර්තාවට අනුව මෙහි කර්මාන්ත ශාලා දෙකක් පිහිටුවා රැුකියා 874ක් ලබා දී ඇත. එය හැරුණු විට දේශීය අමුද්‍රව්‍ය වැඩි වශයෙන් යොදා ගන්නා කොහු නිෂ්පාදන, ධීවර කර්මාන්තයට අදාළ නිෂ්පාදන, රබර් නිෂ්පාදන, ආහාර සැකැසීම, ඇසුරුම් කර්මාන්තය සහ ඉදි කිරීම් යන අංශවල නිෂ්පාදන මෙහි දී විශේෂයෙන් කැපී පෙනේ. 1994දී මෙම කර්මාන්ත පුරය ආරම්භ කර තිබේ. කර්මාන්ත පුර පිළිබඳව මෙම තොරතුරු විමසා බැලීමේ දී පැහැදිලි වන්නේ රටේ භූමි සම්පත යොදවා, මහජන ධනය යොදවා තම පෞද්ගලික හිතවතුන්ට වාසි ගෙන දීමට වැඩි වශයෙන් කි‍්‍රයා කර තිබෙන බව ය. ඌව පරණගම සහ පුත්තලම කර්මාන්ත පුර හොඳ ම නිදර්ශන වේ. අනෙක් පැත්තෙන් රට පුරා කර්මාන්ත පුර ඔහේ පිහිටුවා තිබෙනවා හැර උපරිම ප‍්‍රතිලාභ ලබා ගත හැකි සේ සැලැසුම් කර නැති බව මනාව පැහැදිලි වේ. තවත් පැත්තකින් දේශීය අමුද්‍රව්‍ය සපයා ගැනීම පිළිබඳව කිසිදු තැකීමක් කර නැති බව පැහැදිලි ය. මෙයින් අදහස් කරන්නේ දේශීය අමුද්‍රව්‍ය පමණක් යොදා ගැනීම නම් නොවේ. ප‍්‍රාදේශීය කර්මාන්ත පුර ඇති කිරීමේ දී ප‍්‍රදේශයේ අමුද්‍රව්‍යවලට මුල් තැන දීම ය. නිදර්ශනයක් වශයෙන් වැඩි ම රැුකියා ලබාදී තිබෙන දන්කොටුව කර්මාන්ත පුරයේ ද රබර් ආශි‍්‍රත නිෂ්පාදන ඇත. නමුත්, රබර් වැඩිපුර තිබෙන්නේ එම ප‍්‍රදේශයේ නොවේ. සමස්තයක් වශයෙන් ගත් විට මෙම කර්මාන්ත කලාප 29 සඳහා ම මහජන මුදල් වියදම් කිරීම අනුව රුපියල් 1,58,834.00ක් වැය කර එක් රැුකියාවක් උත්පාදනය කර තිබේ. මෙම කලාප තුළ පෞද්ගලික අංශය රුපියල් දාහත්ලක්‍ෂ හැට දහසක් යෙදැවීමෙන් උත්පාදනය කර ඇත්තේ එක් රැුකියාවක් පමණි. මෙයින් සනාථ වන්නේ රටේ සංවර්ධනය සහ කර්මාන්ත ඇති කිරීම කිසිදු නිශ්චිත ප‍්‍රතිපත්තියක් හෝ ඉලක්කයක් හෝ අනුව යොමු කර නැති බවයි. ‘මෙන්න තවත් ඡන්ද ප‍්‍රතිඵලයක්’ යනුවෙන් පෝස්ටර් අලවන්නේ බොරු ප‍්‍රචාරයට ය. ලෝකය වටා දුවමින්, විදේශ ආයෝජන මන්තරය ජප කළ ද, රැකියා දශලක්‍ෂය බොරු විකාරයක් වන බව මෙයින් පැහැදිලි වේ.


බැඳුම්කර බූවල්ලා ඊ.පී.එෆ්. ගිලින හැටි

2017-01-22     (ඉන්ද්‍රසිරි ජයසුන්දර)

බූවල්ලා ගැන බොහෝ දෙනෙකු කියවා ඇති බවට සැක නැත. මුහුදු ජීවියකු වන මේ සත්ත්වයාට අඬු රාශියක් තිබේ. ඌට හසු වන මිනිසකු වුව ද බිලි ගනී. උගෙන් බේරීමක් නම් ඇත්තේ ම නැත. උගේ එක අඬුවක් කපා දැමුවහොත්, තවත් අඬු කීපයකින් ගොදුර ඩැහැ ගන්නා බව කියැවේ. අප මේ කතා කරන්නට යන්නේ ද බූවල්ලෙකු නොවන බූවල්ලකු ගැනයි. මුහුදේ ඉන්න බූවල්ලා ගැන අසා තිබෙන කරුණු අනුව උගේ ගොදුරු බවට පත් වන්නේ එක් වරකට එක් සත්ත්වයෙක් ය. නමුත්, අප මේ කතා කරන බූවල්ලා රටක් රාජ්‍යයක්ම බිලිගෙන අවසන් ය. උගේ එක් එක් අඬුවලින් බිලි ගන්නා ලද එක් එක් විෂයයන් ගැන කතා කිරීමට ප‍්‍රස්තුත මතු වේ. මේ බූවල්ලා නම් බැඳුම්කර බූවල්ලා ය. බැඳුම්කර යනු රජයට දිගුකාලීනව දේශීය වශයෙන් ණය ගන්නා උපකරණයක් බව කවුරුත් දනිති. එය බූවල්ලකු වූයේ මෛතී‍්‍ර-රනිල් පාලනයේ හනිමූන් එක සමඟමය. එතෙක් බැඳුම්කර පිළිබඳ බරපතල ප‍්‍රශ්න හෙළිව තිබුණේ නැත. නමුත්, මෛතී‍්‍ර-රනිල් පාලනයේ හනිමූන් ඉවර වීමටත් පෙර 2015 පෙබරවාරි මස 27 වැනි දින පවත්වන ලද බැඳුම්කර වෙන්දේසියත් සමඟ බූවල්ලකු බවට පත් විය. 2016 මාර්තු මස 29 වැනි දින පවත්වන ලද බැඳුම්කර වෙන්දේසියේ දී මේ බූවල්ලා තවත් විශාල වශයෙන් බලගතු වී ලංකාව ම ගිල ගන්නා තත්ත්වයට පත් වූයේය. මෙම සටහන තැබෙන්නේ බැඳුම්කර බූවල්ලාට සේවක අර්ථසාධක අරමුදල බිලි දී තිබෙන ආකාරය හෙළිදරවු කිරීමටය. සේවක අර්ථසාධක අරමුදල නැත්නම්, ඊ.පී.එෆ්. එක යනු පාලකයන් කාගේ හෝ අම්මාගේ, අප්පාගේ බූදලයකින් පැවත එන්නක් නොවේ. එදා මෙදාතුර මේ රටේ වැඩ කරන කෝටි ගණනක ජනතාවගේ දාඩිය මහන්සියෙන් ගොඩනැඟී තිබෙන මුදල් එකතුවක් ය. රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ විශ‍්‍රාම වැටුප් නොලබන සේවකයන් වියපත් වයසේ දී ගෙදර යන දවසට ඉතිරි වන දේය. වියපත් සමය යාන්තම් ගෙවා දැමීමට තිබෙන සබ්බ සකලමනාවම වන්නේ ඊ.පී.එෆ්. එකය. එය මහ දවාලේ මංකොල්ලකෑමට රාජ්‍ය බලය යොදා ගන්නා ලද මංකොල්ලකාරයන් අතුරින් එක් චෞරයකු හෙළි වී අවසන්ය. අගමැති රනිල් වික‍්‍ර්මසිංහගේ අංක එකේ ගජමිතුරා වන අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාගේ මූල්‍ය තැරැුවුකාර සමාගම වන ‘පර්පැචුවල් ටෙ‍්‍රෂරීස්’ සමාගම හෙවත් බෑනාගේ සමාගම රුපියල් කෝටි 5,500ක් පමණ මහජන මුදල් මංකොල්ලයක් බැඳුම්කර හරහා කර තිබේ. එය ඉදිරියේ දී තව තවත් වර්ධනය වෙමින් යන මූල්‍ය මංකොල්ලයකි. එම බැඳුම්කර ණය ගෙවා නිදහස් කෙරෙන වසර 30ක් දක්වා ම අලාභය වර්ධනය වෙමින් යන බව විශේෂඥයන්ගේ මතය වී තිබේ. පසුගිය දිනවල අන්තර් සමාගම් සේවක සංගමය මඟින් පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කරමින්, ජනතාවට හෙළි කර තිබුණේ බැඳුම්කර බූවල්ලාට හසු කර ගැනීමෙන් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් කෝටි 1,500ක් ඉක්ම වූ අලාභයක් මේ වන විට සිදුව තිබෙන බවයි. මෙම කොල්ලකරුවන් ආරක්‍ෂා කිරීමේ ස්ථාවරයක වර්තමාන මහ බැංකු අධිපති, ඉන්ද්‍රජිත් කුමාරස්වාමි නිරතව සිටින බවට එම වෘත්තීය සමිති සංගමය චෝදනා නඟා තිබිණි. බැඳුම්කර කොල්ලයට ඊ.පී.එෆ්. මුදල් යොදා ගැනීම පිළිබඳව තොරතුරු ලබා දෙන්නැයි වර්තමාන මහ බැංකු අධිපතිවරයාගෙන් එම වෘත්තීය සංගමය අවස්ථා තුනක දී ලිඛිතව ඉල්ලීම් කර තිබෙන බවත්, අවස්ථා තුනේ දී ම ඉල්ලීම ඉවත හෙළා තිබෙන බවත් චෝදනා කර තිබිණි. මහ බැංකු අධිපතිවරයාගෙන් ඉල්ලා තිබූ වැදගත් තොරතුරු කිහිපයක් මෙසේය: 1. 2015 ජනවාරි මස 01 වැනි දින සිට 2016 ජුනි මස 30 වැනි දින දක්වා සේවක අර්ථසාධක අරමුදල විසින් ප‍්‍රාථමික වෙළෙඳපොළ හරහා භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන සඳහා යොදා ඇති මුදල් ප‍්‍රමාණය කොපමණ ද? 2. එම කාලසීමාව ද්විතීයික වෙළෙඳපොළෙන් ලබාගෙන තිබෙන භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජන ප‍්‍රමාණය කොපමණ ද? 3. එක් එක් බැඳුම්කර වෙනුවෙන් ප‍්‍රාථමික වෙළෙඳපොළෙන් ලැබෙන පොලී ප‍්‍රමාණය සහ ද්විතීයික වෙළෙඳපොළෙන් ලැබෙන පොලී ප‍්‍රමාණයේ වෙනස වෙන වෙනම දක්වන්න. 4. එක් එක් බැඳුම්කරය ප‍්‍රාථමික වෙළෙඳපොළෙන් ලබා නොගෙන ද්විතීයික වෙළෙඳපොළෙන් ලබා ගැනීම නිසා සිදුව තිබෙන පාඩුව කොපමණ ද? ආදී වශයෙන් ප‍්‍රශ්න ගණනාවක් යොමු කර තිබේ. ඊ.පී.එෆ්.හි සුරක්‍ෂිතභාවය පිළිබඳව මෙම පිළිතුරු ඉතා වැදගත් වන බව පැහැදිලිව පෙනේ. අන්තර් සමාගම් සේවක සංගමය මෙම ප‍්‍රශ්න මතු කර තිබෙන්නේ ඊට අදාළ මූලික තොරතුරු මත සිටිමින්ය. 2015 වර්ෂය අවසන් වන විට ඊ.පී.එෆ්. අරමුදලේ මුළු මුදල් ප‍්‍රමාණය රුපියල් කෝටි එක්ලක්‍ෂ හැටහය දහස් හාරසිය අනූව (රු. කෝටි 1,66,490) ක්ව තිබී ඇත. මෙම මුදල් එක තැන ගොඩ ගසා තබා ගන්නේ නැත. විවිධ තැන්වල ආයෝජනය කළ යුතු වේ. සරල ම දේ වන බැංකුවක ස්ථිර තැන්පතු වශයෙන් යෙදැවීම ද ආයෝජනයක්ය. එවිට ස්ථිර පොලියක් ලැබේ. නමුත්, මෙම අරමුදල පිහිටු වීමේ මූලික ඉලක්කය වී තිබෙන්නේ ම රජයට අවශ්‍ය ණය සැපයීමයි. මේ වෙනුවෙන් භාණ්ඩාගර බිල්පත්වල සහ භාණ්ඩාගාර බැඳුම්කරවල යෙදැවීම ප‍්‍රධාන වශයෙන් සිදු කෙරේ. පසුගිය 2015 වර්ෂය අවසන් වන විට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල යොදවා තිබූ මුළු මුදල් ප‍්‍රමාණය රුපියල් කෝටි එක්ලක්‍ෂ හතළිස් අට දහස් හත්සීය (රු. කෝටි 1,48,700*ක්  වී තිබිණි. අරමුදලේ මුළු ආයෝජනවල ප‍්‍රතිශතයක් වශයෙන් ගතහොත්, එය සියයට 92.7ක් වී ඇත. මෙම අරමුදල් ප‍්‍රමාණය ගොඩනැඟී ඇත්තේ, එක්කෝටි හැට ලක්‍ෂයක් වූ වැඩ කරන මිනිසුන්ගේ දාඩිය මහන්සියෙන් ය. 2015 වර්ෂය අවසන් වන විට සමස්ත මුදල් ගෙවමින් සිටින සේවක සංඛ්‍යාව ලක්‍ෂ 24කි. ආයතන 72,917ක වැඩ කරන මිනිස්සු මේ දායකත්වය ලබා දෙති. 2015 වර්ෂයේ දී දායක මුදල් ලැබීම රුපියල් කෝටි 10,250ක් වී තිබී ඇත. එම වසරේ දී ප‍්‍රතිලාභ ගෙවීම් සඳහා වැය වී ඇත්තේ, රුපියල් කෝටි 7,780කි. එසේ ම අරමුදල පවත්වාගෙන යාම වෙනුවෙන් වසර පුරා වියදම් වී ඇත්තේ, රුපියල් කෝටි 119ක් වැනි ඉතා සුළු මුදලකි. මෙම ගණන් හිලව් අනුව අරමුදලෙන් වසරකට සාමාජික ප‍්‍රතිලාභ ගෙවීම සහ පවත්වාගෙන යාම යන ප‍්‍රධාන වියදම් සඳහා වැය වී ඇත්තේ රුපියල් කෝටි 7,899කි. සාමාජික මුදල් ලැබීම රුපියල් කෝටි 10,250කි. වසරේ ආයෝජන ප‍්‍රතිලාභ ලැබීම රුපියල් කෝටි 17,153ක්ව තිබී ඇත. මෙම දත්තවලින් පැහැදිලි වන්නේ කොතරම් වේගයකින් අරමුදල වර්ධනය වෙමින් පවතින්නේ ද යන්නයි. මේ සියල්ල අයිති වන්නේ එක්කෝටි හැටලක්‍ෂයක් සාමාජිකයන්ට මිස රාජ්‍ය බලය තිබෙන දේශපාලන තක්කඩින්ගේ මංකොල්ලකාරයන් කීප දෙනෙකුට නොවේ. එසේ වුව ද, බැඳුම්කර බූවල්ලා ඊ.පී.එෆ්. අරමුදල මංකොල්ලකෑමට මුලපුරා ඇත. බැඳුම්කර බූවල්ලකු වී ඇත්තේ බෑනාගේ සමාගම විසින් කරනු ලැබූ මහ දවල් මංකොල්ලය නිසාය. එය සිදු කර තිබෙන ආකාරය කෙබඳු දැයි මෙතැන් සිට විමසීමට ලක් කෙරේ. බැඳුම්කර කොල්ලයට අදාළව ඊ.පී.එෆ්. මුදල් යොදාගෙන තිබෙන අයුරු විගණකාධිපති වාර්තාවෙන් තහවුරු කර තිබේ. 2015 පෙබරවාරි මස 27 සහ 2016 මාර්තු මස 29 දිනයන්ට අදාළව තොරතුරු රැුසක් ඒ අතර වේ. මේ සියල්ල හොඳින් තේරුම් ගැනීම සඳහා අමතර කරුණක් ද අවධාරණය කර ගත යුතුව තිබේ. බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් මඟින් මහජනතාවගෙන් රජයට ණය ලබා ගැනීමේ ප‍්‍රධාන අතරමැදියා ලෙස මහ බැංකුව කි‍්‍රයා කරයි. මහ බැංකුවේ අතරමැදියන් වශයෙන් ප‍්‍රාථමික තැරැුවුකරුවන් නමින් ලියාපදිංචි මූල්‍ය තැරැුවුකාර ආයතන 16ක් තිබේ. ඔවුන් කරන්නේ බැඳුම්කර හෝ බිල්පත් මිල දීගෙන මහජනතාවට හෝ වෙනත් මූල්‍ය ආයතනවලට විකිණීම ය. මෙසේ විකිණීම ද්වීතියික වෙළෙඳපොළ යනුවෙන් හැඳින්වේ. මහ බැංකුවේ ලියාපදිංචි තැරැුවුකරුවන් 16 දෙනා කරන්නේ බ්‍රෝකර් වැඩකි. ලබා ගන්නා භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම්කර ඔවුන් සන්තකයේ තබාගන්නේ නැත. මේ තැරැුවුකරුවන්ට මහ බැංකුවෙන් ලැබෙන පොලියට වඩා අඩු පොලියකට තුන්වැනි පාර්ශ්වයන් (මහජනතාව හෝ ආයතනවලට විකුණයි. එසේ ලබා ගන්නා තුන්වැනි පාර්ශ්වයට ලැබෙන්නේ මහ බැංකුවෙන් ප‍්‍රාථමික තැරැුවුකරුවන්ට ලැබෙන පොලියට වඩා අඩු පොලී අනුපාතයකි. අර්ථසාධක අරමුදල ද එකී තැරැුවුකරුවන් අතර සිටිනා එක් ආයතනයකි. එය ලබා ගන්නා භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම්කර තුන්වැනි පාර්ශ්වයක් වෙත නැවත විකිණීමක් නොකෙරේ. කල් පිරෙන තුරු තමන් සන්තකයේ තබා ගනී. වෙන්දේසියේ දී නියමිත වූ පොලිය තමන්ගේ ආදායම සේ ලබාගෙන සෑහීමට පත් වේ. බෑනාගේ සමාගම විසින් බැඳුම්කර බූවල්ලා සඳහා ඊ.පී.එෆ්. මුදල් යොදාගෙන තිබෙන්නේ වෙනත් මංකොල්ලයක ස්වරූපයෙනි. බෑනාගේ සමාගමට ඊ.පී.එෆ්. මහා මුදල් සම්භාරයත් සමඟ හැරෙන්නටවත් බැරි ය. එම නිසා බෑනාගේ සමාගමට පිටුපසින් සිටි අර්ජුන් මහේන්ද්‍රන් සහ ආණ්ඩුවේ රනිල් වික‍්‍රමසිංහ යන බලවේග කර තිබෙන්නේ තම දේශපාලන බලය යොදවා ඊ.පී.එෆ්. මුදල් බෑනාගේ සමාගමේ ජාවාරම් සඳහා යොදවා ගැනීමයි. ඊ.පී.එෆ්. මුදල් පාලනය කෙරෙන්නේ මහ බැංකුවෙන් ය. තැරැුවුකාර මූල්‍ය සමාගම් ඇතුළු සියලූ ම රාජ්‍ය සහ පෞද්ගලික මූල්‍ය සමාගම් පාලනය කරන්නේ ද මහ බැංකුව ය. භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙන්දේසිය මෙහෙයවන්නේ ද මහ බැංකුව ය. මාමා සහ බෑනා යන දෙදෙනා ම මේ ජාලය තුළ සිටින අතර, එයට පිටින් දේශපාලන බලය දරන රනිල් වික‍්‍රමසිංහ මාමාගේ (අර්ජුන් මහේන්ද්‍රන්ගේ) ගජමිතුරා වශයෙන් කි‍්‍රයා කරයි. එම සමස්තය මතකයේ තබාගෙන විගණකාධිපතිවරයා විසින් 2016 ජුනි මස 26 වැනි දින නිකුත් කර තිබෙන වාර්තාවේ 08 වැනි වෙළුමේ 5:2:3 චේදයට අවධානය යොමු කිරීම අවශ්‍යය. ”මෙහි දී අනාවරණය වූ ඉතා ම වැදගත් කරුණක් වන්නේ ප‍්‍රාථමික වෙළෙඳපොළෙන් බැඳුම්කර මිල දී ගත හැකි ආයතනයක් වන සේවක අර්ථසාධක අරමුදල විසින් 2016 මාර්තු මස 29 වැනි දින දී නිකුත් කළ බැඳුම්කරයන්ගෙන් ඵලදා අනුපාතය සියයට 12.20 සිට 12.5ක් දක්වා පරාසයක් තුළ රුපියල් බිලියන 9.736ක් වටිනා බැඳුම්කර ද්විතීයික වෙළෙඳපොළෙන් ලබාගෙන තිබුණු බවයි.” විගණකාධිපති වාර්තාවෙන් හෙළි කර තිබෙන ප‍්‍රධාන කරුණු දෙකක් තිබේ. මුලින්ම එදින ඊ.පී.එෆ්. මුදල් රුපියල් නවසිය හැත්තෑතුන් කෝටි හැට ලක්‍ෂයක් බැඳුම්කර ගැනීම සඳහා වෙළෙඳපොළට යොදවා තිබූ බවයි. ඊ.පී.එෆ්. මුදල් සෘජුව ම බැඳුම්කර වෙන්දේසියට යෙදවීමේ හැකියාව තිබීම සහ එසේ යෙදවූයේ නම්, ඉහළ පොලියක් ලබා ගත හැකි වීම පසෙක දමා ඇත. ද්විතීයික වෙළෙඳපොළ වෙනුවෙන් මෙම මුදල යෙදවීමට ලැබෙන පොලිය වි ඇත්තේ, සියයට 12.20 සිට 12.5 දක්වා පරාසයක් ය. මෙයින් පැහැදිලි වන්නේ ප‍්‍රාථමික වෙළෙඳපොළට ඊ.පී.එෆ්. මුදල් සෘජුව යෙදවූයේ නම්, සියයට 12.5ට වැඩි පොලී මුදලක් ලබා ගත හැකිව තිබූ බවයි. විගණකාධිපති වරයාගේ වාර්තාවේ එම ෙඡ්දයේ වැඩිදුරටත් මෙසේ දැක් වේ: ”සේවක අර්ථසාධක අරමුදල මෙම බැඳුම්කර සඳහා 2016 මාර්තු මස 29 වැනි දිනට ප‍්‍රාථමික වෙළෙඳපොළට මිල ගණන් ඉදිරිපත් කර තිබුණේ පහත පරිදි ඉතා අඩු බැඳුම්කර ප‍්‍රමාණයකට බව පැහැදිලි වේ. එම තත්ත්වය 29 බී (XXIX ඊ)ඇමුණුමේ තොරතුරුවලින් පැහැදිලි වේ.” විගණකාධිපතිවරයා දක්වා තිබෙන එම ඇමුණුමට අනුව එදින ඊ.පී.එෆ්. මුදල් රුපියල් කෝටි 193 (රු. 193,34,40,500.00*ක් පමණක් ප‍්‍රාථමික වෙළෙඳපොළෙන් බැඳුම්කර සඳහා යොදවා ඇති බව හෙළි වේ. ඊ.පී.එෆ්. මුදල් ප‍්‍රමාණයක් ප‍්‍රාථමික වෙළෙඳපොළට යොදවා ඊ ළඟට කර තිබෙන්නේ ද්විතීයික වෙළෙඳපොළෙන් අඩු පොලියට බැඳුම්කර මිල දී ගැනීමයි. ”සියලූ ඉල්ලීම් සාර්ථක වී තිබූ අතර, ඔවුන්ට අවශ්‍ය ඉතිරි බැඳුම්කර ප‍්‍රමාණය සෘජුව ම ප‍්‍රාථමික වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට අයැදුම් කර හෝ නොමැතිව ද්විතීයික වෙළෙඳපොළෙන් මිල දීගෙන තිබීම ප‍්‍රශ්නකාරී වේ. ”තව ද, මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ භාරකාරත්වයේ පවතින ආයතනයක් වන සේවක අර්ථසාධක අරමුදල මෙලෙස කටයුතු කිරීම පිළිබඳව මහ බැංකුව විසින් අවධානය යොමු නොකිරීම ද ප‍්‍රශ්නකාරී තත්ත්වයකි.” යනුවෙන් විගණකාධිපති වාර්තාවේ සඳහන් කර තිබේ. මූල්‍ය අපරාධකරුවන් ඇල්ලීමේ පොලිස් බලතල තිබූයේ නම්, විගණකාධිපති දෙපාර්තමේන්තුව එසේ කරන බව පැහැදිලි ය. නමුත්, තිබෙන බලතල උපරිම හෙළිදවු කිරීම් කර තිබෙන මහ බැංකුවේ කි‍්‍රයාකාරීත්ව ප‍්‍රශ්නකාරී බව සඳහන් කරන්නේ එය මූල්‍ය අපරාධයකට අනුබල දී තිබෙන බව වචනවලින් නොකියමින් ය. ඊ.පී.එෆ්. සහ මහ බැංකුව දෙක ම රනිල්ගේ සහ අර්ජුන් මහේන්ද්‍රන්ගේ සහ බෑනාගේ සාක්කුවේ තිබූ බවට මෙයින් මනාව පැහැදිලි වේ. අන්තර් සමාගම් සේවක සංගමය වෘත්තීය සමිතියක් වශයෙන් වර්තමාන මහ බැංකුවේ අධිපතිගෙන් ඊ.පී.එෆ්. මුදල් බැඳුම්කරවල යෙදවීම පිළිබඳව තොරතුරු ඉල්ලා සිටින්නේ මේ නිසා ය. එයින් නතර නොවී බෑනාගේ සමාගමේ ප‍්‍රවේණිදාසයකු බවට ඊ.පී.එෆ්. පත් කිරීමෙන් දැනට රුපියල් කෝටි 1,900ක් ඉක්මවන පාඩුවක් සිදු කර තිබෙන බවට චෝදනා නඟන්නේ ද මෙම තත්ත්වය තුළය. බැඳුම්කර බූවල්ලා අර්ථසාධකය බිලි ගැනීමට මුල පුරා තිබෙන්නේ මේ ලෙස ය. එය කොතැනින් කෙළවර කරාවි දැයි කිව නොහැකිය. අන්තිමට කපුරු දැවූවා සේ කිරීමේ හැකියාව රනිල්, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් වැනි මහ දවල් මංකොල්ලකන්නන් හට හැකි බව නම් අපි ඉතා හොඳින් හඳුනාගෙන සිටිමු. මෙම අරමුදල රැුක ගැනීම අන්තර් සමාගම් සේවක සංගමයේ හෝ ‘ලංකා’ පත‍්‍රයේ හෝ විගණකාධිපතිගේ හෝ වගකීමක් පමණක් නොවේ. එදා මෙදාතුර එහි සාමාජිකයන් වූ එක්කෝටි හැටලක්‍ෂයක් පිරිසකගේ ද, ඊටත් වඩා වර්තමාන සාමාජික විසිිහතර ලක්‍ෂයකගේ ද මූලික වගකීමක් වී ඇත. එම වගකීම කරට නොගෙන කවුරුන් හෝ එය බේරා දෙන තුරු ලක්‍ෂ විසිහතරක් බකන් නිලාගෙන සිටියහොත්, එයින් පන්නරය ලබා ඊ.පී.එෆ්. එක නිකම්ම හිස් ඉලක්කම් ටිකක් බවට පත් කරනු නො අනුමානය.


දකුණු ඉවුර සංවර්ධනයේ පිහිටෙන් මාදුරු ඔයත් සේල් පොළට

2017-01-15     (චතුර දිසානායක)

ලංකාවේ ඉඩම් විදේශයන්ට පවරා දීම මේ වන විට උණුසුම් මාතෘකාවක් වී තිබේ. ඒ අතර හම්බන්තොට ඉඩම් චීනයට ලබා දීම මේ මොහොතේ උත්කර්ෂයට නැඟී තිබේ. ඒ වෙනුවෙන් පුළුල් ජනතා විරෝධයක් ද නිර්මාණය වී තිබෙන අතර, ඒ වෙනුවෙන් විශාල උද්ඝෝෂණයක් ද පසුගියදා පැවැත්විණි. ඉඩම් කොල්ලය සම්පූර්ණයෙන්ම හම්බන්තොටට දිශානති වෙද්දී ඒ හා සමානම ඉඩම් කොල්ලයක් මාදුරු ඔය ආශ‍්‍රිතව සිදු වන්නට පිඹුරු පත් සැකසෙන්නේ කාටත් හොර රහසේ ය. මේ සඳහා ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම යටතේ ඇති ඉඩම් තෝරාගෙන ඇති අතර පලතුරු, එළවළු හා වාණිජ භෝග වගා කිරීමට මෙම ඉඩම් ලබා දීමට තීරණය කර ඇත. ‘‘1982 වසරේ දී ඉදි කරන ලද මාදුරු ඔය ජලාශය කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ ඉදි කරන ලද ප‍්‍රධාන ජලාශයන්ගෙන් එකකි. පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත‍්‍රික්ක පදනම් කර ගත් මහවැලි ‘බී’ කලාපයේ ඉඩම් හෙක්ටයාර 39,000ක් කෘෂිකාර්මික කටයුතු සඳහා සංවර්ධනය කිරීම එමඟින් අපේක්ෂා කරන ලදී. එහි වම් ඉවුර සංවර්ධන කටයුතු ආරම්භ කර ඉදි කිරීම් නිමවා ඇතත්, මූල්‍ය ප‍්‍රතිපාදන ප‍්‍රමාණවත් නොවීම නිසා දකුණු ඉවුර ප‍්‍රදේශය සංවර්ධනය කිරීම මේ දක්වා ක‍්‍රියාත්මක කරනු ලැබ නොමැත. ඒ අනුව, වසර ගණනාවක් පැවැති යුද්ධයෙන් බලපෑමට ලක්ව අඩාලව පැවති, පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත‍්‍රික්කවල සමාජ ආර්ථික සංවර්ධනය උදෙසා පානීය ජලසම්පාදනය, වාරි ජලසම්පාදනය සහ යටිතල පහසුකම් සංවර්ධනය කඩිනම් කිරීම අරමුණු කර ගනිමින් මාදුරු ඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය - 2017 වැඩපිළිවෙළ 2020 වසර වන විට අවසන් කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී’’ යනුවෙන් මාදුරු ඔය සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල තීරණයක සඳහන් වේ. එම තීරණය ගෙන දින කිහිපයක් ඉක්ම යත්ම ජනාධිපතිවරයා විසින් චීනය සමග ගිවිසුමකට එළඹෙන්නේ මාදුරු ඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය චීනයට කොන්ත‍්‍රාත් දෙමිනි. ඒ පසුගිය වසරේ ඔක්තෝබර් 26 වන දින ය. එහි ඉදිකිරීම් කොන්ත‍්‍රාත්කරු වන චීනයේ ක්‍්ඵෑ ඉංජිනියර් සමාගමේ සභාපතිනි ඛමද ශ්බ සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න විසින් ගිවිසුමට අත්සන් තැබීය. ‘පිබිදෙමු පොළොන්නරුව’ වැඩසටහන යටතේ නව ව්‍යාපෘතියක් ලෙස ලබන ජනවාරි මාසයේ දී මෙම ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමට නියමිත අතර, 2020 දී එහි වැඩ අවසන් කොට ජනතා අයිතියට පැවරීමට අපේක්ෂිත ය. චීන එක්ෂීම් බැංකුවේ සියයට සියයක ණය ආධාර යටතේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කෙරෙන අතර, ඇස්තමේන්තුගත සම්පූර්ණ වියදම රුපියල් මිලියන 6,969කි. දකුණ ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය සමග අලූතින් තවත් හෙක්ටයාර් 39,000ක් සංවර්ධනය කෙරෙන බව කියවෙන අතර සොරොව්ව මීටර් දෙකකින් උස් කිරීම ද ව්‍යාපෘතියට අයත් ය. ඒ අනුව අතිරේක ජලය ඝන මීටර් මිලියන 229ක ධාරිතාවයකින් ඉහළ යනු ඇත. මෙම සංවර්ධන ව්‍යාපෘතිය සමග ප‍්‍රධාන ඇළ කි.මි 83ක් සංවර්ධනය කෙරෙන අතර බෙදුම් ඇළ මාර්ග කි.මි 900ක් සංවර්ධනය කිරීමට යෝජිතය. මේ අනුව තොප්පිගල, නැගෙනහිර මුහුදු තීරයට සමීප වීම වැනි කරුණු මත මෙම ව්‍යාපෘතිය ආශි‍්‍රතව පාරිසරික සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ද අපේක්ෂා කෙරෙන බව ව්‍යාපෘති යෝජනාවල සඳහන්ය. එළිපිට ජවනිකාව එසේ සිදු වන විට දේශපාලනයේ ද ආනුභාවයෙන් තිරය පිටුපස තවත් ජවනිකාවක් දිගහැරෙමින් පවතින්නේ චීනය ප‍්‍රමුඛ විදේශීය ආයෝජකයන්ට ඉඩම් පවරා දීමට පෙර ඉඩම්වල අයිතිකරුවන් පිරිසක් නිර්මාණය කිරීම අරමුණු කරගෙන විය හැකිය. එවිට සෘජුවම පෞද්ගලික ඉඩම් ලෙස ඒවා පවරා වන්දියක් ද තම හිතමිතුරන්ට ලබා දීම සිදු කළ හැකිය. මෙය හිතළුවක් නොව මේ වන විට ක‍්‍රියාත්මක වීම පටන් ගෙන තිබේ. මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ පේ‍්‍රරණ කලාපයේ තොප්පිගලට යාබද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තිබෙන රක්ෂිත වනාන්තර ප‍්‍රදේශයේ අක්කර 4,200ක පමණ භූමි ප‍්‍රමාණයක් මේ වන විට නීතිවිරෝධීව එළිපෙහෙළි කරමින් තිබේ. සංවර්ධන ව්‍යාපෘතියක මුවාවෙන් එළිපෙහෙළි කරමින් පවතින භූමියේ ස්ථිර නිවාස 08ක් සහ තාවකාලික නිවාස 500කට අධික ප‍්‍රමාණයක් මේ වන විට ඉදි කර අවසන්ය. මහවනාවෙළ ආරියවංශ හිමි ලෙස හැඳින්වෙන භික්ෂුවක් විසින් මෙම ඉඩම් මංකොල්ලය සිදු කරමින් යන අතර මීට මාස 08කට පමණ පෙර සාදන ලද වෙහෙරගොඩැල්ල රජමහා විහාරය නමැති ස්ථානයක සිට මෙහෙයුම් කටයුතු සිදු කරමින් සිටියි. මෙම භික්ෂුවගේ සහයට රංජිත් රාජපක්ෂ නැමැත්තෙක් ද සිටියි. සංවර්ධන ව්‍යාපෘතියක මූලික අදියර ලෙස නිවාස නොමැති පුද්ගලයන් එම භූමියෙහි පදිංචි කරන බව පවසමින් මෙම ඉඩම් මංකොල්ලයට අවශ්‍ය ඉඩකඩ සකසාගෙන ඇත. එය සිදුවන්නේ ද අමුතුම ආකාරයකට ය. පෙර සඳහන් කළ භික්ෂුවට රුපියල් 500.00ක මුදලක් හා රංජිත් රාජපක්ෂ නමැත්තාට රුපියල් 2,000.00ක මුදලක් ලබා දීමෙන් අනතුරුව ඔවුන් රක්ෂිත භූමියෙහි පෙන්වා දෙන ස්ථානයකින් ඉඩම ලබා දීම සිදු කරයි. එම භූමියෙහි වගා ආරම්භ කිරීමට කැමති අයෙක් වේ නම් ඒ සඳහා ද අවස්ථාව තිබේ. ට‍්‍රැක්ටර් ගොයම් කපන යන්ත‍්‍ර ආදිය රක්ෂිතය තුළට ගෙන යාම සඳහා රංජිත් රාජපක්ෂට රුපියල් 2,500.00ක මුදලක් ගෙවිය යුතුව ඇත. මෙලෙස කැලෑ ඉඩම් තමන්ගේ බූදලයක් ලෙස මිනිසුන්ට විකුණන භික්ෂුව සහ රංජිත් නැමැත්තා මේ වන තෙක් කිසිදු අයුරක බාධාවකින් තොරව වනාන්තර ප‍්‍රදේශ විනාශ කරමින් සිටියි. වන සංරක්ෂණ දෙපාර්ත- මේන්තුවට අයත් මෙම වනාන්තරය එළිපෙහෙළි කිරීම සඳහා හෝ කුමන ඉදිකිරීමක් සඳහා හෝ කිසිවෙකුටත් අවසරයක් ලැබී නැත. අවම වශයෙන් මහවැලි අධිකාරියට හෝ පවරා ගෙන නැත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන පරිදි මාදුරුඔය රක්ෂිතය අවට සිදුවන්නේ පැහැදිලි ලෙසම නීතිවිරෝධී ක‍්‍රියාවකි. නමුත් එම නීතිවිරෝධී ඉඩම් මංකොල්ලය ඉදිරියට කරගෙන යන තුරු වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මුනිවත රකිමින් සිටිනවා පමණක් නොව එයට අත්උදවු දෙමින්ද සිටියි. මෙම ප‍්‍රදේශය පුරාවිද්‍යාත්මකව ඉතා වටිනා ප‍්‍රදේශයක් වන අතර, ආදිවාසී වැදි ජනතාවගේ වාසභූමියක් වන හෙන්නානිගල ජනතාවට පවා මෙම ඉඩම් භාවිතා කිරීමට ඉඩ නොදුන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කැලෑ කැපීමට අවශ්‍ය ඉඩකඩ මෙම වන සංහාරකයන්ට ලබා දී ඇත. එසේම මහවැලි කටයුතු පිළිබඳ ජනාධිපති ලේකම් මහින්ද රත්නායක පවසන පරිදි රක්ෂිත භූමිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මහවැලි අධිකාරියට පවරාගෙන නොමැති වන අතර, නුදුරේදීම පවරා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුවන බව ද පවසයි. ඒ අනුව නුදුරේ දීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් විශාල ප‍්‍රමාණයක් මහවැලි අධිකාරිය යටතට පත් වනු ඇත. ඒ වන විට ඉහත කී භික්ෂුව සහ රංජිත් නැමැත්තාගේ මැදිහත්වීමෙන් අත්පත් කරගෙන ඇති ඉඩම් ද ඒ යටතට ගැනේ. ඒ වෙනුවෙන් වන්දි ලබා දීමටද සිදුවනු ඇත. පළමු ජාවාරම එලෙසින් සිදු වෙද්දී මෙලෙස කඩිමුඩියේ ජනාධිපති ලේකම්වරයාගේ මැදිහත් වීමෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් පවරා ගන්නේ මෙහි කොටසක් චීන රජයට පවරා දීමට වන බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කර ගැනීමේ සැලැස්මක් මෙහි ඇති බව දැන් හොඳින්ම පැහැදිලිය. ජනාධිපති ලේකම්වරුන්ට හෝ වෙනත් කිසිවෙකුට මෙම ඉඩම් වලට අත තැබීමට හෝ නොහැකිය. 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 2009 අංක 56 දරන සංශෝධිත පනතේ 6 වන වගන්තියේ 2 (ආ* උප වගන්තියට අනුව ගසක් කැපීම, කපා ඉවත් කිරීම පවා තහනම්ය. එහෙත් වන සංරක්ෂණ ආඥා පනත අමු අමුවේ කඩ කළ ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටියි. එපමණක් නොව 1988 අංක 56 දරන සංශෝධිත ජාතික පාරිසරික පනත ඇතුළු අණපනත් නීති පද්ධති ගණනාවක් මේ වන විට මාදුරු ඔය ප‍්‍රදේශය තුළ උල්ලංඝනය වෙමින් තිබේ. පසුගිය කාලයේ හම්බන්තොට ප‍්‍රදේශයේ සිදු කරන ලද සංවර්ධන ව්‍යාපෘති සඳහා භූමි ප‍්‍රදේශ නිදහස් කර ගැනීම පිණිස එම ප‍්‍රදේශවල සිටි ගවයන් පට්ටි පිටින් මාදුරු ඔය රක්ෂිතය වෙත ගෙනැවිත් දමා ඇත. මේ වන විට මෙසේ ගෙනැවිත් දමන ලද ගවයන්ගේ ප‍්‍රමාණය 11,000ක් පමණ වන අතර, එම ගව පට්ටි බලා ගන්නවුන් ද වනෝද්‍යානය ආශි‍්‍රතව කුඩා පැල්පත් අටවාගෙන ජීවත් වන්නට පටන්ගෙන තිබේ. තම වාසභූමි අහිමි වීමෙන් සහ ආහාර ද අහිමි වීමෙන් අලි ඇතුන් වියරු වැටීම නිරායාසයෙන් සිදු වන්නකි. ලංකාවේ වෙනත් ප‍්‍රදේශවල ගම්බිම්වලට හානි කරන අලි ඇතුන් අල්ලා ගෙනැවිත් දමන්නේ ද මාදුරු ඔය වනෝද්‍යානය වෙතටය. මේ හේතුවෙන් ගැටලූව දෙගුණ තෙගුණ වී තිබේ. මේ වන විට මාදුරු ඔය රක්ෂිතය අවට සිදු වන මෙම එළිපෙහෙළි කිරීම් හේතුවෙන් මහවැලි ‘බී’ කලාපයේ ගම්මාන රැුසකට වන අලි තර්ජනයට මුහුණ දීමට සිදු වී තිබේ. නිදන්විල, දම්මින්න, පුබුදුගම, කන්දේගම, පිඹුරත්තෑව, යන ගම්මාන පවතින්නේ අලි කටේය. අලිමංකඩ ලෙස පවතින ප‍්‍රදේශ නිරාවරණය වන විට වන සතුන් ගම් වදිනවා හැර වෙනත් විකල්පයක් උන්ට නැත. රක්ෂිතයේ වන සතුන් දිය බීමට ඔයට පැමිණෙන්නේ ද එළිපෙහෙළි වන ප‍්‍රදේශයෙන් ය. එම නිසා මාදුරු ඔය රක්ෂිත ප‍්‍රදේශයේ සිදු වන මෙම දැවැන්ත පාරිසරික සංහාරය ප‍්‍රදේශයේ අලි ඇතුන්ගේ වාසභූමි අහිමි කරනවා පමණක් නොව මාදුරු ඔය රක්ෂිතයේ හා පේ‍්‍රරණ කලාපයේ ජෛව විවිධත්වයට ද බරපතල තර්ජනයක් එල්ල කර තිබේ. පෙර දී හෙක්ටයාර 20,000ක පමණ වනාන්තර කපා එළිපෙහෙළි කර මහවැලි ‘බී’ කලාපයට අවශ්‍ය ඉඩම් ලබා ගන්නා ලදී. ඉන් අනතුරුව හෙක්ටයාර 58,888ක ප‍්‍රමාණයක් අත්‍යවශ්‍යයෙන් සංරක්ෂණය කළ යුතු ප‍්‍රදේශයක් ලෙස සලකා මාදුරු ඔය ජාතික වනෝද්‍යානය ස්ථාපිත කරන ලදි. එලෙස ස්ථාපිත කරන ලද්දේ අලි ඇතුන් ඇතුළු සත්ව ප‍්‍රජාව හා වනාන්තර ආරක්ෂා කර වනෝද්‍යානය අවට ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණින් ය. මෙහි අවසාන ජවනිකාව වන්නේ පසුගිය අයවැයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවයි. ජනතාව නොමඟ යැවීමට කොළේ වසා සිදු කළ මෙම යෝජනාවෙන් කියැවෙන්නේ මාදුරු ඔය ප‍්‍රදේශයේ ඉඩම් වගා කටයුතු සඳහා ලබා දෙන බවයි. ඒ අනුව කෘෂිකාර්මික කටයුතු සඳහා ඉඩම් අක්කර දහසකට වඩා වැඩියෙන් වගා කළ හැකි ‘ගොවියෙකුට’ මෙම ඉඩම් බදු පදනම මත ලබා දෙන බවයි. මෙහි ඇති පළමු කාරණාව වන්නේ අක්කර දහසකට වඩා වැඩියෙන් වගා කළ හැකි ගොවියෙකු සොයා ගැනීමයි. ලංකාව තුළ එවැන්නෙකු සොයා ගත නොහැකි බව විචාර බුද්ධිය ඇති ඕනෑම අයෙකුට ඉතා පැහැදිලි කරුණකි. එසේ නම් මේ පිඹුරු පත් සැකසෙන්නේ දේශීය හෝ විදේශීය මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට මාදුරු ඔය වන රක්ෂිතයේ අයිතිය ලබා දීමට ය. මේ වන විටත් සෝමාවතිය අභය භූමියේ ඉඩම් ලෙට්ස් ඇග්‍රො සහ ඩෝල් සමාගම වෙත පවරා ඇති පරිද්දෙන්ම එය සිදුවනු ඇත. මේ අනුව ඉතාමත් පැහැදිලිව පෙනී යන කරුණ නම් මාදුරුඔය අභය භූමියේ අක්කර 20,000ක ප‍්‍රදේශයක් බරපතල අවදානමකට මුහුණ දී ඇති බවයි. දේශීය ජාවාරම්කාරයන්ගේ ද, සියල්ල විදේශිකයන්ට විකුණා දැමීමට සැරසෙන වර්තමාන ආණ්ඩුවේ ද හම්බන්තොටට පසු ඉලක්කය වී ඇත්තේ මාදුරුඔයයි. දැනටත් පියවරෙන් පියවර එය ඉදිරියට ගමන් කරමින් තිබුණ ද, ජනතාව බහුල ප‍්‍රදේශයක් නොවන නිසා පුළුල් ජනතා විරෝධයක් ඒ සම්බන්ධයෙන් ගොඩනැඟී නොමැත. එසේම සිදුවීම් එකිනෙකට වෙනස් නිසා සිදු වන්නේ කුමක්දැයි හරිහැටි අවබෝධ කර ගැනීමට ද නොහැකි වී තිබේ. කෙසේ වුවද සියල්ල අනතුරට ලක් කරමින් මාදුරු ඔය රක්ෂිතයට කරන්නා වූ මෙම දැවැන්ත සංහාරය හමුවේ පරිසර ඇමතිවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මෙම සංහාරය නැවතීම වෙනුවෙන් ඉතා ඉක්මනින් පියවර ගත යුතුව ඇත. එහෙත් ගැටලූව ඇත්තේ වැටත් නියරත් ගොයම් කන්නේනම් විසඳුම් සොයන්නේ කවුරුන්ද යන්නයි.


ජාතික සම්පත් ඉන්දියාවට පවරා දීමේ වික‍්‍රමසිංහ තියරිය

2017-01-08     (ඒස්.කේ ගමගේ)

එළඹි 2017 වසර රටේ ඉරණම තීරණය කරන වසර බවට පත්වෙමින් පවතින බවට ඉ`ගි පළවෙමින් පවතී. ඉන්දියාවට සහ චීනයට රටේ ජාතික සම්පත් උකස් කිරීමේ වසර බවට මේ වසර පත්වෙමින් පවතින බවට මේ වන විටත් සාක්ෂි රැුසක් හෙළිදරව් වී ඇත. එක් පැත්තකින් රටේ ඉඩම් ටික චීනයට පවරා දෙමින් ඇත. අනෙක් පැත්තෙන් රටේ ජාතික සම්පත් විකුණා දැමීමේ සැලසුම් කි‍්‍රයාත්මක වෙමින් පවතී. අනෙක් බරපතළම කාරණය වන්නේ එට්කා ගිවිසුම හරහා ලංකාව ඉන්දියාවේ කොලනියක් බවට පත් කිරීමයි. අගමැති වික‍්‍රමසිංහ සහ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මේ වන විට විවිධ සාකච්ජා හරහා ඉන්දියාව සමඟ ගිවිසුම් අත්සන් කිරීමේ සැලසුම් කි‍්‍රයාත්මක කර ඇති බවට පැහැදිලි සාක්ෂි හෙළිදරව් වී ඇත. මේ වන විට ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 8ක් භාවිත කරමින් පවතින්නේ ඉන්දියාවයි. ඊට අමතරව තවත් තෙල් ටැංකි 8ක් භාවිත කිරීමට සැලසුම් කරමින් සිටී. එට්කා ගිවිසුම අත්සන් කිරීමටත් පෙර ඉන්දියානු අයි.  ඕ. සී. සමාගම ලංකාව තුළ තෙල් ඒකාධිකාරයක් පවත්වාගෙන යනු ලබයි. ඉන්දියාව මේ වන විට ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි 8ක් භාවිතා කරමින් සිටින්නේ කිසිදු නීතිමය බැඳීමකින් තොරව ය. ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ නීත්‍යනුකූල අයිතිය පවතින්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ය. ඉදිරියේ දී රට තුළ උද්ගත විය හැකි විදුලි අර්බුදයට පිළියමක් ලෙස ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය තුළ තෙල් ගබඩා කොට තැබීමට පසුගිය දා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය. එම තෙල් ටැංකි සංකීර්ණයේ නඩත්තු කටයුතු සඳහා ගිය ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන්ට ඉන්දීය ඔයිල් සමාගමේ නිලධාරීන් පවසා ඇත්තේ ඉන්දීය තානාපති කාර්යාලයෙන් අනුමැතිය ගෙන පැමිණිය යුතු බව ය. නීත්‍යනුකූල අයිතිය ඇති ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන්ට වෙනත් රටක තානාපතිවරයෙකුගේ අනුමැතිය අවශ්‍ය නොවන බව තේරුම් ගත් ඛනිජ තෙල් සංස්ථා ඉංජිනේරුවන් කණ්ඩායමක් පසුගිය දෙසැම්බර් 28 වැනිදා නඩත්තු කටයුතු පිළිබඳව සොයා බැලීමට ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට ගොස් ඇත. එහිදී ඉන්දීය ඔයිල් සමාගමේ ආරක්ෂකයන් විසින් තෙල් සංස්ථා ඉංජිනේරුවන් දෙදෙනෙකු සිරකොට තබාගෙන ඇත. මෙය රටේ නීතියට පිටින් ඉන්දීය ඔයිල් සමාගම කටයුතු කිරීමකි. රටේ ස්වාධිපත්‍යයට එල්ල කරන ලද බරපතළ තර්ජනයක් ලෙසින් ද මෙය සැලකිය යුතුය. තත්ත්වය එසේ වුවද ආණ්ඩුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් තිබේ. එට්කා ගිවිසුම අත්සන් කිරීමටත් ප‍්‍රථම ඉන්දියාවේ හැසිරීම මෙපරිදි නම්, ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ඇති විය හැකි තත්ත්වය ඉතා පැහැදිලි ය. ආණ්ඩුව රටේ ජනතාවට පවසන්නේ පාර්ලිමේන්තුවට නොදන්වා ජනතාවට හොරෙන් කිසිදු රටක් සමග ගිවිසුම් අත්සන් නොකරන බවකි. එහෙත්, දැන් රට තුළ සිදුවන සිදුවීම්වලින් මැනැවින් පැහැදිලි වන්නේ අගමැතිවරයාගේ සහ ඔහුගේ ගෝලබාලයන්ගේ න්‍යාය පත‍්‍රයක් රට තුළ කි‍්‍රයාත්මක වන බව ය. එට්කා ගිවිසුම හරහා කොළඹ වරායේ නැෙඟනහිර ජැටිය ඉන්දියාවට විකිණීමට එක`ගතා ඇති කරගෙන ඇත. ඉන්දියාවේ ඉල්ලීම වී ඇත්තේ භාවිතයට ගත හැකි ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි 101න් 98ක් ඔවුන් වෙත ලබා දෙන ලෙස ය. ඉන්දියාවේ එම ඉල්ලීමට ලංකා රජය ඉතා හොඳ ප‍්‍රතිචාරයක් මේ වන විට දක්වා ඇත. ඉන්දියාවට පවරා ඇති තෙල් ටැංකි නැවත ලංකා රජයට පවරා ගැනීමට මේ වන විට කැබිනට් පති‍්‍රකාවක් සම්මත වී තිබුණ ද, සියල්ල සිදුවෙමින් පවතින්නේ එම නීතිමය ආවරණයන් ද බැහැර කරමිනි. පසුගියදා තෙල් සංස්ථා ඉංජිනේරුවන් සිරකොට තබාගෙන ඇත්තේ මෙවන් පසුබිමකය. ඒ අනුව පැහැදිලි වන්නේ ඉන්දියාව ගිවිසුම අත්සන් කිරීමටත් ප‍්‍රථම සිය බලය ව්‍යාප්ත කර ඇති බවයි. මේ සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සෘජුව වගකිව යුතුය. පෙර අනුමත වූ කැබිනට් පති‍්‍රකාව අහෝසි කොට විශේෂ කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කොට ඇත්තේ අගමැති වික‍්‍රමසිංහ විසිනි. එම විශේෂ කැබිනට් පති‍්‍රකාවේ සඳහන්ව ඇත්තේ විදේශ රටක් සමග එක් වී ද්වීපාර්ශ්වික එක`ගතාවක් ලෙස ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ප‍්‍රයෝජනයට ගැනීම සඳහා කටයුතු කරන බවයි. වික‍්‍රමසිංහ අගමැතිවරයා මෙහි දී විදේශ රටක් ලෙස සඳහන් කොට ඇත්තේ වෙනත් රටක් නොව ඉන්දියාවයි. මෙය ජනතාවට කොළේ වසා ගැසීමකි. මේ තුළින් එට්කා ගිවිසුම අත්සන් කිරීමටත් ප‍්‍රථම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඇතුළු විය නොහැකි තත්ත්වයක් වික‍්‍රමසිංහ අගමැතිවරයා විසින් නිර්මාණය කර ඇත. එට්කා ගිවිසුමේ බරපතළකම මේ එක් සිදුවීමකින් වුව පැහැදිලි වේ. රට අකර්මණ්‍ය තත්ත්වයට පත් කිරීමට ඉන්දියාවට අවශ්‍ය පසුබිම වික‍්‍රමසිංහ ආණ්ඩුව විසින් නිර්මාණය කරමින් ඇත. තෙල් සම්බන්ධ ඒකාධිකාරය ඉන්දියාව විසින් අත්පත් කර ගැනීමෙන් පසුව ලංකා රජයට සිදුවන්නේ ඉන්දියාවේ පදයට නැටීමටය. මෙය වික‍්‍රමසිංහලාට ප‍්‍රශ්නයක් නොවූව ද, මෙරට ජනතාවට එය බරපතළ ප‍්‍රශ්නයකි. පසුගිය රාජපක්ෂ රජය ආර්ථිකය සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් තබන ලද්දේ චීනය කෙරෙහි ය. ඒ අනුව රාජපක්ෂ පාලනය ජාත්‍යන්තරය කළමනාකරණය කිරීමට යාමේ දී දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු විය. වික‍්‍රමසිංහ රජය ඉන්දියාව, චීනය හා ඇමරිකාව කළමනාකරණය කිරීමට ගොස් රටේ සම්පත් විකුණා දැමීමේ දිශාවට තල්ලූ වෙමින් ඇත. භූගෝලීය වශයෙන් ලංකාවේ පිහිටීම හේතුවෙන් මේ රටවල් සියල්ලටම ලංකාව යනු අතිශයින්ම වැදගත් රටකි. මේ වන විට චීනය සමග ඇතිකරගෙන ඇති ආර්ථික සබඳතා හේතුවෙන් ඉන්දියාව සහ ඇමරිකාව ආර්ථික අරමුණුවලට එහා ගිය අරමුණු වෙනුවෙන් ලංකාවේ භූමිභාගයක් ලබා ගැනීම වෙනුවෙන් කටයුතු කරමින් ඇත. ඉන්දියාව, චීනය හා ඇමරිකාව ඉන්දියානු සාගර කලාපයේ දැඩි තරගයක නිරතව සිටින බව රහසක් නොවේ. මේ තත්ත්වය තුළ ලංකාව එම රටවල්වල හිරකාරයෙක් බවට පත්ව ඇත. ඉන් ප‍්‍රයෝජන ගන්නා ඉන්දියාව අසල්වැසි මිතුරාගේ භූමිකාවට පණ පොවමින් ලංකාව සමග ගිවිසුම් අත්සන් කිරීමට සැරසෙන්නේ ඔවුන්ගේ ආර්ථික ඉලක්ක වෙත ගමන් කිරීමට මිස ලංකාවේ ආර්ථික ඉලක්ක ජය ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට නොවේ. ඒ අනුව යෝජිත එට්කා ගිවිසුම බිල්ලෙකු නොව බරපතළ මර උගුලක් බව තේරුම් ගත යුතුය. ඉන්දු ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම හෙවත් එට්කා ගිවිසුම පිළිබඳව මේ වන විට නිල වශයෙන් සාකච්ජා වට දෙකක් පවත්වා ඇත. ඊට අමතරව නිල නොවන මට්ටමින් ද සාකච්ජා පවත්වා ඇත. නිල සහ නිල නොවන සාකච්ජා සඳහා අමාත්‍ය මලික් සමරවික‍්‍රම සහභාගී වී ඇත. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ වෙනුවෙන් මලික් සහභාගී වූ බව දැනගන්නට ලැබේ. අමාත්‍ය මලික් සමරවික‍්‍රම සහභාගී වුවද නියෝජනය කරනු ලබන්නේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ මතය ය. මේ වන විට පැවති නිල සාකච්ජාවල දී ලංකාව පාර්ශ්වයෙන් මෙම එට්කා ගිවිසුම හැකි ඉක්මනින් අත්සන් කිරීමට එක`ගතාව පළ කර ඇත. දැඩි එට්කා විරෝධයක් රට තුළ නිර්මාණය වීමට ප‍්‍රථම හා ආණ්ඩුවේ පවතින අස්ථාවරත්වය මත මෙම ඉක්මන් කිරීම සිදු වී ඇතැයි පැවසේ. නිල නොවන සාකච්ජාවල දී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මෙම ගිවිසුම අත්සන් කිරීම හැකි ඉක්මනින් කළ යුතු බව ඉන්දීය බලධාරීන්ට පවසා ඇත. රට තුළ පැන නැඟී ඇති සහ ඉදිරියේ දී පැන නැඟිය හැකි තත්ත්වය හොඳින් විශ්ලේෂණය කොට ඇති ඉන්දීය බලධාරීන් මෙම ගිවිසුම හදිසියේ අත්සන් කිරීමට වැඩි උනන්දුවක් දක්වා නැත. ඉන්දීය භාණ්ඩ සම්බන්ධයෙන් ලංකාව තුළ හොඳ වෙළෙඳපොළක් පවතින බැවින් ඒ තත්ත්වය මඟහරවා ගැනීමට ඉන්දියාව උනන්දු නොවන බව මේ හරහා පැහැදිලි වේ. ඉන්දීය බලධාරීන් ලංකාවට පවසා ඇත්තේ ලංකාවේ පවතින එට්කා විරෝධයන් දුරු කර ගැනීම ආණ්ඩුවේ වගකීමක් බැවින් ඒ තත්ත්වය ඇති කර ගැනීමට ලංකා ආණ්ඩුවට කල් ලබා දෙන බවයි. ඉන්දියාවේ ඉලක්කය වී ඇත්තේ 2017 ජුනි, ජූලි මාසවල දී මෙම ගිවිසුමට අත්සන් කිරීමටයි. එට්කා ගිවිසුම සම්බන්ධයෙන් තුන්වන වටයේ සාකච්ඡුා ජනවාරි 04 සහ 05 දෙදින තුළ දී කොළඹ දී පැවැත්වීමට සූදානමක් පවතින බව ද මේ වන විට හෙළි වී ඇත. මේ බව ඉන්දීය මාධ්‍යය ද වාර්තා කොට ඇති බව දැනගන්නට ලැබේ. මේ වන විට එට්කා ගිවිසුම තීරණාත්මක අදියරයකට පැමිණ ඇති බව ‘ඉන්දීය එක්ස්ප‍්‍රස්’ පුවත් පත ද වාර්තා කොට ඇත. රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ ආණ්ඩු පාර්ශ්වය එට්කා අත්සන් කිරීමට තීරණය කොට තිබුණේ පසුගිය දෙසැම්බර් 31 වැනිදා ය. නමුත් රට තුළ සිදුවූ එට්කා විරෝධය හේතුවෙන් ආණ්ඩුව ගිවිසුමට අත්සන් තැබීමට මඳක් පසුබට විය. එහෙත්, ආණ්ඩුව උත්සාහය අත්හැරි බවක් දක්නට නොමැත. ලංකාව මෙම ගිවිසුමට අත්සන් කිරීමට කැමැත්ත පළ කොට ඇතත් ඉන්දියාවේ මතය වී ඇත්තේ දෙපාර්ශ්වයම තෘප්තිමත් වනතුරු සාකච්ජා පැවැත්විය යුතු බවකි. ඉන් අදහස් වන්නේ ලංකාව තෘප්තිමත්වීම නොවේ. රනිල් ප‍්‍රමුඛ ආණ්ඩු පාර්ශ්වය මේ වන විට ඕනෑවටත් වඩා තෘප්තිමත් වී ඇත. ඉන්දියාව උත්සාහ ගනිමින් ඇත්තේ ඔවුන්ට වැඩි වාසිදායක වටපිටාවක් නිර්මාණය කර ගැනීමයි. එතෙක් ඔවුන් කල් මරමින් සිටී. එවිට ලංකාව කොන්දේසි විරහිතව ඉන්දීය පාර්ශ්වය සමග පවතින සාකච්ජාවලදී ඕනෑම එක`ගතාවයකට එක`ග වනු ඇත. ඒ එක`ගතාවය විමසා බලා ඉන්දියාව ඔවුන්ට වාසිදායක මොහොතක දී ගිවිසුමට අත්සන් කිරීමට තීරණය කොට ඇත. අගමැති රනිල් වික‍්‍රමසිංහගේ මාමා වූ ජේ. ආර්. ජයවර්ධන 1987දී ජනතා විරෝධය මැද ඉන්දියාව සමග දේශද්‍රෝහී ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව ඉන්දීය හමුදාව ලංකාවෙන් පළවා හැරීමට ලාංකීය ජනතාවට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු විය. ජේ. ආර්. ගේ බෑනා වන රනිල්ගේ ගිවිසුම හරහා රටට දැවැන්ත හානියක් වීමේ පෙර නිමිති පහළ වී ඇත. ආර්ථික, දේශපාලන, සමාජීය, සංස්කෘතිකමය ආදී සෑම ක්ෂේත‍්‍රයක්ම මේ ගිවිසුම හරහා ඉන්දියාව ගිල ගනු ඇත. විශේෂයෙන්ම ලංකාවේ ආර්ථිකය ඉන්දියාවට අවශ්‍ය පරිදි හසුරුවනු ඇත. මෙය බරපතළ අනතුරක පෙරනිමිත්තකි. එළඹෙන මොහොත ලාංකීය සමාජයට තීරණාත්මක මොහොතකි. රනිල්ලාගේ මේ දේශද්‍රෝහී ගිවිසුම තීරණාත්මක ලෙස ජනතා බලවේග විසින් පරාජය කළ යුතු වන්නේ මේ සියලූ තත්ත්වයන් සලකා බැලීමෙනි. රටක් ලෙස නිල නොවන මට්ටමින් ඉන්දියාව අපේ ස්වාධිපත්‍යය ගිලගෙන ඇති වටපිටාවක මෙම ගිවිසුම හරහා සම්පූර්ණයෙන්ම ගිලගනු ඇත. එබැවින් සියලූ වෘත්තිකයන් ප‍්‍රගතිශීලී ජන බලවේග ඇතුළු සමස්ත ලාංකීය සමාජය සංවිධානාත්මකව පෙළගැසීම තුළින් පමණක්ම මේ ඉන්දීය රනිල් දේශද්‍රෝහී ගිවිසුම පරාජය කළ හැකිවනු ඇත. හෙළිදරව් වී ඇති සියලූ කරුණු විසින් බල කර ඇත්තේ මේ යථාර්ථයයි.